2015-02-02

තවද




නෙදර්ලන්තයේ වැසියෙක් - ඇමෙරිකානුවකු සමගින්
තම ජාතික කොඩිය ගැනයි - විස්තර කෙරුවේ


"කොඩියෙන් පෙන්නුම් කරන්නෙ - අපි දරනා බදු බර නොවැ
රතු, සුදු හා නිල් පාටින් - මෙහෙමයි වෙන්නේ

අපේ රටේ බදු ගැන - කතාකරන සැමවිට
අපේ මුහුණ රතු වෙන - හැටි කියවෙයි කොඩියෙන

බදුගෙවන්න ඉන්වොයිස් - ආවම ගෙදරට ඉතින්
අපි සුදුමැලි වෙන බවයි - මැද පටියෙන් කියවුනේ

බදු ගෙවලා අවසන - කිසිවක් නෑ ඉතිරිය
එවිට අපිව නිල් වෙන බව - යට පටියෙන් පෙන්වන"

යැංකි පොරද එය අසා - යමක් මතකයට ගෙන
තම ධජයද එයිට දෙවනි - නැතිබව කී මෙලෙසින




"ඇමෙරිකාවෙ අපිටත් ඔය - පාට වලින් අඩුවක් නෑ
ඒ විතරක් නෙවෙයි අපිට - තරුද පේනවා"



34 comments:

  1. ඒවගේද බොල පාට පාට වෙලා අන්තිමට කඩුවෙනුත් ඇනලා යනකොට තියන සනීපේ......
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඇයි සවුදියෙත් කඩුව තියෙන්නෙ.
      ජයවේවා!

      Delete
  2. නරක නෑ. හැබැයි අර දෙපැත්ත කටිවෙන ඒව තරම් කික් එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ආසාවට... වෙනසකට නේ රාජ්.

      Delete
  3. යන්තම් ඇති යහපත් කතාවක් කවියට නගලා , මම හිටියේ උඹ මේ සැරෙත් වලත්ත කතාවක් කිව්වොත් මේ පැත්තෙවත් එන්නේ නැතුව ඉන්න.

    රහසින්
    මේ අරවා ලියන්නේ නැද්ද බං , මොන ලබ්බකද මේ

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ ඇත්තටම පැත්තෙවත් නෑවිත් අරී කියලා. ඒකයි මේක දැම්මෙත්.

      Delete
  4. අනේ අරවා ලියහන් බං... මෙළෝ රහක් නෑ.. අපිට අදාලත් නෑ නේ.. අපි ඔය කුමන්ත්‍රණ කාරයන්ට කැමතිත් නෑ..

    ReplyDelete
    Replies
    1. හහ්... හහ්... හා... ඒවා නැතිව නිකං මොකක්ද මොකක්ද වගේ ...නේ?

      Delete
  5. ගෙදරින් ලෙඩක් දැම්මද 'තමුසේ ආයි කුණුහබ්බ කතා එහෙම ලියල අහුවෙනව නෙවෙයි' කියල.. හැක් හැක්..
    එතකොට ජපං කොඩියෙ රතු බෝලයක් තියෙන්නෙ උන්ගේ බෝල දෙකෙන් එකක් ගලවල ගන්නවද බද්දට? අපේ නම් ඉතින් අවුලක් නෑ කොහොමත් කඩුවක් අතට දීලනෙ තියෙන්නේ ඇනපිය හිතුමතේ කියලා..

    ReplyDelete
    Replies
    1. ජපන් කොඩිය ඇවිල්ල හනිමූන් ගිහාම ඇඳට දාන්න තියෙන්නෙ.

      Delete
    2. like this

      http://iwanpaulooshaa.blogspot.com/2013/07/blog-post_26.html

      Delete
    3. කියෙව්වා මතකයි. ඒක අපූරුයි.

      Delete
  6. ගැලපීම නම් අපූරුයි.රහයි. ඒත් බං මාතලන් කියනව වගේ අපට ඕන බං මෙව්ව නෙමේ කුණුහරප . මම නම් දේශපාලන පෝස්ටුයි කුණුහරපයි තමා බ්ලොග් වල කියවන්නෙ
    අනික බං සෙක්ස් කියන්නෙ මනසට ආහාරයක්

    ReplyDelete
    Replies
    1. මනසට විතරද? (වයසට යනකොටනම් එහෙම තමා ඉතිං)

      Delete
  7. චිහ් ඔය කටින් අර වගේ කථාවක් කියනවා වගේ ගතියක් නෑ...

    බු දු ස ර ණ යි !!!!

    ReplyDelete
    Replies
    1. කොයි බොලෑ ගීං හිටියෙ?
      බුදුසරණයි... ආයි ආවට.

      Delete
  8. ෂා..ෂා.එල ද බ්‍රා..සම්බාවනිය අතිඋත්කෘස්ට කතාවක් ලියලා..
    අපි කැමති මේ වැදගත් සංවර කතාවලට අපි දහම් පාසල් ගිය ළමයි..

    පසුව..
    (@$%&*&%$@^&*&**&^$#%$^ නැතුව අර කුනු රහ එකක් ලියපිය)

    ReplyDelete
    Replies
    1. @$%&*&%$@^&*&**&^$#%$^ නැතුව බුරාස්පතින්දා වෙනකං හිටු.

      Delete
  9. ලංකාවේ නෙමෙයි නේ.. ඒ හන්දා අපිට ගානක් නෑ..

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඔයිට හපන් ආදායම එක්ක බැලුවම. තරු විතරක් නෙවෙයි තවද හඳත් පේනවා.

      Delete
  10. අනපේක්ෂිත දෙයක් සිද්ද වුනහම, කියන්න කිසිම දෙයක් හිතට එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තිස්ස ගැනද?

      Delete
    2. මේ මදාවි ඇමෙරිකාවට එක එක ඒවා කියන්න එපා හරිද?

      Delete
    3. හැමෝම කෙළින්න බලාගෙන ඉන්නෙ ඒ අහිංසකයන්ගෙ දේශෙටනෙ අප්පා.

      Delete
  11. අධිරාජ්‍ය විරෝධී කතාවක්. වහාම රිපෝර්ට් කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. සීඅයිඒ එකටද? විමලෙටද?

      Delete
    2. අපොයි විමලේ අධිරාජ්‍ය විරෝධීය මේකට කැමති වෙයි. සීඅයිඒ එකට.

      Delete
    3. පරණ තැටිය ගහන එක දැන් නවත්තලා වගේ එයා.

      Delete
  12. Replies
    1. දැන් ටිකා...ක් විතර හැදිල.

      Delete
  13. එතකොට අපිට මොකද වෙන්නේ ????

    ReplyDelete
    Replies
    1. අර උඩ...ම කටුස්සා කියලා තියෙන එක.

      Delete
  14. ෂිහ් බං..... මං ඉච්ඡා භංගත්වයට පත් වුණා

    ReplyDelete
    Replies
    1. අග නමලා ඇති කියලා නේද හිතුවේ. ඉතිං ඔය නමලා තියෙන්නෙ?

      Delete