වැඩිහිටි පිරිමින් උදෙසා - සම්මන්ත්‍රනයක් පැවතුනි
තුන්සීයක් පමණ දෙනා - ඇවිදින් සිටියේ
පවුල් ජීවිතේ මතුවන - සෞඛ්‍යමය ගැටලු ගැනයි
දේශනවල මාතෘකා - ගොනුවී තිබුණේ
එක් දේශක මහත්තයෙක් - පැමිණි පිරිස අමතාලා
"දිනපතාම එක්වන අය - කවුරුද" ඇසුවා
පිරිසෙන් බාගයක් පමණ - අත් ඉහලට එසවූවා
ඉන්පසු සතියකට වරක් - ගැනද විමසුවා
ඉතිරි පිරිසගෙන් අඩකුයි - ඒකට අත ඉස්සූවේ
මසකට එක් වරක් ගැනයි - ඉන්පසු ඇසුවේ
හිනා වෙවී හරි සතුටින් - ඉන්නා එක මහත්තයෙක්
හැර සියලුම දෙනා ඉතිරි - අත් එසවූයේ
සතුටින් ඉන්නා මිනිසා - විමසාලා දේශකයා
"කොපමණ කලකට වරක්ද" යනුවෙන් ඇසුවා
"අවුරුද්දට එක පාරයි" - මේ මිනිසා කීව නිසා
සියලු දෙනා පුදුම වෙලා - හැරිලා බැලුවා
"එතරම් අඩුවෙන් ඉඳලත් - ඇයි මෙතරම් සතුටින් ඔබ"
දේශක තැන තම පුදුමය එළෙස පළකලා
සිනා පිරි මුවින් එමවිට - නැගී සිටිය මේ මිනිසා
"අදයි දවස" කියා මහත් හඬින් හිනැහුණා
අලුත් වෙන්න ඕනෑ නම් - ගිය දේවල් ඔහෙ ගියාවෙ
"අදයි දවස" සැමටම සුභ වසරක් වේවා!!!
දේශක හිනා වුනානම් අනිවා හැක් හැක් කියල වෙන්ටැති.. බ්ලොග් ලෝකයේ පෙම්බර මදූ නැත්නම් සමහරු මඩ ගහන විදියට මදාවී වන ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!
ReplyDeleteමටත් අනන්ත මතක් වුණා දේශකයාව මේක ලියද්දි.
Delete//පෙම්බර මධූ// ෂාහ්...බලන්න මේ අසමජ්ජාති කොල්ලො මදාවි කියනවට වඩා කොච්චර ප්‍රේමාන්විත ආමන්ත්‍රණයක්ද අපේ කල්‍යාණ මිත්‍රයා කරන්නෙ. සුන්දර සිත් එහෙමයි, නැද්ද කළණ?
අපේ දයාබර කළණ මිතුරු ඇතුලු පවුලේ සැමත් සුබම සුබ නව වසරක් වේවා!
හැබැට අපි අසමජ්ජාතියො ඈ...
Deleteහාකො හාකො...
//හාකො හාකො// ඒකත් මරු කෑල්ල
Delete//හැබැට අපි අසමජ්ජාතියො ඈ...//
Deleteමහේෂ් බලපන්කො මචෝ මුගේ හරි නම කිව්වම අපි අසමජ්ජාතියො නේද හිටන් ...හැක හැක
දාන්ට සිංදුවො පහක්....
Deleteසිංදුව ට විතරයි තේරුණේ
@සින්දූර්,
Deleteමං මේ කල්පනා කලේ නම දාපු අම්මටයි අප්පටයිනෙ හිතිං හිතට අමාරු.. හැක හැක
@මහේෂ්,
Deleteසින්දූර් පහ දාන්නෙ කොහොමද දන්නවද?
ස රි ග ම පහ්
ඔබ හද තුල හොඳ හොඳ කවි පද ගැලපේවා
ReplyDeleteඒ කවි පද නෙක නෙක රසයෙන් මෙහි ලියවේවා
''මධුමාධවී" නම තුඩ තුඩ බ්ලොග් ලොව පැතිරේවා
උදා වූ වසර සුභා සුභ නව වසරක්ම වේවා ...!!
ඉස්සර වගේ කවි ලියනට සිත් වේවා
Deleteසඳරු නමට වැඩි අගයක් එක් වේවා
නව අදහස් සමගින් යලි හමු වේවා
සඳරු ඔබට සුබ නව වසරක් වේවා
පෙම්බර මදූ කියල කිවුවට මේකිටත් හෙන ජොලි.ඔය නාකි 60ට ලන්වෙන අන්කල්ලට 50ට ලන්වුන ඇන්ටිලව පේන්නෙත් සුරන්ගනාවියෝ වගේ තමයි.....
Deleteකටුස්සො ඉතිං අජරාමර නෙ. වයසට යන්නෙම නෑ. හිටං
Deleteමේ වගේ පට්ට පට පට පෝස්ට් එලෝ කෝටියක් එක්ක මේ දවස් 365 ලොස් නැතිව කොයි කවුරුත් එක්කම ෆුල් බොක්කෙන් ඉන්ට ලැබෙන
ReplyDeleteආල් බර සොමි බර නව වසරක් වේවා
එසේම වේවා මහේෂ්.
Deleteඅවන්හලේ මී විත තනිකරලා වරෙන් මලේ පියවර නගලා.
wish you and your family and all our blog members very happy new year with a change.....
ReplyDeletehope that you will continue with newer ideas.......
all the best to everyone of you friends...
Thanks and wish you same!!!
DeleteSinhala Tamil IME Setup එක හොයාගන්න බලන්න.
මදාවියෝ සොමි බර අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteකවුළු පියන් හැර තබන්න
අලුත් ඉරට ඇතුළු වන්න
හදේ කොණක ඉඩ තියන්න
අලුත් මලට පෙති අරින්න
මිලින පැතුම් තබා යන්න
ගිය වසරට එකතු වෙන්න
පුරා නෙතින් හිනා වෙන්න
නැවුම් වසර වැළැඳ ගන්න
අලුත් ඇඳුම් ගතට දෙන්න
අලුත් පැතුම් හිතට දෙන්න
මගේ ඇසට ඉඩ හරින්න
පැරණි ඔබම යළි දකින්න
ගී පද - බන්ධුල නානායක්කාරවසම්
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
සින්දූර්ටත් සංගීතවත් නව වසරක් වේවා!
Delete//Posted by Madhumadhavi Poetry at 12:00 AM //
ReplyDeleteටයිමින්.. :O
මධූටත් (මදාවියො කියන්නෙ අසමජ්ජාතියොලුනෙ. :D ), පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!
ෂෙඩූල් කරලා පබිලිස් කලා අෂාන්.
Deleteඅෂාන් ඇතුලු පවුලේ සැමටත් එසේම වේවා!
(විශ්වයේ තව ඈතට යන්න ලැබේවා!)
පට්ට....
ReplyDeleteමෙත් මල් පිබිදේවා...
සිත් තුල
මෙත් මල් පිබිදේවා...!!!
මල්නම් මල්. නැද්ද මාතලං?
Delete(සිත් තුල නෙමෙයි පෙට්ටි තුල)
පිපෙනව පිපෙනව.. 8 රෑ වෙනකොට ඔන්න බලන්නකෝ හතර අතේ.. මෙත් මල්
Deleteපිපුන්නැත්තන් පුප්පල හරි ගන්නවා, නැද්ද?
Deleteඔබටත් පවුලේ අනෙක් සියලු දෙනාටත් සුබ නව වසරක් මාධවී!!!
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා රවී අයියා.
Deleteඔබටත් ඔබ පවුලේ සැමටත් එසේම වේවා!
මධුමාධවීට සුභ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා රාජ්. මෙත් මල් පිබිදේවා.
Deleteමදාවිටත් මදාවිගේ පවුලේ සියළුම දෙනාටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....
ReplyDeleteඑසේම වේවා කටුසු! ඊටත් වැඩියෙන් වේවා!!
Deleteඅද තමයි මාධවී දවස....................
ReplyDeleteමුළු අවුරුද්දම සුභ වේවා.............. හරිය
අද සෑ තමයි සෑ
Deleteඑසේම වේවා හිටං
සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඕන්...
ReplyDeleteඑසේම වේවා හිටං සුසී
Deleteඅපොයි මධුවෝ කසාද බැන්දට පස්සේ වෙන දෙයක්නේ ඕක. හිනා වෙන්න තරං දෙයක්යැ. කොච්චරක් දේවල් නම් කියල කරන්නද ඔය දවස ගන්න. ඔක්කොමත් කොරල මල් පොකුර අමතක වුනොත් ...........
ReplyDeleteග්‍රහණය වුණේ නැද්ද මන්දා.
Delete(ඔය කියන්නේ අත්දැකීම්... හැහ්...හැහ්...)