2015-05-25

පූසා


(තනුව කොළඹ ගිය ගමයා ගීතය අනුවය)

පශු වෛද්‍ය තුමාට හරි වෙහෙසක් දැනුනා
දවස පුරා වැඩකරලා ඇති යැයි සිතුනා
ගෙදර ගිහින් නෝන එක්ක ටිකක් ඉන්නවා
එතකොට ඔය හැම වෙහෙසම නිවිලා යනවා


මෙහෙම හිතා එතුමා යයි නිවහන සොයලා
යනවිට එතුමාගෙ බිරිඳ සිටී මග බලා
පරක්කු ඇයි දැන් හොඳටම රෑ බෝ වීලා
නාල කියල එන්නකො මම හිඳමි ඇලවෙලා


නාල කියල පශු වෙදැදුරු ඇඳ වෙත යනවා
බිරිඳත් ආශා දෑසින් බලා ඉන්නවා
කන්න බොන්න ඕනිත් නෑ කාලය යනවා
බරටම වැඩ ටික ටික රෑ දොළහත් වෙනවා

ඔය අතරේ නිවසේ සිටිනා මෙහෙකරුවා
මහත්තයට කෝල් එකක් කියලා කිව්වා

මොන යකාද රෑ තිස්සෙත් මේ වද දෙන්නේ
ඉන්න සුදෝ මං විගහට ආපහු එන්නේ
මල සමගින් වෙදැදුරු දුරබනුව ගන්නවා
කවුද කියාලා ගොරෝසු හඬින් අහනවා

අනේ ඩොක්ට මම මේ අර සිල්වා නෝනා
කරදරයක් වෙලා මෙමට උපදෙස් ඕනා

මොකද මිසිස් සිල්වා මේ මහ රෑ යාමේ
සීමාවක් නැද්ද මෙහෙම කරදර කෙරුමේ

අනේ ඩොක්ට අපේ පූස එළියට පැනලා
අල්ලපු ගෙයි පූසි සමග රැලේ වැටීලා
අඬ ගැහුවට එන්නෙත් නෑ පුදුම වැඩක්නේ
හෙට එළිවෙන්නැතිව වගෙයි ඌ පොරකන්නේ
දැන් දොළහත් වීලා
තව නෑ, රෑටත් කාලා

මිසිස් සිල්ව හඬ නගලා මෙහෙම කියන්න...
පූසො උඹට කෝල් එකක් කියා කියන්න...
සේරම වැඩ නවතාලා ඌ දිව ඒවී
ඊට පස්සෙ විගහට දොර වහන්න වේවී

ඉතිං ඩොක්ට කෝල් එකක් කියල කිව්වට
පූස ඕක නවතාලා එයිද මෙතෙන්ට

මිසිස් සිල්ව නොතේරේද ඒක ඔහේට
මාත් ඕක නවතාලා ආවෙ මෙතෙන්ට


60 comments:

  1. අඩේ ඇත්තටම පූසා ඕක නවත්තලා එයි නේද?

    පවු අහිංසක මිසිස් සිල්වා. නිස්කාරනේ අහගන්නවා...


    ------

    ඔය තියෙන්නේ ලියලා...මදාවි ඉට්ටයිල් එකෙන්...
    WELL DONE WELL DONE...

    ReplyDelete
    Replies
    1. එසේ මෙසේ කෙනෙක් නෙමේ කියන්නෙ, පශු වෛද්‍යවරයෙක්.
      මිසිස් සිල්වට තියෙන්නෙ පූසංගෙ වැඩ නරඹන්නෙ නැතිව මිස්ට සිල්ව එක්ක පොරකන්න.
      වැල් ඩං?

      Delete
  2. සිල්වා නෝනා පුසා ඉන්න පැත්ත බලාලා
    පුසෝ උබට කෝල් එකක් කියයි හඩනගා
    කරන වැඩේ මොහොතකටවත් නොම නවතා
    පුසා කියයි මොබයිලේට ගන්න කියලා

    පුසා ඩොකා වගේ නෙවි
    මොබයිලය සාකුවේ ඇති //

    ReplyDelete
    Replies
    1. එළ කිරි පද වැල මැලේ.

      Delete
  3. මලපැනපු හැටි කියන්න වෙන විදියක් තියනවද මීට වැඩිිය අම්මප!

    ReplyDelete
    Replies
    1. රෙක්ටම් ත‘මොමීටරේ පාවිච්චි කරන හැටි ඇහුවලු ඔහොමම තද වෙච්ච ඩොකෙක්ගෙං. ගහගන්න කිව්වලු .............

      Delete
  4. එල ද බ්‍රා ඇත්ත.
    ඒ වුනාට මොනද අෆ්පා ඔය බර වැඩ?

    ReplyDelete
  5. සමහරුනම් ඉතින් රැලේ වැටෙන වෙලාවට ෆෝන් ඕෆ් කරගන්නවලු.. හැක්.

    ReplyDelete
    Replies
    1. සමහරුන්ගෙ ඕෆ් වෙනවලු ඇඟට තදවෙලා.

      Delete
  6. ඩොකාත් බඩගින්නේ හරි බරවැඩ...
    පුසා නිදහසේ බරවැඩ...
    පුසගේ බරවැඩ දැකලා ඩොකාගේ බරවැඩ වලට පාඩු කරන මෙලෝ රහක් නැතුව වදවේවි වේලෙන මිසිස් සිල්වා හොඳටම පව්ය...

    ReplyDelete
    Replies
    1. ඇයි වේලෙන්නෙ? මිස්ට සිල්වා දොයිද?

      Delete
    2. වේලෙන්නේ නැත්තං ඔය ගෑණි රෑ ජාමේ පුස් මගුල් බලබල දොස්තරයට කෝල් කරකර කරදර කරනවද බං...

      Delete
  7. මිසිස් සිල්වට පූසා ගැන ඉරිසියා හිතිලා
    දොස්තරයට මේ මහ රෑ කරදර කරලා

    ReplyDelete
    Replies
    1. දොස්තරයට වැඩක් නැතේ කරදර කරලා
      මිනිහත් තව ටික මොහොතින් එයි සෙට්ල් වෙලා

      Delete
  8. මිසිස් සිල්ව විතරයි චාටර් වෙලා තියෙන්නෙ . ඩොකාත් ගොඩ පූසත් ගොඩ.
    මිසිස් සිල්ව පූසො ගැන හොයන වෙලාවෙ මිස්ටර් සිල්ව ගැන හෙව්වනම් නරකද
    මිස්ටර් සිල්වත් කොහෙහරි පොරකනවද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ පූසා ගැන හොයාබලන්න එපායැ ඒ මනුස්සයත්.

      Delete
  9. Replies
    1. තෑන්ක්ස් මචෝ. දැන් අජිත් අයිය වෙනුවට උඹ බැහැලම වැඩ නේද?

      Delete
    2. ඌ අප්ඩේට් කරන්නේ සුමානෙකට පෝස්ට් දෙක තුනයිනෙ බං.. මම ජජ් පැනල් එකේ ඉන්න නිසා හැම පෝස්ට් එකක්ම කියවන්නත් ඕනි එකේ ඉතින් නෙලුම්යාය ඇඩ්මින් වැඩේකුත් ඔටෝ සෙට් වුනා.. බැඳ ගත්ත බෙරේ දැන් කොහොම හරි ගහන්නත් එපැයි..ලොස් වෙන්න බෑනේ.. හැක්.

      Delete
    3. හරි හරි උඹ ඇම්ඩන් කියල අපි දන්නවානේ බන් ....

      Delete
    4. අඩේ කළණයා, උඹ ජජ් පැනල් එකේද? මේ දවස්වල කන්න කැමති කෑමක් හෙම තියේනං කියාපං... වී.පී.පී. මගින් එවන්නං. තව ඕනි දෙයක් තියේනං කියාපාං මචෝ.

      Delete
    5. සින්දුවා, අැඩ්මින් කියන්නෙ ඇම්ඩන්ද බාං?

      Delete
  10. පූසො ,පූසියො ඔක්කොම ටික පව්.

    ReplyDelete
    Replies
    1. අපි පව් නැද්ද හා...

      Delete
  11. හිකිස් ...මදාවී ඉට්ටයිල් ...

    හුරතලේට ගෙදර හිටිය පූසා
    උකුළු මුකුළු දාපු කැකුළු පූසා
    මාත් එක්ක තරහද මගේ පූසා
    පූස ගියොත් මට පාළුයි පූසා

    කළු උක් පැණි බේරි බේරි
    රස දී කිරි හීරි හිරි
    බිව්වෙ කවුද පූස නේද පූසා

    මෙලොවට දැලි ගාපු ගාපු
    ලිප ලඟ දැලි නාපු නාපු
    පූස මගේ කොහෙද යන්නෙ පූසා

    සීනි බනිස් කාපු කාපු
    තනියට මගේ ආපු ආපු
    සේද කැටිය පූස නේද පූසා

    පද - ධර්මසිරි ගමගේ
    ස්වර - ප්‍රේමසිරි කේමදාස
    හඬ - එම්. එස්. ප්‍රනාන්දු
    චිත්‍රපටය - සාරා (1978)

    ReplyDelete
    Replies
    1. රෝස පැන්සොන් ගිහිල්ලද එතකොට? මේ සින්දුව ඇහුවමයි බං. මුලදි හිතුවෙ උඹේ පද රචනයක් කියලා.

      Delete
    2. උඔ යකෙක් බං..කොහොම මතක හිටිනවද?

      Delete
    3. මෙන්ඩා, මටත් තියෙන පුරස්නෙ ඕකම තමා.

      Delete
    4. සින්දුවා, යූටියුබ් එකෙත් තියෙනවා බං.
      https://www.youtube.com/watch?v=7hW3l652BTk

      Delete
  12. දඩස් ගාල ෆෝන් එක තියලා ඇඳට දුවන්නැති
    සුපිරියි
    ජය මාධවී!

    ReplyDelete
    Replies
    1. ආයි මොනවද? ඉලාස්ටික් එක අතඇරිය වගේ ඇදෙන්නෙ.

      Delete
  13. ඒ පූසා ගැන බිය නොම වන්නේ
    තමුන් ගෙ පූසා සනසා ගන්නේ..
    (කිව්වම ඒකට තමයි කතාකලේ යකෝ කිව්වලු.)

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ පූසා තමයි ඉතිං ඒ...

      Delete
  14. පට්ට :D.
    පූසට එහෙම දොස්තර කිව්ව විදිහට කෝල් එකක් කියල කිව්වම, පුසා කියයි "මට කොහෙන් කෝල් එන්නද ගෑණියෙ. මම ඇවිදින්න කරන්න පුළුවන් උන කාලෙ ඉඳන් හැම තිස්සෙම හිටියෙ අල්ලපු ගෙදර පූසි එක්කනෙ ;)" කියල හැක්.

    ReplyDelete
    Replies
    1. අන්න පතිනි (පූසි) භක්තිය ඇති පූසො...

      Delete
  15. පූසාද වෙදදුරුද.....
    කති...! බොති.....! පොර බදිති......!
    අපි තවමත්
    කති....! බොති.....! පොර බලති......!

    ReplyDelete
    Replies
    1. ඇත්තෝ කති බොති...ප්‍රීති වෙති
      නැත්තෝ හූල්ලති
      වෙල්කම් කිව්වා

      Delete
  16. හික්ස් අපිට තියෙන්නේ වෙන කරදර... පුස් නෙමේයි හා

    ReplyDelete
  17. ඩොකා ගෙ ජාතියෙම පූසෙක් - නියම පූසා

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඩොකාගෙන්ම බේත් ගත්තු එකෙක්ද දන්නෑ.

      Delete
  18. හිහි මීයත් පව් පූසිත් පව්...
    හය්යෝ මිසිස් සිල්වා හිහි
    මොනා හිතෙන්න ඇත්ද නේ

    ReplyDelete
    Replies
    1. ඒ නෝන බබා පාට් වෙච්චි. මං හිතන්නෙ කිසිවක් නොතේරෙන්න ඇති කියා තමාය.

      Delete
  19. ආන්න ආන්න ඒ සේවකයාව හරියට පුහුණු කරලා නෑ. ඉස්සර අපේ ගෙදර වැඩට හිටිය එකා, අපේ කාමරේ යතුරු හිලෙන් බලලා, කාර්යය අවසන් නම් විතරයි, කෝල් එකක් කියන්නේ. නැත්තං ඌ නෝකෝල් කියනවා කෝල් එක දුන්න එකාට.

    ඔය අපේ ගෙදරට අල්ලපු ගෙදර මිසිස් සිල්වා, පිච්චිච්චි බැලුප් එකක් මාරුකොරගන්ටවත් මට කතා කොරන්නේ නැහැනේ. හොඳයි බලමුකෝ........කුකුල් වසුරුත් බේතට ඕනේ වෙනවා කියනවනේ.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් විචාරක, පූසෝ එහෙම ඇතිකලේ නෑ නේද? ගෙදර කොහේ හදන්නද අහල පහල ඔය ඉඳලා තියෙන්නෙ....පූසෝ

      Delete
  20. හෙහේ,මිසිස් සිල්වා ලොකු වරදක් නොවැ කරලා තියෙන්නේ.හරියට අර බල්ලෝ මොනවාද කරනකොට ගල් ගැහුවා වගේ වැඩක් නේ.

    ReplyDelete
    Replies
    1. පූසාට බාධා නොකරම පශු වෛද්‍ය උපදෙස් පතනවා කියන්නෙ ගල් ගහන තත්ත්වෙට වැටිලම නෑ. මාර නිරවද්‍යයයි.

      Delete
  21. මොන පුසා ගැනද කතාව? ෂුවර එකටම හොර පුසෙක්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයව දැක්ක කල්!

      Delete