2016-01-11
2015-12-28
2015-12-22
2015-12-16
2015-12-14
කිරි සිනා
ලැප් එකට පැත්තකින් ඩොංගලේ අමුණද්දි
බාබිලා ගේ ගවුම්, රස කෑම හාරද්දි
ෆෝල්ඩර් හදාලා ඉමේජස් පුරවද්දි
ලැයිස්තුව දිහ හැරං අනිවා‘ම ඉල්ලද්දි
2015-12-11
ගෝනි දෙක
දවසක් නගරය මැද්දෙං - ගෝනි දෙකක් බිම ඇදගෙන
ආච්චියෙක් අමාරුවෙන් - පෙරට ඇදෙනවා
ඉන් එක ගෝනියක් අඩිය - සිදුරු වෙලා ඒ සිදුරෙන්
රුපියල් විස්සේ නෝට්ටු - එළියට එනවා
2015-11-30
ටෝකන් සහ සිලිකන්
ටෝකන්
එකමත් එක කාලයකදි - එකමත් එක කැළයක් විය
පුරුදු පරිදි සිංහයාය - මේ කැලෙත් රජා
කාලය යයි ගත වීලා - මෙහෙම ටිකක් කල් යද්දී
කැලේ සතුන් ජනගහනය - අධික වී ගියා
2015-11-26
මැජික් පාවහන්
(තිත් තිත් දමලා ඇති තැන - ඇදලා තාලය ගනු මැන)
කවුරුත් දන්නා කියනා - අපගේ වෙල් විදානයා
නෝනත් සමගින් පිට රට - සංචාරෙ ගියා
සංචාරය අතරතුරේ - පාකිස්ථානෙට ඇවිදින්
ඉස්ලාමාබාද් වලින් - බසයෙන් බැස්සා
2015-11-23
2015-10-26
ජීවිතය - 05
තාත්තා තාත්තා ගැන දන්න හින්දා තමයි පුතේ කොල්ලො ගැන විස්වාසයක් නැත්තෙ. මම කියන්නෙ නෑ හැම පිරිමියෙක්ම නරකයි කියල. ඒ වුණාට පිරිමි කියන්නෙ පිරිමි. ඒක වයස අවුරුදු පහද හැටපහද කියන එක නෙමේ ප්‍රශ්නෙ. පිරිමියෙක් එක්ක අන්තෙට යන්න ඕනි බැඳපු දවසක.
මං නෙමේනෙ, දැං ඔය තාත්තනෙ අන්තෙට ගිහිං තියෙන්නෙ.
2015-10-19
2015-10-16
නැවතත් විරාමයකට පසු
හිටු කියලා බ්ලොග් ලියපු, අවුරුද්දට 121 ක් පෝස්ට් දාපු මට වෙච්චි දෙයක්. අනික් උන්ට තොපි ලියනවා මදි කිය කියා ලොකු සීන් දාපු එක මටම පලදීපු හැටි! හරි..හරි..ඒ මගුල් අමතක කරලා බහිමු අද ගියපාර එකේ නැක්ස්ට් ඇපිසෝඩ් එකට. ඒ පෝස්ට් එක දැම්මේ මාතලං ඉට්ටැයිල් එකට. ඒක ඇඟේ නැති හින්දා පොඩ්ඩක් අවුල් සමහර තැංවල. ගනං ගන්න එපා බංස්ලා. දැන් අහන්න එපා අර ‘මට හිතෙන හැටි‘ කෝ කියලා. අපි බලමු.
2015-10-12
විරාමයෙන් පසු නැවතත්.....
ප්‍රාණ සමානව කොරගෙන ආපු බොග දැමිල්ලට පහුං සතියේ කෙළවිලාම ගියෝය. ඒකට හේතුව වෙන මක්කාවත් කොටුපැනිල්ලක් කියලා මේකේ ඉන්න ඔය කැමරාකටාලා, මනෝකායලා, අහසිං එන්නො එහෙම වරදවා තේරුම් ගන්නවා නෙමේය. මදාවියාට බොහෝ දේ දීපු අජීවී වස්තුවක් වගේම උගෙන් ඒ වගේ හතර පස් ගුණයක් ගත්තු ජීවී වස්තු සමූහයක් වෙනුවෙන් ෆුල් ටයිම් කාලය ගත කරන්නට මදාවියාට සිද්ද වුණේ ඌ වෙනුවෙන් හැමදේම කැපකරපු හතර දෙනෙකුත් අමතක කරලාය. ඉතිං මේ කෙරුවාවටත් ටෙම්පරි කෙළවුණ එක අහන්න දෙයක් නැතිය. ලොකු කිරීමේ උස්සව, ග්‍රැෆික් ඩිසයිනිං, ප්‍රෝග්‍රැමිං ආදී වසයෙන් වූ මල්ටි ඩියුටි රාසියක මදාවියා එරිලා හිටියා කිව්වාම වැඩේ තරම තේරුං අරං මට සමාව බාජනේක දාලා දෙන්න මේ ඉසව්වේ අපේ උන්ට ඒ හොඳටෝම ඇතිය.
මක්කා වුණත් ගෙදරටම එන එකා එක්ක කතා බහ නොකර බැරි නිසා බොගට ගොඩවුණ හැම එකාටම එහෙන් මෙහෙන් මොනවා හරි කියලා දාන්න යන්තම් වෙලාවක් ඉතිරිව තිබ්බත් අහල පහල ගෙවල්වලට ගොඩ වදින්නට බැරිවීම ගැන හිතේ මාර වැකූම් එකක් තියෙනවා වගේ දැනෙනවාය. ඒ නිසා අද ලියන්නේ ඒ අසාධාරණයට ලක් වෙච්ච උන් ගැනය.
2015-10-08
සුවපත් කිරීම
ආච්චි සමගින් සීයා එක දවසක්දා
රූපවාහිනිය බලමින් කාලය ගෙව්වා
ඔය අතරේ වැඩසටහන මගදි නැවතිලා
අතරමැද්දෙ විකාශයක් අරඹනු පෙනුනා
රූපවාහිනිය බලමින් කාලය ගෙව්වා
ඔය අතරේ වැඩසටහන මගදි නැවතිලා
අතරමැද්දෙ විකාශයක් අරඹනු පෙනුනා
2015-10-05
2015-10-02
ජීවිතය - 04
ඒත් පහුවදාට ඉර පායනවා. ඒ ඉර වෙනස්. වෙනදා පායපු සුදු පාට රැස්වලල්ලක් එක්ක දීප්තිමත්ව නිල් පාටට බැබලෙන ඉර නෙමේ මේ. ඇඟ ඇතුලේ එය තිබෙන බව නොදැනෙමින් මෙතෙක් තිබුණු අවයවයක් ඉවත් කරලා දැම්මාට පස්සේ ඒක නැති අඩුව දැනෙනවා. ‘මට කොතනද වැරදුනේ?‘ මම හැම දෙයක්ම ආවර්ජනය කරන්න උත්සාහ කරනවා. මොකක්ද මගෙන් වුණු අඩුව? කන්න අඳින්න දෙනවානං, උගන්නනවානං, ආදරේ පෙන්නනවා වගේම හදවතේ ඒක තියෙනවානම්........... ම්....අන්න පොට! ආදරේ පෙන්නනවා වගේම හදවතේ ඒක තියෙනවානම්.
2015-09-30
කුරුල්ලා
දවසක් එක්තරා පොරක් - නිවාඩුවක් ගතකරන්න
ගියා නියුඩ් බීච් එකට - සුන්දර උදයේ
ගියා නියුඩ් බීච් එකට - සුන්දර උදයේ
නිතියක්ය එහි ඇත්තේ -
නිරුවත් විය යුතුයි සැවොම
එලෙසට මේ පොරත් ඉතිං - නිරුවත්
වුයේ..
2015-09-28
ගුරුවරයා
හෙන්රි අයිය හට තිබුණා - නොසංසිඳෙන ආසාවක්
කවදාහරි ඉස්කෝලෙක - උගන්වන්නට...
ඒ ගුරු රැකියාව සොයා - ඔහු පාසැල් ගානෙ ගියා
තිබුණු එකම අවස්ථාව - බාලිකාවක...
2015-09-25
ජීවිතය - 03
පළමු දැක්ම
දෙවන දැක්ම
නිදිමත බිඳක් විතරක් ඇස්වල ඉතිරි කරගෙන මම ඇහැරෙනවා. ඇඳ දකුණුපැත්තෙ කනප්පුව උඩ තියෙන ෆෝන් එක ඇරං වෙලාව බලනවා. හතරයි! පහට එලාම් එක තිබ්බට මට ඊට කලින් ඇහැරෙනවා. බාත්රූම් එක කරා පිවිසීමට ඇති කෙටි එහෙත් අතුරු මාවතේ ඇදුනු මං යාන්තම් තෙත සෙරෙප්පු දෙකෙන් ඇස්දෙකේ නිදිමත පොඩ්ඩක් පිහදානවා. ඇස්දෙකේ ඉතිරිවෙලා තියෙන නිදිමත සින්ක් එකට වැටිලා අඟල් එකයි කාලේ බටයක් දිගේ තත්පරයට සෙන්ටිමීටර් තිහක වේගෙන් ගලාගෙන යනවා. නිදිමතෙන් මිදුනු මම අතුරු පාරෙන් මහ පාරට පිවිසෙන ලේන් එකේ වේගෙන් ඉදිරියට ඇදෙනවා. හැම උදේම පුරුදුවුණු ඇල්වතුර මිලි ලීටර් පන්සීය මගේ අන්නශ්‍රෝතය දිගේ නිදිමත ඇදුනු වේගෙන්ම ගලායනවා. බඩට වතුර වැටුනා වගේ සනීපයක්! සමන් දේවාලෙ පෙරහැර නිසා බාර් වහලා දවස් තුනක්. ඊයෙ මට අහන්න ලැබුණු ඒ සතුටුදායක පුවත සිහිවීමෙන් කුල්මත් වුණු හිතින් කුස්සියට යනවා.
2015-09-23
තුන්දාහ
වයසක මිනිසෙක් දවසක් - ගණිකා මඩමකට ගිහින්
එතන ඉන්න හොඳම කෙල්ල - ඕනැය කිව්වා
නතාලියා තමා අපේ - මඩමෙ ඉන්න හොඳම කෙල්ල
ඒ වුණාට ගාන සැරයි - මැඩම් පැවසුවා
Subscribe to:
Posts (Atom)

















