2014-12-05

පුරුෂාධිපත්‍යය


දවසක්දා හැන්දෑවක-සුවාමි පුරුෂයෙක් ඔන්න
"නිවසේ රජු සැමියා" නම් පොතක් කියෙව්වා

පොත කියවා ආපු ගැම්ම- පිටිං දුවපි මුලුතැන්ගෙට
"මේං මේක අහනව" යැයි බිරිඳට කීවේ


"මෙතැන් පටන් මේ නිවසේ -රජා වන්නෙ මේ මම නොවැ
මගේ වචන තමයි ගෙදර නීතිය වන්නේ

එහෙනම් අද රෑ වේලට-සුපිරිම කෑමක් ඕනෑ
අතුරුපස ද අඩු නැතිවම තිබෙන්න ඕනෑ

කෑමෙන් පසු මං යනවා-කාමරේට නිදාගන්න
ඔහේ ඇවිත් මට උපරිම සැපක් දිය යුතූ

එයින් පස්සෙ නාගන්නට-උණුවතුරත් තැබිය යුතුයි
හොඳ සම්බාහනයක් මා හට දෙන්නට ඕනෑ

දැන් කියනව බලන්න මට-නින්ද ගියායින් පස්සේ
මගෙ හිසකෙස් පීරන්නේ කවුරුද කියලා"

මේ කතාව කොනක හිටං -අහං හිටපු ගෙදර උන්දැ
අත් දෙක ඉණ දෙපස තබා රවා බලාලා

"ඔය පාරෙන් ආවොත්නං - තමුසෙගෙ හිස පීරන්නේ
අවමංගල අධ්‍යක්ෂක" යැයි පැවසූවා



54 comments:

  1. අසව් අසවි
    වනිතා හඩ ඇන්ටිට අග සව්වෙක් පැමිණ තිබේ.........
    වනිදා ඇන්ඩ් මදාවි
    හව් ස්වීට් නේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං? එයා ආවොත් මං කියාදීලා යවන්නං.

      Delete
    2. හිහි
      එයාට කියල පිරිමහන්න පුලුවං කෙනෙක්යැ බං
      දෙන දෙයක් කාල වෙන දෙයක් බලංඉ්න තමා වෙන්නෙ
      හිහි

      Delete
    3. මැක්කගෙ සීන් එක වගේ නේද තර්ක කරන්න ගත්තම.

      Delete
  2. අම්මට සිරි මටත් මතක් වුනේ වනිත අක්කව

    ReplyDelete
    Replies
    1. පුදුමයි තාම ආවෙ නැතිවා.

      Delete
  3. වනිතා නැන්දගේ ලෝකල් බ්ලොග් එක නේද මේ...

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කලේ ලේබල් වදින ඉක්මන කියලා. අනේ...අනේ...විදානේ!

      Delete
  4. ඇත්තටම බොලේ. මටත් මතක් උනේම වනිතා නංගිව..

    ReplyDelete
    Replies
    1. රූප දෙකක් ගත්තෙත් අනික් පැත්තකුත් ලෝකෙ තියෙන බව පෙන්නන්නමයි (ඔය දේශා කියපු කෙනාටත්).

      Delete
    2. හැබැට මගේ චීත්ත ගතියක් තියේද මදාවියෝ.. හැක්..

      Delete
    3. මම කිව්වෙ දේශාට නෙමේ දේශා මෙතන මතක් කරපු කෙනා ගැන, වනිතා ගැන. දැන් කීබෝඩ් එරර් එක හරි ගිහිං CPU එකේ ලෙඩක් ද කොහෙද?

      Delete
    4. ඒක හිටී ගමන් එනවා යනවා. හරියට ලේනා වගේ.. හැක්..

      Delete
    5. දේශගෙ CPU එක overheat වෙනබවනම් පේනවා මේ දවස්වල. බලන්න ෆෑන් වයර් එක ගැලවිලා හරි මාරු වෙලා හරි ඇති. :D

      Delete
  5. වනිතගේ ඉහේ දහසක් මල් පිපෙන කවි පෙළක්.යකෝ මේක වනිතගේ අනික් බ්ලොග් එකද කියලත් මට හිතුණා.

    ReplyDelete
    Replies
    1. කව්රු මොනව කිව්වත් වනිතා අපේ යාළුවා නේ බං.. කවදාවත් ඒ ළමයා නරක වචනයක් කියල නෑ මට නං.. හරි හොද ළමයා

      Delete
    2. @හැලපෙ අයියා,
      මමනං අහල තියෙන්නෙ හැලපෙ අයියා තමයි වනිතා බ්ලොග් එක ලියන්නෙ කියලා. හැහ්

      Delete
    3. @දේශා,
      ඔහොම ලව් එකේ කතාකරනකොට බනීයැ වනිතා උනත්.

      Delete
  6. ඒ අර අත දෙකට නවල මොකද්ද බං පෙන්නන්න හදන්නේ?

    ReplyDelete
    Replies
    1. පිරිමියද, ගැහැණියද?
      මට මතක්වුණේ මනෝෂ්ගෙ “මා එක්කලා අමනාපව“ පෝස්ට් එකට වුණු දේ. ඒ කාලෙත් මම ඔබේ රසිකයෙක්. එදානම් දෙපැත්තෙන් හිනාගියා.

      Delete
    2. හ්ම්..හ්ම්.... මතකයි මතකයි..

      Delete
    3. ආ...ඒ එයාගෙ මෙව්ව එක.
      (මනෝෂ් මාත් 5000 කිට්ටුව ඉන්නෙ. අර විභීෂණයට පාට් එකක් දාන්න ඕනි. ඊළඟ පෝස්ට් එකේදි කට්ටියටම සෙත්කවි කියන්න ඉන්නෙ.)

      Delete
    4. ඒළකිරියෝ.... ඒක බොහොම සීග්‍ර ඉලක්කයක්. එදාටම සුබපතමුකෝ...

      Delete
    5. //බොහොම සීග්‍ර ඉලක්කයක්// මටත් හිතාගන්න බෑ. ඔබ මට විශාල ශක්තියක්!

      Delete
  7. සම තැන කෙසේ වෙතත් නිසි තැන ලැබෙන්න ඕනි. සමතැන ලබනවා කියන්නේ සොබාදහම අභිබවා යාමට උත්සාහ කරන කෘත්‍රීම විකෘතියක්.

    ReplyDelete
    Replies
    1. මේකෙ ඉන්න පුරුෂාධිපත්‍යවාදී ලිං මැඩියොන්ට සොබාදහමෙන් පිට දෙයක් නෑ. අපි උත්සාහකරන්න ඕනි සොබාදහමත් වෙනස්කරන්න.
      මෙයට,
      මාධවීට අවේශවුණු වනිතා

      Delete
    2. ...සොබාදහමට නොවන අවනත
      ලොවේ කිසිවක් නෑ....

      Delete
    3. ඒකද මන්ද වනියත් දැන් නෑ ම වගේ තමා.

      Delete
  8. කාපු බීපු වේලාවට
    පුංචි විහිලුවක් කෙරුවට
    ගනන් ගන්න එපා සුදෝ
    කියලා අර සුපුරුදු හිනාව දාලා ෂේප් කරගෙන....
    ...................
    ....................!!!!!!
    නින්ද යනකන් ඔලුවත් අතගෑවලු
    ඔය කිව්වට...!

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ අත්දැකීම් ආයි දෙකක් නෑ. සුවර් එකටම චෙෆාකි ඔය පාට් එක දාලා නාලා තියෙනවා, නැද්ද?

      Delete
    2. ඔය පාට් එක දාන්න වෙන්නේ නැහැ...මොකෝ අපි සමානාත්මතාවය අකුරටම පිලිපදිනවා පාන්දර ඉඳලම....
      හැම දේම බෙදා හදාගත්තම ජීවිතේ හරිම සුන්දරයි මාධවි...
      ඇත්තටම...

      Delete
    3. නැන්නං නැන්නං

      Delete
    4. api nodanna chess ..... kiwwalu neda chef....

      Delete
    5. චෙෆ්, සිත් රිදීමක් නෙමෙයි නේද? මට ඔබගේ අදහස් වටිනවා.

      Delete
  9. අපේ ගෙදර නම් ගෘහ මූලිකයා කව්ද ඇහුවාම මම කියන්නේ නෝනා කියලා. ඒ වෙලාවට විතරක් මාව දානවා ඉස්සරහට.. අනික් වෙලාවට.. එක්කෝ ඕන නෑ.. බ්ලොග් ලියන වැඩි හරියක් මඩ කරි...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන වැඩි හරියක් මඩ කරි කිවිවාම ඒකෙන් අදහස් කලේ මාත් එක්කද? මම මාතලන්ගේ පෞද්ගලික ජීවිතය කවාදාවත් විවේචනය කරලා නෑ.

      Delete
    2. ඕං ඉතින් උඹත් අරන් තියාගන්න හදනවා. මේ කියන්නෙ උඹට නෙවෙයි. බහුතරේක හැටි. ඒත් ඉතින් මේ කිව්ව ටිකත් ඇති ඒ වගේ උන්ට.

      Delete
    3. හරි හරි ඉතිං....

      Delete
  10. මොකද බන් මේ හැමෝම වනිතාවක් ගැන කියන්නේ?

    මං නං ඉතින් කෝමත් චෑන්ස් එක දීල ඉන්නේ උන්දැට තමයි.. ඒක පට්ට ලේසි.. ඔය මසාජ් එකයි අනිත් ටිකයිනම් ඉතින් කොහෙන් කර ගන්න බැරිද? හැක් හැක්.. ඒ වගේද ඉන්න ඩිංගෙ කනක් ඇහිල ඉන්න එක.. ඔය මොන චන්ඩියත් ගෑනිට බයයි ලුනෙ.. අපේ හිටිය ඕකේ සැට් දෙකක්.. එකක් ජී.බී (ගෑනිට බයයි ) අනික ජී.ජී.බී. (ගෑනිට ගූ බයයි ) ඔය පිට ඇවිල්ල පොර ටෝක් දුන්න උන් ගොඩාක්ම ජී.ජී.බී ල.. හැක් හැක්.. ප්‍රසිද්ධ කතාවකුත් තියෙන්නෙ ගෑනිට සෙකන්ඩ් වෙන්නැත්තන් ඌ මිනිහෙක්ද කියල..

    ReplyDelete
    Replies
    1. බලන්න http://sondhuruliyakamahima.blogspot.com/
      බිරිදට තැන දෙන මිනිසා දියුණවට මග පාදගන්නවා, බිරිද බුද්ධිමත්නම් පමණක්. මේක බයමද, නැත්නම් ගෙදර බත්පත නොවැරදී ලැබෙන බවට තම ක්‍රියාකලාපයෙන්ම තහවුරු කරගැනීමද? අර කාණ්ඩ දෙකේ කතාවනම් මරු!

      Delete
  11. මේ ගෑණුත් එක්ක ඉඳලත් බෑ නොඉඳත් බෑ :)

    ReplyDelete
    Replies
    1. ඉඳල ඉවර වුණාම නොඉන්දන්ම් හොඳයි කියලා හිතෙනවද?

      Delete
    2. හාහ් හා , අපේ ගෙදර නම් බිරිඳ කියන්නේ එකතු වෙලා තීරණ ගමු කියලා. වැඩි පුර වෙන්නේ එයාගේ ඕන තීරණයකට මම එකඟ වීම. නැත්නම් ඉතින් වලි තමයි. හැබැයි ගෙදරින් එලියට ගියාම එයා හැමෝටම කියන්නේ මම තමා බොස් කියල. හැබැයි මට හිතෙන දෙයක් තමා ගෙදර ග මනුස්සය එක්ක හොඳින් ඉන්න තරමට ලේසියි. නැත්නම් බ්ලොග් ලියන්නවත් වෙලාවක් නැති වෙනවා. ඒ මනුස්සය ළමයින්ගේ වැඩ ඔක්කොම බලා ගන්නවනේ කෙඳිරි නොගා .

      Delete
    3. තැන දීමයි වැදගත්. ඒක දිය යුතු ගෞරවයක්.
      “ඔබ ඔබේ බිරිඳට වචනයකින් පහර දෙන්න. ඇය ඔබට ඡේදයකින් පෙරලා පහර දෙනු ඇත“.

      Delete
  12. අන්න කතාව......................... පුරුෂාධිපත්‍යය කොච්චර බලවත්ද නේද??? පුරුෂාධිපත්‍යය කියලා ඒකක් තියෙනවා තමයි හැබැයි..... ඒක කාන්තා පරමාධිපත්‍යයට යටයි හරිය............

    ReplyDelete
    Replies
    1. මේ කාන්චනාද, ඉසුරිකාද, චතුරිකාද? නැත්නම් අනෙක් අට දෙනාගෙන් කෙනෙක්ද? :ඩී

      Delete
  13. මල් සාලාවෙන් පීරගන්න එක සැපයි බං ,

    හේ..හේහ්.....

    බෙල්ලට උඩින් එබෙන්ඩ ආවා මෙතන

    ReplyDelete
    Replies
    1. නෝනා පීරනවට වඩා?
      //බෙල්ලට උඩින් එබෙන්ඩ ආවා මෙතන// ඒ මොකක්ද?

      Delete
  14. අෆ්ෆා ඔන්න ඔහේ ටිකක් හීන ලෝකෙ ඇවිද්දට මොකෝ වෙන්නේ ඉතින්.. මහත්තයා පොරත් ආස ඇතිනේ හීනයක් දෙකක් බලන් ඉන්න :D

    ReplyDelete
    Replies
    1. ඇවිදල අන්තිමට නවතින තැන තමා පුරස්නෙ.

      Delete
  15. මල් ශාලාවෙන් ලස්සනට පීරලා දෙයිනේ ඉතින්.. ඒ හන්දා අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. හිටපු සැම්සන්ට වඩා මල සැම්සන් හොඳයිනෙ කිව්වලු.

      Delete