තිබුණ ආදරේ නිසාම - නිදහස දෝනිට ලැබුණා
ඇය ඒකෙන් වාසි ගත්තු බවක් හෙළිවුනා
හදිසියේම දවසක්දා - උදේ පාන්දර ජාමේ
දෝනියැන්ද වමනෙ දාන - සද්දය ඇහුනා
කලබල වූ දෙමාපියෝ - දොස්තරෙකුට ඇය පෙන්වා
ගැබ්ගෙන ඇති බව සැක හැර - දැනගත්තාලූ
දිව්රිලි සහ ශාප කිරිලි - මහ වරුසාවක් මැද්දෙන්
දෝනියැන්ද යලි ගෙදරට - කැන්දන් ආවා
දුව දිවගොස් දුරකතනෙන් - යමෙකු ඇමතුවා
පැයක් පමණ වෙලා යද්දි - මහ සුවිසල් කාර් එකක්
මිදුල මැදට ඇවිදිල්ලා - නවතිනු දැක්කා
හොඳින් ඇඳ පැලඳ සිටිනා - මැදිවිය ආසන්න වෙච්චි
මහත්තයෙක් ගේ ඇතුලට - ඇවිදං ආවා
ඒක වුනේ මගේ අතින් - මම පිළිගනිමී
කරුමෙට මම විවාහකයි - මට බෑ මැය බාරගන්න
එනමුත් මම විකල්පයක් - ඔබට කියන්නම්
යම් හෙයකින් මැයට ලැබෙන - දරුවා දුවණියක වුනොත්
ඇයහට මම උපන් ගමන් - මේවා දෙනවා
සුපිරි වෙළඳ සැල් දෙකකුයි - වෙරලෙන් සහ කඳුකරයෙන්
අනගි ගෙවල් දෙකක් සමග - ඩොලර් කෝටියක්
මැයට පුතෙක් ලැබුණෝතින් - ෆැක්ටරි දෙකකුත් සමගින්
බංගලාවකුයි තව දෙමි - ඩොලර් කෝටියක්
යම් හෙයකින් මේ කලලය - ගබ්සා වුනොතින්.." කියලා
මහත්තයා එක මොහොතක් - නිශ්ශබ්ද වුනා
.
.
.
.
.
.
ට්‍රයිකරලා බලමු නේද" - කියලා කීවේ....
හි හි හි.. පෝස්ට් එක ලියලා පබ්ලිෂ් කරලා නිදාගන්න හදද්දී දැක්කේ හම්මේ හෙට එන්නම් ඈ,, කමෙන්ට් නොටිෆිකෙශ්න් බලන්න කමෙන්ට් එකක් කොටා යමී හිටන්
ReplyDeleteඕං හෙට වුනා. ඇහැරෙන්නයි කිව්වෙ හොර නිදි කුමාරි...
Deleteමේ අපේ පවුල්වල රහස් උඹ කොහෙන්ද හොයාගන්නේ ඈ?
ReplyDeleteඑතකොට මාමේ ඔයා නැවුත් ගියපු දුවක්ද මට බන්දලා දුන්නේ ......
Deleteලාග්ගෝ අදින්න්නති බැනා
විචාරකතුමා ගලන දොලෙන් දිය පොදක් නානවා හේ?
Deleteඕක තමයි තිත්ත ඇත්ත...
ReplyDeleteඒක තමා සහතික ඇත්ත
Deleteසල්ලි වලට කරන්න බැරි දෙයක් තියනවද මංදා.අද උඹ හිනායන එකක් ලිවුවට ඒක ඇතුලේ තියෙන්නේ මහා හෙන ලොකු කතාවක්.හිනාවෙලා ඉවරවෙලා කල්පනා කරන්නම්.
ReplyDeleteජය වේවා.....
සිරා ගන්න එපා මේවා. ඒවා වෙනමම එන්නෙ.
Deleteවිහිලු කතාවක් කියලා හිනා උනත් මේ වගේ දෙයක් අද පවතින මුදල් පස්සෙම දුවන සමාජ රටාව තුල සිද්ද වෙන්නත් පුලුවන් කියලා හිතෙනවා....
ReplyDeleteලස්සන කවි පද ටික.....
ටේක් ඉට් ඊසි ඌර්වසී! (විහිලුවට කීවෙ. ඇත්ත කතාව)
Deleteහෙහ් හෙහ් හෙහ්..... අන්න බලන්න ඒකෙත් හැටි.
ReplyDeleteකොයිකෙද?
Deleteවිකල්පේ ඒක තමයි බං. ඵලයක් නැත්තං අරූ කොහොමද ගෙවන්නෙ? ට්‍රයි කොරන්නම වෙනවා වැඩේ වැරදුනොත්.
ReplyDeleteඅඩේ! උඹ අවුරුදු 30 ක් තරුණ වෙලානෙ!
Deleteහැක් හැක්.. උඹලට මෙව්වා දරාගන්න බෑ නේද ;)
Deleteහිනාවෙලා ඉවරවෙලා කල්පනා කළා.සල්ලි දැක්කම ගල් රූපත් කතාකරනවලු නේද බං.
ReplyDeleteදෙයක් ඉතිරි වුනානම් සතුටුයි අයියෙ.
Deleteහිනා ගියා බං, අන්තිම පද ටික බලද්දිම. කදුළු පනින කවියක් නොවන කතාවක්.
ReplyDeleteදුක තමා කම්මලේ.
Deleteඑසැනින් ඇගෙ අප්පුච්චා - "එහෙම වුනොත් අපි නැවතත්
ReplyDeleteට්‍රයිකරලා බලමු නේද" - කියලා කීවේ\\
මේක තමයි ඇත්ත. සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ
රුපියල් සත නිසාදෙ මේ දුක?
Deleteඑක්වරක් දෙවරක් නෙවෙයි තුන්වරකුත් ට්‍රයි කරලා බලන්ඩ පුළුවන් කියලා මාමි ඔප්පු කලානේ? ඉතින් ආපහු ට්‍රයි කරමු...
ReplyDeleteඅහු! අලුත් අර්ථකථනයක්.
Deleteඅප්ප මරන්නෝනෙ.. එකාතකින් ඌටත් වෙන කොරන්න දෙයක් නෑ ලෝකෙ හැටිනේ.. අද නම් හිනා ගියේ නෑ.. ඇඬෙනවා..
ReplyDelete// අද නම් හිනා ගියේ නෑ.. ඇඬෙනවා..//
Delete+++++++++++++++
කළණ, ක්‍රමයේ දුබලතාවක් වියයුතුය. මේක පරිවර්තනයක් වුනත් මේ තරම් සීරියස් ප්‍රතිචාර බලාපොරොත්තු වුනේ නෑ කළණ!
Deleteකොල්ලෙක් මධ්යම රාත්‍රියේ ගෙදර ආවොත් -"මොකද කොහෙද ගියේ බීලද??".....කෙල්ලෙක් වමනේ පාරක් දැම්මොත් -"කවුද ඕක කරපු නොසන්ඩාලයා"....කවුරු මොනව කරත් අවසානෙට බැනුම් අහන්නෙ මේ අභිංසක කොල්ලොම තමයි.....
ReplyDeleteමෙන්න කොල්ලෝ!
Deleteසල්ලි දෙයියන්ගේ මල්ලි කියල ඉස්සර කියපු එකා එක්කෝ සල්ලි ගැන දැනගෙන ඉඳල නැහැ, එහෙම නැත්නම් දෙයියෝ ගැන දැනගෙන ඉඳල නැහැ...
ReplyDeleteඅනිවා... දෙකෙන් එකක් දැනගෙන ඉඳලා නෑ.
Deleteඋපහාස රසය මැද්දෙන් උඹ පෙන්නන සමාජ යථාර්ථය බොහොම ගැඹුරුයි මචෝ. මේ අද රටේ තත්වය. සමාජය, සංස්කෘතිය වගේම පිරිහුණු මිනිස්සුන්ගෙ අර්‍ර්ථිකය සමාජය මේ තත්වයට පත්කරල තියෙනවා. තාත්තා ගස් බැඳල අම්ම විකුණන තරමට සමාජෙ පිරිහිලා.
ReplyDeleteසල්ලි පස්සෙම දුවන සමාජයක දූ දරු, නෑකම්, හිතවත්කම් කොයිකත් සල්ලි ඉස්සරහා දියවෙන්නෙ අවන් එකේ බටර් වගේ බං.
Deleteමේකට කිට්ටුවෙන් යන තව කතාවක් මතක් වුණා...
ReplyDeleteගජ පෝසත් මහත්‍තයෙක් - තමන්ගෙ නෝනා සමගින්
තරු පන්තියෙ හෝටලයක - කෑමට යනවා..
ගතවූයේ සුළු මොහොතයි - සුන්දර තරුණියක් පැමිණ
'හායි මෙයා' කියා මහත්තයව කිස් කලා
උෟරු ජුවල් ගිය නෝනා - නපුරු විලාසයෙන් බලා
කවුදැයි ඒ පරට්ටි කියලා විමසනවා
අයියෝ ඔබ දන්නෙ නැද්ද - ඒ මගෙ හොර ගෑණි නේද
කිසි ගාණක් නැතුව මහත්තයා කියනවා
හුහ් තෝ මහ පර බල්ලෙක් - මගේ ජීවිතේ ඉවරයි
අදම දික්කසාදයකට මම උසාවි යනවා
අයියෝ එය සුළු දෙයක්නෙ - දික්කසාද වෙමුකො ඉතින්
හැබැයි තමුසෙ මේක හිතේ තියා ගන්නවා
බැංකොක් වල ෂොපිං යන්න - බෙන්ස් කාර් ගමන් බිමන්
මේ ඔක්කොම සුරසැප එතකොට කෙළ වෙනවා
ඒ එක්කම එහා ගෙදර - මිස්ට පෙරේරා එනවා
තවත් සුරූපී ලියකුයි ඔහු හා ඉන්නේ
මේක දකින අර නෝනා - මහත්තයට ළං වීලා
කවුදැයි ඒ පෙරේර හා එන්නෙ අහනවා
ඔයා එයා දන්නෙ නැද්ද - පෙරේරාගෙ හොර ගෑනිනෙ
මහත්තයා කිසි ගාණක් නැතුව කියනවා
නෝනා මද සිනා පපා - මහත්තයට ළං වීලා
"අපෙ හොර ගෑනිනෙ ලස්සන" කියල කියනවා
///"අපෙ හොර ගෑනිනෙ ලස්සන" ///
Delete//"එහෙම වුනොත් අපි නැවතත්
ට්‍රයිකරලා බලමු නේද" ...
සල්ලි ඉස්සරහා මිනිස්සු නැමෙන කැත නේද...
ඔයාගේ කවියත් නියමයි
ඒකත් පට්ට. ඒ කතාව කලින් අහල තියෙනවා මමත්.ඒත් ඔබේ කවියෙන් එය වඩාත් රසවත්.
Deleteස්තූතියි දෙන්නටම අගය කලාට. අරුන්දෑ බනීද දන්නෑ මං උගේ බ්ලොගේ ඩෙගා නටලා
Deleteඇයි බං මට මෙහෙම කරන්නෙ. උඹ ඔහොම කවි ලිව්වම මට යන කල මක්කෙයි?
Deleteයකෝ පට්ටෙත් හොඳම එක. අවංකවමයි කියන්නෙ අහලා තිබුන්නෑ. උඹ නම් යකෙක්!
ඔමා, පව් නේ අපි හැමෝම?
මනෝෂ්, අම්මපා මං අහලා තිබුන්නෑ. කවියනම් පට්ටෙත් පට්ට.
ඩිල් අගේන්, උන්දැ මේ කොට කොටා එන්නෙ බොට කොටන්ට.
මධූ අයියෙ ඔය කතාව- අහලා මට හිනාගියා
ReplyDeleteඅපිටත් හොඳ නෝන කෙනෙක්- හොයල දෙන්නකෝ
මඩු අයියා කියනා දේ අහගන්න - මල්ලි ගෙවල් පැත්තේ රවුමක් යන්න
Deleteනෝනල ඇත ඕනිතරම් හමුවෙන්න - එයින් එක්කෙනෙක් තෝරාගෙන යන්න
ඔය "සුළු වරදක් වූ" කෝටි පහක දාහාද සහිත දියණියො ඕනතරම් ලංකාදීපෙත් ඉන්නෙ බන්. මට ඒකාලෙ එහෙම එකක් හොයාගන්න හිතුනෙ නැති එක ගැනයි දැන් තැවෙන්නෙ.
ReplyDeleteඑවා තමා සිංහයො ධන නිධාන.
Deleteමේක කියෙවුවහම අර ඩ්‍රිල් ටීම් කොල්ලන්ගෙ සින්දුවක කෑල්ලක් මතක් වුනා..
ReplyDeleteදෙයියන්ගේ මල්ලිට ඔටුනු පැලඳි කල්හි
ලෝකය තනි යායකි , සවනක් ගණ රැස් නැති..
දෙයියන්ගෙ මල්ලි මහ අවජාතක පොරක් නේද?
Deleteඅඩත් cmnt 100 පන්නමුද?
ReplyDeleteවෙල්කම් මචෝ. උඹේ සිංහල පොඩි අවුලක් තියෙනවා. Sinhala Tamil IME Setup එක බාගෙන බලාපං පොඩ්ඩක්.
Deleteඑකෙන්ම. වලිවලින් හොඳ මිතුරෝ බිහිවෙති.
එල ද බ්‍රා
ReplyDeleteතව ටිකකින් එන්නම්
වරෙං යකෝ විජහට!
Deleteආවම කියහන්
ReplyDeleteඔන්න අර්ධ ශතකෙනම් හරි බං.
Delete(තෙමාව අයින් කරා(*)
ReplyDelete.
හ්ම්ම්ම්ම්ම්
බාගෙනම බලමු
.
හබයි අද එන්ටෙර් වෙcච එකෙ අවුලක් තිබුන නෙද? බලමු ඊලන්ග එකෙදි
තේමාව අයින් කල එක ගැනනම් අප්‍රමාණ සතුටුයි!
Deleteමොකක් එන්ටර් වෙච්ච එකද?
එතකොට අර ශාප කරපුවා ඔක්කොම ඉවරයි.. හොද වෙලාවට..
ReplyDeleteස්පෙලිං මිස්ටේක් හින්ද දෙයියො ඒවා කරලා නෑ.
Deleteඅද එන්නේ නෑ මම යනවා සුපිරි වෙළඳ සැල් දෙකකුයි - වෙරලෙන් සහ කඳුකරයෙන්
ReplyDeleteඅනගි ගෙවල් දෙකකුයි බලන්න.
හරිගියෙ නැත්තං ආයි ට්‍රයි කොරාපං හොඳේ.
Delete