2014-12-30
මාත් කරන්නේ ඒකයි
නගරයෙ කෙළවර වෙන්නට - තිබුණා එක සාප්පුවක්
ඉලෙක්ට්‍රොනික් බඩු ඒකේ - පුරවා තිබුණා
දවසක් එක මහත්තයෙක් - ගියාලු මේ සාප්පුවට
සේවකයා සමග ඇවිද - බඩු මිල ඇසුවා
මේ ටී.වී. එක කීයද - මහත්තයා ඇහුව සැනින්
අයියෝ රුපියල් දාහයි - ගෝලය කිව්වා
පුදුමෙන් පුදුමයක් මේක - එතකොට මේ ශීතකරණෙ
කීයක් වෙනවද කියලා - ආයිත් ඇහුවා
ඒකත් රුපියල් දාහයි - අරං යන්න ඕනි දෙයක්
හැම එකක්ම ඒ මිලටයි - මම විකුණන්නේ
කොහෙද මේකෙ හිමිකරුවා - මෙහෙමත් බඩු විකුණනවද
බඩු මිල ගැන ඔහුගෙන් මම - අහල බලන්නම්
මේකෙ අයිතිකරු දැන් ඇත - අපේ ගෙදර රිංගලා
මගේ ගෑනි සමගයි ඔහු - ඉන්නව ඇත්තේ
දන්නවාද මේ වෙලාවෙ - ගෑනිට ඌ කරන වැඩේ
මාත් ඒකමයි කරන්නෙ - උගේ කඩේට...!
Subscribe to:
Post Comments (Atom)
උදේ පාන්දරම පට්ට....
ReplyDeleteහෙහ්... හිස් බඩටම
DeleteTag - මදාවි කවි :D :D :D
ReplyDelete................................................
ඒ ක්‍රමේ හොඳයි කියලා හිතෙන්නැති, ගහ මරාගෙන ඇති ඇති වැඩකුත් නැති හින්දා ....
කොහේන් පහළ වෙන අදහස්ද අප්ප මේ ?
ඒකත් හොඳ ටැග් එකක්. ටැග් 3 යි ඔක්කොම. සිරා, දේශපාලන, මදාවි. හරිම සිම්පල් ප්ලෑන් එකක් කඩේ ගෝලය කරනව වගේම.
Deleteමේව ඇවිල්ලා සඳරු, පරිවර්තන.
කඩ්ඩෙන් තියෙන් දේවල්, ඒ රස නොමරා අපේ දෙයක් කරන එක ලොකු අභියෝගයක් .. ඔබ එය සාර්ථකව සිදු කරන නිසාම ඔබ මේ අගය කිරීමට සුදුසුයි මාධවි ...
Deleteමුදලාලිය කඩේට ආවම හිතෙන්න ඇති හය්යෝ
ReplyDelete******* ගිහිං වෙච්ච වැඩක් කියල....
(සැර වැඩිද මංද)
ඒ සේවකයව දාන්න ඕන වසරේ විසිස්ටතම අදහල් ජනනය කිරීමේ සම්මානය ගන්ට.......
එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන්
සුභම සුභ නව වසරක් වේවා....
ජයෙන් ජයම වේවා
හොඳම අලෙවි සංකල්පයට.
Deleteමහේෂ්ටත් පවුලේ සැමටත් සියලු යස ඉසුරින් පිරි ප්‍රීතිමත් නව වසරක් වේවා!!!
එල ද බ්‍රා
ReplyDeleteඅද උදේ ටි ටෙබල් එකට රස කෑමක්.
උඔට තියෙන්නෙ මාර හැකියාවක් බං..ඇස්වහක් වදින්න එපා.
අපේ නිර්මාණ (කුණුහරුප) සමාජය තුල පතල කිරීම ගැන මෙන්ඩාට අප හද පත්ලෙන් නැගෙන මෙව්වා එක!
Deleteඑළ තමා! මේක අහල තිබුනෙම නෑ.
ReplyDeleteඑළ ද බ්‍රා.
Deleteපට්ට දෙයියනේ..! :D කොහෙන් එනවද මන්ද මෙව්ව.. :D
ReplyDeleteදෙයියො දුන්නු ඒව තමා ඉතිං
Deleteඅලුත්ම කතාවක්. පට්ටයි මදාවියෝ.
ReplyDeleteමාත් සිංහල අවකාශෙ තාම දැකලා නෑ අයියෙ මේ කතාව. කියන්න බෑ ඉතිං.
Deleteඅප්පේ මෙහෙම මදාවි කටක්
ReplyDeleteඅතක් අතක්
Deleteඋඹල දන්නවද ඔය සේවකය ඔය දාහ දාහ එකතු කරන්නේ ඇයි කියල.. හරි පුළුවන්නම් එකෙක් කියපල්ල බලන්න.. හැක් හැක්..
ReplyDeleteපළාත් සභාවෙ මහ ඇමති වෙන්න
Deleteඒ ගෙම්බන්පිල නෙ බං මේ ඊට වඩා ලොකු ප්ලෑන් එකක්.. උඹට ඒ ගැනත් කවියක් ලියන්න පුලුවන් වෙලාවක.. මූ හදන්නේ හන්දියෙ සාටර් බඩුවක් හොයාගෙන ගිහින් ඩෝස් හදා ගන්න.. ඊට පස්සේ ඒක උගෙ ගෑනි හරහ සාප්පුවෙ අයිති කාරයට බෝ කරන්න.. අන්තිමට අයිති කාරයට වෙන්නෙ උගේම බඩු පාඩුවට විකුණල ඒ මදිවට ඒ සල්ලි වලින්ම ලෙඩකුත් හදා ගන්න.. කොහොමද ටිකිරි මොළේ.. (ඕක මට කිව්වේ අපේ ඇඩ්ඩින් අන්කල්.. පැන්සන් ගිය ඇස්.ඇස්.පී මහත්තැන් කෙනෙක්..මගේ අල්ලපු පුටුවේ ඉන්නෙ.. ආතල් බුවා.. හැක් හැක්..)
Deleteඒකත් මරු කතාව.
Deleteඔය පොලෝසියෙ මහත්තැන්ලට මේවා පෙන්නන්න එපා බං. මාව උස්සං ගියොත් කව්ද බොලාට මෙහෙම අසබ්ය කයි ලියන්නෙ?
දෙයියනේ කියල අදයි මේ පැත්තෙ ආවෙ, මදැයි කඩේකට උන දෙයක්.
Deleteවෙල්කම් කිව්වා...
Deleteමදැයි
"මාත් කරන්නේ එහෙමයි"
ReplyDeleteඇඩ්ඩින් අන්කල්ගේ කීමත් අහන්න ඕනෙනේ.....
ජය වේවා.....
ඒ මොකක්ද ඒ ඇඩ්ඩින් අන්කල්ගෙ කේස් එක?
Deleteකියවල තිබ්බට මුදලාලිගෙ කතාව වනචර
ReplyDeleteදැනුනේ නැත රසයක් උඹ කියනා තරමට
අනෙ දැනුනේ නැත රසයක් මට අද මේ තරමට
ඒ දැක්කට මේ කතාව මුදලාලිගෙ වනචර
මේව ඉන්දික බයිලා
Deleteඇවිත් අහුලගනිල්ලා
රසකර ගොතලා
කියනව
ඉන්දික බයිලා
අසා ඇති කතාවක් ඩොලර් වලින්
ReplyDeleteරුපියල් වලට පෙරළාලා ලස්සනට
කොමඩි කෙල්ල මාධවී
දෙනවා ඇට්ටි හැලෙන්න
රසිකයො සෙට් එකත් කවියට සෙට් වෙනව දැක්කම මාර ත්‍රිල් එකක් අප්පා තියෙන්නෙ.
Deleteමදාවියෝ ෂමා වෙයන් එන්න ගොඩක්ම පරක්කු උනා මචෝ ...පොස්ට් එක පට්ට .කව්ද බන් කඩේ හිටිය එකා .අපේ @#$ ද ? හැක් හැක් ..
ReplyDeleteඋඹටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ
කිරි ඉතිරේවා නව වසරේ
දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල්හිනා
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ....
බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
කිරි ඉතිරේවා නව වසරේ....
ගායනය - එච්. ආර්. ජෝතිපාල
අපේ දයාබර සින්දූර් ඇතුලු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!!
Deleteමාධවී..............................
ReplyDeleteඅලුත් අවුරුද්දෙත් සුපිරිම කවි ලියැවේවා කියලා හිටං අපි සුභ පතනවා ඔන්න..........
සුභම සුභ නව වසරක් වේවා........................
කුගැගීප
ඔබ එකොළොස් දෙනා ඇතුලු පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!!!
Deleteහිටං...