2015-10-12

විරාමයෙන් පසු නැවතත්.....



ප්‍රාණ සමානව කොරගෙන ආපු බොග දැමිල්ලට පහුං සතියේ කෙළවිලාම ගියෝය. ඒකට හේතුව වෙන මක්කාවත් කොටුපැනිල්ලක් කියලා මේකේ ඉන්න ඔය කැමරාකටාලා, මනෝකායලා, අහසිං එන්නො එහෙම වරදවා තේරුම් ගන්නවා නෙමේය. මදාවියාට බොහෝ දේ දීපු අජීවී වස්තුවක් වගේම උගෙන් ඒ වගේ හතර පස් ගුණයක් ගත්තු ජීවී වස්තු සමූහයක් වෙනුවෙන් ෆුල් ටයිම් කාලය ගත කරන්නට මදාවියාට සිද්ද වුණේ ඌ වෙනුවෙන් හැමදේම කැපකරපු හතර දෙනෙකුත් අමතක කරලාය. ඉතිං මේ කෙරුවාවටත් ටෙම්පරි කෙළවුණ එක අහන්න දෙයක් නැතිය. ලොකු කිරීමේ උස්සව, ග්‍රැෆික් ඩිසයිනිං, ප්‍රෝග්‍රැමිං ආදී වසයෙන් වූ මල්ටි ඩියුටි රාසියක මදාවියා එරිලා හිටියා කිව්වාම වැඩේ තරම තේරුං අරං මට සමාව බාජනේක දාලා දෙන්න මේ ඉසව්වේ අපේ උන්ට ඒ හොඳටෝම ඇතිය.

මක්කා වුණත් ගෙදරටම එන එකා එක්ක කතා බහ නොකර බැරි නිසා බොගට ගොඩවුණ හැම එකාටම එහෙන් මෙහෙන් මොනවා හරි කියලා දාන්න යන්තම් වෙලාවක් ඉතිරිව තිබ්බත් අහල පහල ගෙවල්වලට ගොඩ වදින්නට බැරිවීම ගැන හිතේ මාර වැකූම් එකක් තියෙනවා වගේ දැනෙනවාය. ඒ නිසා අද ලියන්නේ ඒ අසාධාරණයට ලක් වෙච්ච උන් ගැනය. 


අපේ මීඩියා


ඉලක්කෙට අහුවෙන එකාගේ රෙදි විතරක් නෙමේ යටට ඇඳපු මෙව්වාත් ගැලවිලා යන්නම ලියන එකෙක් මේ දවස්වල අපේ රටේ සිද්දවෙන අපරාධ රහකර කරා තලුමරන කාලකන්නින්ව ඉලක්ක කරගන්නවා දැක්කෙමිය. ඇත්තටම මේ මුංගේ විලිසංගේ නැති කෙරුවාව ගැන ලෝකෙට හෙලිකරන්නට දැනට තියෙන්නේත් බ්ලොග් විතරමය. බුකියේ රේස් දාන සම හරක් ට ඊට වඩා මෙලෝ රහක් නැති තමන්ගේ මූණ විරවගෙන ඉන්නා සෙල්ෆි දැමිල්ල වටිනවාය. මූ ලියනා එක නැති වෙන්නම ලියනවාය. හැබැයි මුගේ ලිවිල්ලට ඇවිස්සෙන කස්ටියකුත් මේ රටේ නැතුවා නෙමේය. ඒ මක්කා වුණත් අනුන්ගේ රෙද්දවල් අස්සේ තියෙන්නේ මක්කාදැයි හොය හොයා කාලය කෑමේ අපේ ජාතික අනන්‍යතාවයේ පුරෝගාමියෝ අපේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යකාරයෝමය. ඕනි කුණු ගොඩක් පොඩ්ඩක් ඇද්දම අපේ උන් ඉතුරු ටික නොමිලේම ඇදලා මාධ්‍යයට දෙනවාය. විලිලැජ්ජාවේ තංතෝසේ වගේය. 

ගුරු දිනය වෙනුවෙන්...


දැනට අවුරුදු හතරක් විතර බ්ලොග් ලියන අපේ තවත් එක්තරා බුවෙක් බොහොම කෙටි ස්වතන්ත්‍ර පද පේලි හතරකින් බොහොම දේවල් ලියලා තිබුණාය. මාසෙකට ලිපියක් දෙකක් විතරක් දැම්මත් සමහර වෙලාවට මුන්නැහේ නොදැනීම අපේ ඔලුවට අනින්නේ චූ බර හැදෙනා ටොකුය. අපේ කාලයේ ගුරුවරු කියන්නේ පොඩ්ඩ වරදින්න බැරි කණ පැලෙන්න ගහනා සැට් එකක්ය. උන්නැහේලා එහෙම නොකලානම් අපි අද හිරේය. ඒත් නැතිනම් අපි පොලෝසියට බැඳිලා උන්නැහේලා හිරේය. අද ගුරුවරු එහෙම නොවේය. දවසේ පීරියඩ් අට මොනවා හෝ බොරුවක් කරලා හවස තියෙන ටියුෂන් එකට ලෑස්ති වෙනවා මිස, ළමයින්ට ජීවිතේ ගැන කියාදෙන්නට ඒ උත්තමයන්ට වෙලාවක් නැතිය. ඒ හින්දාමද මන්දා අපේ ළමයින්ට අපි ජීවිතේ ගැන කියාදෙන්න ගිහාම උන් අපි දිහා බලා ඉන්නේ අඟහරු ලෝකේ ආපු එවුන් අමුතු බාසාවකින් දෙසාබානවා වගේ හිතාගෙනය. අනික් අතට මේ කාලකන්නි තරඟ විභාග කෙරමය නිසා අම්මලා ළමයින්ටත් කලින් රෙද්ද කඩාගෙන දුවනවා බලන්න ලස්සනය. ගුරුවරුන්ටම දොස් කියලාත් වැඩක් නැත. සල්ලි කාටත් වටිනවාය. 

එක මලක නම් නොවේමයි මල් යායක සිරස නැමෙයි


කවදත් ඉස්තානෝචිත ගීත ඛණ්ඩයක් උළුප්පලා දෙන්න හපන් එකෙක් අපිට ඉන්නවාය. ඌ ගැන දන්නේ නැති එකෙක් ඉන්නවානං ඒකා යහ පාලනේ කියන්නේ මක්කද කියලාත් දන්නේ නැති එකෙක්ය. මේ අපේ එකාත් මේ පාර ලියන්නේ ගුරුවරුන් ගැනය. මදාවියා ඉන්ස්පිරේෂනල් වීඩියෝ වලට පට්ට ඇඩික්ට්ය. මූ ඒක දන්නවාද කොහෙදය. ගුරුවරු ගැන ලියවුණු ගීත අපේ සාහිත්තයේ බොහොම අල්ප වුණත් ඒ අතරිං වටිනා මිණිකැට පහක් මතුකරන්න මේකා අදත් සමත් වුණාය. දෙක පහ දෙකම මගේ ෆේවරිට් බව නොකියාම බැරිය. ගුරුවරු ගැන උඩිං කීව නිසා ආයි කියන්නේ නැතිය. 

තවත් එක දවසක් ම විතර ද..??


හැම ලබ්බටම දිනයක් නං වෙන් කොරලා තියෙනවාය. ඒ වුණාට ඒ හරහා සිද්ද වෙලා තියෙන්නේ එක්තරා සමාජ කාණ්ඩයකට එක යට තුන්සිය හැටපහේ අවධානය යොමු කිරීමය. මේ කියනා අවධානය ඒ කියනා කාණ්ඩයට යොමු වෙනවාද යන්නත් පුරස්නයක්ය. එක අතකට ලක්ෂ ගාණක් වියදං කොරලා මහ ලොකු උස්සව තියලා ඒකට ගෙන්නන දුප්පත් අම්බරුවන්ට කන්නවත් නොදී පොල් පැලයක්, ගම්මිරිස් පැලයක් විතරක් කන්න දෙන නායකයෝ ඉන්න රටක මේවා නිකම්ම නිකං ටොයිස් ය. දැනෙනා උන්ට දැනෙන්න මේ ලිපිය ලියලා තියෙනවාය. මූ නිතර නොලියනා එක ගැන බොහොම දුකයිය. සර්වාංගෙ පුරාම එබොනි කෙල්ලො හාංච්චිං දෙන හින්දා ලියන්න වෙලාවක් නැතිවා වෙන්ට ඇතිය. 


ඇත්තම කියනවානං මේකිට මම වැඩිය කොමෙන්ට් නොකරන්නේ මේකිගේ ලොකු එක නිසාය. ලොකු එකය කියන්නේ අනෙක් උන්ගේ ඒවායේ මේකි වැඩිය කොමෙන්ට්ස් නොදාන නිසාය. කොහොමත් කෙල්ලෝ වැඩිය කොමෙන්ට්ස් දාලා ගණං බස්සාගන්න අකමැතිය. අනික් අතට කෙල්ලෙක්ගේ කමෙන්ටුවක් දැක්කම ඒක වටේ මැස්සො වගේ ඇහිරිලා ඒකිව පජාත කරලා දාන සැට් එකක් කාලෙකට ඉස්සර මේ අවකාසේ උන්නාය. ඒ නිසා මේකිට දොසක් කියන්ටත් බැරිය. මක්කා වුණත් මේකිගේ ලිවිල්ල දැක්කම මටත් නිකං කහනවා වගේ නිසා මගේ ලොකුකම යට කරලා මම ඒකිගේ ලොකු කමට යට වෙලා මොනා හරි කොටලා එනවාය. පොත් සල් පිලක සැනෙලි මැදි දිස්වෙන දෑ පොත් කීපයක නම් සමග හරි හරියට ගලපා අපූරු කවි පංතියක් මේකි ලියලා තියෙනවාය. මදාවියානම් දැන් පොත් කියවීමෙන් බොහොම ඈත් වෙලාය. 

ගුරු දිනය ගැන විවිධාකාර විචාර බර ගාණක් තිබුණත් වෙනස් විදිහකට ඒක සමරන්ට එකෙකුට හිතිලා වගේය. මූ බොග දාංට අරං ඕන්නං මාස හතරක් ඇතිය. ඒ වුණාට බොග් ලෝකේ හැමෝම වගේ මූ ගැන දන්නවාය. ඒ ඊනියා මඩ කල්ලියේ ක්‍රියාකාරී මෙව්වා එකෙක් වසයෙංය. ඌ මේ පාර ලියන්නේ ගුරු-ගෝල සම්බන්දතාවයේ අපූරු කතා දෙකකි. ගුරු ගෝල සබන්දතා ගැන දැන් දැන් අහංට ලැබෙන්නේ ඒ තරං සතුටුදායක එව්වා නොවුනත් ඒ කාලේ ගැන ලියවෙන කතා කියවංට මදාවියා පට්ට ලැයික්ය. මේකාගේ දෙකෙන් එක කෙසේ වෙතත් දෙකනං පට්ටෙත් පට්ටය. ගුරු ගෝල සම්බන්දතාවයක් ගැන කියවෙන මෙන්න මේ ගීතය අපි ප්‍රචාරය කොරන්නේ ඔහෙලාටත් රස විඳින්නය. 

මේ දවස්වල අපේ පොදු මාත්තුරුකාවට නිවනක් නැති හැඩය. මුංදෑත් ලියලා තියෙන්නේ අතීත කාමයෙන්ය. කළු සුදු වගේම ඊස්ට්මන් වර්ණ ගුරුවරු ගැන ලියාපු ඒ ලියවිල්ලේ අන්තිමට කියවෙන කතාව මාව නිකං මෙව්වා කරලා දැම්මේය. තමංගේ දරුවා ගැන අම්මෙකුට තියෙන උණුවීම තවත් අම්මලා හත් අට දෙනෙක්ගේ ළමයි සම්බන්ධයෙන් මොන මොන විදිහට පත්තු වේදැයි දැනෙනා විට මාව හීතල වුණේ දැනට අවුරුදු විසිපහකට විතර ඉස්සර ඇඹිලිපිටිය පැත්තේ සිද්ද වුණු අපරාධයක් මතක් වෙලාය. ඒක නැවත නොවීම ගැන සතුටුය.

මගුල් සක්වලක් වෙච්චි අපේ අමුතු ඇටේ හැම මගුලම සැට් කොරන්නේ කැමරාවට පේන්නය. වෙන එකක් තියා තට්ටු පිට තට්ටු ගහන කේක් එක හදන්නේ රිචඩ් පීරිස් උන්නැහේය. ඒකේ කපන්න ඕනෑ තැන වැරදුනොත් හම්මට සිරි වෙලා තියෙයිය. මල් වලටත් ලක්ස ගානක් යනවාය. සේරම කොරලා අන්තිමට ලොකු ඉස්ටෝරි බුක් එකක් හදාගෙන ඕක බල බලා දෙන්නා සැනහෙනවාය. ණය ගෙවන්ටත් තියෙනවාය. ඒ මොනවා වුණත් මගුලට ඇඹරිලාම යන එකෙක්ගේ යාදින්න හද කම්පා කරවන සුළුය. ඒ අස්සේ ඌ හැතැම්ම කණුවකුත් පහුකරලාය. කොච්චර වැඩි අදික වුණත් ගිහිල්ලාම සුබ පතලා ආවේ මේ අවකාසෙ නග්ගලා ගන්නනං ලියන එකාලාව මෙව්වා කොරලා ගන්න ඕනෑ හින්දා වගේම මූ මේ අවකාසේ පවත්වාගෙන යන සුක්‍රාණුවක් රතු රුධිරාණුවක් හින්දාමය. ඇවිත් මාස හතක් විතර වුණාට මේකාත් දැන් පොරක්ය. මදාවියාත් ලබන වප් පුර පහලොස් එක දාට අවුරුද්දක් සපුරනවාය. 


ආෆ්ටර් ලයිෆ් කියන්නේත් මදාවියාගේ ෆේවරිට් ටොපික් එකක්. බොහොම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තියෙනවා ආර්.අයි.පී.ඩී. කියලා. ඇත්තටම මරණයෙන් පස්සේ මක්කාද වෙන්නේ කියලා අපි කවුරුත් දැනගංට ආසාය. ඒ වුණාට පොඩි කොස්සකට තියෙන්නේ ඒක දැනගනංට එක පණයන කේස් එකක් වීමය. මටත් නිකමට හිතෙන්නේ මැරෙනවා කියලා කවුරුවත් නිවන් යන්නේ නැතිය. විද්‍යාවේ කියන්නේ ශක්තිය මරන්ටවත් උපද්දන්ටවත් බැරිය කියාය. මනස කියන්නේත් ශක්තියක්ය. ඒ මක්කා වුණත් පික් පොකට් කාරයෙක්ගේ සිතිවිලි වලින් වගේම මරණය අබියසට ගිය මිනිහෙක්ගේ සිද්දියක් අල්ලාගෙන අපූරු කෙටිම කෙටි කතාවක් ගොඩනගලා තියෙනවා දැක්කාය. මේ වැඩේට කප් ගහපු ඉවානයාටත් පොඩ්ඩක් ඉරිසියා නොහිතුනොත් පුදුමය. 


ගුරු තරුව කාලෙකට පස්සෙ අපූරු පදවැල් වලාවක් අතරින් පායලා වගේ. අම්බ සංතෝසයක් දැනුනා ඒක දැකලා. මේ වගේ සුන්දර සිතිවිලි තමන්ගෙන් අකුරු කරන දරුවන්ට ගලාගෙන යංට සලස්වන්න පුළුවන්නං මේ ලෝකය බොහොම සුන්දර තැනක් වේවි. උජාරුවට උලුප්පන සෝබන වලින් පිරිච්ච මේ ලෝකයේ තියෙන නිස්සාර බව නිතර දකින එකෙක් මූ. මුල් පේලිය දැක්කම නිකංම නිකං සිංදුවක් දාලා මාරු වෙංට හදනවා කියලා හිතුනත් මම වැරදියි. දවසම දිවා රෑ නැතිව උගන්නනවා ඇති මේ දවස්වල වැඩිය නොලියන්නේ. උඹ හරියට ක්‍රිකට් වලට රොෂාන් මහානාම වගේ. උඹ නොලියන එක පාඩුවක්. 

අවුරුදු දෙකයි


තරකා ඉබ්බෙකුට අවුරුදු සීයක් වයසයි කියන්නෙ ඌ හොඳ තැන්පත් තරුණ වයසෙ. බැංකුවකට අවුරුදු සීයක් කියන්නේ බොහොම ඉස්තාවර වයසක්. බ්ලොග් එකකට අවුරුදු සීයක් පවතින්න බැරිවුණාට අවුරුදු දෙකක් කියන්නේ නාඹර තරුණ වයසක්. තමන් බ්ලොග් එක පටං ගත්තු හැටි මතක තියෙන එක යහ ලක්ෂණයක්. මේ කෙල්ල මොනවා හරි සරල දෙයක් නිදහසේ ලියන අපූරු මානවිකාවක්. සැලියුට් එකක් ගහන්නම වටිනවා. අවුරුදු දෙක පිරුණා වගේම වෙනසක් නැතිව අවුරුදු 20 ක් වුණත් රැඳී ඉන්න ලැබේවා! කෙල්ලො ලියනවා මදි හොඳටම. ඒකට පිරිමි පාර්ශවයෙත් වරදක් තියෙනවා. කොහොම හරි උඹලා තරු ගොඩක් මැද්දෙ දිලිසෙන්නෙ සුදු පාට ලස්සන තරු රටා වගේ. 


මේ තමා අර රෑට ඇහැරලා ඉන්න ජාතියෙ අනික් එකී. ලියන ඒවා වෙලාවකට මොලේ කොලොප්පං වෙනවා. විශේෂයෙන් දවස පුරාම මොලේ වෙහෙසවන අපිට ඒවා පොඩ්ඩක් ඇලජික්. ඒ වුණාට වෙලාවකට දෙනවා කනේ පාරවල් විදුලි වේගෙන්. හින්දි ටෙලි නාට්‍ය, චිත්‍රපටිවලට ඇඩික්ට් වෙච්ච අපේ කාලයේ අම්මලාට දීලා තියෙනවා රිදෙංට. ඇත්තටම මේ චරිත වල හමේ පාටට ඇයි මුං නහින්න හදන්නේ. පෙම්වතියෙගෙ චරිතෙට ලිසී වැලස්කීස් ගත්තානං කොහොමට අඬයිද මුං. 


මහා ලොකුවට උඩ දාගෙන වර්ණනා කලාට මේකනං රොම්බ පිස්සු රටක් කියලා ඔප්පු වෙන්නේ මිනිහෙක්ගෙ ආත්ම ගරුත්වයටයි, පුද්ගලික නිදහසටයි, ජීවත් වීමේ අයිතියටයි කෙලින්න බලාගෙන කීදෙනෙක් ඉන්නවාද කියලා පේනකොට. වැරදි නොකරපු එකෙක් ඉන්නවානං අපරාධකාරයාට එක ගලක් ගහපල්ලා කියලා අවුරුදු දෙදාහකට විතර ඉස්සර ජේසුස් වහන්සේ කිව්වෙත් මේකම තමා. කරුමෙට ඒ කාලේ එහෙම තිබිච්ච රටවල් අද මානව අයිතිවාසිකම් අරවා මේවා හැම එකෙන්ම ඉස්සරහට ගිහිං තියෙද්දි අපේ සැට් එක වසර දෙදාහක් ආපස්සට තමා මංගච්චලා තියෙන්නෙ. අර අවුරුදු 17 කොල්ලා ඇරෙස්ට් කොරපු චෝදනාවට හරිනං මේ රටේ පිරිමි බර ගාණක් ඇරෙස්ට් කොරංට ඕනෑ...ඕ යේස්. නොමිනිසුන්ගේ කාලකන්නි සතුටට හැමදාමත් වගේ ගහපු කණේ පාරක් මේ ලිපියත් ඕං.


කවිත් තියෙනවා. වෙලාවකට ඒවායේ කියවෙන දේවල් අපේ මානයන්ට අහුවෙන්නෙ නෑ. ඒ නිසා වැඩි විවරණ විච්චූරණ නොකර එනවා. ඒ කියලා ඒ නිර්මානය කොරන එකාගේ අඩුපාඩුවක් පෙන්නන එක හරි නෑ. අපිට දෙමල තේරෙන්නෙ නෑ කියන්නේ දෙමලාගෙ වරදක් නෙමේ අපේ වරදක්. මේකාගේ කවි හැමදාම මං කියවනවා. වෙලාවකට හොඳට වදිනවා. මේ කියන්නේ කඳුළු ගැනනම් ඇයි මදෙස නොබලා ගලා යනවා කියන්නේ. මේ කියන්නේ ගඟ ගැනනම් ඇයි නයනින් ගලා යනවා කියන්නේ. දීපිය උත්තර.


කවදත් හරවත් දෙයක් කතා කොරන අපේ පැසුණු බුවෙක්ගේ තවත් එළ ලිපියක් කියවංට වාසනාව ලැබුණා. අපේ ඊනියා පුරවැසි සැට් එකට ඉතිං කොණ්ඩයාව එල්ලන්න ඕනි වුණාට මිලිටරි කාරයෙක් එල්ලන්න ගිහාම මලේ ඉස්මත්තටමයි නගින්නෙ. ත්‍රස්තවාදය කොයි රටකට වුණත් හිසරදයක්. ඒකට ත්‍රස්තවාදයෙන්ම උත්තර නොදී ක්ෂාන්තී ක්ෂාන්තී කිය කියා හිටියොත් අත පය හතරයි අන්තිමට බෙල්ලයි දෙකම යනවා. මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගන්න අපේ මිලිටරිය කරපු කාර්යභාරය ගැන තර්ක නෑ. ඒ වුණාට කවුරු වුණත් නිරායුධ මිනිස්සුන්ට ආයුධ වල බලය පෙන්නලා අයුතු ප්‍රයෝජන ගන්නවානං උන් කලුවර කාමරේක බැඳලා දාන එක කෝකටත් හොඳා. අධිකරණ පද්ධතිය ගැන ඉතිං.... එක්කො ඕන්නෑ. නිකං මොකටද ඇස් බී කාපු පරිප්පුව මාත කන්නෙ.


මේ අපූරු සුන්දර රට දාලා වෙන රටකට යන්න හිත හදාගන්න බැරි දැනටමත් තියෙන බැඳීම් හින්දා. මොනවා වුණත් ළමයින්ටනං උගන්නලා එළවන්න හිතෙනවා. ඒ වුණාට මටං ගොඩක් කළගුණ සලකන්න තියෙන නිසා යන්න වෙන්නෙ නෑ. රට පැනලා ගල්වෙන්නනං එකම හේතුව සල්ලි. සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි තමයි. ඒ වුනාට හැමදේම නෙමේ.

*******************************

කොයි දේ වුණත් ඕනිවට වඩා දික් වුණාම පොඩි නැමෙන ගතියක් අවුලක් තියෙනවා. ඒ හිංදා අදට මේ ඇති. පොඩි කයියයක් දාලම යන්නං. නැහ්නං හරි නෑනෙ.

෴෴෴෴෴෴෴෴෴෴෴෴

ගොනා - 03 හෙවත් ගොනාගෙ ....




නාඹර වයසේ පසුවූ ශ්‍රී - නාත් අයියා
දියර කිරෙන් රට නාවන- ව්‍යවසායකයා
කිරි සපයන තවත් ළඳක් - කිට්ටුව හිටියා
ඇයගේ නම දාමු දැනට - වනිතක්ක කියා

වනිතක්කට කොටන්නටයි - මූ කැරකෙන්නේ
ඒ වුණාට තාමත් නෑ - වැඩේ සෙට් වුනේ
දවස පුරා මේ ගැනමයි - හිතින් ලතවුණේ
ඔය අතරේ හැන්දෑවක - පොටක් පෑදුනේ

වනිතක්කට මුදල් හදිසි-යක් ඇතිවීලා
ආවානොවැ ශ්‍රී නාත් අයි-යාව සොයාලා
තමන්ගෙ ඒ උවමනාව - ඔහුට කියාලා
උදව් කරන්නැයි කිව්වා - ඔමරි දමාලා

දෙන දෙයියෝ දෙනවානොවැ - ටොකුද ඇන ඇන... (ඇදපියව් මෙතනදි)
ගෙට ඇවිදින් වාසනාව - දෙයියො දුන් පින...
මිටෙන් ඇරිය කුරුල්ල වගෙ - ගෙතුලට යනවා
පිල්කඩ උඩ වනිතක්කා - බලා ඉන්නවා

කාමරයේ ජනේලයෙන් - වත්ත පේනවා
වත්ත පහල හරි අපූරු - ගේමක් යනවා
ශ්‍රී නාත් අයියාට අයිති - ලොකුම ලොකු ගොනා 
වැස්සියෙකුගෙ පිටේ නැගල - පාරු පදිනවා

සල්ලිත් අරගෙන අදහස - හිතට ගන්නවා
එලියට ඇවිදින් වනිතට - කතා කරනවා
වත්ත පහල වෙන සිද්දිය - පෙන්නා දෙනවා
ඒ ගමන්ම හූල්ලලා - මෙහෙම කියනවා

අර ගොනාට තියෙනා සැප - මේ මට නෑනේ
මට ඔය ටික කරන්න කිසි - විදිහත් නෑනේ

වනිතක්කට ගොනා හැරෙන - පැත්ත දැනෙනවා
ගස්සාලා මෙහෙම කියා - යන්නම යනවා

මොකදෑ ඒ ටික කරන්න - විදිහක් නැත්තේ
ඔහේගෙ එළදෙනනෙ, කරන-එක නොවැ ඇත්තේ


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ කතාව පහල දාන්නෙ ලොකු කමකට නෙමේ. මේකත් එක්තරා ගේමක් නිසා ප්‍රමාදයන් අතපසු වීම් පිළිබඳ අමනාප නොවන්න කියන පණිවිඩය එක්ක.

Young Bill was courting Mabel, who lived on an adjoining farm out west in cattle country. One evening, as they were sitting on Bill's porch watching the sun go down over the hills, Bill spied his prize bull fucking one of his cows. He sighed in contentment at this idyllic rural scene and figured the omens were right for him to put the hard word on Mabel. He leaned in close and whispered in her ear, "Mabel, I'd sure like to be doing what that bull is doing." "Well then, why don't you? "Mabel whispered back. "It is YOUR cow."





126 comments:

  1. අප්පච්ච්යේ අපේ මධු මල්ලියා ඉන්නවා නොවැ.

    මම උඹ කැමාගේ පෝස්ට් එකේ දාපු කොමන්ටුව බැලුවා.ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගෙන හෙමීට වරෙන් මචං.මොනව උනත් සේවය කරන ස්ථානයේ පැවරිලා තියෙන වගකීම අංක එකට ඉෂ්ඨ කරන්න ඕන.ඒ ටික හරියට කරපං.උඹ නැතිවුනාම අපිට ඉතින් පාලුයි තමයි.උඹ ටිකක් නිදිහස් වුනාම වැඩිපුර වරෙන්.අපි එතෙක් බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් කවිය ගැන කියන්නත් එපැය,

      උඹ මේ දාලා තියෙන්නේ අපේ ‍යක්ෂ අනාථ ශ්‍රිනාත් මලයා ගැනද ?
      වැස්සිට වැඩේ දිලාද ඒ කියන්නේ.
      හ්ම්..හ්ම්...හැබැයි මේ ටිකේ ඉන්නේත් හුඹහෙන් එලියට ඇදලා ගත්ත කබරයා වගේ තමයි,

      Delete
    2. අනාථ යක්සයා, මරු කාඩ් එක...

      Delete
    3. බොහොම පිං මනෝ මස්සිනා මට දෙන රැස්පෝට් එකට. වැඩ කිව්වට බං මෑත ඉතිහාසෙ එහෙම වැඩ කිරිල්ලක්නං කොලේම නෑ. උඹට කියන්න ගිය මාසෙටයි මේ මාසෙටයි දෙකටම ගත්තෙ පෝය නිවාඩුව විතරයි.
      පොඩ්ඩක් ගොම ගඳකුත් එනවා නේද ඕකා ගාවා.

      ඩ්‍රැකියා,
      ඒකත් රැජිස්ටර වුණා එහෙනං ඈ.

      Delete
    4. පොඩි පොඩි අවලාද කතා කීවට උඹට මේ ටිකේ වැඩ වැඩි කියලා දන්නවා බං.
      මට උඹලා මුන ගැහිලා මාස හතරයි.ඒ වුනාට අවුරැදු ගානක් එකට හිටියා වගේ දැන් දැනෙන්නේ.FB එකේදි ගොඩ නැගෙන්නේ නැති තද මිතුදමක් බිලොග් අවකාශයේදි ගොඩ නැගෙනවා.මට මතක් වෙන්නේ මගේ ඉස්කොලේ යාලුවෝ.අපි එදා හිටියෙත් මේ වගේ තමයි.

      අද දවසටම කැමා ඇවිත් තියෙන්නේ උදේ විතරයි.ඒ පාර කැමා කොහේ ගිහින්ද?
      කැමා අප්සට් වත් ගිහින්ද මචං ?

      Delete
    5. මනෝ,
      කවුද ඩෝ කබරයා...?

      ඩ්‍රැකී,
      උඹ ඉතින් කාඩ් ගහන්න රුසියනෙ... ඉඳහංකෝ...

      මධාවියෝ,
      ගොම ගඳ එන්න උඹ හිතුවද මං සබ්ජෙක්ට් කාරයෙක් කියලා...? අම්මප මූ නම්...

      මනෝ,
      මං ගියා බං මෙන්ඩගෙ බ්‍රා එකකවත් එල්ලිලා මැරෙන්න කියලා. කොහෙද ඌ බ්‍රා එකක් දෙන්න බෑම කියනවා. පරණ ජංගියක් දෙන්නම්ලු..

      Delete
    6. මධුවා තෝං එකක් දෙන්නද?

      Delete
    7. මනෝ,
      බුකියේ කොහෙද බං මිතුදම්. ඒක අපේ උන් ලංකනයිස් කරලා ඉවරයි.

      කැමා,
      එච්චර පොඩි බ්‍රා හදන්නෑලු උන්.

      මෙන්ඩා,
      තෝං දෙන්න මේක බූරුපොලක් කියලා හිතුවද බොල?

      (ආයිත් සමා වෙයල්ලා. මං කිව්වනෙ සතියක්වත් යයි කියලා මේක හරියන්න)

      Delete
  2. වනිතක්කා වීනීත අක්කා වෙන්න හදලා වගේ ,

    ReplyDelete
    Replies
    1. කොහොමත් එයා විනීතා තමා බ්ලොග් කෙරුවාවෙදි, දන්නෝ දනිති.

      Delete
  3. කුරුනෑගල පැත්තේ කැමරා කාරයෙක් ගෝස් බැන්ඩේජ් තොග ගානට ගෙනිච්චා කියන කතාව ඇත්ත එහෙනං

    ReplyDelete
    Replies
    1. අපේ ...නෑ මං මේ කිව්වෙ උඹේ විචා මාමද?

      Delete
    2. ඉසේ.. ඉසේ... ඉසේ... ඉසේ....

      Delete
    3. ඇයි බං ඉසේ උකුණො ද?

      Delete
    4. පූසෙක් හිටියා මේ පැත්තේ.... ඒකයි..

      Delete
    5. කැමා,
      ඉස්සර අපේ පැත්තෙ කිව්වෙ ඉසෝ ඉසෝ කියලා. දැන්නම් කියන්නෙ “සුදු මැණිකේ, මෙහෙ එන්න.....“ කියලා.

      ප්‍රසා,
      ඉස්සොරි ලු බං.

      Delete
  4. කවුද බං ශ්‍රී නාත් කියන්නෙ....? අපි දන්න එකෙක් නෙවෙයි නේද...?

    ReplyDelete
    Replies
    1. ‍ෙපෙොර තමයි විච‍ෙොවිචාඅර වයසක මනුස්ස‍ෙයෙකුට අතවර කරල තිබු‍ෙනෙේ ,එ මනුස්්සය යන්ඩ ආපු ගමනත් ‍ෙනෙොයා ආපහු ගිහිල්ලා තිබුනා ‍ෙගෙදර

      Delete
    2. ඇයි බං Yashyantha Srinath හෙවත් අනාථ සිරිනාථ කොලුවා ගැනනේ බං මේ කියන්නේ.අනේ අපොයි අපේ මලයා.

      අටම් කියන්නේ වි අංකල් කියලද මේ.කොටු පැනිල්ලට නම් නම්බර් වන් තමයි.

      Delete
    3. නෑ නෑ උඔ දන්න එකෙක් නෙමෙයි මේ ශ්‍රි නාත් අපි දන්න එකෙක්..
      ඉදා ගහගනින් සුප්පූව කටේ

      Delete
    4. උඹ ඌ ගැන දන්නැති උනාට අපිනං දන්නව හොඳට.
      අර මගුල් ෆොට‍ෝ ගහන්න ගිහිල්ල දෙවෙනි මනාලිට ඉන්න කෙල්ල දිහා බලාගෙන ඉඳල කෙලින් කරගන ඒක බස්සගන්නකල් ෆොටෝ ගැහිල්ල පරක්කු කරන පොර ගැනනෙ ඔය කියන්නෙ.

      Delete
    5. අපේ රම්බණ්ඩේ මාමගේ වැස්සිට පට්ටි දාන්න එකෙක් හොය හොය හිටියේ.වැස්සි ගේන්නද උඹ එනවද ?

      Delete
    6. මනෝ
      කැමා එනවා මචං උඔ රම්බණ්ඩේ මාමට කියපන් කැමාගේ කලිසම එල්ලන්න ඈණයක් ගහලා තියන්න කියලා..

      Delete
    7. උඹට මතක නෑ නේද කැමෝ?

      අනේ අටමො අන්න ඒ බාසාව උගන්නන්න බැරිද අපිටත්?

      මනෝ, නම්බ වන් වගේම රොම්බ වන් ලු බං අංකල් ඒ කාලෙ.

      මෙන්ඩා, තව එක සූප්පුවක් ඕනි බං.

      ප්‍රසා,
      යකෝ සුවරණවාහිනිය අරුංගෙ ආත්ම ගරුත්වය කෑව විදිහ හොඳයිනේ දැන් බැලුවම.

      මනෝ,
      දාපිය පහක්!

      මෙන්ඩා,
      තව ඇණයක් ස්ටෑන්ඩ් බයි තියාගංට කියපං මාමාට, වැඩේ අවුල් වුණොත් ශ්‍රී නාත් අයියගෙ ........... .................

      Delete
    8. මචං මෙන්ඩා

      මම මාමට කිව්වා හොද නාඹර එකෙක් ඉන්නවා.නෑඹුල් එකෙක්.හොද වැඩකාරයා කියලා.යකෝ මාමටත් වඩා සතුට වැස්සිටනේ.

      කෝ මේ කැමා අපේ එක්ක තරහා වෙලාවත්ද ?...

      Delete
    9. අටම්,
      උඹ ඉන්නවැයි...? ඈ බොල උඹනෙ ලොකු උන්නැහේව බය කලේ සතියක් උණ හැදෙන්න. බලහං ඒ පාර උන්දැගෙ ප්‍රැසොර් වැඩි වෙලාද කොහෙද. ඒක නෙවෙයි මොකෑ බං මේ ඊයෙ ගහපුවගෙ පවර් එකටද වචන ටැපලෙන්නෙ..?

      මනෝ,
      පව් බං අහින්සකයා...

      මෙන්ඩා,
      ඒකනෙ බං මං නම් එහෙම එකෙක් දන්නෙම නෑ.. ගහගනින් ඕක *කේ...

      ප්‍රසා,
      ඌ එහෙමත් එකෙක්ද බං..? බලහං උගෙ තියෙන අලුගුත්තේරු ගතිය.

      මනෝ,
      පොල් ගහේ ඇණයක් ගහලද තියෙන්නෙ? මෙන්ඩව එවන්නද..? ඌ වැඩේට එක්ස්පර්ට්..

      මෙන්ඩා,
      අන්න මනෝ උඹට එන්න කිවුවා...

      මධාවියෝ,
      දාපිය දහයම...

      මනෝ,
      උබ මෙන්ඩා ගැන නේද කිවුවෙ...? වැස්සි දන්නවා ඇති රස...

      Delete
    10. මනෝ,
      යකෝ මේක යකාගෙ ලව් එකක්නෙ බැලුවම. මේ යසට ඉන්නවා. ආයි තරහද අහනවා.

      කැමා,
      ඕං කකුල් දෙකත් ඉස්සුවා, දහයට විස්සයි.

      Delete
  5. වනිතක්කට සල්ලි නොදී එළදෙනට දුන්නනම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. එළ දෙනට ගොනා දෙනවලු බං පොරි හැලෙන්න.

      Delete
    2. සල්ලි මධාවියා දෙනවලු..

      Delete
    3. අ.ආ.
      ගොම.

      කැමා,
      දුප්!

      Delete
  6. උඹ අද වනිතක්කාගෙන් කනවා මචෝ .....

    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

    මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට, චෝදනා
    මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාළුයි මගේ නැද්ද තාමත් හිතේ...
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ..

    ආලෙන් වෙලා ගන්න...

    ගායනය : අතුල අධිකාරී සමඟින් සමිතා මුදුන්කොටුව

    ReplyDelete
    Replies
    1. කෑවත් මොකද මචෝ වනිතක්කගෙන්නෙ.

      කාලකන්නි දේසපාලුවො විනාස කරපු තවත් සුන්දර ලෝකයක්!

      Delete
  7. අප්පට සිලි වෙන්න දිලා ඇදලනේ හැමෝම ගැන.

    ReplyDelete
    Replies
    1. හැමෝම කිව්වට ඉතිං හැමෝමත් නෙමේ නලියයියෙ.

      Delete
  8. ශ්‍රී - නාත් අයියා දවසක් එලිච්චියක් අල්ලගෙන ඔය වැඩේ කරන්න ට්‍රයි කරනවලු..එලිච්චි
    බෑ...බෑ....බෑ..කියවලු
    මු කියනවාලු
    ඇයි..බෑ..කියන්නේ?
    ඇයි..බෑ..කියන්නේ?
    අපිට තමයි බෑ..කියන්නෙ....කියනවා..ඇහුනලු..

    කයියක් අතරතුර ඉදලා හිටලා මේ වගේ විස්තරයක් ලියන එකත් වටිනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එළිච්චි බලන්න ඇති අපේ වරිගෙ එළුවන්ට තියෙන වත්කම් සම්බාරයෙං දසමයක්වත් මූට නෑනේ යකෝ කියලා.

      Delete
    2. ඇත්තටම උඹට එලිච්චි බෑ කිවුවද මෙන්ඩො...?

      Delete
    3. The Animal කියන ෆිල්ම් එකේ එහෙම කෑල්ලක් තියනවා.උඹලා ඒක බැලුවද ? පට්ට ෆිල්ම් එක බං.

      Delete
    4. කැමා,
      වෙනසකටත් එක්ක පුළුවං කිව්වනං හෙන ගහනවද මං අහන්නෙ.

      මනෝ,
      උඹට සෝමක්කගෙ පිලුම් කෝපරේෂන් එකේ සබාපති කම හම්බුවෙන්න ඕනි මේ දෙන ඔත්තුවලට. මේ දැන් ට්‍රේලර් එක බැලුවා. කොමඩි වලට මාත් පට්ට ලැයික්. බලන්න ඕනි මේ සති අන්තෙම. සර්ච් කලාට කවදාවත් හමුබුවෙන්නෑ බං හොඳ එව්වා. මෙහෙම ඔත්තුවකින්ම තමා දැනගන්නෙ. තැන්කුයි.

      Delete
  9. රාජකාරිය දේව කාරියටත් වඩා ලොකුයි කියවනෙ. ඇරියස් ටික කවර් කරල තියෙන්නෙ ඒකට හරියන්න.
    යස්සයන්තය අහවල් වැඩේ කරන්න ගිහිල්ල ලාඩං දෙක මූනෙ හිටින්න කෑවයි කියල තමයි ආරංචිය ඊට පස්සෙ.

    දැං නිදහස්නං අර මගේ වැඩේ ගැනත් පොඩ්ඩක් බලහං.

    ReplyDelete
    Replies
    1. යකෝ, ඔය පැත්තෙ එළදෙනුන්ටත් ලාඩං ගහනවද? ෂැක්!
      හරි මචෝ අමතක වෙලා තිබුණෙ. හෙටම බයිනෝ සබ්ජැට් එකට.

      Delete
    2. කවුද යකෝ එළදෙන්නුට ලාඩං ගැහුවෙ...? ප්‍රසෝ... මට නම් උඹව සැකයි...

      Delete
    3. කැමා,
      මූ මේ ලාඩං කියන්නෙ වෙන මොනාටවත්ද බං?

      Delete
  10. මේ කතාව අමිත අබේපාලගෙද කොහොද පරණ කාටුන් එකකත් තිබුණා. ඒක කොල්ලයි කෙල්ලයි ඕවිටක ඉඳගෙන පෙම්බස් දොඩ දොඩා ඉද්දි, කොල්ලා කියනවා, "අර බලන්න දීපා, අර හරකා, එළදෙනගෙ මූණ ලෙවකන හැටි ආදරෙන්... මටත් හිතයි එහෙම කරන්න" කියලා.

    දීපා කියනවා ඩූඩ්ට, "ඉතිං කරන්නකො අනේ. එළදෙන ඔයාලෑනෙ..."

    ReplyDelete
    Replies
    1. දීපා ? ඩූඩ්? ඒ කවුද? මට මතක නෑනෙ.

      Delete
    2. ඩ්‍රැකී,
      ඔය අමිතගෙ පරණ කාටුන් තියෙන පොඩි පොතක් තිබුනා අපෙ දිහා. කොහෙ දාලද මන්දා. ආපහු කබඩ් ඇදලා හොයන්න ඕනෙ. සිරා කතා සෙට් එකක්ම තියෙනවා ඕකෙ.

      Delete
    3. මදාවියා,
      බොට මතක නැත? හැබෑටම?

      යක්‍ෂ්‍යන්ත,
      හොයල ස්කෑන් කරල දාහංකො මෙයා...

      Delete
    4. කැමා,
      කාටූන් කාරයෝ කියන්නෙ පුදුමාකාර නිර්මාණ හැකියාවක් තියෙන සැට් එකක් බං. මෑතක හොඳම එකා තමා අවන්ත ආටිගල.

      ඩ්‍රැකී,
      උඹේ පොහොට් එක ගැන ලියනවා තව ටිහකිං.

      Delete
  11. මේක අලුත් අදහසක්. ඇත්තට මට මේක හිතුන්නැතිහැටි. තමන් කියවපු බ්ලොග් කීපයක පොඩි විචාර පොජ්ජක් මෙහෙම දාන එක අලුත් සංකල්පයක්.

    කළ්‍යානගෙ පෝස්ට් එකේ අග හරිය කියවනකොට මගෙත් ඇග හීතල වෙලා ගියා. මටත් මතක් වුනේ ඇඹිලිපිටිය තමයි. ඇඹිලිපිටිය සෙන්ට්‍රල් එකේ එක පන්තියක ළමයි විසිගානක් මැරුවෙ ලව් ලෙටර් එකක කේස් එකක් නිසාලු. නමුත් කල්‍යානලගෙ ටීචර් ඒ වගෙ කෙනෙක් නෙමෙයි. ඒක පෙනුන වදින්න ආවම කියපු දේවල් වලින්. අපිත් ඔය තරහ ගියාම කියන්නෙ තෝ මරනව කියල නමුත් ඒ මරන්න නෙමෙයිනෙ.

    බස්සි කොමෙන්ට් කරනව අඩු ලොකු කමකට නෙමෙයි බන්. කාර්යබහුල නිසා. දැණ් අහන්න එපා අපිට වැඩ නැද්ද කියල. එහෙම නෙමෙයි මම ගැන කියනවනම් මම බ්ලොග් වලට ඇබ්බැහිවෙලා ඉන්නෙ. වැඩ පාලුකරගෙන කොමෙන්ට් කොටපු දවසුත් තියනව.

    නිර්මානය ගැන කියනවනම් ඒක පට්ට.
    නියම උත්තරේ ශ්‍රීනාත්ට දීල තියනව හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා
      මම ගැන කියනවනම් මම බ්ලොග් වලට ඇබ්බැහිවෙලා ඉන්නෙ//
      මමත්..

      Delete
    2. උඹ මේ වගේම බ්ලොග් හඳුන්වාදෙන ප්‍රොජෙක්ට් එකක් කලා මතකද?
      හම්මේ......... ඇඹිලිපිටය නෙවර් අගේන්.

      බස්සියාට බුකියේ සාටර් වෙන්නනං ඕනි තරං වෙලාව තියෙනවා. අනේ නෑ බං. මං ඒකිට දාන දෝස්මුරේ එතනම නියුට්‍රලයිස් කොරලා ඇති. බලපං.

      මේ මමත් මෙන්ඩො. ඒ වුණාට පොඩි මිදීමක් ඕනි බව මෑතකදි වැටහුනා. කොයි දේවත් ඕනෑවට වඩා ඕනෑම නැත.

      Delete
  12. අළුත් අයිඩියා එක මරු.. ඒත් ලින්ක් එකක් දැම්මා නම් තවත් මරු... දැන් බිසි නිසා බොහෝ දේ මිස් වෙනවා..

    කයිය නම් මල් මසුරන් මදාවියෝ....

    ReplyDelete
    Replies
    1. මචෝ් ඒ හැම එකේම ටොපික් එක තමා ලින්ක් එක.

      Delete
    2. අඩෝ එහෙම මැදිං පැනල උත්තර දෙන්න පුලුවංද ඩෝ.
      ඒයි කැමා, මෙන්ඩෝ මෙන්නෝ....

      Delete
    3. කැමාට එන්න විදිහක් නෑ ඌ වැස්සිට යට වෙලා..
      කවුද යකෝ අපේ එරියල් එකට බැහැලා ශිල්ප දාන්නෙ..

      Delete
    4. අඩෝ මල්වද්ධා පිලිවෙලට වර

      Delete
    5. ප්‍රසා,
      අප්පට සිලි! සමාජ මාධ්‍ය සදාචාරය අමතක වුණානෙ බං.

      මාතෙ,
      රිස්!

      මෙන්ඩා,
      කෙලියා තාප්පෙට. බොක්කෙ හිටපු එකාත් එරෙහිවෙලා! මං නැතෝ!
      (ඌට මගහැරුණු ක්‍රිටිකල්ම පොයින්ට් එකක් නිසා බං කලින්ම කිව්වෙ. නැත්තං අනික් උනුත් හිතන්නෙ ලින්ක් නෑ කියලා)

      Delete
    6. අඩෝ.. චන්ඩි ඉන්නවද ඩෝ... මේ දැනගන්න අහන්නෙ ඉකමට ගිහින් හැන්ගෙන්න.. නැතුව බයකට නෙවෙයි ඩෝ...
      අඩො මෙන්ඩා වැස්සි හොරෙන් අරන් ගියෙ මොකෝ උඹ..?

      Delete
    7. ඉකම කියන්නෙ හැංගෙන්නත් පුළුවන් තැනක්ද බං?

      Delete
  13. සැලියුට් එකට බොහොම ස්තූතියි මධූ...

    උපන්දිනේට සුබ පතන්න අවෙ නැත්තේ මොකද කියලා බල බල හිටියේ... ඇත්තටම මේ සුබ පැතුම දැක්කහම ගොඩක් සතුටු හිතුනා....

    ReplyDelete
    Replies
    1. යකෝ උපන්දිනේකුත් පහු උනාද? කෝ...කෝ... මං බලලා මොනා හරි හලලා එංට.

      Delete
    2. අහ්... උපන්දිනේ කිව්වේ බ්ලොග් ඇනිවසරියටම තමයි... හි.. හි...

      Delete
  14. කයිය පට්ට...බං ...........................

    ReplyDelete
    Replies
    1. මොනාද බං කෙංජයියේ ඩර්ටි වර්ඩ්ස් දාන්නේ? සියවස් ගානක අපේ සඟිස්කුරුතිය කන්නනේ ඔය හදන්නේ. ඕක වෙනස් කොරංට එපා අප්පා. ඕක ඔහොම්ම ගල් යුගේටම යංට ඇරහං බං.

      Delete
  15. //මේ කියන්නේ කඳුළු ගැනනම් ඇයි මදෙස නොබලා ගලා යනවා කියන්නේ. මේ කියන්නේ ගඟ ගැනනම් ඇයි නයනින් ගලා යනවා කියන්නේ. දීපිය උත්තර......///
    මධාවියෝ කඳුළු ගැනවත් ගඟ ගැනවත් නෙමේ මම මේ කියන්න හැදුවෙ. දුකේදීත් සැපේදීත් එක ලෙසම කෙල්ලෙකුට ආදරේ කරපු කොල්ලෙක් ගැන. හැබැයි කෙල්ලට ඒ ආදරය අඳුරගන්න බැරි වුණ සිදුවීමක් ගැන. අනේ මන්දා ඒක හරියටම කියවුණාද කියලා..
    අඩුපාඩු පෙන්නපන් මධාවියෝ එතකොටනෙ අපිට තවත් හැදෙන්න පුළුවන්...
    මටත් ඉඩක් වෙන්කරපු එකට ගොඩක් තුති...
    යළි යළිත් ජයවේ මධාවියා....!

    ReplyDelete
    Replies
    1. ඕං ඔය හරස්පද පොරහේලිකානේ බං තෝරංට අමාරු. ඒවා වැඩක් නෑ. උඹෙයි සබරයගෙයි ටැලන්ට් එකයි ඩෙඩිකේෂන් එකයි එළ බං.

      Delete
    2. ගෙඩක් තැන්කුයි මධුවෝ!
      ජයවේ මදු!

      Delete
    3. වෙල්කම් වේවා!

      Delete
  16. ශ්‍රීීනාත් - එහෙම නෙමේ වනිතා අපි ඉතින් එළදෙනෙක් එක්ක එහෙම ඉන්න එක හරි නෑනේ.. මම කීවෙ..

    වනිතා 1 - මේ ශ්‍රීනාත් අයියෙ නැතිබැරිකමට අතමාරුවක් ඉල්ලන් ආපුවාම අයුතු ප්‍රයෝජන ගන්න හදන්නෙපා
    සල්ලි දෙනවනම් දෙන්න නැත්තම් නිකා ඉන්න...
    වනිතා 2 - ඉතින් ඔහොම තේරෙන්න කියන්න එපායැ. ගොන් උදාහරණ ගන්නැතිව. බලමුකො බලමුකො.. දැන් ඔය සල්ල් දෙන්නකො


    ජයවේවා මධාවි!

    ReplyDelete
    Replies
    1. ම්..........නොට් සෝ බෑඩ්. මේ කියන්නෙ උඩු යටි හිත් කේස් එකක් ගැනද මචෝ?

      Delete
    2. ම්....... එහෙම ගන්නත් පුළුවන් නේද?
      ජයවේ!

      Delete
    3. වනිතා 2 නම් සෝයි නේද බං..?

      Delete
    4. කැමා,
      වනිතක්කට අහුවුණොත් වෙජි සෝයි හදයි උඹගෙන්.

      වකූර්,
      උඹත් දැන් බැහැලා නේද වලට? හොඳා හොඳා...

      Delete
  17. උඹ දාපු ලින්ක් සමහරක් දිගේ ගියා. තව ඉතුරුයි. ඒ කරපු වැඩේ හොඳයි.

    අර එළදෙන වගේ තව කතාවක් තියෙනවා උඹ අහලා තියෙනවද? බල්ලෙක් දවසක් ඔය විදියට තමන්ගෙම අහවල් එක ලෙවකකා ඉන්නවා දැකපු එක බුවෙක් "අනේ අර බල්ලට කරන වැඩේ මටත් කරන්න පුලුවන්නම්!" කියලා කිව්වලු. "බල්ලට බිස්කට් එකක් අරං දීලා බලාපං. සමහරවිට ඌ උඹට ඉඩදෙයි," කියලා අහං හිටපු කෙනා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් මෙහෙම්මම දාන්න හිතෙනවා බං.

      දැන් කිව්වොත් අගේ බහිනවා ඩූඩයියේ. මං ඊ ළඟ එකම දාන්නං ඔයිට බොහොම කිට්ටුවෙන් යන සීන් එකක්.

      Delete
    2. පව් බං අසරණ මෙන්ඩා.

      Delete
  18. එහෙනං අපි ගැනත් ලිව්වා ඈ.

    හෙහ් හෙහ්, උඹට මතකද මගේ නළලේ තියන අර කුඩමිටි පාර. අපේ උන්දෑ ඔය සීල් එක මගේ නළලේ තිබ්බේ මෙන්න මෙහෙමයි. අපේ ඉස්සරහ ගෙදර මිනිහා, හැමදාම වැඩට යන්න ලෑස්ති වෙලා, ගෙයි දොරකඩට ඇවිත්, ඒ මිනිගගේ ගෙදර ඇත්තිට, සිපාචාරයක් දක්වනවා, පාරේ යන අයටත් පේන්න. අපේ උන්දෑ, මට ඒක පෙන්නලා කිව්වා, අන්න බලන්න ඔයාට තමයි එහෙම බැරි කියලා. මම කිව්වා මට බැරි නැහැ. නමුත් අර ගෑණි කැමතිවෙයිද දන්නේ නැහැනේ කියලා.

    ReplyDelete
    Replies
    1. හත් වලාමේ තමුන්නාන්සෙම නේද කිව්වේ ඒක එකේ ෂොට් එකක් කියලා? බැලුවම පී කේ ෂොට් එකක්නෙ ඒක.

      Delete
    2. හෑ... අල්ලපු ගෙදර උන්දෑ වැඩෙට කැමති උනැයි..?

      Delete
    3. ඊට කලින් හම්බුවෙලා සම්බුව.

      Delete
  19. සූට්ටක් ඉතර පරක්කු උනා එන්න ඈ......... කයිය පට්ට ඈ....... ඒ උනාට වියවසායකයා පව් දෙයියනේ......... මොනා උනත් හැමෝටම හැගීම් දැනීම් අවස්සතා තියෙනවනේ......... සල්ලිත් ගන්න එකේ පොඩ්ඩක් ඉතර සලකලා බලන විදියට කවිය “සුඛාන්තයකින්“ අහවර කරනානං කොච්චර අගේ ද?
    මටත් දීලා තියෙන්නේ පබිලිසිටියක් ආ...... මගෙ අවං හදපිරි මෙව්වා එක ඒ පිළිබදව ඈ.............

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්පා... ඇයි වනිතක්කා කැමති උනේ නැත්තේ...

      Delete
    2. අ.ආ.
      සුකාන්තෙ තමා. එහෙමවත් කයිය ගැටගහගත්තේ ගෙදරිං බැණුං වරුසාවක් මැද්දෙ.

      කැමා,
      වනිතක්කාට පිරිමි අරහං.

      Delete
  20. අඩේ ඇත්තටම මෙහෙම බ්ලොග් පෝස්ට් එකකින්ම කමෙන්ට් දෙන එක මරු වැඩේ ඈ.

    පව් දෙයියනේ වැස්සි. ඕටී කරන්නත් වෙයි දැන් නේහ්?

    බොග දාන එක නම් නවත්තන්නෙපා බොග බද්ධය හැදෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹව මග ඇරිලානෙ මචෝ. ඉටපිය...අද ඉස්සෙල්ලම ලියන්නෙ තෝ ගැන.

      Delete
  21. වෙල්කම් බැක් සහෝ... එහෙම කිව්වට මාත් එහෙමම තමා.. මං එච්චර වටින එකෙක් නෙවෙයි බං.දැන් ලියවෙන්නෙ මෙලෝ රහක් නැති එව්වා.. ඒ උනාට තැන්කූ බං අගය කිරීමට.මේ දවස්වලනම් ඇත්තටම බිසී.පානදුර සුමංගල බෝය්ස් එකේ අකුරු අමුණනවා.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න...අනික් උන්ට බැණ බැණ හිටියට මේ සති දෙකේ මාත් බ්ලොග් නිෂ්ක්‍රීය උනා කියහංකො.
      අර මොකදෑ බං අකුරු අමුණන්නෙ?

      Delete
  22. සුපර් කට්ටිය ම හදුන්වලා තියෙන විදිහ............... සුපිරියි අෑ..........

    ReplyDelete
  23. https://en.wikipedia.org/wiki/Zoophilia#/media/File:Khajuraho-Lakshmana_Temple_erotic_detal3.JPG

    ReplyDelete
    Replies
    1. ප්‍රා තුමා ලින්ක් එකක් දැම්මොත් ඉතිං ආයි හෝදන්න දෙයක් ඇතෑ.
      ඒක නෙමේ අර පසුබිමේ කවුද මන්දා මූණ වහගෙන ඉන්නෙ ලැජ්ජාවෙ වෙන්ටෑ.

      Delete
  24. ඔය බලපං ඉතින්. මගෙ ලොකු එක නෙමෙයි. කොමෙන්ට් කෙටිල්ල නැවතුනේ එක්තරා කලකිරීමක් නිසා. උඹට ඉන්බොක්ස් කොරන්නං ඒ කතාව.

    කවියනම් ඉතින් කවදත් වගේ අති සුපිරි!

    අපේ පෝස්ට්වලට දුන්නු අප් එකට තැන්කෝ වේවා මධුවෝ!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං නංගියෙ උඹව එතනම ජස්ටිපයි කොරලා දැම්මෙ.

      Delete
  25. වනිතක්කට ඔයිට වැඩිය මානුෂීය විදිහට මේ ගැටළුව දිහා බලන්න තිබ්බා...
    නිකනුත් නෙමෙයිනේ අතමාරුවට ඉල්ල ගත්තු සල්ලි ටික උනත් නොදී ඉන්න ඇහැකිනෙ සේවා දායිකාවක් බවට පත් උනාම...
    වනිතක්කට සල්ලි ඕනේ නැති දවසට ශ්‍රිනාත් ගොයියට උනත් බැරියැ අර වෘෂභ රාජිණිය ගැන සළකලා බලන්න...
    හැමෝම සතුටු වෙන සිම්පල් ප්ලෑන් එකක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තද ලොකු පුතේ...? අහුවෙයන්කෝ....

      Delete
    2. ලොකු පුතේ
      විනීතා අක්කා සහ කැමා මලයා අතර ඇතිවුන දෙබස මෙන්න මෙහෙමයි.පුංදි සංස්කරණයක් එක්කයි දාන්නේ.

      කැමා මලයා..

      අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
      හදකිති කැවෙන ගතියක් ඇත ගොවියකුට
      ආවේ කුඹුර අස්වද්දන පැතුම පිට
      දෙනවද අක්කේ අස්වද්දන කුඹුර මට

      විනිතා අක්කා..

      අකලට නෙවෙයි හැමදාම මේ කුඹුරේ වැඩ
      කැමරාකරුවකුට කුඹුරේ නොමැත ඉඩ
      ඩෝසන් කුලුන ඉදිකට්ටක් වගේ මට
      ඔය කෙස් ගහෙන් මොන මගුලක් කරන්නද ?

      Delete
    3. ඔහොම ප්ලෑන් ඉතිං ලොකුස් ටම තමා සිහිවෙන්නෙ.

      කැමා,
      තොප්පිය හරිගිය ලස්සන බලහල්ලකො.

      මනෝ,
      එළ සංස්කරණය.

      Delete
  26. මාත් දවස් ගානක් ඕෆ් වෙලා ඉඳල ආව්.. උඹනම් ඇරියස් කවර කරලා තියෙනවා ලෙසටම.. මාත් කම්පන කරන්න ඕනේ අලුත් විදියක් ඔය ටික කවර් කරන්න.. :)

    කැමා මගෙත් එක්කත් ගේම ඉල්ලලා තිබ්බ උගේ බ්ලොග් එක කියවන්නේ නෑ කියල.. ඒ ලබ්බ මට අප්ලෝඩ් වෙන්නේ නෑ කියුවට අහන්නෙම නෑ.. හොඳ වැඩේ ඕකට.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඒ ලබ්බට දෙකක් ඇනලා කියහං ටෙක් සපෝර්ට් එකක් ගන්න කියලා. හිටිං මාත් සිහිකැඳවන්න.

      Delete
  27. දවස් හතරක් පහක් බ්ලොග් අස්සෙ හක්කලං කරනෙක මගෑරුණා මචං මේ විකාර එක්සෑම් කට්ටක් හින්ද. ඇත්තටම දැං නොලියවෙන එක ඇත්ත ඒත් පුලු පුලුවං වෙලාවට කියවල කමෙන්ටුදාල යන්න එනව. මටත් ඉඩක් වෙන් කලාට තැන්කූ හොදේ...

    හැබෑටම....????එබොනි...??? උං පට්ට සැක්සි බං
    මං මේ කියන්නෙ ලංකාවෙ කළුවර කදන් නෙවී. සිරා එබොනිස් හැක්...

    ReplyDelete
    Replies
    1. එබොනිලා හැම එකාම සැක්සි නෑ බං. එම් සී පී එස් තමා වැඩි.

      Delete
  28. http://nelumyaya.com/?p=4429
    ත්‍යාගයක් ලැබෙන වගයි.

    ReplyDelete
    Replies
    1. අනේක වාරයක් ස්තූති වේවා! අර කවුද කිව්වා වගේ අජියයියත් දේකට බැස්සොත් අල්ලගෙනම කරනවා. නැද්ද? මේ ගැන ලියන්න ඕනි අද.

      Delete
    2. පටන් ගත්තොත් එපා කිව්වත් අත අරින්නේ නැහැ. වයසේ වැරැද්ද.

      Delete
    3. ............... සුන්දර වරදකී.......

      Delete
  29. උඔගේ විරාමය ඉවර නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. විරාමයා ඉවරයි දැන් තියෙන්නෙ රාමය.

      Delete
    2. මෙන්ඩෝ...............මං ආවා..............

      ප්‍රසා,
      ඒ මොකක්ද බං ඒ..?

      Delete
  30. මධු සුබ පතලා යන්න ආවේ.....
    (නෙළුම් යාය බිනර මස ත්‍යාගය )

    ReplyDelete
    Replies
    1. ඔය ත්‍යගය ගන්න මධුවා අඡිත්යියන්ඩිලාගේ ගෙදර දවස් 4 ක් පිගන් හේදුවා බැල මෙහවර කරා එහේ යන්න ඉස්සර දාපු පෝස්ට් එක
      KEEP CALM
      ඊට පස්සේ ඇවිත් මේ පාස්ට් එක දැම්මේ..

      Delete
    2. මේ මද පාර ඩෙරීඩා ගේ ක්‍රමයට විසන්යෝජනේ කලොත්: මධුවාට අපි දෙන 2500 හෙවත් චෙෆාකිගේ බාසාවෙන රෝස්ට් කුකුළු දෙකහමාරක් ගන්න මාතලන් ගේ බාසාවෙන් සුපියල්ම 80000 විතර ගෙවල ලන්ඩන් ඇවිල්ලඔය මොකක්ද කරන්න වෙන් බැහැ., ප්ලේන් එකේ එන්න පැය 10 යන්න 10 ඒ කියන්නේ දවස් දෙකකට ඇවිත් යන්න - ම්හු කොහෙත්ම වෙන්න බැහැ. මධුවාට ඊට වඩා මොලේ තියනවා. ජිජැක් ගේ පස්ස පැත්තේ එල්ලිලා ඇමෙරිකා ගිහින් එන්න ඇති. බිස්නස් එකක් කොරගෙන.

      Delete
    3. සබරේ,
      බොහොම ඉස්තූතියි මලයා. බිනර මස කිව්වම තවත් දැනෙනවා.

      මෙන්ඩා,
      මඩකලපුවා!

      අජියයියා,
      කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

      Delete
    4. මධු
      මඩකලපුවා!???
      අඡිත් අයියන්ඩි? මධු
      මම මේවා විහිලුවට කියන්නෙ මචං..තරහා වෙන්න..ඔට්ටු නෑ..

      Delete
    5. පිස්සුද බං මෙන්ඩො? මං නොදන්වයැ තොපි.

      Delete
  31. හැඃ ..... මුක්කද අප්පා ඒම කළා?? අය්යෝ ශාමි.... මම අයින්ෂක මුනියා.. අය්යෝ..... මුරුගා....

    ReplyDelete
    Replies
    1. උයා අයින්ෂක ගේනි නෙමේද අප්පා....කන්න ෂාමී....

      Delete
  32. මධු වෝ..
    මේ අයිඩියා එක නම් නියමයි....

    මේ වගේ අමුතු සුකුරුත්තන් උඹේ ඔලුවට කොහෙන් එනවාද මන්ද???

    ReplyDelete