2015-02-09

මැරතන්



සොර සැමියෙක් දවසක්දා - සොර අඹුවගෙ ගෙදර ගොසින්
තුරුල්වෙලා ඉන්නා විට - වැස්සක් වැස්සා

ඒ අතරේ හදිසියේම - නිවසේ සීනුව වැදුනා
හරි වැඩේනේ අපේ මිනිහ - ගෙදර ඇවිල්ලා


ඔයා දැන්ම ජනේලයෙන් - පැනල යන්න පණ බේරං
බිම තියෙනා ඇඳුම් ටිකත් - එකතු කරගෙන...

මේ වැස්සේ මම කොහොමද - ජනේලයෙන් පැනයන්නේ
දුකක් නැද්ද සුදු ඔයාට - මං එළවන්න

එළවිල්ලක් කෙසේ වෙතත් - කෙළවෙනවා අහුවුණොතිං
තුවක්කුවක් අපේ මිනිහ - ගාව තියෙනවා

අනේ ඉතිං අසරණයා - රෙදි කෑලිත් කිහිලි ගහං
ජනේලයෙන් පැන්නෙ නැතෑ - මහ වැස්සේම...

පැන්නට පසුවයි දුටුවේ - මහ පාරට පැන ඇත්තේ
මැරතන් දුවනා පිරිසක් - අතර මැද්දට...

මොනව කරන්නද අයියෝ - ඕනි එකක් කියල ඔහේ
මේ මිනිහත් අර කට්ටිය - සමගින් දිව්වා

ළගින් දුවන තව මිනිහෙක් - උපන් ඇඳුම පිටින් දුවන
මේ මිනිහා දැකලා මේ - ලෙස විමසන්නේ

ඔයා මෙහෙම හැමදාමත් - මැරතන් එක දුවනවාද
ඔව් ඔව් දැන් ටික කාලෙක - ඉඳං දුවනවා

එතකොට ඇයි උපන් ගමන් - හැමදාමත් මේ විදිහද
ඔව් ඔව් එතකොට ඇඟටම - හුලං වදිනවා

ඉතිං මොකද ඇඳුම් කැඩුම් - කිහිල්ලෙ ගහගෙන දුවන්නෙ
දුවල ඉවර වුණු ගමන්ම  - ඇඳගන්නටනේ

එතකොට ඇයි අර අතනට - රබර් එකක් දාල ඇත්තෙ
හැමදාමත් දිව්වේ ඕකත් දාගෙනද

හැමදාමත් ඒ විදිහට - දාන්නනම් ඕනි නැතේ
වැස්ස තිබුණොතින් විතරයි - මේක දාන්නේ



67 comments:

  1. ඒ කියන්නේ එදා වැසි දිනයක්...

    ReplyDelete
    Replies
    1. මේ වැස්සේ මම කොහොමද - ජනේලයෙන් පැනයන්නේ?
      වයිනෝ..............

      Delete
    2. //තුරුල්වෙලා ඉන්නා විට - වැස්සක් වැස්සා//

      Delete
    3. මාතලන් ලොක්කත් කළබලවෙලා වෙච්චි වැඩේට!

      Delete
  2. "රේන් කෝට්" කියන්නේ නිකංද?

    ReplyDelete
    Replies
    1. ඔය වචනෙ ගන්නත් හිතලා ව්‍යංගයම යොදාගන්න හිතලා නොගත්තෙ, රසික.

      Delete
  3. හිහ් හිහ් හී
    මොකා වුණත් අවස්තානෝචිත අහවල් එක තියෙන එකෙක්...
    පට්ටයි ඈ....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඉස්තානෝචිත පරඥ්ඥාව...සහ කෝට් එක
      ජයවේවා..

      Delete
  4. පවු නේ බන්.....
    අහවල් වැඩේ කරගන්න බැරිවුනා මදිවට මැරතනුත් දුවපන්කෝ....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔය සබ්ජෙක්ට් එකට බැස්සොත් නාන්නත් වෙනවා, දුවන්නත් වෙනවා.
      අත්දැකීමෙන්... නෑ එක්කො ඕන්නෑ.

      Delete
  5. ඔව් ඔව් මොකෙන් නැතත් ඕක වැස්සෙන් බේරගන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. මේකෙන් වහින වැස්සෙන් බේරෙන්න ඕනි.

      Delete
  6. කිතුල් ගහට ගිය එකාට වඩා දක්ෂයි මේ යකා.

    ඒක නෙමෙයි, තුරුල් වෙලා ඉන්නකොටත් රබර් එකක් දාගන්න ඕනැද? දන්නෙ නැති හින්දයි අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ෂික්... ඉල්ලන්නෙම නරක වචන සෙට් එකමයි.

      Delete
  7. මැර- තන්.. පස්ට ආ.. උඩ ෆොටෝ එකේ හොඳට බැලුවා එතන කොටු කොටු දාලද කියලා හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හොයන්නෙම කොටු. තියෙන වල්කම!

      Delete
    2. අම්මපා...බොටනං ඒකටත් අර්ථකතන...

      Delete
  8. මැරතන් එකට ආපු අනික් එවුනුත් අහවල් වැඩේ කරන්න ගිහින් වැඩේ වැරදුන එවුන්ද දන්නෙ නෑ බන්.උන්ගෙ හොර අඹුවන්ගෙ ගෙවල්වල මිනිස්සු එනකොට වැස්ස පටන් අරන් තියෙන්න නැතිව ඇති.ඒකයි කලිසම් කොට ඉක්මනට ඇදගෙන ආවෙ.පාර දිගටම අලුත් තරඟකරුවො එකතුවුනාද දන්නෙ නෑ
    ඔතන ඇත්ත එවුන් ඉන්නෙ තුන් දෙනයි. අළු ,කොළ,කළු ටී ශර්ට් දාගෙන ඉන්න එවුන්
    අනික් එවුන් හොරා කන්න ගිය එවුන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ම .ම මදාවියා තවම දුවනවා වාගෙයි ...

      Delete
    2. @ ම.ම.
      හොඳ වෙලාවට මෙහෙම ඇඳුම් තියෙන උන් ටිකක්වත් දැම්මෙ. නැත්නම් උඹලා මක්ක කියාවිද මන්දා... අනෙ අම්මෝ මෙහෙමත් මින්ස්සුන්ට කතන්දර හදන සැට් එකක්.

      Delete
    3. @සින්දුවා,
      ඇයි බං අර උඹත් ඒ ළඟින්ම දුවන්නෙ...

      Delete
    4. වමේ සිට දකුනට පිලිවෙලින්
      සින්දු ඇනෝ, මධුමාධවි, කමියා, ශානි, කටුසු, ඉවාන්, වැව් ඉසමත්ත

      Delete
    5. ඇයි උඹ කලින්ම රෙදි නැතිව දිව්වද ...

      Delete
    6. මෙන්ඩා, මූ මට තොප්පියකුත් දාලා. කෝ බං උඹ?

      Delete
    7. මං මේ අහන්න හැදුවා විතරයි සින්දුවෝ...

      Delete
    8. මට දුවන්න ඉඩ තිබ්බෙ නෑ බං අරකිගේ මිනිහා.. ඡනෙලන් පනිනකොටම දුන්නා පොලු පාර.

      Delete
    9. මෙන්ඩා උඹ ඔය උඩ සෙට් එකේ නෑ. උඹ ඉතිං ස්ලිම් ටයිප්නේ....

      Delete
  9. පව් ඒ හාදයා..

    ReplyDelete
    Replies
    1. පව් පස්සෙන් එලෝනකොට දුවනවා.

      Delete
  10. මරේ මරු ..හැක්
    පළමුව ආරක්ෂාව දෙවනුව වින්දනය....

    ReplyDelete
  11. හක හක හක ..කවි ටික නම් පංකාදුයි. . අලුත් නම රබර් එකද ? ඒ නමත් හොදයි. :D

    ReplyDelete
  12. ම්ම්ම්ම්ම්ම්ම්.......

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක්ද? ආතල් එකද? මේ රිපීට් ස්ටයිල් එක හින්දා අදහස තෙරුන්නෑ කෙන්ජයියා...

      Delete
  13. අඩේ මදාවියා මේ සීන්එක රබර් ඇඩ් එකකටනං මරු...

    ජ ය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. අතුරු ප්‍රතිලාභ සමග

      Delete
  14. අම්මප කියාපිය... මේක තොට වෙච්චි දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. දැන් මගේ පිට දානවා නේද?

      Delete
  15. හි හි මරු බන් උබේ අයිඩියා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඔමා!

      Delete
    2. මොන අයිඩියාද? අත්දැකිම් අත්දැකිම්

      Delete
    3. අර වරටකරගෙන බුකියෙ ෆොටෝ දාන හැටියට පේනවා කාගෙද අත්දැකීම් කියලා. විස්වාස කරන්න ඔමා වෙන පිරිමි පුලුටක් නෑ.

      Delete
  16. ලොකු වැස්සක් වහැලා වගේ..

    ReplyDelete
    Replies
    1. වහින්න කලින් වෙන වැස්සක් වැහැලා.

      Delete
  17. වැස්සේ තෙමිලා ලෙඩ හදා ගන්නවාට වඩා රබර් එකකින් හරි ....

    ReplyDelete
    Replies
    1. කොයි අතින් ගත්තත්... එකෙන්ම.

      Delete
    2. අත යන්තන් පැරදිලා දැන් බහු පාලනේ බං මදාවි .

      Delete
    3. එහෙමත් කියත හැකි තමා.

      Delete
  18. සෑහෙන්න වැස්ස.. ඉතින් නැතුව බෑ තමයි

    ReplyDelete
    Replies
    1. මෙහෙත් වහිනවා... ඉක්මනට දාගන්න ඕනි.

      Delete
  19. ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැනලා.... යකෝ දැන් ඉතින් මැරතන් ඒක ඉවර වෙනකල් ම දුවපංකෝ...........

    ReplyDelete
    Replies
    1. ගොනාට අනින්න ගිය මිනිහ ගහෙං වැටිලා....

      Delete
  20. එල ද බ්‍රා
    ඉතිං උඔ ඇදුම් ටික ඇදගත්තෙ මැරතන් එක ඉවරවෙලාමද?

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...ආපහු පටාං ගත්තු තැනටම ඇවිත්.

      Delete
  21. නියම පැදි පෙළක්

    ReplyDelete
  22. eheth hari vassa ..... meheth hema venna.. (athi neda...?)


    good... creative and MM special....

    ReplyDelete
  23. ආයෙ ‍රැට මේ බ්ලොග් එක කියවන්නෙ නෑ. ගෙදර උන් ඇහැරෙනවා

    ReplyDelete
    Replies
    1. ඇහැරල බලන්න එනවාද? අපෝ... පෙන්නනවා හෙම නෙමෙයි පුතෝ!

      Delete