2014-12-25

සුභ උපන් දිනයක්!!!














එළියෙ පොඩි කොරිඩෝවෙ
පේලියට තබා ඇති
රෝස පැල සියල්ලම
මලින් ගැවසී ගියත්
නෙක්නින් පිබිදෙනා
ඒ සියලු රෝස මල්
පරදන්න හැකි නුඹට
අසිරිමත් සිනාවෙන්



හිරු නැගුණු සැනින් දුටු
දේදුන්න සේ ගෙනෙයි
අඳුරුවැසි නිසැකවම
සිනා කැන් මැකීලා
මිණිකැටද තෙත්වෙලා
පුංචි මුව ඇදකරන්
කඳුලු ඇලි කොපුල් මත
ගලාහැලනා කල්හි


සිනාවක් මොහොතකින්
හැඬුමකට පෙරලුනොත්
සේයාවකුත් නොමැත
ඔබ සිනාසුනු බවට
කඳුලු බිඳු පිසදමා
නැවත ඔබ හිනැහුනද
ලෝකයම දැනගනී
ඔබ හඬා ඇතිබවට

මගේ පොඩි දියණියේ
වෙරදරන් සැමවිටම
හඬන්නට සිදුවෙනා
දෙයින් වැලකී ඉන්න




23 comments:

  1. සිනා මල් සමග
    හෙට ලොවල සුවඳ දී
    පිපී එන කැකුළියේ
    ඔබට සුභ උපන්දිනක්!

    ReplyDelete
  2. සුබ උපන්දිනයක් වේවා .....

    ReplyDelete
  3. උපන් දිනෙයි කිව්වේ ඊයේ නේද? හෙනම් ඔන්න හැපී බිලේටඩ් විශස් ෆ්‍රොම් කල්‍යණ මිත්‍ර මාමිගෙනුත් පැටියෝ..

    ReplyDelete
  4. ඔන්න හැලපයත් සුබ උපන් දිනයක් පැතුවා චූටි දුවට...

    ReplyDelete
  5. චූටී දුවට හැපි බෝත් ඩේ එකක් වේවා...!!!

    දුවා මට වඩා දවසයි බාල..

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් පුංචි දුවේ.............. ඔය ලස්සන හිනාව හැමදාම තියාගන්න මාධවී පාර පෙන්නනවා විශ්වාසයි... හැම දරුවෙක්ට ම ඔය අාදරයයි රැකවරණයයි නැහැ මයේ දුවේ.... අම්මි පාර කියයි..... ලේසි නැතත් ඒ පාර හරි තැනට යයි.............

    ReplyDelete
    Replies
    1. thanks uncles and aunts
      sure they both will and I will

      Delete
  7. රිදී සීනු හඬින් ඔය සිනහා ‍ රැව්දේවා
    කැකුළු මල් වෙසින් ගුණ සුවඳ විහිදේවා
    නිවසේ මිණි පහණින් ලොවම එළිය කෙරේවා
    පුංචි දුවේ, නුඹට සුභ උපන් දිනක්ම වේවා !!

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් වේවා සුදු දෝණිට ...... උම්මා.........
    මගෙ දෝණි 31.........

    ReplyDelete
  9. සුභ උපන් දිනයක්

    ReplyDelete
  10. සුභම සුභ උපන් දිනයක් වේවා නංගි..!

    ReplyDelete
  11. Many happy returns for the day..... chooty duwe.....

    ReplyDelete