2014-12-20

ගොනා


එකමත් එක ගොවි මහතෙක්-තම මිතුරෙක් සමග එක්ව
ගව පට්ටිය දියුණු කරන ක්‍රමයක් සිතුවා

දෙදෙනාගෙම මුදල් යොදා- තඩි ගොනෙක්ව මිලදී ගෙන
පට්ටි දමනු පිනිස දෙනුන් සමග එක් කලා


ටික කලකින් මිතුරා විත්- තම ආයෝජනය කෙසේ
වැඩකර ඇතිදැයි කියලා කරුණු විමසුවා

ගොවියා එම විට දුකිනී-කීවා අර ගවයා ගැන
තණකොල කනවා විතරයි වෙනත් වැඩක් නෑ

මිතුරා මෙය සොයා බලා- දැක්කා එය සැබෑ බවත්
ගවයා නෑ දෙනුන් දිහා හැරිලා බැලුවේ

අවසන මිතුරන් දෙන්නා-කතාවෙලා පිළියම ලෙස
පශු වෛද්‍යවරයෙකු හට ගොනා පෙන්නුවා

ඊ ළඟ සතියේ මිතුරා-ඇවිත් ඇහුව ගොවියාගෙන්
වෛද්‍ය උපදෙස් විලසින් වැඩ සිදුවේද

අපොයි මචෝ ඒ ටිකනම් -කියලා නිම කරන්න බෑ
ඒ දොස්තර දුන්නු පෙත්ත එළකිරි වාගේ

ගොනා මගේ පට්ටියටම - සංග්‍රහ කරලා ඉවරයි
හතර වටේ පට්ටි වලත් ඕ.ටී. කරතෙයි

මොනවද ඒ පෙති ජාතිය-මොන පාටද ලොකුද පොඩිද
මිතුරා කුතුහලයෙන් ඒ ගැන විමසන්නේ

පාට මොකද ලොකුද පොඩිද -මට කියන්න තේරෙන්නෑ
අමු තිත්තයි ඇතුල, පිටිං පෙපර්මින්ට් රහයි





23 comments:

  1. හැක් ... අපූරුයි ! අපූරුයි !

    ඇත්තටම මාධවී, කවුද ඔයාගේ ව්‍යාපාරික සගයා ? ( It's Joke. Okey )

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ නෑ ව්‍යාපාරික අතීතය මෙච්චර ඉක්මනට අමතක වෙයි කියලා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අහ්, ඇත්තටම මට ඔයත් එක්ක ව්‍යපාරික ගණු-දෙනු වක් තිබුනද ?
      මට මතක නැහැනේ ....

      Delete
    4. හරිගියාම ඔහොම තමා.

      Delete
  2. ඇත්තටම මාධවී කවුද ඔයාගේ ඒ අනිත් මිතුරා??

    ඉතින් මේ දවස් වල රෑ කීය විතර වෙනකල් ඕටී කරන්න වෙනවද??!!!

    ReplyDelete
    Replies
    1. මාත් අහන්න හිටියෙ අහල පහල කොටුවල දෙන්නු කොහොමද කියලා.

      Delete
  3. ාපත්ත වැඩ තිතට

    ReplyDelete
    Replies
    1. පෙති මදි වුණොත් කාඩ් කුඩු.

      Delete
  4. http://maathalan.blogspot.com/2010/05/stud-bull.html

    ඒ වගේද මේක..... මේක පට්ට රහයි...

    ReplyDelete
    Replies
    1. බැලුවම අපි දෙන්නම කොපි කරන්නෙ එකම පොත වෙනස් විදිහට උනත්.
      මාතලං ඉට්ටැයිල් එක කොහොමත් රහයිනෙ.

      Delete
    2. ම්ම්....20 යි 10 යි.......20 යි 14 යි.......එකම කතාවක්....

      Delete
    3. එකම ඔරිජින් එකක් කෙන්ජයියේ... වෙනස් ඉට්ටයල්

      Delete
  5. හැක හැක හැක ..... අහල පහල ගෙවල් වලත් ඕ.ටී. කරනවා ඇති

    ReplyDelete
  6. පට්ටි ගොනෙක් ගෙට පැනලා කඹේ කඩාගෙන
    පෙත්ත ගන්න මතක නැතුව ආපහු දුවලා
    පෙත්ත නැතුව පිත්ත හොඳට බැට් කරන්නේ නෑ
    අහල පහල වැස්සියෝ ටික පිට පනීවිද.. හත්වලාමේ..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලොක්කා ගොනාගේ පාරේ ගිහිං වගේ................. අහල පහළ ගෙවලුත් ඉවර අැති.........

    ReplyDelete
    Replies
    1. පෙත්තෙ බලේ තමා ඉතිං.

      Delete
  9. හෙහ් හෙහ්...පට්ටි ගොනෙක් වෙන එකත් එක අතකට ආතල් වැඩක්.

    දවසක් බැඳල අවුරුදු දහයක් විතර ගියපු කපල් එකක් ගියාලු අඹේවෙල. එතන හිටපු පට්ටි ගොනාව පෙන්නල ගොයිපොළේ එකා කිව්වලු "මෙයා දවසට එළදෙන්නෙ දහයකට විතර අඩුම ගානෙ පට්ටි දානව" කියල.

    අර කපල් එකේ ප්‍රියම්භිකාව නිකං කින්ඩියට වගේ කිව්වලු "මාරයි නේද අනේ, එක දවසට දහ පාරක්! ඒකට මේගොල්ලො" කියල.

    මල පැනපු හබිය ටිකක් සද්දෙන් කියනවලු "හෙහ්..ගිහින් අහනවකො තමුසෙගෙ ගොනාගෙන් ඒ දහ පාරම හැමනෙන්නෙ එකම එළදෙන එක්කද කියල"

    ReplyDelete
    Replies
    1. මරු කතාව. :D
      ඒකනෙ දෙන චේන්ජ් වෙනවනං දායි දවසට සියපාරක් වුණත්.

      Delete
    2. ඉල්ලුමට සැපයුම .. මාරු

      Delete