2015-01-28

ඉතිරි කිරීම



තරුණ විවාහක යුවලක් - මුදල් ඉතිරි කරන මගක්
සොයා සැලසුමක් සාදා - මෙලෙස කරන්නේ

දෙදෙනා එක්වන හැමවිට -මේසය මත ඇති කැටයට
සැමියා එක කාසියකුයි - ඇතුල් කරන්නේ


ටික කලකුත් ගත වූයේ - දිනක් දෙදෙන එක්වූයේ
සැමියා අත වැදී කැටය - බිමට වැටෙන්නේ

බිඳුනු කැටය ගෙන බැලුවා - කාසිම විතරක් නොවේය
නෝට්ටු කොල රොත්තක් එහි - පිරිලා තිබුණා

"මේ මොකදෝ නෝට්ටු කොල - මම ඒවා දැම්මෙ නැහැනෙ"
බිරිඳ විමසලා සැමියා - පැනයකි නැගුවේ




"ඔයා හිතනවද හැමෝම - ඔයා වගේ ලෝබ ඇතැයි"
කියා බිරිඳ ඒ සැනෙකින් - පිළිතුරු දුන්නා


40 comments:

  1. හැක, හැක!

    දශක කීපයකට කලින් ගුවන් විදුලියේ ගිය ගීත කතන්දර මේ හා සමාන ශෛලියකින් තමයි ගායනා කෙරුණේ!

    ReplyDelete
    Replies
    1. මේ ශෛලියෙන් අවසානයේ අනපේක්ෂිත පැත්තකට කතාව නවන්න ලේසියි රසික.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය ගැටලු වලට බෙහෙත් නැත. ශල්‍යකර්මයකින් යමක් කළ හැක. කැටේටත් කාසියක් විතරක් දාන පොර කොහෙද ඔපරේෂන් වලට වියදම් කරන්නෙ.

      Delete
    3. ඇයි දැන් ඕක මට කියන්නේ .. හිහි... හි

      චැහ්, උම හරියට නරක් වෙලා .. දැන් කවි විතරක් නෙමෙයි කමෙන්‍ටුත් මදාවි පාටයි. කමෙන්ට් කරන්නත් බය හිතෙනවා. ආයි මේ පැත්තවත් බලන්නෙ නැහැ ඕං ...

      Delete
    4. සැමියාට ආරූඪ වෙලා වගේ පෙනුනා..ඒකයි.
      අනේ පිස්සුනම් කරන්න එපා පුතෝ.

      Delete
  3. මරු ඉතිරිය. මේ කවි සැට් ටික එකතු කරල පොතක් ගැහුවනං හරි බං.

    ReplyDelete
    Replies
    1. පොත ගහතෑකි. අයිඇස්බීඇන් එක ගන්න තමා බැරි (නඩුත් යාවි).

      Delete
  4. එල ද බ්‍රා..
    අනේ උඔගේ කට...හැකියාව එල ද බ්‍රා මචං

    ReplyDelete
    Replies
    1. කප් සයිස් ඇන්ඩ් බෑන්ඩ් සයිස් ප්ලීස්.

      Delete
  5. ඒකනෙ කියන්නෙ. වැඩිපුර සල්ලි ඉතුරුකරන්න හිතාගෙන මොකක් හරි වෙනස් දෙයක් කළාම දැන් මේ අලුතින් හැදිච්ච කල්ලියක් ඇවිත් කැට කඩල ඒව ඇතුළෙ තියන ඒව එළියට ඇදල අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. බහාලුම් වල තියෙන ඒවත් අදිනවනෙ.

      Delete
  6. එල බන් මදාවියෝ

    ReplyDelete
  7. මරු මරු බං මදාවියෝ. බොලා තමා මේ ගේම රන් කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ සමහරු මේ සබ්ජෙක්ට් එක අතහැරියෙ.

      Delete
    2. මේ... නිකමට අහන්නෙ, කොයි ගේමද? සල්ලි කොල දාන ගේමද??

      Delete
    3. මදාවි කයි ගේම..

      Delete
  8. අන්න මිනිස්සු.............................

    ReplyDelete
  9. //ටික කලකුත් ගත වූයේ - දිනක් දෙදෙන එක්වූයේ
    සැමියා අත වැදී කැටය - බිමට වැටෙන්නේ//

    උඹට පිස්සුනේ මචෝ ..කැට දෙකම එක තැන තියාගත්තේ මොකද ?
    හැක් හැක් මදාවියෝ මරු බන් ....

    මෙන්න තව එකක් ..
    ඉතිරි කරන මන්තරේ - දැන් තමයිනෙ තේරුණේ

    ReplyDelete
    Replies
    1. කැට දෙකම එකයි. අන්තිමට බිඳලා ගන්න එපායැ තැන්පත් කරපුවා.
      ඒ ඔට්ටු කතාව අහලා තිබුණා.

      Delete
  10. මේ කවි නම් ලොවෙත් නැති කවි ටිකක්නෙ.. අද තමයි මේ බොගට ආවේ.. ඉතුරු ටික හිමිට කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ චැනලින් වලට ඇවිත් තිබුණෙ.

      Delete
    2. දෙකටම එක දවසෙනෙ ඇවිත් තියෙන්නෙ... හොක් හොක්

      Delete
  11. නැවු ගියාට පාර හිටින එකක් යෑ.....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හිටිනවා. ඇයි අයිස් කඩාගෙන යන නැව්?
      ජයවේවා...

      Delete
  12. ආදර්ශමත් පවුලක්..

    ReplyDelete
  13. හුටා!! ඔය කරල තියෙන්නේ. අපරාදේ සැමියගෙ සිහින මාළිගාව!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ සැමියගෙ කැටේ!

      Delete
  14. මේ වගේම තව යුවළක් - බොහොම ආදරෙන් උන්නා...
    අගහිගකම් වැඩිවෙන විට - මෙහෙම හිතන්නේ...

    රට රස්සාවකට ගොහින් - මුදල් ටිකක් හම්බ කරන්
    ඉක්මනටම මම එන්නම් - සැමිය කියන්නේ

    කාලය ක්‍රමයෙන් ගෙවුණා - බිරිය තනිකමෙන් උන්නා
    සැමියා මව්රට පැමිනෙන - කාලෙ එළඹුණා...

    ගෙදර ආපු හැටියෙම ඔහු - කාමරයට රිංගා ගෙන
    අවුරුදු දෙකකම ඇරියස් - එකවර ගෙව්වා...

    බිරිය කුස්සියට ගිය විට - කම්මැලිකම ඉහවහ ගිය
    සැමියා මෙට්ටය නිකමට - උස්සා බැලුවා...

    මුං ඇට දෙකකුත් සමගින් - රුපියල් සීයේ නෝට්ටු
    දෙකක් ඇදේ මෙට්ටය ය‍ට - පෙනෙන්න තිබුණා...

    විපිළිසරව ගිය සැමියා - බිරිය කුටිය වෙත කැදවා
    'මේ මොනවාදැයි' කියලා - විමසා සිටියා...

    සමාවෙන්න රත්තරනේ - පොඩි වරදක් සිදු වූවා
    බිරිය හොටු කදුළු පෙරමින - අඩන්න ගත්තා

    ඔයා ගෙදර නැති අතරේ - අයිය කෙනෙක් මෙහි ආවේ
    ඒ එන හැම වාරෙම මම - මුං ඇටයක් තිබ්බා...

    මේක අහපු සැමියා හට - උෟරු ජුවල් නැග්ග නමුත්
    සාධාරණ මේ මිනිහා - මෙහෙම හිතනවා

    ඇයත් තනිකමෙන් උන්නේ - පැමිණ තිබෙන්නෙත් දෙවරයි
    ඒත් මොකද සීයේ කොළ දෙකක් තියෙන්නේ?

    එකතු වෙලා තිබු මුං ඇට - කිලෝ දෙකක් මං වික්කා
    ඉතුරු සල්ලි තමයි ඔතන - තියල තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හහ් හා... බිත්තර කතාවකුත් තියේ ඔය ආකාරයේම.
      මේ කවිපෙල හරි අපූරුයි. පොටෝ ඇල්ලිල්ල අතරෙ මේ හැකියාවටත් කාලවේලාව වෙන් කරගත්තනම් නරකද?

      Delete
    2. මේ බ්ලොග් අවකාසෙට එක මදාවියෙක් ඇති බොලේ...

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15579-2015-01-30-19-49-28
    මදාවි , මේවා දානවා කියල දන්නවනේ ඉතින් නේද. ලින්ක් එක දෙන්න ඕනේ නැහැනේ.

    ReplyDelete