2015-02-07

ත්‍රී වීලර්



ගමනක් ගොස් රෑ බෝවී - යායුතු තැන වෙත යන්නට
වාහනයක් නැතිව කෙනෙක් - ලතවී උන්නා

ත්‍රී විලර් පාක් එකක් - තිබෙන බවට ලකුණු ඇතත්
තිබුණේ නෑ ඒ වෙනකොට - එකක්වත් එහේ


පැය කාලක් පමණ යද්දි - එක වීලරයක් ආවා
පාක් එකේ නැවතූ විට - එය වෙතට ගියා

තමන්ට යායුතු තැන ගැන - කී විට එය දනිමි කියා
රියදුරාද මේ මගියා - නංවා ගත්තා

පැයක් පමණ කරකැවිලා - ගමනාන්තෙ ලං වෙනවා
නොහිතපු ගාණකි රියදුරු - ඉල්ලා සිටියේ

රෑ තිස්සේ වාහන නැති - අවස්ථාවෙ වාසිය ගෙන
මගියා රවටා රියදුරු - ගාණ කපන්නේ

පසුදින ආපසු එද්දී - දැනගත් තොරතුරු මෙහෙමයි
අර රියදුරු අලි බොරුවකි - කරලා ඇත්තේ

හයර් එකේ දුර පොඩ්ඩයි - වටින් තමා ගිහින් ඇත්තෙ
ඒ මදිවට ගිණි ගානක් - අරගෙන තිබුණා

මගියා මේ සැම දෙයක්ම - හොඳින් මතක තබාගනී
හොඳම පාඩමක් දවසක - උගන්නමි කියා

ටික කලකින් ඒ ගමනම - යන්නට විය දහවලකදි
එදා ගියපු පාක් එකට - නැවත ඇදෙන්නේ

ඈත කොනේ තක්කඩියා - නවතං ඉන්නව දැක්කා
නොදැක්ක වගෙ අනික් කොනට - හෙමින්ම ඇදුනා

පළමු රථයෙ රියදුරාව - අමතාලා යායුතු තැන
කියා හයර් එක කීයද - විමසා බැලුවා

සාධාරණ ගාණකි ඔහු - ඉල්ලා සිටයේ එමවිට
මගියා තව අමතර ඉල්ලීමක් කෙරුවා

යන අතරේ මග නවතා - මුවේ රුවා ගන්න හැකිද
ඒකට මම තව අමතර - ගානක් දෙන්නම්

ඒ වදනින් කුපිතවෙලා - රියදුරු ඔහු එළවාගති
නිහඬව ඔහු ගමන්කලේ - දෙවැන්න වෙතටයි

ඒ රථයේ රියදුරුටත් - හයර් දෙකම ගැන කීවා
එවරත් ඔහු යන්තම් ගුටි නොකා බේරුනේ

මේ විලසින් පහක් හයක් - තැන්වල ඔහු විමසූවා
හැමතැනින්ම එළවාලා - දමනුද ලැබුවා

අවසන අර පරණ පොරට - හෙමින් හෙමින් කිට්ටු වෙලා
තැනට යන්න පමණක් ඔහු - ගණන විමසුවා

අමතර ඉල්ලීම් නොමැත - රියදුරු තැන කියපි ගාණ
ඒ ගාණට කැමති වෙලා - රථයට නැගුණා

මුලින් තිබුණු ත්‍රී වීලර් - පසුකරගෙන ඇදෙන කලට
මගියා ඒ සැමට මෙසේ - අතින් සන් කලා








40 comments:

  1. අම්මටසිරි!!!! මරුම මරු දඬුවම. අරූට ආයෙ ආත්මයක් නෑ ඉතින්. හැබැයි මට සැක... මෙහෙම වැඩක් කලොත් ඉතින් වෙන කවුරුවත් නෙවෙයි ඒ මධාවියාම තමයි අපේ!

    ReplyDelete
    Replies
    1. ඒත් එයාට දෙන්න ටූත් බ්‍රෂ් එකක් නෑනෙ.

      Delete
    2. අර පහලින් ශනී කියනවා වගේ නියම ක්‍රමයක් කාව හරි චාටර් කරන්න. කූඹියා චාටර් කලාට හපන්.

      Delete
    3. ඇනෝ, කලින් දවසෙ රෑ දෙන්න තිබ්බා... මැදලා නිදාගන්න.

      Delete
  2. Replies
    1. ආයිත් අහලා. හැබැයි ආයි නඩු කියන්නයැ.

      Delete
  3. අම්මප යකෝ ... ඌත් මාරයි , උඹත් මාරයි

    ReplyDelete
  4. වෙන ත්‍රී වීලර් කාරයෙක්ගෙන් ගණන ඇහුවෙ නියම කුලිය කීයද කියල දැනගන්න විතරයි කියල මං හිතුවෙ කියවගෙන යද්දි. මෑන් මාර මීටර් කාරයෙක් තමයි.
    ඔය මෙතඩ් එක වෙන අවස්ථාවලදිත් පාවිච්චි කරන්න පුළුවන් නේද කාවහරි සවුත්තු කරල දාන්න ඕනිනම්.

    ReplyDelete
    Replies
    1. බොහොම වක්‍රාකාර ගැහිල්ලක්. ඉඳලා හමාරයි.

      Delete
  5. හිටපං මේකටත් අද රෑට කයියක් පද බඳින්නං

    ReplyDelete
    Replies
    1. මගේ වියාපාරෙට කෙලින්ටමයි තනන්නෙ :-)

      Delete
    2. හුටා... එහෙනං නිකා ඉන්නං

      Delete
    3. විහිලුවක්කත් තේරෙන්නෑනෙ. බඳු... බඳු...

      Delete
  6. කොර ඈ....................

    ජ ය

    ReplyDelete
  7. අන්න දෙනවනම් ගේම්.. ටූ තම්බ්ස් අප්.. හැක් හැක්..

    ReplyDelete
  8. ඊට පස්සේ ත්‍රී වීලර් කාරයෝ අරූට ඉන්න දුන්නද දන්නේ නෑ.. මොකෝ ඒඩ්ස් හැදෙන්නෙත් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම හයර් යන්න දෙන්න නෑ.
      (මාතා, අකුරකින් හරි අපේ කොමෙන්ටු වලට රිප්ලයි කොරපං බාාාංංංංංං)

      Delete
  9. අන්න ගේම.. තැපෑලෙන් ගහනව කියන්නෙ ඕවට තමා. එළ!

    ReplyDelete
    Replies
    1. දින තියලා ගහන්නේ..

      Delete
  10. අන්න එහෙම තමයි ඉන්න ඕන.. ආයේ ඉතින් ලොවෙත් නෑ..

    ReplyDelete
  11. යකෝ....පින්තුර වලින් කමෙන්ට් දෙන්න හද වූ .....
    පස්ට ................

    ReplyDelete
    Replies
    1. යකෝ ... ක්‍රමේ කියාදිය වූ...
      උඹ ඉන්නවා මදෑ කෙන්ජයියේ

      Delete
  12. නියම පාඩම තක්කඩියට
    මගියගෙ මීටරෙත් නරකම නෑ.ඒත් බං ඔය වීල්කාරයො කියන්නෙ සත්තු නේද
    උන් එක්ක ඔහොම එක්ස්පෙරිමන්ට් එකක් කරතැහැකිද බන්.නැවකට ගුටි කන වැඩක්නෙ කරල තියෙන්නෙ . වැඩේ පංකාදු පහයි.
    හැබැයි ඔය මගියො කියන්නෙත් මහ එපා කරපු ජාතිය.සිරිසඟබෝ රජ්ජුරුවන්ගෙ ඔළුවත් නැතිවුනේ මගියෙක් හින්දනෙ

    ReplyDelete
    Replies
    1. අතරින් පතර හොඳ එකෙක් දෙන්නෙක් හිටියට බහුතරය අන්තිම කාඩයි. මගියොත් ඉඳල හිටල දෙනව රිටර්න් එක.

      Delete
  13. නියමයි නියමායි. වෙලාවට ත්‍රීවීල් රස්සාව නතර කරේ

    ReplyDelete
  14. පරක්කුයි.....පරක්කුයි....හොඳටම පරක්කුයි....බොලා හෙට ලියන එකටම කොටන්නම්.
    ජය වේවා....
    (අර මගියටත් ජය වේවා....)

    ReplyDelete
    Replies
    1. කරදාසිය ලිපේ දාලද ආවේ?

      Delete
  15. අනේ මට තේරුනේ නෑ :/ මන් පොඩි වැඩි ද කොහෙද :D

    ReplyDelete
    Replies
    1. අනේ මෙන්න බබා... ආ සූප්පුව “මුවේ රුවා“ ගන්න.

      Delete
  16. හැබැයි අර මුලින් අහපු සෙට් එක අතරේ රුවා ගන්න කෙනෙක් හිටියා නම් තමා සොරි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා හැබෑට... මටවත් හිතුන්නෑනෙ ඕක. නියම අදහස!

      Delete
  17. හි හි සුධික අයියා කියපු එක මාත් හිතුවේ,, හම්මේ අරූ පව් නේද බන් :3

    ReplyDelete
    Replies
    1. හම්මේ දැක්ක කල්. මං හිතුවෙ ප්‍රතිමිසයිල පද්ධතිය බිඳවැටිලා කියලා.

      Delete
  18. අනේ අම්මපා අපට මතක් වෙන්නේ නැහැනේ මෙහෙම අයිඩියා.

    ReplyDelete
  19. සුපිරි මාධයෝ...

    ReplyDelete