2014-12-27
අති විශිෂ්ඨයි සර්...
නාවික සෙබලුන් කැලකිය - පුහුණුව ආධුනික සැමට
ඈත දියඹෙ නැවකයි - මේ සිද්දිය වූයේ
එක දවසක් හිමිදිරියේ - හතරට වෙන්නැති යන්තම්
සීතල හිරිගඩු පිපෙද්දි - අණකුත් ලැබුණා
"තොපි සේරම අවදිවෙලා - සියලු ඇඳුම් උණාතබා
නැව් තට්ටුව උඩට ඇවිත් - පෝලිමෙ හිටගව්"
ආධුනිකයො කවදාවත් - අත් නොවින්ද මේ සිහිනේ
විඳින්න සීරුවෙන් සැදී - පෝලිමෙ සිටියා
එකෙකුට අනෙකා නොගැවී - මුහුද මැද්දෙ නැව් තට්ටුවෙ
කිටි කිටි සීතල විඳගෙන - නීතිය රැක්කා
යෂ්ඨිය ගත් සැරයන් තැන - ගාම්භීර විලාශයෙන්
පෝලිම එක් පසකින් සිය - ගමන ඇරඹුවා
හිටි අඩියේ සෙබලෙක්ගේ - පසුපස පුපුරා යන ලෙස
යෂ්ඨි පහර දීලා මරු - පැනයකි ඇසුවේ
මහත් රලු හඬින් ගුගුරා - "රිදුනද" යයි විමසන්නේ
නෙතට කඳුලු ඉනුවත් - ඉවසන්නයි වෙන්නේ
කෙතරම් රිදුනත් පහරින් - සෙබලුන් සැම විටම දුන්නෙ
"නෑ...තුමනී රිදුනේ නෑ" - කියන පිළිතුරයි
"මොකද එහෙම රිදෙන්නැත්තෙ?" - සැරයන් තැන සැර වූවා
සැම සෙබලම දුන්නෙ එවිට - එකම පිළිතුරයි
"රාජකීය හමුදාවේ - නැවියෙකි මම සාඩම්බර
රිදෙනවාය කියා දෙයක් - අපහට නැත්තේ"
සෙබලුන්ගේ වදන් අසා - යටි සිත සතුටකින් පිනා
සැරයන් තැන තවදුරටත් - පරික්ෂා කලා
මෙහෙම ටිකක් දුර යනකොට - එකෙක්ගෙ යම් අවයවයක්
නුසුදුසු ලෙස පිබිදීලා - ඇති බව දුටුවා
මේක දැකල සැරයන් තැන - යෂ්ඨි පාර දීපි එයට
ඒ මදිවට ඇහුවලු තව - "රිදුනද" කියලා
මරු නිලයට දුන්නු පහර - වැදිලත් "නෑ, රිදුනේ නෑ"
සෙබලා කී යෙන් සැරයන් - "ඒ ඇයි?" ඇසුවා
ගුටිකෑ පොර පස්සෙන් සිටි - එකාව පෙන්නලා කියපි
"මගේ නෙමෙයි තුමනි, ඒක - මුගේ" ය කියලා
Subscribe to:
Post Comments (Atom)
අති විශිෂ්ටයි!
ReplyDeleteඔය වගේ කතාවක් තියනවා හමුදාවේ රෙජිමේන්තු දෙකක් සම්බන්ධ කරලා කියන. නමුත් ඒ රෙජිමේන්තුවල නම් කියන්න බැරි නිසා ඒ කතාව මෙතන ලියන්න බැහැ.
විචාරක තුමා දැකීමට ලැබීම සතුටක්.. අලුත් අවුරුද්දේ සියළු දුක් කරදර වලින් බැහැරව සුවපත්ව ගෙවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
Delete@විචාරක, පළමුවෙන්ම ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා අපේ කයි අඩවියට. නම් ඕන්නෑ කතාව දාන්නකො. අපිට රසවත් නිර්මාණ කරන්න බොහොයමක් වස්තු බීජ සපයන්න හැකිවේවි ඔබතුමාට.
Delete@කළණ, ඇස් අමාරුව හොඳ වෙලා ඉස්සෙල්ලම දැක්ක පින්තූරෙ තමා ටොප්.
Deleteඇස් පියන් ඉන්නකං හිතේ තිබ්බ දේවල් තමයි ඔය.. හැක් හැක්..
Deleteඊ ළඟ යෂ්ඨි පාර අපි දෙන්නට...
Deleteවිචාරක තුමනි..මධුට දෙන්න කතාව එයා ලියයි
Deleteආයි අහල.
Deleteඅති විශිෂ්ඨයි! අම්මෝ.. ඔය අපි හිටපු නැවක් නම් නොවෙයි..හැක් හැක්..
ReplyDeleteඔය කිව්වට කව්ද දන්නෙ...?
Deleteඇත්තටම උනත් කියයි අපිනම් ඔය වගේ ඒව.. බලාගෙන හිටපන්..
Deleteනැවියා ඒ අවිහින්සක සිටියදි නැවිලා
Deleteඇරියා අර කල්‍යානය වටපිට නොබලා
කෙලියා විය තාප්පයට තුමනී දැකලා
සොරියා විය රස්සාවට හිටගෙන කොරලා
@කළණ,
Deleteහආ...හආ...
@ඉන්දික,
Deleteඔය කියන්නෙ කළණගෙ පැටිකිරිය.
හැබෑටම ඔය රට රස්සාව දාලා ඇවිත් අපි එක්ක කයි ලියමුකො.
හප්පේ හොදි ඕනනෑ. භීෂණ කාලෙ තිබුනලු දඬුවම් ක්‍රමයක් මල් තැලිල්ල කියල. ඒකත් මේවගේ
ReplyDeleteඒ කාලෙ ඉතිං තැලිලිමනෙ තිබුණෙ රාජ්.
Deleteමම හිතුවේ වෙන එකක්..
ReplyDeleteඅනේ ඒකත් කියන්නකො අගේ නොකර.
DeleteThis comment has been removed by the author.
Deleteකොහොමත් මාතාට හිතෙන්නේ වෙන වෙන ඒවා තමා...................... හැක්
Deleteමාතලන්ට ලෙමන් පෆ් මතක් වෙන්න ඇති.
Deleteපිටිපස්සෙන් හිටියෙ මදාවියද කල්‍යාණ මිත්තරයද කියපල්ලා බලන්න.
ReplyDeleteනෑ නෑ හැලප අයියා
Deleteසීතල අැතිනේ................. මයිල් හිටං කෙලින් වෙන ඒක ඔය පොඩි දෙයක් කෙලින් වුණාම මක්කැයි................................
ReplyDeleteහීතලනං කොහොමත් කොයිවත් පොඩි ඇති නේ?
Deleteයකෝ කනට ගැහුවා වගේ....................... මාධවී.............. මාධවී............ අනේ මන්දා අෆ්ෆා
Deleteසොලි සොලි ඉතිං
Deleteපිටිපස්සේ හිටපු එකාට ඊරිසියාවක් ආවද දන්නේ නෑ.....
ReplyDeleteනෑ...ඉස්සරහ හිටිය එකා හෙන ෆෙමිනයින් ඇති.
Deleteමදාවියෝ උබේ කයි කියෝල අපිත් පිබිදිලා බන්.කයි සේරම කියෙව්ව. හෙහෙ හෙහෙ
ReplyDeleteආයුබොවන් කොන්සවේටිව්!
Deleteබලාගෙන පිබිදෙන්නෙ. සාජන් ළඟ ඇති.
මාධවී............................
Deleteඔය මධ්‍යස්ථ කතාව දාගන්න කලියෙං ඔ්කාගේ නම යකා.............. අදටත් ඒ යකා ගති ගිහින් නැහැ...... නම වෙනස් වෙලා විතරයි. .. බොරුනම් ගිහිං බලන්න බ්ලොගයේ නම යකාගේ අඩවිය
http://yakaageadaviya.blogspot.com/
ඔව්වොව්, //තැපැල් ඡන්දය දීමට පෙර හා ඇතිවූ පසුතැවිලි// ලියලා තිබුණෙ.
Deleteහනේ මන්දා, ඔබට '' මාධවී " වෙනුවට " මදාවියා " කියන ආමන්ත්‍රණය මුලින්ම කරේ කවුරු උනත් ඔහු නිවැරදියි වගේ ..... :D :D
ReplyDeleteවිහිළුවට වගේ එහෙම කිව්වේ, කවි ටික රසයි ...!
පහුගිය දොහේ කොයි ගියේ?
Deleteමාධවී තමා පටන්ගන්නකොට ලිව්වෙ. මදාවි තමයි දැන් වැඩිපුර ලියන්නෙ.
සමීපතමයෙකුගේ වියෝව නිසා මාසයකටත් වැඩිය සයිබර් ලෝකෙන් ඈත් වෙලා හිටියේ ..
Deleteදැන් කොහොමත් වැඩිපුරම වෙන්නෙත් මදාවි වැඩ නොවැ ... නේ ?
කණගාටුයි!!! සමාවෙන්න.
Deleteඅැත්තට ම සදරු කාලයක් අපේ පැත්තෙත් අාවේ නැති කොට අපිත් බැලුවා අැයි කියලා...... අැත්තට ම සදරු වගේ නිතර දකින නමක් කාලයක් නැතුව ගියාම ටිකක් අවුල්....... මුල් කාලේ හිටපු කිහිපයක් ම දෙනා දැනටත් බ්ලොග් පැත්තට ඒන්නැති ඒකත් මාර දුකක්.... ඒක මේ බ්ලොග් ලෝකයේ හැටි.. ටික දවසක් ලියලා අාගිය අතක් නැතුව යනවා........ ඉතින් සදරුවෝ දිගට ම හිටිං කියා අාරාධනා කරනවා............
Deleteහිස් අහස ආවා. ආයි ගිහින්.
Deleteමුන්දැනම් ලියන්නෑ. කමෙන්ට් වත් දානවා.
මනෝෂ් දෙකම නෑ.
එල ද බ්‍රා..
ReplyDeleteමම මේ කතා උදේට අපේ ටි ටෙබල් එකේ අත අරිනවා උඔට පින් සිද්ද වෙන්න අපි වැඩ පටන් ගන්න් බඩ කොර වෙන්න හිනා වෙලා..
මනෝෂ් මට රට කඡු කතාවක මේල් එකක් දාලා තිබුනා..එල කියන්නේ අපේ ලේඩි Executive ලා දෙන්නා තවම මම දැක්කාම හිනා වේවි යනවා.
කවියෙන්ම අතඅරින්න බලන්න.
Deleteමනෝෂයගෙ එක ලියන්නයි ඉන්නේ.
ඔබෙ සතුට මගෙ සැපතයි.
හමුදාවලට නොගිය එකෙන් හොඳට ගියා . අප්පේ ...
ReplyDeleteනාවික හමුදාවට...
Deleteයකෝ පිටිපස්සේ එකාවත් කෑ ගැහුවේ නෑනෙ!!!!!!!!
ReplyDelete