2015-05-08

ටැක්සි රියදුරා




දිනක් රැයක මගියෙක් දුර ගමනක් යන්න
කුලී රියකටයි ගොඩවුනෙ විමසා  ගණන
රියදුරු හා මගියට නැත කිසිත්   කියන්න
පැයක් පමණ සද්ද නැතිව ගියාලු දෙදෙන


මේ අතරේ ගමනාන්තෙටත් ලං වෙන්නේ
මගියා රියදුරු හට තට්ටුවක්     දමන්නේ
රියදුරු තැන කෑ ගහමින් කළබල වන්නේ
වාහනයත් කළබලේට පාරෙන්   පැන්නේ

තව පොඩ්ඩෙන් මේක ගිහිං ගහක ඇනෙනවා
තමුසෙ මේකෙ ඇතුලෙ ඉඳන් පිස්සු නටනවා
රියදුරු තැන කෝපෙන් මේ ලෙසින් බනිනවා
සිද්ද වෙච්චි වරද කිමද මගිය         සිතනවා

අනේ සමාවෙන්න මෙමට හිතල කලේ නෑ
තට්ටුකලොත් ඔබ කලබල වේවි හිතුවෙ නෑ
ගමනාන්තෙ ලං වුනු බව ඔබ දන්නේ    නෑ
ඒක නිසයි තට්ටු කලේ මගෙ වරදක්    නෑ

රියදුරාද සන්සුන් වී සිනහා          පෑවා
සමාවෙන්න මටත් ඔබේ වරදක්   නැතුවා
අවුරදු විසිපහක් මෙමා හර්ස්    එලෙව්වා
ඉස්සෙල්ලම අදම තමා ටැක්සි  එලෙව්වා



(ලොකු දෙයක් නෙමේ, සති අන්තෙට පොඩ් මෙව්වා එකක්!)

60 comments:

  1. ඒක නම් එල හොදේ....

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක දාලා විනාඩි 25 ක් යනකොට දාපු මේ කොමෙන්ටුව මටනම් රටක් වටිනවා නිමෝ! අනේ හැමදාම වරෙන් වස්තුවෙ.

      Delete
  2. මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සුරයා
    කවුද මිත්‍රයා මේ මම නොදන්න කොළඹ හාදයා
    මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා
    මේ මම නොදන්න කවුද මිත්‍රයා

    (ඇම් එස් )

    ReplyDelete
    Replies
    1. මම හර්ස් කාරයා මිනී ගෙනයන්නට පුරුදුකාරයා
      අවුරදු විසිපහක් මෙමා හර්ස් එලෙව්වා
      මම හර්ස් කාරයා මම බය නැති මිනිහා
      එත් තට්ටු කලත් බයයි මිත්‍රයා

      (මට හිකුනා උඹ ඕක දායි කියලා)

      Delete
    2. # මට හිකුනා # ඈ යකෝ....

      Delete
  3. අර අමු හෙලුවෙන් ටැක්සියකට නැගපු කෙල්ලගෙ කතාවත් ලියපං.

    ReplyDelete
    Replies
    1. ගාස්තු ගෙවන විදිහ පෙන්නන්න දිග ඇරපු එකද හැලපයියේ?

      Delete
    2. චී චී චී... මේගොල්ලො හරිම නරකයි..
      (හොඳ හොඳ දේවල් හිතේ හංගගෙන ඉන්න නිසා.. :P )

      Delete
    3. දාන්න ඒවා දැන් අපේ මචංස්ලාම යෝජනා කරනවා.
      ගැටගහගැනිල්ල තමා මචං පුරස්නෙ.

      Delete
  4. යේක කියවනකොට ඉතෙන්නෙ නිකං අපිලාගෙ මුනියෙක් කවිය ලීවා කීලා..
    ජෙයම තමා වේවා..!!

    ReplyDelete
    Replies
    1. එවැනි අදහසක් පෙනුනද පද ගැලපීම සඳහා පමණක් එය යොදාගත් බව කාරුණිකව සලකනු මැන ගස් ලබ්බානනි.

      Delete
  5. අනිච්චා වතසන්කාරා කිව්වලු...

    අරූ හොඳටම බයවෙන්න ඇති ..පවු බන්...

    ReplyDelete
    Replies
    1. ඇයි බං අවුරුදු විසි පහක් එකෙක්වත් තට්ටු නොකර ඉඳලා...එකපාරටම!

      Delete
  6. "හිතේ හයිය තිබුණ වගේ 'හර්ස්'......... එලෙව්වා
    අනේ අය්යෙ වෙනද වගේ හිතත් ....හෙලෙව්වා
    රතේ එක්ක දිවිය මගේ මෙහෙම...... ගෙවව්වා
    සතේ මක්ක වෙයිද සහෝ යන්න "..... කියව්වා

    ReplyDelete
    Replies
    1. රතේ මිනී ඇද ඇද මං දිවියම ගෙව්වා
      අතේ රස්නෙ තිබුණු හින්ද බය නම් නැතුවා

      Delete
  7. මේ ඉස්ටයිල් එකට වඩා උඹේ අනිත් ඉට්ටැයිල් එකට මම මනාපයි...

    ReplyDelete
    Replies
    1. පේලි දෙකේ ඉට්ටැයිල් එකද? වෙනසකටත් එක්ක බැලුවෙ. උඹලා කියනවානං... හරි හරි ඉතිං...

      Delete
    2. ඒක තමයි උඹේ අනන්‍යතාවය...

      Delete
    3. උඹ දෙයක් කියන්නේ නිකං නෙමේනෙ මාතෙ. ගරු කරනවා!

      Delete
  8. අම්මපා බැරි වෙලාවත් හර්ස් ඒකේ යන ඒකා තට්ටු කරලා බහිනවා කිව්වොත්....

    අා........... සින්ඩිය ඒල්ලා ගත්තාට ස්තූතියි මාධවියෝ...

    ReplyDelete
    Replies
    1. ඩැයිවර් අයියටත් හර්ස් එකේ පිටිපස්සෙ යන්න වැඩේ වෙයි.
      ඒවා ඉතිං අපේ යුතුකම්නෙ මස්සිනා.

      Delete
  9. පුරුද්ද කියන්නෙ ඕකනේ මදාවි...මම කී පාරක් ගිහින් තියෙනවද පරන ඔෆිස් එකට අස් උනාට පස්සෙ වැරදිලා උදේම...තනියෙම හිනාවෙවී ආපහු අලුත් ඔෆිස් එකට යනවා මොනවාවත් නොවුනා වගේ....ලැජ්ජාවයි...

    ReplyDelete
    Replies
    1. ඇයි ගේ ලඟින් වෙන ගමනක් යද්දිත් පුරුද්දට ගෙදරට හරවන එක.

      Delete
  10. කයිය නම් හොඳයි. ඒ උනාට මම නම් බඩ පැලෙන්න හිනා වෙලා යන්න බොල ආවෙ. අනික මම මේක කියවද්දී හිතුවෙ අන්තිමේට හරි වලත්ත කතාවක් කියල ඇති කියල :P.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වලත්ත වෙන්න බෑනෙ මනා. ඉඳල හිටල සභ්‍ය දේවලුත් දානවා.

      Delete
  11. ඒක තමා කියන්නේ තමන්ට පුරුදු රස්සාව කරගෙන ඉන්න ඕනයි කියලා..

    ReplyDelete
    Replies
    1. //හැමදාම වලත්ත වෙන්න බෑනෙ මනා. ඉඳල හිටල සභ්‍ය දේවලුත් දානවා.//

      Delete
    2. දිනේෂ්, පව් අනේ! පැන්සොන් ගිහින් වෙන්ටැ..

      Delete
    3. මාධව, අන්න බලන්න තැනේ හැටියට ඇණේ.

      Delete
  12. එල එල!!! ******
    බස් එහෙක දසනායකයි,දිසානායකයි කියලා එවුන් දෙන්නෙක් ගමනක් යනවලු...දිසානායකගේ අත දසයගෙ ඇගේ වැදිලා දසය: මොකද මිනිහෝ හැප්පෙන්නේ ..පොට්ටද තමුසේ දැන්ගන්නවා මම දසනායක ,දිසානායක:"දැනගනින් මන් දිසානායක පරම්පරාවේ ...කොල්ලෙක් බලන්ඩ තිබුනා ගෑනියෙක්ගේ අතක් එහෙම වැදුනන්... දසය: අනේ පලඩෝ.. ... මේ වලිය ඇහුන ඩයිවර් බස් එකෙන් බැහලා ආවලු.."බැහපියව් වලි යන උන්!!දැනගනියව් මන් තමයි බස්නායක!!........."

    ReplyDelete
    Replies
    1. ඒ පාර බස් එක අස්සෙ යන වලිය දැකලා ගමේ පොරක් ඇවිත් ඩ්‍රයිවර්ට පාට් එක දානවලු. “ඇඩෝව්, කවුද ඩෝ අපේ ගමට ඇවිත් වලි දාගන්නෙ. ඇරං පලයව් තොපේ හුචක්කුව ගිනිතියන්ට කලිං...දැනගනිල්ලා, මම තමයි ගමනායක!!!“

      Delete
  13. ඔන්න ගෑනියෙක් පටෝගෙන ගියානම් ඔය යකා යන්නේ ඔය තට්ටුව කොයි වෙලාවේ වදියිද කියලා හිත හිතා.

    දවසක් මම බස් එකේ නින්ද ගිහින් ඉන්න වෙලාවක, මගේ ළඟ සීට් එකේ හිටිය නෝනා කෙනෙක්, මගේ කකුල එයාගේ අතින් අල්ලලා හොලවලා ඇහුවා, මේ කොයි හරියද කියලා. මම කිව්වා, මේ මගේ කලව හරිය කියලා. මෙන්න මේ නෝනා මට බනිනවා, මහා වනචර මිනිහෙක් කියලා. ඇයි යකෝ ඇත්ත කියන එක වනචරකමක්ද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්
      තව කොල්ලෙක්ගෙ අතේ තිබුණු රු.2 වැටුනලු කර පළල් හැට්ටයක් ඇඳං හිටපු අක්ක කෙනෙක්ගෙ .... මැදට. මූ ඇඟිලි දෙකක් දාලා ගන්න හදන කොට “මොකද ඕයි!“ කියලා ඇහුවලු. “ මේ මේ දෙකක්...“ කියනකොටම අක්කා කියනවලු “ඔව් දෙකක් තියෙනවා තමයි. තමුසෙ උස්සගෙන ඉන්නවද?“ කියලා.

      Delete
    2. නෝටි වෙන එකෙත් සීමාවක් තියෙනවා කියන්නෙ ඔන්න ඕකට තමයි...බොරු නම් පත්තරේගෙන් අහන්න..ඌට ඔය වගේ වැඩ හරියට වෙනවා....කොන්ඩේ හයිලයිට් දාලා නිසා....

      Delete
    3. කොන්ඩෙ හයිලයිට්? එතකොට මොකද ගෑනු අය බනින්නෙ?

      Delete
    4. පත්තරේගේ කොන්ඩෙන් උඔට වෙනම බොලග් එකක් ලියන්ක පුලුවන්

      Delete
    5. මාලිංග ඉට්ටැයිල්ද?

      Delete
    6. පෝෂ් කෙල්ලෙක් ඉයර් පොන් දෙකකුත් කනේ ගහගෙන බස් එකේ අනිත් සිට් එකේ අංකල්ගෙන් ඇහැව්වලු..
      “අංකල් කොහෙද?“
      මම නුවර
      ආ..නුවර ..නුවර ඈ..නුවර කොහෙද?
      මම පේරාදෙනියේ..
      ආ..ආ..පේරා..පේරාදෙනියේ කොහෙද?
      පැනිදෙනියේ හරියේ දුවේ..
      වට් නොන්සන් ...පැනි...හනි..පැනි..ආ..පැනිදෙනියේ කොහෙද?
      ඊට ටිකක් එහා එඔුව..එබුව දන්නවද?
      හයියෝ අංකල් නොන්නසන් මම දන්නෙ නැද්ද එබුව? ඉතිං අංකල් එබුවේ කොහෙද?
      එබුවේදේ? එබුවේ උඔලාගේ ###ගේ ##තේ.

      Delete
    7. හෙහ් හෙහ්...
      ෆ්‍රෙෂෙක්ගෙන් ප්‍රොෆා ඇහුවලු “ගම කොහෙද?“ කියලා.
      කොල්ලා කිව්වාලු “බිබිලෙ“ කියලා.
      “බිබිලෙ කොයි හරියෙද?“ ඇහුවලු.
      “බිබිලෙ ටවුමෙමයි සර්“ කිව්වලු.
      ප්‍රොෆා උගුරෙන් වගේ ඇහුවලු,
      “බිබිලෙ කොහෙද ඕයි ටවුමක්?.

      Delete
    8. හැක් හැක්.... මදුවගේ එකට රිංගන්නේ මෙව්වගේ සංවාද බලන්නත් එක්ක.. එල එල...

      Delete
    9. මෙතන තව සංවාද අඩුයි බං...සමහර එව්වයෙ හැටියට.

      Delete
  14. ඒ අවුරැදු 25ටම එකම පාරිබෝගික පැමිනිල්ලක්වත් නෑලු.
    end customer complain

    ReplyDelete
    Replies
    1. කතාකරන්න ඇහැකිනං ‍කනේ ඇඟිලි ගහගන්න තමා වෙන්නෙ. තොපිත් වරෙව්කො ඒ පැත්තෙ කියල ඉන්නව ඇති කට්ටිය.

      Delete
    2. සජ්ජි කියනකං දන්නෑ...
      සුභ උපන් දිනයක් මෙන්ඩා!
      ආයු රක්ඛංතු ආවඩා!

      Delete
  15. ත්‍රීවීල් එළවල තමා හර්ස් එකට යන්නෙ. මේකෙ වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත

    ReplyDelete
    Replies
    1. ත්‍රී වීල් එළවන අය ගැනනම් ඕන්නෑ. එක ලෙචෙක්ගෙ වාහනේ දවසක් හයි ස්පීඩ් ආව ත්‍රීවීල් කාරයෙක් ඇණලා. “මොකද“ කියලා ඇහුවම කීවලු “වෙලාව ඉතුරු කරගන්න හයියෙන් ආවා“ කියලා. “තමුසෙ පොඩිකාලෙ ඉඳං ඔහොම වෙලාව ඉතුරු කරගත්තනං අද ප්‍රොෆෙසර් කෙනෙක්නෙ“ කිව්වලු අපේ පොර.

      Delete
  16. හැහ්....අරූ බය වෙච්ච එක සාධාරනයිනෙ බං...

    ReplyDelete
    Replies
    1. කවදාවත් කොරන තට්ටුවක්යැ?

      Delete
  17. හැක් හැක්... උඹේ ඉස්ටයිල් මරු කරලා තිබ්බට රහේ එකයි... ජයවේවා.. අර එළිසමේ රකින්න ගිහිං අන්තිමට ලබ්බා කිව්වා වගේ "යේක පොඩි වෙනෂ් ගෙතියක් ආවද මන්දා .. අඩෙයප්පා"

    ReplyDelete
    Replies
    1. එලිසමේ රකින්න ගියාම වෙලාවකට විලිසංගෙත් නැතිවෙනවනෙ සජ්ජා...

      Delete
  18. පව්,බං හර්ස් කාරයා.ඌට චු නොගියා මදැයි.

    ReplyDelete
    Replies
    1. එක පාරම තට්ටු කලාම (පිටිපස්සෙ පෙට්ටිය විතරක් ගෙනියපු එකාට)

      Delete
  19. Replies
    1. ආචාර්ය වීරකෝන්, සාදරයෙන් පිළගන්නවා මේ අඩවියට!

      Delete
  20. ඔහොම කාලයක් එළවලා ආයෙත් හර්ස් එළවන්න ලැබුණොත්?
    නිකමට ඇහුවෙ
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. වෙන මොනවද ඉතිං, මිනියත් එක්ක කතාකරකර යයි.

      Delete
  21. හි හි පව් අනේ ඩ්‍රයිවර්,, මේක ලියුවේ මධු නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි? අපිට සභ්‍ය සාහිත්‍යය ඇලජික්ද?
      (මධූ ආයි එන්නෙ පහේ ශිෂ්‍යත්වෙ ඉවරවෙලාම තමයි සුධූ)

      Delete
  22. /* ඉස්සෙල්ලම අදම තමා ටැක්සි එලෙව්වා */

    දෙමළ හෝ මුස්ලිම් මනුස්සයෙක් වයෙි මේ ඩ්‍රැයිවර්.
    ;-)

    ReplyDelete
    Replies
    1. පද ගැලපීමත් එක්ක වුණු හුටපටයක්. තියෙන්න ඇරිය ඔන්නොහෙ.

      Delete