2014-12-13

ගණ අඳුරේ රල අතරේ


(හිටිඅඩියේ වරින් වරේ - ජීවය පරදුවට තබා)//
විධායකේ නිමකරන්න - එගොඩ ගොඩට පීනනවා
කඳුලු මැදින් පීනනවා


(තෝරු මෝරු පොකිරිස්සෝ - හිටු කියලා පැන යනවා)//
තොරතුරු ගැන කම්පා වී - ආයිත් ආපහු එනවා
රිවස් එකේ යලි එනවා

අඩ අඳුරේ...

(ෆයිල් වලට බිය ඇත්තෝ - පනින්නටත් බියවෙනවා)//
පයිල් එකක් නැති ඇත්තෝ - හදාගන්න මෙහි එනවා
පයිල් හදං නවතිනවා

අඩ අඳුරේ...








මී ළඟට....
හපනා



24 comments:

  1. ආපු ගියපු ඇත්තන්ගෙන් මටනම් පැහැදීමක් තියෙන්නෙ මෛත්‍රී ගැනයි, පාඨලී ගැනයි, රතන හාමුදුර්වෝ ගැනයි විතරයි මාධවියේ..

    මේ පවතින දේශපාලන යාමය ගැන මට තියෙන්නෙ බල්ලෙක්ට බඩ ගියාම ඒක කන තව බල්ලෙක් දකිනකොට ඇතිවෙන පිළිකුලටත් වඩා පිළිකුලක්. තුහ් නොදකින්.

    ReplyDelete
    Replies
    1. මම දන්න මිනිස්සු ඉන්නවා. වැඩ පෙන්නන්න පුලුවන්. නමුත් ඒකට ඉඩක් දෙන්නෑ ඉහල තැන්වලින් කුහකමට. එතකොට කලකිරෙනවා අන්තෙටම. එ් නිසා අයින් වන උන් ලෝකයේ මහා විපර්යාස/විප්ලව කරලා තියෙනවා. එකම ප්‍රශ්නෙ මේක ලන්කාව. ශ්‍රී කියන නාමයක් නැති නිකම්ම නිකං ලන්කාව, හරියට ලන්කට් වගේ.

      Delete
  2. මට බය මෛත්‍රීත් යයිද කියලා... කව්ද දන්නෙ ඕකත් ලොක්කගෙ වැඩක්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිවරණයට දවස දෙකක් විතර තියල ගියොත් එහෙම කොහොමද ආතල් එක!

      Delete
    2. @මාතලන්,
      ඒ මොලයට ගහන්නට මොලයක් තවත් නැති එකෙන්ම හිතාගත්තෑකි අපි ඉන්න තැන.

      Delete
    3. @මනෝෂ්,
      අප්පිලගෙ රටේ එහෙමත් වෙන්න බැරි නෑ. සිතුදේ නොම වෙයි, නොසිතු දෙයක් වෙයි... වගේ!

      Delete
  3. "Vote: the instrument and symbol of a freeman's power to make a fool of himself and a wreck of his country." —Ambrose Bierce, The Devil's Dictionary

    ReplyDelete
    Replies
    1. පොඩි නිවාඩුවක් දාලා අනුරාජපුරේ වඳින්ඩ යන ගමන්.. හින්ගල කොටන්ඩ අමාරු නිසයි ඕක දැම්මේ.. හිටහං මං ගිහින් පඬුරක් දානවා ඔය ඔක්කොම පැරදිල ජහමනයට දිනන්න ලැබේවා කියල.. ජය ශ්‍රී!! (මහ බෝධී.. රන්මැලි සෑ ආදී..)

      Delete
    2. Vote: Something that is much powerful but betrayed for nothing in an Island located just above the Equator.

      Delete
    3. 50.00% - 50.00% රිසල්ට් එකක් ප්‍රාර්ථනා කරන්නද හදන්නෙ?

      Delete
    4. @ මනෝෂ්,
      අයියෝ, ඇයි මේ කේන්ති ගිහිල්ලා?

      Delete
  4. වටේ ඉඳන් අපි හැමදා චියර් දානවා
    හුරේ
    චියර් දානවා

    ReplyDelete
    Replies
    1. මාරු වෙවී දෙන්න එක්ක හුලං ගහනවා.
      තාම උත්තර දුන්නෑ “කොහෙද ගියේ?“ කියන එකට.

      Delete
    2. පුද්ගලිකයි, රහසිගතයි..

      Delete
    3. මදෑ අතප්පයක් නොකැඩි ඔයිං ආවා... නැද්ද බං?

      Delete
    4. කොහේ යන්නද බොලව් මේ ආශ්චර්යලන්තේම තමා හිටියේ . ඕ යේස්

      Delete
    5. //ආශ්චර්යලන්තේම//
      මට ඒක හරියටම ඇහුණද?

      Delete
  5. හ්ම්............... කතාව නම් අැත්ත.. නියමෙට පද බැදලා......... අගෙයි මාධවී...............

    ReplyDelete
    Replies
    1. කියන්න දෑ බොහොමයි...(11න් කාට කියන්නද මන්ද..)
      ගීතය කෙටි වැඩියිදත් හිතුනා.

      Delete
    2. අප්පට සිරි මාධවිත් දැන් අපිට කෝචොක් කරනවාද කොහෙද?????

      මොකක්ද ඔය 11 කතාව

      Delete
    3. ඇයි බොලා එකොලොස් දෙනා. බැට් කරනකොට නම් නමක් තියෙනවා. ෆීල්ඩ් කරනකොට කාගෙ අතට කැච් එක යයිද දන්නෑනෙ.

      Delete
  6. මෛත්‍රීපාල ත් ජනවාරි පහ, හය දිහාට "දෑත් ශක්තිමත්" කරන්න තීරණය කොලොත් ඉතින් තව අවුරුදු ගානකට රටටම බඩුම තමයි...

    මේ පනින පනිල්ලේ හැටියට උන්නැහෙත් පැන්න කියල අහන්න ලැබුනොත් පුදුම වෙන්න නම් දෙයක් නැහැ...

    --------

    උඹේ පද බැඳුම නම් පට්ට...

    සුපිරි..

    ජය වේ...

    ReplyDelete
    Replies
    1. මටත් පේන්නේ කස්ටියම අපිට අහවල් එක කරයි වගේ.

      Delete