2015-10-02

ජීවිතය - 04




ඒත් පහුවදාට ඉර පායනවා. ඒ ඉර වෙනස්. වෙනදා පායපු සුදු පාට රැස්වලල්ලක් එක්ක දීප්තිමත්ව නිල් පාටට බැබලෙන ඉර නෙමේ මේ. ඇඟ ඇතුලේ එය තිබෙන බව නොදැනෙමින් මෙතෙක් තිබුණු අවයවයක් ඉවත් කරලා දැම්මාට පස්සේ ඒක නැති අඩුව දැනෙනවා. ‘මට කොතනද වැරදුනේ?‘ මම හැම දෙයක්ම ආවර්ජනය කරන්න උත්සාහ කරනවා. මොකක්ද මගෙන් වුණු අඩුව? කන්න අඳින්න දෙනවානං, උගන්නනවානං, ආදරේ පෙන්නනවා වගේම හදවතේ ඒක තියෙනවානම්........... ම්....අන්න පොට! ආදරේ පෙන්නනවා වගේම හදවතේ ඒක තියෙනවානම්.




ලොකුස්,

................

මෙහෙ එන්න

ඇයි?

මේ අහන්න පුතේ. මට දැනෙනවා මට මෙතෙක් තිබුණු වැඩිය නොදැනුනු දෙයක් මගෙන් අයින් වෙලා ගිහිං කියලා. අපි ඔයාට ආදරේ පෙන්නනවා වගේම අපේ හදවතෙත් ඒක තියෙනවා. ඒ වුණාට ඔයාට ආදරේ පෙන්වන අනෙක් අයත් එහෙමද කියලා මම කොහොමද සහතික කරලා දැනගන්නෙ.

තාත්තෙ තාත්තා හිතන දෙයක් මෙතන වෙලා නෑ. ඒ ළමයා යාළුවෙක්ගෙන් මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන තියෙනවා.

කවුද ඒ යාළුවා?

සඳමිණි.

එයාව ආශ්‍රයෙන් අයින් කරන්න වහාම. එයා ඔයාගෙ හොඳ යාළුවෙක්නම් ‘කොල්ලෙකුට‘ අම්මගෙ ෆෝන් නම්බර් එක දෙන්නෙ නෑ, ඒක පැහැදිලිවම මිත්‍රද්‍රෝහී කමක්. මම මේ කියන දේ ඔයාට තේරෙයි තව ඉදිරියෙදි. මම කවදාවත් මම දන්න ගෑණු කෙනෙක්ගෙ නම්බර් එකක් පිරිමියෙකුට දීලා නෑ ‘මේක ට්‍රයි කරපං‘ කියලා. කෙල්ලෙක් වෙලත් එයා කරපු දේ වැරදියි. එයාගෙ යටිහිතේ තියෙනවා ඔයාට නොපෙනෙන ඔයාව අමාරුවේ දාලා බලාඉන්න ආසාවක්. 

නෑ...නෑ...ඔය තාත්තා හිතන තරම් එයාලා නරක නෑ. 


අහං ඉන්න. ඒක ඔයාගෙ එයා නොරුස්සන ලක්ෂණයකට කරන පළිගැනීමක් නෙමේනම් ඔයා අතින් කවදාහරි එයාට වුණු වරදකට පලිගැනීමක්. එහෙම නැත්නම් එයා ඔයාගෙ විභාග තරඟකාරයෙක්. මේ ලෝකෙ ඔයා හිතනවට වඩා ගොඩක් දරුණුයි පුතේ. ඔයා ලුසී බැලුවා. මතකද, ලුසී ජාවාරම්කාරයින්ට අහුවෙනකොට පෙන්නන පැරලල් සීන් ටික දිවියො මුව දඩයම කරන. ඔයාගෙ යාළුවා ඔයා එක්ක තරහක් නැතිව ඇති සමහරවිට. එහෙනම් මේක පිටිපස්සෙ එයාගෙ අම්මා ඇති. අම්මලාටම ගිය අධ්‍යාපනේ.....නෙදකිං.


තාත්තෙ ඔය තරම් දුරට කතාකරන්න දෙයක් මේකෙ නෑ. ඒ ළමයා එහෙම නරක ළමයෙක් නෙමේ.

අහ්.....අනේ දෙයියනේ මේ වචන ඇයි මම නාස්ති කරන්නෙ. උඹට ඕනි මගුලක් කරගනිං. මම නෙමේ උඹේ තාත්තා.

ඒ ඇස්වල කඳුළු දකින්න මම බලාපොරොත්තු වුණත් මට වැරදුනා.

සොලොස්විය! යෞවනයේ පොපියන හිතුවක්කාරම. 

තාත්තා නරකද?

නෑ.......

තාත්තා හොඳද?

ඔව්!

ඔව්! හොඳයි...ඒත් ඒ දැන්.

***********************************

පැය බාගයක් යද්දි ගෙදර හැමෝම අවදි වෙලා ඉවරයි. සිඟිතිටයි මධුවටයි මැද්දෙන් ඇඳට රිංගලා දෙන්නගෙ පිටට අත තියලා වැලි හලනවා වගේ හොලවලා නිදිමත යවන්න වුණේම නෑ. සාලෙ දිහාවෙන් උදෑසන තේ පානයේ අතුරු කතා මතුවෙනවා. දෙවන වාරයේ විභාගෙන් හැම විෂයටම ලකුණු අඩුකරගත්තු මධුවාට මාධවී සුපුරුදු ධර්මානුශාසනාත්මක දේශනාව ආරම්භ කරනවා. 

පාඩම් කරන්න කියලා කොච්චර කතාකරනවද? අන්තිමට මෙයාලගෙ සබ්ජෙට් සේරම මට කට පාඩම්. මෙයාට ලකුණු නෑ. මම විතරයි මේ ගෙදර පාඩම් කරන්නෙ. මටනං දැන් එපා වෙලා.

අනේ... මේ... අම්මෙ, අම්මනෙ ගණන් පොත කරගෙන යනකොට ඉතිහාස පොත ගන්නවා. ඉතිහාස පොත පටන් ගත්තම බුද්ධාගම් පොත ගන්නවා. නංගිටයි අක්කටයි මොකුත් කියන්නෑ. මාවමයි කන්න හදන්නෙ. 

මාධවී ලියලා තියපු ඡේදයට යටින් මධූ පරිච්ඡේදයක් ලියනවා.

මධූ අම්ම එක්ක එකට එක කියන්න යන්න එපා. ලොකු අය එක්ක කොහොමත් එකට එක කියන්න එපා කියලා මං කියලා තියෙනවා නේද? ඕකෙන් කවදාහරි ඔයා මට්ටුවෙන්නෙ රටෙන්. කවුද දැන් ඔයාව කන්න හදන්නෙ? 

මම නං හරක් මස් කන්නෑ. 

අම්මයි තාත්තයිනෙ.

මම දැන් මොකක්ද කිව්වෙ?

ඇයි ඉතිං හැම තිස්සෙම මාවමනෙ අල්ලගන්නෙ. මටමනෙ බනින්නෙ.

ඔය පේනවනෙ? ටයි එක ගැටගහ ගන්න බෑ තාම. ටයිකොන්ඩෝ ක්ලාස් යන්නත් අහනවා.

මම එයාගෙ ටයි පටිය ගැට ගහන ගමන් කියනවා.

උදේ පාන්දරම පොඩි එන්නතක් විදින්න හිතෙනවා. සතියකට දවසක්වත් ඒක නොවිද්දොත් පිළිවෙල සහ අනාගත මග කියන ප්‍රතිශක්තීන් දෙකම දුර්වල වෙලා අවුල් බව සහ කම්මැලිකම කියන විශබීජ දෙක පුංචි ශරීරයන් වෙලාගන්නවා. 

හරී............. අපි මෙහෙම කරමු. මධූව මම දානවා හොස්ටල් එකට. එතනදි ඔයාට හැමදේම කරන්න වෙන්නෙ කාල සටහනේ විදිහට. අනික පාඩම් කරන්නත් වෙලාවක් තියෙනවා. සෙල්ලම් කරන්නත් වෙලාවක් තියෙනවා. ඒ විතරක්යැ! ඔයාට එහේදි තේරෙයි අම්මට තාත්තට වඩා සැර මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා කියලත්.

අනේ......................එපා........................... මට චූටි අක්කා නැතිව ඉන්න බෑ..............

මධූට කරන යෝජනාව සිඟිති තරයේම ප්‍රතික්ෂේප කරනවා. පුංචි මූණ දෙපැත්තෙන් රූරා බහින කඳුළු සුදු ගවුමට වැටිලා සුදු පාටෙ තෙත් වුණාම හැදෙන අමුතු පාට මොකක්ද කියලා මට උගන්වනවා. මේ කඳුළු ග්‍රන්ථි පාලනය කරවන්න වෙනවා මට අකමැත්තෙන් වුණත්. 

හරී...........එහෙනම් දෙන්නම හොස්ටල් නවතින්න. දෙන්නට දෙන්නා ඉන්නවනෙ. 

අනේ බෑ.....බෑ.... බෑ..... බෑ.....

ඒයි පරිප්පු හොද්ද වේලිලා නෙ. 

කුස්සිය පැත්තේ නවතම තොරතුරු වාර්තා කරන්නේ මොන ටී වී ද මන්දා.

වතුර ටිකක් දාන්න.

මම කුස්සියට ගියේ වැඩේ දෙල්වී ඇතැයි හිතාගෙන. මොකුත් වෙලා නෑ. හොද්ද හිඳිලා විතරයි. ඒකත් අර නිව්මෝනියා ලක්ෂණයමද කොහෙද. මම වතුර ටිකක් පරිප්පුවට එකතු කරලා ආයිත් ගින්දර වැඩි කලා. ලොකුස් ආසයි මිරිස් කරල් කෑලි පාවෙන තෙල් දාපු පරිප්පු හොද්දට. කොයිකටත් එයා වෙනුවෙන් ඒකත් කරලාම ඉන්නවා. 

මම පරිප්පු තෙල් දාලා එනකොට තාමත් සාලෙ පුටු දෙකක ඉඳගෙන පොඩි දෙන්නා අඬනවා. මම සිඟිති ලඟින් බිම දණගහගන්නවා. 

මධූ මෙහාට එන්න.................................. අඬ ගැහුවම ඉක්මනට එන්න ඉතිං....

මධූ ඇවිත් මා ළඟ දණ ගහගන්නවා. මම පොඩි දෙන්නගෙ ඉඟ වටේට අත්දෙක යවලා මට තුරුළු කරගන්නවා. මගේ හිත ඇතුලෙන් කඩාවැටෙනවා. ඒත්.... තව පොඩ්ඩයි. මේ ටික ඇදලාම ඉන්නවා. 

හොඳයි....... අපි මෙහෙම කරමු. දැන් හෙට අම්මයි අක්කයි ට්‍රිප් එක යනවනෙ. අපි කාලසටහනක් හදාගෙන හෙට දවසම ඒකෙ හැටියට වැඩ කරමු. උදේ වරුවම පාඩම් කරනවා. 

මධූ ගෙ ඇස් දෙක ගිහින් සිවිලිමේ නවතිනවා.  

හවස චිත්‍රපටි බලනවා. කාටුන් බලනවා. හරිද?

දිය ඇල්ලේ ගලා හැලෙන දිය දහර අතරින් සුදු මුතු කැට මතුවෙනවා. පුංචි ඔළු ගෙඩි දෙකක් තිරසට සමාන්තරව වැනෙනවා සමකාලීනව. 

පොරොන්දු වෙනවානං එහෙම හෙට දවස වැඩකරන්න, කවුරුවත් හොස්ටල් නවතින්නේ නෑ. පොරොන්දු වෙනවද?

පුංචි ඔළු ගෙඩි දෙක සිරසට සමාන්තරව වැනෙනවා සමකාලීනව. ඒ ඔළු ගෙඩි දෙක මාරුවෙන් මාරුවට හතර සැරයක් ඉඹලා මම නැගිටිනවා.

තාත්තෙ, දහයෙ කාසි?

පංතියෙ උවමනාවකට දහයෙ කාසි 3 ගානෙ ගේන්න කියලා සිඟිතිට. ඊයේ රෑ තමා කිව්වෙ. ඒ වෙලාවෙ කාළඟද ඕවා හොයන්න පුළුවන්. මුළු ගෙදරම හෙව්වත් එක කාසියක්වත් නෑ. උදේට කඩෙන් අරන් දෙන්නම් කියලා නළවාගත්තා.

හරි. මම කඩෙන් ඇරන් දෙන්නම් යන ගමං.

හතට පන්ති. මටනම් බෑ පරක්කු වෙන්න.

ලොකුස් නානකාමරයට රිංගන ගමන් කියනවා.

ඔයා ඉක්මන් කරන්නකො පැල නොවී. අදනං විනාඩි පහෙන් එළියට එන්න ඕනි හොඳද?

මම ස්ථාවර නියෝගයක් නිකුත් කරනවා. විනාඩි පහ පහුවුණ ගමන් මම බලනවා ප්‍රගතිය.

ලොකුස්...!?

ඕ...ඕ...

මොකක්දෝ රෙද්දක්ද කොහෙද කටේ ඔබාගෙන එයා උත්තර දෙනවා. මම හිතුවෙ තාම බාත්රූම් එකේ කියලා. අනේ නෑ, ඒ හඬ ඇහෙන්නේ අපේ නිදන කාමරයෙන්. ගෑනි නියෝගය පිළිපැදලා බැලුවම. 

බිත්තර පපඩම් කෑම පෙට්ටිවලට බත් එක්ක දැම්මොත් පොඟනවා. පොඩි ග්‍රොසරි බෑග් ඉවර වෙලා. ලන්ච් ෂීට් එකක් විකර්ණයක් දිගේ දෙකට නමලා කතුරෙන් අනික් විකර්ණය හරහා කපලා හදා ගන්නවා සෘජු කෝණී ත්‍රිකෝණ දෙකක්. ඒකෙන් ලැබෙන වර්ගඵලය සෘජුකොණාශ්‍ර දෙකකට කැපීමෙන් ලැබෙන වර්ගඵලයට සමාන වුණත් ඒකේ සෘජුකෝයේ ඉඳලා ඊට සම්මුඛ පාදයට අඳින ලම්භකය සෘජුකෝණාශ්‍රෙය් පළලට වඩා වැඩියි. වැඩි බිත්තර ප්‍රමාණයක් ඔතන්නත් පුළුවන්! මම ඒ වැඩේ ඉවර කරලා ආයිත් ෆෝන් එක ගන්නවා කලින් නෝට් එකට එකතුවක් කරන්න.

Grocery Bags

මාධවීව තනි කරලා අපි හැමෝම තාවකාලික අභින්ෂ්ක්‍රමණයකට සැරසෙනවා. මාධවී ඉස්සරහට එනවා ශ්‍රියා කාන්තාව වගේ නයිටිය පිටින්. 

මධූ කණ්ණාඩි දෙක ගත්තද?

වීදුරු වහලා නිසා ඇහෙන්නැතිව ඇති කියලා හිතාන එයා අත්දෙකේ දබරැඟිලි වලින් බෝතල් අඩි තරම් රවුම් දෙකක් අවකාශයේ අඳිමින් අහනවා.

ඔව්... ගත්තා.

මධූගේ ප්‍රකාශය ඊට වඩා ලොකු රවුම් දෙකක් අවකාශයේ එකේ අඳිමින් මම මාධවීට රූපමය සන්නිදර්ශනයකින් පෙන්නුම් කරනවා. එයා හිනාවීගෙන මම ඉන්න පැත්තට ඇවිදගෙන එනවා. මම පැති වීදුරුව පාත් කරනවා. ඔව්...එයා හිනාවෙනවා.

ඔන්න ඔහොම හිනාවෙලා ඉන්නවකො උදේ පාන්දර මල පන්නන්නැතිව.

උදේ වරුවේ එන දුරකථන ඇමතුමක එක සිරස්තලයක් මම විකාශය කරනවා ප්‍රවෘත්ති වලට විනාඩි පහකට කලින් දාන මෙව්වා එක වාගෙ, එයාගෙ බඩට ඇඟිල්ලෙන් ඇනලා. අපි පස්සෙන් පස්සට ගමන අරඹනවා.

අම්මා හිනාවෙලා ඉන්නවනං ඒ තරං ලස්සන කවුරුවත් නෑ

මධූ කියනවා. මම එයාලට කිරිඅල පාඩම කියා දෙනවා. බ්ලා...බ්ලා...

තාත්තෙ මේනකාව ගන්න තියෙනවා...

ඔයා පුදුම පොරක්නෙ. කඩේට ගිහිං නංගිට කාසි අරං දුන්නොත් පරක්කු වෙනවා කියලා කෑ ගහලා දැන් එනවා මෙතන...

අනේ අක්කෙ ඔය තරං අයට ඉඩ නෑ මේකෙ.

මේ..... තමුන් මගෙන් කන්නැතිව ඉන්නවා.

හන්දියේ ටිකක් වෙලා හිටියත් මේනකා එන පාටක් නෑ. මගේ පුෂ්පය නැවත විකසිත වෙනවා. මම අතුරු පාරකට රිවස් කරලා ආපහු හරවගෙන ගිහිං මේනකාලගෙ ගෙවල් තියෙන අතුරු පාරට හරවන්න හදද්දිම ගෑනි එනවා නලව නලව. ඒ පාර මම ආයි රිවස් කරලා ආයි ඉස්සරහට අරං ඒ පාරට පස්ස ඔබලා නවත්තනවා. මිනිස්සු කට ඇරගෙන බලනවා මේ මොකද මේ බයික් වල වාගෙ අට ගහන්න පුරුදු වෙනවද කියලා. එයාලා කොහොමත් සාමාන්‍ය අක්ෂයෙන් අපගමණය වෙන දේවල් ගැන හරි උනන්දුයි.

මොනවා වුණත් විවිධ ජ්‍යාමිතික තල රූප හැඩයන්ගෙන් සමන්විත මූණු ටික ප්‍රතිස්ථාපනය කරගෙන මේනකාට හිනා මූණ පෙන්නගන්න අපේ කට්ටියට හැකිවුණාද කියලා මම බැලුවෙ නෑ. මමනම් එහෙම කලා කියලා මම දන්නවා.

එහා ගෙදර ඇන්ටි ශිෂ්‍යත්ව පේපර් එකක් හොයාගෙන ඇවිත් කොහෙන්ද මන්දා. අම්ම කිව්වලු අම්මටත් එකක් ගෙනත් දෙන්න කියලා.

අර මොකටද? පෝස්ට් මෝටෙම් එක තියන්නද? පිස්සුනේ!

හිනා දුමකින් කිට්ගේ ඇතුල වැහිලා යනවා ඇතුලේ තියෙන නවීන තාක්ෂණික උපකරණ සේරම නොපෙනෙන්න. මධූ ආයිත් වෙන පෝස්ට් මෝටෙම් එකකට පාර හොයාගන්නවා ඒකෙන්. අම්මා එක්ක ආරෝවක් පිරිමහන්න හදනවා.

කාලය ප්‍රශ්න විසඳනවා. ඔයා එයාට ඒ ගැන මතක් කරන්න අවශ්‍ය නෑ. 

ඒක පැහැදිලි කරන්න තව ජේදයක් මට උවමනා වෙනවා. කතාවෙන් කතාවෙන් ලොකුස්ගෙ පන්තියත් පහුවෙනවා. 

ඔය කොහෙද යන්නෙ...හයියෝ හයියෝ නවත්තන්න.

සුනාමියක් එනවා වගේ ලොකුස් කෑ ගහනවා. එයාලා එළියට දැම්මට පස්සෙ පොඩි දෙන්නා සහ මගේ සය කන් මන්ත්‍රණය පටන්ගන්නව. මම දිනචරියාවෙ කැමතිම කොටස. මාධවිත් කියන්නෙ ඔය යන ගමන් පුළුවන් තරම් දැනමුතුකම් දෙන්න කියලා තමා. ඒ වුණට එයා දවසම දෙන දැනමුතුකම් අපේ නඩේට හරියට නයින්ට රෝස් පාන් වගේ. සංඛ්‍යාතය වැඩි වීමේ ප්‍රතිවිපාක.

කොන්වන්ට් එක ඉස්සරහ තියෙන කඩේ නංගිගෙන් තරහා නැතිව දෙන්න කියලා ඉල්ලපු දහයෙ කාසි දෙක දුන්නෙ පොඩ්ඩක් අදිමදි කරලා. මාරු සල්ලි පිට කරනවා කියන්නෙ වෙළෙන්දෙක්ගෙ ඇඟෙන් ඇටයක් ගන්නවට වඩා අමාරු වැඩක්. වෙනත් බඩුවක් විකුණන්නෙ නැතිව එහෙම කරන්න වෙනවා කියන්නෙ මුළු මහත් අස්ථි පද්ධතියම ගලවලා ගන්නවා වගේ වැඩක්. ඒ අතින්නම් සිංහල මුස්ලිම් කොයි වෙළෙන්දත් එකයි මගේ හිතේ.

උදේ හතහමාර වෙනකං තියෙන වාහන තදබදයයි ඒක පිහිටලා තියෙන නගරයයි මගඇරලා මම අබලන් පාරකින් ආපහු එනවා. පාරේ අබලන් වෙලා තියෙන්නෙ ටිකයි. ඒ ටික පහුවුණ ගමන් ඇරලා තියලා එන්නෙ. සම්බෝල පාට බල්ලෙක් පාර අයිනෙ ඉඳලා මැදට පනිනවා. බලු ඔලුවෙන් හරක් පස්සෙන් කියනවා වගේ බල්ලා පනින පැත්ත මොකක්ද, හිස ඇරුණු අත! බොහොම අමාරුවෙන් වේගය අඩු කරලා බල්ලා බේරලා ඉදිරියට එනවා.

යාර විස්සක් යන්න කලින් මට මුණ ගැහෙනවා සමහර දාට අපි යනකොට පාරට පනින දුඹුරු පාට මැර බල්ලා. වෙනදට එහෙම තැන්වලදි ළමයි බයවෙන නිසා වේගයෙන් යනවා. අද මෙයා පනිනකොට මට හිතුනා ප්‍රතිචාරය බලන්න වෙනසක් කරලා. ඌ බුරාගෙන එනකොට වේගය අඩුකරලා නැවැත්තුවා. දැන් ඌට කරකියා ගන්න දෙයක් නෑ.

හරිද සනීපද? 

කාගෙන් හරි අසාධාරණයට ලක්වුණු බල්ලෙක්. සමහරවිට කලින් බල්ලාට වෙන්න ගිය අසාධාරණය දැකලා ප්‍රකෝප වුණාද දන්නෑ. ඌ එල්ලුම් ගහ දියව් කියලා උද්ඝෝෂණේකට කට්ටිය එකතු කරන්න කලින් මම ඇදලා එනවා. බල්ලන් වර්ණ අන්ධයි. ඒ වගේම අජීවී දේවල්වල හැඩයන්ගේ සියුම් වෙනස්කම් හඳුනාගන්න උන් අසමත්. ඒ වුණාට බල්ලා තරම් හිතවතෙක් මනුස්සයන් අතර නැති වෙන්න පුළුවන්. අර ආත්මාර්ථකාමී, ගුණමකු, කෑදර, කරදරකාර, අවලං පූසන්ට වඩා බල්ලො දාහෙන් සම්පතයි.

********************************


හමුවීම පාසල් බිමට පමණක් සීමා වූ ඒ ඒකාකාරී රටාව කඩන්න මට ඕනි වුණා. ඇයව තුරුළු කරගන්න මට උවමනා වුණා. මූණට මූණ තියාගෙන ඇත්තටම හැබෑවක් වුණු ඒ හුස්මෙ සුවඳ විඳින්න මට ඕනි වුණා. අවශ්‍ය පමණට නැතත් පරිසාධන මට්ටමට ඇවිත් තිබුණු ඒ යටිතොල මගේ දෙතොලට මෘදුව හිරකරගන්න මට ඕනි වුණා. කොටින්ම සුදු ගවුමට යටින් ඇති දේවල්වත් මගේ සිහින කුමාරියට සමානද කියලා හොයන්න මට ඕනිවුණා.

පංති දවසක් කට් කරමුද?

අපෝ බෑ.... කවුරුවත් දැක්කොත් අම්මලා මාව මරයි.

ආහ්...ඕක හෙන පරණ තැටියක්නෙ. නැද්ද අළුත් එකක් එහෙම.

මේ ඔයා දන්නවද? අපේ සමරෙ මාමලගෙ ගෙදර කිතුල් රා තියෙනවා. 

නෑ..........! මං එන්නද ඔයාලගෙ මාමලගෙ ගෙදර? සුවර් එකටම හැමදාම රා තියෙනවනෙ?

නෑ......... එහේ රා නෑ.....

එයා අහක බලාගන්නවා. ඒ ගමන් මට හොරෙන් මං නොදන්නා කොලයක එක කොටුවක ඩබ්ලිව් අකුරක් ලියා ගන්නවා. එයාව රස විඳින්න මට තේරෙන්නෙ නෑ. මගේ නියපොත්තයි ඇඟිල්ලෙ හමයි අතරෙ පුංචිම පුංචි උදළු පාරක් වදිනවා. 

නියපොතු වැවෙන්න දෙන්නෑ නේද? ලකුණක් නොකැපි අදට බේරුණා කියලා හිතාගන්නවා.

ඉතිං කියන්නකො. කට් කරමුද පංති?

බෑ කිව්වනෙ මැට්ටෝ, දැන් එක පාරක්.

එහෙනං බෑ...එහෙනං බෑ...

මම අරලිය ගස් දෙබල අස්සෙන් බලා ඉඳලා පාසල් මාවත දිගේ යන සම වයසේ පෙනුමැති පිට මැදට කෙස්වැටිය ඇති, ඇත් දල පාට සම චතුරශ්‍රාකාර දැරිවියක් එක්ක හිනාවෙනවා. ඇයත් ආරාධනාත්මක හිනාවකින් ප්‍රති උත්තර දෙනවා. ඇගේ දිගු අතැඟිලි කෙහෙවැටිය දිගේ කණට පිටුපස්න් බෙල්ල දක්වා ලැසි ගමනක යෙදෙනවා. මෙතෙක් මගේ සුරතේ දැවටී තිබුණු කෙටි අතැඟිලි පුරුකෙන් පුරුක ගැලවී හැලෙනවා, බිමටම!

මා සැනසෙනවා මා පිය ළඳගේ - මුදු සැනසුම් සිහිලේ
හිත හිනැහෙනවා මා මඟ තොට දී - දුටු ළඳ මුව මඬලේ

බන්දුල විජේවීරට පිස්සු! මට එදා හිතුනා. පිරිමි සිතේ ඒ දෙබිඩි පිළිවෙත ගැන සත්‍යය මම මටම වංචාකරගත් නිසා. 

ඈතට ඇදෙන සමචතුරශ්‍රය සිරස් අක්ෂය වටා අංශක අනූවක කෝණයක් හදනවා. ඇත්දල පාට සමචතුරශ්‍රෙය් ඉහල පාදයට ආසන්නයේ කිරි සුදු පාට මුතුහරක්!

හරි... කට් කරමු. මේ සෙනසුරාදාම.

යේ.............. මම ආසම ඔයාගෙ ඔය නිර්භීතකමට.





෴ මතු සම්බන්ධයි ෴




130 comments:

  1. මේක නැගලා යනවා අයි ලයික් දිස්

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටනෙ බණ්ඩෝ...

      Delete
  2. පට්ට....... කතා දෙකක් නෑ මේකනං සුපිරි........ කිසි මෙව්ව එකක් නැතුව එක දිගට කියවං යන්න පුළුවං....... නියමයි..........

    ReplyDelete
    Replies
    1. //මා සැනසෙනවා මා පිය ළඳගේ - මුදු සැනසුම් සිහිලේ
      හිත හිනැහෙනවා මා මඟ තොට දී - දුටු ළඳ මුව මඬලේ//

      මේක සිංදුවක්ද? බාගන්න ලින්ක් එකක් දාන්න පුළුවන්ද? හෙව්වා හෙව්වා හොයාගන්න බැරි උනා.....

      Delete
    2. හිත හීලෑ නෑ
      හරිම මුරණ්ඩුයි
      තැන තැන ඇවිදිනවා
      හිතෙන හිතෙන තැන නවතිනවා
      හිත ඉගිළෙනවා කාශ්මීරයේ
      සුදු හිම කඳු අතරේ
      මා තනිවෙනවා පා යුග දවනා
      නිරුදක මරු කතරේ
      මා සැනසෙනවා මා පිය ළඳගේ
      මුදු සැනසුම් සිහිලේ
      හිත හිනැහෙනවා මා මගතොට දී
      දුටු ළඳ මුව මඬලේ

      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - බන්දුල විජේවීර

      Delete
    3. අ.ආ.
      එහෙම වදින්නෙ කළාතුරකින්. ඒකයි මේ කමෙන්ටුව ගැන මට සතුටු. උඹයි මායි සමාන්තරව හිතන නිසායි එහෙම දැනෙන්නෙ. මේ සින්දුවා ලින්ක් එකක් දාන්නෑනෙ ලෝබ කමට.
      http://www.topsinhalamp3.com/songs/bandula-wijeweera-mp3-songs/hitha-heela-na-mp3-song.php

      සින්දු,
      උඹට කියන්න, මගේ ටොප් ටෙන් ලිස්ට් එකේ මුල හරියෙ ඕක තියෙන්නෙ.

      Delete
    4. සිදු ඇනෝ බන්දුල මහත්මයාගේ ඔය සිංදුව දැන් අහන්න ලැබෙන්නෙම නැ.ඉස්සර ITN එකේ නිතරම ගියා.ලස්සන වගේම අර්ථවත් සිංදුවක්.මධුවගේ ලින්ක් එකෙන් මම ඒක බාගත්තා.දැන් මෙ අහන ගමන් කොමන්ටුවක් දැමිමෙ.

      ආර්යන්
      මචං අලුත් පෝස්ටි එකක් දාන්න දැන් කාලේ හරි උඹටත්.උඹටත් තියනවා සුපිරි හැකියාවක්.ආදරය ගැන විතරක් නෙවෙයි මචං තව අලුත් දේවල් ගැනත් ලියපං.අපි එනවා දිගටම ඒ පැත්තට.

      Delete
    5. ලස්සන කියන්නෙ මනෝ ලයාන්විතකමේ උපරිමය. මට වෙලාවකට ඕක දැනෙන්නෙ මගේ ජීවිතේ තේමා ගීතය වගේ.
      ආරියා ගැන උඹේ අදහස මං තරයේම අනුමත කොරනවා ඕං.

      Delete
  3. එල... එල.. එල... ආයෙ කතා දෙකක් නෑ... ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි කියනවනේ...
    ඈ බං... අර ළමයට ඉගෙන ගන්න දුන්නෙ නැද්ද ක්ලාස් කට් කරමු අහන්නෙ...
    අර පූසො ගැන කියලා තියෙන කතාව නම් මරේ මරු... මහ ජරා සත්තු බං... (ඔන්න බලහං අරුං ටික රෙදි උස්සගෙන එන හැටි)

    ReplyDelete
    Replies
    1. කවුද, ලව් පුසද...?

      Delete
    2. ඇත්තට කෝ මේ පූසා.. ඔය ලව් පූසා නම් මහ ජරා සතා තමා.
      මං කිවුවෙ පූසන්ට මැරෙන්න හදන බවලත් උන්දැලා ටික.

      Delete
    3. "හුරතලේට ගෙදර හිටිය පූසා
      උකුළු මුකුළු දාපු කැකුළු පූසා
      මාත් එක්ක තරහද මගේ පූසා
      පූස ගියොත් මට පාළුයි පූසා"

      Delete
    4. උඹට මේක එළට දැනෙනවානං මට අප්‍රමාණ සංතෝසයි. ඇත්තටම ජීවිතේ තියෙන්නෙ විඳින්න. දුක වුණත් විඳින්න.
      ඒ කාලේ ඕවා දැනෙන්නෑ බං.
      ආ....ඔමා එයි සන්නාහ සන්නද්ධව. තව... ෂෙෆාකි. අටමා.

      ලොකුස්,
      දන්නවද? උඹ තමා මේ කතාවෙ එක චරිතයකට නම දුන්නෙ.

      කැමා,
      ලව් පූසාත් බලවත් පොරක් නෙ බැලුවම.

      සින්දු,
      කැකුළු පූසා? ඒ මොකාද බං? කැකුළු බත් කන එකෙක්ද?

      Delete
    5. මොකො දන්නෑ කට්ටිය තාම පරක්කු....

      Delete
    6. වෙන්න ඇතී මචෝ ..මෙන්න ඔක්කොම

      හුරතලේට ගෙදර හිටිය පූසා
      උකුළු මුකුළු දාපු කැකුළු පූසා
      මාත් එක්ක තරහද මගේ පූසා
      පූස ගියොත් මට පාළුයි පූසා

      කළු උක් පැණි බේරි බේරි
      රස දී කිරි හීරි හිරි
      බිව්වෙ කවුද පූස නේද පූසා

      මෙලොවට දැලි ගාපු ගාපු
      ලිප ලඟ දැලි නාපු නාපු
      පූස මගේ කොහෙද යන්නෙ පූසා

      සීනි බනිස් කාපු කාපු
      තනියට මගේ ආපු ආපු
      සේද කැටිය පූස නේද පූසා

      පද - ධර්මසිරි ගමගේ
      ස්වර - ප්‍රේමසිරි කේමදාස
      හඬ - එම්. එස්. ප්‍රනාන්දු
      චිත්‍රපටය - සාරා (1978)

      Delete
    7. කැමා,
      සෙනසුරාදානෙ බං. වරුවෙන් තමා එන්නෙ.

      සින්දු,
      අම්මපා මෙහෙමත් සින්දුවක් තිබුණද බං? රෝසට රෙදි නැතිවෙන්නම දීලනෙ.

      Delete
  4. මට නිකන් මාන්දමික ගතියක් දැනෙනවා අෆ්ෆා...
    උඩින් පල්ලෙන් බලල තේරුම් ගන්න බැහැ බොලව් උඹලගේ මේ කතා...
    මම ආපහු යනවා වැඩ කරන්න, අද සබ්මිෂන් එකක් කොරන්න තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හැ..සබ්මැරින් එකක් හදනවා..

      Delete
    2. හෙමින් කියෝලා වරෙංකො ලොකුපුතේ.

      මෙන්ඩා,
      මූ කොටියෙක්ද බං?

      Delete
  5. මටත් දුවෙක් හිටියා නම් හොදයි..

    ReplyDelete
    Replies
    1. මාමගෙන් අහලා බැලුවනම් හරි එකක් දෙනවද කියලා

      Delete
    2. මම සදුගෙන් ඇහැව්වා අපි දුවෙක් අරගෙන හදාගමු කියලා
      “ඇයි මට තවම හොදට ළමයි හදන්න පුලුවන් ඔයාටත් එහම බැරිකමක් නෑනේ?“

      ඒ වුනාට පොඩි මෙන්ඩා හම්බවෙන වෙලාවේ සදුට අමාරැ වුන නිසා මට බයයි මචං
      මධුවාගේ දුවලා මගේ දෝනිලා

      බන්ඩා කතාවේ අලුත් කොටස කියවන්න ටික වෙලාවක් ඔනේ හිමිට කමෙන්ටුවක් දාන්නම්

      Delete
    3. මටනමි ඉන්නේ දුවෙක් විතරයි.මට හිතෙනවා තව පුතෙකුත් හිටියනමි කියලා.

      Delete
    4. පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා.
      මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා
      පුංචි දුවෙක් ඉස්කෝලෙට එක්කං එනවා
      හිත ඇතුලෙන් මමත් දුවෙක් එක්කං එනවා

      පුංචි ළමයි පිරිසක් මැද දුවෙක් අඬනවා
      මගේ පුංචි දූ ඇඬුවැයි හිත උණූ වෙනවා
      පුංචි ළමයි කුසගින්නේ පාරෙ අඬනවා
      පුංචි බඩට කිරි දුන්න ද මට සිහි වෙනවා

      පුංචි ගවුම් කඩපිල් වල හුළඟෙ වැනෙනවා
      පුංචි බබෙක් හිත ඇතුළේ ඒව අඳිනවා
      වැඩ ඇරිලා හැන්දෑවේ මම ගෙට එනවා
      ලෝකෙ ම පොඩි පැටවු දුවගෙ මුහුණෙ පෙනෙනවා

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
      ගායනය: නිරංජලා සරෝජිනී

      Delete
    5. සින්දුවෝ
      මට මෙතන හරියන සිංදුව
      මවකගේ උනුසුම නොලබා සැපට නිදන...

      Delete
    6. ඒකත් විඳලාම බලංට වටින දෙයක් මෙන්ඩො

      බණ්ඩා,
      ඒක හරි. තමන්ට නැත්තං එහෙමවත් ඉල්ලන එක.

      මෙන්ඩා,
      පරීක්ෂණයක් කරලා ඉන්පස්සෙ ට්‍රයි කොරපං බං. ඒ උඹ කියන කාලෙ ඒකිට ඒ හැටි වයසක් නැතිව ඇති.

      මනෝ,
      උඹට කියන්න, මට කවදාවත් ඔය ආසාව ඇතිවෙලා නෑනෙ අනෙක් පැත්තට.

      සින්දු,
      අම්මා කෙනෙක්ගෙ නියම හැඟීමක් බං.

      මෙන්ඩා,
      ඇයි ඒ?

      Delete
    7. මධු
      අනේ පලයන් නරියා කොන්ඩේ ඡෙල් කරලා ශෙව් කරලා ඉස්කෝලයක් ලගට බැස්සොත් තවම 11 වසර දෙකක් දාගත්තැහැකි
      බබා හම්බ වෙන්න ගිහින් සදුවා මට නැති වුනොත් මමයි පොඩි මෙන්ඩයි මේ ලෝකේ තනි වෙනවා බං මම ඒකට බයයි.

      සින්දුවෝ දාපියකෝ ඒ සිංදුව

      Delete
    8. මෙන්ඩෝ ...

      මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
      ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
      ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ..
      හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ..
      සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ..
      අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ..
      නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
      මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
      සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..
      තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
      ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
      පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙදම වුනේ..
      කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..
      මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා..
      ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ..
      එතකොට ම‍ගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
      සුර විමනක වැදී.. මගෙ රන්කද නිදී...

      ගායනය - කේ සේන
      ගී පද - ප්‍රේම්නාත් ජයතිලක

      https://www.youtube.com/watch?v=ghQS2TYXkXo

      Delete
    9. ///කොන්ඩේ ඡෙල් කරලා ශෙව් කරලා ඉස්කෝලයක් ලගට බැස්සොත් තවම 11 වසර දෙකක් දාගත්තැහැකි////
      ...................................................................................................

      Delete
    10. ///කොන්ඩේ ඡෙල් කරලා ශෙව් කරලා ඉස්කෝලයක් ලගට බැස්සොත් තවම 11 වසර දෙකක් දාගත්තැහැකි//// හුකැස් ,,,,මචෝ දවසක් මම වයිෆ්ව ගන්න ඉකොලේ ළඟ හිටියා ..අනේ පොඩි කෙල්ලෝ ටිකක් මගේ දිහා බලනවා වැඩියි ..මම බැලුවා මගේ මොකක් හරි වැරදි දෙයක් පෙනිලද දන්නේ නැ කියලා ..මුන් ටික හොඳටම ෆෝම් වෙලා ..අනේ එතකොටම වයිෆ් අවා ..ෂෝ එක ඉවරයි ..මම කිව්වා බලනවා දැන් ඉන්න කෙල්ලෝ මේ නාකියෙකුටවත් ඉන්න දෙන්නේ නැ කියලා විස්තරේ කිවා හිනා වෙලා ..අනේ පහුවදා අර කෙල්ලෝ ටික ඇවිත් වයිෆ්ගෙන් සමාව ගන්නවාලු ..වයිෆ් ඇහුවලු මොකටද කියලා . ඉතින් අරුන් ටික කියනවාලු අනේ මිස් අපි දැනගෙන හිටියේ නැ ඒ අය්යා මිස්ගේ මහත්තයා කියලා ....ඕන් බලපන් ..කවුද වැරදි ???????????

      Delete
    11. ///බබා හම්බ වෙන්න ගිහින් සදුවා මට නැති වුනොත් මමයි පොඩි මෙන්ඩයි මේ ලෝකේ තනි වෙනවා බං මම ඒකට බයයි.///
      මෙන්ඩා මේක හුඹස් බයක් කියලයි මට හිතෙන්නේ, තනි ළමයෙක් හදන එක ඒ ළමයටත් වෙන අසාධාරණයක් බං.
      අනික නොර්මල් නැතුව සිසේරියන් කරලා බබා ලැබුනොත් ඔය අමාරු කේස් එක එන එකක් නැහැ නේද,
      අනිත් එක දැන් එක ළමයෙක් හම්බ වෙලා තියෙන නිසා කලින්ට වඩා රිස්ක් එක අඩු ඇති නේද.
      කොයිකටත් අපි වගේ උන්ගෙන් ගොඩ වෙදකම් අහන්නේ නැතුව හරි හමන් ඩොකෙක් මුණ ගැහෙපිය...

      අපි දෙන්නට වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්ත, වයිෆ් ගේ ඔපරේෂන් එකක් කරපු නිසා දැන්ම තව ළමයි හදන්න බැහැ, ඉන්න එකා මැණිකක් වගේ (ඒ කිව්වට මළ පැන්නම එකක් දෙකක් තුනක් හතරක් ගහලා එහෙම) බලා ගන්නවා...

      සින්දුවෝ ඔය මම ආසම සිංදුවක්...

      Delete
    12. ///කොන්ඩේ ඡෙල් කරලා ශෙව් කරලා ඉස්කෝලයක් ලගට බැස්සොත් තවම 11 වසර දෙකක් දාගත්තැහැකි////

      මෙන්ඩා ඔය කියන්නේ දෙකක් ඇනගත්ත හැකි කියලා.අමිබානක නෙලනවනේ අර කෙල්ලෝ ටික.

      Delete
    13. මෙන්ඩා,
      මම කිව්වෙ සඳුවව පරීක්ෂා කොරංට කියලයි උගුඩුවො. තෝව නෙමේ.

      සින්දු,
      ඉස්සර අපේ පොඩි අක්කා අඬනවා බං ඕක අහලා.

      කැමා,
      ඔය කියන්නෙ මචෝ 11 වසරෙ වසර 22 ක් ෆේල් වෙච්ච එව්වා ගැන.

      සින්දු,
      හැක් හැක්... ‘ඒ අයියා.......‘.

      ලොකුස්,
      මාත් කිව්වෙ ඒකම තමා බං. මූ මේ මගුලක් කතා කරනවා.

      මනෝ,
      අම්මලා ගහයි බැට් වලින්.

      Delete
    14. මොනාද මෙන්ඩයියේ කියන විකාර කතා , එහෙම වෙන්නේ නෑ

      Delete
  6. රසවත් ජීවත අත්දැකිම් ගොඩක්...

    ReplyDelete
    Replies
    1. රසවත් කරලා ගත්තා තුශා.

      Delete
  7. කතාව ලස්සනට ගලාගෙන යනවා.

    ..//‘මට කොතනද වැරදුනේ?‘ මම හැම දෙයක්ම ආවර්ජනය කරන්න උත්සාහ කරනවා. මොකක්ද මගෙන් වුණු අඩුව?//..

    මමත් මගේ අඩුපාඩු හොයන්න දැනටත් හැම දෙයක්ම නැවත නැවත ආවර්ජනය කරලා බලනවා.මම හිතන්නේ අපි හැමෝම කරන දෙයක් මෙක.හිතට තදින් බලපාන යමක් සිදුවුනාම අනිවර්යෙන්ම අතීත ආවර්ජනයකට අපි යනවා.

    ..//අපේ සමරෙ මාමලගෙ ගෙදර කිතුල් රා තියෙනව//..
    මට සමරේ මාමලාගේ ගෙදර ලිපිනය මෙිල් කරාපං හොදේ.

    ReplyDelete
    Replies
    1. ඒ ආවර්ජනය හෙන වටිනවා මනෝ. අපි මොන පිස්සු නැටුවත් හෙන සිරා ගන්න තැනක් ඕක.

      “නෑ......... එහේ රා නෑ.....“

      Delete
    2. රා ගුඩ්ඩා... මන්දිරයා....

      Delete
    3. රා ගුඩේ...... මන්දිරේ........ සඳළුතල එළිවෙලා

      Delete
    4. මගේ හොද මධූවෙ. ..
      මගේ හොද කැමරෝ...
      රා පොඩියක් දී මා සනසන්නේ...
      රා පොඩියක් දී මා සනසන්නේ...

      Delete
    5. ...///පංති දවසක් කට් කරමුද?

      අපෝ බෑ.... කවුරුවත් දැක්කොත් අම්මලා මාව මරයි//...

      මචං ඔය දෙබස ඔය විදියටම මගේ ජීවිතේ මම කියලත් තියනවා,උත්තරය ඔය විදියටම මට ලැබිලත් තියනවා.(මෙ දෙවනි වතාවෙ කියවන ගමන්)

      Delete
    6. ඕක ඇවිල්ලා ඒ කාලේ ලව් ඩයලොග් වල ටෙම්ප්ලේට් එකක් මචෝ.

      Delete
    7. පන්ති යන කාලෙ ලව් නොකරපු නිසා ඔය ටෙම්ප්ලේට් එක අහක ගියා බං.

      Delete
    8. පුංචි කාලේ ඉදලම මූ කොබා කියලා දන්න හින්දා කෙල්ලෝ මූට කැමති උනේ නැනේ.ඒ හින්දා ලවක් තිබුනෙ නැ.නැත්තම් මූ කෙල්ලෝ කී දෙනෙක්ගේ පස්සේ ගියාද අප්පේ.පංති යනවට වඩා ගියේ කෙල්ලෝ පස්සේ.

      Delete
    9. කැමා,
      අයියෝ අපරාදෙ සල්ලි!

      මනෝ,
      දාපිය පහක්!

      Delete
    10. තූඃ... විතරක් මේ වල් මන්දිරයගෙ කට... චිඃ... මං පස්සෙන් ගියෙ නෑ බොල.. මගෙ පස්සෙන් එද්දි මං ගණන් ඉස්සුවා... අපි එහෙම තමයි...

      ඇව්.. ඇව්... දාපං පහ බැරිනම් ඔක්කොම හරි...

      Delete
  8. පරිසාධන මට්ටමට ආපු තොල්... LOL

    උඹ පොඩි කාලෙ ඉඳන්ම ගණිතය ප්‍රිය කරපු බව පේනවා. ඒකනේ ගණිත සංකල්ප සාමාන්‍ය ජීවිතයටත් යොදා ගන්නේ.

    මට තවමත් අර switching between times පොඩ්ඩක් ටැපලෙනවා. නමුත් හිමිහිට කියෙව්වාම ඒක හරියනවා.

    ReplyDelete
    Replies
    1. මධූවා සාමාන්‍ය සිපගැනීමක් කරන්නෙත් අඩිරෑලකින් දිග බලලා,කෝණමානෙකින් අංශක ගාන මැනලා,සමීකරණයකට අනුව අගය හොයලා,දිග පලලෙන් වැඩි කරලා,ප්‍රස්ථාර වලට අනුව රෑපසටහනක් ඇදලා....අන්තිමට 100 වැඩිකරලනේ.

      Delete
    2. හනිමූන් යන්න කලින් වර්නියර් කැලිපර් එකකුත් අරගෙනලු ගියෙ... ඒකෙන් ඉතින් දිග පළල විතරක් නෙවෙයි ගැඹුරත් මනින්න පුළුවන්නේ....

      Delete
    3. මනමාලි ගෝලමානයක් අරං ආවයි කියල ආරංචි උනේ නැද්ද?

      Delete
    4. බලපං මගෙ අහිංසක නිරීක්ෂණය ගිය දුරක්! මට හිතුනට මගෙ තියෙන ඩීසන්ට් කමට කිව්වේ නෑ. උඹ ආශ්‍රය කරන උන්ගෙ හිත්වල තියෙන දේවල් පේනවා නේද ? බලපං මොන තරම් දූෂ්‍ය වෙලාද කියලා මේ තරුණ හිත්!

      Delete
    5. //මොන තරම් දූෂ්‍ය වෙලාද කියලා මේ තරුණ හිත්//
      ඕක තමයි අයිය තරුණ හිත් වලට දැනෙන දේවල් වයසක හිත් වලට දැනෙන්නෙ නෑ කියන්නෙ.

      Delete
    6. කිස්ට් බෝතලේ මුඩිය වගේ පෝහෝ ගාලා නැවුම් බවේ සද්දෙත් ආවලු

      Delete
    7. දැන් ඔය ඉන්නේ වර්ගඵලය හොයාගන්න බැරිවයි.

      Delete
    8. ඩූඩ්,
      1. අවශ්‍ය පමණටනං ඇවිත් තිබ්බා.
      2. මැත්ස් නොකර බයෝ කරපු මෝඩකම ඩූඩයියේ, අක්කලා දෙන්නෙක් එපා කියද්දි.
      3. කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා! ඈත අතීතය, අතීතය සහ වර්තමානය.

      මනෝ,
      අන්තිමට කියපු එක ප්‍රායෝගිකව යොදාගන්නෑ මචෝ. ඒක මනසින් විඳිනවා. මේකේ තව ඉස්සරහට උඹට පෙනේවි මිලි මීටර් ගාණට මැනලා වැඩේට බහින හැටි.

      කැමා,
      ගැඹුර ව‘නියර් කැලිපරයෙන්. දිග මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානයෙන්.

      ප්‍රසා,
      එළ ද බ්‍ර කමෙන්ටුව.

      ඩූඩ්,
      පොඩි කොල්ලොනෙ ඩූඩයියේ. ගනං ගංට එපා. අපි බලමු වෙනසක් කොරංට යහපත් පැත්තට.

      ප්‍රසා,
      මේං.... තරුණයා! හැට හයක් පේනවා මූණෙං.

      මෙන්ඩා,
      සද්දෙ විතරයි බං. සෝස් එන්නෙ තැපෑල බෙදනවා වගේ. පැයට සෙන්ටි මීටර් හතලිහයි.

      මනෝ,
      ඉදකිං තෝ...මූට සපෝට්ටුවට දාපු කොමෙන්ටුව හොඳයි ගලක උලාගංට.

      Delete
    9. මලයා....
      සාප නොකරන්න මලයා....සාප නොකරන්න...
      අපි මෙ පුරස්නේ පයිතගරස්ගේ ප්‍රමෙයන්ට අනුව විසදගමු මලයා...

      Delete
    10. උඹට කියන්න මනෝ මේ ඊයෙ පෙරේදා මම අර වන්බෙගුදරි ඔක්කොම එන ගාණක් අඹරලා හැදුවා පොඩි දෙන්නත් එක්ක. හදාගෙන ගියා පැය කාලක් විතර. (ඇයි ඉතිං හරක් ළමයි එකසිය ගණන්නෙ එන්නෙ) අන්තිමට උත්තරේ ආවම අපේ හාමිනා කියනවා පෛතගරස් හිටියනං දිව විකාගෙන මැරෙනවලු.

      Delete
    11. හෑ... මෛක්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානෙන් මනින්න තරම් පුංචිද බං...?
      උඹ දන්නවැයි මං ඕක විෂයක් විදිහට ඉගෙන ගත්තා.(යාන්ත්‍රික තාක්ෂණය, යාන්ත්‍රික ඇඳීම, ලෝහ වැඩ) මරු බං.

      Delete
    12. ඇයි මචං කැමා හස්ත කර්මාන්ත තාක්ෂණය

      Delete
    13. යකෝ මෛක්‍රොමීටර් එකෙන් මනින්න මුගෙ තියෙන්නෙ ඉදිකට්ටක් ද?

      Delete
    14. ප්‍රසා ඉදිකට්ටක්ද නෙවෙයි බං ඉදිකට්ටක් තමයි.

      Delete
    15. කැමා,
      ඒකෙන් මනින්නෙ හාත්පස වන ලැහැබ.

      මනෝ,
      ඒක තාම හදාරනවලු.

      ප්‍රසා,
      ඉඳිකටු මන්දා නූලට නං බඩු.

      මනෝ,
      තෝනෙ මැන්නෙ.

      Delete
  9. ටික දුරක් කියවගන ආවා. පැටලුණා... ආයිත් කියෙව්වාම ඒ පැටලිල්ල ඇරේවි. එත් දැන් වෙලාව මදි කියවන්න. වැඩ කරන අස්සෙනේ. කියවීම හවසට කල් දැමුවෙමි.

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවසත කවුරුත් අහල පහල නැති වෙලාවක හීං සැරේ කියෝලා බලංට නලියයියේ. පොඩි හරි රසයක් දැනෙයි.

      Delete
  10. /අර ආත්මාර්ථකාමී, ගුණමකු, කෑදර, කරදරකාර, අවලං පූසන්ට වඩා බල්ලො දාහෙන් සම්පතයි/

    මේකට එකඟයි. තාත්තෙක් උනාට පස්සෙ අනික් එව්වට එකඟ වෙන්නං. අර විජේවීරගෙ සිංදුව මං අහල තිබුණෙ නෑ. ඒකට ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. //අර විජේවීරගෙ සිංදුව මං අහල තිබුණෙ නෑ.// නෙදකින් තෝ ....

      Delete
    2. උඹටත් එක්ක කොලපොතක් මං ගේන්නං ඩ්‍රැකියො
      ඒක පට්ට බං.

      සින්දු,
      බලපංකො ඉතිං මුංව තියංට වටිනවද කියලා.

      Delete
    3. ඩ්‍රැකියෝ
      පමාද නොවන්න පුත...
      අප්පමාදෝ දරැවෝ හදන්...

      Delete
    4. මචං මූ දාගෙන ඉන්න මූණෙ හැටියට මං හිතා උන්නෙ දරුවන්ගෙත් දරුවො ඇති කියලා. අනේ මේ ඇටිකිච්චෙක්නෙ.

      Delete
  11. කිවවද්දි පැටලෙනව , පස්සෙ නිදහසේ කියවන්ඩ මාක් කරල යනව.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ ඇවිල්ලා ඩබොල් ඩබොල් දාහං......

      Delete
    2. කැමා, දාහං පහක්...!

      Delete
    3. මගෙ ලෙඩේට නක්කලේ දාන එවුන් හෙට සෙට් වෙයිනෙ ...

      Delete
    4. //මගෙ ලෙඩේට නක්කලේ දාන එවුන් හෙට සෙට් වෙයිනෙ .//උඹලා කොහෙද සෙට් වෙන්නේ ?????????????

      Delete
    5. හෑ... තොපි අපිට හොරෙන් සෙට් වෙන්නද හදන්නෙ...? වරෙංකො ආයෙ රා ඉල්ලගෙන. මන් මේ ලබන මාසෙට ඕඩර් එකකුත් දැම්මා බෝතල් විස්සකට විතර.

      Delete
    6. උංට ඕන නෑ බං. උඹේ ඔය රා, කැම රා නෙමෙයිනං කියහං අපි වෙනම සෙට්වෙමු.

      Delete
    7. ඊට පස්සෙ කැමා කියන එක කොරපං කම්මලයො.

      කැමා,
      උඹේ මේ කොමෙන්ටුව දැකලා අපේ ඉස්ටාෆ් එකේ එවුං බරගාණක් මැරුණා බං හිනාවෙලා.

      ඩ්‍රැකී,
      මේං මගෙනුත්.

      කම්මල,
      ඕං මේ මං නං නෑ. කල් ඇතිවම කිව්වා.

      සින්දු,
      බලහං මුංගෙ කැත. උඹට කියලා නෑනෙ.

      කැමා,
      තොට පොල්ල මේ පාර. ගිය පාර නස්කූනි වුණ නිසාය.

      ප්‍රසා,
      මේං මාත් අත් දෙකම ඉස්සුවා ඈ...

      Delete
    8. ඒකට එච්චරම හිනා යනවද මධුවො...?

      Delete
    9. අදම ගහනවා බල්ලට මචං කියන්න

      Delete
    10. කැමා,
      ඒක කියවෙන ඉට්ටැයිල් එක පට්ටයි බං. හෙන හුරතල්!

      මෙන්ඩා,
      ඉස්කෝලෙ කිට්ටුව ඉන්න බල්ලෙක්ද?

      Delete
  12. මේ කෑල්ල තියෙන්නෙ බන්දුල විජේවීරගේ හිත හීලෑ නෑ කියන සින්දුවෙද මදාවියෝ.පොඩ්ඩක් මැත්ස් වලින් තිබ්බත් කියවගන්න අමාරු නෑ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි. හැලපයියගෙ කතාවලිනුත් මේකට පොඩි ආභාෂයක් ලැබුණා. ඒ ගැන ස්තූති කොරංටම ඕනි.

      Delete
  13. දැන්නං හොඳටම අවුල් වෙනව වගේ. මේක ටැපලෙන්නැතුව කියවන්න ආයෙ එන්න වෙනව.
    ඊට කලින් ජ්‍යාමිතිය පොඩ්ඩක් හදාරල එන්නත් වෙන ලයින් එකක් තියෙන්නෙ.

    //අපේ සමරෙ මාමලගෙ ගෙදර කිතුල් රා තියෙනවා//
    සමරෙ කියන්නෙ අපේ කැම රා ද?

    ReplyDelete
    Replies
    1. හෙමිං වරෙංකෝ. දැන් තමා යකෝ අවුල් ලිහෙන්නෙ.

      Delete
  14. ඒ සුපිරියි බං..... අපි හිතුවා වැරදියි... උඹ කවිකාරයෙක් ඉතරක් නෙමෙයි හිටං.... ඔයැයි පස්ට කතා කාරයෙකුත් නොවැ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කියනව.
      උඹට කියන්න තුෂාරයො/අසංකයො/කසුපො, දැන් කීප දෙනෙක්ම කිව්වා මේක පොතක් ගහංට කියලා.

      Delete
  15. //මාරු සල්ලි පිට කරනවා කියන්නෙ වෙළෙන්දෙක්ගෙ ඇඟෙන් ඇටයක් ගන්නවට වඩා අමාරු වැඩක්. වෙනත් බඩුවක් විකුණන්නෙ නැතිව එහෙම කරන්න වෙනවා කියන්නෙ මුළු මහත් අස්ථි පද්ධතියම ගලවලා ගන්නවා වගේ වැඩක්.//

    සහතික ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. හිකිස් දන්නෝ දනිති ....

      Delete
    2. අපේ ගෙදර කැටේක තිබුණ මාරු සල්ලි ටිකක් අද කඩේකට ගිහින් දීලා කොළයක් කර ගත්තා.... ඒක ගත්තේ මාර පෙරේත කමකින්.... ගණං කරේවත් නෑ... ලොකු කොළේ දුන්නා..... (ඒකෙන් අපි පොඩි පිං අතේ වැඩකුත් කරා.... ඒවා පස්සට කියන්නං)

      Delete
    3. ඕක ඉතිං උඹටත් අදාල වෙනවා ඇති නේද ප්‍රසෝ?

      සින්දු,
      හැමෝම දනිති. ඒත් මෙහෙම නොලියති.

      කුරුටු,
      බැංකු වලින්, පේ ෆෝන් කොම්පැනි වලින් ගත්තැකි බං කාසි, ඕනි කමක් තියෙනවනං. කොම්පැනිවලනං පොඩි කොමිස් එකක් ගන්නවා.

      Delete
  16. මේ ඉට්ටැයිල් එකේ පෝස්ට් එකක් කියෙව්වෙ කාලෙකින්.යමු යමු.. ඉදිරියටම..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උමව දැක්ක කල්. උඹේ රසවින්දනාත්මක හැකියාව දන්න නිසා කියන්නෙ, පොඩ්ඩක් නිවාඩු පාඩුව කියෝපං.

      Delete
    2. ගස් ලබිබ මොන ලබිබක් කරාද මන්දා පහුගිය ටිකේම දැක්කෙ නැ.

      Delete
    3. ලබ්බ අස්සෙ තොයිලයක් නටලා.

      Delete
    4. අපෙ අවුරුදු උත්සවේට ලබ්බව එක්ක යන්න ඕනෙ "ගස්ලබ්බේ ඇට ගනින්න" තියන්න...

      Delete
    5. @මධූ.. මම පට්ට ලයික් මේ ලියවිල්ලට බං.ඔක්කොම කොටස් දාලා ඉවර උන දාට ඒ වෙනුවෙන්ම යමක් ඔතන්න වටිනවා.. එල.

      @මනෝ.. වැඩ බං හොඳටම.හවස බෝඩිමට යනකොට මැරිලා වගේ.පෝස්ට් එකක් දෙකක් කියවලා නිදාගන්නවා.දැං හිටියා ඇති.

      @මධූ.. දහ අට සන්නියම එකපාර නටනවා වගේ බං..

      @කැමා.. බොලාගෙ විකා 'රා' පාරක් ගහලා සරමෙන් ඔලුව වහගෙන ඉන්න බැරියැ.. යමං යමං..

      Delete
    6. කැමා,
      ඔය දෙක ඕකා ගනියි සුටුස් ගාලා.

      ගස්,
      ඔතාපු වෙලාවකත් ලියන්න ඕනි මීට වඩා පිස්සු එකක්.

      Delete
    7. දෙක කොහොම් ගනීවිද කියලා කල්පනා කලේ.. කොහොමද අතගාලා ගනින්න දුන්නොත්...?

      Delete
  17. සුපිරියි මදාවියෝ ....කොටස් ටික ඔක්කෝම ආයෙත් කියවන්න ඕන නිදහසේ .....

    "එදා අපෙ හීන මාළිග මෙදා උන් තනා ගත් සඳ -කඩා නොලන්ටයි"

    මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
    බඹරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ
    තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ.....

    එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
    ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
    එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ
    තරහ නොගන්ටයි......

    කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
    රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
    එදා අපෙ හීන මාළිග මෙදා උන් තනා ගත් සඳ
    කඩා නොලන්ටයි......

    ගී පද - රවී සිරිවර්ධන
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  18. ඒ පූසෝ කරදරයක් උනාට අනිත් පූසන්ට නම් මනාප ඇති.... මේකේ මේ අනුන්ගේ වං හුං හොයන රසයට වඩා පට්ට මෙව්වා එකක් තියෙනවා.. ඒක තියෙන්නේ ලිවිල්ලේ.. පරණ ගනං පාඩම් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ප්‍රබන්ධයට වඩා සත්‍ය විශ්මයජනකයි කියනවනෙ.....

      Delete
    2. ආයෙත් අහලා. හොර පූසන්ට නෙමේ ලව් පූසන්ට.
      මම දන්නවා උඹට මේ ඉට්ටැයිල් එක නිට්ටාවටම වදින බව. නැත්තං අර බස්සිව අප් කොරයිද ඔච්චර. අම්මපා...ඉරිසියාවටමයි ලිව්වෙ.

      කැමා,
      උඹ මුන්ව දැනුවත් කරංට යංට ඕන්නෑ බං ඔය වචන ටික නාස්ති කරලා. මුං දන්නවා මාව.

      Delete
  19. මදුවෝ,
    මම මොකුත් කියන්නෙම නෑමයි. මොකුත් නොකිය හිටියම මේ පෝස්ට් එකේ අගේ වැඩියි කියල කැමානෙ කියල දුන්නෙ. ඒ නිසා ඕං මං කට වහගත්තා. පට්ටම පට්ටයි මදුවෝ. ආයෙ කියල වැඩක් නෑ.

    //අර ආත්මාර්ථකාමී, ගුණමකු, කෑදර, කරදරකාර, අවලං පූසන්ට වඩා බල්ලො දාහෙන් සම්පතයි.//
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. උඹ වගේ මේක සම්පූර්ණයෙන් කියවලා වාක්‍යයෙන් වාක්‍යයට කමෙන්ට් පේලි පේලි දාන්න පුළුවන් එකෙක්, ඔහොම පට්ටයි කියලා විතරක් මාරු වෙලා යන එක ගැන දුකයි කසුනෝ.

      Delete
    2. ඕං බලහං මූ මාව බිල්ලට තියලා මාරු උනු හැටි. කමක් නෑ මගෙනුත් දෙයක් ඉගෙන ගත්තනේ...

      Delete
    3. කසුනා දැන් පටස් ගාලා මාරැවෙනවා වැඩියි වගේ.
      පොල් වගයක් කඩාගන්නත් තියනවා මූට කියලා ඒ ටික කඩලා දෙන්න එනවාමයි කීවට තවම ඒ වැඩෙිට ආවෙත් නැ.

      Delete
    4. කැමා,
      ඕකාව අහුවුණොත් බැඳලා දාමු ගහක. මාරුවෙනවා වැඩියි දැං.

      මනෝ,
      අනේද කියන්නෙ. කොහොමද මුලදි පෝලිම දාපු හැටි.
      අපිටනං පොල් එපෝ. නංගි දෙනෝ.

      Delete
    5. මදුවෝ, කැමෝ, මනෝ,
      මේ දවස්වල වැඩ වැඩියි බං. මේ ටිකෙන් පස්සේ ඇවිත් කොමෙන්ට් කරන්නම් ඇතිවෙන්න.
      මදු,
      උඹ නංගිගෙ පොල් කාහංකො. ගෙදරින් දැනගත්තදාට අපිටත් උඹලගෙ ගෙදරින් මාරි බිස්කට් කාල තේ උගුරක් බොන්න බැරියැ.

      Delete
    6. උඹට කියංට කසුනෝ හෙට, අනිද්දා, ඉං අනිද්දා තුනම ඕෆ් මමත්. වැරි සොරි වෙන්ටෝනෑ..
      අනේ ඉතිං ඔය තෝ දන්න හරිය තමා. නංගි පොල් දෙන්නෙ අක්කට (උපේ හාමිනාට). අක්කා තමා මට කිව්වෙත්. නැත්තං මං දන්නෙත් නෑ නංගි පොල් දෙනවා කියලා. උඹට මාරි බිස්කට් කන්න ඕනිමද? හිටහංකො ටික දවසක්.

      Delete
    7. කටට කෙල උනනවා බං. "ප්ලේන්ටි දෙකයි, මාරි බිස්කට් යාරයයි"... පොඟව පොඟව කාලා ඉවර වෙද්දි බඩට කොන්ක්‍රීට් දැම්මා වගේ. දැන් තියෙන මාරි ඒ කාලෙ තිබුනු ගෝල්ඩ් මාරි වගේ රසත් නෑ සුවඳත් නෑ. දැන් මාරි දෙන්නෙත් නෑ.

      නංගි පොල් දෙන්නෙ 50ට නේද..? ලොරියක් ඇරන් වරෙන් 36 ගානෙ දෙන්නම්.

      Delete
    8. ..//මේ දවස්වල වැඩ වැඩියි බං.//...

      කසුනා හැමඑකාගේම පොල් කඩන්න ගියාම වැඩ වැඩිවෙන්නැතැයි උඹට.රස්සාවක් උනත් පරිස්සමින් කොරපං.අනික මේ වැස්ස දවස්වල පොල් ගස් නගිනකොට පරිස්සමින්.
      උඹ තවම එක ගහක නගින්න ගන්නේ අර පරන ගානම නේද ?

      Delete
  20. කතාව ලෙසටම ගලං යනව ඈ.. මේ අතර මැද්දෙං පොඩි ඇඩ් එකක් දාල අර හරි ලාස්සන කවියක එහෙ දැම්මට කමන්නෑල ඈ...
    ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් බලං ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. කවි දාන්න ගියොත් මේක අවුල් වෙයි කියලා හිතෙනවා බං. සින්දු කෑලි නං දාන්නං.
      උඹේ ඇගයීම මට බොක්කටම දැනෙනවා.

      Delete
  21. 1. මේ පැත්තේ එන්න ප්‍රමාද වුණේ මේ දිනවල පෞද්ගලික වැඩ කීපයක් සඳහා කාලය වැයකිරීමට සිදුව අති නිසාය.

    2. නකියාට පොඩි අකුරු කියවන්න අමාරුය. ඒ නිසා අකුරු ටිකක් ලොකු කළොත් හොඳය.

    3. අද්‍යතන ජනවංශයේ කුටුම්බයන් අතර සිදුවන ජවනිකා සමුදායක් අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කර අති ආකාරය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. 1. ඒ පෞද්ගලික වැඩේ අතපසු කිරීමනම් ඉතා අහිතකරය. එබැවින් සමාව දෙනවාය.
      2. ඒ අඩුව ගැන මටද සිතුනේය. ඔබට ගෞරවයක් වශයෙන්ම ලොකු කොරනවාය.
      3. ඒ අගය කිරීම ඉතා ආදර ගෞරය බහුමානයෙන් බාරගන්නවාය. දිගටම රැඳීසිටින්නය.

      Delete
  22. මේ පැත්තෙ එන්න ප්‍රමාද වුනේ ප්‍රොජෙක්ට් එකක වැඩ වගයක් කරන්න තිබුන නිසා. සිකුරාද මම නිවාඩු දැම්මෙත් ඒකට. නමුත් කාලීන ප්‍රශ්නයක් ගැන බ්ලොග් ගොසිප් සයිට් අරක මේක බලල ඒක කරගන්න වුනෙත් නෑ. අද සෙනසුරාදයි ඉරිදයි නම් නෙට් එක පැත්ත පළාතෙ යන්නෙ නෑ කියල ඉන්නෙ . හෙහ් හෙහ්.

    මට මේ පෝස්ට් එක කියවනකොට සිතුනෙ පොඩි ළමයි බාහිර දේවල් නිසා පාඩම් වැඩ අත පසු කරගන්නව කීවට අපිත් ඒ බෝට්ටුවෙ නේද කියල


    මට මේ අයගෙ මූණු දකින්න ආසයි බන්. දාපන්කො සමූහ ඡායාරූපයක්වත්. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට අපි නිදහස දෙනවා හොඳටම මදි. මමනම් කැමති නෑ ඒකට. ඒ වුණාට ඉතිං අම්මලා කියලාත් ජාතියක් ඉන්නවනෙ මචෝ.

      අන්තිමට කියපු ඉල්ලීම මෙහෙම ප්‍රසිද්ධියෙ ඉටුකරන්න බෑනෙ සුදා. දැම්මත් දාන්නෙ පොඩි ඩිස්ටෝට් පාරක් දාලා. මුණගැහුණු දවසක බලමු.

      Delete
    2. ෆොටෝ දාන්න එපා මචෝ. පර්සනල් මීට් උනු වෙලාවක පෙන්නන එක වෙනම දෙයක්. මේ වගේ එකක දාන්න එපා.

      Delete
  23. එක කතාන්දරයයි.. අතුරු කතා (කොමෙන්ට්) ගොඩායි... එළ!

    අර හරක් පුකෙන් බලු ඔලුවෙන් කියන්නේ වාහනේ දාන්න ඕනි පැත්ත නේද බං.. හරකෙක් පාර පනිනවානම් උගේ පිටි පස්සෙනුත් බල්ලෙක් පනිනවානම් උගේ ඉස්සරහනිත් නේද දාන්න ඕනි..

    අර සමචතුරශ්‍රාකාර දැරිවි කතාවට නව මානයක් එකතු කරා නේද එක බැල්මෙන්ම? :)

    ReplyDelete
    Replies
    1. පංච තන්ත්‍රය වගේද බං?
      ඒ දැරිවි එතනින් ඉවරයි බං. ඩිස්පෝසිබල්.
      ග්ලොසරි එකකුත් දැම්මනං හරි වගේ මේකට. සමචතුරශ්‍රාකාර කියන්නේ මචං ‘උසේ තරමට මහත‘.

      Delete
    2. අඩෝ මං ආසාවෙන් කියවපු කතාවක් පංච තන්ත්‍රය. මං හතර වසරෙ ඉද්දි ඕක කියෙවුවෙ.

      Delete
  24. යන්තම් ඔන්න පාටියෙන් ගොඩ ආවා... කෝ එකෙක්වත් නෑනෙ ඉ‍යෙ ඉඳන්... මෙන්ඩෝ... කම්මලයෝ... පූසෝ... කෝ බොල මුන්....

    ReplyDelete
    Replies
    1. අඩේ.....උඹ කාම පණපිටිංද බං?

      Delete
    2. මචංලා නියම පෝස්ට් එකක් දාලා තියනවා අපේ වාසනා කොලුවා.බලාගෙන වරෙල්ලකෝ.උඹලා ඒ පැත්තට යනවා අඩුද ?
      මම නිතරම යන තැනක්.මෙන්න ලින්ක් එක
      http://wasanawanthaya.blogspot.com/2015/10/blog-post_3.html

      Delete
    3. ඉන්නවා ඉන්නවා... යන්තම් පණ බේරගෙන ඉන්නවා... බලහං අනික් උන් ටික පණපිටින් ඉන්නවද කියලා.. අටමනම් ඉන්නවා දැක්කා...

      පල පල මන්දිරයෝ.. ඌබ කියන්න කලින් ගිහින් කමෙන්ට් එකකුත් දාලා ආවා... හූ...

      Delete
    4. කැමා
      හූ...හූ ආයෙත් ගිහින් බලලා වරෙන් මම තමයි පලමු කොමන්ටුව දැම්මේ
      මචං වාසනා කොලුවගේ ලියවිල්ල නම් මරේ මරැ.ඒකනම් සුපිරි හැකියාවක්...

      Delete
  25. අංක එක කියෝලා තිබ්බේ ගිය සතියේ දෙක කියෝලා ආයේ එක කියෝලා හතර කියෝලා කමෙන්ට් කරන්න හිතුවම තේරෙන්නැහැ බන් නැන්දම්මේ මොනාද කියන්නේ කියලා.. මං කැමති මේ කථාවට.. ඒක කිට්ටුවෙන් දැනෙන හින්දා

    ReplyDelete
    Replies
    1. බොට තියා ලියපු මටවත් තේරෙන්නා බං ගොං ලේලියෙ.

      Delete