2015-05-18

ඩයිනමයිට්


බොඩි බිල්ඩර් කෙනෙකිය ඔහු - දවසක් ක්ලබ් එකට ගියා
බීර පයින්ටුවක් රැගෙන - බොන්න සැරසුනා

ඔන්න ඔය වෙලේ එතනට - ආවා සුන්දර අඟනක්
කියා නිමකරන්න බැරිය - ඇගෙ රූ වරුණ


දුටුව සැනින් ඔහුගේ සිත - ඇදී බැඳී ගියෙ ඈ වෙත
සෙමෙන් සෙමෙන් කතබහට - දෙදෙන එක් වුණා

රෑ බෝවෙද්දී දෙදෙනා - ඔහුගේ නිවහනට යන්න
කතිකාකර ගත්තෙ හිතින් බොහෝ ලං වෙලා

නිවසට ගොඩවැදුනු වහා - ඔහු ඇය ගෙන කාමරයට
තම සිරුරේ ඇති වැඩ කිඩ - පෙන්නන්න වුනා

කමිසය ගලවා ඉවතට - පපුව දමාලා පෙරටම
අත්ගොබ වල මහ මස් පිඬු - පුම්බලා තබා

බලන්න ඩාලිං මේ දෙස - කිලෝ සීයකී මෙහි බර
ඩයිනමයිට් තමා ඇත්තෙ - පුරවලා ඉතිං

ඇය මවිතව දැකපු දෙයින් - ඇස් උඩ ඉන්දාගන්නේ
අතකින් මුව වසා ගනී - අදහනු නොහැකී

ඔහු කලිසම ගලවන්නේ - දෙපා පළල් කරමින්නේ
මසින් පිරුණු නහර පිපුණු - කලව පෙන්වමින්

මේකත් පොඩ්ඩක් බලන්න - කිලෝ සීයකී මේවත්
ඩයිනමයිට් තමා ඇත්තෙ - පුරවලා ඉතිං

ඇය නැවතත් මවිත වෙතේ - හුස්මත් හනි හනික වැටේ
මෙවන් කාය වර්ධනයක් - ඇය නෑ දැකලා

දැන් ඇත්තේ යට කලිසම - ඒකත් ඔහු ගලවන්නේ
අන්න එවිට ඇය බියවී - බෙරිහන් දෙන්නේ

ගත්තා ඇගෙ අත් බෑගය - දිව්වේ නිවසින් එළියට
ඔහු ඇය පසු පස දුවගොස් - අල්ලා ගත්තා

මොකක්ද මම කරපු වරද - ඇයි ඔබ මෙලෙසින් බියවී
කෑගසමින් දිවයන්නේ - කියා කියන්න...

තවමත් බියපත් දෑසින් - ඔහුගෙන් මිදිලා දුවන්න
සැරසී ඇය මෙන්න මෙහෙම - දේකිය කීවේ



කිලෝ දෙසීයක් ඇතිකොට - ඩයිනමයිට් සෙට්කරලා!
බය නැතිවයැ! අච්චර කොට සේව නූලකින්!




77 comments:

  1. බොඩි බිල්ඩින් ගියාම වෙන පරිප්පුව තමයි ඕක.. ඕකටත් එක්සයිස් කලා නම් වැඩේ ෂේප්...

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑව මාතෙ, ජිම් ගියත් ඇති. මගේනං බල්ලටවත් එපා බොඩි බිල්ඩිං.

      Delete
  2. දෙයියන්ගෙ පිහිටෙන් ඩයිනමයිට් පුරවලා නැතිවුනාට අත්ගොබ/ කලවා වල තියන එකම ඩයිනමයිට් කරල සෙට් කරලා තියෙන්නෙ එල ද බ්‍රා වගේ.
    කයිය එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. ඒතකං පේනවා උඹේ වටේ ඉන්න සැට් එක දැක්කම. නිකං නෙමේ උනුත් වටේ කැරකෙනවා ඇත්තෙ.

      Delete
    2. මඩ? ඇසින් දුටු පරම සත්‍යය!

      Delete
  3. ඩෝං... ලන්කරනකොටම පත්තු වෙලාලු.. හැක්

    ReplyDelete
    Replies
    1. ලංකලොත් හැත්තෑවයි...පාවිච්චිකලොත් හත්සීයයි කිව්වලු.

      Delete
  4. අපේ ආආඅර් දුමින්ද සිල්වා ගැන නේද මේ කියන්නෙ

    ReplyDelete
    Replies
    1. හා...හා... කෝරලේ උත්තමය ඉස්සරහ පිට

      Delete
  5. සාමාන්‍යයෙන් මම ලෝබ නැතිව සිනාසෙන්නෙක්. ඔෆිස් ආපු හැටියෙම හොදහැටි හිනාවෙන්න අද අවස්ථාවක් ලැබුනා.
    කතාවට කියනව නේද බොඩිබිල්ඩර්ලගෙ විතරක් නොවෙයි බොහෝ ක්ශේත්‍රවල කැපී පෙනෙන මහා පුරුෂයන්ගෙත් සේව නූල කොටයි කියල. සිනමා සක්විති ගෙ සේව නූල ගැන රසිකගෙ බ්ලොග් එකේ කොමෙන්ටුවක් දැක්ක. එල්විස් ප්‍රෙස්ලිගෙ දික්කසාද බිරිදත් දික්කසාදයෙන් පස්සෙ මාධ්‍ය වලට අපූරු ප්‍රකාශයක් කළාලු.

    ReplyDelete
    Replies
    1. අනික්වා කෙසේ වෙතත් ටික දවසක් ජිම් ගියෝත් අපේ නෝනාත් අප්සැට්.

      Delete
  6. සේවා නූල පත්තුවෙනකොටම මොකක්හරි එකක් ඇතුලට එබුවනම් නිවෙනවා කියලා මේ මෝඩ ගෑනි දන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔබන්න තරංවත් දෙයක් තියෙන්න එපෑ විචාරකතුමා.
      ඒක නෙමෙයි අන්න ඔබතුමාට වගේ බලුකිරි වැඩක් මටත් කොරලා. පහල බලන්ටකෝ.

      Delete
  7. හහ් හහ්.. මරු ඈ...

    ReplyDelete
  8. සේව නූල දික් , මහත් කරගන්න ව්‍යායාම කරල නෑ.

    ReplyDelete
    Replies
    1. උන්මත්තක දන්නවා ඒවා.

      Delete
    2. උන්මත්තක තමයි ක්‍රමේ දන්නෙ

      Delete
    3. මේ තියෙන්නෙ දිලිසි දිලිසි
      http://unmanthaka.blogspot.com/2013/10/blog-post.html

      Delete
  9. මල මගුලයි........!!

    ReplyDelete
  10. හිකිස් ....නියමයි බන් .ඔෆිස් එකේ උන් හිතයි මට පිස්සු කියලා ..හැක් හැක්

    ReplyDelete
    Replies
    1. නිකං හිස්ටීරියා වගේද?

      Delete
    2. මටත් ඔය සන්තෑසියමයි...
      කෙල්ලෝ අහනවා “ සර්...තනියම හිනා වෙන්නෙ නැතිව අපිටත් කියන්නකෝ“...කියලා..
      මම දවසක මධුවා එක්කරගෙන ඇවිත් හිටවනවා කෙල්ලෝ මැද්දෙන්...“මෙන්න තනියම හිනා වෙන්න හෙතුව“ කියලා.

      Delete
    3. අනේ ඒ අසිරිමත් දිනය උදාවෙනකං මම අතේ පයේ අහල පහල උන් සේරගෙම ඇඟිලි ගණිමින් සිටිනෙමි.

      Delete
  11. සහෝ/ සහෝදරී. ඔයාද එලකිරි එකේ මේ පෝස්ට් එක දැම්මේ. නැත්නම් මේක දාපු කෙනා ඔයාගේ පෝස්ට් එක කොපි කරලා මේ බ්ලොග් අඩවියත් ඔහුගේ කියලා කියනවාද? පැහැදිලි පිලිතුරක් අවශ්‍යයයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1677118

    ReplyDelete
    Replies
    1. //////සැලකිය යුතුයි :- මෙම කවි නිර්මාණ මා විසින්ම නිර්මාණය කර මාගේ බ්ලොගයේ පලවූ ඒවා වන අතර යම් කිසිවෙක් මාගේ බ්ලොගය දන්නේ නම් කරුණාකර එළකිරි අඩවියේ මාගේ බ්ලොගයේ ලින්ක් නොදමන්න එය මට අපහසුවකි, ස්තූතියි ///////// :p

      Delete
    2. හිකිස් ..... //යම් කිසිවෙක් මාගේ බ්ලොගය දන්නේ නම්// ඕන් අපි නම් දන්නේ නැ ..

      Delete
    3. ඇනෝ සහෝ, මේවගේම සීන් එකක් අපේ විචාරකටත් වෙලා තියෙනවා.
      https://jangun.wordpress.com/2012/10/23/
      ගණං ගන්න එපා සහෝ. පැහැදිලිවම කොපි කරලා.
      බොරුවට විවිධ ස්වරූප තිබුණත් සත්‍යයට ඇත්තේ එක ස්වරූපයක් පමණයි.
      ඒ වගේම බොරුව තාවකාලිකයි. අපි බලමු....

      Delete
    4. කලණ, කොහොමද ඩිස්ක්ලේමර් එක.

      Delete
    5. සින්දු, ඕවා තමා මචෝ රට ඇන්දිලි.

      Delete
    6. මේ තව දෙකක්.
      1. http://www.elakiri.com/forum/search.php?searchid=17166898
      2. http://www.elakiri.com/forum/showthread.php?t=1676663
      මගේ ප්‍රොෆයිල් පික් එකත් දාලා. මූ නම් පාර්ලිමේන්තු යවන්න වටිනවා.

      Delete
    7. "ආවට වෙස් බැඳ නැත රැවටෙන්නේ
      මායම් වලින් නැහැ අපි පැරදෙන්නේ.."
      මචෝ අපි එත උඹේ ලින්ක් එක දාමු .....හැක්

      Delete
    8. ඕං මචෝ ඒකත් හරි... මං ගිහං මේ සීල් එක ගහලා ආවා විතරයි.

      Delete
    9. අනේ මේ අඳ බාලයන් පිරිස 'පුරාණය අනුභව කිරීම' තවම නවත්තලා නැහැ වගේ. මම මේ අඳ බාලයන්ට දුන්න පිළිතුර;

      මෙන්න මෙතන තියනවා

      Delete
    10. Thanks for the direct reply bro/sis and welcome to the Elakiri.com

      Delete
    11. You're also welcome to Madhumadhavi, bro...& thanks a lot. Already seen your comment there too.
      Plz be with us.

      Delete
    12. @විචාරක, මේක?
      //ඇනෝ සහෝ, මේවගේම සීන් එකක් අපේ විචාරකටත් වෙලා තියෙනවා.
      https://jangun.wordpress.com/2012/10/23/

      Delete
    13. Yeah already read it. But can't agree with it totally. Except some idiots who try to spoil; Elakiri.com is the best forum in Sri Lanka. There're a lot of people who are very helpful and there're very useful threads not only to the knowledge but also to the life.

      Delete
    14. අඩේ ඒක කොපි කරපු එකා අළුත් ඩෑල් එකක් වෙන්න ඇති බං. ඒකනේ ඌ යටින් අතේ මාට්ටු වෙන කතාවක් ලියල තියෙන්නෙ :D. ඒ පොඩි එකාටත් හිතෙන්න ඇති එළකිරි එකේ එළ කොල්ලෙක් වෙන්න හැක හැක :P.

      Delete
    15. @Ano,
      I didn't mean it to leave Elakiri.com but to be with blogger too. I just registered there to make a reply. Have no idea that what u don't agree. Anyway, your role in this incident is much worthy. Thanks again.

      Delete
    16. @මනා,
      මාට්ටු කියන්නේ බං අතේ මාට්ටු. ප්‍රොෆයිල් පික් එකත් ගත්තා කිව්වම මූ නිකං ගෙදරටම ඇවිත් මොනාද කරලා ගියා වගේනෙ.
      එ්ත් කමක් නෑ මචෝ, කොපි කරන්නෙ නෑනෙ දැනෙන දෙයක් නැත්නම්. ඒකෙන් අපේ වටිනාකම වැඩිවුණා. අර ඇනෝට මම ණය ගැතියි.

      Delete
    17. Nope you got it wrong I mentioned about the post of Vicharaka about Elakirians :(

      Delete
    18. Ah, sorry. That's something else.
      එක මකුණයි ලමයෝ කන්නේ....

      Delete
    19. හොරා වුණත් හොරකං කරන්නෙ රත්තරං බං
      තබක්ක නෙවී.... හොද හින්දනෙ උස්සල උගෙ වගේ දාගත්තෙ
      හා නැත්තං එහෙම කරයිද

      Delete
    20. ඒකනෙ මචෝ කියන්නෙ, දැනෙන දෙයක් ඇති. ඒ ගැන ඇත්තටම සතුටුයි. ඒ වුණාට ප්‍රොෆයිල් පික්චර් එකත් දාලා බ්ලොග් එකත් උගේ කියපු එකට ටිකක් තදවුනේ. නැත්නම් මම ලින්ක් දාන්නෙ නෑ එතන.

      Delete
    21. ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
      හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
      මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
      ඔබ සායම් මකාලන්න වෑයම් කළා
      මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
      ඔබ කළා යෝජනා වලට චෝදනා
      මම මෑතින් ඉඳන් වින්දා ඉන් වේදනා
      ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා
      පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
      පාලුයි මගේ නැත්ද තාමත් හිතේ
      වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහෙ
      අපේ ආදරේ භාවනාවක් වගේ ........

      දුක නැද්ද මචෝ ....

      Delete
    22. තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
      තොප්පි ගොඩක් කර තියන් ගියා
      චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
      නිදිමත වගෙ දැණුනා //

      රූස්ස ගහ ළඟ ඇලවී
      තොප්පි ගොඩත් බිම පෙරළී
      මහ තඩි කොටයක් ඉරනා සද්දෙන්
      ගොරවන්නට ගත්තා
      හීනෙකින් වගේ උඩ බැලූ කලේ
      අර වඳුරු රෑන දුටුවා
      මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
      වඳුරොත් එහෙම කලා

      නින්දෙන් ඇහැරී බැලුවා
      තොප්පි නොමැති බව දැණුනා
      පිස්සු ඩබල් වී මොලේ කචල් වී
      මිනිහට තරු පෙණුනා
      හීනෙකින් වගේ උඩ බැලූ කලේ
      අර වඳුරු රෑන දුටුවා
      මිනිහගෙ තොප්පිය වීසි කරනකොට
      වඳුරොත් එහෙම කලා

      අනුන්ගෙ දේවල් ගන්න එපා
      වඳුරන් වාගේ වෙන්න එපා
      අනුන් කරන දේ කරන්න ගියොතින්
      අපිත් වඳු‍රො වෙනවා //

      අපිත් වඳු‍රො වෙනවා ///

      සන්ෆ්ලවර්ස්

      Delete
    23. බොටත් අහුවෙන සින්දු අම්මපා.... දුකයි බං. කාගෙ වුණත් දරුවෙක්නෙ ඉතිං.
      නුඹ හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
      මම සායම් යවාලන්න වෑයම් කලා

      Delete
  12. අහෝ සේව නූල...!

    (බි... බි... බි... බිස්නස් නම් - බිස්නස් මල්ලි)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩ්‍රැකියා... බික් බික් තමා ඉතිං.

      Delete
  13. එකටත් එක්සයිස් කරලා තිබ්බොත් නියමෙට තියෙයි හිටං.

    ReplyDelete
    Replies
    1. අනේ අපිනං දන්නෑ, උන්මත්තක තමා ඔය සබ්ජෙක්ට් එකේ කොන්සල්ටන්ට්.
      http://unmanthaka.blogspot.com/2013/10/blog-post.html

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. සමහරුන්ගෙ නෝ ඩයිනමයිට් බට් සේව නූල දිගාායි...

    රසසරණියේ අනන්‍යතාව වෙනුවෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඒහෙමත් බෑ. ඩයිනමයිට් පොඩ්ඩක් හරි ඕනි සේව නූලකින් වැඩගන්න.

      Delete
  15. ඒක නම් පට්ට ඈ. අප්පේ වැරදිලාවත් ජිම් යන්න හොඳ නෑ :D. ඩයනමයිට් ගොඩ ගැහුවා වගේ නෙමේ සේව නූල හොයාගන්න බැරි වෙන්න කොට උනොත් එහෙම හත්තිලව්වයි. ඩයනමයිට් දිහා දෑසින් බලා සැනසෙන්න තමා වෙන්නෙ හැක් හැක් ;).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඩයිනමයිට් වැඩිවෙනකොට නූල නොපෙනී යන එක සොබාවිකයි මචෝ.
      දෙපැත්තම බලා කියා ගංට ඕනි ඉතිං.

      Delete
  16. ඇත්තටම කොට වෙනවද? මම මේ ජිම් පන්ති යන්න හැදුවා විතරයි... හපෝයි....

    ReplyDelete
    Replies
    1. හෆොයි යන්නනං එපා...ගිහිං එන්නනං එපා

      Delete
  17. කෙල්ල සමහරවිට හිතේ තිබුන බලාපොරොත්තු කැඩිලා දුවලා පස්සේ බොරු කිවුවද දන්නේ නෑ.. කිලෝ දෙතුන්සීයක්ම හිත්න ආවද දන්නේ නෑනේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. අර උඩහ මධ්‍යස්ථ කිව්වා වගේ ප්‍රිසිලා ප්‍රෙස්ලි ද දන්නෑ කෙල්ල.

      Delete
  18. බුහාහ්හහ්හහ්හා..........................
    කදුළුත් පැන්න ඕයි පව් අර බොඩි බිල්ඩියා...
    හිහි

    ReplyDelete
    Replies
    1. උන් සේරම වගේ ඉතිං පව් තමා. එක පැත්තක් හරියනකොට තව පැත්තක් නැතිවෙනවා.

      Delete
  19. හත්තිලව්වයි....... හරියට බැලුවොත් අවුලක් වෙන ඒකක් නැහැ.... මොකද පුපුරන්නට විදිහක් නැහැ.... නූල කැඩිලාලු...... හැක් හැක් ...........

    ReplyDelete
    Replies
    1. අර කියපු නූල ඇතුලෙ ඔය කියන නූල හොයාගන්නවත් බැරිවෙයි.

      Delete
  20. මරු යකෝ. මල් හතයි. ඇත්තටම උඹ නෙවෙයිද බං එළකිරි එකේ ඉන්නේ? මං එකකට උඹේ ලින්ක් එක පෝස්ට් කළා උපුටා‍ ගෙන තියෙන්නෙ මෙතනින් කියලා. පස්සෙ අර ඩිස්ක්ලේමර් එක දැක්කම ම‍ට විලිලැජ්ජාවෙ සංතෝසෙ බැරුව නිකා හිටියා.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද ඩිලා, ඒක ඌ දාලා තියෙන්නෙ කපටිකමටනෙ. උඹ ලැජ්ජාවන්න ඕනිනෑ. අපේ රිදිලා ඇනෝ රිදෙන්නම දීලි තියෙනවා.

      Delete
  21. කොහොමදෝයි මෙව්වට ගෑල්ලමයි ඇවිත් කොමෙන්ට් දාන්නෙ හිටං!
    ඒ වුනාට මරු ඈ. සභාවේ සිනා!

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයි ඇවිල්ලා සභ්‍ය කොමෙන්ටුවක් දාලා යනවා හොඳයි.
      අපි අමුවෙන්ම ඇදලා අරින්නෙ නෑනෙ බස්සියෝ!

      Delete
  22. ඌ බොඩි බිල්ඩින් කරන ගමන් දොස්තර වැඩෙත් ඉගෙනගෙන අර වගේ කරදරේට පත්වෙච්චි දීඝජන්තුවෙක්ගේ ඔපරේසමක් කරානම් ගගා ඉන්නේ නැතුව ඩයිනමයිට් කිලෝ 200න් හොඳට වැඩ ගන්න පුළුවන් සේව නුලක් අමුණ ගන්න තිබ්බා...
    ඊට පස්සේ කතා කරද්දී ටිකක් "බික් බික්" ගෑවුනත් මොකද... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මොන බික් ද ලොකුස් එහෙම වත්කමක් තියෙනවනං. සද්දයක්වත් පිට නොවුනත් කමක් නෑ. වැඩ පුලුවංනෙ.

      Delete
  23. හෙහ් හෙහ් සේව නුල පව් බන් සෑහෙන අසාධාරණයක් වෙලා නේ..

    ReplyDelete
    Replies
    1. නූල අයිතිකාරය පව් බං.

      Delete