2015-05-15

පෙරකදෝරුවෝ


පෙරකදෝරු පොරක් ඔන්න - තම නවතම රියෙන් පැමිණ
උසාවියේ ඉදිරිපිටදි - බහින්න හැදුවා

දොර ඇරියා පමණි අනේ - රෝද දහඅටේ තඩියෙක්
දොර ගලවන් ගියා නේද - විදුලි වේගයෙන්


පෙරකදෝරුවා කෝපෙන් - කෑ ගැසුවා වියරු වැටී
අසල සිටිය පොලිස්කාරයෙක් කැඳවූවා

බලනව මගේ අලුත ගත්තු - කෝටි පහක වහනයේ
දොරට කරපු දේ අර ගිය - කාලකන්නියා

පොලිස්කාරයා එමවිට - හොඳහැටි ඔහුදෙස බලලා
පෙරකදෝරුවෙක් නොවේද - ඔබ යැයි ඇසුවා

ඔව් ඔව් මම එහෙම තමා - ඒක නෙමෙයි මේ බලනව
මගෙ වටිනා වාහනයට - අරූ කරපු දේ

පොලිස් කාරයා නැවතත් - මේ මිනිසා දෙස බලලා
අනුකම්පාවෙන් වාගේ - මෙහෙම කියනවා

පෙරකදෝරු ඔබලා ගැන - හරි කණගාටුයි අපහට
දේපල සහ මුදල් ගැනම - ඔබ වදවෙන්නේ

බලන්න ඔබෙ වම් අත නෑ - ඒකත් ගැලවිලා ගිහින්
ඒ ගැන ඔබ හට නෑ නොවැ - කිසිම හැඟීමක්

පෙරකදෝරුවා එමවිට - ඉතිරිවු අත හිසේ ගසා
මගේ රොලෙක්ස් එක අයියෝ - බෙරිහන් දුන්නා






තවත් පෙරකදෝරු පොරක් - නිවාඩු ගතකරනු පිණිස
ගම්බද තානායමකට - පුරුදුව සිටියා

එහි හිමිකරුගේ දියණිය - හැඩ වැඩ යුවතියක් නිසා
ඇය හා දැඩි හාදකමක් - ඇතිවී තිබුණා

වරක් මෙසේ එහි පිවිසී - නැවත ආවෙ වසරකින්ය
ඒ වනවිට ඇගේ උකුලෙ - දරුවෙකු සිටියා

තමන් මෙයට වගකිවයුතු - බව දත් පෙරකදෝරුවා
තරුණියගෙන් ඒ ගැන මෙලෙසින් විමසනවා

ඇයි ළමයෝ මට නොකිව්වෙ - අපිට බඳින්නත් තිබුණනෙ
දරුවට මගෙ වාසගමත් - දෙන්නට තිබුණා

එවිට ඇයද පිළිතුරු ලෙස - මේ ගැන නොම දැනුම්දෙන්න
හේතු කිමද යන්න මෙසේ - පැහැදිලි කෙරුවා

දරුව ලැබෙන බව දැනගත් - අපේ පවුලෙ හැම දෙනාම
එක තැනකට එකතුවෙලා - කතිකා කෙරුවා

පෙරකදෝරුවෙක් පවුලට - එක් වෙනවට වඩා හොඳයි
අවජාතකයෙක් සිටීම - තීරණය වුණා













(අගතියෙන් තොරවයි. මොකද අපි නඩුවලට බයයි)


සති අන්තෙ මේක හප හපා ඉන්න මගෙ පැටව්.... සඳුදට අපි දාන්න ඉන්නේ...


ඩයිනමයිට්!






74 comments:

  1. පෙරකදෝරුවෝ ඔහොම්මයි-උන්ගේ වැඩ හරි අපුලයි
    ඇත්ත නැත්ත කරනා හැටි බලන්නනම් බැහැ අජූතයි.

    ReplyDelete
    Replies
    1. හැම දෙනාම එහෙම නෙමෙයි - හරිම හොඳ අයත් බොහොමයි
      ඒ වුනාට මතුවෙන්නේ - නරක අයගෙ ලකුණ තමයි

      Delete
    2. එහෙම හොඳ අයත් ඉන්නව, එත් එයාල ඔය ලීගල් ඒඩ් වගේ මාස් පඩි ලැබෙන දේවල් කරනවා හැරෙන්න පෞද්ගලිකව නඩු බාරගන්නේ නෑ, ඇහුවෝත් ලෝ පොයින්ට් එක කියා දීලා, පොයින්ට් එකට යනවට වඩා එයාල සර් කියල කියන ජරා යකෙකුට කතා කරල ලේසියෙන් ගොඩදාගන්න එක යහපත් බව පහදලා දෙනවා විතරයි, මොකද මහෙස්ත්‍රාත්ල වෙන්නේත් නඩු අඩු පෙරකදොරුවෝම තමයි, එවුන් ෂේප් වෙන්නේ ඩීල් වලට ලැබෙන ෂෙයාර් වලින්.

      Delete
    3. තිත්ත ඇත්ත.

      Delete
  2. හැමෝම පෙරකදෝරුවන්ට බනිනවා. අනේ මන්ද
    මට හිතෙන්නෙ පෙරකෙයො ගැන ඔය නෙගටිව් හැගීම් සමාජයෙ ඇතිවුනේ යටත් විජිත යුගයෙ ජනතාව තලා පෙලා දාපු නිසා.

    ReplyDelete
    Replies
    1. මට නං පෙරකදෝරුවො එපාවුනේ හේමන්ත වර්ණකුලසූරිය උන්නැහේ කුඩු දුමියගෙ ඔලුව ගැන විස්තර කරනව දැකල!

      Delete
    2. මධ්‍යස්ථ,
      අනේ නෑ සහෝ, එහෙම දෙයක් හිතලා නෙමේ. හැම වෘත්තියකම හොඳ නරක දෙගොල්ලොම ඉන්නවා. උපහාසයට ලක්වෙන්නෙ ඒ නරක පිරිස තමා. අනික සමහර වෘත්තීන් වල පොදුවේ අසාධාරන මුදල් ඉපයීම් වගේ දේවල් නීතිගත වෙලාම තියෙනවා කාටවත් ප්‍රශ්නකරන්න බැරි විදිහට. ඉංජිනේරු, වෛද්‍ය, නීතිඥ, ගණකාධිකාරී අංශ සේරම එහෙමයි.
      ඔබට සුදුසුකම් තිබුණට ඔබ මේ වෘත්තියේ යෙදෙන්නෙ නෑනේ. ගනං ගන්න එපා. මේවා මේ පරිවර්තන පමණයි.

      Delete
    3. රාජ්, දේශපාලනයයි නීතිඥ වෘත්තියයි දෙක තකට තක.

      Delete
    4. අවුලක් නෑ බන්. ඕකුන්ට මොනව කිව්වෙත් මට මොකෝ හෙහෙ හෙහෙ

      Delete
    5. @මැලේ,
      රාජ් ලේසියකට දෙයක් කියන්නෑ,

      Delete
    6. @මධ්‍යස්ථ,
      මට බය හිතුනා උඹ ‘වරදවා තේරුම් ගනී‘ කියලා.

      Delete
  3. හැක් හැක්.. යකොඩෝ.. උඹට මේකටත් නඩු දායිද දන්නෙ නෑ වෘත්තීය හෑල්ලු කොලා කියල... කෙසේ වෙතත් නියමෙට ලියල.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මචං අගතියෙන් තොරවයි කියලා ඇඟ බේරාගත්තෙ.

      Delete
  4. හි..හි.. හැමෝම මෙහෙම නොවුනත් බහුතරය එහෙම තමයි...

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ මුදල් වෙහෙසකින් තොරව සූරා ගැනීම නිසා ඇතිවූ කීර්තිනාමය.

      Delete
  5. කාපන්කො 'ප්‍රා'ගෙන් ගුටි.
    වමත ගැලවිලා ගියා කියන්නෙ වමතින් දොර තල්ලු කරපු වාහනයක්, ඒ කියන්නෙ වම්පස සුක්කානම තියන වාහනයක් , ඒකෙන් පේන්නෙ මේ සිද්දිය වම්පසින් වාහනවල රියදුරු ඉන්න වාහනයක්, රියදුරෙක් එක්ක ගියා කියන තර්කයක් ආවොත් ඒක ප්‍රතික්ශේප වෙන්ව එහෙනම් පාර පැත්තට නෙමේ පෙරකදෝරුව බහින්නෙ.
    ඒකෙන් පේන්නෙ මේ වෙනරටක පෙරකදෝරුවො ගැන කියපු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රා දැක්කොත් විසුමක් වෙන්නෙ නෑ..
      එක නෙමෙයි, අටමගේ මෙව්ව එකට ගිහිං ඔළුව වත් මැසිමක හැප්පුනාද , ෂර්ලොක් හෝම්ස් ටෝක් දෙන්නෙ. කරුමෙට මම අසනීපෙන්. එන්න හම්බුනේ නෑ :(

      Delete
    2. සජ්ජෝ,උඹේ පොල් මුඩ්ඩ ගැලෙවුවයි?

      Delete
    3. //සජ්ජෝ,උඹේ පොල් මුඩ්ඩ ගැලෙවුවයි?//
      හුකෑස් :D. +++++++++++++++++++++++++++++++++++

      Delete
    4. @කම්මලේ,
      තියරි ඔෆ් ඩිඩ්‍යුසිං ඔෆ් ෂර්ලොක් හොල්මිස්... හැක්.
      හරියට හරි මචං මේක වමෙන් පදවන රටක.

      Delete
    5. @සජ්ජා,
      ඒ කියන්නෙ ප්‍රා ජේ ලෝයර් ද? හුටා... (අවුලක් නෑ පොර මේ පැත්තෙ ඇවිත් නෑනේ)

      Delete
    6. @කටුසු සහ මනා,
      ඒ මොකක්ද බොලව් ඒ පොල් මුඩු සීන් එක? කියාපල්ලකො අගේ නොකර.

      Delete
    7. @ සජ්ජා, අපරාදෙ අටමගෙ වැඩේට එන්න තිබ්බෙ. තේ මේසෙ කොන්ඩ කැවුම් තිබ්බ, කොන්ඩෙ පහලට හිටින්ඩ එකක් ගිලල දවසම එතන ඉන්ඩ තිබ්බ.

      Delete
    8. අටමගේ වැඩේට එන්න බැරි උනා බන් වමනය සහ බඩ යාම හන්දා... තොපිලට හොඳක් වෙන්නෙපා...

      Delete
    9. @කම්මල,
      උඹලගෙ කැවුම් කතා අනේ මන්දා බං... ඕකට එන්නනං වෙන්නෑ කියලා තමා දන්නෙ.

      Delete
    10. @සජ්ජා,
      ඒකද මුං මේ පොල් මුඩ්ඩක් ගැන කියන්නෙ. ලබු කිරිබත්වත් කෑවද?

      Delete
  6. හ්ම්.........................මමනම් පෙරක්ස් ලාට 'බුල් ලව්' ඒක නිසා මම ඊයේ පෙරේදා ලිපියකුත් ලිව්වා මතක ඇති.

    ReplyDelete
    Replies
    1. //ඒ ජාතියේ ඇත්තො සම්බන්ධ කවියක් ලියන්න මතක් වුනා. ස්තූතියි!// කියලා එදා මම කිව්වෙ ඒකනෙ විචාරකතුමා.

      Delete
  7. ලේසි නෑ.මේ ඊයෙ පෙරේද දාපු රටේ ප්‍රසිද්ධ මුලික අයිතිවාසිකම් නඩුවක පෙරකදෝරු ගාස්තුව මිලියන 25ක් ලු.

    ReplyDelete
    Replies
    1. ඔය ගණං මිණුම් වලට අභියෝගකරන්න බැරි නිසාම තමා ජනතාව ඒවා උපහාසයට ලක්කරන්නෙත් හැලපතුමෝ.

      Delete
  8. අම්මපා.............. මාධවී මං කලිනුත් තැන් කීපයක ම කියලා තියෙනවා අපේ තාත්තා මට කියලා තියෙන දෙයක්..... නිකං දැනගන්න වගේ මෙතනත් ලියන්නම්කෝ... මං සා.පෙළ ඉවර වෙලා තාත්තාට ගිහින් රිසල්ට් කියලා අාට්ස් කරන්න අාසයි කිව්වා.. තාත්තා අැහුවා ඒක කරලා මොකද කරන්න පුළුවන් කියලා.... මං ඉතින් ඒක දාගන්නත් ඒක්ක කිව්වා ලෝයර් කෙනෙක් වුණත් වෙන්න පුළුවන් කියලා.. තාත්තා ගත් කටටම කියපි.... උඹට මං මැරෙනකල් කන්න දෙන්නම්.... ඒත් ඔය පව් වැඩේ නොකර ගෙදර හිටපං කියලා.... පස්සේ ඉතින් වෙන අංශයකින් ඒ ලෙවල් කරා......

    ඒ දවස් වල පොඩි ඉඩම් අවුලකට තාත්තලා උසාවි ගානේ අැති වෙනකල් රස්තියාදු වෙලා ලෝයර්ලා පෙන්නන්න බැරිවයි හිටියේ......

    ReplyDelete
    Replies
    1. මම මේවා ලිව්වට මගේ ක්ලාස්මේට්ලා වැඩිම ප්‍රමාණයක් දැන් ලෝයර්ස්ලා.
      එක අතකට උන් අවුරුදු ගානක් පාරෙ වේලි වේලි කන කට්ට දැක්කම පව් කියලාත් හිතෙනවා. ඒත් උන් ඒ කට්ට මිනිස්සුන්ට කවනවානෙ නඩු කල් දාලා.

      Delete
    2. සහතික ඇත්ත. මට හිනා යන්නෙ හිතවත් කෙනෙක් මට කියපු දේට. දැන් මොකද කරන්නෙ කියන සම්ප්‍රදායික ප්‍රශ්නෙට උත්තරයක් ලෙස ලෝ කරන්න අදහසක් තියන වකිව්වම අනේ ඕකනම් කරන්න එපා හෙන ගහන අපරාධයක් කියල කිව්ව. හෙන ගහනද සහ ගහනද මට හරියට මතක නෑ. සෑහෙන කාලෙකට ඉස්සර සිද්ධියක්නෙ . ඔහු ඒක කිව්වෙ හෙන සිරාවටමයි. ඉරියවු වලිනුත් ඒක පෙනුනා.
      ඒක කියපු විදියට මට හොදටම හිනා ගියා. කුරුටුගෙ කොමෙන්ටෙක දැක්කම ඒක මතක් වුනේ.

      Delete
    3. මානසිකව හෝ කායිකව සත්‍ය ලෙස වෙහෙසක් මහන්සියක් නොවී ඉපයීම නිසා තමා මෙහෙම කතා හැදෙන්නෙ.

      Delete
    4. ඔය ම.මාත් එහෙව් එකෙක් තමයි මෙතන හිනා උනාට.. හැක්..

      Delete
    5. කාටද කිව්වෙ...?

      Delete
    6. ම.ම යකා හෙවත් මධ්‍යස්ථ මතධාරියාට බොල..

      Delete
    7. මමත් මමා නෙ. ඒකයි ටැපලුනේ.

      Delete
  9. අපි යටත් විජිත තත්වයෙන් නිදහස්(මිදුනේ)උනේ 1948 නම් අපි හැම එකකටම යටත් විජිත මුව හමට තඩිබෑම අපේම නිවට කම කියාපෑමක් නොවේද?යටත් විජිත යුගයෙත් ජනතාව වෙනුවෙන් අවන්කවම පෙනීසිටි යුරෝපීය පෙරකදෝරුවන් සිට නැතිද?නිදහසින්පසු මේ ජරා ක්‍රමයන් වැඩි වෙලාද? නැත්ද? වැඩිවෙලා නේද? මද්යස්තව සිතමු.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම වැඩිවෙලා. සුද්දන් අපිට දීපුවා ගොඩක් කාලා ඉවරයි. ඉතිරි වෙලා තියෙන්නෙ රේල් පාරවල් ටිකයි අධිකරණ ක්‍රමයයි තමා කිසිම දියුණුවක් නැතිව.

      Delete
    2. ඔබ කාරනේ දන්නෑ වාගෙයි. ඒකාලෙ නඩුවලට පැටලුන අසරනයන්ගෙ ඉඩම් පවා ලියාගෙන තියනවා. පැමිනිලිකාරය විදියට නඩුවට එන එකා නඩුව ඉවරවෙලා යන්නෙ පාරට වැටිලා. මුද්දරවලටයි ස්ටෑම්ප් වලටයි වෙනම අයකරපු යුගයක් ඒක. දැන් නම් මිනිස්සු නීතිය දන්නවා

      Delete
    3. මුදල් ඉපයීම කොහොමත් රැඳෙන්නෙ දන්නා කම හා නොදන්නාකමේ වෙනස මත. අනාගතය මීට වඩා සුබ වේවා!

      Delete
  10. පළවෙනි එක මම කලින් අහල තියෙනවා. පට්ට. ඩයනමයිට් එක ලොකු වැඩියි යකු. හක්ක පටස් එකක් ඇඩ් කොරහන් :D

    ReplyDelete
    Replies
    1. කවියෙන් ලීවම අහපු කතාවක් වුනත් පොඩි ගතියක් තියෙනවනෙ මනා.
      ඒවා තියන්නෙ වල් ඌරන්ටනෙ බං.

      Delete
  11. පළවෙනි එකනම් සිරා.. ඇත්තටම උන්දැලට වෙන මුකුත් ගැන හරි හමන් සිහියක් නැහැනේ..

    ReplyDelete
    Replies
    1. දෙවනි එක ලස්සන ඉංග්‍රීසියෙන් තියෙන විදිහ තමා.

      Delete
  12. අපොයි යාලුවෝ තරහ වෙනවා මේවා ෂෙයාර් කලොත්.
    http://nelumyaya.com/?p=2428

    ReplyDelete
    Replies
    1. මගේ ක්ලාස්මේට්ලාත් වැඩිහරිය ඔය කට්ටිය අජිත් අයියෙ.
      (ඒ වුනාට මං ඉන්නෙ නම වහගෙනනෙ...හැක් හැක්)

      Delete
  13. යස වැඩේ පෙරක්දෝරුවන්ට...ඇත්තටම මිනිස්සු සාමදානෙන් තමුන්ගේ පස්න විසදගන්න හදනෝ නම් මීඨ වඩා හොදයි... ඇක්සිඩන්ට එකක් වුනත් බෙුරුවට පොලිසි ගානෙ නොයා...අලාබෙ කතාබහ කරල බේරුමක් කරගන්න උත්සාහ ගන්නෙ කියෙන් කී දෙනාද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව. එහෙම කරනවානං ඔය රස්තියාදු මොකවත් නෑ. මේ ඉන්සුරන්ස් මගුල් හින්දා තමා ඒකත් ඇනිලා තියෙන්නෙ.

      Delete
  14. අරුගේ රෝලෙක්ස් එක වැටිච්ච හරිය උබ හරියටම දන්නේ නැත්ද ???

    ReplyDelete
    Replies
    1. දැක්කනං මම ඉඳී නිකං...

      Delete
  15. මං අද උදේ ඇවිත් කස්ටිය එක්ක කතා කර කර ඉන්න කොට පෙරකදෝරි නඩු කාර කතා බෝමයක් ඇදුනා. මටත් මතක් වෙච්චි සිද්ධි කීපයක්ම කිව්වා.. උමත් ඇවිල්ල මෙතන පොර දාලා. අයියෝ මගේ බයිට් ටික

    ReplyDelete
    Replies
    1. ඒ බයිට් හපාපු තැන ලින්ක් එකක් දැම්මොත් නරකද දේශා, අපිටත් හපන්න.

      Delete
  16. මොනවා කරන්නද සමාජයේ එහෙම මතයක් තියෙනව නේ.. උසාවියකට ගියාම තමයි ඒක තනිකර ඇත්ත කියලා තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ.. හෙමින් සීරුවේ අල්ලල පොලවේ ගැහුවා වගේ..

      Delete
    2. එහෙම රස්තියාදු කිරිල්ලක් ලොවෙත් නෑ මාතෙ

      Delete
    3. මාතා එහෙම තමා දේතා

      Delete
  17. පොලිසියේ මාමලත් ඔය කස්ටියගේ නෑදෑයෝ. එක වල්ලේ පොල්.
    කුඩ්ඩෝ හෙදයි ඔය දෙගොල්ලොන්ටම වඩා.

    ReplyDelete
    Replies
    1. මේ ලෝකෙ එළ ද බ්‍රා කියලා කවදාවත් කියන්න බැරි සෙට් දෙකක් මෙන්ඩෝ

      Delete
  18. ඇට නැති දිවෙන් දාන වැඩ කෑලි නෙව.ගොයම් කොලේට මුවා වෙලා මිනී මරන්න බෑ කියලා ගරු අධිකරණයේ ඔප්පු කරපු උන්නාන්සෙලා ඉන්න රටක් මේක.ඉන්නකෝ.. ඉස්සරහට එයාලා නියමෙට දේවල් අර්තකථනය කරයි අපට රටෙත් ඉන්න නැතිවෙන්න.

    ReplyDelete
    Replies
    1. උසාවි වල රට අඹරවන තර්ක ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ මචං. ඔහොමත් ඇත්ත නැත්ත කරන තැනක් ලොවෙත් නෑ.

      Delete
    2. අන්න වැඩේ... එල එල.... පට්ට රහක් තියෙයි.ඉක්මනටම දාහල්ලෝ....

      Delete
    3. අපේ කට්ටිය වැඩිපුර ඉල්ලන්නෙ එක්ස් කැටගරියනේ මචං. ඉතිං කළවමට දාමු.

      Delete
  19. මෙන්න යකෝ ගෙරි මදාවි- මඩ ගහලා ප්‍රොක්ටර්ලට
    අයියෝ මම එලෙල්බියට- සල්ලිත් බැන්දා විතරයි..

    ReplyDelete
    Replies
    1. එලෙල්බියට සල්ලි බැඳල - ගෙරි කලණය කවදාහරි
      දිවුරුම් දෙන දවසට මම - ඩයිනමයිට් හයිකරනව

      Delete
  20. අත නැතුවට ගානක් නෑ රොලෙක්ස් එක
    පුුදුම මිනිහෙක්
    පෙරකදෝරුවො විතරක් නෙමේ මේවගේ ගොඩක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... හැම වෘත්තියකම ඉන්නවා.

      Delete
  21. ඔය රාවණා කාලේ හිටපු හුගක් පෙරකදෝරුවෝ කලින් ආත්මේ කෝදුරුවෝ විදිහට හිටපු අයයනේ..මේක ඩැනගත්ත රාවණ ,ඒ සැට් එකට පෙර+කෝදුරුවෝ >>>පෙරකදෝරුවෝ කියලා නම දාල තියෙන්නෙ..කොහොමත් මේ ගොල්ලො හුගක් වෙලාවට තුවාලයක්,වනයක් දැක්කම ඒකෙ වහල උරාගන්න පුලුවන් හැම් එකම උරාගන්න එකනෙ කරන්නෙ... දැන්නන් ඉතින් මැසිම ඉස්සරහ තියාගෙන ,උත්තර බලාගෙන ලියල හොරට පෙරකදෝරු විභාගෙ පාස්වුන හොර පෙරකදෝරුවොත් ඉන්නවනෙ, තමන් වෙනුවට වෙන කෙනෙක්ව දම්මල ඒක ලියල අහුවෙනවට එයාව මරපු තාත්තලගෙ පුතාල..ඕ යැස්

    ReplyDelete
    Replies
    1. හහ් හහ්
      මට වෙලාවකට හිතෙනවා මේ රටේ ගම් සේරටම නම් දැම්මෙ උඹවත්ද කියලා බං. ඒ තරං ලස්සනට වචනෙ හැදුණු හැටි උඹ කියලා තියෙන්නෙ. මොනවා උනත් උඹ ඒවා ගලපන හැටිත් නියමයි.
      ඒක නෙමේ, අර ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න වැඩේ කෙරිල නෑනෙ තාම.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete