2015-02-09
මැරතන්
සොර සැමියෙක් දවසක්දා - සොර අඹුවගෙ ගෙදර ගොසින්
තුරුල්වෙලා ඉන්නා විට - වැස්සක් වැස්සා
ඒ අතරේ හදිසියේම - නිවසේ සීනුව වැදුනා
හරි වැඩේනේ අපේ මිනිහ - ගෙදර ඇවිල්ලා
ඔයා දැන්ම ජනේලයෙන් - පැනල යන්න පණ බේරං
බිම තියෙනා ඇඳුම් ටිකත් - එකතු කරගෙන...
මේ වැස්සේ මම කොහොමද - ජනේලයෙන් පැනයන්නේ
දුකක් නැද්ද සුදු ඔයාට - මං එළවන්න
එළවිල්ලක් කෙසේ වෙතත් - කෙළවෙනවා අහුවුණොතිං
තුවක්කුවක් අපේ මිනිහ - ගාව තියෙනවා
අනේ ඉතිං අසරණයා - රෙදි කෑලිත් කිහිලි ගහං
ජනේලයෙන් පැන්නෙ නැතෑ - මහ වැස්සේම...
පැන්නට පසුවයි දුටුවේ - මහ පාරට පැන ඇත්තේ
මැරතන් දුවනා පිරිසක් - අතර මැද්දට...
මොනව කරන්නද අයියෝ - ඕනි එකක් කියල ඔහේ
මේ මිනිහත් අර කට්ටිය - සමගින් දිව්වා
ළගින් දුවන තව මිනිහෙක් - උපන් ඇඳුම පිටින් දුවන
මේ මිනිහා දැකලා මේ - ලෙස විමසන්නේ
ඔයා මෙහෙම හැමදාමත් - මැරතන් එක දුවනවාද
ඔව් ඔව් දැන් ටික කාලෙක - ඉඳං දුවනවා
එතකොට ඇයි උපන් ගමන් - හැමදාමත් මේ විදිහද
ඔව් ඔව් එතකොට ඇඟටම - හුලං වදිනවා
ඉතිං මොකද ඇඳුම් කැඩුම් - කිහිල්ලෙ ගහගෙන දුවන්නෙ
දුවල ඉවර වුණු ගමන්ම - ඇඳගන්නටනේ
එතකොට ඇයි අර අතනට - රබර් එකක් දාල ඇත්තෙ
හැමදාමත් දිව්වේ ඕකත් දාගෙනද
හැමදාමත් ඒ විදිහට - දාන්නනම් ඕනි නැතේ
වැස්ස තිබුණොතින් විතරයි - මේක දාන්නේ
Subscribe to:
Post Comments (Atom)
ඒ කියන්නේ එදා වැසි දිනයක්...
ReplyDeleteමේ වැස්සේ මම කොහොමද - ජනේලයෙන් පැනයන්නේ?
Deleteවයිනෝ..............
//තුරුල්වෙලා ඉන්නා විට - වැස්සක් වැස්සා//
Deleteමාතලන් ලොක්කත් කළබලවෙලා වෙච්චි වැඩේට!
Delete"රේන් කෝට්" කියන්නේ නිකංද?
ReplyDeleteඔය වචනෙ ගන්නත් හිතලා ව්‍යංගයම යොදාගන්න හිතලා නොගත්තෙ, රසික.
Deleteහිහ් හිහ් හී
ReplyDeleteමොකා වුණත් අවස්තානෝචිත අහවල් එක තියෙන එකෙක්...
පට්ටයි ඈ....
ජයෙන් ජයම වේවා
ඉස්තානෝචිත පරඥ්ඥාව...සහ කෝට් එක
Deleteජයවේවා..
පවු නේ බන්.....
ReplyDeleteඅහවල් වැඩේ කරගන්න බැරිවුනා මදිවට මැරතනුත් දුවපන්කෝ....
ජය වේවා....
ඔය සබ්ජෙක්ට් එකට බැස්සොත් නාන්නත් වෙනවා, දුවන්නත් වෙනවා.
Deleteඅත්දැකීමෙන්... නෑ එක්කො ඕන්නෑ.
ඔව් ඔව් මොකෙන් නැතත් ඕක වැස්සෙන් බේරගන්න ඕන ..
ReplyDeleteමේකෙන් වහින වැස්සෙන් බේරෙන්න ඕනි.
Deleteමාර පවක්
ReplyDeleteසින්.. සින්..
Deleteකිතුල් ගහට ගිය එකාට වඩා දක්ෂයි මේ යකා.
ReplyDeleteඒක නෙමෙයි, තුරුල් වෙලා ඉන්නකොටත් රබර් එකක් දාගන්න ඕනැද? දන්නෙ නැති හින්දයි අහන්නෙ?
ෂික්... ඉල්ලන්නෙම නරක වචන සෙට් එකමයි.
Deleteමැර- තන්.. පස්ට ආ.. උඩ ෆොටෝ එකේ හොඳට බැලුවා එතන කොටු කොටු දාලද කියලා හැක් හැක්..
ReplyDeleteහොයන්නෙම කොටු. තියෙන වල්කම!
Deleteමැර-තන් = පුෂප් බ්‍රා
Deleteඅම්මපා...බොටනං ඒකටත් අර්ථකතන...
Deleteමැරතන් එකට ආපු අනික් එවුනුත් අහවල් වැඩේ කරන්න ගිහින් වැඩේ වැරදුන එවුන්ද දන්නෙ නෑ බන්.උන්ගෙ හොර අඹුවන්ගෙ ගෙවල්වල මිනිස්සු එනකොට වැස්ස පටන් අරන් තියෙන්න නැතිව ඇති.ඒකයි කලිසම් කොට ඉක්මනට ඇදගෙන ආවෙ.පාර දිගටම අලුත් තරඟකරුවො එකතුවුනාද දන්නෙ නෑ
ReplyDeleteඔතන ඇත්ත එවුන් ඉන්නෙ තුන් දෙනයි. අළු ,කොළ,කළු ටී ශර්ට් දාගෙන ඉන්න එවුන්
අනික් එවුන් හොරා කන්න ගිය එවුන් වෙන්න ඇති.
ම .ම මදාවියා තවම දුවනවා වාගෙයි ...
Delete@ ම.ම.
Deleteහොඳ වෙලාවට මෙහෙම ඇඳුම් තියෙන උන් ටිකක්වත් දැම්මෙ. නැත්නම් උඹලා මක්ක කියාවිද මන්දා... අනෙ අම්මෝ මෙහෙමත් මින්ස්සුන්ට කතන්දර හදන සැට් එකක්.
@සින්දුවා,
Deleteඇයි බං අර උඹත් ඒ ළඟින්ම දුවන්නෙ...
වමේ සිට දකුනට පිලිවෙලින්
Deleteසින්දු ඇනෝ, මධුමාධවි, කමියා, ශානි, කටුසු, ඉවාන්, වැව් ඉසමත්ත
ඇයි උඹ කලින්ම රෙදි නැතිව දිව්වද ...
Deleteමෙන්ඩා, මූ මට තොප්පියකුත් දාලා. කෝ බං උඹ?
Deleteමං මේ අහන්න හැදුවා විතරයි සින්දුවෝ...
Deleteමට දුවන්න ඉඩ තිබ්බෙ නෑ බං අරකිගේ මිනිහා.. ඡනෙලන් පනිනකොටම දුන්නා පොලු පාර.
Deleteමෙන්ඩා උඹ ඔය උඩ සෙට් එකේ නෑ. උඹ ඉතිං ස්ලිම් ටයිප්නේ....
Deleteපව් ඒ හාදයා..
ReplyDeleteපව් පස්සෙන් එලෝනකොට දුවනවා.
Deleteමරේ මරු ..හැක්
ReplyDeleteපළමුව ආරක්ෂාව දෙවනුව වින්දනය....
ඉන්පසු විඳවීම...
Deleteහක හක හක ..කවි ටික නම් පංකාදුයි. . අලුත් නම රබර් එකද ? ඒ නමත් හොදයි. :D
ReplyDeleteඇමෙරිකන් ආභාෂය..
Deleteම්ම්ම්ම්ම්ම්ම්.......
ReplyDeleteප්‍රශ්නයක්ද? ආතල් එකද? මේ රිපීට් ස්ටයිල් එක හින්දා අදහස තෙරුන්නෑ කෙන්ජයියා...
Deleteඅඩේ මදාවියා මේ සීන්එක රබර් ඇඩ් එකකටනං මරු...
ReplyDeleteජ ය වේ වා!!!!
අතුරු ප්‍රතිලාභ සමග
Deleteඅම්මප කියාපිය... මේක තොට වෙච්චි දෙයක් නේද?
ReplyDeleteදැන් මගේ පිට දානවා නේද?
Deleteහි හි මරු බන් උබේ අයිඩියා
ReplyDeleteතෑන්ක්ස් ඔමා!
Deleteමොන අයිඩියාද? අත්දැකිම් අත්දැකිම්
Deleteහි හි
Deleteඅර වරටකරගෙන බුකියෙ ෆොටෝ දාන හැටියට පේනවා කාගෙද අත්දැකීම් කියලා. විස්වාස කරන්න ඔමා වෙන පිරිමි පුලුටක් නෑ.
Deleteලොකු වැස්සක් වහැලා වගේ..
ReplyDeleteවහින්න කලින් වෙන වැස්සක් වැහැලා.
Deleteවැස්සේ තෙමිලා ලෙඩ හදා ගන්නවාට වඩා රබර් එකකින් හරි ....
ReplyDeleteකොයි අතින් ගත්තත්... එකෙන්ම.
Deleteඅත යන්තන් පැරදිලා දැන් බහු පාලනේ බං මදාවි .
Deleteබහුසේවනේ?
Deleteඑහෙමත් කියත හැකි තමා.
DeleteTragedy @ the end?
Deleteසෑහෙන්න වැස්ස.. ඉතින් නැතුව බෑ තමයි
ReplyDeleteමෙහෙත් වහිනවා... ඉක්මනට දාගන්න ඕනි.
Deleteගහෙන් වැටුණ මිනිහාට ගොනා අැනලා.... යකෝ දැන් ඉතින් මැරතන් ඒක ඉවර වෙනකල් ම දුවපංකෝ...........
ReplyDeleteගොනාට අනින්න ගිය මිනිහ ගහෙං වැටිලා....
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඉතිං උඔ ඇදුම් ටික ඇදගත්තෙ මැරතන් එක ඉවරවෙලාමද?
නෑ...නෑ...ආපහු පටාං ගත්තු තැනටම ඇවිත්.
Deleteනියම පැදි පෙළක්
ReplyDeleteස්තුතියි වර්ණ!
Deleteeheth hari vassa ..... meheth hema venna.. (athi neda...?)
ReplyDeletegood... creative and MM special....
Mehe gini rasneta payanawa... :-)
DeleteThanx!
ආයෙ රැට මේ බ්ලොග් එක කියවන්නෙ නෑ. ගෙදර උන් ඇහැරෙනවා
ReplyDeleteඇහැරල බලන්න එනවාද? අපෝ... පෙන්නනවා හෙම නෙමෙයි පුතෝ!
Delete