2015-02-23

මැක්කා


එක මැක්කෙක් දවසක්දා - මුහුදු වැල්ලෙ වැතිරීලා
සුවදායක අව්රැල්ලක් - තපිමින් උන්නා

උගේ යාලු තව මැක්කෙක් - සීතලයෙන් වෙව්ලමිනේ
ඌ අසලට ආව නිසා - තොරතුරු ඇසුවා


කොයි ලෝකෙද යෝදයො උඹ - රිංගන්නට ගියේ මෙසේ
සීතලයෙන් වෙව්ලන්නේ - කියාපන් මට...

බයික් කාරයෙක්ගෙ රැව්ලෙ - තමයි නවාතැන් ගත්තේ
ශීත කාලේ ඒ මිනිහා - දිගටම පැද්දා

සීතලයෙන් ගැහෙමින්නේ - බහින්න විදිහක් නැත්තේ
ඉවසාගෙන හිටියා මං - තාම ගැහෙනවා

අනේ මෙහෙම ගොං මැක්කෙක් - ඕකුන්ගේ රැවුලෙ කොහෙද
සැපක් කියන දේ කිසිදා - රැඳිලා තිබුණේ

මීට පස්සෙ උඹ පලයන් - ගුවන් තොටුපලක් සොයාන
කාන්තාවෝ යන ටොයිලට් - එකකට පලයන්

කොමෝඩ් එකේ පියන යටට - රිංගාලා බලා ඉඳිං
හොඳ ලස්සන ගුවන් සේවිකාවක් එනකන්

ඊට පස්සෙ පදිංචියට - ඒ ඇත්තිගෙ තැනක් ඇතේ
උණුසුම සහ සැප පමණයි - එතන රැඳෙන්නේ

කියපු ලෙසට මේ මැක්කා - ගියා මිතුරු ඔවදන් ගෙන
සති කීපයකට පස්සේ - දෙන්න හමුවුණා

අනේ පවු එදත් මේකා - සීතලයෙන් වෙව්ලමිනේ
පළමු මැක්ක අව්ව තපින - තැනට පැමිණුනා

මොකද ගොනෝ මේ පාරත් - ගැහෙමින් ආපහු ආවේ
මං කියාපු දේ කෙරුවේ - නැද්ද කියාපන්

උඹ කියාපු විදිහට මං - කොමෝඩ් පියනෙ සැඟවුණානෙ
හරි ලස්සන ගුවන් සේවිකාවක් ආවා

මමත් ගියා පදිංචියට - උඹ කියාපු දේ ඇත්තයි
උණුසුම සහ සැප පමණයි - එතනදි ලැබුණේ 

ඊට පස්සෙ මාත් සමග - අර ලස්සන කාන්තාව
ක්ලබ් එකකට යනවානම් - යන්තම් මතකයි

තිබුණු සැපට නින්ද ගියා - ඇහැරීලා බලපු කලට
ආයිත් අර මූසලයගෙ - රැවුලෙ හිටියෙ මං....




69 comments:

  1. චිකේයියා....

    උයා හරි වල් මෙයා....

    ReplyDelete
    Replies
    1. මෙයා බබා... අනේ ඉතිං මට...

      Delete
    2. කියලා වැඩක් නෑ මාතේ , එකනේ මං මේ බ්ලොග් එක කියවන්නේ නැත්තේ :P

      Delete
    3. හම්බේ... මේ අනික් බබා...

      Delete
  2. මුගෙ කට තමා දවසකටත් කට බං....
    ඔව් ඉතිං මදාවි කියන්නෙ නිකංයැ.... උදේ පාංදරම මදාවි පෝස්ට් එකක් කියෙව්ව කියන්නෙ දවසම පුල් කින් එකේ ඉන්න පුලුවං....
    මේ කතාව කලිං අහල නෑ..... මරු ඈ....

    ReplyDelete
    Replies
    1. උදේම නිකං නිකං .............. වගේද?
      ඇත්තටම මහේෂ් මේක වැඩිය අය දන්නෙ නැති කතාවක්

      Delete
  3. හැක් හැක්. තෝ වගේ වල් මදාවියෙක්..

    ReplyDelete
    Replies
    1. බයික් කාරයා දැක්කම මට මතක් වෙන්නෙම දේශාව

      Delete
    2. ඇයි උඹ හිතන්නේ මාත් අරයත් එක්ක ක්ලබ් එකකට ගියා කියලද?? එහෙනං මැක්කා තාම මං ගාව..හැක්

      Delete
    3. මැක්ක වගේ උඹත් වෙව්ලනවා ඇති තාම එහෙනං...

      Delete
  4. මාරයි බන්. මේව මුළින්ම හදපු එකාව තමා අදහන්න ඕන
    මැක්කත් සිකනල් මැණික වගෙ දිගටම උඩු රැවුලෙන් යටි රැවුලට මාරුවෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ නිර්මාණශීලීකම නම් කියලා වැඩක් නෑ

      Delete
  5. ඇයි ගුවන් සේවිකාවක්ම තෝරගත්තෙ කියල මට තේරුම් ගන්න බෑ.
    අනිත් එක, ගුවන් සේවිකාවො “ගයිල් මාලා“ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වැඩිය ලස්සන නැති කෙල්ලක් වුනත් මරාදාලා තිබ්බොත් පත්තරේ දාන්නේ කොහොමද හනී...?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //අනිත් එක, ගුවන් සේවිකාවො “ගයිල් මාලා“ නැද්ද?//
      හෙනහුරා අන්න පුරස්නේ ..මදාවියා කොහොමෙයි එක දන්නේ ? හැක් හැක් ..

      Delete
    4. ඕකනෙ කොරන්ට බැරි... යන්තං ජින්තු ජොහොර් ඔක්කොම දාලා කයියක් පද බැන්දම මුං එනවා ඒකෙ මයිල් ගනින්න... චැක් :-)

      Delete
  6. මරු. කරුමයක් තියනවනං ගෙවලම ඉවර වෙන්න ඕනලු.

    ReplyDelete
  7. මදාවියෝ උදේම හිනා වෙලා දවස පටන් ගත්තේ උඹේ මදාවි කතාවෙන් ..හැක් හැක්
    (මේ එකා නෙවෙයි උඹ තවමත් රැවුල කැපුවේ නැනේද ? ).

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මචෝ...
      (කපන්න බයයි බං මැක්ක මැරෙයි කියලා)

      Delete
  8. ඔය කිව්වට මම නම් කපයි රැවුල ....!

    ReplyDelete
    Replies
    1. ඕකෙනං මැක්කො මිසක් රැවුල් ගස් හොයනවා බොරු...

      Delete
    2. රැවුල නැති එවුන්ගේ සංගමයක් පිහිටවනවා උඔ එනවද ඉවනයා?

      Delete
    3. අම්පා... වැවෙන්නැද්ද?

      Delete
  9. අපිටත් ඉතින් කරුමේ ගෙවෙනකන් මේවගේ මදාවියෝ එක්ක ජීවත් වෙන්න උනානේ.....මම පොඩිකාලේ ඉදන් රැකගත්තු මගේ හිරිඔතප්....
    කොහොමකලත් මැක්කා රැවුලට මාරු උන එක හොදයි.නැත්තන් වෙන්නේ ගන්වතුරට අහුවෙලා මැරෙන්න.
    අහලනැති අළුත් කතාවක්.ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හිරි ඔතප් රැකගත්තද? බලාගෙන ඕකෙ මැක්කො ඇති.

      Delete
  10. ඒ කොහොමෙයි ගුවන් සේවිකාව ගාව හිටපු මැක්කා අරයැයිගේ රැවුලට යන්නේ.. ඒ ටික පහැදිලි මදි.. අනී..

    ReplyDelete
    Replies
    1. නේවි කට්ටිය බේබිලාමනෙ යකෝ බැලුවම.

      Delete
    2. අවවාදයයි - ගුවන් සේවිකාවන් ගැවසෙන ස්ථාන වලට රැවුල වවාගෙන නොයන්න .මැක්කන් බෝවිය හැක ....

      Delete
    3. ගුවන් සේවිකාවන් ගැවසෙන ස්ථාන වලට රැවුල වවාගෙන නොයන්න .මැක්කන් බෝවිය හැක ....+++++++
      මදැයි එරොප්ලේන් එකෙං රවුමක් යන්න හිටිය දඹදිව වඳින්න. දැන් එහෙම යන්නත් බයයි අනී..

      Delete
    4. සින්දූර්, රැවුලට පාට ගැසීමෙන් මැක්කන් වඳ කල හැක.

      Delete
    5. කළණ, දඹදිවත් ගිහින් මැක්කොත් මරාගෙන එමු.

      Delete
    6. //රැවුලට පාට ගැසීමෙන් මැක්කන් වඳ කල හැක// එයැයිත් ගුවන් සේවිකාවක් එහෙම නම් ඒත් වැඩේ අවුල් නෙ අනී.. හැක් හැක්..

      Delete
    7. ඒ මක්ක වුනත් අපිට ඉලිසියාවෙ බෑ කල්යානයා ගැන

      Delete
  11. මූ නං වල්ම වල් මදාවියෙක්.අපිවත් නරක් කරන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. කෝ බලන්න මේ අපේ හැලප අයියද කියලා...

      Delete
  12. මුලින්ම මෙතෙන්ට ආපු දවස.. අමුතුම මරුම කතාවක් . ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්! ස්තූතියි නැවත එන්න.

      Delete
  13. හි හි හැම පෝස්ට් එකම කියවන්නේ අදවත් කුනුහබ්බ්යක් නැතුව ඇති කියලා හිතාන,, නොදකින් යකෝ තෝ නම් :D

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... මට හිනා යනවා ඕයි...

      Delete
  14. හක්ක පැන්නා යකෝ...
    තව ටිකෙන් අපේ ඔපිස් එකේ එවුන් මාව අංගොඩ ගෙනියනවා. කොම්පියුටර් එක දිහා බලාගෙන බඩ අල්ලගෙන හිනා වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන...හක්කෙ මැක්කො ඇති!
      තෑන්ක්ස් මචෝ...

      Delete
  15. හයියෝ සල්ලි කිවුවලු.. මොනා කරන්නද ලබා උපන් හැටියනේ කියලා මැක්කට ඉන්න තමයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඌට උරුම තැන තමා ඉතිං...

      Delete
  16. අනේ මල්ලෑ කල්ලත් නෑ බෝල්ලත් ලෑ වැලේ වැල් ලෑ...
    මමත් අදම රෑවුල කපනවා..
    උඔගේ බයික් එකයි උඔයි ලස්සනයි බං..

    ReplyDelete
    Replies
    1. දිවේ කෑල්ලකුත් නැද්ද?
      රැවුල ලස්සන නැද්ද මෙන්ඩො?

      Delete
    2. අපේ එහා පැත්තෙ ගෙදර ගුවන් ස්විකාවගේ මිනිහා බ්ලේඩ් එකක් හයිකරලා ගිහින්..

      Delete
    3. උඹලෑ ගෙවල් පැත්තෙ බ්ලෙඩ් කඩයක් දාගත්තනං ගොඩ කියලත් හිතෙනවා.

      Delete
  17. මැක්කට පින නැති හැටි... රැවුලේම ලගින්න උනානෙ.. හොක් හොක්

    ReplyDelete
    Replies
    1. රැවුලෙන් රැවුලට පාවෙන .....

      Delete
    2. උඩු රැවුලෙන් යටි රැවුලට යලිත් උඩු රැවුලට

      Delete
    3. හරියට හරි මෙන්ඩා.
      ඒක නෙමෙයි, උඹ අහල තියෙනවද “සමාවෙන්න කියනකොට කප් සයිස් ලොකු වෙන“ කතාව.

      Delete
  18. යකෝ ............. තව දවසක් දෙකක් අරූගේ රැව්ලෙම හිටියානම් කොමඩ් වල නොලැගම අදාල තැනට යන්න තිබුණානේ........... අපරාදේ.... දැන් අායෙත් පළ රැව්ලට.........

    ReplyDelete
    Replies
    1. අන්න ඒ මොලේ මැක්කට නෑනෙ... (උඹට තිබ්බට)

      Delete
  19. Replies
    1. මං මේ ඒ පැත්තෙ ගොඩවෙලා ලුණු ඇඹුල් ඇතුව දෙකක් කියලයි ආවෙ.

      Delete
  20. අෆ්ෆේ..... කවුරුත් නැති වෙලාවක කියවන් ඕනි.. නැත්නම් හිනාවෙන්න ගිහින් දකින වුන් හිතනව පිස්සු කියල... මරු ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මහේෂ්... සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  21. පට්ට යැ! අනිත් මැක්කට අව්ව තපිනව ඇරෙන්න "සැප" අත්දකින්න ඕනකමක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට අව්වට මැක්කො පුපුරනවා අෂාන්...

      Delete
  22. රැවුලෙ ටික දවසක් හිටියනම් අර සැප ස්ථානයටම මාරු වෙන්න තිබුණනෙ
    මැක්ක පවු.
    කදිම නිර්මාණය
    ජය!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ මැක්කට වැරදුනු තැන.
      ස්තුතියි! ජය!!

      Delete
  23. රැවුලේ හැංගිලා හිටිය ගුවන් සේවිකාවගේ :o වෙනඩ බැ :/ :v පට්ටයි අහ මරු අදහස කොහෙන්ද අවේ කියල කිවුනම් රැවුල අස්සේ රිංගන්න ගිහිල්ලද :D හැක හැක

    ReplyDelete
    Replies
    1. මටම ඩයිවර්ට් කොරපල්ලා ඉතිං... අම්පා ලියන්නෑ මේවා මින් පස්සෙ :-)
      (ඔය කීවට අදත් හරි)

      Delete
  24. ලත්තනයි ඒත් මැවෙද්දි කැතයි

    ReplyDelete
    Replies
    1. හප්පේ... මේ අනික් බබා.

      Delete
    2. හප්පේ... මේ අනික් බබා.

      Delete