2014-12-30

මාත් කරන්නේ ඒකයි


නගරයෙ කෙළවර වෙන්නට - තිබුණා එක සාප්පුවක්
ඉලෙක්ට්‍රොනික් බඩු ඒකේ - පුරවා තිබුණා

දවසක් එක මහත්තයෙක් - ගියාලු මේ සාප්පුවට
සේවකයා සමග ඇවිද - බඩු මිල ඇසුවා

මේ ටී.වී. එක කීයද - මහත්තයා ඇහුව සැනින්
අයියෝ රුපියල් දාහයි - ගෝලය කිව්වා


පුදුමෙන් පුදුමයක් මේක - එතකොට මේ ශීතකරණෙ
කීයක් වෙනවද කියලා - ආයිත් ඇහුවා

ඒකත් රුපියල් දාහයි - අරං යන්න ඕනි දෙයක්
හැම එකක්ම ඒ මිලටයි - මම විකුණන්නේ

කොහෙද මේකෙ හිමිකරුවා - මෙහෙමත් බඩු විකුණනවද
බඩු මිල ගැන ඔහුගෙන් මම - අහල බලන්නම්

මේකෙ අයිතිකරු දැන් ඇත - අපේ ගෙදර රිංගලා
මගේ ගෑනි සමගයි ඔහු - ඉන්නව ඇත්තේ

දන්නවාද මේ වෙලාවෙ - ගෑනිට ඌ කරන වැඩේ
මාත් ඒකමයි කරන්නෙ - උගේ කඩේට...! 


33 comments:

  1. උදේ පාන්දරම පට්ට....

    ReplyDelete
  2. Tag - මදාවි කවි :D :D :D
    ................................................
    ඒ ක්‍රමේ හොඳයි කියලා හිතෙන්නැති, ගහ මරාගෙන ඇති ඇති වැඩකුත් නැති හින්දා ....

    කොහේන් පහළ වෙන අදහස්ද අප්ප මේ ?

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ ටැග් එකක්. ටැග් 3 යි ඔක්කොම. සිරා, දේශපාලන, මදාවි. හරිම සිම්පල් ප්ලෑන් එකක් කඩේ ගෝලය කරනව වගේම.
      මේව ඇවිල්ලා සඳරු, පරිවර්තන.

      Delete
    2. කඩ්ඩෙන් තියෙන් දේවල්, ඒ රස නොමරා අපේ දෙයක් කරන එක ලොකු අභියෝගයක් .. ඔබ එය සාර්ථකව සිදු කරන නිසාම ඔබ මේ අගය කිරීමට සුදුසුයි මාධවි ...

      Delete
  3. මුදලාලිය කඩේට ආවම හිතෙන්න ඇති හය්යෝ
    ******* ගිහිං වෙච්ච වැඩක් කියල....
    (සැර වැඩිද මංද)
    ඒ සේවකයව දාන්න ඕන වසරේ විසිස්ටතම අදහල් ජනනය කිරීමේ සම්මානය ගන්ට.......

    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන්
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. හොඳම අලෙවි සංකල්පයට.

      මහේෂ්ටත් පවුලේ සැමටත් සියලු යස ඉසුරින් පිරි ප්‍රීතිමත් නව වසරක් වේවා!!!

      Delete
  4. එල ද බ්‍රා
    අද උදේ ටි ටෙබල් එකට රස කෑමක්.
    උඔට තියෙන්නෙ මාර හැකියාවක් බං..ඇස්වහක් වදින්න එපා.

    ReplyDelete
    Replies
    1. අපේ නිර්මාණ (කුණුහරුප) සමාජය තුල පතල කිරීම ගැන මෙන්ඩාට අප හද පත්ලෙන් නැගෙන මෙව්වා එක!

      Delete
  5. එළ තමා! මේක අහල තිබුනෙම නෑ.

    ReplyDelete
  6. පට්ට දෙයියනේ..! :D කොහෙන් එනවද මන්ද මෙව්ව.. :D

    ReplyDelete
    Replies
    1. දෙයියො දුන්නු ඒව තමා ඉතිං

      Delete
  7. අලුත්ම කතාවක්. පට්ටයි මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. මාත් සිංහල අවකාශෙ තාම දැකලා නෑ අයියෙ මේ කතාව. කියන්න බෑ ඉතිං.

      Delete
  8. අප්පේ මෙහෙම මදාවි කටක්

    ReplyDelete
  9. උඹල දන්නවද ඔය සේවකය ඔය දාහ දාහ එකතු කරන්නේ ඇයි කියල.. හරි පුළුවන්නම් එකෙක් කියපල්ල බලන්න.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. පළාත් සභාවෙ මහ ඇමති වෙන්න

      Delete
    2. ඒ ගෙම්බන්පිල නෙ බං මේ ඊට වඩා ලොකු ප්ලෑන් එකක්.. උඹට ඒ ගැනත් කවියක් ලියන්න පුලුවන් වෙලාවක.. මූ හදන්නේ හන්දියෙ සාටර් බඩුවක් හොයාගෙන ගිහින් ඩෝස් හදා ගන්න.. ඊට පස්සේ ඒක උගෙ ගෑනි හරහ සාප්පුවෙ අයිති කාරයට බෝ කරන්න.. අන්තිමට අයිති කාරයට වෙන්නෙ උගේම බඩු පාඩුවට විකුණල ඒ මදිවට ඒ සල්ලි වලින්ම ලෙඩකුත් හදා ගන්න.. කොහොමද ටිකිරි මොළේ.. (ඕක මට කිව්වේ අපේ ඇඩ්ඩින් අන්කල්.. පැන්සන් ගිය ඇස්.ඇස්.පී මහත්තැන් කෙනෙක්..මගේ අල්ලපු පුටුවේ ඉන්නෙ.. ආතල් බුවා.. හැක් හැක්..)

      Delete
    3. ඒකත් මරු කතාව.
      ඔය පොලෝසියෙ මහත්තැන්ලට මේවා පෙන්නන්න එපා බං. මාව උස්සං ගියොත් කව්ද බොලාට මෙහෙම අසබ්ය කයි ලියන්නෙ?

      Delete
    4. දෙයියනේ කියල අදයි මේ පැත්තෙ ආවෙ, මදැයි කඩේකට උන දෙයක්.

      Delete
    5. වෙල්කම් කිව්වා...
      මදැයි

      Delete
  10. "මාත් කරන්නේ එහෙමයි"
    ඇඩ්ඩින් අන්කල්ගේ කීමත් අහන්න ඕනෙනේ.....
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒ ඇඩ්ඩින් අන්කල්ගෙ කේස් එක?

      Delete
  11. කියවල තිබ්බට මුදලාලිගෙ කතාව වනචර
    දැනුනේ නැත රසයක් උඹ කියනා තරමට
    අනෙ දැනුනේ නැත රසයක් මට අද මේ තරමට
    ඒ දැක්කට මේ කතාව මුදලාලිගෙ වනචර

    ReplyDelete
    Replies
    1. මේව ඉන්දික බයිලා
      ඇවිත් අහුලගනිල්ලා
      රසකර ගොතලා
      කියනව
      ඉන්දික බයිලා

      Delete
  12. අසා ඇති කතාවක් ඩොලර් වලින්
    රුපියල් වලට පෙරළාලා ලස්සනට
    කොමඩි කෙල්ල මාධවී
    දෙනවා ඇට්ටි හැලෙන්න

    ReplyDelete
    Replies
    1. රසිකයො සෙට් එකත් කවියට සෙට් වෙනව දැක්කම මාර ත්‍රිල් එකක් අප්පා තියෙන්නෙ.

      Delete
  13. මදාවියෝ ෂමා වෙයන් එන්න ගොඩක්ම පරක්කු උනා මචෝ ...පොස්ට් එක පට්ට .කව්ද බන් කඩේ හිටිය එකා .අපේ @#$ ද ? හැක් හැක් ..

    උඹටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!කිරි ඉතිරේවා නව වසරේ

    කිරි ඉතිරේවා නව වසරේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ
    කිරි ඉතිරේවා නව වසරේ

    දුක් දොම්නස නැති වුණා
    නව වසරක් එළඹුණා
    අවුරුදු දා ප්‍රීති වන්න
    මතුකරමින් මල්හිනා
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....

    බත බුලතින් අඩුනොවී
    සුරසැප මිහිපිට මැවී
    උපන් බිමේ කිරි ඉතිරී
    ගොඩ මඩ සරු සාර වී
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ
    සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ

    කිරි ඉතිරේවා නව වසරේ....


    ගායනය - එච්. ආර්. ජෝතිපාල



    ReplyDelete
    Replies
    1. අපේ දයාබර සින්දූර් ඇතුලු පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!!

      Delete
  14. මාධවී..............................

    අලුත් අවුරුද්දෙත් සුපිරිම කවි ලියැවේවා කියලා හිටං අපි සුභ පතනවා ඔන්න..........

    සුභම සුභ නව වසරක් වේවා........................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. ඔබ එකොළොස් දෙනා ඇතුලු පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා!!!
      හිටං...

      Delete