බිල් ක්ලින්ටන් මිය ගියාලු - සැනින් අපායට ගියාලු
යම රජු වෙත ගෙනගියාලු - දඬුවම් පිණිස
ජනාධිපති කෙනෙක් නිසා - එකවර දඬුවම් නොමදී
කැමති දඬුවමක් තෝරා - ගන්න කීවලූ
තමන් විඳිය යුතු දඬුවම - බලා තෝරගන්නෙමි යැයි
බිල් ක්ලින්ටන් යමරජු හා - ඇවිදගෙන ගියා
ගිනිගත් එක කාමරයක - සෙනෙට් සභිකයෙක් එල්ලා
පිළිස්සෙමින් දුක්විඳිමින් - ඉන්නව දැක්කා
"අපෝ එපා ඒ දඬුවම" - බිල් එතනින් පියනැගුවා
තවත් කාමරේකට ඔහු - එබිලා බැලුවා
ගිනි වතුරේ කර වටේට - ගිලී සිටින තව සගයෙකු
දැකලා බිල් "ඒ වධයත් - එපා" කියන්නේ
තුන්වන කාමරේ දුටවෙ - පුදුම හිතෙන දර්ශනයකි
ඉරාකයේ සදාම් සිටී - දම්වැලින් බැඳ
බිත්තියකට ඇද බැඳ ඇති - ඔහු ඉදිරියෙ දණ ගහගෙන
මොනිකා දත් මදිනව වැනි - යමක් කරනවා
මොනික කෙල්ල දැක්ක ගමන් - බිල්ට සියලු සැප සිහිවිය
"මම කැමතියි මේ දඬුවම - තෝරගන්නට"
යම රජු මොනිකට කීවා - "ඔබගේ දඬුවම ඉවරයි
ඔබේ වැඩේ කරන්න වෙන - කෙනෙක් ඉන්නවා"
සදාම් ගේ දඩුවම එදා ඉඳලා තමයි පටන් ගත්තේ!
ReplyDeleteඒකත් හැබෑව!
Deleteරසික, රාජ්,
Deleteඒකත් හරි තමා එක අතකට.
මට චුට්ටක් ටියුබ් ලයිට්
ReplyDeleteදඬුවම තිබිලා තියෙන්නෙ මොනිකාට.
Deleteඇනෝට ඕනැ වෙලා තියෙන්නෙ දත් මදිනව වගේ එක මොකක්ද කියල පැහැදිළි කරගන්නයි.
Delete-ශනි
මේ ඇනෝලා පොඩි ලේබල් එකක්වත් ගහගෙන එනවනම් මොකද?
Deleteශනී, මක්කෙයි ප්‍රොෆයිල් එකට උනේ?
මම අහල තියන වර්ශන් එකේදි යමය කියනව "නෑ නෑ ඒක මොනිකට දීපු දඬුවමක්" කියල.
ReplyDeleteමෙතනදි බිල්ට එහෙමවත් කල්දීමක් නෑ. කෙලින්ම දඬුවම.
Deleteසුපුරුදු මධාවී ස්ටයිල්... සුපිරියි මචෝ.. උදේ පඳරම උඹේ පෝස්ට් එකක් දැක්කම හිත පිරෙනවා සංතෝසෙන්.
ReplyDeleteමං මේ කල්පනා කලේ අපේ රටේ ඔය දඬුවම කාටද දෙන්න වැඩියෙන්ම හොඳ කියලා.
මෙහෙම කමෙන්ට් එකක් දැක්කමත් ඒකම තමා වෙන්නේ.
Deleteමෙහෙනම් පෝලිමක් ඉන්නවා වේටින් ලිස්ට් එකේ. දඬුවම ක්‍රියාත්මක නොවීමයි කරුමෙ. අපාය හොඳයි ඒ අතින්.
හි..හි.. ක්ලින්ටන්ට මොනවා හිතෙන්න ඇත්ද...
ReplyDeleteමුලදි හිතපු දේ එක්ක බැලුවම?
Delete// යම රජු මොනිකට කීවා - "ඔබගේ දඬුවම ඉවරයි
Deleteඔබේ වැඩේ කරන්න වෙන - කෙනෙක් ඉන්නවා"// මෙන්න මේ ටික කියද්දී
විද්දෙ හාවට වැදුනෙ පඳුරට වගේ නේ?
Deleteමෙහේ දඩුවමුත් අපායට යනකන් ලැබෙන පාටක් නෑ.
ReplyDeleteඑසේයැ... එසේයැ... පොතේ ලියවෙනවා පමණක්යැ.
Deleteහොහ් හොහ් හෝ...............
ReplyDeleteපට්ටයි පට්ටයි පට්ටයි පට්ටයි පට්ටයි
පට්ටයි කියන්නෙ ලොවෙත් නෑ දරුව හිහි
නත්තල් සීයා තාම ඉන්නවා වගේ. ස්තුතියි සැන්ටා!
Deleteසදාම්ගේ ආතල් එක.. ලැබේවි.. හැක්.. එළ
ReplyDeleteහප කරයිද දන්නෙත් නෑ... තැන්කූයි!
Deleteඅප්පෝ වල් වනචර මදාවියා .. අපිත් නරක වෙනවා මේවා කියවලා
ReplyDeleteකෝ එන්න නාවලා ගෙට ගන්න.
Deletecongratulations for 10000 hits ......
DeleteThanx dear!
Deleteඅන්තිමට දාල තියෙන පොටෝව මොකක් බං? ඒක තේරෙන්නැතුවා..
ReplyDeleteඋඹ බබානේ..... හිට්ස් බලහං........
Deleteමනෝෂ්, හිට්ස් බලන්න මයි ඩියර්. පුංචි අපිට ඉතිං ඕකත් ලොකුදෙයක්නේ.
Deleteකුරුටු, මනෝෂ් වට පිට බලන්නෙම නෑ සබ්ජෙක්ට් එකේමයි නේ?
හුටා!! යකෝ බොලං, මං හිතුවෙ මේ අද පෝස්ට් එකේ සිද්ධියට අදාළ මොකක් හරි කියලනේ, අනික උන් දෙන්න නැවිලනේ හිටියෙත්. බොට වෙන පොටෝවක් තිබුනෙම නැත්ද?
Deleteබොක්කෙන්ම සුබපතනවා දයාබර මාධවියේ.... දස දහස දස ලක්ෂෙ වනතුරා ඇඟිලි ගනිමින් අප බලා සිටිනවා ඔබ සමඟම..
(මේකා වල් වෙලා තියෙන තරමක්! :D)
Deleteස්තුතියි මනෝෂ්, මුල ඉඳලම සෙවනැල්ලක් සේ ඔබත් හිටියේ. මේ මිතුදම් සදාකල් රැඳේවා!
සුපිරියි මදාවියෝ .....
ReplyDelete(තොප්පිය නැති ලොලිපොප් )
Piya too abb toh aa jaa, shola sa mann dehake aake bujha jaa
Tan kee jwala thandee ho jaye aise gale laga jaa, aah aa aah aa aa aa ha...
Oh monica my darling, monica oh my darling.............
හම්මේ, ඇති යන්තම් ආවා. ස්තුතියි.
Deleteසිංහල සින්දු විතරක් මොකෝ ආයි, ඔන්න හින්දිත්!
හිට්ස් 10,000 ට උණුසුම් සුභ පැතුම් එක කරන්නේ ....
Deleteගල් බලකාය වෙනුවෙන් සින්දු ඇනෝ
ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල් ...
පීදිලා පැතුම් පෑදිලා රුවන්
ආසිරී ගායනා මේ ඔබේ නමින්
චේතනා පෑහිලා දෑස සේ රැඳී
ජීවිතේ වාසනා වේ සදා බැඳී
ස්නේහයේ දාමයේ දෑත යාවෙලා
සාමයේ මාවතේ ඈත පාවෙලා
ගී පද - කුලරත්න ආරියවංශ
ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
පැතුමටත් ගීතයටත් බොහෝම ස්තූතියි සින්ධූර්!
Delete(ගලක් දෙකක් එවන්න බලන්නම් උඩින්ම)
බ්‍රැන්ඩ් එක ගල්
Deleteවැඩේ හරියන්නෑ. කඩුවෙල පැත්තෙ ගල් කොරියකටම කියමු.
Deleteඑතකොට රාජ්‍ය නායකයන්ට එක පාරටම විදුලි පුටුව දෙන්නෙ නැද්ද? කැමති එකක් තෝරගන්න පුළුවන්ද?
ReplyDelete-ශනි
මෙහේ කට්ටිය බයිලා ගැහුවට එහේ 1979 න් පස්සෙ ඒකෙ මකුලුදැලුත් බැඳිලා, ශනී.
Deleteහත්තිලව්වයි....... දැන් අපායේ ගියාම බිල්ට සදාම්ගේ ගන්නද තියෙන්නේ???? අගෙයි මාධවී.........
ReplyDeleteදස දහස් වරක් නෙමෙයි සිය දහස් වරක් අපි ඒනවා...................
මේ රවුම් ඉලක්කමක් දැක්කා ම හිතේ අැති වන සතුට අපි දන්නවා.. අපිත් ඔය ගානට අාපු දවසේ ඒක දැනුනා... ඒක විදලා තියෙන විදිහත් අපූරුයි............. විසිදාහ... පනස්දාහ.... ලක්ෂය ඉක්මනින් ම ලගා වේවා........ කොහොමත් 10000ට ඔබ විසින් ගිහිං තියෙන ගමන නම් බොහොම දුරයි හොදේ............ ඒ ගැනත් අපේ සතුට ප්‍රකාශ කරනවා මාධවී.........
හතුරෙකුට සත්කාර කරනකොට කොහොම ඇත්ද සනීපෙ?
Deleteබොහෝම ස්තුතියි කුරුටූස්, ඔබලා සැමගේ සහයෝගය නැත්නම් මේ දුර යන්න බෑ.
කලින් දන්නවනම් බිලා කවදාවත් යුද්ද කරන්නේ නැතිවෙයි.. හැක් හැක්..
ReplyDeleteදවස හරි.. තැන්කූ මදූ සුදූ..
බිලාට ඔහොමනම් බුෂාට මොනවා වෙයිද?
Deleteඑහෙනම් එච්චරයි කළණ සුදූ...
හිට්ස් 10,000 ට සුබපැතුම් ඇත්තටම මේක පොඩි දෙයක් නොවෙයි.පටන් අරන් වැඩි දවසක් නැති නිසා 10,000 කියන්නෙ ලොකු දෙයක්.
ReplyDeleteඅපට රසය ගෙනෙන්න ඔබ වෙහෙසෙන බව මම දන්නවා.මේ වගෙ දේවල් සොයා පරිවර්තනය කර ගෙනෙනවා කියන්නෙ අනුන් ගැන හිතා කරන සේවයක්.ඊට තුති.
ස්තුතියි ම.ම. අගයකිරීම ඉතාම නිහතමානීව පිළිගන්නවා. මිනිසුන් හිනැස්සීම මමනම් හිතන්නේ ලොකු පිනක් (මේ ලේ රත්වෙන ලෝකෙ)
Deleteඑල ද බ්‍රා මචං..
ReplyDeleteහවස ටි ටෙබල් එකට මුකුත් නැතුව හිටියෙ..
තෑන්ක්ස්!
Deleteටී ටයිම් අැසෝර්ට්මන්ට්?
බිල් අයියට මෙහෙමනම් තාත්තයි පුතයි ගියහම මොනව වෙයිද?
ReplyDeleteඒ වගේ දඬුවමක් ලැබෙන්න සදාම් අන්කල් මොනවද දන්නේ නෑ කරපු වැරද්ද?පොඩ්ඩක් හොයලා කියපන්කෝ...
10000 ට උණුසුම් සුභපැතුම්.!!!!!!!
කියවන දනා සැම හදවත් පුබුදු කල
උදෑසනින් පීඩිත මන එකලු කල
නුඹේ නමට පිළිගන්වමි මෙමල් මිට
මදාවියෝ සුභවේවා යනෙන මග
ජයෙන් ජයම වේවා......
සදාම්ටනම් බහුභාර්යා අකුශලය වෙන්නැති ගෙවන්න ඇත්තෙ.
Delete(//මදාවියෝ සුභවේවා යනෙන මග// අන්තිම වචන දෙක දැක්කෙ ‘යහන මත‘ වගේ. :ඩී.
ස්තුතියි කටුස්සෝ. සෙත්කවිය බොහොම අගෙයි. ජයම වේවා!
//අන්තිම වචන දෙක දැක්කෙ ‘යහන මත‘ වගේ.//
Deleteහිතේ තියන ආසාව නිසා වෙන්ටැ.
මොකක් හරි නොම්මරයක්වත් ගහගෙන එන්න අයියෝ.
Deleteහුරේ ... මදාවියා නැවතත් කරළියේ ..
ReplyDeleteඅයියෝ සංසාරේ ... ක්ලින්ටන් කෙසේ වෙතත් මොණිකා මැඩම් නම් දඬුවම පිළිබඳ විරෝධය පාන්නෙ නැතුව ඇති .. : D : D
හිට්ස් 10,000 ට උණුසුම් සුභ පැතුම් මාධවී ..
" ආ මඟ කෙටියි - යා යුතු මඟ දුරයි "... ඔහොම යං ...!!
හුරේ.... (යහපාලනේ උදාවුනා වගේ)
Deleteමොනිකා දඬුවම් ඉවරවෙලා ආපහු ආවට වැඩක් නෑ... බිල් තාම එහේනෙ.
ස්තූතියි සඳරු! ඇත්ත... යා යුතු මග බෝ දුරයි.
එළ...
ReplyDeleteහිට්ස් 10,000ට සුබ පැතුම්...
හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු වෙනවා මේ පැත්තේ ආවාම... උඹේ ඔය මදාවි ස්ටයිල් එක වෙනස් නොකර ලියපං.
ස්තුතියි ඩිල්!
Deleteඉඳහිට වෙනසක් කරමු. නැත්නම් සීනි වුනත් රහ නැතිවෙනවා.
ඉතිං සදාම් ළඟ හොඳ දැහැටි කූරක් තිබුනැයි?
ReplyDeleteදැනුයි කමෙන්ටුව දැක්කෙ විචාරකතුමා. සමාවෙන්න.
Deleteදත් මදින්නද? තිබුණ කූරෙන් මොනිකා තමා මැද මැද ඉඳල තියෙන්නෙ.
අපායේ ටුත් පේස්ට් දෙන්නේ මැද්දට පස්සෙද ?
Deleteමැද්දට පස්සෙ ටූත්පේස්ට් නිකංම ලැබෙනවා.
Delete