2015-02-26

කුකුලා



කුකුල් ගොවිපොලක් හිමියෙක් - කුකුල් නාම්බෙක් ගෙනවිත්
කිකිලියන්ට මෙහෙ කරන්න - මුදා හැරියලූ

කුකුල් කොටුවෙ කොනකට වී - සිටියා වයසක කුකුළෙක්
තම පංගුව නැතිව යාම - ඉහුලුම් නැතිව

කොල්ලෝ උඹ මේ අහපන් - මගේ වයස ගැන හිතලා
කිකිලියො ටික දෙනෙක් මටත් - ඉතුරු කොරාපං


අනේ නාකියෝ උඹහට - නහින දෙහින කාලයේදි
කිකිලියො මොකටද - ඔන්නොහෙ පැත්තක ඉඳපං

එහෙම නෙමෙයි කොල්ලෝ මම - හොඳ ක්‍රමයක් කියන්නම්කො
අපි දෙන්නා දුවල බලමු - තරඟෙට එහෙනම්

මම දිනුවොත් කිකිලියො සැම - අයිති මටයි ඒ වගේම
උඹ දිනුවොත් මට එපාය - උඹම තියාගං

නාකි උඹත් සමග මෙමට - මොන රේස් ද ඕව වැඩද
හොඳයි එහෙමනම් උඹැහේ - ඉස්සර වෙනවා

අඩි දහයක් පමණ දුරින් - වයසක කුකුළා තියලා
තරුණ එකා පසුපසිනුයි - තරඟෙ ඇරඹුවේ

දුවන්න සංඥා ලැබුණා - නාකි කුකුළ දුවනවාලු
ඌ පස්සෙන් තරුණ කුකුළ - හඹා යනවලූ

කිකිලියන්ගෙ චියර් එකට - ගොවියා පිටතට ආවා
තුවක්කුවක් ගෙන නාඹර - කුකුළා මැරුවා

නොදකිං දැන් මේ සතියට - මං ගෙනාව තුන්දෙනාම
සමරිසි කුකුළෝ කියලා - ආපසු හැරුණා


80 comments:

  1. නියම කුකුලෙක් මේක ලියා ඇති වග පෙනේ

    ReplyDelete
    Replies
    1. ඔය බලහල්ලකො ඉතිං...

      Delete
  2. හිහ් හිහ් හී...........
    වයසක වුණාට උගෙ වැඩ බලාල්ලකො හිහි මරු මොළ කාරයෙක් ඌ නං...
    මදාවි ය ටම හරියන ඩෑල් එකක් වගේ
    හිහි

    ReplyDelete
    Replies
    1. මාත් මේ ඉන්නෙ කුකුල් ෆාම් එකක් දාන්න. උඹටත් වැඩ හිටියි. (තුවක්කුවක්නං ඕනිමයි)

      Delete
  3. ඉරිදා පත්තරේලාගෙ ගෙදරදි විචා දෙකට නැමි නැමි මගේ පස්සෙන් එලවපු වේලාවේ මම හිතුවා විචා ඒ රිසි එකෙක් කියලා..

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ ආපහු හැරුනම විචා බයවෙලා දිව්වේ මොකෝ ? :P

      Delete
    2. මෙන්ඩා, ඒ කියන්නේ මේ කතාවෙ අනික් පැත්ත තමා ඔය.

      Delete
    3. ඉවාන්, ඒ කියන්නෙ මේ කතාවම තමා ඊට පස්සෙ වෙලා තියෙන්නෙ.

      Delete
  4. සංවරව කුණුහරුප කියලා .

    ReplyDelete
  5. ඇත්තට කුකුල් කොටුවක කුකුලෙක් කියන්නෙ පරන රජ කෙනෙක් වගෙ තමයි. එකම වැඩේ බඩු ගහන එක.

    ReplyDelete
    Replies
    1. කනවයි ........යි විතරයි.

      Delete
    2. //පරන රජ කෙනෙක්//
      ඔය කියන්නෙ හුඟක් පරණ රජවරු ගැන වෙන්ටෑ.
      මෑතක හිටපු රජානම් කිකිළියෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ නෑ ඕං.

      Delete
    3. ඇහැක් වහලා තමා බැලුවා කියන්නෙ.

      Delete
  6. නාකි කුකුලා මහින්ද වගේ එකෙක්ද කොහෙද...?

    ReplyDelete
    Replies
    1. හරියට හරි... අත අරින්නෙම නෑ.

      Delete
    2. අප්පට බොල මදාවියා කොහොමද ඒ ගැන හරියටම දන්නේ ..... :P

      Delete
    3. උඩ දාල තියන පොටෝ එක ගත්තෙ කවුද එතකොට?

      Delete
    4. මාතේ,
      එතකොට පස්සෙන් දුවලා වෙඩි කාපු එකා රනිල් වගේද... හැක් හැක්..

      Delete
    5. ඉවාන්, ඔය යන්නෙ සියලුම මාස් මීඩියා වල.

      Delete
    6. @ශනී, කිකිලියොනෙ.

      Delete
    7. @ලොකු පුතා, වෙල්කම් කිව්වා!
      (එසේත් විය හැක)

      Delete
  7. නාඹර කුකුළා මියයන යුරු දුටු එත් කිකිළියක් මෙසේ පවසයි

    මෙහෙම ගියොත් අපිට හැමදාම නාකි මෙහෙ තමා

    ReplyDelete
    Replies
    1. අනේ පව් කිකිලියෝ!

      Delete
  8. ඒ කියන්නේ උඹ වෙන කාටවත් චාන්ස් එකක් දෙන්නේ නැ නේද ? හැක් හැක්
    පට්ටයි මදාවියෝ ,

    දුදනොද බිඳ ලද තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ //

    මගෙ කුකුළා නැසූ එකා...
    මගෙ කුකුළා නැසූ එකා
    ධජය ඔබගෙ පාළුය කා
    මගෙ කුකුළා නැසූ එකා
    ධජය ඔබගෙ පාළුය කා
    තව එක බුද දිනක් කකා
    ඉන්නට ඉඩ නොදී මකා

    බලා එල්ල හෙලුව හෙල්ල
    මුලමැ බෙල්ල මරු තැනේ

    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    පයින්මැ ගොස් ඇවිද වටේ
    පොළොවැ උලා නළල් ඇටේ

    දිගට ඇදී...
    දිගට ඇදී නැග පැහැදී
    මහ හඬ දී දෙවියනේ
    දිගට ඇදී...

    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජුවටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි

    කතරගමේ...
    කතරගමේ බල මහිමේ
    දුටුද එමේ හැම තැනේ
    කතරගමේ...

    කියමින් නම කුළු ඔබගේ
    බොල දුන් ගෙට කිරි තොලගේ
    නවතින්නට වඩමි අගේ
    එබසින් කිරි කඳුළු මගේ

    දුදනොද බිඳ ලද තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ //

    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    වැජඹෙන නා මෙවිමනේ
    බලන්න නා සාමිනේ

    නා සාමිනේ...


    ගායනය, සංගීතය - සුනිල් සාන්ත
    ගී පද - රුපියෙල් තෙන්නකෝන්

    ReplyDelete
    Replies
    1. උඹ දැන් ඔය කොටුවට වෙලා කෙටුවා මදෑ... ඒකයි උඹට දෙන්නැත්තෙ චාන්ස් එක. (සින්දුව එළ මචං... අහලා තිබුණා යාන්තම්)

      Delete
    2. කුකුළු හැවිල්ල- ඔකේ තියෙනවා කුමාර තිරිමාදුර කියන එකකුත් . එකත් පට්ට

      Delete
    3. ඉවාන්, දාකො ලින්ක් එකක් ‘පට්ට‘ කිය කිය සොයං වින්දනේ නොයෙදි.

      Delete
    4. සින්දූර්, අහ්.. දුර පෙනුනි. ලඟ නොපෙනුනි.

      Delete
  9. හැක් හැක්.. මොකක් කියන්නද කියල කල්පනා කරේ.. එක්කේ ඕන නෑ.. ගොවියට බම්බු ගහගන්න කියල උඹ මගේ පස්සෙන් දුවන් වරෙන්..

    ReplyDelete
    Replies
    1. දේශා නාකි කුකුලට වඩා කපටියි වගේ.

      Delete
  10. හික් හික් .. .. මරේ මරු...

    ReplyDelete
  11. ඒ කොටුවේ හිටපු නහටු කිකිළි තමයි මධුමාධවී............. ජයවේවා..........

    ReplyDelete
    Replies
    1. හම්බු උනාවෙකො කුරුට්ට දවසක... නහටු කම පෙන්නන්න.

      Delete
    2. ඊට පස්සේ නාකි කුකුළා ඒක්ක තුටින් මාධවියත්
      හරි අගේට බිත්තර ටික සප්ලයි කෙරුවා............................

      Delete
    3. නාකි කුකුලො සරු නෑ බාංං
      (ඒකනෙ අලුත් කුකුලෙක් ගෙනාවෙ)

      Delete
  12. හි හි මරු බන්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්... ලිය ලිය

      Delete
  13. ආදර්ශය: කිකිළියන්ගේ චියර් එක මැද නාකි කුකුළන් පසුපස දිව යාම මරණයට හේතු වේ.

    (කිකිළියො චියර් එක දුන්නෙ නාකි කුකුළට නේද?)

    ReplyDelete
    Replies
    1. උන්ට මේ පාර ආපු එකාවත් එච්චර අල්ලලා ගිහින් නෑ...

      Delete
  14. ඕකනෙ කියන්නේ.. බදගෙන කෑම විනාසයට මුලයි... බෙද හදාගෙන කමු.. කවුරු කවුරුත්.. හැක් හැක්.. නැත්නම් ඉතින් අපිටත් නාකි කුකුලෝ වෙන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. කළණ, වගකීමෙන්ද අදහස් ප්‍රකාශ කරන්නෙ? :-)

      Delete
  15. oon ballamuko eketh hati....... (miss)understanding

    ReplyDelete
  16. යකෝ බලපුවම ගේ කුකුල්ලුත් ඉන්නවනෙ.මම හිතුවේ ගෙ කුරුල්ලො විතරයි ඉන්නෙ කියල.උඹත් හොයාගන්න දේවල් මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. ගේ කුකුල්ලු! නියම යෙදුම හැලපෙ අයියෙ.

      Delete
  17. කුකුළ්ලුන්ගේ පොල් ලෙලි සීන් එක හැලපයයි, රෙහානියයි දන්නවා... හැක් හක්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හොයන්න ඕනි බලන්න.
      ජ ය වේ වා !!!

      Delete
  18. කුකුළෙක් තව කුකුළෙක් ගැන නියම කතාවක් ලියලා.......... හුකෑස්..

    ReplyDelete
    Replies
    1. ඒක දැකපු පොටෝ ගහන කුකුලෙක් කමෙන්ටුවක් දාලා. හැක්!

      Delete
  19. මට බොහෝ...............................................................................................ම වැදගත් පාඩමක්.

    ReplyDelete
    Replies
    1. නාඹර කුකුලා ගැනද අනිකා ගැනද දැන් ඔය කියන්නේ?

      Delete
    2. නැ බන් "ගේ කුකුලා ගැන "....හැක් හැක්

      Delete
    3. විචාරකතුමා බයේ ඉන්නෙ නාඹර කුකුලෙක් එයිද කියලා.

      Delete
    4. එහෙනම් ඉවානයට වෙඩි කන්න වෙනවා ෂුවර් ..හැක්

      Delete
    5. අනේ ඇයි උඹට අහිංසක ඉවානයම මතක් වුනේ?

      Delete
    6. දන්නෝ දනිති ....

      “රන් සිකි පිල් විදාපු කඳ සඳයි නටන්නේ-සඳ කත් පිනි විලට වරෙන් මොනර කිකිළියේ ”

      Delete
    7. අනේ අම්පා කොහෙන්ද බන් මේවා හොයාගන්නේ? නෙට් එකෙන්ම වෙන්නෝනෑ. නැත්නම් කොහෙද ඔහොම ක්ෂණික නූඩ්ල්ස්.

      Delete
    8. ඔන්න එක සෝස් එකක් අහුවුණා.

      Delete
  20. කොහොමද කුකුල් මොළේ??

    ReplyDelete
    Replies
    1. වයසත් එක්ක මෝරන මොළ!

      Delete
    2. Older The Bull harder The Horn කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇතිනේ. ඒ වගේ තමයි.

      Delete
    3. ඔය අඟ ගැන ඉස්සර දවසක් ඇදුනා නේද කතාවක්?

      Delete
    4. "නාකි විසේ ගෙටත් උසේ" කියල කියන්නෙ විචාරකතුමා ඉංගිරිසියෙන් කිව්ව එකේ සිංහල එක වෙන්ටැ... විහිළුවට ඕන් ඈ ...

      Delete
    5. ඔය එක්ස්ටෙන්ෂන් එක නොදැම්මොත් ඉතිං ඩිෂුම් තමා...

      Delete
    6. මං දැනගෙන ඉන්නෙ ඒ ගැන.. පරණ බඩු තාම මෙට්ටෙ යට ඇති මයේ හිතේ.. එක්කො ඒ කතාව ඉල්ලා අස්කොරගන්නවා... :D

      Delete
    7. මාත් මොකුත්ම කිව්වෙ නෑ ඔන්න.

      Delete
  21. කිකිලියන්ට කොරන්ට කුකුලෝ කැමතිය. කොරන්ට ගිය හැම කුකුලටම හිතූ තරම් කොරගන්ට බැරිය. කිකිලියන්ද කුකුලන්ද දෙපත්තට වී සිනසෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. කොරගන්ට බැරිවූ කුකුලා අඬනු ඇති.

      Delete