ඉතිරි කිරීම
තරුණ විවාහක යුවලක් - මුදල් ඉතිරි කරන මගක්
සොයා සැලසුමක් සාදා - මෙලෙස කරන්නේ
දෙදෙනා එක්වන හැමවිට -මේසය මත ඇති කැටයට
සැමියා එක කාසියකුයි - ඇතුල් කරන්නේ
ටික කලකුත් ගත වූයේ - දිනක් දෙදෙන එක්වූයේ
සැමියා අත වැදී කැටය - බිමට වැටෙන්නේ
බිඳුනු කැටය ගෙන බැලුවා - කාසිම විතරක් නොවේය
නෝට්ටු කොල රොත්තක් එහි - පිරිලා තිබුණා
"මේ මොකදෝ නෝට්ටු කොල - මම ඒවා දැම්මෙ නැහැනෙ"
බිරිඳ විමසලා සැමියා - පැනයකි නැගුවේ
"ඔයා හිතනවද හැමෝම - ඔයා වගේ ලෝබ ඇතැයි"
කියා බිරිඳ ඒ සැනෙකින් - පිළිතුරු දුන්නා
හැක, හැක!
ReplyDeleteදශක කීපයකට කලින් ගුවන් විදුලියේ ගිය ගීත කතන්දර මේ හා සමාන ශෛලියකින් තමයි ගායනා කෙරුණේ!
මේ ශෛලියෙන් අවසානයේ අනපේක්ෂිත පැත්තකට කතාව නවන්න ලේසියි රසික.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔය ගැටලු වලට බෙහෙත් නැත. ශල්‍යකර්මයකින් යමක් කළ හැක. කැටේටත් කාසියක් විතරක් දාන පොර කොහෙද ඔපරේෂන් වලට වියදම් කරන්නෙ.
Deleteඇයි දැන් ඕක මට කියන්නේ .. හිහි... හි
Deleteචැහ්, උම හරියට නරක් වෙලා .. දැන් කවි විතරක් නෙමෙයි කමෙන්‍ටුත් මදාවි පාටයි. කමෙන්ට් කරන්නත් බය හිතෙනවා. ආයි මේ පැත්තවත් බලන්නෙ නැහැ ඕං ...
සැමියාට ආරූඪ වෙලා වගේ පෙනුනා..ඒකයි.
Deleteඅනේ පිස්සුනම් කරන්න එපා පුතෝ.
මරු ඉතිරිය. මේ කවි සැට් ටික එකතු කරල පොතක් ගැහුවනං හරි බං.
ReplyDeleteපොත ගහතෑකි. අයිඇස්බීඇන් එක ගන්න තමා බැරි (නඩුත් යාවි).
Deleteඑල ද බ්‍රා..
ReplyDeleteඅනේ උඔගේ කට...හැකියාව එල ද බ්‍රා මචං
කප් සයිස් ඇන්ඩ් බෑන්ඩ් සයිස් ප්ලීස්.
Deleteඒකනෙ කියන්නෙ. වැඩිපුර සල්ලි ඉතුරුකරන්න හිතාගෙන මොකක් හරි වෙනස් දෙයක් කළාම දැන් මේ අලුතින් හැදිච්ච කල්ලියක් ඇවිත් කැට කඩල ඒව ඇතුළෙ තියන ඒව එළියට ඇදල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරනවනෙ.
ReplyDeleteඒකනෙ. බහාලුම් වල තියෙන ඒවත් අදිනවනෙ.
Deleteහි..හි..
ReplyDeleteහූ..හූ..
Deleteඑල බන් මදාවියෝ
ReplyDeleteකැටේද... නෝනද?
Deleteමරු මරු බං මදාවියෝ. බොලා තමා මේ ගේම රන් කරන්න ඕන..
ReplyDeleteඅපරාදෙ සමහරු මේ සබ්ජෙක්ට් එක අතහැරියෙ.
Deleteමේ... නිකමට අහන්නෙ, කොයි ගේමද? සල්ලි කොල දාන ගේමද??
Deleteමදාවි කයි ගේම..
Deleteඅන්න මිනිස්සු.............................
ReplyDeleteඅන්න ගෑනු
Deleteමෙන්න මධාවියෝ!!
Deleteමං කියන්නෑ ඉතිං
Delete//ටික කලකුත් ගත වූයේ - දිනක් දෙදෙන එක්වූයේ
ReplyDeleteසැමියා අත වැදී කැටය - බිමට වැටෙන්නේ//
උඹට පිස්සුනේ මචෝ ..කැට දෙකම එක තැන තියාගත්තේ මොකද ?
හැක් හැක් මදාවියෝ මරු බන් ....
මෙන්න තව එකක් ..
ඉතිරි කරන මන්තරේ - දැන් තමයිනෙ තේරුණේ
කැට දෙකම එකයි. අන්තිමට බිඳලා ගන්න එපායැ තැන්පත් කරපුවා.
Deleteඒ ඔට්ටු කතාව අහලා තිබුණා.
මේ කවි නම් ලොවෙත් නැති කවි ටිකක්නෙ.. අද තමයි මේ බොගට ආවේ.. ඉතුරු ටික හිමිට කියවන්න ඕනේ.
ReplyDeleteඇයි දෙයියනේ චැනලින් වලට ඇවිත් තිබුණෙ.
Deleteදෙකටම එක දවසෙනෙ ඇවිත් තියෙන්නෙ... හොක් හොක්
Deleteනැවු ගියාට පාර හිටින එකක් යෑ.....
ReplyDeleteජය වේවා....
හිටිනවා. ඇයි අයිස් කඩාගෙන යන නැව්?
Deleteජයවේවා...
ආදර්ශමත් පවුලක්..
ReplyDeleteඑහෙනං. එහෙනං.
Deleteහුටා!! ඔය කරල තියෙන්නේ. අපරාදේ සැමියගෙ සිහින මාළිගාව!
ReplyDeleteඅපරාදෙ සැමියගෙ කැටේ!
Deleteමේ වගේම තව යුවළක් - බොහොම ආදරෙන් උන්නා...
ReplyDeleteඅගහිගකම් වැඩිවෙන විට - මෙහෙම හිතන්නේ...
රට රස්සාවකට ගොහින් - මුදල් ටිකක් හම්බ කරන්
ඉක්මනටම මම එන්නම් - සැමිය කියන්නේ
කාලය ක්‍රමයෙන් ගෙවුණා - බිරිය තනිකමෙන් උන්නා
සැමියා මව්රට පැමිනෙන - කාලෙ එළඹුණා...
ගෙදර ආපු හැටියෙම ඔහු - කාමරයට රිංගා ගෙන
අවුරුදු දෙකකම ඇරියස් - එකවර ගෙව්වා...
බිරිය කුස්සියට ගිය විට - කම්මැලිකම ඉහවහ ගිය
සැමියා මෙට්ටය නිකමට - උස්සා බැලුවා...
මුං ඇට දෙකකුත් සමගින් - රුපියල් සීයේ නෝට්ටු
දෙකක් ඇදේ මෙට්ටය යට - පෙනෙන්න තිබුණා...
විපිළිසරව ගිය සැමියා - බිරිය කුටිය වෙත කැදවා
'මේ මොනවාදැයි' කියලා - විමසා සිටියා...
සමාවෙන්න රත්තරනේ - පොඩි වරදක් සිදු වූවා
බිරිය හොටු කදුළු පෙරමින - අඩන්න ගත්තා
ඔයා ගෙදර නැති අතරේ - අයිය කෙනෙක් මෙහි ආවේ
ඒ එන හැම වාරෙම මම - මුං ඇටයක් තිබ්බා...
මේක අහපු සැමියා හට - උෟරු ජුවල් නැග්ග නමුත්
සාධාරණ මේ මිනිහා - මෙහෙම හිතනවා
ඇයත් තනිකමෙන් උන්නේ - පැමිණ තිබෙන්නෙත් දෙවරයි
ඒත් මොකද සීයේ කොළ දෙකක් තියෙන්නේ?
එකතු වෙලා තිබු මුං ඇට - කිලෝ දෙකක් මං වික්කා
ඉතුරු සල්ලි තමයි ඔතන - තියල තියෙන්නේ....
හහ් හා... බිත්තර කතාවකුත් තියේ ඔය ආකාරයේම.
Deleteමේ කවිපෙල හරි අපූරුයි. පොටෝ ඇල්ලිල්ල අතරෙ මේ හැකියාවටත් කාලවේලාව වෙන් කරගත්තනම් නරකද?
මේ බ්ලොග් අවකාසෙට එක මදාවියෙක් ඇති බොලේ...
Deletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15579-2015-01-30-19-49-28
ReplyDeleteමදාවි , මේවා දානවා කියල දන්නවනේ ඉතින් නේද. ලින්ක් එක දෙන්න ඕනේ නැහැනේ.