2015-01-18

දුටු නොදුටු


තරුණ පුතෙක් තම පියාද       සමගින්නේ
දුරක යන්න දුම්රියකට     ගොඩවෙන්නේ
කවුලුව යාබද අසුනක් වෙත       පැන්නේ
පොඩි දරුවෙක් විලසයි ඔහු හැසිරෙන්නේ

දුම්රිය ටික ටික ඇදිලා යන්න         වුනේ
කවුලුව හැර ඔහු හිස එළියට        එබුනේ
පෙනෙන දසුන් සැම විස්තර   කරමින්නේ
දකින අයට මවිතෙකි ඔහු   ගෙන එන්නේ



තාත්තෙ අර බලන්න අර ගස්     සැවොම
වෙගෙන් යයි ඇදිලා පෙනි    නොපෙනීම
අන්න ඉගිලෙනෝ කොක්කුන්   රෑනක්ම
අපි යයි පසුකරන් හැම         වාහනයක්ම

වයසට වඩා බෙහෙවින් ළා බාල     ලෙස
හැසිරෙන තරුණයා දකිමින් සිටි      පිරිස
අතරින් කාරුණික කතකිය මේ       විලස
පියාගෙන් ඇසී වදනින් බර            කුකුස

මේ දරුවා වෙදැදුරෙකුට        පෙන්වන්න
හැකිවෙයි ඔහුගෙ අසනීපය  හොඳවෙන්න
පරසිදු වෙදෙක් ඇත මා මැනවින්    දන්න
තොරතුරු දෙමිය යනවද ඔහු     හමුවන්න

එවිට අහිංසක ලෙස ඇය දෙස       බලලා
පියා ඇයගෙ කරුණාවට         ගරුකරලා
අසා සිටින සැමගේ නෙත් තෙත්   කරලා
කීවා මේ කතාව තතු            හෙළිකරලා

මගේ පුතා හට බොහො වෙදකම් කෙරුවේ
උපතින් අන්ධ ඔහු නැහැ ලෝකය    දුටුවේ
දෙනෙත් බද්ධ කර යන්තම් සුව     ලැබුවේ
අදයි ඔහුගෙ දෙනෙතින් මේ සැම     දුටුවේ


෴ මධුමාධවී ෴

43 comments:

  1. සංවේදී කවිපෙලක්.

    \\අන්න සුදුම සුදු කොක්කුන් රෑනක්ම\\
    තාත්තා අන්ධ පුතාට සුදු පාට කොක්කු ගැන කොහොමද කියල දුන්නෙ කියලායි මං කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! වෙනසක් කලා. එය දුටුවේ පසුව. දැන් අහන්නෙපා ඉතිං ඉගිලෙනවා කියන එක ගැන.

      Delete
    2. එහෙම ගැඹුරටම කල්පනා කරනවනම් උපතින්ම අන්ධ වෙලා හිටපු දරුවකුට එක පාරට කොක්කු අඳුනගන්නත් බෑ, වාහන අඳුනගන්නත් බෑ.
      ගොඩක් විද්‍යාත්මක වෙන්න ගිහාම රසාස්වාදනය නැති වෙනවා.
      සරළව බලමු.
      (මගෙ නම ගැන යෝජනාව අනුමතයි.)

      Delete
    3. ඒකත් ඇත්ත ශනී.

      Delete
  2. සංවේදීයි, රහයි, සරළයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මාතලන්.

      Delete
  3. ලස්සනයි.. සංවේදීයි.. මදාවි ඉට්ටැයිල් එකෙන් බෑරයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මදාවියි, මාධවියි දෙන්නෙක්නේ.

      Delete
  4. හුරේ .. මාධවී ආයි ඇවිල්ලෝ ...

    මතුපිටින් විතරක් දැකලා අපි කොච්චර වැරදි නිගමන වලට එළඹෙනවද ?

    කවිය, සංවේදීයි , රසයි.

    ReplyDelete
    Replies
    1. වෙනදා යන මදාවි ස්ටයිල් එක හරි නැද්ද ඒ කියන්නෙ? (හුරේ...)
      ස්තුතියි, සඳරු.

      Delete
    2. අහ්, නෑ .. නෑ එහෙම අවුලක් නැහැ .. " මාධවී ස්ටයිල් " "මදාවි ස්ටයිල් " දෙකටම එක වගේ කැමතියි. විඳින්න පුළුවන් ඕනම දෙයක් රස විඳිනවා, භේදයක් නැතුව ..

      Delete
    3. අන්න ප්‍රායෝගික මිනිස්සු.

      Delete
  5. හිතට නොහිතපු විදිහේ දුකක් දැනුනා...... හැමදාම හිනාවෙන දෙයක් කියවපු නිසා මේක ටිකක් අමුතු වුණා....................... මොනවා වුණත් සුපිරියි අදහස

    ReplyDelete
    Replies
    1. වෙනසකට සැරසෙමු. වෙනසක් කරමු. ස්තුතියි!

      Delete
  6. පවුර කියපු කතාව ඇත්ත කියවන් යද්දි දැන් මොකක් හරි තියෙයි හිනාවෙන්න කියලා හිත හිත බලන් ගියාට අන්තිමට නොහිතපු විදිහේ ශෝකාන්තයක්...
    හොදයි ඒ වෙනසත්.. :)

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේ කියලා හිතුවේ, නේද? වෙනස කොහොමත් හොඳයිනේ.

      Delete
  7. කියවගෙන යද්දි හිතෙන දේට වඩා අවසානයෙදි දැනෙන දේ වෙනස්.
    සමහර අය හුඟක් දේවල් බාගෙට කියවලා තීරණ ගන්නවනෙ. යුද්දෙ ගැන එහෙම.

    ReplyDelete
    Replies
    1. බාගෙට දැනගෙන දක්වන ප්‍රතිචාර කොහෙද නැත්තෙ ශනී. ඒකෙන් සත්‍යය යට යනවා. කොහොමද අපි දාපු නම?

      Delete
  8. ඉතාම වටිනවා.අපි මතුපිටින් බලලා කෙනෙක් ගැන යමක් ගැන එළබෙන නිගමන ඉතාම වැරදියි.බාහිරින් දකින දෙය ගැන සම්පූර්ණ විශ්වාසය තබා නිගමන වලට එළඹෙන නිසයි අපි රැවටෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහර වෙලාවට අපි දකින්නෙ අපේ හිතට දකින්න ඕනිදේ මිසක් සත්‍යය නෙමෙයි.

      Delete
  9. මොනවා කියන්නද අප්පා..

    ReplyDelete
  10. short.... sweet....meaningful.....lot to think (if you need...?)

    ReplyDelete
  11. අන්න මාධවියේ අපූරුතම වෙන්සක්. ඔබේ කවියෙන් හාස්‍ය රසය අප හට බෙදන්නා සේම මෙවන් සංවේදී කතන්දරද කවියෙන් අප හට ගෙන ඒම බොහෝම වටිනවා. මාධවීට මගේ සැලියුට් එක!

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා හුරු වුණු රටාවන් ඒකාකාරී වුණත් එකම කෙනෙක් තුල ප්‍රතිවිරුද්ධ සිතිවිලි අවදිකරවීමට නිර්මාණයන්ට ඇති හැකියාව පුදුමයි.
      ස්තුතියි මනෝෂ් !

      Delete
  12. ස්තුතීයි දේශා!

    ReplyDelete
  13. ඔය කතාව සිරා අයියද කොහේදත් දාල තිබ්බා තව තුනපහ දාලා.එද උඹ ඒකට තවත් තුනපහ දාලා සියඹලත් දාලා.
    මමනම් කැමති මාධවීට වඩා මදාවියටයි.(වැඩිය හිතන්න එපා.මට හිතෙන හැටි විතරයි )
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. හැමදාම මදාවි වැඩම කරල හරියන්නැති බව දැන් දැන් පේනවනේ කටුසු.
      ජයවේවා!

      Delete
  14. සංවේදී කවිය , මේ ගැනම කතාවක් නේද සිරා ගිය සැරේ පොස්ට් එකේ දාලා තිබ්බේ. මෙතන තරුණයෙකු ලෙස හැඳින්වීමෙන් සංවේදී බව වැඩිවුනා මං හිතන්නේ .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක නොදැක මේක ලිව්වෙ. ඔබත් කටුසුත් කී නිසා හොයලා බැලුවා. හැබෑටම එකම තේමාවක්/අවසානයක්.
      http://siragekamare.blogspot.com/2015/01/blog-post_11.html

      Delete
  15. මාත් කවිපෙළේ පහළට ආවෙ හිනාවෙන්න බලාගෙන.. ඒත් බලද්දි වෙනස්ම දෙයක්.. මධුමාධවීට ඕනම ශෛලියකින් කවි ලියන්න පුළුවන් කියල ඔප්පු කරපු නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ශෛලීන් දෙකක් කිව්වෙ, නියම රියල් ඩබල් බිස්කට් එකක්?
      ස්තුතියි අෂාන්!

      Delete
  16. අශාන් මල්ලි කියපු එක තම මටත් කියන්න තියෙන්නේ. එක්පරටම් සංවේදී තලයට බැහැල අර මදාවි ශෛ ලියෙන්. දෙකම හොඳයි ආච්චියෙ.

    ReplyDelete
    Replies
    1. හැමෝම ඉල්ලන්නෙ වෙනසක්නෙ සීයෙ. ස්තුතියි!

      Delete
  17. දැනන් හිටිය කතාවක් ලස්සනට කවියට හරවලා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්!

      Delete