කතිර කතිර ගහනාහැටි පෙන්නනවා
ලකුණු මාරුකරලා තව අන්දනවා
මොකුත් නොදන්නා... කමටම ඇන්දෙනවා හා හෝ
ඉගෙන ගන්න අද ඉස්කෝලෙට යනවා
ලකුණු මාරුකරලා තව අන්දනවා
මොකුත් නොදන්නා... කමටම ඇන්දෙනවා හා හෝ
ඉගෙන ගන්න අද ඉස්කෝලෙට යනවා
දකුණෙ දකුණෙ මහ පාරේ අපි යනවා
ගොන් රෑනක් දකුණෙන් රිය පදවනවා
කැලේ පනිනවා... පිඹගෙන උන් යනවා හා හෝ
දත් කැකුලද කිටි කිටියේ මිටි කනවා
කොළඹ වරායේ ජැටිවල බාප්පේ
ඉස්පිරීතු පුරවා ඇති පීප්පේ
බෙදිල බෙදිල එයි... වීදුරු කෝප්පේ හා හෝ
බයිට් එකට කමු ජැකීගෙ ආප්පේ
කතා කලොත් බැට දීලා ඇත නිතර
ගිනි බිඳලා ඇත ඉල්ලූවට වතුර
හිතලා බලල්ලා... මොහොතක් වී නතර හා හෝ
පරිස්සමින් ගහපල්ලා ඔය කතිර
පැමිණිලි ගාන දැනටත් දාහත් පැනලා
නීති රකින......ඇත්තෝ ඇත බකන් නිලා හා හෝ
වුණා නෙමෙයි තව ඔය එය දැනගල්ලා
බඳුන් දෙකක් ඇත තෝරාගෙන බොන්ට
නොදනී එකක ඇතිදේ පුරවා කටට
අනිකේ තිබෙන්නේ...වස බව දත් කලට හා හෝ
දැන දැන බොතොත් බේතක් නෑ ගොන්කමට
මම ළඟදී තමා ඔබගේ කවි බ්ලොග්ස් කියවන්න පටන් ගත්තේ , අහම්බෙන් අහු උනේ , ඉතින් ඒ හැම එකකම වාගේ තිබුන රසය මේ පද වැල් වල එක තැනක පමණයි සැඟවෙලා තිබුනේ , හැබැයි එක මුළු එකටම සැහෙන තරම් රසවත් , රසවත් , # බයිට් එකට කමු ජැකීගේ ආප්පේ #
ReplyDeleteජොනීගේ එතනෝල් ගහලා # බයිට් එකට කමු ජැකීගේ ආප්පේ #
මේක “සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල“ ජන ගීයේ තනුවට ලිව්වෙ. සැඟවූ දෑ කීපයක්ම තියෙනවා.
Deleteමෙත්මල් පිබිදේවා...
ReplyDeleteසිත් තුල,
මෙත් මල් පිබිදේවා...!!!!
මෛත්‍රීපාල සිරිසේන - 55% +
බහුජන පැතුම යැයි උපකල්පනය කරමු. හෙට දවල් වෙනකොට බලමු.
Deleteනියමයි නියමයි. අදනම් නිවැරදි භාජනේ තෝරාගෙන බොනවා උදෙන්ම.
ReplyDeleteප්‍රතිඵල එනකල් රෑට බීලා බලමුකෝ ජැකී කඩේ ඇරලා තියයිද කියලා. :D
වැඩක් නෑ Sir .. ජැකී සල්මාන් එක්ක ගිහින් නම් තව කාලෙකට මේ පැත්ත බලන් එකක් නැහැ, වෙච්ච සංගදියේ හැටියට .... : D : D
Delete@විචාරක,
Deleteබොන එක බොනවා අමර බීමක්. හික්.
@සඳරු,
Deleteඅර කියනවා වගේ ජැකී ගියා ගියාමයි.
This comment has been removed by the author.
ReplyDeleteමෙන්නෝ .. මැතිවරණ නීතී උල්ලංඝනය කරනවෝ ....
ReplyDeleteකිව්වත් කිව යුත්ත කොතරම් රස කරලා
ළිඳේ ඉන්න උන් බොන්නෙම වස, තලු මරලා
දක්කන්න හැකි වූවත් අසු විල වෙත කඹයක් කර ලා
බැහැ නොවැ මාධවීයෝ .. දිය පොවන්න බල කරලා
//මෙන්නෝ .. මැතිවරණ නීතී උල්ලංඝනය කරනවෝ ....//
Deleteඅද උදේ සෝමවාහිනියෙ ධර්මානුසාසනාවෙදි පොරක් සිවුර නැතිව ගියා යෑමක් කඩේ, අන්න එව මොනවද එතකොට?
හා හා තරහා ගන්න කාරි නෑ ... ඒකනේ මාධවී, අපි ඕවා බලන්නේ නැත්තේ .. ( ඇඟේ තියෙන ලේ කලඳත් පුච්චගන්නේ මොකටද අප්පා ? )
Deleteනෑ..නෑ.. තරහකට කිව්වා නෙමේ. එහෙම කැත වැඩක් වුණු බව දන්වන්න කීවේ. මගේ ඡන්ද දායකයො එක්ක මක්කටැයි මං තරහා ගන්නේ, හිටං.
Deleteජැකි යගෙ ආප්පෙ කන්න නං බැරිවෙයි
ReplyDeleteඅනික් ව නං සලකල බැලියැකි.....
හිහි
දැනටත් කාල ඇති ඛාන් ල.
Deleteසුවර්ද ඈ
Deleteමදාවියත් දන්න දේවල්
හිකිස්.
Deletefirst thing first .....
ReplyDeleteuse your brain and do the needful........
we need a change.........
a better day today will make a better future
and not the present corrupt system........
ටෝටලි ඇග්‍රීඩ් විත් යූ විතවුට් කොන්ඩිසොන්ස්.
Deleteබඳුනට වස පිරෙව්වෙ අපෙ ඇස් වහලා
ReplyDeleteජය පැන් ඕනැවට වැඩියෙන් ඇත පොවලා
තවමත් සිහිය සමහරුනගෙ නෑවිල්ලා
දොඩනව විකාරෙන් බඳුනේ ගැට්ටෙන් අල්ලා
පැන පැන බොන්න දඟලන්නෙත් වස බඳුනයි
අනිත් එකේ වස නෑ ඇස් වහ පමණයි
දන්නා මර උගුල වළකා ගත යුතුමයි
අළුත් එකට මුල සිට බර දැමිය හැකියි
වාව්... අන්න කවි.
Deleteනියමයි මධාවියෝ කයිය. ඊයේ ලිව්වේ/දැම්මේ නැත්තේ මොකද? අපේ නෙලුම්යාය අප්ඩේට් වෙන්නෙත් නෑ මේ දවස්වල ට්‍රැෆික් වැඩි නිසා.
ReplyDeleteතීරණාත්මක දවසෙම දාන්න හිටියා සීයෙ.
Deleteකවුරු මොන කට කතා කිව්වත් දිනන්නේ මහින්ද :P
ReplyDeleteපව් නේ
අන්න නියම අනාවැකි. සුමනෙ කැලේ.
Delete//දකුණෙ දකුණෙ මහ පාරේ අපි යනවා
ReplyDeleteගොන් රෑනක් දකුණෙන් රිය පදවනවා
කැලේ පනිනවා... පිඹගෙන උන් යනවා හා හෝ//
මෙන්න මචෝ සුපිරිම කොටස. I like it.
බුකියෙ වගේ ලයික් එකක්ද?
Deleteඅස්වනු නෙලාගෙන එහෙම ඔන්න අපිත් ආවෝ..
ReplyDeleteමාත් මේ අහන්න හිටියෙ. ඇති යන්තම් දැන්වත් ආවා. මේ, ඊ ළඟ ටික දොහේ කොයිබෙයි යන්නෙ?
Delete