2014-12-08

ඌරා


එකමත් එක රටක තිබුණු- ගොවිපලකිය මහ සුවිසල්
සේවකයෙක් වීය ටිකක් මෝඩ ගති ඇතී

දවසක් මොහු ඉඩම වටේ- දඬු වැට බිඳි තැන් සොයමින්
ට්‍රැක්ටරයක් පදවාගෙන යමිනුයි උන්නේ


හිටි අඩියේ සේවකයා-ගොවිපොල හිමිකරු අමතා
ජංගම දුරබනුවෙන් මේ ලෙසට පැවසුවා

"බොස් මට පොඩි ප්‍රශ්නයක්ය-ට්‍රැක්ටරයේ බෆර් එකේ
පාර අයිනෙ සිටි ඌරෙක් ඇමිණුනා නොවෑ

තාමත් ඌ දඟලනවා-මැරිලා නෑ පණ අදිනව
මේකට මම කුමක් කරන්නද" යැයි ඇසුවා

"උඹේ ට්‍රැක්ටරේ පිටුපස- තුවක්කුවක් ඇත තබලා
හරියට ඌරගෙ ඔලුවට වෙඩිල්ල තියපං

ඌ දඟලන එක නැවතිල-නිහඬවෙන්න ඉඩ ඇරපං
ඊට පස්සෙ ගෙනිහිල්ලා කැලේට දාපං"

"හරි හරි මට තේරුණේය"-කියලා මේ සේවකයා
ජංගම දුරබනුව සැනෙන් විසන්ධි කෙරුවා

තව විනාඩි කීපයකින්-ගොවිපල හිමිකරුට නැවත
සේවකයා පෙර පරිදිම අමතනු ඇසුනා

"බොස් ඔබ මට කී විදිහට- සියලුම කටයුතු කෙරුවා
ඌරට වෙඩි තියලා මම කැලේට දැම්මා"

"ඉතිං යකෝ දැං ආයිත්-ඇයි මට කරදර කරන්නෙ"
ඉඩම් හිමිය කේන්තියෙන් වාගේ ඇසුවා

"ඌරාගේ යතුරු පැදියෙ-නිල් රතු එළි දැල්වෙනවා
එය නවතන්නේ කොහොමද කියලා දෙන්න"






45 comments:

  1. වෙන රටක වෙන්න ඇති. මෙහේ ඉන්නේ බල්ලෝ නේ..

    ReplyDelete
  2. බුහ් හහ් හා.....................
    බොසාට මාර සපාන් එකක් යන්න ඇති
    හිකි හිකි...
    හිහි

    ReplyDelete
    Replies
    1. බුහ් හහ් හා.....................
      නැතුව...නැතුව!

      Delete
  3. මිනිස්සු බල්ලෝ කරපු රටක බල්ලෝ ඌරෝ කරන එක මහ ලොකු කෙන්ගෙඩියක්ද?

    ReplyDelete
    Replies
    1. පිරිමි ගැහැණු කරපු රටක...

      Delete
  4. උඹ මගේම පුතෙක් වලා ඉපදියන් කියනවට වඩා මෙහෙම වෙන එක ඌරන්ට හොඳයි කියල හිතෙනවා ඇති බං.

    ReplyDelete
    Replies
    1. //උඹ මගේම පුතෙක් වලා ඉපදියන්// මං හිතුවෙ මටවද්ද කිව්වෙ කියලා :ඩී

      Delete
    2. ඉස්සර ගේම් එකක් තිබුණා මතකද Duke Nukem-3D කියලා. ඒකෙ හැටියට ඒලියන්ස්ල මෙයාලව ඇත්තටම ඌරන් කරලා.

      Delete
    3. හෑ...ඒ මොකද්ද බොලේ ඒ??

      Delete
    4. හොයාගෙන බලපං Duke Nukem-3D කියලම ගහලා. දැන් ඒවා විතර ඇඩ්වාන්ස් නැතිවට ඒ කාලේ හොඳම ගේමක්. Doom වල අලුත් වර්ෂන් එකක්.

      Delete
  5. last week one pig like this in panadura area acted like real pig.....
    (If not insulting pigs)
    Their mouth piece also confirmed his action is correct........
    Hi.....Hi.....Hieeee.....

    ReplyDelete
  6. "උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ"

    මචෝ මට නම් ඔය හු#$% දකින කොටත් මාළු නටනවා .කිරිබත්ගොඩ ගූ වලේ එකෙක් එක්ක ලඟදි ගේමක් ඉල්ලුවා .අපේ ගැනී දැන් උ දකින කොට අන්න අර කක්කා පැකට් එක කියාලා පෙන්නනවා ඌට පෙන්නම.

    ReplyDelete
    Replies
    1. ගෑණු පෙන්නන්නවත් එපා බං ඕකුංට. පැණි හැලි.

      Delete
    2. හැක් හැක් ඒ ගැන කවර කතාද ?? ඒකත් එක්ක ඉස්සෙල්ලම ගේම ඇද්දේ අපේ ගැනී බන්ස් ....

      Delete
    3. අන්න එහෙම ගේම අදින ගෑණුන්ටනං අමු බයයි.

      Delete
    4. මමයි තව එකෙකුයි ඩ්‍රැයිවර් වලපනේ පැක්ට්‍රි එකේ ඉදලා එනකොට චෙක්පොයින්ට් එකකදි පොලිස් කාරයෙක් කියනවා අපේ සාඡන් මහත්තයෙක් ඉන්නවා එයාව කොලඔට දාගෙන යන්න...(#$%^&*((())&%# උගේ ගැනිගේ හොර මිනිහාගේ වාහනේ කියලා හිතලද දන්නෑ)
      මම කිව්වා පොලිස් කාරයෝ මගේ වාහනේ දාගෙන යන්නේ නෑ කියලා
      ඌ ඇයි කියලා ඇහැව්වා...මම කිව්වා ඔයාලා බැහැලා ගියාම වාහනේ කැරි ගදයි කියලා..

      Delete
    5. මෙන්ඩෝ මමත් කවදාවත් ඔය ඌරෝ නම් ගෙන යන්නේ නැ ..

      //ඔයාලා බැහැලා ගියාම වාහනේ කැරි ගදයි කියලා..// හුකෑස් ..උඹ යහතින් ආවාද ?

      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    6. මෙන්ඩා, අම්පා ඔහොම කිව්වද? මමනම් දන්නෙ අමු දාඩිය ගඳයි රෙද්දෙ පුස්ගඳයි තමා. අර ගඳත් ඇති කරන වැඩවල හැටියට.

      Delete
    7. මටත් ඒකමයි පුරස්නෙ සින්දූර්. මේ පහල රාජ් කියලා තියෙන්නෙ. දල පාර වැදුන්නැතිව ඇති මෙන්ඩට.

      Delete
    8. ඇත්තටම කිව්වා..මම හිතුවා ඌ මග චෙක් පොයින්ට් වලට හරි වාහනේ අංකය දිලා ඇති කියලා මම ඒ හැම දෙයකටම ලැහැස්ති වෙලා හිටියේ..මගේ තාත්තාත් පොලිස් දෙපාර්තුමෙන්තුවට සම්භන්ද ඉහලම ආයතනයක හටියේ..ඒ වුනාට මට ඔය වේස කැරියෝ පෙන්නන් බෑ..මධු සමාවෙයන් කුනුහරැප කෙටුවට..ඌරෝ මතක්වෙනකොට ඇගේ මාලු ගගේ නටනවා..අද පොලිස් කාරයෙක් නැවත්තුවත් මම කියනවා...වල් පරයෝ

      Delete
    9. කමක් නෑ බං... ඔහොම හරි මේ පීඩනය පිටකරගන්න අවස්ථාව දුන්නු එක ගැනයි මට සතුටු. ඇත්තටම ඕක සොරොව්ව ඇරලා කක්කුටු බෙනේට ඇඟිල්ල ගහගෙන ඉන්න සීන් එකක්. සමාව නෙමෙයි සම්මාන දෙන්න ඕනි උඹට, මෙහෙම කෙලින් කතා කරනවට.

      Delete
    10. @මෙන්ඩා,
      //චෙක්පොයින්ට් එකකදි පොලිස් කාරයෙක් කියනවා අපේ සාඡන් මහත්තයෙක් ඉන්නවා එයාව කොලඔට දාගෙන යන්න//
      තන්හා රතී රඟා

      Delete
  7. හහ් හහ් හා.... මම බැලුව කවුද ඌරෙක්ව කැලේට දාන්නෙ කියල.
    ඔය ඌර මහ බයානක සතෙක් නෙව. ගිය සතියෙ අපේ නෝනලගෙ ඉස්පිරිත‍ාගෙට ඇවිල්ල ඌරෙකුගෙන් සල්ලං වෙච්ච හාදයෙක්. උරෙක් මරන්න ගිහිල්ල ඌරා මෑන්ට දීල හොඳ ෂොට් එකක්. දල පාරක් ඔලුවෙලු. බරපතල තත්වයෙන් මහ ඉස්පිරිතාලෙ යැව්වලු. මොනව උනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ඌරාවරිගෙ ඇත්තො හරි භයානකයි රාජ් අවුස්සගත්තම. දල පාර සුවර් තමා.

      Delete
  8. ඌරෝ නෙමෙයි උන් වල් වේ#ගේ පුතාලා..ඔලුවට නෙමෙයි පුකට වෙඩි තියන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. බයික් කාරයොයි, ත්‍රී වීලර් කාරයොයි කොහොම මේ සතා හඳුන්වනවා ඇත්ද?

      Delete
  9. පසුදින....
    ආයුධ පෙන්වීමට ගිය ඉඩම් හිමි වැවිලිකරු සහ සේවකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට.

    5000ට සුභපැතුම් වේවා! ;)

    ReplyDelete
    Replies
    1. //පසුදින....ආයුධ...// ඇමෙරිකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

      තෑන්ක්යූ වෙරි මච් අෂාන්!
      ඔබෙන් තමා පළමු සුභපැතුම. ඒ ගැන පෝස්ට් එකක් දාන්න ඉන්නෙ.

      Delete
    2. ඒකත් ඇත්ත..

      මම ඉක්මන් වුණාවත්ද මන්ද.. එහෙනම් පෝස්ට් එක දැම්මම එන්නම් පාටිය අනුභව කරන්න.. ;)

      Delete
    3. අනේ නෑ.
      එන්න එන්න. කිරිබත් කෑල්ලක් දෂ්ඨ කරන්න :-)

      Delete
    4. පාටියට බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. මෙන්ඩිස් ඕල්ඩ්!

      Delete
    6. බයිට් එකට වනචර ප්‍රියා .සොරි බන් වනචර ඌරා ....

      Delete
    7. අඩේ මෙන්න මාත් බයිට් පෝළිමේ...

      Delete
    8. සින්දූර්, ඒ කෝ හැබෑටම ප්‍රියා?

      Delete
    9. අමධ්‍යපයන්ට බයිට් කියා දෙයක් නැත. එය ඔවුන්ගේ ඩයට් එකයැ...හැක්

      Delete
    10. ඒ වුනාට අපි බොන තැනක අමධ්‍යපයන් ඉන්නවාට කැමති...(උන්ව හරි බයිට් එකට ගන්න පුලුවන්...ඇයි බං මුන් අපේ බයිට් එක ඩයට් කරනවනේ)

      Delete
    11. වැඩිවෙනකොට බොන උන් අමධ්‍යපයන්ගෙ බයිට් එක වෙනවා නේ?

      Delete
  10. ඔය ඌරොන්ට තනියෙං ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ (නීතියේ හැටියට).. තව එකෙක් ලඟම ඇති පොඩ්ඩක් හොයපන්.. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. සාක්කි දෙකක් ඕනිනෙ කළණ කෝකටත්. අනික පණබයේ දුවන්ට ඇති.
      මම මේ කල්පනා කලේ උඩ ඉඳං පහලටම අම්බෙට ගුණ වනනවනෙ.

      Delete
    2. ඔය ඌරොන්ට තනියෙං ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ (නීතියේ හැටියට).//

      කමියෝ මේකත් අර අවම බලය වගේ තමයි ....

      Delete
    3. ඒ ඉතිං “නීතියේ“ හැටියටනේ.

      Delete