2015-02-05

හොඬවැල



තරුණ වියේ හාදයෙකුට - හිටිහැටියේ නොසිතූලෙස
අකරතැබ්බයක් වීලා - මාර ගැටලුවක්

ඉන්ද්‍රියයක් අප්‍රාණික - වීලා ඇත හේතු නොදැන
වෙදැදුරු සහයයි පැතුවේ - පිළිසරණ ලෙසින්


රෝග පිරික්සුමෙන් පසුව - "පේශි වලයි මේ ප්‍රශ්නය
පේශි බද්ධයක් කරමුද" - වෙදැදුරු ඇසුවා

ඔහුද එයට එකඟ වුනෙන් - පුංචිම අලිපැටියෙකුගේ
හොඬවැලකින් කොටසක් ගෙන - බද්ධ කලාලූ

සුවපත්වී මාසයකින් - කෙල්ල සමග රෑ කෑමට
කොල්ලා යනවලු දවසක් - හෝටලේකට

කතාකරන අතරතුරේ - ටික දවසක් මියගොස් සිටි
පුංචි චණ්ඩියා සැනකින් - ප්‍රාණවත් වුණා

වැඩි පිරිසක් පේන්න නෑ - එ් මදිවට අඩ අඳුරකි
කොල්ලා තම චණ්ඩියාව - පිටතට ගත්තා

එසැනින් එය උඩට ඇදී - මේසය මත තිබුණාවූ
චයිනිස් රෝලක් ඩැහැගෙන - ඇතුලට ඇදුනා

විශ්මිත දෑසින් එය දුටු - කෙල්ල මෙලෙස ඉල්ලන්නේ
"අනේ ෂෝක් ආයිත් එය - කර පෙන්වන්න"

"කරන්නනම් පුලුවන් මුත් - තවත් රෝල් එකකටනම්
ඉඩ ඇත්දැයි නොදනිමි මගෙ - පස්සා පැත්තේ"





56 comments:

  1. ඇතෙක් බරට වස්තුව දෙන්න වටිනා නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මං අන්දරේ වගේ වෙලාද සුරේ?

      Delete
    3. ම.ම.
      ප්ලස් දැම්ම වගේ තෑග්ගෙන් බාගයකුත් දෙන්න වෙයි හොඳේ.

      Delete
  2. මම නම් අහලා තියෙන්නේ වෙන විදියකට.. ඒ කියලා අවුලක් නෑ.. රෝල් මොකක්ද බං.. රත්තරන් පොලු, සෙලියුලර් ෆෝන්, කුඩු පැකට් ගහන එකේ.. හිර ගෙදර ඕකට කියන්නේ බංකර් ගහනවා කියලා...

    ReplyDelete
    Replies
    1. ඉඩ තියේද කියන එකයි පුරස්නෙ. හිතාගත්තැකිනෙ කස්ටිය ගැන.

      Delete
    2. බලාපල්ලකො ඒකෙත් හැටි

      http://www.dailymail.co.uk/news/article-2940869/X-rated-X-rays-Doctors-world-share-images-strangest-things-stuck-people-s-rears.html

      Delete
  3. අලි පාට්ස් හයිකලාම ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. ආයි අහලා. අලින්ගේ අපේ වැඩ තමා.

      Delete
  4. ආයේ ලියලා වලත්ත කතාවක් , අම්මප කියවන්නේ නෑ මීට පස්සේ .

    ReplyDelete
    Replies
    1. කියවන්නෙපා. බලන්න. රස විඳින්න.

      Delete
  5. කොහොමද හෝටලේටම ඇහෙන්න කුංචනාදයක් කළානම්................

    ReplyDelete
    Replies
    1. සද්ද කරන්න පුලුවන්ද හැබෑට? නිකං පිඹිනවා වගේ තියේ. කුංචනාද නෑ.

      Delete
  6. අලි කෙළියයි.. හැක් හැක්.. ඒත් කොල්ල පව්.. මාස ගානකින් පොඩි වෙනසක් වෙන්න ගිය එක..

    ReplyDelete
    Replies
    1. කෙල්ලට දැනෙන්ටැති හොඳටෝම.........

      Delete
  7. හොද වේලාවට චයිනිස් රෝලක් තිබුනේ මේස උඩ..කොහොමද තිබුනා නම්..?
    තව ටිකක් වලත්ත වෙයන් නමට ගැලපෙන හැටියට..මදි මදි දැන් අපි කූනු රසට පුරැදු වෙලා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. යකෝ මේත් මදිද? කවදාවත් තෘප්තිමත් කරන්න බැරි මෙන්ඩෙක්.

      Delete
  8. තව රෝල් එකක් ගත්තත් කමක් නෑ..

    ReplyDelete
  9. කෙල්ලට හනිමුන් යන්න වෙන්නේ කොළ අතු ඇදන් තමා....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන කටුස්සා.
      ජයවේවා!

      Delete
    2. ම.ම.
      ඔය වැට කඩුුලු විතරක්නං මදි පුතෝ!

      Delete
  10. ඈ බන් ඕක ඔච්චර දික් වෙන එකේ තව මොන මොන දේවල් ඇතුලට දාගනීද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒකෙ අනික් පැත්තද?

      Delete
  11. උඩ ෆොටෝ එකෙන් පෙන්නුම් කරන්නෙ හොඬවැලේ ලාක්ෂණික ගුණාංග ඔය කියන අවයවයෙ ඒවා වලට සමාන බවද?

    ReplyDelete
    Replies
    1. කස්ටිය කැමති ඇති ඔය ලාක්ෂණික ගුණාංග ඇත්නම්, නේ?

      Delete
  12. ටාසන් හට වෙච්චි දේකි මේ කතන්දරේ
    වැලක ඇදිල යන විටදියි උනේ කරදරේ
    අංගජාතකේ තැලිලා එය මාරු කරේ
    අලි හොඬයෙන් එදා ඉඳන් පුකට බර බරේ

    ReplyDelete
    Replies
    1. බොහොම කෙටියෙන් දීලා තියෙන්නෙ. සිංහයො අලි එක්ක ගේමනෙ ඉතිං. මඩම තමා.

      Delete
  13. මාත් අහල තියෙන්නෙ ටාසන් කතන්දරේ.. ඕං අහපං ඒකත්...

    කැලේ වීරයා ව‍ාගේ - පඩ ෂෝ දාගෙන ඉන්නා
    ටාසන් දවසක් - වැලකින් ආතල් ගත්තා...
    (නෑ නෑ යකුනේ... ඒ වැල් නෙමෙයි මේක ඔරිජිනල් වැලක්)

    ඒ ගහටයි මේ ගහටයි - පැද්දි පැද්දි යන අතරේ..
    දොළක නාන කෙළි පොඩ්ඩක් - ටාසන් දැක්කා

    ටාසන් හොඳ එකා වුණත් - මල්ලි ඒතරම් ‍හොඳ නෑ
    මේක දැක්ක හැටියෙම උෟ - කොඩිගහක් වුණා...

    අහක බලන් ඇදී ගිහින් - වැල්පට ගිලිහී ටාසන්
    දබොයි කියා හිස පහළට - පොළවට වැටුණා....

    කරුමය යනු නම් මේකයි - වළක්වන්න හැකි කාටද
    ටාසන්ටත් කලින් මල්ලි - පොළොවේ වැදුණා..

    ටාසන්ගේ වෙලාවටම - බෙහෙත් හොයන්නට කැලේට
    රට පරසිදු වෙද මහතෙක් - ඇවිල්ල හිටියා...

    ළගදි මැරුණු අලි කුණකින් - හොඬවැල කපලා අරගෙන
    ඒ වෙද මහතා ටාසන් - සුවපත් කෙරුවා...

    තිබුණ එකට වඩා හොඳයි - මේක මගේ වාසනාව
    අපමණ සතුටින් ටාසන් - පිටවී යන්නේ...

    ගතවූයේ ටික දවසයි - වෙද මහතගෙ ගේ සොයාන
    හූ කිය කිය අඬා ගෙනයි - ටාසන් ආවේ....

    අනේ දෙයියනේ මූ හා - කැලේක නම් ඉන්නට බෑ...
    කොළ අතු කඩ කඩා මගේ - _කේ ගසනවා....

    ReplyDelete
    Replies
    1. මේක උඹ හදපු එකක්නං අම්මාපල්ල ඇතෙක් බරට වස්තුව දෙන්ටෝනෑ.

      Delete
    2. දීපං එහෙනං...

      Delete
    3. හහ්...හහ්...හා... හොඬවැල දික් කරලා ගනිං ඉතිං....

      Delete
    4. ඒකනෙ කියන්නේ... බරට දෙන්න ඕනි වැඩක්.

      Delete
    5. තැන්ක් යූ කිව්වා මෙන්ඩා....
      @මදාවි - කරුමෙ කියන්නෙ මචං මට ඔය සුන්දර කවි සංකල්පනා පහළ නොවෙන එකනෙ... ආවොත් මේ වගේ කුප්ප අයිඩියා එකක් තමයි...

      Delete
    6. ඒක ඇවිල්ලා අපේ ජාතික ජාන කේස් එකක්. කවදාවත් ස්වතන්ත්‍ර කවියක් සින්දුවක් ලියාගන්න බැරුවට මේවනං... අම්ම.

      Delete
  14. ටිකක් පරක්කු උනා. ඒත් පාඩුවක් නෑ. ආව ගමන් කොයිල් උනා. කමෙන්ට්ස් කියවද්දි ආයෙත් ට්‍රැක් එකට වැටුනා.

    සුපිරියි මධාවියෝ....(නූතන ඇම්ඩා)

    ReplyDelete
    Replies
    1. හප්පේ ආවද? කොයිල් එකත් හොඬවැල වගේම නැතෑ....

      Delete
  15. හුකැස් ....පට්ට මදාවියෝ .
    කොයිද මේකා, ආයෙත් වෙදා හම්බ වෙන්න ගිහින් වගේ ..#ක පොඩ්ඩක් ලොකු කරගන්න ...හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බොට මං දාන්නෙ ලොවෙත් නැති නඩුවක්. ඕ යේස්... (අපහාසෙට)

      Delete
  16. හැක් හැක් හැක්...

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රාර්ථනා මෙතෙන්ට හොඳද බං විදානේ?
      මං කිව්වෙ මේක අැවිල්ලා මහ මදාවි සයිට් එකක්නේ.

      Delete
  17. කෝ මේ මදාවියා , මැරිලද ? අයියෝ මදාවියා මැරිලනම් අපි ඉඳලා මොකටද දෙයියනේ

    ReplyDelete
    Replies
    1. උඹ බය වුනා නේද? තාම ඉන්නවා බං. උම එන්නෑ කියපු දුකට ගඟට පනින්න ගියේ. අද සැඩ පාර වැඩී බං.

      Delete
    2. ෂික් උඹ මලේ නැද්ද එතකොට?

      Delete
    3. බොරුවට මැරිලා බලන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා.

      Delete
  18. හයියෝ රෝල්ස් කිවුවලු..

    ReplyDelete
    Replies
    1. ඔන්න පැටිස්වත් වුණානං රැලි පිටිං දැනෙන්න.

      Delete
  19. හොඩවැලට රෝල්ස් විතරමද දන්නේ නැ දාගන්න හිතුනේ :v ඔහොම තමා අලි පාට්ස් දැම්මම අලි වැඩ :v

    ReplyDelete
    Replies
    1. ඉවට අහු උන දේ නෙ.
      බාල පාට්ස් දැම්මම ....ට නිවනක් නෑ නේද?

      Delete
    2. මම දැක්කේ "ඉවාට" අහුවුණ දේ කියලා , එත් මම බැලුවේ මට කොහෙද රෝල්ස් අහුවුනේ කියලා

      Delete
    3. ඉවාට අහුවුණත් ඔච්චර තමා ඉතිං. ..... නිවනක් නෑ.

      Delete
  20. දැන් මනුස්ස පැටියන්ට විතරක් නෙමෙයි අලි පැටියන්ටත් ෂෝට්ඊට්ස් පිස්සුව ගහල නේ?
    මේ ඒක නෙමෙයි වැරදිලවත් දළ දෙකක් එහෙම ආවොත් මළකෙළියක් වෙනව...

    ReplyDelete
    Replies
    1. අන්න අලුත් අදහසක්!
      දළදෙකයි හොඬෙයි තුනම නැතිවෙන වැඩක් තමා වෙන්නෙ.

      Delete
  21. මේ ගොය්යන්ටත් හොඩවැලද දන්නෑ තිබ් බෙ

    http://www.dailymail.co.uk/news/article-2940869/X-rated-X-rays-Doctors-world-share-images-strangest-things-stuck-people-s-rears.html

    ReplyDelete