2014-12-01

බිස්නස් නම් බිස්නස් මල්ලී


එකමත් එක කාලයකදි
රිටක් වගේ උසට උසේ
දිඝජන්තු යයි නම් ඇති
මිනිහෙක් උන්නා

කොච්චර උස වුනත් අහෝ
කතා කරන එක අමාරු
මේ මිනිහට උපතින් එන
ගොතයක් තිබුණා


'මේක හරිම වාතයක්ය'
කියලා සිතු දීඝජන්තු
ප්‍රයිවෙට් ක්ලීනික් එකකට
පියවර මැන්නා

සම්පූර්ණ පරීක්ෂාව
නිමකරලා වෙදදුරු තැන
රෝග නිධානය මුලින්ම
අල්ලා ගත්තේ

"ඔහේගෙ සමහර එව්වා
ඕනිවාට වඩා දිගයි
ඒක නිසා නහර ඇදිල
තමයි මේ ගොතේ"

"දොද්.. දොස්තර මහත්තයෝ
ටිට්..ටි.. ටිකක් වැඩියි තමා
කි..කීය ගියත් කමක් නැතේ
දිද්..දිද්..දිග අඩුකරමූ"

දොස්තර මහතාද එවිට
ගණන් හිලව් කතාකරල
අන්තිමේදි දාපි මෙහෙම 
කොන්දේසියකුත්

"මට මේ සර්ජරි එක ගැන
කිසිම ගැටලුවක් නැත්තේ
ඒත් මේක මතක් කරල
ඉන්න එක හොඳයි

මේ වාගේ සැත්කමකින් 
පස්සෙදි බෑ කවදාවත්
කැපුණු කොටස නැවත ඔබට
බද්ධ කරන්න

ඒ හින්දා ලියවිල්ලක්
ගන්න වෙනව අත්සන් කර
පොරොන්දුවක් සමග නැවත
නොම ඉල්ලන්න

කොහොම උනත් මම කියන්නෙ
තමුසෙ දිනක් දෙකක් අරං
මං කියාපු මේ කාරණ
හිතල බලනවා"

දිනකින් දෙකකින් ආපසු
දීඝජන්තුවා ආවා
නැහැ තීරණයේ වෙනසක්
වැඩේ තීන්දුයි

සැත්කම මැනවින් නිමවී
දීඝජන්තු ගෙදර ගියා
මාසයකට විතර පස්සෙ
ඩේටිනුත් ගියා

පුරුදු කෙල්ල වෙනද පුරුදු
ප්‍රමාණයන් නැත්තෙ මොකද
ඇසුවෙන් කොල්ලා සිදුවුණ
සිද්ධිය කිව්වා

"ඕකත් නැත්තං ඔහේගෙ
ගන්ඩ දෙයක් තියෙනවාද
ඒව තිබුණු ලෙස නැත්තං
තමුසෙ මට එපා"

අන්තිමේදි අසරණයා
වෙනත් විකල්පයක් නැතිව
දුරකථනය ගෙන වෙදාට
කතාකරන්නේ

"අනෙ දොස්තර මහත්තයෝ
මට කෙලවෙන්නයි යන්නේ
මගේ බැලන්ස් එක මා හට
ආපසු දෙන්න"

අනෙක් කොනේ දොස්තර තැන
තරහින් වාගේ කිව්වලු
"බිබ්...බිබ්...බිබ්...බිස්නස් නම්
බිස්නස් මල්ලී......................" 



27 comments:

  1. හි හි හි ඩොක්ටර් කොටේ එයාගේ අගට සැට් කොරන් වගේ ඉදගෙන :D

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ බැරිලු ඉඳගෙන. ඔක්කොම හිටගෙන :P

      Delete
  2. මේ කිව්වේ අපේ ප්‍රි... ප්‍රි.. ප්‍රියා ගැන හෙම නෙවෙයි මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. නැ...නැ...නෑ....
      ජි...ජි...ජියා...ගැ...ගැ...ගැන

      Delete
    2. කල්‍යාණත් ගොත ගහනවා!!

      Delete
    3. ගො...ගො..ගොත වුනත්...හොඳ...බො...බො...බොක්කක්

      Delete
  3. මදැයි මම මේ චන්ද උණුහුම ඉවර උනාම ඕක ලියන්න උන්නේ.. සුපර්..

    ReplyDelete
    Replies
    1. අනිවා ලියන්න. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. එකම කතාව කී විදිහකට ලිව්වහැකිද, වෙනස් රසයක් ලැබෙන්න. මාතලං ඉට්ටයිල් එකට මේක මීට වඩා රහ වෙයි මගෙ හිතේ.

      Delete
    2. ඒ කියන්නේ මාතලන්ටත් ඒක වෙලාද,,,?? උඹ අත්දැකීමක් ද ලියන්න හිටියේ...

      Delete
    3. කුරුටු ගෑ මඩ පවුර!

      Delete
  4. එහෙනං අර ජනිත් ගොත ගහන්නෙත් ඒක තමා

    ReplyDelete
    Replies
    1. කොක්...කොක්... කොයි ජනිත්ද?

      Delete
  5. අනේ උඹනම්... එන්න එන්න වල් වෙනවා!!

    ReplyDelete
    Replies
    1. ව...ව...වල් වෙන්නැද්ද බං, කරලියේ පෙරලි දැක්කම එන ආතල් එකට?

      Delete
  6. මට නම් ඉස්සර ගොතයක් තිබුණේ නැහැ................ ඒත් දැ.... දැ... න් දැන් ගො......... ගො.... ගොතගැහෙනවා... ඒ් අැයි????

    ReplyDelete
    Replies
    1. ලඟදි බිබ්...බිබ්...බිස්නස් එකක් කලා නේද?

      Delete
  7. හප්පේ මේක ග්... ගොග්.. ගොත සාගරයක්නෙ.. පපපට්ට ඈ..
    දීඝජන්තු නම නි.. නියමෙට ගැග්.. ගැලපෙනව..

    ReplyDelete
    Replies
    1. දිද්..දිගට කොල ඇතී
      කක්..කන්නන්ට රස ඇතී

      Delete
  8. ෂෙඩ් එකට ආපු මහත්තයෙක්
    ම..මල්...ම..මල්ලි..දෙ දෙ දෙ...දෙසියක ග ග ග..ගහනවා...කිව්වලු
    එතකොට තෙල් ගහන කොලුවා
    හු හූ...හු..ක..හුක න්..නේ නෑ ණැ..නෑ..නැ ති..ව ය ය..යන..යන වා ඔ ඔ...ඔයි කිව්වලු.

    ReplyDelete
    Replies
    1. කොක්..කොක්..කොල්ලත් ගොතයි නේ?

      Delete
  9. ammapa..... mara ideas thami thiyenne.... hama nirmanayak ma haba shoook..

    ReplyDelete
    Replies
    1. ideas borrowed; just take into a tempo; thanks!

      Delete
  10. උඩින් දාපි පින්තුරේ මොකක්ද කියල දන්නව නේහ්.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ අවුල්ද? චිත්තර පටියක්නෙ හා..

      Delete