2015-01-18
දුටු නොදුටු
තරුණ පුතෙක් තම පියාද සමගින්නේ
දුරක යන්න දුම්රියකට ගොඩවෙන්නේ
කවුලුව යාබද අසුනක් වෙත පැන්නේ
පොඩි දරුවෙක් විලසයි ඔහු හැසිරෙන්නේ
දුම්රිය ටික ටික ඇදිලා යන්න වුනේ
කවුලුව හැර ඔහු හිස එළියට එබුනේ
පෙනෙන දසුන් සැම විස්තර කරමින්නේ
දකින අයට මවිතෙකි ඔහු ගෙන එන්නේ
තාත්තෙ අර බලන්න අර ගස් සැවොම
වෙගෙන් යයි ඇදිලා පෙනි නොපෙනීම
අන්න ඉගිලෙනෝ කොක්කුන් රෑනක්ම
අපි යයි පසුකරන් හැම වාහනයක්ම
වයසට වඩා බෙහෙවින් ළා බාල ලෙස
හැසිරෙන තරුණයා දකිමින් සිටි පිරිස
අතරින් කාරුණික කතකිය මේ විලස
පියාගෙන් ඇසී වදනින් බර කුකුස
මේ දරුවා වෙදැදුරෙකුට පෙන්වන්න
හැකිවෙයි ඔහුගෙ අසනීපය හොඳවෙන්න
පරසිදු වෙදෙක් ඇත මා මැනවින් දන්න
තොරතුරු දෙමිය යනවද ඔහු හමුවන්න
එවිට අහිංසක ලෙස ඇය දෙස බලලා
පියා ඇයගෙ කරුණාවට ගරුකරලා
අසා සිටින සැමගේ නෙත් තෙත් කරලා
කීවා මේ කතාව තතු හෙළිකරලා
මගේ පුතා හට බොහො වෙදකම් කෙරුවේ
උපතින් අන්ධ ඔහු නැහැ ලෝකය දුටුවේ
දෙනෙත් බද්ධ කර යන්තම් සුව ලැබුවේ
අදයි ඔහුගෙ දෙනෙතින් මේ සැම දුටුවේ
෴ මධුමාධවී ෴
Subscribe to:
Post Comments (Atom)
සංවේදී කවිපෙලක්.
ReplyDelete\\අන්න සුදුම සුදු කොක්කුන් රෑනක්ම\\
තාත්තා අන්ධ පුතාට සුදු පාට කොක්කු ගැන කොහොමද කියල දුන්නෙ කියලායි මං කල්පනා කලේ.
ස්තුතියි! වෙනසක් කලා. එය දුටුවේ පසුව. දැන් අහන්නෙපා ඉතිං ඉගිලෙනවා කියන එක ගැන.
Deleteඑහෙම ගැඹුරටම කල්පනා කරනවනම් උපතින්ම අන්ධ වෙලා හිටපු දරුවකුට එක පාරට කොක්කු අඳුනගන්නත් බෑ, වාහන අඳුනගන්නත් බෑ.
Deleteගොඩක් විද්‍යාත්මක වෙන්න ගිහාම රසාස්වාදනය නැති වෙනවා.
සරළව බලමු.
(මගෙ නම ගැන යෝජනාව අනුමතයි.)
ඒකත් ඇත්ත ශනී.
Deleteසංවේදීයි, රහයි, සරළයි..
ReplyDeleteබොහොම ස්තුතියි, මාතලන්.
Deleteලස්සනයි.. සංවේදීයි.. මදාවි ඉට්ටැයිල් එකෙන් බෑරයි..
ReplyDeleteස්තුතියි! මදාවියි, මාධවියි දෙන්නෙක්නේ.
Deleteහුරේ .. මාධවී ආයි ඇවිල්ලෝ ...
ReplyDeleteමතුපිටින් විතරක් දැකලා අපි කොච්චර වැරදි නිගමන වලට එළඹෙනවද ?
කවිය, සංවේදීයි , රසයි.
වෙනදා යන මදාවි ස්ටයිල් එක හරි නැද්ද ඒ කියන්නෙ? (හුරේ...)
Deleteස්තුතියි, සඳරු.
අහ්, නෑ .. නෑ එහෙම අවුලක් නැහැ .. " මාධවී ස්ටයිල් " "මදාවි ස්ටයිල් " දෙකටම එක වගේ කැමතියි. විඳින්න පුළුවන් ඕනම දෙයක් රස විඳිනවා, භේදයක් නැතුව ..
Deleteඅන්න ප්‍රායෝගික මිනිස්සු.
Deleteහිතට නොහිතපු විදිහේ දුකක් දැනුනා...... හැමදාම හිනාවෙන දෙයක් කියවපු නිසා මේක ටිකක් අමුතු වුණා....................... මොනවා වුණත් සුපිරියි අදහස
ReplyDeleteවෙනසකට සැරසෙමු. වෙනසක් කරමු. ස්තුතියි!
Deleteපවුර කියපු කතාව ඇත්ත කියවන් යද්දි දැන් මොකක් හරි තියෙයි හිනාවෙන්න කියලා හිත හිත බලන් ගියාට අන්තිමට නොහිතපු විදිහේ ශෝකාන්තයක්...
ReplyDeleteහොදයි ඒ වෙනසත්.. :)
වෙනදා වගේ කියලා හිතුවේ, නේද? වෙනස කොහොමත් හොඳයිනේ.
Deleteකියවගෙන යද්දි හිතෙන දේට වඩා අවසානයෙදි දැනෙන දේ වෙනස්.
ReplyDeleteසමහර අය හුඟක් දේවල් බාගෙට කියවලා තීරණ ගන්නවනෙ. යුද්දෙ ගැන එහෙම.
බාගෙට දැනගෙන දක්වන ප්‍රතිචාර කොහෙද නැත්තෙ ශනී. ඒකෙන් සත්‍යය යට යනවා. කොහොමද අපි දාපු නම?
Deleteඉතාම වටිනවා.අපි මතුපිටින් බලලා කෙනෙක් ගැන යමක් ගැන එළබෙන නිගමන ඉතාම වැරදියි.බාහිරින් දකින දෙය ගැන සම්පූර්ණ විශ්වාසය තබා නිගමන වලට එළඹෙන නිසයි අපි රැවටෙන්නේ.
ReplyDeleteඇත්තටම සමහර වෙලාවට අපි දකින්නෙ අපේ හිතට දකින්න ඕනිදේ මිසක් සත්‍යය නෙමෙයි.
Deleteමොනවා කියන්නද අප්පා..
ReplyDeleteදුක තමයි විදානේ.
Deletepattayi ah :D
ReplyDeleteThank you!
Deleteshort.... sweet....meaningful.....lot to think (if you need...?)
ReplyDeleteYep, if someone need.
DeleteThanks!
අන්න මාධවියේ අපූරුතම වෙන්සක්. ඔබේ කවියෙන් හාස්‍ය රසය අප හට බෙදන්නා සේම මෙවන් සංවේදී කතන්දරද කවියෙන් අප හට ගෙන ඒම බොහෝම වටිනවා. මාධවීට මගේ සැලියුට් එක!
ReplyDeleteඑක එක්කෙනා හුරු වුණු රටාවන් ඒකාකාරී වුණත් එකම කෙනෙක් තුල ප්‍රතිවිරුද්ධ සිතිවිලි අවදිකරවීමට නිර්මාණයන්ට ඇති හැකියාව පුදුමයි.
Deleteස්තුතියි මනෝෂ් !
ස්තුතීයි දේශා!
ReplyDeleteඔය කතාව සිරා අයියද කොහේදත් දාල තිබ්බා තව තුනපහ දාලා.එද උඹ ඒකට තවත් තුනපහ දාලා සියඹලත් දාලා.
ReplyDeleteමමනම් කැමති මාධවීට වඩා මදාවියටයි.(වැඩිය හිතන්න එපා.මට හිතෙන හැටි විතරයි )
ජය වේවා.....
හැමදාම මදාවි වැඩම කරල හරියන්නැති බව දැන් දැන් පේනවනේ කටුසු.
Deleteජයවේවා!
සංවේදී කවිය , මේ ගැනම කතාවක් නේද සිරා ගිය සැරේ පොස්ට් එකේ දාලා තිබ්බේ. මෙතන තරුණයෙකු ලෙස හැඳින්වීමෙන් සංවේදී බව වැඩිවුනා මං හිතන්නේ .
ReplyDeleteඇත්තටම ඒක නොදැක මේක ලිව්වෙ. ඔබත් කටුසුත් කී නිසා හොයලා බැලුවා. හැබෑටම එකම තේමාවක්/අවසානයක්.
Deletehttp://siragekamare.blogspot.com/2015/01/blog-post_11.html
මාත් කවිපෙළේ පහළට ආවෙ හිනාවෙන්න බලාගෙන.. ඒත් බලද්දි වෙනස්ම දෙයක්.. මධුමාධවීට ඕනම ශෛලියකින් කවි ලියන්න පුළුවන් කියල ඔප්පු කරපු නිර්මාණයක්...
ReplyDeleteශෛලීන් දෙකක් කිව්වෙ, නියම රියල් ඩබල් බිස්කට් එකක්?
Deleteස්තුතියි අෂාන්!
අශාන් මල්ලි කියපු එක තම මටත් කියන්න තියෙන්නේ. එක්පරටම් සංවේදී තලයට බැහැල අර මදාවි ශෛ ලියෙන්. දෙකම හොඳයි ආච්චියෙ.
ReplyDeleteහැමෝම ඉල්ලන්නෙ වෙනසක්නෙ සීයෙ. ස්තුතියි!
Deleteදැනන් හිටිය කතාවක් ලස්සනට කවියට හරවලා..
ReplyDeleteස්තුතියි දිනේෂ්!
Deleteඑල
ReplyDeleteKiri!
Deletehttp://nelumyaya.com/?p=1833
ReplyDeleteThanks Boss!
Delete