2015-06-08

එලුවා

යාලුවො දෙන්නෙක් හවසක - ගමනක් යන අතරතුරේ
කැලෑ පෙදෙසකදි සිය රිය නවතා තබලා

පොඩි අඩියක් ගහන්නනම් - මේ හරියේ හොඳයි වගේ
කියා මහ මගින් තරමක් ඇතුලට ඇදුනා


ටිකක් කැලේ මැදට ගිහින් - බෝතලයක් හිස් කෙරුවා
අඩ අඳුරේ බමන මතේ - යන්න සැරසුනා

එක මිතුරෙක් දකී එවිට - ළඟම තිබුණු පාලු ලිඳක්
කුතුහලයෙන් ඇවිස්සිලා - එබිලා බැලුවා

වතුරත් නෑ පතුලක් නෑ - අන්ධකාර අගාධයක්
ගලක් දමා ගැඹුර බලමු යෝජනා කලා

තරමක් පොඩි ගලක් දැමී - කිසිම සද්දයක් නැත්තේ
ලොකු ගලකුත් අත ඇරියා - ඒත් එහෙමමයි

එවිටම දෙදෙනා දැක්කා - ඊට ටිකක් දුරින් වෙන්න
හිටවාලා තියෙනා බව - සිල්බර කොටයක්

දෙන්න එක්ක වෙහෙස වෙලා - කොටය ගලවලා අරගෙන
අමාරුවෙන් ළිඳ ගාවට ඇදගෙන ආවා

අතහැරියා ලිඳ අස්සට - ඒත් නෑනෙ සද්ද බද්ද
මේක වැඩක් නෑ කියලා යන්න සැරසුනා

ආපසු හැරුණා විතරයි - එලුවෙක් එනවා දුවගෙන
මේ දෙන්නට අනින්නටයි - ඌ දිව එන්නේ

පණ බේරාගෙන දෙන්නා - පැන්නා පඳුරක් අස්සට
එවිට හරිම පුදුම දෙයක් සිදුවනු දැක්කා

වේගෙන් දිව ආ එලුවා - මිනිසුන් දෙසවත් නොබලා
කෙලින්ම අර ලිඳ ඇතුලට සැනෙකින් පැන්නා

මේක හරිම පුදුම දෙයක් - එළුවෙක් පණනහගන්නව
පළමු වතාවටයි දුටුවෙ - ජීවිතේටම...

මිතුරන් දෙන්නා පුදුමෙන් - උනුනුන් දෙස බලා ඉද්දි
කලබල පෙනුමෙන් මිනිහෙක් දුවගෙන ආවා

ඔහෙලා දෙන්නා දැක්කද - එලුවෙක් හෙම මේ පැත්තේ
මිනිසා මිතුරන් අමතා විමසා සිටියා

ඒක තමා හරි පුදුමයි - එලුවෙක් ආවා මේ දැන් 
ආන්න අර ලිඳ ඇතුලට ඌ පැන්නානේ

එහෙනං ඒ වෙන එලුවෙක් - මගේ එකා වෙන්න බෑනෙ
සිල්බර කොටයක මං ඌ බැඳලයි තිබුනේ




ඇන්ටිසිපේටඩ් කොමෙන්ට්ස්

මාතා- ෆ්රයිඩ් මටන් කියන්නෙ මගේ ෆේවරිට්ම එකක්, හැබැයි නැට්ට කොටා වගේ නෑ
ඔමා - ඇති යාන්තං, අපි (පොඩි ලමයි) ට හරියන පෝස්ට් එකක්
මෙන්ඩා - එලු ද බ්‍රා...ෆෝ කප් එකක් හරියයි නේද බං එළුවට?
රාජ් - මරු!
කල්‍යාණ මිත්‍ර - අඩේ කවුද බං අනික් බේබද්දා?
ඉවාන් - අදත් වල් එකක්ම ඇති කියලා නෑවිත් ඉන්න හැදුවෙ (මේ... අරවා නැද්ද බං?)
ෂෙෆාකි - මොකටද මචං බොන්න කැලේ යන්නෙ? රත්නපුර පැත්තෙ ඔය හොඳ හෝටල් තියෙන්නෙ.
ලොකුපුතා- අඩේ එතකොට උඹ කොහොමද බං ලිඳෙන් ගොඩට ආවෙ? 
රූපෙ - අඩේ පට්ටයි බං...
වර්ණ කුලකය- ජයවේ රස සරණි!
හැලපකඩේ - යකෝ මරු බං මදාවියෝ
සින්දු ඇනෝ - හික්ස්, උඹ හින්දා පාරෙ යන එලුවෙක් දැක්කත් හිනා යනවා බං..
සජ්ජා - උඹට මතකද ගෝනි එලුවා?
දිනේෂ් (වර්ණ) - දැන් මේ සිල්බර කොටේට බැන්ද එලුවමද වැටුනෙ ලිඳට?
මලියා - එළු_මස්_නැද්ද_දන්නෑ_නේද?
Fernando Surendra - අර දෙන්නා බයිට් නැතිව බිව්වෙ අපරාදෙ එළුව එන්න කලිං.
අජිත් ධර්ම - මෙන්න මදාවියෝ 3+ ත්‍රී ප්ලස් එකට දැම්මා. http://nelumyaya.com/2015/06/
කුරුටු - එලුවා එලොවට ගියාලු - හිමිකරුවා නඩු ගියාලු - කොටන් ඇද්ද කොල්ලො දෙන්න හිරේ ගියාලූ
මහේෂ් ෂාමින් - අනේ මන්දා එලුවා පස්සෙ ගිහිං මං නරක් වෙයිද මන්දා
මනෝෂ් (සඳුමල්) - එලුවොත් ඉන්නවා මෙහෙම පණ නහගන්න එලුවොනං දැක්කෙ නෑ මාධවියේ
අටම්පහුර- උඹටත් පනින්නනෙ තිබුනෙ ගැඹුර බලන්නත් එක්ක?
සඳරු- එලුවා පැන්නේලු ලිඳ තුලපතුල නොදත් - මෙහෙමත් මෝඩ එලුවෝනම් වේද තවත්
මධ්‍යස්ථ මථධාරියා - මේක වෙන්න තිබුනේ මෙහෙමයි. එලුවා එනකොටම මිතුරෝ දෙන්නා පැනලා කඹේ අල්ල ගන්නවා. තුන්දෙනාම ලිඳේ...
ශණි शनि - කවි ටික ගැන නම් විශේෂ දෙයක් කියන්න නෑ. හැබැයි ඇන්ටිසිපේටඩ් කමෙන්ට්ස් ටික නම් සීයට සීයක්ම තාත්විකයි. (ඔය වැඩෙත් හැමෝටම බෑ)
මගේ කිචී - එළුවංට කිචි නැද්ද?
බස්සි - හිකේයියා... එලුවො පස්සෙ යන්න.....................?
තුශානි - හෆෝයි...චී... ඈක්ක... එලුවො...ඕක්...
උපේක්ෂා - මොකුත් කියන්න විදිහක් නෑ. මේසෙ කොන හපාගෙන ඉන්නෙ.
Priyanthi Hansamali - :P (XXX++++****)
මල්කොබා- අඩේ ඒ එලුව අල්ලගත්තනං ගොඩා...ක් එව්වා ඉෂ්ට කොරගන්න තිබ්බා බං...
කැමරාවෙන් එහා ලෝකය - පරණ කතා අලුත් ස්ටයිල් ... සුපිරි... 
දිල්ෂාන් - පට්ට යකෝ... පනින්න පෙර පොටෝ ගහන්න...
මැලේ - මෙහේනං එලුවන්ට ඔච්චර ලොකු අනං මනං නෑ...
කටුසු හදවත - මට සැකයි උඹද මේ එලුවා කියලා!
කෙන්ජි - එළුවොනම්...වැඩක්...නෑ... කෑල්ලක්...වත්... දුවං...ආවානං...කැලේ...මැද්දෙං...
Manoj Fernando - හොඳ එළුවෙක් ඈ.
මනාගෙ පින්තාරුව - පට්ට... මං ඔය එළුවා ගැන සිංදුවක් හදනවා.
වැව් ඉස්මත්ත - පට්ට බං.. අසරණ එලුවා පව්...
ගස් ලබ්බ - එළු ලබ්බ!
නිමෝ - මට එන්න වෙන්නෑ අද හෙට. තව මාසෙකිං එන්නං.
කම්මල - අඩේ, ජෙප්පොත් ඔය එලුවා පස්සෙ නේද දුවන්නෙ?
ඩ්‍රැකී - අපේ බාප්පා ලඟ හිටියා මාර ධනාත්මක එළුවෙක්. ඌ කෑගහන්නෙ ‘හා...හා...‘ කියලා
මහේෂ් රත්නායක - පට්ට පට පට....මදාවියෝ උඹත් එළුවාත් යෙහෙන් වැජඹේවා!
ඉන්ද්‍රජිත් - වටිනා එළුවෙක්!
හීලෑ නැති එකා - එළුවත් මං වගේ හීලෑ නෑ.
රණා.... - නියමායි.............................................................
විභීෂණ- අන්න එලුවො!
රසික - මෙන්න එලුවො http://rasikalogy.blogspot.com/^%*&^$&*^#(*&$^*$
මාධව කුලසූරිය- අපගේ හෙල ඉතිහාසය ගත් කල මෙන්ම, ලෝකයේද පලමු වරට එලුවන් ඇතිකරඇත්තේ රාවන රජතුමාය.
විචාරක- ඒයි, මං ලිඳකට වැටුනා කියලා තෝ මොකද කවි ලියන්නේ? අහුවෙයකො මට.

(කාව හරි අමතක වුණානං කියංටෝ...)


142 comments:

  1. යකො මගෙ කොමෙන්ට් එක කලින්ම දාලනෙ... මං මේ බැලුවෙ කොමෙන්ට් ටිකත් එළුවා එක්කම පැනලද කියලා... කවි ටිකටත් වඩා ඒ ටික සුපිරි...

    ReplyDelete
    Replies
    1. හොරාට කලින් කෙසෙල්කැන වැට පැනීම.
      ස්තුතියි! එක එක විකාර කරන්න හිතෙනවා හිටි ගමං.

      Delete
  2. ඇන්ටිසිපේටඩ් කොමෙන්ට්ස් (කාව හරි අමතක වුණානං කියංටෝ...) ඇයි බොල තෝ නමැති එළුවා.

    යකෝ මං මාතයට කිව්වා මේ වැඩේ පබිලික් වෙයි ඊට කලින් මෙතනින් ෂේප් වෙමු කියලා. කොහෙද ලිඳක් දැක්කොත් ඕකට පතුල බලන්නමනේ ඕනෙකම.

    ReplyDelete
    Replies
    1. ආ...මේ ළිඳ ඇතුලෙම ඉඳං කමෙන්ට් දාන්නෙ.
      මාතයට පුංචි ලිඳේ වතුර රසයිනොවැ. ඒකයි පතුලම බලනකං නින්ද යන්නැත්තෙ.

      Delete
  3. අයිසෙ මෑඩ් බොයි,
    එතකොට එලුවගෙ ඇටේ වැටෙනකල් පස්සෙන් ආපු උන්ට මොකෑ වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අයිසෙ බෑඩ් බෝයි,
      උන්ටත් අර වළටම පනින්න තමා වෙන්නෙ ඉතිං. උන්ගෙ ඒවා වැටෙනකං පස්සෙං ගිය උන්ට තමා ප්‍රශ්නෙ...

      Delete
    2. මද්දෝ
      උඔගේ උත්තර දිමේ කලාව නම් එල ද බ්‍රා

      Delete
    3. අනේ නෑ බං... පෝස්ට් එකක් ලියනවා විතර වෙලාව අරං කරන දෙයක් නෙමේනෙ රිප්ලයි දැමිල්ල. මටම අනන්ත හිතෙනවා මොන ගොං උත්තරයක්ද දුන්නෙ කියලා.

      Delete
  4. මේ වැඩෙත් ලේසියි....

    උඹම දාපං මචෝ කොමෙන්ට් එකත්... ඇඩ්මින් කම දන් දෙඤ්ඤං....

    මටන් ගිනි ගනන් බං..... හැබයි ඉතින් ටං ටාං ගාන්නත් පට්ටෙටම තිබුනා මචෝ....

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... වෙනසකටත් එක්කයි බං දැම්මෙ.
      ටං ටං එකකුත් නැවත සෙට් කරගන්න ඕනි. උඹ රැඳී ඉන්නව නේද?

      Delete
    2. ටං ටාං ලුනු ටිකාක් වෙන්න වැඩි උනාට VX දෙකක්ද කොහෙද සිල්පරකොටේ එක්ක වැටුන එලුවා වගේ අහාද තුනකට වැටුනා නේ.. සොරි සොරි මාලේ බෙල්ලෙත් වග කිව්වනේ..හතරයි...

      Delete
    3. @මදාවි...සප් එක දීලා ඌ රඳෝ ගනින් මචෝ....හෙටත් මං එනවා...

      Delete
    4. //මාලේ බෙල්ලෙත් වග කිව්වනේ//
      ඌ ටං ටං ගෑවා විතරනෙ කොලේ. කතා කොරන්නෙත් නෑ හරියකට.
      ලුණු කේස් එකනං මට වෙනවමයි. හපේ ගහලද කොහෙද දිවට ලුණු රහ දැනෙන්නෙ ලේවායක් විතර හොද්දට අතඇරියම තමා.

      Delete
    5. සප් එක දුන්නෑකි. ඒකට ප්ලෑනක් ඕනි මචෝ. ටං ටං පාරකුත් අරං එන්නද, නැත්තං කොක් කොක් ගාන්නා යාම් එකක් දාගෙන එන්නද?

      Delete
    6. //හපේ ගහලද කොහෙද දිවට ලුණු රහ දැනෙන්නෙ ලේවායක් විතර හොද්දට අතඇරියම තමා.//+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. ලුණු රහ කොහොම වෙතත් ඒකනං සින්දුවට ‘දැනිල‘ තියෙනවා.

      Delete
    8. හැක් හැක් ......තමන් වගේ තව එකෙක් දැක්කම වාවන්නේ නැ ආයුබෝන් ...

      Delete
    9. ඒ ගැන අප්‍රමාණ සංතෝසයි ආයිබෝං...

      Delete
    10. මේ ගොල්ලන් සෙට් වෙලා ගසලා.. තෝ ගෙරි මදාවියා අපිට පොඩ්ඩක් කියන්න හොඳ නෑ නේද? යකෝ මාත් ඔතනින් නිතර දෙවේලේ යන එකා වෙච්චි.. උඹල ගැන සමන් දෙයියොම බලා ගන්නෝනෙ.. ඒ මදිවට මෙතන එනව බයිට් ගැනයි අරවයි මෙව්වයි ගැන ඔජ වඩන්න.. නොදෝමකින් තොපි. මේක කලින් දැක්කනම් අර පහලින් දාපු කොමෙන්ටෙක දාන්නෙත් නෑ අම්මප..

      Delete
    11. මට ඩේට් ඇන්ඩ් වෙනියු දෙන්න බෑ ඩාලිං. ඒවා සේරම මාතෙගෙන් හරි ෂෙෆාකිගෙං හරි ඉවානයගෙං හරි ගනිං. ඇනි ටයිම් අයෑම් රෙඩි.
      (බ්‍රහ්ම කෙළියක්නෙ යකෝ මේක)

      Delete
    12. එව්ව අදාල නෑ.. ඔය පාටි වලට ගෑවිච්චි ගෑවිච්චි එකාට බඩ යන්න ඕනි.. ඔය නෝටි පිග්ල එහෙම අපිත් ආසයි බලා කියා ගන්න.. හැක්.

      Delete
    13. ඉවානයා පේන්න නැත්තේ තොපි ටික එකතුවෙලා නෝටි පිග් කියලා ඒකව බයිට් එකට ගත්තද ?????

      Delete
    14. කළණ,
      යකෝ කියනකොටත් බඩ කුරු කුරු ගානවා. අනේ මගේ තෝ!
      නෝ නෝටි පිග්ස් සනා බට් ටං ටං

      Delete
    15. සින්දුවා,
      ඉවානයා බයිට් එකටනං වගකියනවා කිසි අඩුවක් නැතිව.

      Delete
    16. //නෝ නෝටි පිග්ස් සනා බට් ටං ටං// කියනකොටත් බඩ ටං ටං යකෝ.. අමුවෙම්මද වේලපුවද.. තොපිටනම් හොඳක් වෙන්නෑ.. මං එන්න දවසක් කියාපියව්කෝ..

      Delete
    17. අමුවා බං...අමුවා... හිටිංකො පොඩ්ඩක්. සෙට් වෙන්න කලිං ඒවා රැස්කරගන්නත් එපැයි.

      Delete
  5. පට්ට බං.. අසරණ එලුවා පව්...

    ඔන්න මධුගෙ එකම දැම්ම නැත්තං හරි නෑනේ

    ReplyDelete
    Replies
    1. අලේ එහෙමමත් කරල්ල එපා.

      Delete
  6. හෙක්..හෙක් අපිට වැඩේ ලේසි කරල. ජෙප්පො මේ ලගදි එළුවගෙ එක කියල රැවටිලා වෙන එකක් අහුලගෙන උඩ දදා හිටිය.

    ReplyDelete
    Replies
    1. සාමාන්නියෙං දාන විදිහට තමා ලැයිස්තුව හැදුවෙ. මොනා උනත් අපේ උන් හොඳයි බං. මොනා හරි කියන්න දෙයක් තියෙනවා හැමෝටම.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මොකටද මචං බොන්න කැලේ යන්නේ? රත්නපුර පැත්තේ ඔය හොඳ හෝටල් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ටං ටං ලා ඉන්නෙ කැලේනෙ මස්සිනා.

      Delete
  9. Replies
    1. ඒකම දැම්මා නේද හොර ගෙඩියා.

      Delete
  10. පට්ට යකෝ... පනින්න පෙර පොටෝ ගහන්න...

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකත් පොටෝ ගහගෙන ඇවිත් දැම්මා නේද මෙතන? හොලා!

      Delete
  11. එල ද බ්‍රා..
    Sample room එකට කියලා ෆෝ කප් බ්‍රා එකක් ඩිසයින් කරන්න ඔනේ...
    උඔ නම් යකෙක් බං..
    අර කයිය කලින් අහලා තියනවා කියලා බැනලා කමෙන්ටුවක් කොටනවා කියලා හිතා ගත්තෙ කියවන්න පටන් ගන්නකොටමයි ඒත් අර කමෙන්ට්ස් වැඩේ නිසා මට උඔ ගැන හෙන ආඩම්බරයි..
    බ්ලොග් ලෝකය තුල උඔලා මාව මේ විදිහට අගය කරන එක ගැන මට නිහතමානිව සතුටු වෙනවා බං..ගහමු බෝතලයක්
    බ්‍රෑන්ඩ් එක ගල්
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩෝ ...
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. ඔය කයිය අහලා තියෙනවා? වෙන්ඩ බ්‍රා...
      කතාව අහලා ඇති සමහරවිට.

      හොඳට බලාපං...මම දැම්මෙ ‘එළු ද බ්‍රා‘ කියලා.

      Delete
    3. සින්දුවා,
      තොපි ඔක්කොම ගල් ගල් කියකියා බලකායවල් හැදුවට, ගල් දැක්කම ඕක් ගානවා කියලායි මං නං හිතන්නෙ.

      Delete
    4. අපේ බලකායේ කිර්ති නාමය වනසන්න ඉතාලි කුමන්ත්‍රනයක් දියත් උනා බන් ...මෙන්ඩා ගල් අර වෙන ජාති එපා කියද්දී මරණ තර්ජන කරලා බලෙන් ම තමයි වෙන ජරාව පොවලා තියෙන්නේ ...බොරුනම් මෙන්ඩගෙන් අහපන් ...(මේ පාර අවුරුද්දට ගමේ ගියාම හිතේ හැටියට ගල් ගැසූ බව සතුටින් දැනුම් දෙමි .ඒ සමගම කිතුල් රා ද මදි පාඩුවට තිබුණි ...)

      Delete
    5. එහෙනං පත්තරයගෙ කුමන්තරණයක්ම විය යුතුය.
      කිතුල් රා ඉස්සරනම් මගෙත් ෆේවරිට් එකක්. දැන් බෑ බං...සෙම.

      Delete
    6. මධුව
      මම දැක්කා උඔ එල කෑල්ල වෙනස් කරලා.

      සින්දු ඇනෝ
      මමත් අවුරැද්දට ගල් ගැහැව්වා බල්ලට මචං කියන්න.

      පත්තරයා කියන්නෙ හක්කෙ එකක් නැති බොක්කෙ එකක් නැති මිනිහෙක්..පත්තරි ගැනත් නොකියාම බැහැ...ඒ කෙල්ලගෙ නිහතමානි හිතවත්කම රෙස්පා...
      එල ද බ්‍රා ඡොඩුව

      Delete
    7. මෙන්ඩා,
      පත්තරී? මලහත්තිලව්වයි මහ රජාණනී,
      පත්තරයාණනි, මේ වදන් ඇස/කණ ගැටෙන මානයක සිටීනම්, එළු බ්‍රා මෙන්ඩාගෙන් ඔබ සතු වත්කම් රැකගනු මැනවි.

      Delete
    8. යකෝ නරියෝ ඒ මගේ නංගා

      Delete
    9. හරි හරි ඉතිං නංගා කියමුකො. (විහිළු කරන්නත් බයයි, ඇත්තටම මුගෙ නංගිද දන්නෑ)

      Delete
  12. හික්ස්, උඹ හින්දා පාරෙ යන එලුවෙක් දැක්කත් හිනා යනවා බං..

    ReplyDelete
    Replies
    1. "කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරු වෙන්ට
      වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
      උඹද මිතුරෙ හතරගාතෙ චණ්ඩිය කියමින් මෙතෙන්ට
      දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට"

      ම‍ධු‍ර‍ ජ‍ව‍නි‍කා‍ (ද‍යා‍නන්ද ගු‍ණ‍ව‍ර්ධ‍න‍)

      Delete
    2. තෝත් ඒකම දැම්මා නේද? ආ නෑ... ආවේනික කෑල්ලත් පස්සෙ දාලා තියෙන්නෙ.
      මචෝ, මම ආසම එකක් තමා ඔය මධුර ජවනිකා.
      උඹට මතකද මන්දා බජට් සුරල් එකක් අපි මුලදිම දැම්මා ඔය නෙයිනගෙ සූදුව තනුවටම. පස්සෙ ඒක මැකුවා බං මේ හැම රෙද්දටම ඔලුව ඔබන ..........ලා හින්දා (බ්ලොග් කාරයෝ නෙමේ)

      Delete
    3. සින්දුවෝ කොහෙමද බං ඔය නම් ගම් එක්ක සිංදු ඔලුවට එන්නෙ..නිකන්ද මම කියන්නෙ උඔ යකෙක් කියලා..
      මල්ලි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. ඕකා ගිනොස් වාරිතාවක් තියනවා ගැලපෙන සිංදු හොයලා ඕං...

      Delete
  13. එළුවා උඹ නෙමෙයි කියලනම් දන්නවා.ඔය සෙක්සි පෝර්ක් වගේ එකෙක් හිටියනම් අනිවා උඹ තමයි...

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... අපි ගිය රෙස්ටෝරන්ට් එකක වේටරයෙක් දවසක් ඇහුවා බං වයිල්ඩ් පිග් තියෙනවා ඕනිද කියලා.

      Delete
    2. වනයේ සරන = වනචර

      Delete
    3. හරි හරි ඩෙවල් චිකන් තමයි ඒ වුනාට සතා මොකාද?

      Delete
    4. මූ චිකනෙක් ඇදගත්තා.
      මෙන්ඩා, උඹ කවදාවත් බ්ලොග් ලියංට එපා. උඹේ මේ අනභිබවනීය කමෙන්ට්ස් එදාට එන්නැතිවෙයි.

      Delete
    5. මෙන්ඩා, උඹ කවදාවත් බ්ලොග් ලියංට එපා//
      පිස්සුද මචං මම පිස්සෙත් එක්ක ඡිල් ගහන්නෙ නෑ

      Delete
    6. ඇයි ඒ? බෝල සෙල්ලම් උඹට හොඳට පුළුවන්නොවැ.

      Delete
    7. බෑ බං පිස්සෝ ඡිල් උස්සගෙන දුවනවා නැත්නම් කටේ දා ගන්නවා

      Delete
    8. ජිල් කියන්නෙ බෝල නෙමේ නේද?

      Delete
  14. ෆෝකාස්ට් කොමෙන්ට් ඒකෙ හැටියට මම දාන කොමෙන්ට් හරිම වල් වගේ. මදාවිය මගේ නම මල්කොබා වෙනුවට වල්කොබා කියලවත් දැකලද මන්ද ..

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්.... මල් වුනත් වල් වුනත් කොබානෙ බං.

      Delete
  15. එළුව වටිනවනෙ අයිතිකාරයට...

    ReplyDelete
    Replies
    1. එළුව වටිනව අපිටත්... කන බොන වෙලාවට.

      Delete
  16. තෝ කොපිරයිට් නීති රීති උල්ලංඝනය කරලා අපේ කමෙන්ට් හොරෙන් උස්සලා කලින්ම පල කරලා... :(
    දැන් ඉතින් මක්කැයි ලියන්නේ...

    අර ඇම්ඩ ගේ කතා සෙට් එකේ චීන දඬුවම් වගේ සිද්ධියක්නේ එළු මොටාට වෙලා තියෙන්නේ...
    අර මිනිහ යනකල් ඉඳල මටොන් ටික ගොඩ අරගෙන තව බෝතලයක් අරගෙන ඇවිත් බයිට් එක විදිහට මටොන් ටෙස්ටිකල් වල රහ බලන්න ඇති නේද මදාවියෝ... ;)

    ReplyDelete
    Replies
    1. මං දාන්න හැදුවෙ ‘අඩේ එළුවො මොක්කුද, මමනෙ ‘ලොකු‘ පුතා.
      කතා සේරම කළවං කරලා මික්ස්ඩ් නූඩ්ල්ස් එකක්නෙ උඹ හදලා තියෙන්නෙ.

      Delete
  17. යකඩෝ මගෙ කමෙන්ට් එක කලින් දාලනෙ.ඉතිං මම ලියන්නෙ පකද?(පක යනු කුණුහරුපයක් නොවේ.බන්දුල ගුණවර්ධන)

    ReplyDelete
    Replies
    1. බුජු අම්මෝ...මෙන්න හැලපයිය කුණුහරුප කියනෝ...

      Delete
  18. මට එන්න වෙන්නෑ අද හෙට. තව මාසෙකිං එන්නං.

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං කවද්ද වෙන වැඩක් කලේ?

      Delete
  19. මේ කමෙන්ට් ටික දාන්න බැරිද කමෙන්ට් ‍බොක්ස් එකේ ඩ්‍රොප් ඩවුන් ලිස්‍ට් එකකට? තෝරල පබ්ලිෂ් කරන්න විතරයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමහර කමෙන්ට්ස් එහෙමත් දාතැහැකි. ‘නියමයි‘, ‘එළ‘, ‘පට්ට‘ වගේ ඒවා.
      ඒ වුනාට රාජ් මෙතනට එන අයනං ගොඩක් විවිධ දේවල් ලියලා යනවා. මම නිකං දල අදහසක් විතරයි දැම්මෙ මෑතක කොමෙන්ට් ඉට්ටැයිල් එක බලලා.

      Delete
  20. කෝ මගෙ කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. ෂොරු වොන්ටෝනෑ...ඔන්න දැම්මා, පුළුවන්නං හොයංට.

      Delete
    2. නොදැම්මනං එහෙම, ලේ බොනවා බොගෙ... අප්පිරියාව පැත්තකින් තියලා.

      අපේ කමෙන්ට් බොලාම දාන එක හොඳා. කම්මැලි කමට කියවලා ගියෑකි, මොකුත් නොලියා.

      Delete
    3. හුහ්... කාගෙ එව්වද දන්නෑ පිරියාවෙන් බොන්නෙ?

      Delete
    4. කට...කට.... ඩ්‍රැකාල/ඩ්‍රැකීලා දේව ගණයේ නෙමේ. රාක්ෂ ගණයේ.

      Delete
  21. මේක මරු ඕයි..

    ReplyDelete
    Replies
    1. කයියද, කොමෙන්ටුද ඕයි?

      Delete
  22. අඩේ කවුද බං අනික් බේබද්දා?

    ReplyDelete
    Replies
    1. පළවෙනි බේබද්දාගෙ කල්‍යාණ මිත්‍රයෙක් තමා ඉතිං. උඹලට හෙන ඊසි නේද අද?

      Delete
    2. මම උඔට කිව්වා කමියෝ ඔය කැලෑ අස්සෙ රිංගලා බොන්න බෑ කියලා දැන් ඉතිං වස නව නින්ගිරාවයිනේ..අර වේස මධාවිය හැම තැනම නොන්ඩි කරලා.

      Delete
    3. මෙන්ඩා, තෝ නං....
      (අම්මපා මං තොට දිවි හිමියෙන් පොරොන්දු වෙනවා කවදා බොගේ ඔය කුකුල් කොටුවට ඇවිල්ලා පිහාටු සේරම ගලෝනවා, කිකිළියො සේරටම පේන්න. අද 2015 ජූනි 08 වෙනි සඳුදා...මතක තියාගං...)

      Delete
    4. එපා කියයි මගේ කෙල්ලෝ...සේරම ටික ගැලෙව්වොත්

      Delete
    5. පිහාටුයි රෝම ටිකයි සේරම?

      Delete
  23. 2 නියට ආ මිනිසා '' එහෙනම් ඒ වෙන හරකෙක් - මගේ එකා වෙන්න බැනේ , ටෙලිපෝන් කණුවක මං ඌ බැඳලයි තිබුනේ

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම පොරත් මොනාහරි මොලේ මංඤං වෙන ජාතියක් ගහලා ඉන්ට ඇති.

      Delete
  24. අනේ පව් එළුවා තාම වැටෙනවා ඇති......
    ජයවේ මධුමාධවී.....!

    ReplyDelete
    Replies
    1. ඒකත් කියන්න බෑ ගැඹුරෙ හැටියටග
      ජය!

      Delete
  25. මම කමෙන්ට් කරන්නේ නැහැ.ඇයි යකෝ මගේ කමෙන්ට් එක මුලින්ම දාලා නොවැ.
    එළු මස් එක්ක රෝස් පාන් නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම කොරංට එපා ඉතිං. අලුත් දෙයක්නේ.
      එළු මස් හොඳ ඉස්ටුවක් දාලා..........පාං කංට

      Delete
    2. Google+ කමෙන්ට්ස් නැතිව අනික්වා දාන්න හදපංකො මචෝ උඹේ බ්ලොග් එක.

      Delete
  26. සෝචනීය තත්වයක් මචං
    උඹට නේ ඕම වුණේ
    ඩුකයි තමයි ඉතිං
    නාඩ හිටිං
    ;-) :-P :-D :-3

    ReplyDelete
    Replies
    1. ඉතාම ශෝචනීයයි! උඹව මට මගහැරීම. මෑත පෝස්ට් බරගානක් බලලා මේක දැම්මෙ. ඒත් උඹව මග ඇරුණා. උඹ හිටියෙ නැති නිසා ඒ අතරෙ. උඹ මුල ඉඳං ඉඳපු එකා වෙච්චි. අනේ සමාවෙයං මචෝ. සම්පූර්ණ වැරැද්ද මගේ. හැදුවා!

      Delete
  27. නැ නැ මදාවි අයියේ මම කොමෙන්ට් කරන්නේ ඔයගේ පොස්ට් එකෙ ස්ටෛල් එකෙන්

    ReplyDelete
    Replies
    1. ටේක් ඉට් ඊසී හීලෑ නැති මලයා.... මේවා මේ එහෙමම ගැඹුරු කේස් නෙමේ.

      Delete
  28. පට්ට... මං ඔය එළුවා ගැන සිංදුවක් හදනවා :P.
    ඒ විතරක් නෙමේ මම මේකට දෙන්නෙක් දාලා එළුවෙකුත් එක්ක ලිඳක් ළඟ මියුසික් වීඩියෝ එකක් කරනවා. තව එළුවෝ ගැන සිංදු එකතු කරලා සීඩී එකකුත් කරනවා . පස්සෙ පුළුවන් නෙ ප්‍රසංග කීපයක් තියන්න :D.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ‘ජාත්‍යන්තර එළු ප්‍රසංගයක්‘ එළු අත්තනගළු ක්‍රීඩාංගනයේ පවත්වන්න. වැඩද නැත්තෙ මනා...................

      Delete
    2. මියුසික් වීඩියෝ එකට මධුවා දාගනින්..
      ෂෝ එකෙ නටන්න මමයි මගේ කෙල්ලො ටිකයි එනවා..

      Delete
    3. මම මෙන්ඩව එල්ලගන්නවා ‘යටින්‘ වැනෙන්න.

      Delete
  29. කවි ටික ගැන නම් විශේෂ දෙයක් කියන්න නෑ. හැබැයි ඇන්ටිසිපේටඩ් කමෙන්ට්ස් ටික නම් සීයට සීයක්ම තාත්විකයි. (ඔය වැඩෙත් හැමෝටම බෑ)

    ReplyDelete
    Replies
    1. ඔන්න ශනී නිතර ලියන්නැතිවාම වෙන අලකලංචිය. සමාව ඉල්ලනවා අමතක වීම ගැන. ඔන්න දැම්මා රියල් ශනී කොමෙන්ටුවක්!

      Delete
  30. දුන්නද මන්ද හීන් සැරේ කනේ පාරක්. මං ඉතින් මූනුපොතේ ඉඳන් අර මරන්න අරන් යන එළුවා වගේ බ්ලොග් ලෝකයට ඇදන් ආවනේ තවම ඉතින් ඒ ගති ඇරගන්න බැරි වුණා

    ඔන්න මගේ කමෙන්ටුව " :D :D :D (Y) (Y) hikis honde එලස් මධූ

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ස්ටයිල් එක ටිකක් කොපි කලා විතරයි. ඔහොම යං...ඔයාගෙ අනන්‍යතාවය වෙනස් කරන්න එපා.

      Delete
  31. මූ අපිව උලා කාලනේ එළුවා වගේම හැක් හැක් - - - අම්මපා එළුවන්ට කිචි නැද්ද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. එළුවන්ට කිචි හොඳටම. ඒකනෙ බෑ බෑ ගාන්නෙ.

      Delete
    2. බෑ කියලා බෑ ... අර මැරැන එලදෙන නම් ඔහම බෑ කිව්වේ නෑ...

      Delete
    3. ඔය මෙන්ඩා කියන්නෙ මෙන්න මේ එලදෙන ගැන වෙන්න ඕනි.

      Delete
  32. ආ බොල දැන් උඹම ලියලා උඹම කමෙන්ට් ටික සජෙස්ට් කරනවද? ඒකත් මරු..

    ReplyDelete
    Replies
    1. ආයි මොකටද කට්ටිය මාන්සි කරවන්නෙ කියලා හිතුනා :ඩී

      Delete
  33. අපි වගේ උන්ව කොහෙද predict කරන්නේ.... හුහ්...

    ( හිත ඇතුලෙන් : මෙව්වට උත්තර දීල නිකන් මොකටද නහින්නේ...... )

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා මේ පැත්තේ අවාමයි නේද? සාදරයෙන් පිළිගන්නවා.
      ගෑල්ලමයි කීපදෙනෙක් අපි ලියන බහුබූත කියවලා සද්ද නැතිව යනවා ඉතිං. රැඳී හිටියොත් ඉඳහිට අපිත් වැදගත් කියන ඒවා දාන බව පෙනේවි. ඔය ප්‍රොෆයිල් අයිකන් එකේ ඉන්න කෙනාට පිස්සු වැටුනු දෙන්නෙක් අපේ ගෙදරත් ඉන්නවා.

      Delete
    2. ආවාමයි කිව්වට 'ආවාමයිමත්' නෙවෙයි... කොමෙන්ටුවක් දැම්මාමයි කිව්වා නම් හරි. කොමෙන්ටු දාන්නේ නැතයි කියන ටෝක් එක දීගෙන හිටියට දැම්මුනානේ! ( අර කොමෙන්ටු predict කරලා තියෙනවා දැක්කම ඉහිලුම් නැති උනා) සද්ද නැතුව යනවා කිව්වට ඉතින් එහෙම්මම නෙවෙයි, මේසේ කොන හපාගෙන , එක්කෝ ජනේලෙන් එළිය බලාගෙන තනියෙන් හිනාවීගෙන තමයි කෙලවර වෙන්නේ.

      ප්‍රොෆයිල් පින්තුරේ ඉන්න ඒකිට වහවැටිච්ච තව උන් දෙකක් ගැන ඇහුවමත් සන්තෝතයි... මොකද මමත් වහ වැටිලා ඉන්නේ. ඒක වෙනම කතන්දර පෙළක්!

      Delete
    3. සතුටුයි...සතුටුයි... ඇත්තටම අපේ අඩවියේ ගෑල්ලමයි අදහස් දක්වන්ට බයයි මේ පුරුසයො ටික අල්ලගෙන කයි කියලා. කමක් නෑ. ඇවිත් මොනාහරි දාන්න. මමත් ඒ පැත්තෙ එන්නං. (ඉස්සර ආවා...අනික් බ්ලොග් එක හිර වුනාට පස්සෙ මග ඇරුණා).
      http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_21.html

      Delete
    4. ඔෆිස් එකේ ඉදලා මුගේ ඒවා කියවන්න උපේක්ෂා..පිස්සුද? පිස්සුද හැටිද? තනියම හිනාවෙන්නෙ...කියලා අපුරැ ත්දැකිමක් මධුමාධවි වෙතින් පමනයි..

      Delete
    5. එම අනුග්‍රාහක දැන්වීමෙන් පසු නැවතත් සුපුරුදු වැඩසටහනට.
      (තැන්කුයි මෙන්ඩා... උඹලාට මම සෑහෙන්න ණයයි)

      Delete
    6. ණයට හරියන්න ගල් බෝතලයක් ගහමු

      Delete
    7. ආයත් ගලක් ගැන කියනවා. හප්!

      Delete
    8. එකක් කියන්නම් උපේක්ෂා පරිස්සමෙන් ඈ

      Delete
    9. අනේද කියන්නේ ඕමා..... කතාකරලා වැඩක් නැහැ. දැන් මේ ඇඩ් යන බෙල්ට් එකක් නිසා මගෙත් ඇඩ් දෙකක් තියෙනවා මෙතනම දාන්නම්..

      පලවෙනි එක : ඔමෝ.... කිඹුට්ස් කතාව කියෝලා මම ඒකෙන් ගත්ත කාරණයක් ගැන ලිපියක් ලිව්වා ( ඩේ කෙයාර් ගැන) පොඩ්ඩක් මෙතන කොටන්න
      දෙවැනි එක: මදාවි... සොරි මද-වි සොරි.... මා දැවී... චෙක්.. මට තාම කියවෙන්නේ නැහැනේ ... මම වයස 11දී විතර මෙහෙම සිද්ධියක් ගැන කවි ලියලා වෙච්ච දෙයක් ගැන ලිව්වා. දැක්කද? සම්පුර්ණයෙන්ම සිද්දිය මතක් උනේ මෙව්වා කියෝලා. මෙතන කොටන්න

      ඇඩ් දෙකම ඉවරයි. ෂල්ලි ෂල්ලි...!

      Delete
    10. ඔමා, අඩේ අපි දැන් ඕවා ගැන උනන්දු නෑ බං. ඔන්න නෝටි ෆෝටිනං සලකා බලන්න තිබ්බා. හැක්.

      Delete
    11. උපේක්ෂා, බොහෝම විස්කෝතුයි ඇඩ් එකට සහ අතුරු ඵලයට.

      Delete
    12. හරි උපේක්ෂා තෑන්ක්ස්

      Delete
  34. හෆෝයි...චී... ඈක්ක... එලුවො...ඕක්..

    ( හි..හි... ඔන්න හිතුව විදිහටම... )

    ReplyDelete
    Replies
    1. මං කිව්වෙ... මං කිව්වෙ... කොහොමද අපේ ප්‍රෙඩික්ෂන්ස්?

      Delete
  35. එළුමස් බිස්ටේක් දාන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මටන් බිරියානි හරියන්නැද්ද?
      වෙල්කම් එක්ස්-පෝටර්!

      Delete
  36. ඊයේ රෑ මේ කතාව පොඩ්ඩට කිව්වා ඌ හුස්ම ගන්න නැතුව හිනා වුනා..අපි දෙන්නා බැනුනුත් ඇහැව්වා නිදා ගන්නෙ නෑ කියලා..
    තවම මැවිලා පෙනෙනවා ඌ ඊයේ බඩ අල්ලගෙන උඩ පැන පැන දෙකට නැමි නැමි හිනා වුන හැටි..
    පොඩ්ඩාට කිව්වා මේ කතාව උඔගේ කියලා...

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩාවත් නරක් කොරනවා උඹ ඉඳගෙන. කවුද බං බැනුං අහපු දෙන්නා? සඳුවා බැන්නද? අම්මාපල්ල එච්චර හිනා යන මගුලක්ද මේක? හිනා යනවා මදිවෙයි කියලා තමා මම ඇන්ටිසිපේටඩ් කොමෙන්ට්ස් දැම්මෙ.

      Delete
  37. එළුවා සහ එලුවා අතර වෙනස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අහුවෙච්ච එක ගැහිල්ල!

      Delete
  38. මොන ලබ්බක්ද මේක..අපි දැන් කොමෙන්ට් කොරන්නෙ ලබ්බද?
    එළු ලබ්බ...
    ජයවේවා..!!
    (මට නම් හිනාගියේ අර ධනාත්මක එළුවා හා..හා.. කියල කෑ ගහන එකට ඔන්න... හෙහ් හේ..)

    ReplyDelete
    Replies
    1. මොන ලබ්බක්ද මන්දා...හැක්
      (ඒවා මේ ඩ්‍රැකියලාගෙ අපේ වැඩ තමා ඉතිං...)

      Delete
  39. අඩෝ ඕමා ආවා ඈ එකෙන්ම මගේ කමෙන්ට් එක මධුවා දාලා . (අවුරුද්දක් බ්ලොග් කියවන්න නාවත් මේකේ මග ඇරිච්ච ඔක්කොම කියෝනවා.. හැබැයි අපි වගේ පොඩි උන්ටත් එක්ක තියෙන ඒවාට විතරයි කමෙන්ට් කරන්නේ :D )

    ReplyDelete
    Replies
    1. හම්බේ දකින්නත් ආසයි කිලියෝ පැට්ටරා! කොහෙද යකෝ යන්නෙ හිටි ගමං?

      Delete
  40. ///රසික - මෙන්න එලුවො http://rasikalogy.blogspot.com/^%*&^$&*^#(*&$^*$///

    ++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං හැම එකටම ලින්ක් එකක් දානවානෙ. දැන් හොඳා තව.

      Delete
  41. උඹට මේක මතක් වුනේ අර චීන වධ බන්ධන කතාව කියවලා නේද?

    ReplyDelete
    Replies
    1. හහ් හහ්... ඒ අතිං එළුවා වාසනාවන්තයි.

      Delete