2015-02-28

මොනව නැතත්


බඩට යමක් කන්න නැතත්
අඩිය පුඩිය ගැහුවෙ නැතත්
ඉනට කරට රෙද්ද නැතත්
ලෙඩට දුකට බේත් නැතත්

පංති සල්ලි දුන්නෙ නැතත්
ඉස්කෝලේ යැව්වෙ නැතත්
බැංකුවෙ ණය ගෙව්වෙ නැතත්
ගෙවල් කුලී දුන්නෙ නැතත්
ටැංකියෙ තෙල් හිඳුන වුනත්
ඇනුවල් ට්‍රිප් ගියේ නැතත්
ඒව මේව මොනව නැතත්
මතක ඇතිව ගෙවාපල්ල
ගෙදෙට්ට එන බිල්......

ඒ මාසෙම ගෙව්වෙ නැතොත්
මාසෙ මාසෙ එකතුවෙතොත්
විසංධි කෙරුමට එන අත්
ජීවිතේට තබාවි තිත්






෴ මධුමාධවී ෴

36 comments:

  1. හැක් මගෙත් තියෙනවා මාස දෙකක

    ReplyDelete
    Replies
    1. මොනම හේතුවක්වත් නිසා මාස 2 කරගන්න එපා. 2 වෙයි 3. 3 වෙයි 4. කැපෙයි.

      Delete
  2. මේ දවස් වල නං මාසයක් ගෙවන්න බැරි වුනොත් රතු කොලයක් එනව...
    හිහි....
    උඹේ මදාවි කවි වලට ඇබ්බැහි වෙලා මේව දැයෙන්නෙත් නැ බං...

    ReplyDelete
    Replies
    1. //උඹේ මදාවි කවි වලට ඇබ්බැහි වෙලා මේව දැයෙන්නෙත් නැ බං...//
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මණ්ඩලවල සල්ලි නැතිව ඇති අප්පා. පවු.
      @ මහේෂ්, මදාවියා සහ මාධවියා පටලවා නොගන්නා ලෙස කාරුණිකව
      ඉල්ලමි.

      Delete
    3. ඇබ්බැහිය හරිම හයානකය.

      Delete
  3. මාධවී ස්ටයිල්.. වෙරි ගුඩ් ඇන්ඩ් තැන්කූ මතක් කලාට... මට තියෙනව හැම බිලක්ම දෙක දෙක ගෙවන්න.. එක මාසයක් මිස් කර ගත්තොත් බඩුම තමයි...

    ReplyDelete
    Replies
    1. //මාධවී ස්ටයිල්..//
      ++++++++++++++

      Delete
    2. ඒකනෙ කළණ, ශීෂ්ඨ නිර්මාණ වල සීල් එක ගහලම එවන්නෙ. නැත්නම් ටැපලෙනවා, ඉස්ටයිල් දෙක.
      අන්න බිලේ නියම කතාව. මිස් කරගත්තොත් බඩුම තමා.

      Delete
    3. මහ ප්‍රතිපත්තියක් නැති සින්දුවෙක්. වෙලාවකට මදාවි හොඳයි, අනික් වෙලාවට මාධවී හොඳයි. බැඳලද?

      Delete
    4. යකෝ මම වැට ගැහුවේ මේක මාධවී ස්ටයිල් කියපු නිසා හරිය ...
      තවම බැඳලා නැ අය්යෝ ..මෙයා අහන ඒවා ..(දැන් කියපන් පරණ කනෙක්ෂන් එක අතැරලා අලුත් එකකට මාරු වෙන්න කියලා ..)

      Delete
    5. පරණ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න කලින් බිල් සේරම ගෙවලා ඉන්න මල්ලී හරිද?

      Delete
    6. මට නිකමට මේක මතක් උනා බන් ...(හීනෙන්වත් පරණ ඒක ඩිස්කනෙක්ට් කරන්නේ නැ මචෝ .ඒ කනෙක්ෂන් ඒක ඒ තරම් වටිනවා ..)

      මා හිස පිරිමැද
      නැවත නොඑන්නට
      ඔබ වෙන් වී ගිය දා..
      සටහන් නැත මැකිලා
      ඒ නික්මන් ගමනේ......

      මගෙ ජීවිතය ම
      ඔබෙන් සැදුණු බව
      එදිනයි මට දැනුණේ..
      එතරම් අසරණ වී
      නෑ කිසි දින තනි වී...

      කිසි ලෙසකින් හෝ
      වටහා දෙනු බෑ
      සෙනෙහස දෙවි කමකී...
      ඒ දෙවිකම හැඟුණේ
      ඔබ යළි ආ දිනයේ.....

      ගී සංකල්පනාව : දයා ද අල්විස්
      තනුව සහ සංගීත නිර්මාණය : චන්ද්‍රදාස බෝගොඩ
      ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ

      Delete
    7. හැත්තෑව අසූව දශකවල සරල ගී කියන්නේ සින්දුවෝ සිංහල සංගීතයේ සදා දිලෙන මිණිකැටය!

      Delete
  4. Replies
    1. අද නිවාඩුද? සෙනසුරු අපලය අද නොවේ හෙට.

      Delete
  5. අනිවා එතකොට ඉතිං එනවුන්ගේ බෙල්ල මිරිකන්න හිතෙනවා..
    උඔලාගෙ ගෙදර කරන්ට් කැපුවද?

    ReplyDelete
    Replies
    1. වතුර කපන්නේ අයිතිකාරයො ඉන්නවනං විතරයි. ලයිට් කොහොමත් ඇවිල්ලා කපනවා. ටෙලිපෝන් නොකියා කපනවා.
      (අපේ අසල් වැසියෙකුට වුන සීන් එකක් නිසා ලිව්වෙ)

      Delete
  6. වතුර පොඩ්ඩක් ගණන් උනාට ලයිට් නං හරි ලාබයි.උණු වතුර ඇතුලු හැම දේම පාවිච්චි කරලත් මාසෙට රුපියල් දෙසිය පණහක් වගේ ගාණක් යන්නෙ.වතුරවලට එක්දාස් දෙසීයක් විතර යනවා.

    ReplyDelete
    Replies
    1. වතුර කැපුවොත් ලයිට් වගේ නෙමෙයි අයියෙ. අස්ප දඩයක් ගහන්නෙ. බිලිං නම් කොහොමත් ලයිට් ලාබයි.

      Delete
  7. ආ මේ මධාවී ම තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අත්සන ගැහුවෙ ඔමා.

      Delete
  8. ශික් මේපාර බිල හොඳටම වැඩයි බන් .මේ මාසේ බාගයක් ගෙවනවා .....
    බිල දැක්කම දෑස නිලංකාර වෙනවා ..


    විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ

    එන්න කන්න බොන්න මිහිරේ
    සැමටයි ආරාධනා
    ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ
    ඔබේ හඬ කිදී සිදී යයි කතා සරිත් සාගරේ

    සුරාගෙන පිරූ විතේ
    විසුළු කෙලි නැටුම් සිනා
    යොමා ඇස බලන් යළි සොඳුරේ
    මැදුරු දොර දිහා

    දෙන්න කන්න බොන්න නොකියා
    දෙනෙතින් ආරාධනා
    දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා
    දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා

    ඔබේ මන්දිරෙන් එහා
    මගේ ලොව බලා සිටී
    පළා යයි ඔබේ ලොවෙන් මා
    දෙපා සමු නොදී

    විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැළී
    නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
    කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ..

    ගායනය - ගුණදාස කපුගේ
    සංගීතය - ගුණදාස කපුගේ
    පද රචනය - ලූෂන් බුලත්සිංහල

    ReplyDelete
    Replies
    1. ආවා නේද, සින්දුවක් ඒකටත්?
      විදුලි බිල පහන් දැවී එයි සුනාමි සේ රැළී
      නිලංකාර අදුරේ සිරවී ලයිට් කපලනේ....
      බිලක් නොගෙවු මිනිසා වෙමි මා මගේ මන්දිරේ
      බිලක් නොගෙවු මිනිසා වෙමි මා මගේ මන්දිරේ

      Delete
  9. අපි නොගෙව්වොත් තමයි කචල්.. මම දැක්කා පළාත් සභා එකෙක්ගේ බිල ලක්ෂ 14 ක් ලූ.. එයිට පස්සෙ තමයි කපලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අපිට තමා පූෂ් පූෂ්
      (ඉන්දිකද කොහෙද කියලා තිබුණා)

      Delete
  10. තාම නම් ඉතින් කරන්ට් බිල් ගෙවන්නෙ තාත්තා...
    අම්මා - ලයිට් එක ඕෆ් කරල යන්න දන් නැද්ද? බිල ගෙවන්නෙ බාප්පද?

    ReplyDelete
    Replies
    1. ඈ අම්මේ.. දැං ඔය බිල් ගෙවන්නේ බාප්පද? එතකොට තාත්ත කවුද හැබෑට? :)

      (වචන් සැට් එකෙන් කුළු ගැන්වී ඔටෝ ලියවුණු එකක් බැවින් මහේෂ් අමනාප නොවේ යැයි හිතනවා..)

      Delete
    2. @මහේෂ්,
      අම්ම හරි වැරදියි ඔතනට බාප්පා ගාවගන්න එක. ඔය කල්‍යාණ කියලා තියෙන්නෙ.

      Delete
    3. @කල්‍යාණ,
      මේ අවකාශෙ එහෙම තරහා වෙන අය නෑ මයෙ හිතේ. එහෙමනම් ඉන්න බෑ. මහේෂ් හුරුවෙයි ඕවට.

      Delete
    4. @ ක.මි

      මාත් අපෙ අම්මගෙන් ඕකම අහනව මෙහෙම..

      මම - ඈ අම්මෙ දැන් අපෙ ලයිට් බිල ගෙවන්නෙ බාප්පද? මං හිතන් හිටියෙ තාත්ත කියල...

      ඊට පස්සෙ ඉතින් අපෙ අම්ම කියන ඒව මේකෙ දාන්න බෑ..මදාවි වචන ගොඩායි

      Delete
    5. අයියෝ පුතා ඕක සුලු දෙයක්!

      Delete
  11. අදනං ගතියක් නෑ අප්පා.. වෙන මොකෙක්ගෙ හරි කවියක් මේක.. අර මදාවියාගේ නං නෙවෙයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  12. Replies
    1. එය මට සතුටක්. කොයි ගියේ පහුණු දොහේ.

      Delete