2015-05-06

බබාට නමක්




යොවුන් විය එළැඹි කෙල්ලක් - පාටියකට පළමුවෙන්ම
තනියෙන් යන දිනයක් - එළැඹීලා ඇත්තේ

කොල්ලන්ගෙන් බේරීලා - පාටියේදි ඉන්නා හැටි
ඇයගේ මව මේං මෙහෙම - උපදෙස් දුන්නා


ඔබ යන්නේ තනියෙන්මයි - ඒක නිසා ප්‍රවේශමෙන්
කොල්ලන්ගෙන් ඈත් වෙලා - ඉන්නට ඕනෑ

කොල්ලන් ඔබ කැඳවාගොස් - අනිසි යමක් කෙරුවෝතින්
ඔබෙන් වැඩක් නෑ ඉන්පසු - එය දැනගන්න

ඒක නිසා යම් කොල්ලෙක් - ඇඟට අතක් තිව්වෝතින්
අපිට ලැබෙන බබාගෙ නම - කිමද අහන්න

එවිට කිසිම කිසි කොල්ලෙක් - එතනින් එපිටට නොයාවි
ඔබට හැකිය ප්‍රවේශමෙන් - ආපසු එන්න

මේ ඔවදන් පිළිගනිමින් - දියණිය යයි පිටවීලා
සාද බිමේ ඇය පසුවේ - නිදහස විඳිමින්

ඕන්න කොල්ලෙක් එනවා - ඇගේ අතින් අල්ලනවා
නටන්න එනවද කියලා - ඇගෙන් අසනවා

අපිට ලැබෙන බබාට අපි - කිමද දමන නම කියලා
ඇය සැනෙකින් අසයි මවගෙ - ඔවදන් සිහිවී

මේ මොකක්ද මේ අහන්නෙ - කියා බියට පත් කොල්ලා
ඇය අතහැර වෙනකෙක් වෙත - පියවර මැන්නේ

මෙලෙස කොල්ලො දෙතුන් දෙනෙක් - ඇයට අත තැබූ සැනකින්
බබාගෙ නම අසන නිසා - ඇයව හැර ගියා

ඔය අතරේ තව කොල්ලෙක් - ඇයගේ අත අල්ලාගෙන
නටන පිරිසි වෙතට ඇයව - ඇදගෙන යන්නේ

එලෙසින් යන අතර තුරේ - නැවත නැවත ඇය අසන්නෙ
අපිට ලැබෙන බබාගෙ නම - කුමක්දැ‘යි කියා

ඔහු නෑ පිළිතුරු දෙන්නේ - ඈ තුරුලට අරගන්නේ
ආලිංගන නැටුමක් ඇරඹීය තාලෙට

ඒ අතරෙත් ඇය නැවතත් - පුරුදු ප්‍රශ්නයම අහන්නෙ
ඔහුනම් නෑ කිසි වදනක් - මුවින් පිටකලේ

නැටුමෙ යෙදී සුලු මොහොතක් - ඇය හා ඇදුනා අඳුරට
කිසිවෙකුටත් නොපෙනෙන - මුල්ලක තනිවෙන්නා

ඇය නිරතුරු අසන්නේම - බබාට දමනා නම මුත්
නිහඬව ඔහු ඇය සිපගෙන - තුරුලට ගත්තා

අැගේ ඇඳුම් ඉවත් වුනා - ඇය ඉන්නෙත් උණුසුම් වී
එනමුත් අර ප්‍රශ්නය නම් - අමතක වී නෑ

විය යුතු වූ පරිද්දෙන්ම - සියල්ල සිදුවී තිබුණා
ඇය අවසන කෙඳිරි ගගා - මෙහෙම අහනවා

අනේ අපේ බබාට අපි - දානා නම කුමක්ද යැයි
දැන්වත් මට කියන්නකෝ - මගේ වස්තුවේ

කොල්ලා මදකට මෑත්ව - අත ඉහලට ඔසවාලා
පෙන්වයි දිය පිරි බැලුමක් - හෝ එවැනි යමක්

කට පැත්තෙන් කරකවලා - එහි තද ගැටයක් ගහලා 
පළමු වතාවට කොල්ලා - මෙහෙම කියනවා

මේකෙන් එළියට එන්නට - පුලුවන්නම් උන්දෑ හට
ඩේවිඩ් කොප‘ෆීල්ඩ් කියා - අපි නම් තබමූ....



http://en.wikipedia.org/wiki/David_Copperfield_%28illusionist%29

104 comments:

  1. නෙද්දකින් විතරක්. ඔය වගේ හොඳ බැලුම් ජාති එන්නේ මේ අපිට බැරි වුන කාලෙමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ බැලුම් වල දෙපැත්තෙම හිල් වෙන්ටැ.
      (ඉතිං එහෙම වුනා කියල ආයි නරක් වෙලා තියෙයි!)

      Delete
    2. මාමාගේ වඳකම අපි දන්නේ නෑ කියලද හිතාගෙන ඉන්නේ

      බෑවී නේනා

      Delete
    3. @ විචාරක
      ++++++++++++ පට්ට කමෙන්ටුව අප්පා...

      Delete
    4. ඔය කිවිවට ඒ කාලෙ ඒවා නොතිබුණානම් ලංකාව පුරාම විචාරක පැටව්!

      Delete
    5. කෑ ගහන්ඩ එපා බොල. මේ නහින දෙහින කාලේ මට රට පුරා ඉන්න එවුන්ට නඩත්තු ගෙවන්ඩ වෙන්නේ ......ත් උගස් කරලා තමයි..

      Delete
    6. හපොයි... මං හිතුවෙ නිදි ඇති කියලා.

      Delete
    7. @ විචාකරතුමෝ

      ඔය බැ බෑ කියලා හිතුවාට බැරිම නැහැ.. බලන්නකෝ බොරුද කියලා

      Delete
    8. හිහි හි මේකට මං ආවම අනිවා අපේ නල්ල මලේ විචාගේ කමෙන්ට් එක කියෝනව (අපේ විචාරක තුමාගේ ) ස්නැප් ෂොට් ගහන ඉන්නේ නෑ ලංකාවට ආපු හැටියේ එනවා ගෙදර

      Delete
    9. @කුරුටු,
      බෑයි කියල බෑයි කියල බෑ....ඒ වුනත්
      හිස් ටින් එකක් වාගේ අපේ මේ ........... මල්ලී

      Delete
    10. @ඔමා,
      ගෙදර ආපු ගමන් අහන්නෙ.... “බබාට දාන නම මොකක්ද...?“

      Delete
  2. පවු කෙල්ල.. එදා මදාවියා පාටියට එයි කියල අම්ම හිතන්න නැතුව ඇති.. හැක්.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව, ඔය වගේ දේවල් සිහිපත් වෙන්නෙ ඉතින් මදාවියට තමා... වල් මදාවියා.

      Delete
    2. කල්‍යාණලා ගියාට ඔහොම දුරදිග බලල වැඩ කොරන එකක්යැ! ඉතිං නම් දාන්නම වෙනවා.

      Delete
    3. සඳරු, අපි ඇවිල්ලා නිව්ස් රිපෝටර් ජොබ් එක කරන්නෙ හරිද?

      Delete
  3. Replies
    1. ඇතුලෙත් බ්‍රා පිටත් බ්‍රා

      Delete
  4. Replies
    1. ටී ටයිම් එකට?

      Delete
    2. උඔ හිතුවද මම මැලේ රාල කියලා..අපි ටි ටයිම් එකට කන්නෙ උඔව.
      ඊයේ උඔ පට්ට හිට්

      Delete
    3. බ්ලොග් නොලිව්වත් උඹල වගේ උන් නැත්නම් මේවා අපි ලියලත් වැඩක් නෑ කියලා හිතෙනවා මෙන්ඩෝ. උඹලා දෙන බැක් අප් එක සුලු පටු නෑ.

      Delete
  5. මදැයි බබාට නමක් දැම්මා
    මදුමාදවී මුදියන්සේලාගේ ඩේවිඩ් කොප‘ෆීල්ඩ්...
    ජය!

    ReplyDelete
    Replies
    1. එම්. එම්. ඩී. තඹකුඹුර

      Delete
  6. දැන් ඔන්න කවුරුත් මදාවියට මඩ ගහනව එහෙම නෙමෙයි ඕන්

    ReplyDelete
    Replies
    1. ඇයිද පමා වුණේ? සියල්ල සිදුවී හමාරයි! අහෝ! අර කළණයාට පෙර ඔබ මෙහි ආවානම්...

      Delete
  7. සික් ඉතරක්, බෝ පැල වගේ ළමයින්ව මේ මදාවියා නරක් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඩේවිඩ් කොප‘ෆීල්ඩ් නරක ළමයෙක්යැ?

      Delete
  8. කොච්චර වැඩ වුනත් උඹේ කතාව උදේ පාන්දර නොබල ඉන්නේ කොහොමද සුදූ....
    අඩේ උඹ පාර්ටි වලට යනකොටත් කොන්ඩම් අරගනද යන්නේ?

    ReplyDelete
    Replies
    1. පෙර සූදානම කටුස්සෝ!

      Delete
  9. කෝකටත් කියල කොපුවකුත් සාක්කුවෙ දාගෙනමයි මදාවියා පාටියට ගිහිං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොර සූදානම හැලපයියෙ!

      Delete
  10. කෝකටත් කියල කොපුවකුත් සාක්කුවෙ දාගෙනමයි මදාවියා පාටියට ගිහිං තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොරට පෙර සූදානම හැලපයියෙ!

      Delete
  11. සමහර අම්මලා දුලට දෙන මෝඩ උපදෙස් නිසා මේ වගේ සන්තෑසි වෙන්න බැරිත් නැහැ තමයි...

    ReplyDelete
    Replies
    1. හැබෑව. අර දවසක් මාතලං ලියලා තිබුනේ නවත්තන්න එපා කතාවක්! එකෙත් මේ වගේ උපදෙස් සීන් එකක් තමා තිබ්බෙ.
      http://maathalan.blogspot.com/2013/09/21-dont-stop-13.html

      Delete
    2. උඹ දාපු ලින්ක් එකෙන් ගිහින් තවත් ඒ ජාතියේ එකකුත් බලලයි එන්න සිද්ධ උනේ...
      අපිව නරක් කරන්න මේ වගේ එව්වා දාන්න එපා යකෝ... මෙහෙම හිටියට අපි බෝ පැළ වගේ, හරිද...
      හවස් වෙද්දී පොඩි හුළඟටත් වැනෙනවා...

      Delete
    3. //හවස් වෙද්දී පොඩි හුළඟටත් වැනෙනවා...//
      පශු වෛද්‍යවරයෙකුට පෙන්නන්න තමා වෙන්නෙ.

      Delete
  12. ඇම්ඩ වගේ එකෙක්ගෙන් කොන්ඩම් එකක් ඉල්ලගත්තොත් කොප'ෆීල්ඩ් නම තියන්ඩ වෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩියට හරි සිදුරක් විදලා තමා දෙන්නෙ එහෙනං.
      පොඩි එකෙක් උපන් ගමන් බක බක ගාලා හිනාවෙනවලු එක අතක් මිට මොලවගෙන. දොස්තරලා යන්තම් වදෙන් පොරෙන් අත දිග ඇරලා බැලුවම තියෙනවලු පෙත්තක්.

      Delete
    2. පෙත්තෙ කතාවත් ඇම්ඩට දාල කවි කතාවක් දාපන්.

      Delete
    3. කොට වැඩි නැද්ද? ෂැක්! දැන් මෙතන දැමුනනෙ.

      Delete
  13. හිනාවෙලා පණගියා...

    කතා දෙකක් මතක් උනා. :-)

    ReplyDelete
    Replies
    1. අගේ නොකර පොඩි සමරියක්වත් දාන්ඩකො ඩ්‍රැකී.

      Delete
    2. ලියන්න පීස් අනා

      Delete
    3. ළඟදිම දාන්නං, මගේ බ්ලොගේ...

      Delete
    4. දාන්ට. පස්සෙ කයි කරල දාන්නං.

      Delete
  14. පාන්දරම මේක දැකලා මම කියෙව්වේ නැහැ....හිතලාම..
    දන්නවනේ උදේම කියවන්න පුලුවන් ජාතියේ නෙමෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... උදේ හිස් බඩම කියෙව්වම අවුල් වගේද?

      Delete
    2. පොඩි ළමයි උදේම වල් පත්තර බලනවා නෙමෙයි

      Delete
    3. ඔන්න මෙන්ඩලා වගේ මැචුවර්ඩ් පොරවල්නම් තව කමක් නෑ, ෂෙෆා වෙගේ පොඩි ළමයි නැතිව.

      Delete
    4. අඩෝව්..... කියලා තමයි අර අටම් අයියා ලිව්වා වගේ කියන්න තියෙන්නේ...!

      Delete
    5. ඇයි ෂෙෆාකිටත් ඒ ජාතියෙ යාලු මිත්තරයොද ඉන්නෙ?
      (වෙසක් එකට සැට්වෙලා රහමෙර පානය කොලේ නැතෙයි?)

      Delete
  15. අම්මපා.................

    ඔ්කෙන් පනින්නනම් ප්‍රිස්න් බ්‍රේක් වලටත් වඩා ගේමක් නෙවැ.......

    ReplyDelete
    Replies
    1. බැලුන් ගැටගැහුවම හුලංවත් යන්නැති එකේ...නේද?

      Delete
  16. හැහ් හැහ් කොපර්ෆීල්ඩ් ඔය වගේ මැජික් කොරලා නැද්ද දන්නෑ...මැජික් එක ඉතින් මාස ගානක් බලන් ඉන්න වෙන එක තමා වැඩේ..කෙල්ල මොකුත් පාවිච්චි කරලද කියලත් ප්‍රේක්සකයන්ට බලන්ට වෙන්වා කලින් හිහි.... මෙහෙ වන්නියේ සමහර කෙල්ලො නන් ඔය වැව් වලින් නාන්නත් බයයි !!!ඔව්....

    ReplyDelete
    Replies
    1. ඇයි? ජලයේ පීන පීනා එයි කියල බයේද?

      Delete
    2. ඔය ලමයි හම්බෙනව කියනවනෙ..වැව්වල නාපුවහම,කොල්ලෝ වතුරේ එක එක ඒව පාකරලා එවයි කියල බයට නේ...

      Delete
    3. මලකෙලියයි! වැවේ නාලත් ඉවරයි!

      Delete
    4. මාත් අහල තියෙනවා.

      Delete
    5. ඇල පාරක පහලිං නාලත් ඉවරයි!

      Delete
  17. හැක් ....බබාට අපි මදාවියා කියලා නම දාමු .
    සින්දුව අදාළ නැතිව ඇති ..එත් මට මතක් උනේ ඒක බන් ..

    මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
    හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
    වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
    අපේ ටීචර් මට මේ නම දැම්මේ…//
    වවන්නෝම දිනන්නෝය ටීචර් කිව්වා
    එදා පටන් මමත් මගේ කොන්ඩය වැව්වා..
    මාගෙ ගජමිතුරා.. හො..මාගෙ ගජමිතුරා
    රාළහාමි මං පැරදෙව්වා
    සව් දොදොලුයි මිරිස්මාලු දවසක් කැව්වා..
    හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි
    මම පලවෙනියට පැන්නේ….
    හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි පැන්නේ….
    දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//
    මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
    හූ හූ පාසලෙන්..හා හා පාසලෙන්
    වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
    අපේ ටීචර් මට මේ නම දැම්මේ…//
    කොයි වැඩටත් ලැබෙන හින්දා රවුමට ලොකුවෙන් ..
    බින්දුවටයි වැඩිය ආස ඉලක්කම් වලින්
    අල්ප දයන්නටයි.. හො.. අල්ප දයන්නටයි
    මං ආස අකුරු හෝඩියෙන්
    කොන්ද වකුටු අපෙ ටීචර් සිහි වෙයි ඒකෙන්
    එකොළහ මට එකෙන් බෙදන්නට පුලුවන් කජු කන්නා වාගෙයි….
    එකොළහ මම එකෙන් බෙදනවා කජු වාගේ..
    දන්න දේකුත් මම නොදන්න දේකුත් නැහැ ලෝකේ..//
    මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්..
    හා හා පාසලෙන්.. හූ හූ පාසලෙන්
    වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
    අපේ ටීචර් මට මේ නම දැම්මේ…///

    ගායනය -ෆ්‍රෙඩ් සිල්වා
    ගී පද - සිරිල් ඒ. සීලවිමල

    ReplyDelete
    Replies
    1. අදාල නැති උනත් උඹේ සින්දුවක් දැම්මෙ නැත්නම් නිකං මොකක්ද වගේ.

      Delete
  18. 'සබර දාලා බුකුන් ගැහුවට බඩවෙන්නෑ කියලා ඒ මහතැන් කිව්වා' වගේ කතාවක් මතක් උනා.. හැක් හැක්.. මුකුත් නොකියම දුන්න වැඩේ නෙහ්?

    ReplyDelete
    Replies
    1. බාකිං ඩෝග්ස් ඩූ නොට් බයිට්,
      බයිටිං ඩෝග්ස් ඩූ නොට් බාක්...ඕ යේස්

      Delete
  19. Replies
    1. ස්තූතියි! වයි දිස් වයි?

      Delete
    2. බිංදුවෙන් පලු දෙකයි...

      Delete
  20. අර අම්ම හෙන අහිංසකයි නේ. ඒකනේ ඔය නවසිය බරගනන් වල විදිහට උපදෙස් දීල තියෙන්නෙ. කොහොම හරි දැන් කෙල්ලට පාඩම් දෙකක් පුළුවන් :D.

    ReplyDelete
    Replies
    1. මචං මනා,
      අඩුම ගානෙ කෙල්ල දැන් දන්නව මැජික් කියන්නෙ මොනවද කියලාවත්.

      Delete
  21. මදාවියා එතකොට බැලුමක් පෙන්නලා ශේප් උනානේ කොහොම හරි...

    ReplyDelete
    Replies
    1. පළමුව උඩ බැලුම්...දෙවනුව බිම බැලුම්.

      Delete
  22. “චැහැ දන්නවානම් පොඩි මෙන්ඩියාට ඩේවිඩ් කොප‘ෆීල්ඩ් කියලා නම දනවා කියලා සදුට කිව්වා“ ඒ ඇයි කියලා ඇහැව්වාම කථාව කිව්වා..
    බැනුම් කෝටියයි.

    ReplyDelete
    Replies
    1. හහ්...හහ්...දවසේ විහිලුව!
      හැබෑටම එහෙම මිස්ටේක් එකක්ද?

      Delete
    2. නෑ වැහලා පෑව්වට පස්සේලු මෙන්ඩියාට රේන්කෝට් එක මතක් වෙලා තියෙන්නේ....

      Delete
    3. බැලුමක් දකින පාරක් ගානෙ පොඩි මෙන්ඩියා හිනාවෙනවලු බක බක ගාලා...

      Delete
  23. අම්මා කියලා දීලා නැහැනේ බැලුම් ගැන.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන් ඕවා පාවිච්චි නොකලාද දන්නෑනෙ.

      Delete
  24. හැක් හැක්... ක්‍රිස් ඒන්ජල් කියලත් දැම්මෑකි නේද බං.. උපරිමයි .. ජයවේවා... මට මතක් වෙනවා මේ වෙලාවේ " අම්මටසිරි සර්කස් කාරයෙකුත් ඉඳල" කතාව...

    ReplyDelete
    Replies
    1. කොප‘ෆීල්ඩ් තමා වැඩියෙන්ම ජනප්‍රිය සහ සාර්ථක මයෙ හිතේ. ක්‍රිස් නරකම නෑ, වතුරෙත් ඇවිදින පොරනෙ.
      ඔය සර්කස් කාරයගෙ කතාව අහලා තිබුණට දැන් හරියටම මතක නෑ සජ්ජා...
      ජයවේවා!

      Delete
  25. අඩේ අයියා... හැබෑටම මොනැයි බං ඒ මැජික් බැලුං????!!!!

    ReplyDelete
    Replies
    1. අඩ්ඩඩ්ඩා... මලයා...කොයි බොලෑ මකබෑවුනේ පහුං දොහේ?

      හෙට අනිද්ද දොහේ පොරෝජං වෙයි මලයා....බැලුං

      Delete
    2. නැත්තං පාන් පුච්චන තියරිය ඉගෙන ගනින්

      Delete
    3. ඒ මොකක්ද බං? පිපීගෙන එනකොට එළියට ගන්න එකද?

      Delete
  26. ඔකේ හොඳම සීන් එක තියෙන්නේ කෙල්ල අම්ම ලඟට ගිහින් වෙච්ච සිද්දිය කියනකොට...

    ----
    පොඩ්ඩක් පරක්කු වුනා බන් මේ පැත්තේ ගොඩ වෙන්න..

    උඹේ සුප්‍රසිද්ද "මධුමාධවී " රසය උපරිම ලෙස ගැබ්ව ඇත.

    ReplyDelete
    Replies
    1. උඹ එන්නෙ නැති අඩුව හොඳටම දැනෙනවා බං. මොකද මුල ඉඳං දිගටම අපි...
      එක යායේ කකා වැටී
      එකා වගේ එකට හිටී
      එක පවුලේ උපන් ලෙසේ
      කල බොග් රස්සා!

      Delete
    2. මට තව මාස පහක් විතර මෙහෙම බොහොම අමාරුවෙන් තමයි බ්ලෝග අදින්න වෙන්නේ. රස්සාවත් එක්ක තව කෝස් එහෙකුත් කරනවා. එකයි ඇත්තම සිද්දිය බ්ලෝග ස්ලෝ වෙන්න. මතකනේ ටික කාලෙකට කලින් මට වැනිෂ් වෙන්නම සිද්ද වුනා.

      Delete
    3. රස්සාවත් එක්ක පරස්තාවට අදාල කෝස් එකක් වෙන්ටැ...

      Delete
  27. මන් එනකොට පෙරහැර ඉවරයි වගේ... කියන්න ඕනෙ ඔක්කොම උඩින් කියලනේ... පට්ට.....

    ReplyDelete
    Replies
    1. අපායට ගියත් කලිං යන්න කියන්නෙ ඕකනෙ මහත්තයෝ.

      Delete
  28. Replies
    1. ස්තුතියි අජිත් අයියා!
      අනේ ඉතිං ඔයත් මොනව හරි කියන්නකෝ.

      Delete
    2. අලේ මල්ලල්ලෙ ලෑ. කෝප'ෆීල්ඩ් ලා කීයක් නම් හැදුවද ..
      ආ ලෙලුම් යාය ලෙල්ල ගල්ලට ගොලාක් ස්තුතියි.

      Delete
    3. හීහ් හී...හූහ් හූ...
      ඒවා ඉතිං කළගුණ සැලකීම්

      Delete