2015-01-21

මීයෝ



පුංචි එවුන් ගෙයි අහු මුලු අස්සේ දමනා කුණු අඩුවක්           නැත්තේ
බටුමීයන් හා කොස්ඇට මීයන් රෑට රජකරයි සැක                නැත්තේ
බලාඉන්න බෑ මී කරදරයට පිළියම ලෙස කූඩුව                    ගත්තේ
ආදෙන් ආයිත් ගෙනගොස් දමනෙමි නැවත නොඑන්නට මේ   පැත්තේ

෴ ෴ ෴



අම්මෙ අම්මෙ අර චූටිම මීයෙක් කූඩුවෙ හිරවීලා                       ඇත්තේ
කන්න දෙයක්වත් දෙමුද එයාටත් අපිට වගේ බඩගිනි                ඇත්තේ
පුතා දන්නෙ නෑ රෑ මැදියම් කල ඕකුන් ගේ වනසා                    ඇත්තේ
කන්න දෙන්න නොව තියන්න හොඳ නෑ කරුමෙට මී කතුරක්    නැත්තේ

දරුවන් පාසැල් ගියපසු ලං වී මීයාගේ සුවදුක්                            බැලුවා
තක්කඩියා දැන් අසරණ වීලා මාගෙන් අනුකම්පා                       පැතුවා
දවල්ට ගෙනගොස් දොලකින් එගොඩට මූව දමන්නෙමි යැයි         සිතුවා
වෙහෙස නිවන්නට ඇඳේ අැලවෙලා කෙටි නින්දට දෑසම               වැසුවා

෴ ෴ ෴

“මධූ...මධූ... මෙහෙ එන්නකො“ කියලා කුස්සිය පැත්තෙන් හඬ  මතුවේ
විපරම් කෙරුවෙමි කූඩුවෙ හිරවුණු මීයා නොවැ ඒ හඬ             නැගුවේ
කතාකරන මීයෙක් දැක්කාමයි මගෙ දෙසවන් ගැන සැක          ඇතිවේ
සැක හැර දත්තෙමි ඌම තමයි ඒ ආදරයෙන් මා                    ඇමතූවේ

ඔයා දන්නෙ නෑ මේ ගෙයි සැමතැන අපේ බලය පැතිරී           අැත්තේ
පොඩි අපි වාගෙම තඩි මීයොත් ඇත එයාල අහුවෙන්නෙත්      නැත්තේ

කවුද කවුද ඒ උඹටත් වැඩියෙන් ගේ වනසන උන් කොයි       ඇත්තේ
මම දන්නවනොවැ අල්ලන විදිහත් ආදෙන්කෝ උන් මේ      පැත්තේ

රෑට රෑට දැන් බළල්ලු පොරකන සද්ද ඇහෙනකොට             බිය වීලා
පෝලිමේම උන් දොලෙන් එගොඩ වී බිය පහවන තුරු          සිටී බලා

බළල්ලු හිටියට වැඩකට නෑ උන් කනවා විතරයි බලු            නොවටී
මීයන් අල්ලා ලඟට ගෙනගොසින් දෙනතුරු උන්දැල            බලා සිටී

ලොකු ලොකු මීයෝ බළලුන් දැකලා මොකටද ඔය හැටි   බියවෙන්නේ
අපිනම් දන්නව මීයන් අල්ලන බළල්ලු නෑ දැන්               බිහිවන්නේ

මටත් පුදුම මේ මීයන් මෙතරම් කොහොමද කියලා         බෝවෙන්නේ
මී කතුරුත් දැන් කඩවල නැත්තේ ඒ වෙනුවට කූඩුව               එන්නේ

අන්න ඒ වගෙයි මීයන් දැකලත් බළල්ලු නොදුටව සේ           ඉන්නේ
යහපාලනයක ලක්ෂණ එහෙමයි මධූ කොහෙද ඕවා               දන්නේ




෴මධුමාධවී෴

අදහස ආවේ නුවරකුමාරි (උපේක්ෂා) ගෙනි. ඇයට ස්තුතියි!




37 comments:

  1. හදන්නෙත් නැහැලු දැන් අළුත් මී කතුරූ
    පරණ එව්වෑත් ගැලවෙනවා මලකඩ පතුරූ
    බළලුන් - මීයන් දැන් නැහැනේ පසමිතුරූ
    ඒ වග දන්නේ නැද්ද මාධවියේ මගෙ මිතුරූ

    හරි පුදුම දෙයකි මේ නම් පෙර නො ඇසූ විරූ
    බළලුන් - මීයන් දැන් හරි හරියට වෙලා මිතුරූ
    කරනවා නොවෑ හරි හරි සෙල්ලම් අපූරූ
    යහ පාලනය එහි නම දන්නවද මාධවියේ මිතුරූ

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කලේ ධර්මිෂ්ඨ සමාජය, ජනසවිය, සමෘද්ධිය, විසංවාදය, චින්තරනය කියන කතන්දරවලටත් මීයොම ගන්නවද කියලා.

      අගේ ඇති කවි දෙක. ඇයි සඳරු දැන් කවි ලියන්නැත්තෙ?

      Delete
    2. හැක් .. ඒ අදහස හොදයි. ඔබේ තේරීම නිවැරදියි. විද්‍යාගාර වල පර්යේෂණ වලට පවා මීයන්ව ගන්නේ මොකක් හරි සමාන කමක් ඇති හින්දා වෙන්නැතිනේ .. ඒ හින්දා ඔය කල්පනාව නිවැරදි වගේ ...

      මුරුංගා අතු හයිය නැහැ බොල .. : D , බලමු .. බලමු ..

      Delete
    3. සමානකම්නම් කියලා වැඩක් නෑ. කන්න ගත්තම නොකන දෙයක් නෑ. අනික කපටිකම. අනික පුංචි සිදුරක් ඇති රිංගල යන්න. මුන්ට දත් හතරක් තිබිල ඔහොමනම් 32 ක් තිබුණනම් හොරකම අටගුණයක්නෙ.

      Delete
  2. කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා වෙන්නා සේ
    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද දුක මාගේ
    ගෙනාපු හට්ටිය මීකිරි බළල්ලුනුත් සාක්කි දුන්නා වේ
    අහෝ දුකකි ඉරකි පොලිස් පොල්ලකි යහ පාලනේ

    ReplyDelete
    Replies
    1. පොලිස් පොල්ල හරියට වැටෙනවානම් හරි.
      යුෂ්මතාත් දැන් ලියනවා මදි. වැකේටඩ් පෝස්ට යවනවා හොඳද?

      Delete
    2. ඕ..........
      පව් අහිංසක මං
      ඒම කොලන්න නං එපා ඈ
      හිහි

      Delete
    3. දැනටමත් වැකේටඩ් පෝස්ට් තමා. සති 3 කින් මොකුත් නෑ. හරිනම් සති දෙකයි බලන්නෙ. අර ඉතිං මමම හින්ද ඉවසනවා.

      Delete
  3. යකෝ කැන්ඩි ගේ හටන කියවල ඉවරවෙන්නත් කලින් උඹ මේක කවි කරලනේ.. පට්ටයි ඈ.. ඔන්න වෙලේ සුදා එහෙම නම් සමහර ලොකු ලොකු මීයන්ගේ නම් වපුරනවලු. ඔවුන් ඔක්කොම හම ගහන්න ඕනි කැ* මීයෝ..

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කළණ, හම ගහලා කෑමටවත් ගන්න පුලුවන්යැ මීයෝ. ඌරො තව හොඳයි.

      Delete
  4. මධූ දන්නේ නෑ හද අැති කාලේට මුලුතැන්ගෙයි හරි වැඩ කෙරෙතී
    ලොකු මීයන් පොඩි මීයන් ඒක්කන් හොරෙන් කන්න පාඩම් කියතී ......................

    ReplyDelete
    Replies
    1. කුරුටු, නියමයි! ක්‍රිකට් ටීම් එකට රිසර්ව් එහෙම ගන්නැද්ද දන්නෑ.

      Delete
    2. +++++++++ වැඩිකිරීම ++++++++++

      Delete
  5. ගොං මදාවියෙක්.. හැක්

    ReplyDelete
  6. Replies
    1. තේරුන්නෑ... තරුණයෝ වගේද?

      Delete
    2. නෑ බොල හයියෝ

      ** මීයෝ

      ඒත් තේරුනේ නැද්ද? හයියෝ

      *රි මීයෝ

      ඒත් තේරුනේ නැද්ද? හයියෝ

      Delete
    3. ම්හු... ඒත් තේරුන්නෑ... හිකිස්
      අර කළණනම් සරලව කියනවා.

      Delete
  7. අඩේ පට්ට බං.. කාලීන දේශපාලන ප්‍රවාහය මෙලෙස කවියෙන් හාස්‍යට මුසු කිරීම හැබෑ දස් කමක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... කල් වැඩිද මන්දා... එක්කො පමා වැඩිද මන්දා...

      Delete
    2. පමා වැඩියි..පමා වැඩියි.. මේ වෙනස මං මීට කලින් බලාපොරොත්තු උනා.

      Delete
    3. එහෙමමත් හදිස්සිවෙන්න හොඳනෑ. මොකද අවුරුදු 10 ක්ම අනපුවා දවස් 10 න් ලිහන්න බෑනේ.

      Delete
  8. ජයවේවා.... යුගයේ අවශ්‍යතාවය මෙයයි...

    ReplyDelete
    Replies
    1. ජයවේවා! ඔබ තමා අවදි කලේ. මමනම් හිතුවෙ තව ටිකක් කල් බලන්න.

      Delete
  9. නඩු අහන්නෙ නැතුව කූඩුවට දැමමහම ඔය වගේ අකරතැබ්බ වලට මූණ දෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හ ආ... හ ආ...
      නඩුවට හංගපු චීස් පෙන්නන්න එක්කයන්න තමා හිතා ඉන්නෙ.

      Delete
  10. එල ද බ්‍රා..මධු දන්න සෙද්ද...
    උඔගේ හැකියාවට ඇස් වහ කට වහ පුච්චපිය.

    ReplyDelete
    Replies
    1. තැන්කියු මෙන්ඩා. මිරිස් කරලක් එල්ලන්නම් බැක්ග්‍රවුන්ඩ් එකේ.

      Delete
  11. :v සැප දුක හාරන මියෝ මියෝ මියෝ :D

    ReplyDelete
    Replies
    1. කාටත් බැරි කුණුකන්දල් කන...
      මී පුර වැසියෝ...
      (සින්ධූර් ආවනං ලියයි ලෙල්ලටම)

      Delete
  12. මදාවිගේ වේසපාළන මීයෝ.....අපි ලොකුවෙලා වේසපළනයට ගිහින් ඔය මීයෝ ඔක්කොම අල්ලමු හොඳේ....
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. කටුස්සො කවද්ද මීයො ඇල්ලුවෙ... හැක්... ඔන්න බළල්ලුන්ගෙන්නං පරිස්සං වෙයං පුතෝ.
      ජයවේවා!

      Delete
  13. අවංකෙන්ම සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, දිනේෂ්!

      Delete
  14. ඔබලාගේ පින්තුරයක් බ්ලොග් ලිපිය සමග පල කල හැක.

    ReplyDelete