2015-02-23
මැක්කා
එක මැක්කෙක් දවසක්දා - මුහුදු වැල්ලෙ වැතිරීලා
සුවදායක අව්රැල්ලක් - තපිමින් උන්නා
උගේ යාලු තව මැක්කෙක් - සීතලයෙන් වෙව්ලමිනේ
ඌ අසලට ආව නිසා - තොරතුරු ඇසුවා
කොයි ලෝකෙද යෝදයො උඹ - රිංගන්නට ගියේ මෙසේ
සීතලයෙන් වෙව්ලන්නේ - කියාපන් මට...
බයික් කාරයෙක්ගෙ රැව්ලෙ - තමයි නවාතැන් ගත්තේ
ශීත කාලේ ඒ මිනිහා - දිගටම පැද්දා
සීතලයෙන් ගැහෙමින්නේ - බහින්න විදිහක් නැත්තේ
ඉවසාගෙන හිටියා මං - තාම ගැහෙනවා
අනේ මෙහෙම ගොං මැක්කෙක් - ඕකුන්ගේ රැවුලෙ කොහෙද
සැපක් කියන දේ කිසිදා - රැඳිලා තිබුණේ
මීට පස්සෙ උඹ පලයන් - ගුවන් තොටුපලක් සොයාන
කාන්තාවෝ යන ටොයිලට් - එකකට පලයන්
කොමෝඩ් එකේ පියන යටට - රිංගාලා බලා ඉඳිං
හොඳ ලස්සන ගුවන් සේවිකාවක් එනකන්
ඊට පස්සෙ පදිංචියට - ඒ ඇත්තිගෙ තැනක් ඇතේ
උණුසුම සහ සැප පමණයි - එතන රැඳෙන්නේ
කියපු ලෙසට මේ මැක්කා - ගියා මිතුරු ඔවදන් ගෙන
සති කීපයකට පස්සේ - දෙන්න හමුවුණා
අනේ පවු එදත් මේකා - සීතලයෙන් වෙව්ලමිනේ
පළමු මැක්ක අව්ව තපින - තැනට පැමිණුනා
මොකද ගොනෝ මේ පාරත් - ගැහෙමින් ආපහු ආවේ
මං කියාපු දේ කෙරුවේ - නැද්ද කියාපන්
උඹ කියාපු විදිහට මං - කොමෝඩ් පියනෙ සැඟවුණානෙ
හරි ලස්සන ගුවන් සේවිකාවක් ආවා
මමත් ගියා පදිංචියට - උඹ කියාපු දේ ඇත්තයි
උණුසුම සහ සැප පමණයි - එතනදි ලැබුණේ
ඊට පස්සෙ මාත් සමග - අර ලස්සන කාන්තාව
ක්ලබ් එකකට යනවානම් - යන්තම් මතකයි
තිබුණු සැපට නින්ද ගියා - ඇහැරීලා බලපු කලට
ආයිත් අර මූසලයගෙ - රැවුලෙ හිටියෙ මං....
Subscribe to:
Post Comments (Atom)
චිකේයියා....
ReplyDeleteඋයා හරි වල් මෙයා....
මෙයා බබා... අනේ ඉතිං මට...
Deleteකියලා වැඩක් නෑ මාතේ , එකනේ මං මේ බ්ලොග් එක කියවන්නේ නැත්තේ :P
Deleteහම්බේ... මේ අනික් බබා...
Deleteමුගෙ කට තමා දවසකටත් කට බං....
ReplyDeleteඔව් ඉතිං මදාවි කියන්නෙ නිකංයැ.... උදේ පාංදරම මදාවි පෝස්ට් එකක් කියෙව්ව කියන්නෙ දවසම පුල් කින් එකේ ඉන්න පුලුවං....
මේ කතාව කලිං අහල නෑ..... මරු ඈ....
උදේම නිකං නිකං .............. වගේද?
Deleteඇත්තටම මහේෂ් මේක වැඩිය අය දන්නෙ නැති කතාවක්
හැක් හැක්. තෝ වගේ වල් මදාවියෙක්..
ReplyDeleteබයික් කාරයා දැක්කම මට මතක් වෙන්නෙම දේශාව
Deleteඇයි උඹ හිතන්නේ මාත් අරයත් එක්ක ක්ලබ් එකකට ගියා කියලද?? එහෙනං මැක්කා තාම මං ගාව..හැක්
Deleteමැක්ක වගේ උඹත් වෙව්ලනවා ඇති තාම එහෙනං...
Deleteමාරයි බන්. මේව මුළින්ම හදපු එකාව තමා අදහන්න ඕන
ReplyDeleteමැක්කත් සිකනල් මැණික වගෙ දිගටම උඩු රැවුලෙන් යටි රැවුලට මාරුවෙයිද දන්නෙ නෑ
ඒ නිර්මාණශීලීකම නම් කියලා වැඩක් නෑ
Deleteඇයි ගුවන් සේවිකාවක්ම තෝරගත්තෙ කියල මට තේරුම් ගන්න බෑ.
ReplyDeleteඅනිත් එක, ගුවන් සේවිකාවො “ගයිල් මාලා“ නැද්ද?
වැඩිය ලස්සන නැති කෙල්ලක් වුනත් මරාදාලා තිබ්බොත් පත්තරේ දාන්නේ කොහොමද හනී...?
DeleteThis comment has been removed by the author.
Delete//අනිත් එක, ගුවන් සේවිකාවො “ගයිල් මාලා“ නැද්ද?//
Deleteහෙනහුරා අන්න පුරස්නේ ..මදාවියා කොහොමෙයි එක දන්නේ ? හැක් හැක් ..
ඕකනෙ කොරන්ට බැරි... යන්තං ජින්තු ජොහොර් ඔක්කොම දාලා කයියක් පද බැන්දම මුං එනවා ඒකෙ මයිල් ගනින්න... චැක් :-)
Deleteමරු. කරුමයක් තියනවනං ගෙවලම ඉවර වෙන්න ඕනලු.
ReplyDeleteරැවුලක ඉඳලා හරි...
Deleteමදාවියෝ උදේම හිනා වෙලා දවස පටන් ගත්තේ උඹේ මදාවි කතාවෙන් ..හැක් හැක්
ReplyDelete(මේ එකා නෙවෙයි උඹ තවමත් රැවුල කැපුවේ නැනේද ? ).
තැන්කුයි මචෝ...
Delete(කපන්න බයයි බං මැක්ක මැරෙයි කියලා)
ඔය කිව්වට මම නම් කපයි රැවුල ....!
ReplyDeleteඕකෙනං මැක්කො මිසක් රැවුල් ගස් හොයනවා බොරු...
Deleteරැවුල නැති එවුන්ගේ සංගමයක් පිහිටවනවා උඔ එනවද ඉවනයා?
Deleteඅම්පා... වැවෙන්නැද්ද?
Deleteඅපිටත් ඉතින් කරුමේ ගෙවෙනකන් මේවගේ මදාවියෝ එක්ක ජීවත් වෙන්න උනානේ.....මම පොඩිකාලේ ඉදන් රැකගත්තු මගේ හිරිඔතප්....
ReplyDeleteකොහොමකලත් මැක්කා රැවුලට මාරු උන එක හොදයි.නැත්තන් වෙන්නේ ගන්වතුරට අහුවෙලා මැරෙන්න.
අහලනැති අළුත් කතාවක්.ජය වේවා....
හිරි ඔතප් රැකගත්තද? බලාගෙන ඕකෙ මැක්කො ඇති.
Deleteඒ කොහොමෙයි ගුවන් සේවිකාව ගාව හිටපු මැක්කා අරයැයිගේ රැවුලට යන්නේ.. ඒ ටික පහැදිලි මදි.. අනී..
ReplyDeleteනේවි කට්ටිය බේබිලාමනෙ යකෝ බැලුවම.
Deleteඅවවාදයයි - ගුවන් සේවිකාවන් ගැවසෙන ස්ථාන වලට රැවුල වවාගෙන නොයන්න .මැක්කන් බෝවිය හැක ....
Deleteගුවන් සේවිකාවන් ගැවසෙන ස්ථාන වලට රැවුල වවාගෙන නොයන්න .මැක්කන් බෝවිය හැක ....+++++++
Deleteමදැයි එරොප්ලේන් එකෙං රවුමක් යන්න හිටිය දඹදිව වඳින්න. දැන් එහෙම යන්නත් බයයි අනී..
සින්දූර්, රැවුලට පාට ගැසීමෙන් මැක්කන් වඳ කල හැක.
Deleteකළණ, දඹදිවත් ගිහින් මැක්කොත් මරාගෙන එමු.
Deleteපූසගෙ මැක්කො හොයන කුකුලා
Delete//රැවුලට පාට ගැසීමෙන් මැක්කන් වඳ කල හැක// එයැයිත් ගුවන් සේවිකාවක් එහෙම නම් ඒත් වැඩේ අවුල් නෙ අනී.. හැක් හැක්..
Deleteඒ මක්ක වුනත් අපිට ඉලිසියාවෙ බෑ කල්යානයා ගැන
Deleteමූ නං වල්ම වල් මදාවියෙක්.අපිවත් නරක් කරන්න හදනවා.
ReplyDeleteකෝ බලන්න මේ අපේ හැලප අයියද කියලා...
Deleteමුලින්ම මෙතෙන්ට ආපු දවස.. අමුතුම මරුම කතාවක් . ජයවේවා!!!!
ReplyDeleteආයුබෝවන්! ස්තූතියි නැවත එන්න.
Deleteහි හි හැම පෝස්ට් එකම කියවන්නේ අදවත් කුනුහබ්බ්යක් නැතුව ඇති කියලා හිතාන,, නොදකින් යකෝ තෝ නම් :D
ReplyDeleteහහ් හහ් හා... මට හිනා යනවා ඕයි...
Deleteහක්ක පැන්නා යකෝ...
ReplyDeleteතව ටිකෙන් අපේ ඔපිස් එකේ එවුන් මාව අංගොඩ ගෙනියනවා. කොම්පියුටර් එක දිහා බලාගෙන බඩ අල්ලගෙන හිනා වෙනවා කියලා.
බලාගෙන...හක්කෙ මැක්කො ඇති!
Deleteතෑන්ක්ස් මචෝ...
හයියෝ සල්ලි කිවුවලු.. මොනා කරන්නද ලබා උපන් හැටියනේ කියලා මැක්කට ඉන්න තමයි තියෙන්නේ..
ReplyDeleteඌට උරුම තැන තමා ඉතිං...
Deleteඅනේ මල්ලෑ කල්ලත් නෑ බෝල්ලත් ලෑ වැලේ වැල් ලෑ...
ReplyDeleteමමත් අදම රෑවුල කපනවා..
උඔගේ බයික් එකයි උඔයි ලස්සනයි බං..
දිවේ කෑල්ලකුත් නැද්ද?
Deleteරැවුල ලස්සන නැද්ද මෙන්ඩො?
අපේ එහා පැත්තෙ ගෙදර ගුවන් ස්විකාවගේ මිනිහා බ්ලේඩ් එකක් හයිකරලා ගිහින්..
Deleteඋඹලෑ ගෙවල් පැත්තෙ බ්ලෙඩ් කඩයක් දාගත්තනං ගොඩ කියලත් හිතෙනවා.
Deleteමැක්කට පින නැති හැටි... රැවුලේම ලගින්න උනානෙ.. හොක් හොක්
ReplyDeleteරැවුලෙන් රැවුලට පාවෙන .....
Deleteඋඩු රැවුලෙන් යටි රැවුලට යලිත් උඩු රැවුලට
Deleteහරියට හරි මෙන්ඩා.
Deleteඒක නෙමෙයි, උඹ අහල තියෙනවද “සමාවෙන්න කියනකොට කප් සයිස් ලොකු වෙන“ කතාව.
යකෝ ............. තව දවසක් දෙකක් අරූගේ රැව්ලෙම හිටියානම් කොමඩ් වල නොලැගම අදාල තැනට යන්න තිබුණානේ........... අපරාදේ.... දැන් අායෙත් පළ රැව්ලට.........
ReplyDeleteඅන්න ඒ මොලේ මැක්කට නෑනෙ... (උඹට තිබ්බට)
Deleteකේලමක්
ReplyDeleteමං මේ ඒ පැත්තෙ ගොඩවෙලා ලුණු ඇඹුල් ඇතුව දෙකක් කියලයි ආවෙ.
Deleteඅෆ්ෆේ..... කවුරුත් නැති වෙලාවක කියවන් ඕනි.. නැත්නම් හිනාවෙන්න ගිහින් දකින වුන් හිතනව පිස්සු කියල... මරු ඈ...
ReplyDeleteතැන්කුයි මහේෂ්... සාදරයෙන් පිළිගන්නවා.
Deleteපට්ට යැ! අනිත් මැක්කට අව්ව තපිනව ඇරෙන්න "සැප" අත්දකින්න ඕනකමක් නෑ වගේ.
ReplyDeleteඔය කිව්වට අව්වට මැක්කො පුපුරනවා අෂාන්...
Deleteරැවුලෙ ටික දවසක් හිටියනම් අර සැප ස්ථානයටම මාරු වෙන්න තිබුණනෙ
ReplyDeleteමැක්ක පවු.
කදිම නිර්මාණය
ජය!
අන්න ඒකනෙ මැක්කට වැරදුනු තැන.
Deleteස්තුතියි! ජය!!
රැවුලේ හැංගිලා හිටිය ගුවන් සේවිකාවගේ :o වෙනඩ බැ :/ :v පට්ටයි අහ මරු අදහස කොහෙන්ද අවේ කියල කිවුනම් රැවුල අස්සේ රිංගන්න ගිහිල්ලද :D හැක හැක
ReplyDeleteමටම ඩයිවර්ට් කොරපල්ලා ඉතිං... අම්පා ලියන්නෑ මේවා මින් පස්සෙ :-)
Delete(ඔය කීවට අදත් හරි)
ලත්තනයි ඒත් මැවෙද්දි කැතයි
ReplyDeleteහප්පේ... මේ අනික් බබා.
Deleteහප්පේ... මේ අනික් බබා.
Delete