2015-05-28

ගෙරවීම


නිවාඩුවට ගෙදර යන්න - ගොඩබැස්සා වූ නැවියෙක්
රෑ බෝ වූයෙන් නොලැබුණි - ගමට යන්න වාහනයක්

අඳුරේ එළියක් පෙනුනා - හෝටලයක් බව දැනුනා
කාමරයක් ලබාගන්න - සිතමින් ඔහු ඇතුළුවුණා


කවුන්ටරයෙ ලිපිකරුවා - වෙතට ගොසින් මේ නැවියා
රැය ගෙවනට කාමරයක් - දෙන ලෙස ඉල්ලා සිටියා

මහත්මයා සමාවෙන්න - කාමර සැම අවසානයි
ඔබ හට උපකාර කරන - විදිහක් නම් මට නොපෙනෙයි

මේ මහ රෑ තවත් නොහැක - කාමර සොයමින් යන්නට
තියෙනා තැනකින් දෙනවද - ඉඩක් මෙමට නිදාගන්න

නැවියා පත්වූ තත්ත්වය - ගැන ලිපිකරුවා දුක්වේ
යමක් මතක් වූ විලසින් - ඇඟිල්ල ඉහලට එසවේ

එක කාමරයක් තිබුණේ - ඇඳන් දෙකක් එහි ඇත්තේ
එක්කෙනෙකුයි එහි ඉන්නේ - ඒත් ප්‍රශ්නයක් ඇත්තේ

එහෙනම් මට දෙන්න ඒක - කෙලෙසක හෝ මම ඉන්නම්
මොකක්ද තිබෙනා ප්‍රශ්නය - ඒකත් මම විසඳන්නම්

එහි සිටිනා අනෙක් කෙනා - ගොරවනවා රෑ තිස්සේ
එහි නැවතුනු සියලු දෙනා - පැයකින් එළියට බැස්සේ

ඒ මදිවට අවට තිබෙන - කාමරවල ඉන්න අයට
රෑ තිස්සේ නින්දක් නෑ - පැමිණිලි රොත්තයි අප හට

එය තමනට බාධාවක් - නොවෙතැ‘යි කීයෙන් නැවියා
ලිපිකරු ඔහුගේ බඩු ගෙන - උඩු මහලට කැඳව ගියා

ඔහු තමන්ගෙ බඩුත් රැගෙන - ඇතුළුවුණා කාමරයට
දොර වැහුණායෙන් ලිපිකරු - යලි එයි තම ආසනයට

***************************************

නැවියා පැමිණේ උදයේ - කෑම පිණිස ශාලාවට
ලිපිකරු ඔහු වෙත පැමිණේ - සුවදුක් විමසනා ලෙසට

කොහොමද රැය ගත වූයේ - වෙහෙසක්නම් නොම දුටුවේ
පළමු වරට තමා ඔහොම - කෙනෙක් රැයම ගත කෙරුවේ

නෑ නෑ මට කරදරයක් - ඉතා හොඳින් නින්ද ගියා
ඔහුගේ ගෙරවිල්ලක්නම් - ඇහුනේවත් නොමැති නියා

කොහොමද ඔබ එය කෙරුවේ - අහන්නටත් හරි පුදුමයි
කවදාවත් එතන ඉඳන් - නිදියනවානම් බොරුමයි

ඔබ කීවා වගේ තමා - යනවිට මා කාමරේට
මිල්ල කොටේකුත් දාගෙන - මිනිහ ඉරනවා යමරෙට

"සුදූ ගුඩ් නයිට්" කිව්වා - මිනිහගෙ කම්මුල ඉඹලා 
ගැස්සීලා අවදිවුණා - පොර මුළු රෑ ඇහැරීලා

30 comments:

  1. නරක නෑ උපක්‍රමේ.

    ReplyDelete
    Replies
    1. ඉතාම සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නෙ...හුටා!

      Delete
    2. ඒ කියන්නෙ උඹත් නිදි නැති රැයක් ගෙවල තියෙනවා

      Delete
    3. නෑ යෝදයෝ, එකෙක්ව ඇහැරවලා තියාගත්තා

      Delete
  2. නිදාගන්නෙ කොහොමද ඒ අසරණ මිනිහා
    නැවියන්ගෙන් පස්ස බේර ගන්නට බැරුවා

    ReplyDelete
    Replies
    1. ඊට හොඳයි මැරෙනා එක කියලා හිතුනා
      ඒක නිසා නිදි නොමැතිව මුළු රෑ ගෙවුනා

      Delete
  3. පව් අසරණ ඒ මිනිහා
    නැවියා නිසා නිදි නැතියා

    ReplyDelete
    Replies
    1. ‘නැවියා‘ කියනකොටත් බය හිතෙනවා.

      Delete
  4. නැවියෝ ගැන හොඳට දන්නෙ
    මිනිහට නෑ නින්ද යන්නෙ

    ReplyDelete
    Replies
    1. අඩේ කල්යානෝ...................... මෙන්න වරෙන්, මුන්ට නැවියෝ ගැන කියලා දෙන්න.

      Delete
    2. නැවියන් කිව්වමත් ඇතිය
      නින්දෙන්වත් නැවෙන්නැතිය

      Delete
    3. විචාරක,
      මටත් ඉස්සෙල්ලම මතක් වුනේ කළණයා

      Delete
  5. අත් දෙක කරෙන් තියා
    පස්සට ජුන්ඩ තියා
    සිද්දිය මතක් උනා
    නින්දත් නැතුව ගියා.

    ReplyDelete
    Replies
    1. සපොසිටරි දාපු සීන් එක දන්නවද?

      Delete
  6. මූ නම් නැවේ පිටිපස්සෙ දොරෙන් නැව් නැංග එකෙක්

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ නැංගූරමේ එල්ලිලා නැග්ග එකෙක්

      Delete
  7. යකඩෝ අරූට නින්ද නොයන එක අහන්නත් දෙයක්ද ඉතින්..

    ReplyDelete
    Replies
    1. නැවියන් කිව්වම නිදනවා බොරු ඉතිං

      Delete
  8. හෙහ් හෙහ්... මරු උපක්‍රමය...
    මටත් ගොරවන සද්දේ ඇහෙද්දී නින්ද යන්නෙ බැහැ,

    ඉස්සර අපේ කැම්පස් බෝඩිමේ හිටිය අපේ එකෙක් ගොරවනවා මෙලෝ සිහියක් නැතුව
    මට ඇහැරිච්ච ගමන් අතට අහුවෙන එකකින් ඌට දමල ගහනවා, බොහොම වෙලාවට සෙරෙප්පුවක් තමයි.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ගෙරවිල්ල නතර වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇයි මචං, ලාවට රස්නෙ කිරි පොඩ්ඩක් මූණට දැම්මත් ආයි නිදනවා බොරු.

      Delete
  9. එල ද බ්‍රා..
    නැවියෙක් ගැන කතාවක් තියනවා මම උඔට මේලක් දාන්නම් ලියපන් ඒ කතාව.

    ReplyDelete
    Replies
    1. කෝ බං...? මං මෙහේ බලනවා කෝ කියලා.

      Delete
  10. අඩේ නැවියෝ එක්ක ඉන්නත් බයයි දැන්නම්. අපෙත් බොගක් දාන නැවියෙක් ඉන්නවා නේ ;). පොර එක්ක පරිස්සමෙන් ඉන්න ඕනෙ හැක්.
    කවි ටික හොඳයි. හැබැයි මීට වඩා ක්ලයිමැක්ස් එකක් බලාපොරොත්තු උනා මම නම් :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කළණයා හැබෑටම මොකෝ දන්නෑ පරක්කු?
      හැමදාම බෑ බං ක්ලයිමැක්ස් එක සුපිරියට ගන්න. මේවා ලියන්නෙ කවියෙන්නෙ. තාලයක් තියෙන්නත් එපායැ.

      Delete
  11. නැවියන් නැවෝ නැවීයන් කිව්වලු.
    අර බැරල් එකේ බැහැලා ප්‍රැක්ටිස් උන එකෙක්ද කොහෙදො..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් දාන්න හිතෙනවා. බලමු නේද?

      Delete
  12. ඉතින් දැන් මක්කැයි උනේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න බබා! සයිට් එක බිසී වගේ.

      Delete