2015-10-16

නැවතත් විරාමයකට පසු


හිටු කියලා බ්ලොග් ලියපු, අවුරුද්දට 121 ක් පෝස්ට් දාපු මට වෙච්චි දෙයක්. අනික් උන්ට තොපි ලියනවා මදි කිය කියා ලොකු සීන් දාපු එක මටම පලදීපු හැටි! හරි..හරි..ඒ මගුල් අමතක කරලා බහිමු අද ගියපාර එකේ නැක්ස්ට් ඇපිසෝඩ් එකට. ඒ පෝස්ට් එක දැම්මේ මාතලං ඉට්ටැයිල් එකට. ඒක ඇඟේ නැති හින්දා පොඩ්ඩක් අවුල් සමහර තැංවල. ගනං ගන්න එපා බංස්ලා. දැන් අහන්න එපා අර ‘මට හිතෙන හැටි‘ කෝ කියලා. අපි බලමු.



මේ බ්ලොග් අවකාසෙ අභ්‍යවකාශ විද්‍යාව ගැන දිගටම ලියලා අනන්‍යතාවයක් ගොඩනගාගත්තු එකම එකයි ඉන්නෙ මං හිතන්නෙ. උන්දෑ නිතර නොලිව්වාට ලියපු දාට පොරි හැලෙන්නම දෙනවාය. සබ්ජැට් එක අස්සට කිමිදිලාම දෙනවාය. නෙබියුලා කියන වචනේ අහලා තිබුණාට ඒ ගැන හරියටම දැනුවත් වුණේ පළමුදා බස් එකේදී මේක කියවලාය. බස් එකේ ලැප දිග ඇරගෙන කියෝනකොට හැම එකාම එබිලා බැලුවේ ඒ ලැපෙත් වැල තියේද කියලා හොයංටය. ඒ උනාට තිබ්බේ නිහාරිකාව විතරය.

එක්තරා ධෛර්යවන්තයෙක්

තමන්ගෙ හිතවතුංට කරනවානං උදව් කරංට තියෙන එක ක්‍රමයක් තමා උන්ගේ හැකියාවන් අගය කරනා එක. උන් කරනා දේකට උදව් කරන එක. එහෙම නැතිව මගුල් ගෙදර ගිහිං එක දාගෙන බොන එකවත් මල ගෙදර ගිහිං එක දාගෙන බත් කන එකවත් නෙමේ. සුගම පද රචනයක් එක්ක සරල ගීතයක් කියලා කටපුරා කියන්න පුළුවන් සිංදුවක් දාලා මේකා කොහේද මංදා මාරු වෙලා. මූ බ්ලොග් ලෝකෙට ප්‍රෙෂෙක් වුණාට මාර ධෛර්යවන්ත මිනිහෙක්. හැම එකාම ඒ පැත්තෙ ගිහිං ඌව අප් කරනවානං ලොකු දෙයක්!

තවත් එක් පියෙක්

අපේ එකෙක්ට තාත්තා අහිමි වෙලා. ඔය මල ගෙදරට ඇවිත් එක දාගත්තු අයියලාගෙ බයිලා නෙමේ, හෙටින් පස්සෙ මේ ගෙදර හිටපු උන් ටිකම තනිවෙනවා එක හිඩසකුත් එක්ක. ඒ හිස් බව මැකෙන්නෑ කොහෙත්ම. මකන්නත් බෑ තව කෙනෙකුට. තාත්තලා ගැන ලියවිලා නෑ අම්මලා ගැන තරම්. ඒ වුණාට වැරදි කිරීම අතින් අම්මලා තාත්තලා දෙගොල්ලොම එකයි. හොඳ තාත්තලා ඉන්නවා අනන්තවත්. තමන්ගෙ තාත්තා කියන්නෙ දරුවන්ට මහ විශාල ගහක්! ඒ මනුස්සයා ශරීර ප්‍රමාණයෙන් පුංචි වෙන්න පුළුවන්. ඒත් දරුවන්ට මහා වෘක්ෂයක්. යම්කිසි සමාජ තත්ත්වයක් තිබුණත් නැතත් ඒක එහෙමයි.

තවත් එක්තරා බැංකුකරුවෙක් තමන් වටේ ඉන්නා සැට් එක වනලා තිබුණා ලෙසටම! බැංකුවල වැඩකරන අයගේ පොදු ලක්ෂණ මම මෙතන කියන්න යන්නෑ. මොනා උනත් මුන්දෑ ලියලා තියෙනවා රසවත්ව. බ්ලොග් කෙරුවාව ගැනත් පොඩි අදහස් දැක්වීමක් මුලින් තියෙනවා. ඒක ගැන මටනම් හිතෙන්නෙ බ්ලොග් කියන්නේ නිදහස් මාධ්‍යයක්. ඒකෙදි නීති රීති රාමු මොකවත් නෑ. ඔහේ ලියනවා. කැමති අය බලයි. අනික තමා බ්ලොග් පෝස්ට් එකක් කියවන්න කෙනෙක් පොළඹවන උත්ප්‍රේරකය තමා ඒ වෙලාවෙ පොර ඉන්න මූඩ් එක. උදාහරණයක් විදිහට ගැඹුරු විෂය කරුණු වගේ එව්වා කියවන්න බෑ හොඳටම වැඩ කරලා මහන්සි පිට. මමනං එහෙම වෙලාවට සීට් එක බුක් කරලා ගිහිං පස්සෙ කියවනවා. ඒක මාසෙකට පස්සෙ වෙන්නත් පුළුවන්.

බ්ලොග් ලෝකේ අපිට ඉන්න ප්‍රවීණයෙක් උන්දෑගෙ පරණ කෑලි ටික සේරෝගෙම පොටෝ දාලා. ඒ හැම කෑල්ලම පිටිපස්සෙ ඇති අපූරු සිද්ධි දාමයක්. ඒවා මූ එතන කියලා නෑ. මුගේ ඉට්ටැයිල් එක හරිම නිදහස්. නීති රීති රාමු මොකවත් නෑ. මාතෘකාවන් එකතැනකට සීමා වෙලත් නෑ. සාර්ථකව එහෙම ලියන්න පුළුවන් උන් ඉන්නේ බොහොම ටිකයි. ඒ වගේම මේකාගේ දෙබස් පුදුම විදිහට රසවත්. පොඩ්ඩ වැරදුනු ගමන් මල පනින බුවෙක් වෙච්ච මේකා ඇතුලේ ඉන්නවා බොහොම සුන්දර මිනිහෙක්. 

මේ ලෝකෙ මිනිස්සුන්ගෙ හිත් කියවන්න අවස්ථාව ලැබෙන හොඳ තැනක් තමා මහ පාර. පාට පාට හිත් තියෙන මිනිස්සු වාහනවලින් එහේ මෙහේ යනවා. ඒ යන විදිහෙන් උන්ගේ හිත් ඇතුලෙ තියෙන්නෙ මොනවාද කියලා පේනවා යස රඟට! ඒ ගැන ලියන්න කාලෙක ඉඳන් හිතා ඉන්නවා. තාමත් ඉන්නවා! මෑතකදි පිං බර පියෙක් වෙච්ච එකෙක් කුණුහරුප ලියන්ට අරං. සමහර බ්ලොග් කාරයෝ ඉන්නවා, ලියපු දේ කියෙව්වම දැනෙන්නෙ කරන්ට් එක වැදුනා වගේ. ඒ තරම් ඉම්පල්ස්! 

//එක අතකට බැලුවම ගහනවට වැඩිය කුණුහරුපෙන් බණින එක හොඳයි කියලත් හිතෙනව.//  

බාහු බලය කියන්නේ අතීතයට අයිති දෙයක්. දියුණු මිනිස්සු ගහගන්නෙ නෑ. ආත්මාරක්ෂාවට විතරයි එහෙම දෙයක් කලොත්. යුද්ධත් එහෙමයි. කුණහරුප කියලා බනින එක අවුලක් නෑ කොහෙත්ම. අපි මේ බ්ලොග් එකේ දාන්නෙත් අමු තිත්ත කුණුහරුප. ඒ වුණාට ශිෂ්ඨසයිස් කරලා! අම්මා අල්ලගෙන බැනිල්ල අපිට ආවෙ සුද්දන්ගෙන්. මුළු ලෝකෙම බහුතරයක් ‘මිනිස්සු‘ ජාති, සංස්කෘති බේදයක් නැතිව අම්මා කියන නමට ආදරය කරනවා. අම්මාට සලකනවා. ඒකයි අම්ම මතක් කරලා බැන්නම තද වෙන්නෙ. ෂිට් කියන්නෙ කුණුහරුපයක් නෙමේ. කැත වචනයක්! කුණුහරුප කියන්නෙ ලිංගිකත්වය පදනම් වුණු වචන වලට! පොතක් ලිව්වැකි මටනං මුගේ මේ පෝස්ට් එක ගැන. සංවාදයට විවෘතයි!

මේ පෝස්ට් එකේ ගීත දෙකක් ගැන කියවෙනවා. ඇත්තම කියනවානම් මේක ලියන වෙලාවෙ ඒ ගීත දෙක රසවිඳින්න බෑ. ඒක පස්සට දාලා මේක ලියපු එකා ගැන මෙතන ලියනවා. මූ ඇවිල්ලා ඤාව් ගෑවත් බොහොම පොෂ් විදිහට ගාන්නෙ! මේකා නියම උගතෙක්! උගේ ඉට්ටැයිල් එකෙන් උගත්කම වෑහෙනවා, ඇස් වහක් කටවහක් නෑ. අපිට ඉන්න සුපිරිම බ්ලොග් කරුවන් දහ දෙනා තේරුවොත් මූ ඉන්නවාමයි. අනික් හැකියාව තමා සරල ජීවිත අත්දැකීම් කෙටිකතා විදිහට ලිවිල්ල. අවසානයේ නමනවා නැමිල්ලක් හරියට වර්ග මූල ලකුණු හොරයිශන්ටලි ෆ්ලිප් කලා වගේ!

තමන්ගෙ සේවා විෂයය ගැන බොහෝම රසවත්වල ලියන අතරෙ, ලංකාවේ සේවා සපයන මොකක් හෝ ආයතනයක ගුණ වර්ණනා කරන අතරෙ, ඉඳහිට පැරණි රසාංග ලියන බුවා මේ පාරත් පොතක් දානවා. අතීත කාමය හෙවත් රෙට්‍රස්පෙක්ෂන් නොස්ටැල්ජියාව කියන්නේ මේ ලෝකය සුන්දර කරන්නට තිබෙන මෙවලම් කීපයෙන් එකක්. 
පරණ සිංහල වචන සැට් එකක් ඊට වඩා පොඩ්ඩක් අලුත් පොතකින් උපුටාගෙන දාලා තියෙන්නෙ මේ පාර! අපේ තාත්තා ළඟ තිබුණු හැම පරණ පොතක්ම වගේ මාත් කියවලා තියෙනවා. පොඩි කාලෙ ඉඳන් පත්තර කෑල්ලක් දැක්කත් කියවන එක මගේ පුරුද්දක්. දැන්නම් කොම්පීතරයට ඇබ්බැහිවෙලා මුද්‍රිත මාධ්‍ය මග ඇරෙනවා. මොනවා වුණත් කියවීම කියන්නේ විනෝදාංශ අතර දෙවොලක්!

පච හැලියක්
කරුමෙට බුකි ෆ්‍රෙන්ඩ්ස්ලා කරගත්තු සැට් එකක් අන්ෆ්‍රෙන්ඩ් කරගන්න විදිහක් නැතිව හතර විලිලැජ්ජාවෙ ඇඹරෙන අතරම බ්ලොග් කරුවෙක් වීම ගැන මට දැනෙන්නෙ මාර ආඩම්බරයක්. ඉතාම කලාතුරකින් ඉන්න අපතයෙක් දෙන්නෙක් ඇරුණම මේ අවකාසෙ ගොඩක් එවුන් අඩුම ගානෙ එක විෂයයකින්වත් උගත්කමේ පරතෙර ඉන්නෙ. යුරෝපා ඉතිහාසයේ ගැඹුරටම කිමිදෙමින්, හිටිගමන් පච කප්පරක් අතඅරිමින් බ්ලොග් ලෝකයේ යමා මහ පෙළහර පාන එකෙක් මේක ලියන්නෙ. අනික මේකා අනුන්ට කමෙන්ට් කිරිල්ලෙදි නෝ ලෝස්!

මේ ලිපිය ලියන එකා බ්ලොග් ලෝකයේ ප්‍රවීණයෙක් වගේම දැවැන්තයෙක්. ඒ වුණාට මූ ඉන්නේ වැරදි තැනක. රාජ්‍ය සේවයේ! මම හිතන්නෑ උඹේ එක ලොක්කෙක්වත් උඹේ මේ හැකියාව ගැන දන්නවාවත් කියලා. එහෙම දන්නවානම් උඹ එක්කො ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යක්ෂ කෙනෙක් මෙළහට. දේශපාලන බ්ලොග් එකක් වුණාට මූ රිදෙන්ට දෙන්න දන්නවා හොඳට. මේ පාර දීලා තියෙනවා ‘නිදහස‘ ගැන ගායනා කරපු නන්දක්කටයි එයාගෙ සුනිල් අයියටයි ඇඬෙන්ට.

මෙන්න මේකා ඉස්සර ලියලා පස්සෙ වාරකං කාලයක් ඇවිත් දැන් ආයිත් ලියන පුදුමාකාර අළුත් අදහස් තියෙන එකෙක්. මූ එක පාරක් වැරදියට ඇහෙන සින්දු ගැන ලියලා අපේ සැට් එක නැටෙව්වා පට්ට නැටවිල්ලක්. දැන් ආයිත් මගුලක් දාලා නටවනවා ඕසෙට. අර අලි කූඹි පොරගෙ අයියා මූ. මේ අවකාසෙ මොනතරම් විවිධාකාර හැකියාවන් තියෙන උන් ඉන්නවද කියලා හිතුනම හරිම ආඩම්බරයි ඇත්තටම. මේවා කියවනකොට සෙක්ස් කියන්නේ මොන ලබ්බක්ද කියලා හිතෙනවා. ඕ යේස්!

මම ලොකු වැරැද්දක් කලා ගිය පාර එකට මූව නොගෙන. කමක් නෑ. අද දෙන්නං. මේවා ලියපු එකා ඒවා ලිව්වට පස්සෙ අපිට ආයි ලියන්න, එකතුකරන්න දෙයක් ඉතුරු කරන එකෙක් නෙමෙයි. මේ තමා මම හිතනා විදිහට බ්ලොග් ලෝකයේ සුවිශාලම දැවැන්තයා. ඒ වගේ එකෙක්ගෙ හෙවනේ මොහොතක් ගතකරන්න ලැබීමත් වාසනවක්. කෙනෙක්ගෙ හැකියාව අගය කරන්න ගිහාම කිසිම ලෝබකමක් කුහකකමක් නැතිව බොක්කෙන්ම ඒක කරන එකෙක්. කියන්න තියෙන දේ යකාට වුණත් මූණටම ඇදලා අරින එකෙක්. මට ලැබුණු හොඳම ඇගයීම් සේරම මේකාගෙන් ලැබුණා කියන එක මටනම් දිව්‍යමය තෑග්ගක්! 

මේකා යුරේනි ගැන කෙසේ වෙතත් ෂැරෝන් ස්ටෝන් මතක් කිරීම ගැනනං මගේ බලවත් ආවේගය. මට ඕකිගෙ මූණ දැක්කත් ........... . නියමෙටම ඉන්නවා දැක්කෙ ටෝටල් රිකෝල් එකේ අග හරියෙ. අන්න බං ගෑණු. (දැන් ඉතිං මට බැනපියව්...හැක්...හැක්)
ඉන්නෙනං හරිම ලැජ්ජාශීලී, මොකුත් දන්නෙ නැති, මොකුත් බැරි එකෙක් වගේ (නෑ බොලව් ෂැරෝන් නෙමේ, අපේ මේ බොගා). ඒ වුණාට රජ පොරක් එහෙම නොවෙන බව මම දන්නවා හොඳාකාරවම. පිරිසක් ලෝකය ගල් යුගයට ආපහු ගෙනියන්න හදද්දි ඒ ලෝකය ඉදිරියට ගෙනියන්න දඟලන එකෙක්. මුගේ අදහස් වලින් මමත් අනන්ත පෝෂණය වෙලා ‘හැදිලා‘ තියෙනවා. මේ රුකට තරම් ගල් වදින්නෑ මේ අවකාශෙ කිසිම ගහකට. ඒත් කියන්න සතුටුයි මචංස්ලා තාම යසට ඵල දරනවා. 

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
අනික් අයියලා ගැන, නෙළුම්යාය සහ අජියයියා ගැන සඳුදාට දාන්නං. තරහා නෑනෙ කවුරුවත්?

කවියකුත් නොදා ගියොත් ඉතිං අපේ සැට් එක මට නෙලයි පොරි හැලෙන්න. බලමු. ආ හරි. ඩූඩයියාගෙ අදහසක් අනුව ආ අදහසක් දාන්නම්. ඩූඩයියෙ, උඹනං ලොවෙත් නැති එකෙක් බං. හිටිංකො බොට දෙංට ඊ ළඟ එකේදි.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

බල්ලා

එක මිනිහෙක් හිටියානොවැ හෙමින් සැරේ වචන කියන
තත්පර හැටකුත් ඕනෑ වාක්‍යයකට.......

දවසක්දා හමුවුණේය ඔහුට පැරණි සහෘදයෙක්
කලෙකින් නොවැ හමුවූයේ කතා හෙන ගොඩයි

මම හිතන්නෙ ඒ කාලේ කෙල්ලෙක් හිටියානෙ උඹට
මුදුත් මාරු කරගත්තා වාගේ මතකයි

අ නේ  වැ ඩ ක්  නෑ  ඒ  ගැ න  ක තා ක ර ල  කා ලෙ කන් න
මුද් ද ත්  ද ම ලා  ග හ ලා  එ යා  ගි යා නේ

හෑ...මොකදෑ සිද්ද වුණේ කියපංකෝ ඒ සිද්දිය
මම හිතුවේ හරි යහපත් කෙල්ලක්ය කියා

කෙල් ල  හො ඳ යි  ත මා  ම චෝ  ඒ  වු ණා ට  ද ව සක් දා
ම ගේ ම  ක ට  වැ ර දී ල යි  මේ ක  සි දු වු ණේ

හැන් දෑ ව ක  අ පි  දෙන් නා  එ යා ලා ගෙ  ගෙ යි  මි දු ලේ
ලො වි  බං කු වෙ  වා ඩි වෙ ලා  ක තා බස්  ක ලා

ඔ ය  අ ත රේ  ගෙ ද ර  බල් ල  බං කු ව  පා මු ල  ඉ ඳ ගෙ න
උ ගේ  බෙල් ල  අණ් ඩෙ න්  ක හ ක හ  නො වැ හි ටි යේ


ම මත්  ඉ තිං "ම ට  ආ ස යි  බ ල් ල  මෙ වෙ ලෙ  ක ර න  වැ ඩේ 
ඔ යා ට  කි ය ලා  ක ර වා  ග න් නට" කිව් වා

ඒක හරිම පුදුමයි නොවැ ඕක කිව්ව කියල ඉතිං
උඹව දාල යන්න තරං මොකක්ද වරද.....(හා! ඇදපල්ලා)

ඒ  වු ණාට  ඒ  වා ක්‍ය  හෙ මි න්  සැ රේ  ඉ ව ර වෙ ද් දි
බ ල් ල  හි ටි යෙ  උ ගේ  ප ස් ස  ලෙ ව ක කා  නො වෑ........



(මෙය හුදෙක් රසාස්වාදය සඳහා මිස කිසිවෙකුගේ ශාරීරික දුබලතාවයක් ඉලක්ක කර නොවේ. )

106 comments:

  1. ෆෙඩි කියන මේ සින්දුවත් ඔය වාගෙද මන්දා ....ජයවේවා !!

    එන්න එන්න වාඩිවෙන්න .....
    අය්යෝ අය්යෝ ..
    මොකද ඔතන ඇයි හිටගෙන වාඩිවෙන්න වාඩිවෙන්න
    මේ මිනිහා හිටගෙන නිදි මෙන්න මෙතැන වාඩිවෙන්න
    නම මොකක්ද ? තිරික්කලෙන්
    මොකක් කිවා ? තිරික්කලෙන් මන් ආවේ තිරික්කලෙන්
    ආපු විදිහ මට මොකටද ඒවා ඇහුවේ කවුරුද
    නමයි ගමයි වයස එක්ක කියනවා මට ලෙඩේ මොකද
    අපොයි එක මම වික්කා අලුත් එකක් අරගත්තා
    දැන් මට ඇති එකම රතේ ගොනා බඳින බර කරත්තේ
    හතර වරම් වරම් ගත්තු අනෙ ඇත්තට මෙහෙම පුත්තු
    කන ඇහීම අඩු වෙලාද ඉහේ ඇම්ම තද වෙලාද
    කුර ගෙවිලා අඩමානෙට කකුල හිටින්නේ බාගෙට
    දැම්මත් ලනුවක් නාහෙට ගොනා යන්නේ අනුමානෙට
    අසනීපෙන් ඉන්නේ කවුද තමුසේ බෙහෙත් ගන්නේ නැද්ද
    මොකද කිව්වේ නැ ඇහුනේ ගහේ හෙරලි නැ පැහුනේ
    අවිස්සෙනවා මගේ කෝපේ කාටද ඔය අසනීපෙ
    මගේ රතේ බැන්ද ගොනා අසනීපෙන් උන්න නොකා
    ඌට දෙන්න ගෙනා බෙහෙත් වැරැද්දකින් මට පෙවුනා
    එදා ඉඳල බඩගින්නට තණකොළ ඕනෑමයි මට
    කරත්තයක හඬ ඇහුනම යන්න හිතෙනවා පාරට
    කලි යුග කාලේ අරුමේ අරුම පුදුම ලෙඩක්නෙ මේ
    උන්නැහේ මේ අහනවා ඕකට මේ දේ කරනවා
    බෙහෙතක් දෙන්නම් තමුසෙට පොවනවා ඒවා ගොනටා....

    ගායනය - ෆ්‍රෙඩි සිල්වා

    ReplyDelete
    Replies
    1. සින්දුවෝ, ෆ්‍රෙඩී ගේ 'බල්ලා' සින්දුව දාපන්කෝ

      Delete
    2. මෙන්නෝ ..............

      හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
      පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

      දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
      සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
      කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
      නෑ ....... හරිම ලෙඩක් ..

      බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
      කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
      තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
      ඌ ...... උපවාසේ ..

      මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
      නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
      තොට දම්වැල එපාද කුඩුව එපාද තලන්න එපාද කරන්න එපාද
      කෝ ....කියන්නේ නැ

      මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
      දවසින් දවසම දිරාලා යනවා බල්ලා
      දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
      නෑ ....කියන්නේ නැ

      දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
      මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්‍රයි
      පන අදින ගමන් මූ වනලා දෙකන්
      කියනවා මු දැන් මෙහෙම බොලන්
      ඒ ....අහගල්ලා ...

      ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
      එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
      මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
      උන්ට කියන්නෙත්.........
      බල්ලා බල්ලා බල්ලා බල්ලා
      බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

      ගායනය - ෆ්‍රෙඩි සිල්වා
      පද රචනය - හර්බට් රන්ජිත් පිරිස්

      Delete
    3. FM එකකට වඩා ෆාස්ට් සින්දු ඉල්ලන්න පුළුවන් නේ

      Delete
    4. යකෝ ඕක ලියුවේ හර්බට් රන්ජිත් පිරිස් නෙමේ .ප්‍රේම කීර්ති ද අල්විස්.

      Delete
    5. උදාර ...නැත නැත මේක ලිව්වේ ප්‍රේම් නෙවෙයි .ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේක ප්‍රේම්ගේ ගීතයක් කියලා .තව ගීත කීපයක් තියනවා මෙහෙම පටලැවිලා තියන ..

      Delete
    6. ඒක තමයි උදාර. මටත් මතක තියෙන්නේ ඔය සින්දුව ලිව්වේ ප්‍රේම් කියලා.

      Delete
    7. දැන් දැන් විචාරක ගේ තත්වය තරමක් උග්‍රයි
      මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්‍රයි
      පන අදින ගමන් මූ වනලා දෙකන්
      කියනවා මු දැන් මෙහෙම බොලන්
      ඒ ....අහගල්ලා ...

      රණවිරුවාට ඇති ගරු කම අපි අරින්නේ නැ
      එනමුත් මන් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
      මිනිසුන් අතරේ ගු චන්ඩිත් වෙන්නෙත් බයිලා කියන්නෙත්
      උන්ට කියන්නෙත්.........

      Delete
    8. මේ බ්ලොග් එක වෙනම වින්ඩෝ එකක ඕපන් කරගෙන සයිඩ් බයි සයිඩ් තියාගෙන ලියමි.

      සින්දුවා, මට පේන්නේ අපි සේරටම ඔය බේත වැරදිලා පෙවිලාද කොහෙද බං.

      විචාරක, මාත් ආසා සින්දුවක්.

      සින්දවා, ෆ්‍රෙඩියා විකට ගීතම නෙමේ බං කියලා තියෙන්නෙ බැලුවම.

      බණ්ඩා, උඹ මුගේ බ්‍රව්සර් එක හරියට දැකලා නෑ...මෙන්න සයිස්!

      උදාර, උඹ ගැන ලියපු සින්දුවක්නෙ ඉතිං. අර මුදුනෙම තියෙන්නෙ ‘හිටියා උදාර කොල්ලෙක්‘ කියලා.

      සින්දු, විචාරක, ඕක තමුන්නාන්සෙලාම බේරාගන්නවලා. අපි නොදන්න චෙස්!

      Delete
  2. හෙහ් හෙ අද මංද මංද එක. කොල්ලටත් හිතෙන දේවල් නේද
    මට හැකයි උඹ මෙහෙම සැරින් සැරේ විරාම අරගෙන දිගටම විරාමයක් ගනියිද කියල බ්ලොග් ලිවිල්ලෙන්

    ReplyDelete
    Replies
    1. මචං මද්දස්තේ කෝල් එකක් දියං

      Delete
    2. මධ්‍යස්ථ
      මටත් ඕක හිතුනා.මදාවියා උඹ ඒල්ලනවා බලාගනින් නැවතුනොත් එහෙම

      Delete
    3. //අද මංද මංද// හරියට හරි.. අද පොඩි මංද ගතියක් පේනවා.. හැක හැක..

      Delete
    4. @ මනෝ, එතකොට ඉස්සෙල්ලම එල්ලුංගස් යන්නෙ මූද?

      Delete
    5. ප්‍රසා
      මූව එල්ලන එක අපරාධයක් කියලා හිතෙනවා බං.
      වදවීගෙන යන සතෙක්නේ මූ.කූඩුවක දාලා ආරක්ෂා කරමු ඉදිරි පරම්පරාවලට බලාගන්න.

      Delete
    6. ම.මා, එහෙමත් ගන්නවා බං දවසක. එදාට උඹලට නොකියාම යනවා. පව්නෙ, උඹලට කරදරේ.

      මනෝ, අනේ ඒකනං කරන්න එපා බං. අපේ ගෙදර එවුන් පව්!

      කළණ, මධ්‍යස්ථයටද මටද? මටනං ඒක හරි!

      ප්‍රසා, ආස ඇති නේ...........?

      මනෝ, අවුලක් නෑ. උඹ අල්ලපු කූඩුවෙ ඉන්නවනං ඕනි සත්තුවත්තක් මට රජ දහනක්!

      Delete
  3. ඕක අනික් පැත්තට කිව්වනම් කෙල්ල නොයා ඉන්නත් තිබ්බා ,

    අපේ වීරප්පන්ට වෙන්නෙම ඔය වගේ වැඩ තමා ..

    වීරප්පන කියන්නේ කැමාට නම් නෙවෙයි ඔන්න

    ReplyDelete
    Replies
    1. වීරප්පන් නෙවෙයි බං ඉදිඅප්පන් වගේ..හොදි නැත්තම් වැඩක් නැ

      Delete
    2. කොහෙද යකෝ කැමාට වීරප්පන්ගේ වගේ කරකවාපු රැවුලක් තියෙන්නේ?

      'යට රැවුල' ගැනද කියන්නේ.

      Delete
    3. පූසෝ... තොට වෙඩි තියනවා බෝර 12කින් පූසගෙ මයිලක්වත් නැති වෙන්න....

      යට රැවුල වවන්නෙ නෑ බොලව්... කන්ද උඩ ඉඳන් ගල් ගහන්නෙ විචාරකල ගෙදරට ඔන්න...

      Delete
    4. ඤා....ව්, බල්ලො කොහොමත් ආසයි බළල් මසට!

      මනෝ, හොදි ඕන්නෑ. (ද ඇනිමල් බැලුවා. නියමයි! ඉවානය දුවනවා...මයිල් නෑ!)

      විචාරක, ඒක කැරකිච්ච පාර, පාර හොයාගන්නත් බැරිලු.

      වීරප්පන්, ඕකාගෙ මයිල් නෑ. කිටී ගැලෝර් වගේ!

      Delete
  4. බල්ලගෙ කථාව අහලා ලැප්ටොප් එකේ කෝපි.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා තේ කහට නේද? කෝපි!!!!

      Delete
    2. සෙකට්‍රි නෝනා එබිලා බැලුවේ නැද්ද ලැප් එකට..
      උඔට හොදයි බං..මම තනියම මේකට එබිලා හිනාවෙනකොට මගේ කෙල්ලෝ කියනවා “සර්..තනියම බල බල හිනා වෙන්නෙ අපිටත් පෙන්නන්කෝ“ කියලා..

      Delete
    3. ඉතිං පෙන්නහංකො. ඔච්චර ඉල්ල‍න එක‍ේ මොකටද වහගෙන ඉන්නෙ.

      Delete
    4. ලැප පුරාම අඹ , මුන්දැ බොයි කෝපි.

      Delete
    5. Ian කෝපිද කසියද ?
      අපේ එකෙක් හිටියා තැඹිලි ගෙඩිය ඇතුලේ කිතුල්රා දාගෙන තියාගන්නේ.තැඹිලි බීලා වදින එකෙකුට හිටියේ පොර විතරයි මගේ හිතේ.

      මෙන්ඩා මගේ කෙල්ලෝ කියන්නේ උඹ අන්ත:පුරයක්වත් දාගත්තද ? අර සදු උඹ ගැන මොනතරම් ලොකු විශ්වාසයක් තියාගෙනද යකෝ ඉන්නේ.

      Delete
    6. අඹ නෙමෙයිනේ... මම මෙහේ බඩු නැතිව රික්ලන්ඩ් එක ගත්තා... අයියෝ සල්ලි.. පුරුදු ගලම ගැහුවනම් ඊට හොඳා...

      Delete
    7. 'රික්ලන්ඩ්' පාන්දරම ගැහුවම බඩුම තමයි. ගල් තරම් බීමක් ලොවෙත් නෑ

      Delete
    8. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතයි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      Delete
    9. දෙමල ණ යන්න
      පෙන්නනවා ඉරිදට 18 කනුවෛදි
      බන්ඩා
      අපි නොදන්න කෝපි..?? අල්ලට සිනි හැදි භාගයක් එක්ක ඇලුමිනියම් කොප්පේට කහටලු දෙන්නෙ සෙකට්‍රි
      මනෝ
      මගේ කෙල්ලෝ නිසා තමයි බං අපි කාලා බිලා ඇදලා ඉන්නේ..ඉදිකට්ට උඩ පහල යන එක නැවතුන දවසට මේ මහත්තුරැන්ගේ කාර් නවතිනවා ගෙවල් වල උයන එක නවතිනවා..ඉති මුන් මගේ කෙල්ලෝ

      Delete
    10. මෙන්ඩා
      උඹ කියනකොට මම ඒ කාලේ වැඩකරපු ගාමන්ට් එකක් මතක් වුනා.උඹ දන්නවත් ඇති ඔරියන්ට් ගාමන්ට් ගෘප් එක.

      එකදවසක් ලොකු ඕඩරයක් ඇවිත් එක දිගට දවස් දෙකක් වැඩ කරන්න උනා.දවල් රෑ කියලා නැතිව.සමහර ලමයින්ට මහන අතරේම මැෂින් එක උඩම නින්ද යනවා.ආයේ අවදිකරවලා මස්සවනවා.උදේ වෙනකොට ඒ ළමයි මැලවිලා.ඒ උනාට සොච්චම් පඩියක් ලැබෙන්නේ.පුදුම දුකක් ඒ කෙල්ලෝ විදින්නේ ඒක ඇතුලේ.ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ගැන කැත අදහසක් ගොඩ දෙනෙක් අතරේ තියනවා ඒ අයගේ ගන්න දෙයක් නැ කියලා.නමුත් පිටින් පේන දේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ...

      උඹ ඒ ළමයි ගැන ඔහොම හිතන එක උඹේ මහත්මාගතිය.මම හිටපු එකේ ඉහල මට්ටමේ බොහෝ දෙනෙකුට ඒ ලමයි නිකම්ම නිකම් වැඩ කාරයෝ විතරයි.එයාලට වටිනාකමක් නැ.උඹ ඒ ළමයින්ට වටිනාකමක් දීලා තියනවා.ඒ ළමයින්ගේ තනියට හැමදාම ලග ඉන්නේ මැෂිම විතරයි....

      Delete
    11. සප්ත සයුරින් එහා.... දේශ දෙශාන්තරේ....
      සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බඳු
      සියල් සිරිලක පරසිඳු සළු වියනා කුමාරී...//

      අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
      එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

      කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
      කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්...//

      දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
      එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

      කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
      සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ...//

      නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
      එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

      සප්ත සයුරින් එහා....//

      පද රචනය - අජන්තා රණසිංහ
      තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක

      Delete
    12. ඊයම්, ඒ කියන්නෙ ජාවා! ෂැක්! මට පේන් බෑ ඔය හත්තිලව්ව.

      බණ්ඩා, තේ කහට තමා බං සුපිරි! උඹ දන්නවද අපේ සමහර කාන්තාවො තේ කොළ ගොට්ටට දාලා උණු වතුරෙන් හෝදනවා පළවෙනි පාර, ‘දූවිලි යන්න‘!

      මෙන්ඩා, “සර්, මේසෙ යටද මවුස් එක?“ කියලා අහන්නැද්ද?

      ප්‍රසා, උඹ කියන ඒවා ඌ පෙන්නලා ඉවරයි.

      කම්මල, අඹ ගෙඩි දෙක දෙක!

      මනෝ, උඹ සඳූ ගැන කරදර වෙන්න ඕනි නෑ. ඒකට ඒකිගෙ මිනිහා ඉන්නවා. එනවා මෙතන!

      මාතෙ, ඇයි සුද්දො ඔහොම බොන්නෙ?

      කම්මල, ඉඳකිං! පාන්දරත් බොනවද යකෝ තොපි? ෂැක්!

      මෙන්ඩා, දැන් ඒවත් ගණං බං.

      මෙන්ඩා, //ඉදිකට්ට උඩ පහල යන එක නැවතුන දවසට මේ මහත්තුරැන්ගේ කාර් නවතිනවා// මේක තමා අද දවසේ කියමන!

      මනෝ, උන් තමා නියම මුවැත්තියෝ. ඒ වගේම ගොඩක් කොටි ඉන්නවා.

      ප්‍රසා, ඇයි බං අර අහිංසක සින්දුවගේ බඩට ගහන්නේ? අගෙයි!

      Delete
  5. ලෝකෙ මවල ඉවරවෙලා
    දෙයියෝ වටපිට බැලුවා
    ඔක්කොම ඇත මල් දහයට
    මොකද්ද මේ අඩුපාඩුව

    ආදම් ඒවා සමගින්
    සරුපයාද ඇත ගානට
    වෙනත් කිසිම සතෙක් මෙතන
    නෑනේ හරි වැඩේ

    ඔන්න බලමු එකෙත් හැටි
    දෙයියෝ මැව්වා එක එක ලෙස
    සත්තු පිරිලා දැන් ගානට
    බල්ලොත් ඇත සිය ගානට

    අනෙක් සත්තු එක්කොම හරි
    බල්ලෝ ටික කොහොමත් නරි
    කා බී තැන තැන කැත කර
    හරිම ජරමරේ

    රෙන්න එපා හැම තැනකම
    කියලා කොපමණ කිවත්
    බල්ලන් රැල ඒ දෙය නෑ
    කනකට ගත්තේ

    ඉවසාලා බැරි උනාම
    ඔක්කෝම සත්තු රැලම
    දෙයියෝ ලඟට ගිහින් ඔන්න
    පැමිණිලි කෙරුවේ

    කරන්නම්කො තිතටම මම
    දෙයියෝ දුන්න නියම බේත
    බලූ පුකවල් ඔක්කොම
    ආපහු ගත්තේ

    පුක නැතුවට අපහට
    මොකද්ද උනු අඩුපාඩුව
    බල්ලෝ රැලම පාටි දමා
    කා බි නටුවේ

    දවසක් හෙම ගෙවී ගියා
    පුක නැති රහ දැනුන ඔන්න
    කාපු ඒවා ගැට්ට ගාව
    කොහොමද රෙන්නේ

    ඔන්න ඉතින් බල්ලෝ රැලම
    දිව්වා රේස් දෙයියෝ ලඟට
    අඬා දොඩා වැලපී ගෙන
    පුකවල් යැද්දේ

    පළමු වතාවට උඹලට
    දෙන්නම් මම සමාව
    එහෙම නමුත් උඹලා හට
    තෝර ගන්න වේය හොඳට

    ඔන්න ඔහොම කියල දෙයියෝ
    ඔක්කොම පුකවල් එක්කර
    දැම්ම නේද එක ගොඩකට
    ගන්නේ කොහොම තෝර බේර

    උවමනාව හරිම ලොකුයි
    තවත් වෙලා ගන්නේ කොහොම
    අහුවුණු අහුවුණු පුක හයිකරගෙන
    බල්ලෝ දිව්වා බර බාන්න

    එදා පටන් බල්ලෝ ඔන්න
    තමුන්ගේ පුක හොයනවාලු
    වෙන බල්ලෙක් හම්බුනාම
    ඉඹල බලනවාලු...

    ඒකවත් මගේ එකද කියල !!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ලස්සනට ලියලා ඉවරකරපු කැත. අර සුර පප්පල කේක් හැදුවා වගේ ඕ යේ........ කියලවත් දාන්න තිබ්බේ.....

      Delete
    2. රොටියා මේක උඹද බං හැදුවේ.එලනේ බං.
      (උඹේ බිලොග් එක පැත්තට ආවට කොමන්ටුවක් දාන්න බැරි වුනා.)

      Delete
    3. රොටියා, උඹට නරකයි නේද මේ හැකියාව තව ඩිංගක් එළියට දැම්මනං උඹ් පෝස්ට් වලින්. ඇයි බං මෙච්චර කම්මැලි?

      Delete
  6. බෝල මිරිකන මදාවියෙක්.. හැක්

    ReplyDelete
    Replies
    1. දේශා
      උඔට මොකද බං වෙලා තියෙන්නෙ?
      ඇයි බං උඔ වෙනස්වෙලා?

      Delete
    2. මේ දවස්වල දේශිකා මූට එළියට බහින්න දෙන්නෙ නෑලු.

      Delete
    3. හැක් හැක්. යකෝ මං අසාද් වෙලා සිරියාවේ ඉන්නේ. හැක්

      Delete
    4. දේශා, ඒකත් මම හොඳට දන්නවා බං. ඒ වුණාට පාවිච්චි කරන්නෑ. මේකට කියන්නේ පිට කසා ගැනීම. කෝ...අනික් පැත්ත හැරියං.

      මෙන්ඩා, නෑ බං. මූ තමා සිංහල බ්ලොග් ලෝකේ සුපිරිම රෙක්ටිෆයර් එක.

      ප්‍රසා, කෝට්ට පිටිම්ම හංගලා.

      දේශා, උඹටනං රුසියාවවත් ඉන්නවා. අපිට ඉන්නෙ අර බංකොලොත් ඇමෙරිකාව.

      Delete
  7. බල්ලට වෙන ලෙවකන්න තැනක් තිබිලම නැද්ද බං?

    හරි එහෙනම් තවත් විරාමෙකින් පස්සෙ දාහං බලන්න තව ටිකක්. එතකොට තව ගොඩක් එකතු වෙලා තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං පුරස්නෙ. මං මුං ගැන ලියන්න ගත්තා විතරයි මුං පෝස්ට් දානවානෙ හිටු කියලා. මේක සැලසුම් සහගත කුරුමන්තරයක්!

      Delete
  8. අපරාදේ තවත් ටිකක් ඇද්දනම් බල්ලා ඊළඟට ලෙවකන එක දැකලා කෙල්ල කැමති වෙනවා දෙකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බණ්ඩා, ඈක්කා! මේකා වැල බලලා නරක්වෙලා. ඉටපිය, කොට+ පොලීසියට කියනවා මං.

      සින්දුවා, ඔය ෆිල්ම් එක මනොේ තමා මටත් පෙන්නුවෙ. ඉවානුත් රඟපානවා.

      Delete
  9. මේක මරු වැඩේ.. මිට පස්සේ සුමානෙකට දෙපාරක් උඹේ බ්ලොග් එක විතරක් බැලුවම ඇති..

    ReplyDelete
    Replies
    1. අපේ යකාත් මේ විදිහේ සුපිරි වැඩක් පටං ගෙන තිබුණා මං දැක්කා

      Delete
    2. සින්ඩි වැඩක් නැති වෙයි වගේ...

      Delete
    3. අසමඡ්ඡාති මධුවා...මාතායියන්ඩිගේ බඩට ගහන්න නේද හදන්නෙ?

      Delete
    4. කළණ, හෙටිං ඉවරයි මචෝ ඒ කෙළියත්.

      කුරුටු, ම.මා. තමා ඕක මුලින්ම කලේ. හැබැයි දිගට ලිව්වා එකක් ගැන වුණත්.

      මාතෙ, මිත්‍රද්‍රෝහියො අන්තිමේ උඹටත් කෙළියා නේද?

      මෙන්ඩා, හැමදාම නෑ. හැමතැනම නෑ. ඉඳ හිට! ආතල් එකට!

      Delete
  10. නෑ මම මේ කල්පොනා කොළේ........................පොස්ටුව දාලා පැයක් යන්න කළින් කී දෙනෙක් මෙතෙන්ට ඇවිදින්ද කියලා. මම ඉතිං පැන්සොන් කාරයා වෙච්චි. ආයේ ඉතිං වෙන වැඩක් තියෙයියෑ මේකේ එල්ලිලා ඉන්නවා මිසක්කා. යකෝ මුන් තමන්ගේ බඩ රස්සාවත් අතෑරලා බොග බැලිල්ල විතරද කොරන්නේ?

    ඩ‍්‍රැකියෝ.................මෙන්න මේකා තොට බැනල. මුගේ බෙල්ල හපලා බීපිය ලේ. (මුගේ ඇඟේ ලේ තියනවද මන්දා)

    හෙහ් හෙහ්, අලුත් පොත් හරියන්නේ නැති වෙනකොට, අපි පරණ පොත්වලින් වැඩ ගන්නවා හරිය?

    ReplyDelete
    Replies
    1. අපිත් ඔෆිස් එකේ ඉදං පැන්ෂන් ගිහින් ඉන්ඩ පුරුදු වෙනව. :D

      Delete
    2. හනේ හනේ.......... මොකටද මගේ කට. කිව්වා කියලා හිතාගන්නවා හොඳයි.

      Delete
    3. හලේ විචාලක තුමා, මං මේ වින්ඩෝ දෙකක් සයිඩ් බයි සයිඩ් දාගෙන කොටල්ලේ...
      ආණ්ඩුවේ වේවා පෞද්ගලික වේවා ආයතන සේවකයෝ රාජකාරි වේලාවේ බ්ලොග් බලති. ප්‍රොක්සි සර්වර් ඔඩිට් කරනා සම හරක් බ්ලොග්ස්පොට් එක්ස්ටෙන්ෂන් එක බ්ලොක් කරති. සේවකයෝ බ්ලොග් බැලිල්ලට වඩා බුකිගත වෙති. එයද අරුන් බ්ලොක් කර ඇත.

      කම්මල, රිහර්සල් එකක්, නැද්ද?

      විචාරක, ඇති නේද අහගත්තා?

      Delete
  11. මේකෙත් අමුතුම ගතියක් තියෙනවා බං.
    ජයවේවා.....!

    ReplyDelete
    Replies
    1. එහෙනං මගේ වෑයම අති සාර්ථකයි!

      Delete
  12. චැක්... බල්ලො ඔහොමමයිනෙ.
    දැං මේ වැඩේ අපේ කැමාට වෙච්ච දෙයක් නෙමෙයි ද?

    ReplyDelete
    Replies
    1. මුන්ට මාවමනෙ පේන්නෙ බොලව්... ඕක මේ මධාවියාට වෙච්චි වැඩක්...

      Delete
    2. ප්‍රසා, ඇයි බං මේ හැම එකාම මූවම අල්ලගන්නෙ? බැඳලා නැති හින්දද?

      කැමා, ඔය වචන ඇදෙන කේස් එක ආවෙ පොඩි ඔපරේෂන් එකකට පස්සෙ.

      Delete
  13. උඹේ හදුන්වාදීම් සහ විස්තර කිරීම් පට්ටයි................. සුපර්

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තූතියි! ඊ ළඟ එක මේ තරම් හරියන එකක් නෑ බං. මට ඕනෑ මේක ඉවර කරන්න. කොහෙද? මං ලියනවනෙ ඕසෙට!

      Delete
  14. අතීත කාමය 1 පොරගෙ තවත් මනුස්සයෙක් ඇතුලෙ ඉන්නව කියන එක ෂුවර්. ඇතුලෙ ඉන්න මනුස්සය කතා කරන්නෙ ඒරොප්පෙ බාසාවක්, ඒකගෙ බයිසිකලේ පිටිපස්සෙ යද්දි ඉනෙන් අල්ලල එකපාරටම අර ඒ රොප්පෙ බුවා උගෙ බාසාවෙන් මටයි ඇනෝපිලිසටයි පලු යන්ඩ බැන්න.
    කැමා ගෑල්ලමයගෙ ගෙදර ගිය කතාව කවියෙන් දීල තියන එක කැමාට කරපු අපහාසයක් නෙමේද ?

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹලා දෙන්නා යනකම් බැනුම් අහන්න ඇති. කොහොමත් මදුරුවා හවස ඉඳන්ම සුද්ද සිංහලෙන් අහගත්තනෙ.

      දැන් මේකත් මට වෙද්දි දෙයක්ද බොල... අනේ මූ වගේ පාප මිත්තරයෙක්...

      Delete
    2. එදා නෙමේ , ඊට කලින් දාක පට්ට ආතල් එකක් දුන්නෙ . හිතපං අපි තුන් දෙනා අර පොඩි බයිසිකලේ යද්දි , මේක කොහොම බැලන්ස් කරන් ගිය හැටි.

      Delete
    3. මේ කම්මල බීපු වෙලාවට දාන සිංගල් කමෙන්ට් බව කරුනාවෙන් සලකන්න

      Delete
    4. මගෙ පට්ටමට ඉහලින් 'ප්‍රා ජේ ' ගිහින් . ඈ ........ මගෙ ලෙඩේ හොද වෙලාද ? වෙන්න බෑ

      Delete
    5. අද කම්මලයගෙ බ්‍රෑන්ඩ් එක මාරු වෙලා.

      Delete
    6. අන්න කමියගෙ එකේ හිටු කියල දෙක දෙක දානව.

      Delete
    7. එදා තුන්දෙනාම ඩබල් දාල මහපාරෙන් ගියොත් පොලිසිය අල්ලන හන්දා ගොලුමඩම පාරෙන් රාගමට ඇද්දේ , මඩමේ මහකන්දේ තුන්දෙනාගෙම බරට ඉස්සරහ රෝදේ ඉස්සෙනව , ඒ අස්සේ මුන්දෙන්නා මගේ බඩ අතගානව , අඩෝ බලහල්ලා කරටි කැඩෙන්ඩ ගැහුවත් කොල්ලගේ ඩැයිවින් තුන්දෙනාම ඩබල් දාල පදින්නේ

      Delete
    8. උඹ කනත්ත ගාවින් බයට අපිව ලගට අඩගැහුව එකත් ඔය ගමන්ම කියහං.

      Delete
    9. කම්මල, අපහාසෙට නඩුදාන්න විදිහක් නෑ. ඌ නඩුවලට බයයි!

      කැමා, ඕක හරියනවා, බැඳපිය විජහට!

      කම්මල, මොකක්ද බං ඒ හුටපටේ?

      දේශා, නෑ බං. අපි බීලා. අපිටනෙ එක, දෙක වෙලා පේන්නෙ.

      කම්මල, ඩබොල් යකා ඒ පාර ප්‍රා ජේ ට වැහිලද?

      ප්‍රසා, සුවර්ද ඌට කියලා. අපිට නෙමේද? කමියත් එකක් දාලද? හුටා! මදෑ මේ මගුල නවත්තන්න හිතුවා!

      අටම්, උඹේ බඩ ඒ තරං සිනිඳුද බං? හිතන්න බෑ මූණෙ හැටියෙං.

      කම්මල, හරි! වැඩේ හරි! උසි..උසී!

      Delete
  15. බල්ලා බලු වැඩේ කරේ ඒ වුනාට
    (උඹෙි පෝස්ට් එකේ වචන ලග වැඩියි වගේ)

    ..//..පච හැලියක් ../..අඩුම ගානෙ එක විෂයයකින්වත් උගත්කමේ පරතෙර ඉන්නෙ.//..
    ඔව් ඔව් ඔය පච හැලිය ලියන බුවත් වල්කමෙන් පරතෙර ඉන්න එකෙක් ....(මූ මාව මරයිවත්ද ඇත්ත හෙලිකරාට..)

    ..//..ඤාව්../..අවසානයේ නමනවා නැමිල්ලක්..//..
    මූ ඔය තරම් නැමෙන්නේ ඇට්ටි හැලෙන්ට මුට්ටි පිටින් උගඩුවා වගේ බොනවනේ.ඊට පස්සේ නැමිලා හතරගාතේ යන්නේ..

    (මේකේ ඉන්නවා බං එකිනෙකට වෙනස් විවිධ දක්ෂතා තියන අය.අපි හැමෝටම ඉගෙන ගන්න දේවල් බොහෝමයි)

    ReplyDelete
    Replies
    1. මනෝ, ෆොන්ට් එක කුරියර් එකට මාරු කලා. බලපං මචෝ පොඩ්ඩක්! උඹත් ඩ්‍රැකියාව අඳුනනවා වගේ! පූසාගෙ බ්‍රෑන්ඩ් එක රා ද එතකොට? හරි! ඒකත් අප්ඩේට් කරගත්තා උගේ පේළියෙ. උඹ තව ඔය දැක්කා නෙමේ මුංගෙ වැඩ.

      Delete
  16. ඕකට තමයි කියන්නෙ බල්ලගෙ වැඩේ මධාවියා කොරන්න ගියා වගේ කියලා....

    ReplyDelete
    Replies
    1. හරී! ඒකත් අප්ඩේට් කරගත්තා උඹේ පේළියේ උඹව මරන්න හේතු තීරයේ.

      Delete
  17. ඕකේ ආතල් එක ගොඩක් උන් දන්නේ නෑ.. හැබයි ඉතින් බල්ලා වගේ නෙමෙයි.. සහායක් අවශ්‍ය වෙනවා....

    ReplyDelete
    Replies
    1. http://www.thefreedictionary.com/anilingus

      http://goaskalice.columbia.edu/answered-questions/does-good-washing-anilingus-remove-bacteria

      Delete
    2. මාතේ, ඔය කොයිකත් කොරලාම බලන්ට ඕනෑ. නැද්ද මං අහන්නෙ?

      ප්‍රා.ජේ., තමුන්නාන්සෙ විකීපීඩියා කාරයාටත් කෙළිනවානෙ අප්පා.

      Delete
  18. අර උඩ කාටූන් එකේ තියෙන්නෙ බ්ලොග් නොලියන කමෙන්ට් ලියන අපට කැපිල්ලක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පිස්සුද මෙයා අහක යන නයි කරේ දාගන්ඩ හදන්නෙ , කාගෙ හරි ඔඩොක්කකට විසික්ක කරන්නෙ නැතිව.
      ඒ කැමයි මධුවයි පොඩි කතාවක් වෙන එක කවුද ඇදල .

      Delete
    3. මමත් ප්‍රා එක්ක..මධුවා අපිට හින්ට් එකක් ගැහැව්වද? පිංතුරේ දාලා

      Delete
    4. ප්‍රා.ජේ., හලේ! මුංව අවුස්සංට එපා අප්පා. දැන් ඇවිස්සිලා ඉන්නෙ හනුමො වගේ.

      කම්මල, අන්න එහෙම කතා කරපංකො මචෝ......හෑ! මොකක්ද උඹ කිව්වෙ?

      මෙන්ඩා, දුර එනකොට වැටකෙයියා මලක් වගේ...

      Delete
  19. බ්ලොග් හඳුන්වා දීම එළ...

    ඔය බල්ලා කෙල්ලගේ ගෙදර බල්ල කියලා නේද කිව්වේ...
    ආයේ දෙකක් නැහැ, ඌ අර මනුස්පයගේ අඩුපාඩුව දනගේනමද කොහෙද ප්ලෑන් කරලා ඔය බලු වැඩේ කරන්න ඇත්තේ...
    බල්ලෙක් උනත් කැමති වෙයිද මැද්දෙන් එකෙක් පනිනවට...

    ReplyDelete
    Replies
    1. සමහර බල්ලො විඳින සැප දැක්කම දුකේ බෑ බං. මට වෙලාවකට හිතෙනවා මේ මොලෙයි බලු ඇඟකුයි තිබ්බනං කියලා.

      Delete
  20. හැමෝගෙම කමෙන්ට් වලට මැදට පැන පැන උත්තර දුන්නා මිසක් මම කමෙන්ටුවක් දාලා නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඕන නෑ බං. නිකං මොකටද මහන්සි වෙන්නෙ.

      Delete
    2. මෙන්ඩා, ඕන්නෑ...ඒක තෝම තියාගං.

      ප්‍රසා, උඹත් ඉතිං මුංටම හරිගිය එකා වෙච්චි.

      Delete
  21. මේ වැඩේනං එල ඈ......... කයියත් පට්ට.......... බල්ලා මොනා උනත් කරල තියෙන්නෙ හෙන බලු වැඩක්..............

    ReplyDelete
    Replies
    1. බල්ලොත් ඉඳ හිට බලු වැඩ කරනවා නේද බං, බැලුවම?

      Delete
  22. උඹ ඩීසන්ට් කොමට බල්ලා පස්ස ලෙවකෑවා කියලා කිව්වට අපි දන්නවා ඌ මොකක්ද ඇත්තටම කර කර හිටියේ කියලා. අපි නොදන්න බල්ලෝ.

    උඹටත් පොඩී නිමිත්තක් ඇති කවියක් පද බඳින්න. ඒක හරියට පොඩි බීජයකින් මහ ගහක් හැදෙනවා වගේ. ඒක හිතේ තවන් කරලා වතුර දාන්න විතරයි ඕනෙ.

    උඹ මේ ඔක්කොම බ්ලොග් වලට යන බව මම දන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. බොලාට සාපේක්ෂව මං මේ නිකංම නිකං කඩියෙක්, කූඹියෙක් ඩූඩයියේ.

      Delete
  23. බලු කවි ටික එල..

    ReplyDelete
    Replies
    1. ෂැක්! ඒක කියපු කැත!

      Delete
  24. මිහිනට තිබුණෙ පස්ස කහ කහ ඉන්නකොට කියන්න
    ජයවේ මධාවි!

    ReplyDelete
    Replies
    1. කහ කහ නෙමේ ලෙව කකා

      Delete
    2. උඹ කවිය කියෙව්වද මලයා?

      Delete
  25. මේ සතියේ මධුවාගෙන් සෑහෙන ට්‍රැෆික් එකක් ඇවිත් බව දැක්කා ය. බලද්දී මධුවා මං ගැනත් ලියලා ය. සෑහෙන සතුටු ය.

    බොහොම ස්තූතියි මධූ. එදා කිව්ව වගේම අදත් කියනව, මේ අළුත් ක්‍රමේ නම් මරු.

    වැඩිය විරාම ගන්න යන්නෙපා බල්ල මොනා කරල තියෙයිද දන්නෙ නෑ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...
      කවුරු හරි මග හැරුණම ඌට වඩා අප්සැට් බං මට.

      Delete