2015-01-01

අදයි දවස


වැඩිහිටි පිරිමින් උදෙසා - සම්මන්ත්‍රනයක් පැවතුනි
තුන්සීයක් පමණ දෙනා - ඇවිදින් සිටියේ

පවුල් ජීවිතේ මතුවන - සෞඛ්‍යමය ගැටලු ගැනයි
දේශනවල මාතෘකා - ගොනුවී තිබුණේ

එක් දේශක මහත්තයෙක් - පැමිණි පිරිස අමතාලා
"දිනපතාම එක්වන අය - කවුරුද" ඇසුවා


පිරිසෙන් බාගයක් පමණ - අත් ඉහලට එසවූවා
ඉන්පසු සතියකට වරක් - ගැනද විමසුවා

ඉතිරි පිරිසගෙන් අඩකුයි - ඒකට අත ඉස්සූවේ
මසකට එක් වරක් ගැනයි - ඉන්පසු ඇසුවේ

හිනා වෙවී හරි සතුටින් - ඉන්නා එක මහත්තයෙක්
හැර සියලුම දෙනා ඉතිරි - අත් එසවූයේ

සතුටින් ඉන්නා මිනිසා - විමසාලා දේශකයා
"කොපමණ කලකට වරක්ද" යනුවෙන් ඇසුවා

"අවුරුද්දට එක පාරයි" - මේ මිනිසා කීව නිසා
සියලු දෙනා පුදුම වෙලා - හැරිලා බැලුවා

"එතරම් අඩුවෙන් ඉඳලත් - ඇයි මෙතරම් සතුටින් ඔබ"
දේශක තැන තම පුදුමය එළෙස පළකලා

සිනා පිරි මුවින් එමවිට - නැගී සිටිය මේ මිනිසා
"අදයි දවස" කියා මහත් හඬින් හිනැහුණා






අලුත් වෙන්න ඕනෑ නම් - ගිය දේවල් ඔහෙ ගියාවෙ
"අදයි දවස" සැමටම සුභ වසරක් වේවා!!!

36 comments:

  1. දේශක හිනා වුනානම් අනිවා හැක් හැක් කියල වෙන්ටැති.. බ්ලොග් ලෝකයේ පෙම්බර මදූ නැත්නම් සමහරු මඩ ගහන විදියට මදාවී වන ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. මටත් අනන්ත මතක් වුණා දේශකයාව මේක ලියද්දි.
      //පෙම්බර මධූ// ෂාහ්...බලන්න මේ අසමජ්ජාති කොල්ලො මදාවි කියනවට වඩා කොච්චර ප්‍රේමාන්විත ආමන්ත්‍රණයක්ද අපේ කල්‍යාණ මිත්‍රයා කරන්නෙ. සුන්දර සිත් එහෙමයි, නැද්ද කළණ?
      අපේ දයාබර කළණ මිතුරු ඇතුලු පවුලේ සැමත් සුබම සුබ නව වසරක් වේවා!

      Delete
    2. හැබැට අපි අසමජ්ජාතියො ඈ...
      හාකො හාකො...

      Delete
    3. //හාකො හාකො// ඒකත් මරු කෑල්ල

      Delete
    4. //හැබැට අපි අසමජ්ජාතියො ඈ...//
      මහේෂ් බලපන්කො මචෝ මුගේ හරි නම කිව්වම අපි අසමජ්ජාතියො නේද හිටන් ...හැක හැක

      Delete
    5. දාන්ට සිංදුවො පහක්....
      සිංදුව ට විතරයි තේරුණේ

      Delete
    6. @සින්දූර්,
      මං මේ කල්පනා කලේ නම දාපු අම්මටයි අප්පටයිනෙ හිතිං හිතට අමාරු.. හැක හැක

      Delete
    7. @මහේෂ්,
      සින්දූර් පහ දාන්නෙ කොහොමද දන්නවද?
      ස රි ග ම පහ්

      Delete
  2. ඔබ හද තුල හොඳ හොඳ කවි පද ගැලපේවා
    ඒ කවි පද නෙක නෙක රසයෙන් මෙහි ලියවේවා
    ''මධුමාධවී" නම තුඩ තුඩ බ්ලොග් ලොව පැතිරේවා
    උදා වූ වසර සුභා සුභ නව වසරක්ම වේවා ...!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ කවි ලියනට සිත් වේවා
      සඳරු නමට වැඩි අගයක් එක් වේවා
      නව අදහස් සමගින් යලි හමු වේවා
      සඳරු ඔබට සුබ නව වසරක් වේවා

      Delete
    2. පෙම්බර මදූ කියල කිවුවට මේකිටත් හෙන ජොලි.ඔය නාකි 60ට ලන්වෙන අන්කල්ලට 50ට ලන්වුන ඇන්ටිලව පේන්නෙත් සුරන්ගනාවියෝ වගේ තමයි.....

      Delete
    3. කටුස්සො ඉතිං අජරාමර නෙ. වයසට යන්නෙම නෑ. හිටං

      Delete
  3. මේ වගේ පට්ට පට පට පෝස්ට් එලෝ කෝටියක් එක්ක මේ දවස් 365 ලොස් නැතිව කොයි කවුරුත් එක්කම ෆුල් බොක්කෙන් ඉන්ට ලැබෙන
    ආල් බර සොමි බර නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මහේෂ්.
      අවන්හලේ මී විත තනිකරලා වරෙන් මලේ පියවර නගලා.

      Delete
  4. wish you and your family and all our blog members very happy new year with a change.....
    hope that you will continue with newer ideas.......
    all the best to everyone of you friends...

    ReplyDelete
    Replies
    1. Thanks and wish you same!!!
      Sinhala Tamil IME Setup එක හොයාගන්න බලන්න.

      Delete
  5. මදාවියෝ සොමි බර අලුත් අවුරුද්දක් වේවා !!

    කවුළු පියන් හැර තබන්න
    අලුත් ඉරට ඇතුළු වන්න
    හදේ කොණක ඉඩ තියන්න
    අලුත් මලට පෙති අරින්න

    මිලින පැතුම් තබා යන්න
    ගිය වසරට එකතු වෙන්න
    පුරා නෙතින් හිනා වෙන්න
    නැවුම් වසර වැළැඳ ගන්න

    අලුත් ඇඳුම් ගතට දෙන්න
    අලුත් පැතුම් හිතට දෙන්න
    මගේ ඇසට ඉඩ හරින්න
    පැරණි ඔබම යළි දකින්න

    ගී පද - බන්ධුල නානායක්කාරවසම්
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. සින්දූර්ටත් සංගීතවත් නව වසරක් වේවා!

      Delete
  6. //Posted by Madhumadhavi Poetry at 12:00 AM //
    ටයිමින්.. :O

    මධූටත් (මදාවියො කියන්නෙ අසමජ්ජාතියොලුනෙ. :D ), පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ෂෙඩූල් කරලා පබිලිස් කලා අෂාන්.
      අෂාන් ඇතුලු පවුලේ සැමටත් එසේම වේවා!
      (විශ්වයේ තව ඈතට යන්න ලැබේවා!)

      Delete
  7. පට්ට....

    මෙත් මල් පිබිදේවා...
    සිත් තුල
    මෙත් මල් පිබිදේවා...!!!

    ReplyDelete
    Replies
    1. මල්නම් මල්. නැද්ද මාතලං?
      (සිත් තුල නෙමෙයි පෙට්ටි තුල)

      Delete
    2. පිපෙනව පිපෙනව.. 8 රෑ වෙනකොට ඔන්න බලන්නකෝ හතර අතේ.. මෙත් මල්

      Delete
    3. පිපුන්නැත්තන් පුප්පල හරි ගන්නවා, නැද්ද?

      Delete
  8. ඔබටත් පවුලේ අනෙක් සියලු දෙනාටත් සුබ නව වසරක් මාධවී!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා රවී අයියා.
      ඔබටත් ඔබ පවුලේ සැමටත් එසේම වේවා!

      Delete
  9. මධුමාධවීට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රාජ්. මෙත් මල් පිබිදේවා.

      Delete
  10. මදාවිටත් මදාවිගේ පවුලේ සියළුම දෙනාටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කටුසු! ඊටත් වැඩියෙන් වේවා!!

      Delete
  11. අද තමයි මාධවී දවස....................

    මුළු අවුරුද්දම සුභ වේවා.............. හරිය

    ReplyDelete
    Replies
    1. අද සෑ තමයි සෑ
      එසේම වේවා හිටං

      Delete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඕන්...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හිටං සුසී

      Delete
  13. අපොයි මධුවෝ කසාද බැන්දට පස්සේ වෙන දෙයක්නේ ඕක. හිනා වෙන්න තරං දෙයක්යැ. කොච්චරක් දේවල් නම් කියල කරන්නද ඔය දවස ගන්න. ඔක්කොමත් කොරල මල් පොකුර අමතක වුනොත් ...........

    ReplyDelete
    Replies
    1. ග්‍රහණය වුණේ නැද්ද මන්දා.
      (ඔය කියන්නේ අත්දැකීම්... හැහ්...හැහ්...)

      Delete