2014-12-27

අති විශිෂ්ඨයි සර්...


නාවික සෙබලුන් කැලකිය - පුහුණුව ආධුනික සැමට
ඈත දියඹෙ නැවකයි - මේ සිද්දිය වූයේ

එක දවසක් හිමිදිරියේ - හතරට වෙන්නැති යන්තම්
සීතල හිරිගඩු පිපෙද්දි - අණකුත් ලැබුණා

"තොපි සේරම අවදිවෙලා - සියලු ඇඳුම් උණාතබා
නැව් තට්ටුව උඩට ඇවිත් - පෝලිමෙ හිටගව්"


ආධුනිකයො කවදාවත් - අත් නොවින්ද මේ සිහිනේ
විඳින්න සීරුවෙන් සැදී - පෝලිමෙ සිටියා

එකෙකුට අනෙකා නොගැවී - මුහුද මැද්දෙ නැව් තට්ටුවෙ
කිටි කිටි සීතල විඳගෙන - නීතිය රැක්කා

යෂ්ඨිය ගත් සැරයන් තැන - ගාම්භීර විලාශයෙන්
පෝලිම එක් පසකින් සිය - ගමන ඇරඹුවා

හිටි අඩියේ සෙබලෙක්ගේ - පසුපස පුපුරා යන ලෙස
යෂ්ඨි පහර දීලා මරු - පැනයකි ඇසුවේ

මහත් රලු හඬින් ගුගුරා - "රිදුනද" යයි විමසන්නේ
නෙතට කඳුලු ඉනුවත් - ඉවසන්නයි වෙන්නේ

කෙතරම් රිදුනත් පහරින් - සෙබලුන් සැම විටම දුන්නෙ
"නෑ...තුමනී රිදුනේ නෑ" - කියන පිළිතුරයි

"මොකද එහෙම රිදෙන්නැත්තෙ?" - සැරයන් තැන සැර වූවා
සැම සෙබලම දුන්නෙ එවිට - එකම පිළිතුරයි

"රාජකීය හමුදාවේ - නැවියෙකි මම සාඩම්බර
රිදෙනවාය කියා දෙයක් - අපහට නැත්තේ"

සෙබලුන්ගේ වදන් අසා - යටි සිත සතුටකින් පිනා
සැරයන් තැන තවදුරටත් - පරික්ෂා කලා

මෙහෙම ටිකක් දුර යනකොට - එකෙක්ගෙ යම් අවයවයක්
නුසුදුසු ලෙස පිබිදීලා - ඇති බව දුටුවා

මේක දැකල සැරයන් තැන - යෂ්ඨි පාර දීපි එයට
ඒ මදිවට ඇහුවලු තව - "රිදුනද" කියලා

මරු නිලයට දුන්නු පහර - වැදිලත් "නෑ, රිදුනේ නෑ"
සෙබලා කී යෙන් සැරයන් - "ඒ ඇයි?" ඇසුවා

ගුටිකෑ පොර පස්සෙන් සිටි - එකාව පෙන්නලා කියපි
"මගේ නෙමෙයි තුමනි, ඒක - මුගේ" ය කියලා


44 comments:

  1. අති විශිෂ්ටයි!

    ඔය වගේ කතාවක් තියනවා හමුදාවේ රෙජිමේන්තු දෙකක් සම්බන්ධ කරලා කියන. නමුත් ඒ රෙජිමේන්තුවල නම් කියන්න බැරි නිසා ඒ කතාව මෙතන ලියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා දැකීමට ලැබීම සතුටක්.. අලුත් අවුරුද්දේ සියළු දුක් කරදර වලින් බැහැරව සුවපත්ව ගෙවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

      Delete
    2. @විචාරක, පළමුවෙන්ම ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා අපේ කයි අඩවියට. නම් ඕන්නෑ කතාව දාන්නකො. අපිට රසවත් නිර්මාණ කරන්න බොහොයමක් වස්තු බීජ සපයන්න හැකිවේවි ඔබතුමාට.

      Delete
    3. @කළණ, ඇස් අමාරුව හොඳ වෙලා ඉස්සෙල්ලම දැක්ක පින්තූරෙ තමා ටොප්.

      Delete
    4. ඇස් පියන් ඉන්නකං හිතේ තිබ්බ දේවල් තමයි ඔය.. හැක් හැක්..

      Delete
    5. ඊ ළඟ යෂ්ඨි පාර අපි දෙන්නට...

      Delete
    6. විචාරක තුමනි..මධුට දෙන්න කතාව එයා ලියයි

      Delete
  2. අති විශිෂ්ඨයි! අම්මෝ.. ඔය අපි හිටපු නැවක් නම් නොවෙයි..හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට කව්ද දන්නෙ...?

      Delete
    2. ඇත්තටම උනත් කියයි අපිනම් ඔය වගේ ඒව.. බලාගෙන හිටපන්..

      Delete
    3. නැවියා ඒ අවිහින්සක සිටියදි නැවිලා
      ඇරියා අර කල්‍යානය වටපිට නොබලා
      කෙලියා විය තාප්පයට තුමනී දැකලා
      සොරියා විය රස්සාවට හිටගෙන කොරලා

      Delete
    4. @කළණ,
      හආ...හආ...

      Delete
    5. @ඉන්දික,
      ඔය කියන්නෙ කළණගෙ පැටිකිරිය.
      හැබෑටම ඔය රට රස්සාව දාලා ඇවිත් අපි එක්ක කයි ලියමුකො.

      Delete
  3. හප්පේ හොදි ඕනනෑ. භීෂණ කාලෙ තිබුනලු දඬුවම් ක්‍රමයක් මල් තැලිල්ල කියල. ඒකත් මේවගේ

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඉතිං තැලිලිමනෙ තිබුණෙ රාජ්.

      Delete
  4. මම හිතුවේ වෙන එකක්..

    ReplyDelete
    Replies
    1. අනේ ඒකත් කියන්නකො අගේ නොකර.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කොහොමත් මාතාට හිතෙන්නේ වෙන වෙන ඒවා තමා...................... හැක්

      Delete
    4. මාතලන්ට ලෙමන් පෆ් මතක් වෙන්න ඇති.

      Delete
  5. පිටිපස්සෙන් හිටියෙ මදාවියද කල්‍යාණ මිත්තරයද කියපල්ලා බලන්න.

    ReplyDelete
  6. සීතල අැතිනේ................. මයිල් හිටං කෙලින් වෙන ඒක ඔය පොඩි දෙයක් කෙලින් වුණාම මක්කැයි................................

    ReplyDelete
    Replies
    1. හීතලනං කොහොමත් කොයිවත් පොඩි ඇති නේ?

      Delete
    2. යකෝ කනට ගැහුවා වගේ....................... මාධවී.............. මාධවී............ අනේ මන්දා අෆ්ෆා

      Delete
    3. සොලි සොලි ඉතිං

      Delete
  7. පිටිපස්සේ හිටපු එකාට ඊරිසියාවක් ආවද දන්නේ නෑ.....

    ReplyDelete
    Replies
    1. නෑ...ඉස්සරහ හිටිය එකා හෙන ෆෙමිනයින් ඇති.

      Delete
  8. මදාවියෝ උබේ කයි කියෝල අපිත් පිබිදිලා බන්.කයි සේරම කියෙව්ව. හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. ආයුබොවන් කොන්සවේටිව්!
      බලාගෙන පිබිදෙන්නෙ. සාජන් ළඟ ඇති.

      Delete
    2. මාධවී............................

      ඔය මධ්‍යස්ථ කතාව දාගන්න කලියෙං ඔ්කාගේ නම යකා.............. අදටත් ඒ යකා ගති ගිහින් නැහැ...... නම වෙනස් වෙලා විතරයි. .. බොරුනම් ගිහිං බලන්න බ්ලොගයේ නම යකාගේ අඩවිය

      http://yakaageadaviya.blogspot.com/

      Delete
    3. ඔව්වොව්, //තැපැල් ඡන්දය දීමට පෙර හා ඇතිවූ පසුතැවිලි// ලියලා තිබුණෙ.

      Delete
  9. හනේ මන්දා, ඔබට '' මාධවී " වෙනුවට " මදාවියා " කියන ආමන්ත්‍රණය මුලින්ම කරේ කවුරු උනත් ඔහු නිවැරදියි වගේ ..... :D :D

    විහිළුවට වගේ එහෙම කිව්වේ, කවි ටික රසයි ...!

    ReplyDelete
    Replies
    1. පහුගිය දොහේ කොයි ගියේ?
      මාධවී තමා පටන්ගන්නකොට ලිව්වෙ. මදාවි තමයි දැන් වැඩිපුර ලියන්නෙ.

      Delete
    2. සමීපතමයෙකුගේ වියෝව නිසා මාසයකටත් වැඩිය සයිබර් ලෝකෙන් ඈත් වෙලා හිටියේ ..

      දැන් කොහොමත් වැඩිපුරම වෙන්නෙත් මදාවි වැඩ නොවැ ... නේ ?

      Delete
    3. කණගාටුයි!!! සමාවෙන්න.

      Delete
    4. අැත්තට ම සදරු කාලයක් අපේ පැත්තෙත් අාවේ නැති කොට අපිත් බැලුවා අැයි කියලා...... අැත්තට ම සදරු වගේ නිතර දකින නමක් කාලයක් නැතුව ගියාම ටිකක් අවුල්....... මුල් කාලේ හිටපු කිහිපයක් ම දෙනා දැනටත් බ්ලොග් පැත්තට ඒන්නැති ඒකත් මාර දුකක්.... ඒක මේ බ්ලොග් ලෝකයේ හැටි.. ටික දවසක් ලියලා අාගිය අතක් නැතුව යනවා........ ඉතින් සදරුවෝ දිගට ම හිටිං කියා අාරාධනා කරනවා............

      Delete
    5. හිස් අහස ආවා. ආයි ගිහින්.
      මුන්දැනම් ලියන්නෑ. කමෙන්ට් වත් දානවා.
      මනෝෂ් දෙකම නෑ.

      Delete
  10. එල ද බ්‍රා..
    මම මේ කතා උදේට අපේ ටි ටෙබල් එකේ අත අරිනවා උඔට පින් සිද්ද වෙන්න අපි වැඩ පටන් ගන්න් බඩ කොර වෙන්න හිනා වෙලා..
    මනෝෂ් මට රට කඡු කතාවක මේල් එකක් දාලා තිබුනා..එල කියන්නේ අපේ ලේඩි Executive ලා දෙන්නා තවම මම දැක්කාම හිනා වේවි යනවා.

    ReplyDelete
    Replies
    1. කවියෙන්ම අතඅරින්න බලන්න.
      මනෝෂයගෙ එක ලියන්නයි ඉන්නේ.
      ඔබෙ සතුට මගෙ සැපතයි.

      Delete
  11. හමුදාවලට නොගිය එකෙන් හොඳට ගියා . අප්පේ ...

    ReplyDelete
  12. යකෝ පිටිපස්සේ එකාවත් කෑ ගැහුවේ නෑනෙ!!!!!!!!

    ReplyDelete