2015-03-11

හැඳි



මහත්තයෙක් දවසක්දා සැඳෑ වරුවක
සමාජ ශාලාවක් වෙත සොයා මධුවිත
ගොසින් මෙනුව කියවාලා බයිට් සමගින
ඇණවුම් කෙරුවා සැර ඇති බීමක් හොඳට


ටිකකින් මත්ගතිය නිසා අත වැරදීලා
හැන්දක් බිම වැටුනි ඔහුගෙ පාමුල අසල
වේටර් තැන සැනින් පැමිණ නොකර කරදර
සාක්කුවෙන් හැන්දක් ගෙන දුන්නෙ විගසින

මහත්තයට හරි පුදුමයි මේ සැලකිල්ල
හැම දෙනාම ළඟ මේ ලෙස හැඳි තියෙනවද
එස් පහ කරලා තියෙන්නෙ අපේ ක්ලබ් එක
හැඳි තියෙනව සාක්කුවේ අපි සැවොම ළඟ

ඒ අතරේ මහත්තයා පුදුම කරමින
වේටර්ගේ කලිසම මැද්දෙන් එල්ලෙමින
තිබෙනා නූලක් දැක්කා ටිකක් ඝනකම
මේ මොකක්ද මේ කියලා එයද විමසින

මහත්තයෝ ටොයිලට් යන සැරයක් ගානේ
අත් සෝදන්නට ගියොතින් කාලෙ කනවනේ
ඒක නිසා මේ නූලෙන් තමයි අදින්නේ
මේවා මේ එස් පහ ක්‍රම අනුව තමයිනේ


හරි එතකොට නූලෙන් නොවැ එළියට ගන්නේ
ආයෙත් කොහොමද ඇතුලට ඕක දමන්නේ
මහත්තයෝ ඒක හරිම සරල දෙයක්නේ
සාක්කුවේ ඇති පදමට හැඳි තියෙනවනේ



38 comments:

  1. මේකෙ කතාව නං මීට ලස්සනයි. කෙටියෙන් ලිව්වෙ නැතිව විස්තරේ මුළුමනින්ම ලිව්ව නං හොඳයි.

    මෙන්න මගෙන් කතාවක්,
    බාර් එකකට ආපු එකෙක් දැක්කලු ඒකෙ මිල ගනන්,
    බියර් 1-300
    චීස් බර්ගර් එකක්-100
    සැන්ඩිවිච් එකක්-200
    Handjob-500

    මෑන් ඕක බලාගෙන කවුන්ටරෙන් බියර් එකකුත් අරගෙන අැතුලට ගියාලු. ඇතුලෙ ඉන්නවලු සර්ව් කරන කෙල්ලො තුන් දෙනෙක්. අරූ ඇහුවලු
    'ඇත්තටම ඔයාල රුපියල් පන්සීයට ^%&&# ද" කියල.
    කෙල්ල "ඔව් ඔයාට ඕනද %^$$"
    "නෑ මට ගෙන්නගන්න ඕන සැන්ඩ්විච් එකක්, ඊට කලිං උඹ හොඳට අත හෝදගෙන වරෙං"

    ReplyDelete
    Replies
    1. කරුමෙට පුරුදු වෙලා තියෙන්නෙම කෙටි කවි. ඇත්තටම තව විස්තර කරන්න තිබ්බා.
      ඒකත් මරු!

      Delete
  2. කෙටියෙන් මොකෝ . උඹ බය වුනාද අපි දීර්ඝ කුණුහබ්බ කියන්න . හැක් .

    ReplyDelete
    Replies
    1. අනික බං ඔය වැඩේ පොඩි හැන්දකින් කරන්න පුලුවන්ද ? අඩුගානේ සවලක්වත් තිබ්බනම් ඔන්න හිතුව හැකි :P

      Delete
    2. මෙන්න මූටත් කොට වෙලා.
      ඔය කියන සයිස් ඉතිං ඉවානයාගෙම තමා, වෙන කාගෙද?

      Delete
  3. ඔය හැන්ද පොල් කටු හැන්දක්ද ? ඕක තේ හැන්දක් නම් පොඩි අවුලක් .....

    ReplyDelete
    Replies
    1. තේ හැඳි දෙන්නෑ මලයා බයිට් එක්ක. ඒවා මේස හැඳි.

      Delete

    2. මට කියන්නේ මලය කියල
      අපේ ස්වීට් මඩු මදාවි
      හිතනවා පනහක් වත් ඇති
      මේ ඇන්ටිට රස සරනියේ
      හතලිස් අටක් නෙ මගේ වයස
      තව අවුරුදු පහළොවකින්..

      Delete
  4. හැන්දඑපා ගෑරුප්පුවක් දීපන් කියල මීට පස්සෙ රහ මෙර බොද්දි ඉල්ලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් පීරනවාද හෙම දන්නෑනෙ.

      Delete
  5. මේක හරියන්නෑ,, හෙට අලුත් එකක් ලියන්න නැන්ඳි මං එනෝ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං තදවෙනවා. මේකෙ ඉන්න නැන්දි ඔමාට වඩා ඕන්නං අවුරුදු 5 ක් වැඩුමල් ඇති...හැක්

      Delete
    2. ආච්චියේ ඔමා මට කියන්නේ අයියේ කියල ...........................

      Delete
  6. Replies
    1. @මාතලන්,
      වැඩේ අප්සැට් වගේ.

      @සිංහයා,
      ගොරවන්නැද්ද?

      Delete
  7. අද මේක ඒතරං රහ නෑ යකෝ. කෝ අර ටිපිකල් මදාවි ස්ටයිල්

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලියලා ආරෝහන පටිපාටියටයි දාන්න තිබ්බෙ.

      Delete
  8. අද පෝස්ට් එකේ කවි රසයත් මදි. කුණු රසයත් මදි.

    ReplyDelete
    Replies
    1. සමහර ක්ලබ් වල බයිට් එච්චර හරි නෑනෙ ශනී.

      Delete
  9. තේ හැන්දක්ද මේස හැන්දක්ද?

    ReplyDelete
    Replies
    1. අනිවා, මේස හැන්දක්.

      Delete
  10. දොඩම් හදන හැන්දක්ද ?

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න යාවෙන හැටි.

      Delete
  11. Replies
    1. ඉස්තූතියි වැවා..!

      Delete
  12. ඊ......................යා ඕවෑක්

    ReplyDelete
    Replies
    1. දිලිනී................ඒ කවද ඉඳන්ද ඒක වෙන්න ගත්තෙ?

      Delete
  13. දොඩම් ජූස් සමගින් හැඳි.....
    මේකනම් මට මදි මදි වගේ.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. අද පොඩි අවුලක් වෙලා වගේ කටුස්සෝ. සේරම බැන බැන යනවා. කමක්නෑ. ඊ ළඟ එකේදි තව පොඩ්ඩක් විස්තර කොරනවා.

      Delete
  14. මේ පෝස්ට් එක පොඩ්ඩක් රහ මදිවෙලා වගේ කට්ටියට. එහෙම ඉතිං වෙනවා. හැමදාම රහට උයන්න බෑනෙ ලමයිනේ. අදට ඔහොම කමු. මොනා වුනත් අඩුපාඩු පෙන්වන එක වටිනවා. ඉදිරියේ ඊට හොඳ නිර්මාණයක් කරන්න. ඒ වගෙම මොකුත් නොකියා යනවාට වඩා අඩුපාඩු පෙන්වන්නෙ මේ අඩවියට ඇති ආදරය නිසා බව අපි දන්නවා. හැමෝටම ස්තූතියි!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න එකක් දැම්මා... ගිහිං බලාං මල්ලියෙ පොඩ්ඩක්

      Delete
  15. හිනා යනවා යකෝ.. ඉල ඇදෙන්න..... :D :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ... මේ අපේ සමහර කට්ටියට හිනා ගිහිංම නෑනෙ.

      Delete
  16. සුපිරි...
    මහත්තයට දීපු හැන්දත් පාවිච්චි කරපු එකක් වෙන්නැති
    ජය!

    ReplyDelete