2014-12-09

5000


පසුවූ වප් මහේ විසිහත් වන දිනයේ
නෑඹුල් අඩවියක් විලසින් කවි රසයේ
සැමදේ පැදියෙන්ම ගෙතිලා පද බැඳියේ
සු‘පැතුම් සමග ඉපදුනු මධුමාධවියේ



සොලොසක් ලියැවුණේ කව් රස බෙදමින්නේ
සතලිස් තුනකි අද වන විට දින ගැණුනේ
පන් දහසක්ය ආ ගිය අය ගැණ තිබුණේ
ඒ උස පනින්නට හැකියැයි නෑ සිතුනේ


මේ නිදහස් අහස ඉගිලෙන්නට සිතුන
පළමු දිනේ තටු වියලී නොම තිබුන
තැතිගත් සිත නොමැත අද නිබඳව ලියන
මධුමාධවී දිරිගැන්විය ඔබෙ වචන


මා සුරතින් ලියූ එකමෙක පැදි පෙළක
දැඩිබව නිසා එය ගෙන තැබුවෙමි පසෙක
ඔබ ලිව් සියල්ලද නොමැකී ඇත නිසැක
යා යුතු නොවෙද සුරැකිව කිසියම් දුරක


හද රිදවනා සංවේදන ලියවුනිය
වදින තැනට උපහාසද ගැලපුනිය
ඊටත් වඩා හස රසයම මතුවුනිය
ඔබ සැම හිනස්සා මාධවි හිනැහුනිය


අද මෙන් හෙටත් එන ඔබ සැම පිළිගනිමී
වරදක් පෙන්නුවොත් නිවැරදි කරගනිමී
ඔබ හිනැහෙනු සිතින් දකිමින් සතුටුවෙමී
ඔබට සතුට දෙන්නට මම කැපවුනෙමී


පැදියක් එළිදකින සැනෙකින් මෙහි පැමිණ
අදහස් කියා හොඳ නරකද පහදවන
රසික ඔබ සැමට එන යන මුණගැසෙන
මධුමාධවී ණයවී ඇත නිම නොවන

කවියෙහි මිහිර ලොව කොතැනත් අසමානයි
සිතුවමකින් වචන දහසක් කියැවේමයි
මේ පන්දහස මට රන්මසු පන්දහසයි
මධුමාධවිය වෙත ඔබ දුන් සහතිකයයි


45 comments:

  1. පන්දාහෙන් මදාවියා ඉවරද?? ඈ..

    ඔය පන්දාහේ සැලිබෙරෙසන් පටන් ගත්තේ විභීසනයා තමා.. ජය...

    ReplyDelete
    Replies
    1. යනෙන තැන හැක් ගානා
      විවිධ දේශන තබනා
      අදත් මුල් තැන ගෙනා
      බලන් දේශක සබේ වඩිනා.....ආ.....ආ.........

      (ඉස්සර හැමදාම මධුමාධවී ඉවර වුනේ ඕක කියලා තමා)

      Delete
    2. @ දේශ්
      ======

      ඒ කියන්නේ බන් මම ද මෙච්චර කාලෙකට 5000 පාටියක් දාපු මුල්ම එකා...

      යකෝ

      පුදුම සන්තොසයක්නේ බන් දැනෙන්නේ...

      Delete
    3. ඇත්තටම දෙයියා, අලුත උපන්නෙකුට පන්දාහත් මහමෙරක් බව කියාදුන්නෙ ඔබ. නැවතත් ස්තුතියි!

      Delete
  2. 5000ක් කෙටිකලකින්. එදත් කිව්ව වගේ මේක බොහොම ලොකු විජයග්‍රහණයක් කෙටි කලකින් ලබපු. ඒ ගැන තියෙන්නෙ අප්‍රමාණ සතුට්ක් මාධවියේ. මේ පන්දහස ලක්ෂ පහක් වන දිනය නුදුරේම උදාවෙන්න කියල පතනව හද පත්ලෙන්ම.

    ඔබ අපට වෙනස් රසයක් ලබල දුන්නා. ඒකාකාරීත්වයෙන් අපිව මුදව ගත්තා. අපිට වින්දනයක් ලබල දුන්න. ඒ පිළිබඳ අපි මාධවීට ණයගැතියි.

    ඉදිරියටම යන්න සුබපතනවා. ජයෙන් ජයම වේවා!!!


    ප.ලි :\\මධුමාධවී අද මෙතනින් අවසානයි//

    මෙන්න මේ කිව්ව දේ ගැන පොඩි කුකුසක් තියෙනවා. ඒකෙන් වැරදි වැටහීමක් ලැබෙනවා. ඒක වැරදි වැටහීමක්ම වේවා කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ගෙන එයි සොඳුරු ගී වැල්
      සමග පසුබිම් මනකල්
      රසවිඳින කවි වැල්
      සදා මා හා සිටින සඳුමල්.......ආ.....ආ.....

      (හැදුව..හැදුව...මටත් හිතුන ඕක වෙයිද කියල. ඉස්සර මධුමාධවී කාව්‍ය සංග්‍රහය ඉවර වෙන්නෙ ඔහොම නිසා දැම්මෙ. ඇත්තටම මමයි ණය මනෝෂ්, මොකද මුල ඉඳලම හොඳ රසික කැලක් ලැබීමත් ඔබ සියලුදෙනා තාම මා සමග සිටීමත් නිසා. ඔබසැම පිනවීමට දිගටම ලියන්න හැකිවීම තුලින් ඒ ණය ගෙවිය හැකි වේවි මගෙ හිතේ. ස්තුතියි!!!

      Delete
  3. සුබ පැතුම්!
    මධුමාධවී කියන්නේ සරස්වතීට නේද?
    මාත් ඉස්සර කවි ලිව්වා. මෙන්න එකක්.

    නොම ලියවුනත් කවි කෙදිනක දිවිය පුරා
    කවි රස විඳුම කළ හැක සිත සතුට දරා
    ලක්‍ෂ්මී වැජඹෙතොත් නිවසේ කිරුළ අරා
    කුමටද සරස්වති නාමෙන් කවිය මරා?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොව පෙරගමන් යන
      කතන්දර දැන් රසික නම් වන
      අප වෙතට සපැමිණ
      දුන් ගරුත්වය වැනිය සිලුමිණ

      (විවිධ මත තිබෙනවා. මාධවගේ භාර්යාව නොහොත් ලක්ෂ්මි ලෙසත් ඉන්දියානු සාහිත්‍යයේ කියැවෙනවා. කොහොම වුණත්,
      ඉතාම සාදරයෙන් පිළිගන්නවා රසික. ඔබේ කතන්දර බ්ලොගයේ පැරණිම රසිකයෙක් මම. හැබැයි කවදාවත් කමෙන්ට් කරලා නෑ, කියවීමෙන්ම පමණක් සෑහුණා. මෑතක සිට අලුත් බ්ලොගයට කමෙන්ට් කරන්න ගත්තා. ඉතින් ඔබේ මේ පැමිණීම මට කල ගෞරවයක් බව නැවතත් කියනවා.) ස්තුතියි!!!

      Delete
  4. කෑවත් දිව බොජුන් මී පැණියෙන් ඔතලා
    උන්නත් හිනාවෙන් රස මුසු බස් තෙපලා
    පොල් සම්බලයි කරවල බැදුමයි හදලා
    කවනව වගේ නෑ ලඟ ඉඳගෙන අනලා

    පන්දහසක් සෙනග පිරිවර ලැබ ආලේ
    අද දින මල්වරය ලද කවි මධු මල් මාලේ
    මාධවි මදාවී නැති තැන නෑ ලීලේ
    හැමදා දිනේවා උඹෙ කවි 'සම්බෝලෙ'

    ReplyDelete
    Replies
    1. නෙක නෙක වනින් තරු හෝටල් වල තිබෙන
      රස මසවුලෙන් දිව මිස සිත නොම පිරෙන
      සම්බෝලයේ රස දත් නොව අඩමාන
      පිළිගමි තුති පුදා සුමිතුරු කල්‍යාණ

      (ඔබේ මේ කවි ටිකත් සම්බෝලෙට කිරිහොද්ද වගේ නියමෙටම යනවා. ඉස්සර මුහුදෙම ඉන්න කාලෙ කොහොමට කවි ලියන්න ඇත්ද. ඔබ දැන් කවි ලියනවා අඩුයි.) ස්තුතියි!!!

      Delete
    2. සවිබල නැතිව ගිය ගත මුහුදට දියව
      දිවි දියඹට වැටී පාවෙයි සිහි සුන්ව
      සොළොස් 'කලා හිත' සැඩ පහරට හසුව
      ගිය පසු කොහෙද පෙර සතුටක් කවි ලියුව... :(

      Delete
    3. සිතිවිලි සන්තානෙ නිදිගත් කවි සිතට
      කොනහා අවදිකර මතුකරගෙන උඩට
      ගත සවි නැතත් සිත සවි නැති වෙද කුමට
      සැඩපහරින්ද යම් යම් දේ වේ සුමට

      Delete
  5. මදාවියෝ 5000 ට උණුසුම් සුභ පැතුම් ......

    අපි සවුදිය පුරමූ
    මුව විට පුරවා මී විත ගෙන සුරතින්
    අපි සවුදිය පුරමූ....

    දෙතොලේ තෙරපී
    පුපුරන සුදු පෙණ බුබුලක් සේ
    තැවුල් නිවී සිත සුවපත් වේ....

    බැඳි වෙස් ගැලවී
    හදවත දසැඟිලි අතර රැඳේ
    කිරි බැබලෙන සොමි සඳපානේ

    නෑදෑයින් වී
    එක නිදි පැදුරේ එකම පැලේ
    නැතිවෙමු දෙපැයක් ගන අඳුරේ

    ගී පද -මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව සහ ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ගී පද මිටි පිටින් පුරවාලා ඇත්තේ
      ඇවිසි තැනට නිසි ගී ලියවී ඇත්තේ
      පියඹා අවුත් වසනා සැනෙකින් අත්තේ
      සින්දූ නාවොතින් පාලුයි මේ පැත්තේ

      (ස්තුතියි සුබ පැතුමට සින්දූර්... උඹේ සින්දුවක් නාවානං ඉතිං මේ පැත්ත පාලුම පාලුයි. දැන් සම්බෝල, කිරිහොදි, එක්ක මිරිස් මාලු හොදිත් තියෙනවා වගේ :ඩී)

      Delete
    2. රන් මීවිත පුරවා සුරතේ හොවා
      සිරිකත සවුදිය පිරුමට ආ නියා
      'මධූ' තෙපුල් සර හඬවා
      හදේ තැවුල් පිස දැමුවේ... ඔබයි ලඳේ...

      තිසරුන් පිරී- වන විල් සැළී
      පැවසූ හැඟුම් ආදරේ...//
      සිසිලේ වෙළී- පවනේ ඇඳී
      පනමෙන් බැඳී- මා හා රැඳේ

      කඳුලේ වෙලී- අඳුරේ ගැලී
      කැළඹූ පැතුම් සාගරේ...//
      සඳකැන් රිදී- තෙරපී රැඳී
      පැන යා නොහී- වැතිරී හිඳී

      - මර්වින් පෙරේරා ගෙන් 5000හේ සාදයට

      Delete
    3. (සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
      ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා)//
      සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
      සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපන්නේ

      Delete
    4. අඩවන් දෑසින් පවසනු රහසින්
      ජීවිතයේ රස මේ යැයි විගසින්

      පමා වෙවී හිඳිනට නැත වේලා
      කාලය ඉගිලී යයි ඉගිලී යයි …
      සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
      මීවිත උතුරා යයි උතුරා

      අඩවන් දෑසින් පවසනු රහසින්
      ජීවිතයේ රස මේ යැයි විගසින් …

      අවුල් දුහුල් වල සිහිල් පහස වැද
      රඟනා රංගන නොනවත්වනු මැන
      ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
      රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
      රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
      හෙට දින එය මිය යයි මිය යයි

      අඩවන් දෑසින් පවසනු රහසින්
      ජීවිතයේ රස මේ යැයි විගසින්

      ගායනය: වික්ටර් රත්නායක
      ගී පද : මහගම සේකර
      ගී තනුව: සෝමදාස ඇල්විටිගල

      Delete
    5. සෙලිබ්‍රේෂන් එක දවසෙම පරදින්න වෙන එකයි මට දුක. හරි හරි මං පරාදයි.

      Delete
  6. කවි ලියන්න මනාප නැතත් මධුමාධවීගෙ කවි කියවන්න අපිත් එනව. සුභපැතුම් අපෙන්.

    ReplyDelete
    Replies
    1. ලියන්න අකමැති කියන්නෙ නුඹේ සිතයි
      ඒ වුනාට ඉඳල හිටල කවිත් ලියයි
      ගිය පාරත් ලීව කවිය බොහොම රහයි
      හැමදේ ගැන කෙලෙසක හෝ රාජ් ලියයි

      (මේ වෙලාවෙ එන අය කවි වලින් පිළිගත්තට, මේවා මේ එහෙන් මෙහෙන් කලබලේට ලියලා දාන්නෙ රාජ්. ඒ නිසා වැරදි ඇතොත් සමාවෙන්න. ඇත්තටම ඔබ ගියවර ලියූ කවි පෙල හරි අපූරුයි. ආයි මරන්න අයියා ආයි මරන්න)
      සුබපැතුමට ස්තූතියි!!!

      Delete
  7. We need poets like you who can touch the bottom of the heart of the people.
    (e kiyanne bokkatama vadina vidihata liyana aya...)
    So continue writing... we are waiting to read them all...
    best wishes my friend.... keep on writing......

    ReplyDelete
    Replies
    1. Poems penetrates the mind rather than prose. However, the arena is not secured to reveal all thoughts. I'll do my best.
      Thanks for everything!

      Delete
    2. I like to write comments in sinhala. But I don't know how to do it. Can you just help me or show me from where I can get help?
      Thanks

      Delete
    3. Just download from the Internet.

      Delete
    4. I wanted to say Just download Sinhala Tamil IME from the Internet.

      Delete
  8. බොහොම සතුටුයි. . සුබ පැතුම් .

    ReplyDelete
    Replies
    1. රටරටවල ඇවිද ගොසින් - ඇසු දුටු දෑ ලියාලමින්
      මෙහි ආ එක ගැන සතුටුයි - මිතුර ඔබද කොළඹගමින්

      ස්තුතියි සහෝ! මමත් මේ දිනවල විවේක හැටියට ඔබේ පැරණි ලිපි කියවනවා. ඒවා ඉතා වටිනවා.

      Delete
    2. ඒකටත් හොඳ කවියකින් උත්තර දීල. හික් හී ඒ දවස්වල ලියපු නිසඳැසක් තියනවා. දාන්න ඕනේ මගේ බ්ලොගයේ.

      Delete
    3. දා...දා... මොනාද ආයි...

      Delete
  9. එයි..මධු වෝ...

    Congratulations....

    මෙච්චර කෙටි කාලෙකින් 5000 කණුවට ආව කියන්නේ ඉතින් උඹේ හැකියාව එළකිරි කියන එක තමයි..

    --------
    ඉක්මනටම ඔය 5 ට එහා පැත්තේ තියෙන බින්දු ගැන තව වැඩිවෙන්න කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරමි..


    සුබම සුබ සුබ පැතුම්....
    -------------

    උදේම දැක්ක උඹේ පොස්ටුව. එත් කොමෙන්ටුවක් කොටා ගන්න බැරුව හිටියේ මොකද මම උන්නේ ඔපීසියේ හින්ද...

    දැන් මේ ගෙදර ඇවිත් චෑන්ස් එක ආපු ගමන් තමයි මේක කෙටුවේ...

    ReplyDelete
    Replies
    1. දෙවියන්ද සපැමිණෙන - මේ ඉමට ආසිරි රැගෙන
      පුද පඬුරු සමගින - තුති පුදම් සුබ පැතුම් පිළිගෙන

      ස්තුතියි දෙයියා! කමක් නෑ ප්‍රමාද වෙලා හරි එන බව දන්නවා.

      Delete
  10. අර මොකද්ද බං අර සිංදුව

    අහ්
    සබද අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගගකට වැටෙන

    5000 අගට තව බිංදු තුනක් වත් ඉක්මණටම එක් කර ගන්න හැකියාව ලැබේබා
    ආ ගමන තුර දැනුන වෙහෙසින් අකම්පිතව ඉදිරියටම යන්නට ලැබේබා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අවන්හලේ නුඹ සිටිනා ඉසව්වේ
      අපිත් ඇවිත් කැරකෙනවලු නිදැල්ලේ
      හැමදාමත් මෙහෙටත් එන එකානේ
      මහේෂයා මටනම් වාසනා වේ

      ස්තුතියි මහේෂ්!!! දැන් ලියනවා අඩුයි ලමයා....

      Delete
  11. පාටිය පටන් අරන්...

    බ්ලොග් ලියන මාතෘකා මම කැමති අනුපිළිවෙලට හැදුව නම් කවි එන්නෙ අන්තිමට.. කවි ගැන ඇත්තටම උනන්දුවක් තිබ්බෙම නැති තරම්. ඒත් දැන් මධුමාධවී හින්ද කවිත් ටික ටික ලිස්ට් එකේ උඩට එන්න පටන් අරන්.. සරල බස් වහර, සාම්ප්‍රදායික තත්ත්වයෙන් එහාට ගිය ශෛලිය, උපහාසය වගේම ගහන්න ඕන තැනට හීනියට ගහන විදිහ නිසා අවංකවම ඔබේ හැම නිර්මාණයක්ම රසවිඳිනවා.

    දවස් හතළිස් තුනෙන් 5000 පන්නපු එකෙන්ම පේනවා බ්ලොග් ලෝකයේ මධුමාධවීගෙ සාර්ථකත්වය. සුභ පැතුම්! දවස් සීයක් වෙද්දී 20,000ක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. විශ්වයෙ සැම තැන දුවපැන ඇවිදින
      අෂානයත් ඇවිදින්
      දෙන දිරි මැද්දෙන් පෙරටම යන්නට
      මුලු ශක්තිය යොදවම්...

      ස්තුතියි අෂාන්!!! අපිව අමුතුම ලෝකෙකට ගෙනියන්නනම් ඉතින් ඔබම තමා.

      Delete
  12. කවි ලියන බ්ලොග් එකක් මෙතරම් ඉක්මනට මේ කඩඉම පහු කලේ මුල් වතාවට මම හිතන්නේ. ඒකට ප්‍රධානම හේතුව, රසවත් හරවත් දේ ඔබේ නිර්මාණ තුල ගැබ්ව තිබීම. රස කවි වගේම, උපහාස වගේම, කාළීණ ප්‍රශ්ණ හා මාතෘකා ඔබේ නිර්මාණ තුල අන්තර්ගත කර ගතහොත් දිගු ගමනක් නිතැතින්ම හිමියි. දිගු ගමනකට සුපැතුම්.. කවියක් ගලපා ගන්න වෙලාව මදි ඒත් කෙටියෙන් හෝ යමක් ලිවිය යුතුමයි..

    මධුමාධවී
    ලියයි රස කවි
    රැකදි සියළු දෙවි
    ජයවේ ඔබ ගමන දිවි

    ReplyDelete
    Replies
    1. නවකයනට නිලොබින් අත දෙන නිබඳ
      රලු ගති ඇතත් ඔබ නම් ඇදුරෙකිය සොඳ
      එක වැකියකින් දහසක් දේ කියන සඳ
      ඒවා කොහෙන් ඒ දැයි සිතනෙමි සබඳ

      නවකයින්ට දෙන ප්‍රචාරයට, වෙහෙසගෙන සින්ඩි පවත්වාගෙන යමින් සිංහල බ්ලොග් ලෝකය රැකගන්නට හා දියුණුකරන්නට යොදන වෑයමට මාගේ ගෞරවය මුසු ආචාරය, අද දිනත්. ස්තුතියි සුබ පැතුමට!!!

      Delete
  13. එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. //එක වැකියකින් දහසක් දේ කියන සඳ//
      ඒකම කොපි කරමි!

      Delete
    2. තිසර පටින් නොවැ ලොව ජයගත්තේ
      මෙන්ඩා හැමවිට මුල්තැන ගත්තේ
      එනමුත් තාමත් බ්ලොගයක් නැත්තේ
      පටන් ගත්තොතින් නරකද මුත්තේ

      Delete
  14. Replies
    1. ස්තූති වේවා..............!

      Delete