2015-01-08

The Judgement Day



කතිර කතිර ගහනාහැටි පෙන්නනවා
ලකුණු මාරුකරලා තව අන්දනවා
මොකුත් නොදන්නා... කමටම ඇන්දෙනවා  හා  හෝ
ඉගෙන ගන්න අද ඉස්කෝලෙට යනවා


දකුණෙ දකුණෙ මහ පාරේ අපි යනවා

ගොන් රෑනක් දකුණෙන් රිය පදවනවා
කැලේ පනිනවා... පිඹගෙන උන් යනවා හා හෝ
දත් කැකුලද කිටි කිටියේ මිටි කනවා

කොළඹ වරායේ ජැටිවල බාප්පේ
ඉස්පිරීතු පුරවා ඇති පීප්පේ
බෙදිල බෙදිල එයි... වීදුරු කෝප්පේ හා හෝ
බයිට් එකට කමු ජැකීගෙ ආප්පේ


කතා කලොත් බැට දීලා ඇත නිතර
ගිනි බිඳලා ඇත ඉල්ලූවට වතුර
හිතලා බලල්ලා... මොහොතක් වී නතර හා හෝ
පරිස්සමින් ගහපල්ලා ඔය කතිර

ඒව එහෙම මේවා මෙහෙමයි කියලා
පැමිණිලි ගාන දැනටත් දාහත් පැනලා
නීති රකින......ඇත්තෝ ඇත බකන් නිලා හා හෝ
වුණා නෙමෙයි තව ඔය එය දැනගල්ලා

බඳුන් දෙකක් ඇත තෝරාගෙන බොන්ට
නොදනී එකක ඇතිදේ පුරවා කටට
අනිකේ තිබෙන්නේ...වස බව දත් කලට හා හෝ
දැන දැන බොතොත් බේතක් නෑ ගොන්කමට


29 comments:

  1. මම ළඟදී තමා ඔබගේ කවි බ්ලොග්ස් කියවන්න පටන් ගත්තේ , අහම්බෙන් අහු උනේ , ඉතින් ඒ හැම එකකම වාගේ තිබුන රසය මේ පද වැල් වල එක තැනක පමණයි සැඟවෙලා තිබුනේ , හැබැයි එක මුළු එකටම සැහෙන තරම් රසවත් , රසවත් , # බයිට් එකට කමු ජැකීගේ ආප්පේ #
    ජොනීගේ එතනෝල් ගහලා # බයිට් එකට කමු ජැකීගේ ආප්පේ #

    ReplyDelete
    Replies
    1. මේක “සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල“ ජන ගීයේ තනුවට ලිව්වෙ. සැඟවූ දෑ කීපයක්ම තියෙනවා.

      Delete
  2. මෙත්මල් පිබිදේවා...
    සිත් තුල,
    මෙත් මල් පිබිදේවා...!!!!

    මෛත්‍රීපාල සිරිසේන - 55% +

    ReplyDelete
    Replies
    1. බහුජන පැතුම යැයි උපකල්පනය කරමු. හෙට දවල් වෙනකොට බලමු.

      Delete
  3. නියමයි නියමයි. අදනම් නිවැරදි භාජනේ තෝරාගෙන බොනවා උදෙන්ම.

    ප්‍රතිඵල එනකල් රෑට බීලා බලමුකෝ ජැකී කඩේ ඇරලා තියයිද කියලා. :D

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ Sir .. ජැකී සල්මාන් එක්ක ගිහින් නම් තව කාලෙකට මේ පැත්ත බලන් එකක් නැහැ, වෙච්ච සංගදියේ හැටියට .... : D : D

      Delete
    2. @විචාරක,
      බොන එක බොනවා අමර බීමක්. හික්.

      Delete
    3. @සඳරු,
      අර කියනවා වගේ ජැකී ගියා ගියාමයි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මෙන්නෝ .. මැතිවරණ නීතී උල්ලංඝනය කරනවෝ ....

    කිව්වත් කිව යුත්ත කොතරම් රස කරලා
    ළිඳේ ඉන්න උන් බොන්නෙම වස, තලු මරලා
    දක්කන්න හැකි වූවත් අසු විල වෙත කඹයක් කර ලා
    බැහැ නොවැ මාධවීයෝ .. දිය පොවන්න බල කරලා

    ReplyDelete
    Replies
    1. //මෙන්නෝ .. මැතිවරණ නීතී උල්ලංඝනය කරනවෝ ....//
      අද උදේ සෝමවාහිනියෙ ධර්මානුසාසනාවෙදි පොරක් සිවුර නැතිව ගියා යෑමක් කඩේ, අන්න එව මොනවද එතකොට?

      Delete
    2. හා හා තරහා ගන්න කාරි නෑ ... ඒකනේ මාධවී, අපි ඕවා බලන්නේ නැත්තේ .. ( ඇඟේ තියෙන ලේ කලඳත් පුච්චගන්නේ මොකටද අප්පා ? )

      Delete
    3. නෑ..නෑ.. තරහකට කිව්වා නෙමේ. එහෙම කැත වැඩක් වුණු බව දන්වන්න කීවේ. මගේ ඡන්ද දායකයො එක්ක මක්කටැයි මං තරහා ගන්නේ, හිටං.

      Delete
  6. ජැකි යගෙ ආප්පෙ කන්න නං බැරිවෙයි
    අනික් ව නං සලකල බැලියැකි.....
    හිහි

    ReplyDelete
    Replies
    1. දැනටත් කාල ඇති ඛාන් ල.

      Delete
    2. සුවර්ද ඈ
      මදාවියත් දන්න දේවල්

      Delete
  7. first thing first .....
    use your brain and do the needful........
    we need a change.........
    a better day today will make a better future
    and not the present corrupt system........

    ReplyDelete
    Replies
    1. ටෝටලි ඇග්‍රීඩ් විත් යූ විතවුට් කොන්ඩිසොන්ස්.

      Delete
  8. බඳුනට වස පිරෙව්වෙ අපෙ ඇස් වහලා
    ජය පැන් ඕනැවට වැඩියෙන් ඇත පොවලා
    තවමත් සිහිය සමහරුනගෙ නෑවිල්ලා
    දොඩනව විකාරෙන් බඳුනේ ගැට්ටෙන් අල්ලා

    පැන පැන බොන්න දඟලන්නෙත් වස බඳුනයි
    අනිත් එකේ වස නෑ ඇස් වහ පමණයි
    දන්නා මර උගුල වළකා ගත යුතුමයි
    අළුත් එකට මුල සිට බර දැමිය හැකියි

    ReplyDelete
  9. නියමයි මධාවියෝ කයිය. ඊයේ ලිව්වේ/දැම්මේ නැත්තේ මොකද? අපේ නෙලුම්යාය අප්ඩේට් වෙන්නෙත් නෑ මේ දවස්වල ට්‍රැෆික් වැඩි නිසා.

    ReplyDelete
    Replies
    1. තීරණාත්මක දවසෙම දාන්න හිටියා සීයෙ.

      Delete
  10. කවුරු මොන කට කතා කිව්වත් දිනන්නේ මහින්ද :P

    පව් නේ

    ReplyDelete
    Replies
    1. අන්න නියම අනාවැකි. සුමනෙ කැලේ.

      Delete
  11. //දකුණෙ දකුණෙ මහ පාරේ අපි යනවා
    ගොන් රෑනක් දකුණෙන් රිය පදවනවා
    කැලේ පනිනවා... පිඹගෙන උන් යනවා හා හෝ//

    මෙන්න මචෝ සුපිරිම කොටස. I like it.

    ReplyDelete
    Replies
    1. බුකියෙ වගේ ලයික් එකක්ද?

      Delete
  12. අස්වනු නෙලාගෙන එහෙම ඔන්න අපිත් ආවෝ..

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්න හිටියෙ. ඇති යන්තම් දැන්වත් ආවා. මේ, ඊ ළඟ ටික දොහේ කොයිබෙයි යන්නෙ?

      Delete