2015-11-23

ටොයි බජට්


(උපුටාගැනීම හැන්සාඩ් වාර්තාවෙනි)

ගරු එම්.එම්. මාදාවියා (සුවාදීන) මහතා-

ගරු කතානායක තුමනි,



මේ අයවැය පිළිබඳව, විරුද්ධ පක්සේ වාඩිවෙලා ඉන්න නිසා, වැරදි විතරක් පෙන්නා දෙංට තමා මං අදහස් කොරන්නෙ. මොකද අපේ රටේ විරුද්ධ පක්ස හැදී පැහැදී ඉන්නෙ ඒක කොරංටනෙ.

අනික මේ අයවැය ඉංගිරිස් වලිං කියෝපු එක ජාත්‍යන්තර කුරුමන්තනයක්. මම පැහැදිලිවම ප්‍රකාශකරනවා, මෙතන ඉන්න මං ඇතුළු තුනෙං දෙකකටම ඔය කියෝපුවා තේරුනේ නෑ. මාත් ඒ වෙලාවෙ හීනෙං අස්ප ගෝං ටික් ටික් කිය කියා තමා හිට්ටෙ. පහුවදා ඔය එක එක පත්තර අනං මනං වල දාපු ට්‍රාන්ස්ලේසොං එකට පිං සිද්ද වෙංට අද මෙහෙම කතා කොරනවා. නැත්තං අදත් අස්සය ගෝං ටික් ටික්.

ගරු කතානායකතුමනි,
මුලිංම බලන්න අපේ මේ මුදල් ඇමතිතුමා ගෑස් බස්සලා තියෙනවා (සබාවේ ගෝසා). නෑ නෑ එතුමාගේ බිරිඳගෙ නෙමේ අනෙකුත් ගෘහස්ත සිලින්ඩර වල. අපේ ගෙදරත් පොඩි එකකුයි ලොකු එකකුයි තියෙනවා. ඔය සොච්චං මංත්‍රී වැටුප වැටුනම පොඩි එක ගෙනියනවා අඩේට තියංට. වෙන ඔය පොඩි කෝටා එකක් ජරාවක් කාරිය වැඩකලාම ලොකු එක ගෙනියනවා. දැං බලංට, පොඩි එක අඩුවෙලා නෑනෙ. ලොකු එක අඩුවෙලා. දැංනං සිලිංඩරේ 1300 කට විතර හම්බුවෙයි..මාත් හරියට ගාන දන්නෑ. නෝනා තමා ඒවා දන්නෙ. මම ඉතිං දන්නෙ මට ඔය ඉඳල හිටල යන බයෝ ගෑස් වල ගාන විතරයිනෙ.

එතුමා බූමිතෙලුත් බස්සලා. අන්න එව්වානං බස්සන එකමයි කාරිය. දැං මේ ආණ්ඩුවත් යන විදිහ බැලුවම, මේ රටේ මිනිස්සුත් ස්වයං ආදාහනේ කොරගංට ලාබ දායී කරමයක් හොයනවා ඇතිනෙ.

දැන් බලංට මේ කඩල උපරිම මිල 169 කරලා කියලා තියෙනවා. මේවා බොරු වැඩ. කඩල කන්නෙ කවුද? අස්පයො...අස්පයො. මේ උතුම් දේසේ අස්සයෝ පැද්ද හැමෝටම කෙලවිලා තියෙන්නෙ අතීතෙ ඉඳං. ඩී.ඇස්. මහත්තයා මලේ අස්පය පිටිං වැටිලා. ඊට පස්සෙ මෑතකදි වුණත් මේ .... මේ බූමිතෙල් ලාබයි නේද? හැක් හැක් ඕවා මතක තියෙනකං මේ රටේ එකෙක් පදින්නෑ අස්පයො.

ළදරු කිරිපිටි...ම්... ඒකනං හොඳා. මොනා උනත් දැංකාලෙ පොඩි උං හරි ආසයිනොවැ හරක් කිරි වලට. මොලේ වැඩෙංටත් එක්ක ඒක හොඳ යෝජනවක් මුදල් ඇමතිතුමා (සබාවේ අප්පොලසං) දැං කිරි පැකට් එකක් 295 කට විතර ගංට ඇහැක් එක හොඳා. ඕකත් නැත්තං අපේ ළමයි..මං මේ කිව්වෙ ජනතාවගෙ ලමයි ඉතියෝපියාවෙ උං වගේ වෙනවා...ඕ යේස්

ආච්චිට හාල් ගරන්න ගරු කථානායක තුමනි,
අද වෙළඳපොලේ තියෙන මේ අැට ජාතිවල ගණං ඇහුවම මාලඟ තියෙන දෙකත් දැවිල්ල අල්ලනවා. මුං ඇට 250-260. කවුපි 240-250. මයිසූර් ඕන්නං 300 ටත් ගත්තැකි. ඒ හිංදා පරිප්පු 169 කරපු එකත් හොඳා..එතකොට ඉතුරු රුපියලට මක්කැයි වෙන්නෙ? මොනාද ඇමතිතුමා මේ බාටා ප්‍රයිස්? මේ...මයිසූර්ද? වටානාද? ඒක පැහැදිලි නෑ. (තේරෙන සිංහලෙං කියෝපංකො බජට් එකවත්)

අම්මට හුඩු ගරු කතානායකතුමනි,

හාල්මැස්සො සීය හතලිස් එකයි! පට්ට ලාබයිනෙ ඕයි! ඔතන මේ රුපියල තමා ප්‍රශ්නෙ. මේක ආණ්ඩු පක්ෂෙ විශාල සැලැස්මක් ඇතිව ගහපු ගැටයක්. දැන් බලංට. හාල් මැස්සො පොඩි උන්ට හොඳානෙ. පට්ට පෝෂණයක්නෙ තියෙන්නෙ. හාල් මැස්සට පෝෂණේ නැති නිසා ඌ හාල්මැස්ස වගේ ඉන්න එක වෙනම කාරණාවක්. කලිං තිබ්බ ගානට හාල් මැස්සො සීයකට වඩා ගෙදර ගෙනියංට බෑනොවැ.

කරෝල මිල බස්සපු එකනං බෝම හොඳා... මෙන්න ජාතියට ප්‍රෝටීන් දෙන අය වැයක්. මං නැගිට්ටෙනං පතුරු අරින්න බලාගෙන. ඒ වුණාට...ම්...බලමු තව පොඩ්ඩක්. කට්ට කරවල...ම්... කරවල කට්ටද?

රටළූණු, අර්තාපල් රුපියල් 25 කින් පාතට. ඕවා ඉස්සුවා නේද තමුන්නාන්සෙලාම පහුගිය දවස්වල. හරි හරි. දැං තමා ප්‍රශස්ථ මිල..හුහ්. තමුන්නාන්සෙලා ළඟට ගෙන්න ගන්න ගෑනුන්ගෙ රෙද්ද උස්සන ගානට බඩු මිලත් හිතූ හිතූ හැටියට උස්සන්න තියාගත්තොත්, සෙත්ත පොච්චි වෙලා තව අවුරුදු විස්සක් විතර මේ පැත්තෙ ලගිංට වෙයි..හිටං. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ කෙලෝගත්තෙ මිනිස්සුංගෙ බඩට ගහලා.  

Zero-Based Budgeting? මේ කියන්නෙ අවුරුද්දෙ මුල හැම ගිනුමකම ගාණ බිංදුවයි කියලා පටං ගන්න එකද? ආ...මේ තියෙන්නෙ. සේරම වියදං සාදාරණිකරණය කොරලා පෙන්නංට ඕනෑ කියලා. ඒකනං කොරලා පෙන්නයි අපේ උන්දැලා. අනික ඉතිං අපේ එකවුන්ටන්ලා ගෝල් සීක් දාලා එකවුන්ට් හදන කස්ටියනොවැ හැක් හැක්!

මළ කෙළියයි ගරු කථානායකතුමනි,

මේං මෙතුමා කියනවා ආර්ථික වර්ධන වේගය 6% ක සාමාන්‍ය අගයක පවත්වාගෙන ගියාලු. උද්ධමනය 2% කින් අඩු කලාලු. හැබැයි...පහුගිය කාලෙ අපි ගිය වර්ධන වේගෙ හැටියට ඇමෙරිකාවත් හෙල්ලිලා ගියාලු. ඔව්...ඔව්... කමක් නෑ. ඔබතුමා ඕක පවත්වගෙන යංටකො. තාම බැංකුවල පොලියනං එහෙම්මයි. සීයට දෙක...! හුහ්

ජාතික ආරක්සාවට අළුත් අළුත් කෙරම ගේනවා කියලාත් තියෙනවා. ඒ මොනාද අප්පා ඒ? හරි..හරි... ඇස්වල කළු ඉංගිරියාවෙං අයිඩිංටිය හදංට..වගේ එව්වා වෙංටැති. ඕවා ගොඩක් රටවල දැනටත් තියෙනවා. මේ...මට පේන හැටියට...මේ පාරනං රට ලෝකෙට ටිකක් ඇරෙංට වගේ යන්නෙ. මේවා කොලේ තිබ්බා වගේ නෙමේ පුතෝ... ජාතිකාරස්සාවට කියලා හෙට ඉඳං ෆේස්බුක් වහංටයි බුරි වහංටයි තියාගන්නව නෙමේ ඕං...මගුල!

අර ගෝනි බිල්ලො කේස් එක ගැනත් බලංට වෙයි. තමුන්නැහැලගෙ බුදු ෆිට් එකනෙ ඉතිං.

පුද්ගලික අංසෙට නිර්මාණසීලී වැටුප් ක්‍රමයක්. පඩියෙ ලබ්බද මහත්තයො නිර්මාණශීලී වෙන්නෙ? අතට ගන්න එකාට බරට දැනෙනවානං එච්චරයි. මයෙ හිතේ ලස්සන පාට පාට පඩි පැකට් එකක් හදල, දිලිසෙන පෑනකින් නම ලියලා...ඈ....අනේ හුකේ.

උපාධිකාරයිංට සලකංට වගේ යන්නෙ. ඒවා හොඳයි. අපි වරදක් කියන්නෑ. හැබැයි ඔළුවට ලෑල්ලක් ගහගෙන, කලු කෝට් දාගෙන, පදක්කං එල්ලගෙන උජරුවෙං උපාදි ගත්තු ඒ කොල්ලො කෙල්ලො ටික ගම වටේ යවනව නෙමේ පැල බෙදංටයි ඇට බෙදංටයි.

මේ...ඉස්කෝලෙ ලමයින්ට කොරංට යන වැඩේ...ඒ කියන්නෙ හර විෂය මාලාව ඇගයීමට අමතරව දක්ෂතා ඇගයීමේ ක්‍රමයටනං මං අත් දෙකම උස්සනවා (සබාවේ අප්පොලසං). මේවා තමා කොරංට ඕනෑ. කොරංටත් ඕනෑ හොඳේ. මේ රටේ අනාගතේ බාරගංට ඉන්න එවුංට තියපු තියපු හැම විබාගෙදිම අමු පිස්සු කෙලපු ප්‍රස්න පත්තර හදපු ආණ්ඩුනෙ මේ රටේ තිබ්බෙ. වෙන රටකනං අද්යාපන ඇමතිලා අස්වෙන්නෙ එක රැයින්! එහෙම පුළුවනෑ මෙහේ.

සුළු හා මධ්‍යම පරිමාණ වෑවසායකයිංට ඇප නැති ණය (ආධාර? ණය වල මක්කැයි තව ආධාර? ණය කියන්නෙ ණය. ඒකවත් දන්නෑ.) සඳහා රුපියල් මිලියන පන්සීයක්? කෝටි 50 ක්. හපොයි! එක තේ පැට්ටරියක් ගත්තම ණය විතරක් තියෙනවා රුපියල් කෝටි තිහක විතර. කමක් නෑ. එක පැට්ටරියක් ගොඩ. තව එකක් තුනෙං දෙකක් ගොඩ. ඔහොම යං. ඔහොම යං. මෙහෙමත් එකක් තියෙනවා. ඕක ලක්ස 5 ගානෙ පොඩි උං දාහකට දුන්නනං අන්න වටිනවා. මං හූණා කියන්නැහේ කියන්නං. ඔය කෝටි පණහට අරින්නෙත් ලොකු ලොකු එවුං දහ දෙනෙක් විතර. ඔය කෝටි පණහ දෙංට ඇමතිතුමා ළමයෙකුට!

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ඇති කරන බවත්, බිජ්...ආ..බීජ විවිධාංගීකරණයට , රෝපණ ද්‍රව්‍ය ඇති කිරීමට පුද්ගලික අංශයේ සමාගම් දිරි ගැන්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රු.මිලියන 1000 ක මුදලක් වෙන්කරන බවත්... හැක්..හැක්... මේක අපේ ජනාධිපතිතුමාගෙ බට් එකක් මයෙ හිතේ. අර බිජ්..ද මොකක්ද එක විවිධාංගීකරණය කිව්වෙ ජාන සෙල්ලං වෙංට ඇති. කමක් නෑ. අපිටත් ඇහැක්වෙයිනෙ ඇට නැති කොමඩු එහෙම කංට. මේකටත් මං එකඟයි.

හම්මට සිරි.........කතානායකතුමනි! හාල් බස්සලා...! බැස්සුවා වගේ නෙමේ. මාස දෙකෙං තුනෙං අායි නග්ගනවා නෙමේ දෙයියංගෙ හාල් කැවෙංට. යකෝ මේ සමහරක් රටවල ආණ්ඩු කරන උන්ගෙ මොකද්ද එක නගින්නැති හිලව්වට මිනිස්සු තුංවේල කන හාල් ටික නග්ගනවනෙ. එතන හිටං බෙරිහං දෙනවා ඇමෙරිකං පිටි වර්ජනය කොරව්! අපේ ගානට හාල්ම කාපියව් කියලා. මෙහෙමත් එකක් තියෙනවා. තේ වලට බී ලීෆ් සික්ස්ටි ද මක්කද සහතික මිලක් දීලා කෙලෙව්වනෙ පැට්ටරි ටිකට. ආයි වී ටිකටත් ඒක කොරනවා නෙමේ සහතික මිල දෙංට ගිහිං. තමුන්නාංසෙලා ටෙස්ටිං කොරගංට ගෙදර ගිහිල්ලා. මිනිස්සුංගෙ ජීවිත එක්ක ඒ සෙල්ලං එපා.

ගරු කථානායක තුමනී............

පෝර සහනාධාරෙ පෝර වලිං නැතිව හෙක්ටයාරෙකට විතරක් රු.25000 ක් සල්ලි වලිං දෙංට යනවා කීවනෙ. අක්කර පණහ තියෙන එකා ඕක අරං ඉතුරු හතලිස් හතහමාර මැරෙංට ඇරලා දායිද දන්නෑ...හැක් හැක්. මේ අපේ ගමේ ගොයියො ඔය විසිපංදාහ ගත්තු දාට ගෙදර යනවා මට මැවිලා පේනවා. කයියෙම්ම කියංටද?

තුනේ රෝදේය, නැගලා යනවාය
ලිඳේ පනිදාය, ලිඳ තුල කසිප්පුය
අතකින් කුකුලෙකිය, අතෙකින් බාගේය
සහනාදාරෙ පැය දෙකකින්, හිඳුනේය....හෙහ් හෙහ්

රුපියල් කෝටි තුංදාස් හස්සිය පනහක්ම වෙං කොරලා තියෙන්නෙ සහනාදාරෙ. අවුරුද්දට තුං පාරක් දුන්නොත් ලක්ස පහක් මිනිස්සු යැපෙනවා. බලමු. ඕවා වෙයිද කියලා. තමුන්නාංසෙලගෙ ප්‍රතිපත්ති හෙන ඩයිනමික්නෙ. කියංට බෑ එකපාරක් දීලා අල්ලලා දායිද කියලා.

ධීවරයිංට ලක්ස දහයෙ ජීවිත රක්සනේනං හොඳා. කොම්පැනියට කියංට අදිංනැතිව ගෙවංට කියලා වෙලාවටම. ගෙදර අනික් උනුත් මූදට පැන්නට පස්සෙනං වැඩක් නෑ ඕං. මේ ධීවර වරායවල් පහක් සංවර්ධනය කිරිල්ල හොඳයි. චීනට මාලු අල්ලංට දෙංට එපා. කෙලෝගත්තනෙ එක පාරක්.

තේ රබර් පොල් පරියේසන ආයතන වලට රුපියල් කෝටි විස්සක් අවුරුදු දෙකකට! මේ කස්ටිය වෑවසායකයො දැනුවත් කරංට කියලා කට්ලට් එකයි, පාං පෙති තුනයි බෙදලා ඉවර නොකලොත් මේ සල්ලි ටික....... අර තේ රබර් කර්මාන්ත සාලා බදු නිදහස් කිරීමත් හොඳා... හැබැයි පැට්ටරි අලුතිං දානකොට ලෝන් එකෙං සීයට දහයක් දෙංට කිය කියා පස්සෙං යවනවා නෙමේ බහිරවයෝ එහෙම.

පොකුරු ගම්මාන 14 ක් හදංට යනවාලු. එක ගමකට කෝටි 150 ගානෙ වෙං කොරනවලු. ආයි පිල්ලි යයිද? ටකරං හැංගෙයිද? පිං වතුර ගලයිද? ඈ... ඔය දාහතරට වෙං කරපුවයිං බැරිද ගම් දෙතුං සීයකට යංට පාර හදංට. පාරවල් හැදුවෙ නැත්තං රට දියුණු වෙන්නෑ මහත්තයෝ. අහංට අපේ හිටපු...නෑ ඕන්නෑ.

රත්තරං ඉම්පෝට් කොරංට 50 දෙනෙකුට චෑංස් එක තියෙනවා ඕං. මීට පස්සෙ බලපත්‍ර දීපු ඒ පණස් දෙනාට විතරයි රත්තරං ඉම්පෝට් කොරංට වෙන්නෙ. හුටා! අදෝ මාර්ගයෙං ඉම්පෝට් කොරන එකටත් කෙළවුනා නේද?

ඌණ-උපයෝජිත ඉඩම්, හෑ...ආ නැත්තං, ඒ කියන්නෙ ඉඩමකිං හරි හමං පොරෝජනයක් නොගෙන වල් වැදෙනවනං, පවරගන්නවා කියලද? ආණ්ඩුවෙ වල් වැදිච්ච ඉඩං ටික දෙනවද? කමක් නෑ ගෙවල් හදංටනෙ. යසට තියෙන කැලෑ පොජ්ජට කෙලිනවා හෙම නෙමේ අර කවුද වගේ ඈ... ගෙවල් නං හදන එක පිනක්. ඇමතිතුමෝ. පේමදාස මහත්තයාට මිනිස්සු මොනවා කිව්වත්, උන්නැහැ හදපු ගෙවල් ටිකයි, ගාමන්ට් ටිකයි ඇති උන්නැහැට දිවිය ලෝකෙ යංට. මෙතනත් ඉන්නවා එහෙම කෙනෙක්. එයාත් කොරපු ටික ඇති දිවිය ලෝකෙ යංට. පස්සෙ පස්සෙ තමා මේ... හරි අපි බජට් එක ගැන කියමු.

ගරු කතානායක තුමනි,
අවුරුදු 10 ට වඩා බුත්තිය තියෙන ඇත්තංට ස්වර්ණබුමි ඉඩං පැවරිල්ල හොඳා. අර වැලි ගංට මූද හෑරිල්ල ගැනනං මං මොකුත් කියන්නෑ. මොකද? මේ පරිසරයට අපි අරින ඇරිල්ල ඇති හොඳටම. ගෙවල් හදංට වැලිම ඕනි කියලා නෑ ඇමතිතුමා. තව ක්‍රම තියෙනවා සිමෙංතියෙං බඳින බිත්තිම නැතිවට.

ඉස්කෝල ළමයිංට බැංකු ගිණුම් ඇරලා දෙන එක හොඳා. ඉතුරු කරන්නැති ඈයොංට ඉස්ට්‍රෙස්ද මොකද්ද හැදෙනවා තමා. හැබැයි බැංකුවලට කියංට කම්මැලි නැතිව ඉස්කෝලවලට ගිහිං සල්ලි එකතුකරගෙන එංට කියලා. සෝබනේට කවුන්ටරයක් විතරක් අටෝලා පැත්ත පලාතෙ යන්නැතිව ඉන්නැතිව.

පාට් ටයිම් ජොබ් සංස්කෘතියත් බෝම හොඳා. අපිටත් ඔය පාර්ලිමේංතුව නැතිදාට වළඳක් පිඟානක් හෝදගෙන ඉංට බැරිය (සබාවේ ගෝසා). නෑ...නෑ... එහේ ගිහිං හෝදංට කට්ටිය දැනටමත් ඉන්නවනෙ.

ඔය සතියේ වැඩ දවස්ගාන දින 5 කොරපු එකත් හොඳා. ඕටී එක බාගෙට ගෙවංට තමා ප්‍රයිවට් කොම්පැනි කාරයො සෙනසුරාදා වරුවක් වැඩ දාගන්නෙ. යස වැඩේ. දැං ගෙවපියව් එහෙංපිටිං. නැහ්නං නිකම්ම හිටපියව්. කොහොමත් 2500 ක් පඩි වැඩි කරංටත් වෙලානෙ උංදැලට. කාගෙ උනත් කමක්නෑ පඩි නං වැඩි වෙංටම ඕනි. අනික ප්‍රයිවට් කොම්පැනි කාරයෝනං හැඳි ගෑවිලාම යංට ඕනෑ. ඕකුංගෙ කොම්පැනි බංකොලොත් කියලා බැරිද හැබෑටම ආණ්ඩුවට පවරගංට? කීයක් ගියත් මක්කැයි. ඊ්ට පස්සෙ අපේ එවුංට ඩිරෙක්ටෝස් රිමියුනිරේසොං ලැබෙනවානෙ. ඇයි, ඩිවිඩන්ඩ්ස්?

ඉස්කෝල හයදාහක් විතර තෝරගෙන ඒ එකකට ලක්ස පනහ ගානෙ බෙදංටත් ලෑස්තිලු නේද? පිනාලයි, අද්දියස්සලයි, ඇමැති, මහ ඇමති ආදී ඉස්කෝල බබාලටත් හබුං කටක් වැටෙයි නේද කටට? ඕවා ඇලෝකේට් කොලා වගේ නෙමේ ඇමතිතුමා අර සීරෝ බේස් බජට් තාලෙටම ගිය වියදං පෙන්නංට කියංට හරියට ඈ...

මේං බලංට ගරු කතානායකතුමනී,
ඉස්කෝල, විස්ස විජ්ජාල වලට කෝටි 9000 ක්ම? ඒකත් හරි. හැබැයි අද්යාපනේට 6% ත් මදි මංනං කියන්නෙ. මේවා මහත්තයෝ පැල තවාන්.

මාලඹේ අරිංට යන මහපොල විස්ස විජ්ජාලෙටයි, ප්‍රයිවට් විස්ස විජ්ජාල ඇරිල්ලටයි මේ මාත් අත ඉස්සුවා. (සබාවේ අප්පොලසං). ඔය කැම්පස් පැටව් රෙදි උස්සගෙන කැට උස්සගෙන එනවා නේද පෞද්ගලික විස්ස විජ්ජාල එපෝ කියාගෙන. දැං බලංට කතානායකතුමා, ඔය ළමයිම මොංටිසෝරි කාලෙ ඉඳං ඉගෙනගන්නෙ කොහෙංද? ටියුෂන් පංතිවලිං. අන්න ප්‍රයිවට් විස්ස විජ්ජාලවල මුල. ඒවයෙ උගන්නන්නෙත් ඉස්කෝලවල ගුරුවරු වැඩි හරිය. ඔය ප්‍රයිවට් විස්ස විජ්ජාලවලටත් එන්නේ ආණ්ඩුවෙ විස්ස විජ්ජාලවල ප්‍රොපාලමනෙ. යකෝ ගුරාලට ටියුෂන් කලෑකි. ඩොකාලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලෑකි. තව එක ළමයෙක් හරි මොනා හරි ඉගෙනගන්නවට රෙද්ද උස්සගෙන කෑ ගහනවා. කුහකකම අප්පා. බේත් නෑ.

කැම්පස් කොල්ලංට පොලිය නැති බැංකු ණය දීලා ලැප්ටොප් අරං දුන්නා වගේ නෙමේ ඒවා අස්සේ අනං මනං තියෙනවා කියලා උන්ව පොලීසිවලට ගාල් කොරනවා එහෙම නෙමේ. අනික අර සොරොව්ව ඇරලා කක්කුටු බෙනේට ඇඟිල්ල ගහං ඉන්නවා වගේ පෝං සයිට් බ්ලොක් කරංට කාලෙ නාස්ති කොරනවා නෙමේ. ඒ කාලය වෙන මක්කට හරි ඇඟිලි ගහං ඉන්නවනං, ඇඟිල්ලටත් හොඳා...කක්කුටු බෙනේටත් හොඳා...

වකුගඩු රෝගීන්ට ඉස්පිරිතාලයක් හැදිල්ල (මින්නේරියේ....?) හොඳා. අර ලේ කාංදු කොරන තැන් 1000 ක් හැදිල්ලත් නරක නෑ. මිනිස්සුංට හොඳට විස්වාසෙං බොංට වතුර දෙනවානං, ඊටත් වඩා පිං. මේකත් මේ අපේ ජනාධිපතිතුමාගෙ සීන් කෝන් එකක්ද කොහෙද.

පිළිකා රෝහල් තුනයි, අනුරාධපුර, යාපනේ, කුරුණෑගල මහ ඉස්පිරිතාල ඉස්සිල්ලයි ගැන මං මොකුත් කියන්නෑ. රටේ තව ලොකු කලාපයක් මග ඇරිලා බවනං පේනවා. ඒ ඒ කලාපවල මංත්‍රීලා නැතෑ. මං මොකටැයි කරදර වෙන්නෙ.

පොලීසි ගාන වැඩිකිරීමයි පොලීසියට ගෙවන ගාන වැඩිකිරීමයි කලාට කමක් නෑ. ඒ වැඩි කිරීමත් කාලා ඇවිත් මේ පාරෙ යන මිනිස්සුංවයි, කැම්පස් කොල්ලංවයි කන්නැතිව.

ඉම්පෝටඩ් පොත්, සඟරා වල බදු අයිං කිරීම බෝම හොඳ තීරණයක්. අපේ මිනිස්සු පොත් පත් කියවනවා හොඳටම මදි. ලෝකය ගැන දන්න හරිය ඊටත් මදි. දැංවත් මේ රට ලෝකෙට ඕපොං කොරනවනං ගාත් හතරෙංම සැලියුට් ඕං.

මත්තල ගැන මං මොකුත් කියන්නෑ. ඕනි මගුලක් කොරගන්න එකයි ඇත්තෙ. දැං ඉතිං බැඳගත්තු බෙරේ ගහංටත් එපෑ. අර හයිවේ එකට කළමණාකරනයද මොකක්ද කොරංට ඒකකයක් පිහිටවිල්ල හරියට කොරනවනං හොඳා. තනතුරු, ආයතන ඇතිකලාට කමක් නෑ. සුදු අලි වුණාම තමා ඇණේ.

මං අහන්නෙ ගරු කතානායක තුමනි,
අර අළුත් විශ්‍රාම වැටුප් කෙරමෙත් දායකත්ව මගුලක්ද? ඒක පැහැදිලි නෑ. දායකත්ව වුණත් කමක් නෑ. අන්තිමට පිල්ලි අරිනවා නෙමේ ඈ. ඔය මොන මගුල හරි නියාමනය කොරනවා, ඒකාබද්ද කොරනවා කියකියා සල්ලි ටිකට අරිංටනං හදන්නෙ මේ රටේ වැඩකරන මිනිස්සු සේරම පාරට බහීවි. ඒවා තමුන්නාන්සෙලාම බලාගන්නවලා. බැරියැ ඊට පස්සෙ එකෙක් දෙන්නෙක් විශ්‍රාම පිණිසෙ එලොවම යවංට.

මේ රට රස්සා සැට් එකට රු.42,000 ක අවම වැටුප නියම කලාට, අපේ රාජ්ජ තාන්තිරික සම්බන්දතා දැන් කෝමද දන්නෑනෙ මම. ඒවා හොඳට තියේනං මේවාත් පුළුවං වෙයි. අර අතනිං මෙතනිං ගහලා එවන ඇණ වලට කීයක් අඩුකරයිද දන්නෑ නේද හාම්පුතාලා, බාබලා, ගෑනිලා එහෙම?

දැං ආණ්ඩුවෙ වියදම විතරක් ලබන අවුරුද්දට ට්‍රිලියන දෙකක් කිට්ටුව නේද? කෝටි 20000 ක් හප්පච්චියේ.
දැං කෝ එතකොට ආදායම් ඇස්තමේන්තු? ආ...ඒවා ගැන අනික් මංත්‍රී තුමංලා අම්බානකට දෙසන හින්දා මං ඒ ගැන කතා කොරන්නෑ. මක්කා උනත් මේ අයවැය කිරියාත්මක කිරිල්ල බාගෙට තමා සිද්ද වෙන්නෙ මං හූණා වගේ කියන්නං. 

එහෙම නැතිව තුංකාලක් හරි හරියට කලොත්, මේක ගැන මට කියන්න තියෙන්නෙ එක වාක්‍යයයි. ඒකත් ප්‍රශ්නාර්ථයක් මෙන්න මේ වගේ. 

කොහොමද ටොයියංගෙ බජට් එක?

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ප/ලි.
(අධික ලෙස නිදිවැරීම හේතුවෙන්, අධි රුධිර පීඩන තත්ත්වයක් යටතේ රෝහල්ගතව සිටීම නිසා මේ අහ හක්කලං කොරංට නොහැකි වීම ගැන සමාව බාජනයකට දමා ගඟේ පාකරන මෙන් ඉල්ලමි. ලෙඩ බලංට ආ අයටත්, ඉක්මන් සුව පැතූ සැමටත් ණයගැති භාවය පළකරමි. විශේෂයෙන් මධුමාධවී වෙනුවෙන්ම පෝස්ට් එකක් දැමූ කුරුට්ටන්ට අනේක වාරයක් ස්තූතියි! මාරි කන්න බලාගෙන හිටපු උන්දැලාගේ බලාපොරොත්තු කඩවීම පිළිබඳ අපගේ සාතිශය සංවේගය! ඊ ළඟ පාර බලමු...දැං ඉතිං පැච් එකක් ගිය ටයර් එක වගේනෙ. හෙහ් හෙහ්.)

Up Next: Pakistan Magic Shoes

Up Next to Next: 100 Hours at a Hospital

136 comments:

  1. මුලින්ම සුබ පැතුම් ආපහු පැමිණීම ගැන, පොස්ට් එක ගැන කියන්නං පස්සේ
    මීට
    මාරි කන්න බලාගෙන හිටපු එකෙක්

    ReplyDelete
    Replies
    1. අද උදේ මං හිතුවේ බොලාට මගේ මාරි කන්ඩ පුලුවං වෙයි කියල , එහෙමවත් වෙනවනං එකක් යකො

      Delete
    2. අඩෝ...................... මධුවෝ.................. කතාව ගැනත් සතුටුයි.... අාපු ඒක ගැන ඊටත් ඒහා සතුටුයි බොල....

      Delete
    3. අා............... කියන්න අමතක වුණා.... මේ පෝස්ටුව ම කියවා කියවා ඉන්නයි අපිට වෙන්නේ... අැයි බොල අනික් පෝස්ටු දෙකම සුද්දාගේ භාෂාවෙන්නේ ලියන්න ඉන්නේ.....

      Delete
    4. පිස්සු කෙලින්න එපා අටමෝ...අපේ ආයුශත්.(එක්කෝ ඉවානයාගේ ආයුශ ගනින්) ඡිවත් වෙයන්

      Delete
    5. ආ... අටං අයියා.. මට තනි නෑ.. ඔහේ ඔන්න ඔහෙ ඉන්න.

      Delete
    6. සුබ පැතුමට ස්තූතියි! ඉවාන්,
      අපට කොයින්ද පූසෝ, මාරි?

      ඇයි අටමෝ, පැසර් නැග්ගද?

      කුරුටුස්, උඹලාට මං බර ගාණක් ණයයි බං. (අනික් පෝස්ටු දෙක මාතෙගෙ බාසාවෙං තමා ලියනවා)

      මෙන්ඩා, මේ අපි බේරලා.

      ගස්, තාම හොස්පිට්ල් ද බං?

      Delete
  2. ටොයියන්ගෙ බජට් එක ගැන නම් කියල වැඩක් නෑ. ඊට හපන් මධු මාධවීගෙ පෝස්ට් එක. ඒ ගැනත් කියල වැඩක් නෑ. නියමයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ නංගී!

      Delete
  3. ඔන්න පෝස්ට්

    ඔක්කොම් ලිව්වත් වැදගත්ම දේ උඹටත් මිස් වෙලා අරක්කු සිකැරට් ආයේ වැඩි වෙනවා අම්බ ගානකින්..

    ReplyDelete
    Replies
    1. ගරු කතානාකියා තුමනි, හුටා..........කතානායක තුමනි. ජාතික පානයේ සහ ජාතික දුම්පානයේ මිල වැඩිකළේ කොයි සක්කරයාගේ පුතා විසින්ද කියා අහන්නට කැමැත්තෙමි. ජාතික පානය ගෙඩි සුපියල් වලිම්ම 225 කින් වැඩි කොළ එකාගේ කොළ බොක්ක එලියට එන්ට පිහියෙන් ඇනලා, උගේ අම්%^$$#@*&....................(සබාවේ වතුර බෝතල් පියාඹයි. සබාව නැවත දන්වනතුරු කල් තබන ලදී)

      Delete
    2. ශුවර්ද වතුර බෝතල් කියල, ගල් බෝතල් නෙමෙයිනෙ.

      Delete
    3. මං දන්නවනෙ මාතෙ, මං නොලිව්වට උඹලා ඒ ගැන රිස්ස යන්න ලියන බව.

      විචාරක, ඔය පේන්නෙ නැතෑ.

      ප්‍රසා, ඒවා එවනවද අප්පා එහෙමත්?

      ඩ්‍රැකී, එයාට ඔය බාබ් වයර් සුළු දේවල්.

      Delete
  4. WELCOME BACK ...!

    ඇරියස් කවර් කරන්න වෙන්නැති මාගලක් වියලා තියෙන්නේ ... ☺.. ☺..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්!
      ඇඳේම ලැගලා එපා වෙලා..... :-)

      Delete
  5. //ගරු එම්.එම්. මාදාවියා //
    මොහොමඩ් මුසම්මිල් මදාවියා කියන එක නේද මේ.
    පෝස්ට් එක දවල් වෙලා කියවන්නම්. අපි බිසී. ආ ......වල් කම් බැක්

    ReplyDelete
    Replies
    1. එහෙම නමක් දාගන්ට ඇත්තං නරක් වෙලා තියේවි මේ සිද්ධවෙන දේවල් වල හැටියට.
      වල්කම් අප් නෙක්ස්ට්.

      Delete
  6. හැමෙනේනවා කතානායකතුමනි,
    මගේ ලෙඩ බලන්න ඇවිත් මගේ කන්න තිබුන කඩල කටත් කෙලලා ගියා ඇපල් එක්ක බුලත්විට කන එකෙක්..
    අකුලෝලම පල..

    ReplyDelete
    Replies
    1. කව්පි බං මෙන්ඩෝ කව්පි. ඇපල් කීවේ පිය බිරිඳ ගැන වෙන්ටෑ.

      Delete
  7. දැන් ඔබ තුමාට සනීපද...සතුටුයි නැවත පැමිණීම ගැන .කුරුටු කට්ටිය අරන් ගිය කෑම බීම සියල්ලම අඩු නැතිව ලැබුණා නේද.
    ආපහු ඇවිත් ඉතාමත් හොඳ ලිපියක් දාලා තියෙනවාය.අයවැය ගැන නම් කතා කරලා වැඩක් නැත.මේ ලිපිය ගැන කියන්න දේවල් බොහොමයක් තිබුණත්, ඔබ තුමා නැවත ලෙඩ වෙතැයි සිතා නොකියා සිටිමි.

    ReplyDelete
    Replies
    1. මං තුමාට සුබ පැතීම ගැන ඔබ තුමියට බොහොම ස්තූතියි, විමලා රාමන් මහත්මිය! සෑහෙන ජනප්‍රිය චරිතයක් වෙලා වගේ. බලාගෙන! ඔය වටේ කැරකෙන කස්ටියගෙං පෙරේසං වෙලා ඉන්ට හොඳේ.

      මටත් තව ලියන්න බොහෝ තිබුණත් අනික් අය ලෙඩ වෙතැයි සිතා නොලියා සිටීමි.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මධු
      අදුරගන්න මේ අපේ කම්මලේගේ බාල නංගි නිරැත්තරා පියාසලා ඉගිල්ලිනි...
      ඔය ඉංගිරිසිනෙුත් කමෙන්ටුවක් දාලා

      Delete
    2. මෙන්ඩා අයියට මම ...#%@#@# ( ඒ කිව්වේ... හරි හොද රත්තරන් අයියා කියලා )

      Delete
    3. මෙන්ඩා අයියට මම ...#%@#@# ( ඒ කිව්වේ... හරි හොද රත්තරන් අයියා කියලා )

      Delete
    4. අපරාදෙ කියන්න බෑ මෙණ්ඩෝ... ඒකත් දෙපාරක්ම කියලා

      Delete
    5. දෙපාරක් පෙරාපු රත්තරං

      Delete
    6. මෙන්ඩා,
      කවුද බං වැඩිමල් නංගි? (හංසනී පියාසලා ඉගිල්ලුනා කියලා නමක් නං අහලා තිබුණා)

      අනු,
      අර කොටු කොටු තියෙන දෙකද, ලයන්න වගේ දෙකද, බෝල දෙකයි කූරයි තියෙන එකද හොඳ රත්තරන්?

      ගස්,
      // කියලා ගැහුවනං අහවරනෙ.

      ප්‍රසා,
      ඩබල් ඩිස්ටිල්ඩ්?

      Delete
    7. අන්න එහම අපිට තේරෙන භාෂාවවන @^&*(%$##@ කියන්න ඔනේ..

      Delete
    8. බ්‍රාහ්මී අක්ෂර!

      Delete
  9. very good ... you are back in the blog.......

    ReplyDelete
  10. පෝර සීන් එක හෙක්ටයාර් කතාව කතා කරල වැඩක් නෑ මදාවියෝ...
    කෝ යකෝ අර අපේ බයික්කෙකට වීල් එකට කෙලින කතාව.. බොගෙ කාර් එක හුලං වලින්ද දුවන්නෙ..
    මේව අදිරාජ්ජවාදී කුමන් තන.. හැක්...
    එතකොට ඉන්ටනෙට් ගාස්තු වැඩි කරනවැයි කියන්නෙ ඒකත් සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්නෙ නැතිව..
    උඹ නං මදාවියො අදිරාජ්ජවාදී කුමන් තන කාරයෙක් ම තමා

    සනීප වෙලා ආවට සන්තෝසයි.. මදාවි කවියකුත් ලීය නං නේද හොද
    එතකොට ඊට වඩා තංතෝසයි

    ReplyDelete
    Replies
    1. මේ පොඩ්ඩ ගැන කතා කරලත් පේනවා නේද ඇදිච්ච මාගලේ සයිස්? තව ලීවානං කෝමද?

      මදාවි කවි ටිකක් ලියම බුරාස්පතිංදා දිහාට.

      Delete
  11. ගරු එම්. එම්. මදාවියා තුමනි..
    විරුද්ද වෙන්ටයි කියා නැගිට උන්ටම ආවඩන කතාවක් කොරපු නිසා තමුන්නාන්සේට අදත් ලොකු සිලින්ඩර් එකට ගෑස් පුරෝගන්න ලැබෙනවා ඇතැයි අනුමාන කරනවා.. කොහොම උනත් ජනතා මනාපයෙන් බ්ලොග් පාර්ලිමේන්තුවට පත් වෙච්චි ඔබ තුමාගේ කතාවක් නැතුව හැන්සාඩ් එකම පාළුවෙලා තිබ්බ බව නම් නොකියා බෑ.. මොකද කියන්නේ... දවල්ට පාර්ලිමේන්තු කැන්ටිමේ බත් එකට වග කියන්න කලින් ගිහින් එමුද එළියේ පොට් එකකට ෆිට් එකටත් එක්ක.. සමාවෙන්න.. ඒ ටික මතට තිතට විරුද්ද නම් හැන්සාඩ් එකෙන් අයින් කරන්න.. හැබැයි මට ඕක කියන්නම කියල අරක්කු කුඩු මුදලාලිලා බල කරා.. නැත්නම් ඊළඟ වතාවේ ආණ්ඩුව පෙරලනවා කියුව.. හැක හැක හැක..
    මිට- ක.මී.යා. තුමා..

    ReplyDelete
    Replies
    1. ලොකු සිලින්ඩරේට ගෑස් පිරවිල්ල ටික දොහකට නවත්තංට කියලා තමා වෛද්‍ය උපදෙස් ලැබුනෙ. ඒ වුණාට ‘අගේන්ස්ට් මෙඩිකල් ඇඩ්වයිස්‘ කියලා අස්සනක් ගහලා පුරෝගත්තා දෙපාරක් විතර...හැක හැක

      දැන් කැන්ටිම ඇතුලේම බඩු විකුණන සීන් එක අයිං කොරලද?

      Delete
  12. අසනීප වෙලා හිටිය කියලා දැනගන්න ලැබුනා. සුව වීම ගන සතුටු වෙනවා.

    පෝස්ට් එක නියමයි..
    හොදම කතා ටික

    //ඉම්පෝටඩ් පොත්, සඟරා වල බදු අයිං කිරීම බෝම හොඳ තීරණයක්. අපේ මිනිස්සු පොත් පත් කියවනවා හොඳටම මදි//
    //. ඩොකාලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලෑකි. තව එක ළමයෙක් හරි මොනා හරි ඉගෙනගන්නවට රෙද්ද උස්සගෙන කෑ ගහනවා//
    //ඌණ-උපයෝජිත ඉඩම්,//
    //පඩියෙ ලබ්බද මහත්තයො නිර්මාණශීලී වෙන්නෙ?//
    //ආයි පිල්ලි යයිද? ටකරං හැංගෙයිද? පිං වතුර ගලයිද/

    //තේරෙන සිංහලෙං කියෝපංකො බජට් එකවත්//

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      තව ලියංට තිබුණා. හැන්සාඩ් එකේ පිටු මදියි කියන්නෙ.

      Delete
  13. විදානේ කතානායක විදියට ඉන්න පාර්ලිමේන්තුවක්.. මට හිතාගන්නවත් බෑ.. හැක්.. මාරි කන්න පස්සේ බැරියා. හැබැට උඹ මොකටෙයි නිදි වරන්නේ ඔය හැටියට..

    ReplyDelete
    Replies
    1. හම්බු කොරංට දේශෙෘ් හම්බු කොරංට. අපිට කොයිංද දේශෝ කාර්?

      Delete
  14. මදාවි වස්තුවේ උඹව ආපහු දැකගන්න ලැබුන එකම ලොකු සතුටක්.මේ ටිකේ උඹ නැතිව බිලොග් පාලුවුනා.

    ...//ඉක්මන් සුව පැතූ සැමටත් ණයගැති භාවය පළකරමි//....

    තවත් ණය වෙන්න එපා යකෝ.අය වැය ඉදිරිපත් කරපු විදිය අපිට මුලු ජීවිත කාලේටම ණය වෙන්න වෙයි වගේ.

    ප/ලි
    පෝසට් එකට අදාල කොමන්ටුවක් පසුව දමමි.

    ඊටත් ප/ලි
    මැරුම් නොකා නම්බර් එක මැසේජ් කරපිය (? ? ගහලා නම්බර් එකක් ආවේ උඹෙන්ද බං)

    ඊටත් ප/ලි
    ආයේ එහෙම අසනීප වුනාම අපේ කාටහරි එකෙකුට ඒක කියපිය.මේකේ ගොඩක් එවුන් උඹ සනීප වෙලා ආවටත් පස්සේ දන්නේ අසනීපෙන් ඉඳලා තියෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. මනෝ ඊඊටත් පස්සෙ ලියන්න අදහසක් නැද්ද්

      Delete
    2. තියනවා තියනවා,මදාවියා රිප්ලයි කරනකම් ඉන්නේ...

      Delete
    3. ඊටත් ඊටත් පස්සෙම පස්සේ ලියමි
      අසනිපයක් වුනාම කියපියකෝ අපිටත්..යාලුවෝ ඉන්නෙ කන්න බොන්න විතරක් නෙමෙයි යකෝ..කිව්වානම් ඇවිල්ලා යන්න එනවනේ..

      Delete
    4. ස්තුතියි මනෝ! උඹ දුක්වෙනවා බලාඉංට බැරි තැන තමා ආවෙ.
      මෙහෙමත් පලි ගැහිල්ලක්! (මං එව්වෙ නෑ බං මැසේජ්. මාතෙගෙ ගියපාර එකේ මේල් එඩ්‍රස් එක දැම්මා. ආ...ආයි පාරක්. madhumadhavi135@gmail.com)

      සබරේ, හැන්සාඩ් එක ඉඩ මදියි කියන්නෙ.

      මනෝ, දැන් ඉතිං මැරුං නොකා එවපිය නොම්මරේ.

      මෙන්ඩා,
      උඹට කියන්නෙ ගෙදර උන්ටවත් ඇතුලට එන්න දෙන්නෑ බං දෙන්නෙකුට ඇර. මාරුවෙන් මාරුවට පාස් එක අරං එන්න දෙන්නෙත් නෑ සීසන් එක වගේ කපනවා.

      Delete
    5. ඕකට මේල් එකක් දැම්මා බං ඊයේම.

      Delete
    6. ඊයේ දැම්මා ලබ්බ! ඔන් ෆේස් බුක් එකේ ඇති මැසේජ් එකක්, බලපිය.

      Delete
    7. හරි හරි ලැබුනා ලැබුනා මචෝ....

      Delete
    8. උඹට මැසේජ් එකක් දැම්මා හොදේ...
      හිටු වෙලාවක මම රත්නපුරේට ආවම එන්නම් වල් මදාවියා හොයාගෙන.ලගදි රත්නපුරේ ක්ලාස් එකකට එන්න වෙනවා.

      Delete
  15. ඔන්න කුරුටු ගේ පෝස්ට් එකෙන් මමත් ආවා මේ පැත්තට.. හා හා පීරිසිය බාගන්ට තැනක් සෙට් කරා නම්..
    අය වැය.. මට නම් ඇල්ලුවේ නැත්තේ අර දුම්රිය සංවර්ධන කතාව. සංවර්ධනය කරනවා කියලා තියන ටිකත් කාලා දායි ද දන්නේ නෑ.. බලමුකෝ නේ...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා! බයිට් පීරිසියද, පියාඹන පීරිසියද?
      රාජධානි පෙට්ටි ටික ඇමිණුවා ඇර කලේම කන එක නේන්නං.

      Delete
  16. බාගයයි අප්ප කියෙව්වේ!! 

    ReplyDelete
    Replies
    1. වෙල්කම් උඩුවා!
      අප්ප බාගයක් කියෙව්වානං පුතාවත් ඉතිරි බාගෙ කියවංට අප්පා.

      Delete
  17. අඩෝ, විපක්ශෙ ඉඳලා ආන්ඩුවට කඩේ යන්නෙපා ඩෝ. එලියට වරෙං බලාගමු.

    ReplyDelete
    Replies
    1. කෝ උඹ? දියවන්නාවෙ අර ඈත පීනන කබරයාද උඹ?

      Delete
  18. ගරු එම්.එම්. මදාවි තුමා නැවත හැන්සාඩ් එක ලියන්න පැමිණීම ගැන මුලින්ම මගේ බලවත් මෙවුව එක ප්‍රකාශ කරනව. (මාරි කන්න බලාගෙන හිටපු එකෙක්)

    ඇත්තටම මේ අයවැයව්ව ද මොකක්ද එක තේරුං ගන්න මම ලබල තියෙන අධ්‍යාපනය මදි නිසා ආයත් පාරක් මුල ඉඳල ඉස්කෝලෙ යන්න මම බලාපොරොත්තු වෙනව.
    ඒත් ඉස්කෝලෙට ඇතුලත් වෙනකොට ඔය බැංකු කාරයො ඇවිල්ල ධන යෝජන පොත් දාන්න කතා කරන එකනං මට අල්ලන්නෙ නෑ. (බැංකු සේවකයින්ගෙන් ඝෝෂා)

    අරක්කු බොන මිනිස්සුන්ට ආණ්ඩු පෙල්ලන්න පුලුවංය කියල පහුගිය දොහොක ඔය කවුද කියපු කතාව ගැන නැවත සලකා බැලීමක් කොරන්නය කියල මම ඉල්ලා සිටිනව.

    වාහනේට ගෙවන්න වෙන ගාන ගැන පැහැදිලි වැටහීමක් නැතත් විසි තිස් දාහක් ගෙවන්න වෙයි කියල ටාගට් තියාගෙන ඉන්න එක උඹට වගේ ප්‍රෙෂර් හදාගන්නැති වෙන්න වටිනව කියලයි මට හිතිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං! උඹට තියා රවියාටවත් ඕක තේරුණාද මන්දා.
      බැංකු කතාව මටත් අල්ලන්නෑ.
      ඔන්න බයිසිකල්, ත්‍රී වීලර් අයින් කරලා. ආයිත් නැග්ගා ප්‍රෙෂර්!

      Delete
  19. ඔය ඉම්පෝටඩ් පොත් වලට අර ප්ලේබෝයි වගේ ඒවත් අයිති වෙනවද ගරු තුමනි.

    ReplyDelete
    Replies
    1. පෝන් සයිට් තියෙද්දී ප්ලේ බෝයි කංටද මචෝ?

      Delete
  20. දැං ඉතිං හීලියම් වලින් දුවන කාර් එකක් ගන්න ණයක් ගන්න ආයෙ බැංකුව පැත්තෙ යන්න වෙනවාය.

    ReplyDelete
    Replies
    1. ණයනං දෙංට බැරියැ. කෝ ඒත් හීලියම්?

      Delete
    2. සමහර විට අර කුලියාපිටියේ දාන්න හදන්නේ හීලියම් වලින් දුවන වොක්ස්වැගන් කාර් වෙන්න ඇති...
      ඊට පස්සේ රවියා තුමා හීලියම් හදන්න ෆැක්ටරි එකකුත් දාන්නලු හදන්නේ...

      Delete
    3. ඔව්... හීලියම් ගහලා සරුංගලේ වගේ උඩින් ලු යන්න තියෙන්නෙ.. ඒකනෙ මොනොරේල් එකත් කැන්සල් කරලා තියෙන්නෙ.

      Delete
    4. ලොකුස්, මාත් කියන්න හැදුවේ ගස් ලබ්බ කිව්වා වගේ උඩිං යයිද කියලා. ඉකෝ ටෙස්ට් පටං ගත්තා වගේම ඇති.

      ගස්, මොනෝ රේල්, මෙට්‍රෝ බස්. ඔය වගේ සාර්ථක ක්‍රම කවද්ද බං අපි ගත්තෙ.

      Delete
  21. උඹේ ලෙඩ බලන්න ආපු මාර්ෂලය අතේ එවුව ගල් බෝතලේ උඹල ලැබුනු බව දන්වන්නේ නම් මැනවි.
    නැත්තං කුරුට්ටෝ සහ මෙන්ඩා ඒ ගැන විශේෂ බ්ලොගාදිපති කොමිසමක් පත් කරනු ඇත.

    ReplyDelete
    Replies
    1. ගල් බෝතලයට අමතරව අඔ අරක්කු බෝතලයකුත් එව්වා ..ලැබුනේ නැත්නම් කියපිය අරෑ තාප්පෙකට තියලා රිවස් කරන්න

      Delete
    2. මධාවියා කිව්වේ වාට්ටුවේ අයට හොරෙන් සේලයින් බෝතලේට කසිප්පු දාගෙන හිටියා කියලා.
      ප්‍රසා ..අලුත් පෝස්ට් එකක් දැම්මා ඒ පැත්තට ගිහින් වරෙන්..

      Delete
    3. ප්‍රසා,
      මොන පිස්සුද? හිස් අතිං ආවා මදිවාට ඇට පැකට් එකටත් කෙළලා ගියේ ඔය.

      මෙන්ඩා,
      අඹ ගහට ගල් ගහලාද කොහෙද ඇවත් තිබුණෙ.

      මනෝ, අඩේ ඕක මට මතක් වුණේ නෑනේ ඒ දවස්වල.

      Delete
  22. කථානායකතුමා අමන්ත්‍රනය කරල තිබෙන ආකාරයත් ඉතාම සිත් ගන්නා සුළුයි.
    ඉස්කෝලවලට ගම්වලට සල්ලිවෙන් කිරිලි නම් කල්ල මරේ.
    අපරාදෙ ටීචින් දාල ආවෙ . ටීචින් කළා නම් මෙලහට මං ප්‍රින්සිපල් කෙනෙක්. ඉස්කෝලෙකට කෝටි කීයක්ද මන්ද දෙනවලු නේද . " සල්ලි ඇතේ මට විස්කි ඇතේ " සිංදුවක් කිය කිය ගෙදර යන්න තිබ්බ හවසට.
    අපි ඉස්කෝලෙන් යනකම් ඉදලනෙ මුන් සල්ලි බෙදන්නෙ.

    දැන් ඉස්කෝලවල ගම්වල ගුටිකෙලි යයි සල්ලි බෙදාගන්න. වැව් හදන කාලෙ ලාබ බෙදාගන්න ගම්වල රන්ඩු වුනා. කොයි ආන්ඩුව ආවත් හොරාටමයි වාසි.

    ReplyDelete
    Replies
    1. අන්තිම වාක්‍යයට අත් දෙකම ඉස්සුවා මේං.
      අපරාදෙ බං දාලා ආවෙ. මටනං හිතෙන්නෙ ආත්ම තෘප්තියක් ඇතිව කරංට ඇහැකි රස්සාවක්.

      Delete
  23. ගරු කතානායකතුමනි,
    මේ විදියට මගේ ප්‍රකාශ විතරක් මේ වෙලාවෙ පල කිරීම මගේ අයිතිවාසිකම් උල්ලංගනය වන, භෞමික අණ්ඩවාතයට හානිවෙන දෙයක් බවත් ප්‍රකාශ කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. උඹ නෙලන වෙලාවට නෙලනවනෙ ඉතිං උඩ ඉඳං පහලටම.

      Delete
  24. මදු නැතුව කට්ටියම දුකේ හිටියෙ. වෙල්කම් බැක් මදූ

    ReplyDelete
    Replies
    1. කොම්බුවක් වැඩි වෙලා නේද?

      Delete
    2. ඔන්න කිවුව එකක්....
      යන්තම් 4න් එකෙන් ඩබල් වැටෙන්නැතිව ශේප් උනා තවත් එකක්

      Delete
    3. ස්තූතියි සබරේ! දුක තමා රංජනී.

      ප්‍රසා, වල්කම් බැක් ඔන් තර්ස්ඩේ.

      සබරේ, හතරෙන් එකෙන් ඩබල් වැටුනම දෙකෙන් එකයි නේද?

      Delete
  25. /සමාව බාජනයකට දමා ගඟේ පාකරන මෙන් ඉල්ලමි./
    විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලිං දැනගන්න බැලුණ විදිහට, අර කැරපොත්තා උඹට අම්බානකට නෙලලා ඉස්පිරිතාලෙ පස්ස දොර ගාව දාල ගිහිං තිබ්බා කියලයි ආරංචි. එහෙම උනානං ග‍ඟේ පාකරන්න වෙන්නෙ වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. නෙලුවා නේන්නං නෙලිල්ලක්...ප්‍රෙෂර් නගින්නම...ජරා කැ..පොත්තා

      Delete
  26. අසනීප වෙලා උන්න කියල දැනගත්තෙ මේ දැං. කලිං දන්නවනං ඇත්තටම බලන්න එනවා...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං. අර මාෂලය මූට හම්බවෙන ඔක්කොම කෑම බීම ටික දවස ගානෙ උස්සනව.

      Delete
    2. එහෙනං මූට ගෙනිහිං දෙන්න තිබ්බෙ නියඟලා තම්බලා... මාෂලයට කෙළවෙලා යන්න...

      Delete
    3. ඩ්‍රැකී මොකෝ අඩවියේ මං දාපු කොමෙන්ටු ගිල්ලදෝ.... එකක්වත් පෙන්නන්නෑනේ

      Delete
    4. නෑ වර්ණ, මයෙ හිතේ කමෙන්ට් වල ධාරිතාව හිංදා පෙන්නන්නෑ. නැත්තං මං ඔය ඔක්කොටම උත්තරත් දුන්නා. දැං මං දාපු උත්තර පෙන්නන්නෙත් නෑ. ටිකක් වෙලා දුන්නහම, ලෝඩ් වෙන්න, එතකොට අන්තිමේ පෙන්නනවා. විනාඩි පහක් විතර යනව වැඩේට.

      Delete
    5. එහනම් ඔය බ්ලොග් එක දිපන් ළමයෙකුට..කමෙන්ට් පෙන්නන්නෙ නැති බ්ලොග් අපිට කන්නද?

      Delete
    6. විනාඩි 5 ක් බලා ඉන්න සෑහෙන්න වියදමක් යනව.

      Delete
    7. විනාඩි පහක් ඉන්න පුලුවන්ද යකෝ කොමන්ටුවක් බලන්න.තෝ උඩුකුරුඤ්ඤං වෙය...

      Delete
    8. අම්මපා මෙහෙම කමෙන්ටු ගැන අැහුවාමයි..................

      Delete
    9. යාලුවනේ ඩබල් වැටෙන්නෙ බව්සරයෙ වැරැද්දෙන්. දැන් කොමෙන්ටු පෙන්නන්නෑ දාරිතාවෙ වැරැද්දෙන්. ඕවා කුමන්ත්‍රන

      Delete
    10. ඩ්‍රැකී, උඹනං නාපු එකමයි කාරිය. ප්‍රෙෂර් තියෙද්දි ලේ දන් දෙන්න බෑනෙ.

      ප්‍රසා, ඌ ආවේනං එහෙම හිතාගෙන තමා. අන්තිමට නිකං ඇට කාලා ගියා.

      ඩ්‍රැකී, අන්න එහෙනං ඕකා බෙදාගෙන කන්නෙ.

      සබරේ, කොමෙන්ටු වල හපේ තියෙද බලපං. මූ උරා බීලා ඇති.

      ඩ්‍රැකී, ලෝඩ් මෝ දුන්නනං හරිනෙ.

      මෙන්ඩා, ගූගලයාට කියංට ඕනෑ කමෙන්ට් 500 ක්වත් පෙන්නංට වැඩේ සැට් කොරංට කියලා.

      ප්‍රසා, හොඳටම වැඩියි. හොඳටම වැඩියි.

      මනෝ, ආහ්! ගෙනාවද මෙතෙංටත් මංතරේ?

      කුරුටු, ආයි ලොවෙත් නෑ.

      සබරේ, වතුර බව්සරයක්ද බං?

      Delete
    11. ලෝඩ් මෝ දෙන්නෙ කොහොමද මදාවි? පොඩ්ඩක් කියහං...

      Delete
    12. කමෙන්ට්ස් සේරටම යටින් බලපං ලින්ක් එකක් ඇති Load More... කියලා.

      Delete
  27. සුපිරි ප්‍රකාශය ...නැවත ආපු එක ගැන සතුටුයි....

    ReplyDelete
  28. සුන්දර මෙරඟ සොබාවන්
    සොඳ සුන්දර මෙරඟ සොබාවන්
    නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා
    පිලිගමු සුදනෙනි බැතිනා
    අපි පිලිගමු සුදනෙනි බැතිනා
    නෙක ගී කව් විඳිනා කව්නළු නොමදා
    ඔබ අප සැම අත්විඳිනා
    නව පුවතකි මෙහි අද රඟනා
    අපි පොළොවෙන් ඉහලට අඩි තුන හතරක
    ඉන්නාවිට සැරසීලා
    ඔතැනට නොපෙනෙන සොඳ
    මනහර දසුනකි නිබඳව මෙතැනට පෙනෙනා...

    නාට්‍ය‍ය‍ -ගුරු තරුව

    ReplyDelete
    Replies
    1. බොහොම ලස්සන වචන සැට් එකක් මචෝ. සින්දුව අහලා බලංට ඕනෑ.

      Delete
  29. හිටපන් කොයෝල එනකල්... ආරංචිය ලැබෙනකල් හිටියෙ කාඩ් පැක් එකකුත් අරගෙන ඇවිත් නයිට ගහන්න... ඇයි දෙයියනේ මූ තොලොංචි නොවී අපි ගන්න හිතාගෙන හිටපු ආතල් එක කුඩු කළේ...
    කාඩ් පැක් එකක් අද දින ඉකිබින්දා- ජෝකරයන් දෙපල පෙට්ටිය තුල රන්දා
    මාරි නයිස් පෙට්ටිය තුල දුක් වින්දා - මධුවා තවම යහතින් මොකදෝ මන්දා...

    ජයවේවා මධුවා.... උඹ දකින්න ලැබුණු එක ලොකු සතුටක්...

    ReplyDelete
    Replies
    1. ජෝකරයන් දෙපල කිව්වෙ? සබරෙයි වර්ණයි ද? කැමායි කැහෝයි ද?
      ස්තූතියි බං.

      Delete
  30. ආපසු පැමිණීම ගැන උණුසුම් සුබ පැතුම්!! ඒත් මාරි කන්නට නොලැබීම ගැන විරෝධය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියෙ! හෙහ් හෙහ්..අපේ තාත්තත් වයසට යද්දි මාරි වලට තිබ්බෙ පුදුම ආසාවක්.

      Delete
  31. කෝ උඹ අායෙම හොස්පිටල්ද???????? යකෝ අාගිය අතක් නැහැනේ....

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ වැඩ ඇල්ලුවා බං. පාන්දර මේ කොටන්නෙ.

      Delete
  32. ආපසු පැමිණීම ගැන දැඩි සංතෝසය !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! වස ප්‍රීතියි මහ ඇමති!

      Delete
  33. දාංඩ පාක් අයියා...
    අපේ ලෙබර්ස් ලා උදේට විතරයි කකා හිටියෙ.ඒකටත් කෙල වෙයි වගේ...ඇයි දෙයියනේ කාලයි බියර් එකයි වත් ගන්න බෑ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උන්ට තියා අපිටවත් බොන්ඩ වෙන්නෙම නෑ බං මේම ගියොත්.
      ජය වේවා!

      Delete
  34. ආ... ආවද..

    මාරි පැකට් එකක් කෑමට නොලැබිම දැඩි කණගාටුව පලකරමි...
    -- අර ඇට ටික රසයි මචෝ --
    උඹට දවල්ට කන්න තිබ්බ ඇටේටත් මං කෙලියා නේද??? හැක් හැක්..
    ලියමු ලියමු දිගටම ලියමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ජේ.ආර්. උන්නාන්සේ දුන්න ඇට අටද?

      ඇයි යකෝ ඇට ජාති කන්න උඹලා කුරුල්ලෝද?

      Delete
    2. මුං ඇවිල්ලා ඇට කන කුරුල්ලෝ නෙවෙයි , ඇට උලාකන උන් ...ගේකුරුල්ලෝ කියන්නේ අන්න උන්

      Delete
    3. විදානේ,
      කිව්වා විතරනෙ. ගෙනාවැයි මාරි. උඹලා ආවොත් ඇටේටත් කෙළවෙන හින්දා තමා අර දවස්වල සද්ද වහලා හිටියෙ හැක් හැක්
      ජය වේවා!!!

      විචාරක,
      ඒම කියංට එපා ලොක්කා. දැන් ඇට ලාබයිනෙ.

      අටමා,
      මට ඒකත් සැක හිතුනා විදානයා ඒ පැත්තෙ කැරකෙනකොට.

      Delete
  35. ජයවේවා...
    දැන් හොඳටම සනීපද මදුවෝ...
    ආපු එක ගැන සතුටුයි..
    යළිත් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ!
      තාම බේත් හේත්නං යනවා. ජයවේවා!

      සබරේ, මං හිතා උන්නේ තොපි දෙන්නා එකම ඇඳ බෙදාගෙන ඉන්නෙ කියලා.

      Delete
    2. මගෙ අම්මෝ බෙදා ගත්තෙ බ්ලොග් එක විතරයි අයියන්ඩි

      Delete
    3. සබරෙ මොකද ඩබලෙ.

      Delete
    4. සබරේ,
      බය වුණා නේද?

      ප්‍රසා,
      දෙපාරක් බදාගෙන.
      (ෆයිල් එක මට එවන්න කියලා නෝනාට කිව්වා. පොඩ්ඩක් කූරු ගාපං)

      Delete
  36. උඹේ පෝස්ට් එක ඊයේ කියෙව්වට කමෙන්ට් කරන්න බැරි උනා...
    මමනම් පුදුම තන් තෝසෙකින් ඉන්නේ මේ අවයවේ ගැන...
    ඒක එසේ මෙසේ තන් තෝසයක් නෙමෙයි කාලකන්ණි තන් තෝසෙ කියල කියන්නේ, ආන් ඒක... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඊයේ මගේ යාලුවෙක් කියනවා..යහපාලනය කිව්ව දේ කරනවා ඇයි බං අර සින්දුවෙත් කිව්වෙ කියලා..“රටකට ඔනේ අපමන අගයක්“..

      Delete
    2. ලොකුස්, තෝසෙ වගේනං මොන සන්තෝස ද බං? අපිට වැය සමග උන්ට අය.

      මෙන්ඩා, ඒකනේ මාත් මේ කියන්නෙ. හෙට අනිද්දා වෙනකොට ආයිත් හාල් කිලෝ එකටත් ලැබේවි අපමණ අගයක්.

      Delete
  37. ම‍ගේ අයවැය ට මොකද උනේ බොල.

    ReplyDelete
    Replies
    1. ෆයිල් එක මට එවන්න නෝනාට කිව්වා. පොඩ්ඩක් කූරු ගාපිය බොල.

      Delete
  38. මුදල් ඇමතිට මේක කලින් ලැබුණ නං කියවනව ෂුවර්...තටම තටම හරි.

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඈ...ආයිත් පාරක් කියවනවද?

      Delete
    2. රිපීට් වුණ නිසා ඩිලීට් කළා.මේක අයින්ම කරල දාමුද. උඩින් තියෙනවනෙ ඔරිජිනල් කොමෙන්ට් එක.

      Delete
  40. මොනවද අම්මේ අකුරු ජාතියක් අයවැය යැයි කොලයක ලියලා.
    කවුරුද රනිලෝ මේව ලියන්නේ මට කියවන්නට බැහැ මෙව්වා

    රවියා දන්නෙ නැහැ එක එක කාළෙට අය වැය කියලා බොරු කෙරෙතී
    මයියගේ උන්ටික බයිල ගහද්දී බෝතලේට කෙලවෙල තියෙතී.

    ReplyDelete
    Replies
    1. ඌලගෙ බයියගෙ බජට් අපට නෑ - මේකෙන් අපිටම කෙළවෙන්නේ
      කොහොමද අප්පේ මෙය කියවන්නේ - මට නෑ මොකවත් තේරෙන්නේ

      හරක් බලනකොට අතිනුත් කන කොට - මහජනයට නෑ තේරෙන්නේ
      උන්දැල නොදැනිම වැය ටික පියවයි - ඒව කෙරෙන්නේ හොර රහසේ

      වෙල්කම් කිව්වා ඉයන්/අයන්!

      Delete
  41. බජට් එකේ මොන අඩුපාඩු තිබුණත් මේ යහපාලනය කනපිට හරවන්නනම් ඉඩක් තියන්න බෑ.

    ReplyDelete
  42. අයවැය ගැන ලියු දාර්ශනික කෝණයකින් බල ලියු වැදගත් ශාස්ත්‍රීය ලිපියකි. උසුස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව විෂය මාලාවට කේස් වර්ක් එකක ලෙස නිර්දේශ කරමි.
    http://sinhala.lankanewsweb.net/

    ReplyDelete