2014-12-03

මාගේ පැලේ අඳුර නසන්න


මාගේ දුක තුනී කරන්න-හිතෙනවා මේක දාලා යන්න
හිතුවත් එහෙම දුක දුරුවෙන්න-මට ඔය කිව්වට බෑනේ යන්න



උපන්නෙ මං පක්ෂෙ අතේ මිට මොලෝගෙන
මම හොටු පෙර පෙර කියමි අඬමින
(ඔය කුඩු, හොරු, එතනෝල් වලින් වැහිලනෙ මේක
අප්පුච්ච ගහයි බෑ නොවැ යන්න)//

මාගේ දුක....

අපෙ අප්පගෙ මළගෙදරත් මා සනසන්න
අංකල්ල දෙන්න හිටියෙ හිත හොඳ
(ඔය බනින මිනිස්සුත් දන්නව එයාලගෙ හොඳ
ඒත් මම ළපටියි බෑ නොවැ යන්න)//

මාගේ දුක....

කළකිරිලා ඉන්නෙ ගොඩක් අය පෙන්නන්නෑ
මටත් දුන්න ලබ්බ කිසි කමකට නෑ
(ඔය නොකිය කිව්වෙ මගෙත් කිසිම පැහැදීමක් නෑ
මෙයද රඟපෑමකි මාත් යන්නෙ නෑ)//

මාගේ දුක....

මම ඉන්න සබාවේ බෑ නොවැ වැඩක් කරන්න
මම අසරණියකි අතරමං උන
(ඔය පඩිගන්නව කැන්ටිමෙ තේ බොනවා විතරයි
මට ඒ උනාට බෑ නොවැ යන්න)//

මාගේ දුක....

යපිලටනම් ෂරි කෙනෙයිලි ඉතෙනව යන්න
ඔය ඉඩම් කඩම් යපිට වැඩක් නෑ
(ඔය දෙෂැම්බරේ දා වෙනිදට දෙකෙන් එකක් වෙයි
අයියො! පයිල් අදියි මට බෑ යන්න)//

මාගේ දුක....

උපන් ගමන් ඇඳුමෙන් අපි නිතර නෑවට
මෙය හිතන්න වෙනවාය ගැඹුරට
(ඔය රජු නැතිදා අප කටලා පස් හෙයි නොවෙද
සඟරුවනක් වෙමි රට වටේ යන)//

මාගේ දුක....

මගේ කොලුව හිරේ මටත් හිතෙනව යන්න
ඒකද ගියෙ අරයා ළඟට?
(දැන් කොයි .........ද ඕක කිව්වෙ කියනවා මට
මම යයි ඔය ........... ළඟට)//










30 comments:

  1. එල ද බ්‍රා..
    තනුව මගේ පැලේ අදුර නසන්න නේද?

    ReplyDelete
    Replies
    1. ඇයි මෙන්ඩෝ ඔය ටයිටලේ තියෙන්නෙ. බැලුවෙ නෑ නේද? ඔහොම වෙන්නෙ නිෂ්පාදනය කරන භාණ්ඩය අවශ්‍ය වන ශරීරාංගය දෙස ව්‍යාපාරික ඇසින් මිස ශෘංගාරාත්මක ඇසින් නොබැලීම නිසා. හූ...හූ...

      Delete
  2. මරු! නිකා නඟාගෙ එකට තමයි වැඩි මනාපෙ මගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...අන්තිම එක කෝමද?

      Delete
  3. මාධවී ඉට්ටැයිල්!! සුපර්බ්. ඒත් අට වෙනිද වෙනකල්ම මේව විතරද බං කියවන්න වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉත්තූතියි! ඇයි ඔය දාන්නෙ අසභ්‍ය කවි හිටු කියලා.

      Delete
  4. මගේ මනාපේ අපේ මර්වින් මැති සඳට.. අන්න බඩු.. හොර නෑ බොරු නෑ.. රඟපෑම් නෑ.. පුක එලියේ..

    ReplyDelete
    Replies
    1. හොර තියෙනවා. අනික්වා සේරම සහතික ඇත්ත.

      Delete
  5. සිංදුවටම ඔබින පිංතූරේ මචෝ....
    අම්මපා ඊලඟට දෙකක් දාගත්තාම මේක නම් කියන්නම ඕනි..
    අර ඊලඟ එකනම් මරුවටම හිටීවි වගේ..

    ReplyDelete
    Replies
    1. හරි කැතයි ආකි.
      මතක ඇතිව වනිතාත් එක්ක එන්න.

      Delete
    2. male malu thinduwa akkiye.......

      Delete
    3. මං බැලුව ඒත් මේ තීන්දුව මොකක්ද කියලා. සින්දුව නේද?
      ස්තූතියි!

      Delete
  6. පව් මේ අයියා.................... අඩන්න තරම් තැනකට වැටුණානේ.............. පව් මිනිහා....... දුකයි මොනවා කරන්නද???

    ReplyDelete
  7. කට්ටිය දැන් නිකන් බෑ බෑ වගේ ඉදලා පස්සේ මොනා කරයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. “ඔයා ඉස්සෙල්ල යන්න“. “නෑ..නෑ..ඔයා ඉස්සෙල්ල යන්න“.
      අන්න එහෙම එකක් මේ.

      Delete
  8. මදාවියෝ ඡන්දෙන් පස්සේ හැංගෙන්න තැනක් හොයගත්තයි ..... .
    මම හිතන්නේ මේකත් ලඟින් යනවා ...

    ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
    හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
    රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
    පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
    ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
    ඉංගිරිසිය නැතිකරන්න ඉංග්ලිශ්ලම ගොඩ ගැහිලා
    ටේල්කෝට් ටොප් හැට් එක සුදුරෙදිවල රෝල්කරලා
    නෝනා මට අත වනනවා
    මම ඉඳගෙන බෑ බෑ කියනවා
    එයා ඉඳන් කම් කම් කියනවා
    අපි ඔක්කොම නෝ නෝ කියනවා
    නෝනා මට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා
    නෝනා මට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා
    බ්‍රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුසිති දාල
    ඉම්පෝටඩ් මොරිනාකා ඇපල් තැපැල් ගොඩගැහිලා
    නෝනා මට අත වනනවා
    මම ඉඳගෙන බෑ බෑ කියනවා
    එයා ඉඳන් කම් කම් කියනවා
    අපි ඔක්කොම නෝ නෝ කියනවා
    නෝනා මට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා
    නෝනා මට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා
    ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
    හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
    රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
    පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
    ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
    නෝනා මට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා
    නෝනා මට අත වනනවා
    අපි ඔක්කොම එයාට බෑ කියනවා

    ගායනය - ජිප්සීස්

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට! නෝනා තමයි අත වනන්නෙ. ඒකමයි සමහරු බෑ කියන්නෙ. නියමෙට ගැලපෙනවා.

      Delete
  9. habai putho me chance eka atha harunoth ithin ........aayeth mehema chance ekak ena ekak nehe me krame venas karanna. ...... ehema unoth apita hamadama raajanduwak yatathe thamai inna venne........

    ReplyDelete
    Replies
    1. chance eka athata hambawenakmne Raniluth Inne :D

      Delete
    2. first thing first......
      1. defeat MR and executive presidancy..
      2. then think of RW.....?
      I too not with him or UNP. Will think of it later as KDL of JVP says...

      Delete
    3. Actually Accepted. But, for this much feudal people (voters) there should be something effective. sorry, attractive.

      Delete
  10. මහින්ද අයියාගේ කැම්පේන් එකට ගැළපෙන ටී.වී. ඇඩ් එකක්.
    .
    .
    .
    .
    අපේ මාරයා අයියා පරණ තාලේ 40 ශ්රී ලොරියක් එළවා ගෙන යනවා. එතකොටම එයාගේ මොබයිල් එකට එස්.එම්.එස්. එකක් එනවා.
    දැන් කැමරාවට මොබයිල් එකේ සමීප රූපයක්. "තවත් සන්ධාන මන්ත්රී කෙනෙක් එජාපයට එක් වුණා" එස්. එම්. එස් එක කියනවා අපේ මාරයා අයියාට හිටි හැටියේ චූ බර වුණාක් සේ පේනවා. මූණ අඳුරු වෙනවා. එයා ලොරිය නවතා චූ කරන්න කැලේට දුවනවා. හයියෙන් දුවන්නේ චූ බර වැඩි හින්දා.
    දැන් කැමරාවට මාරයා අයියා චූ කරන එකේ සමීප රූපයක්. (පිටුපසින්) අපේ මාරයා අයියා "යතාවාරි වහාපූරා පරිපූරෙන්ති සාගරං..." කිය කියා වීසිකරපු පොල් කටුවකට චූ කරනවා.
    දැන් පේන්නේ පොල්කටුවේ සමීප රූපයක්. අපේ මාරයා අයියාගේ චූ වලින් පොල් කටුව කිරි උතුරද්දි වගේ පිටාර ගලනවා. පසුබිමින් ඇහෙන්නේ අපේ මාරයියාගේ ගැඹුරු කටහඬ.
    .
    .
    "අපට ඉතින් මහින්ද අයියා නැතුව වෙන කවුද?
    .
    .
    මේ සැරෙත් අපි ඔක්කෝම මහින්ද අයියාටම තමයි."

    ReplyDelete
    Replies
    1. හ්ම්...දැක්කා කීප තැනකම.

      Delete
  11. යකෝ.. මං මේකට කොමෙන්ට් කරේ නැද්ද? රිප්ලයි එක බලන්න කියල ආවේ..දැන් බලනකොට කොමෙන්ට් කරල නෑනේ.. ඒ වුනාට මට මතකයි මං හොඳවැයින් එකක් මෙතන ලියුවා වගේ.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. ඔන්න දාපු හොඳවැයින් එක: ඩී
      මේ දවස් වල වැඩිය බලාපොරොත්තු නෑ. ගොඩක් අය නිදි. සමහරු ආගිය අතක් නෑ. ස්ටොක් එක තියෙන හින්ද ෆ්‍රික්වෙන්ට්ලි දාන්නෙ කළණ.

      Delete
  12. නියමයි. ඔහොම යං .

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අජිත්, අපිත් ඒ පැත්ත කියවනවා.

      Delete
  13. ඔය තියෙන්නේ හතර අතටම සලකලා....

    -
    අඩේ පවු බන් ගැමුණු ඇමති..

    ReplyDelete
    Replies
    1. හීහ්...හිහ්... අපරාදෙ දෙවි, “පවු“ කියන වචනෙ අපතේ.

      Delete