2015-03-30

යම් හෙයකින් එහෙම වුනොත්....




මවක පියෙකු සමග දුවක - සිටිනා පවුලක් විය එය
දුවට බොහොම ආදරයෙනි - මව්පියො සිටියේ

තිබුණ ආදරේ නිසාම - නිදහස දෝනිට ලැබුණා
ඇය ඒකෙන් වාසි ගත්තු බවක් හෙළිවුනා


හදිසියේම දවසක්දා - උදේ පාන්දර ජාමේ
දෝනියැන්ද වමනෙ දාන - සද්දය ඇහුනා

කලබල වූ දෙමාපියෝ - දොස්තරෙකුට ඇය පෙන්වා
ගැබ්ගෙන ඇති බව සැක හැර - දැනගත්තාලූ

දිව්රිලි සහ ශාප කිරිලි - මහ වරුසාවක් මැද්දෙන්
දෝනියැන්ද යලි ගෙදරට - කැන්දන් ආවා

"කවුද ඕක කරපු එකා?" - මවුපියො එකවර ඇසුවා
දුව දිවගොස් දුරකතනෙන් - යමෙකු ඇමතුවා

පැයක් පමණ වෙලා යද්දි - මහ සුවිසල් කාර් එකක්
මිදුල මැදට ඇවිදිල්ලා - නවතිනු දැක්කා

හොඳින් ඇඳ පැලඳ සිටිනා - මැදිවිය ආසන්න වෙච්චි
මහත්තයෙක් ගේ ඇතුලට - ඇවිදං ආවා

"ඔබගේ දුව මට කීවා - යම් වරදක් වී ඇති බව
ඒක වුනේ මගේ අතින් - මම පිළිගනිමී

කරුමෙට මම විවාහකයි - මට බෑ මැය බාරගන්න
එනමුත් මම විකල්පයක් - ඔබට කියන්නම්

යම් හෙයකින් මැයට ලැබෙන - දරුවා දුවණියක වුනොත්
ඇයහට මම උපන් ගමන් - මේවා දෙනවා

සුපිරි වෙළඳ සැල් දෙකකුයි - වෙරලෙන් සහ කඳුකරයෙන්
අනගි ගෙවල් දෙකක් සමග - ඩොලර් කෝටියක්

මැයට පුතෙක් ලැබුණෝතින් - ෆැක්ටරි දෙකකුත් සමගින්
බංගලාවකුයි තව දෙමි - ඩොලර් කෝටියක්

යම් හෙයකින් මේ කලලය - ගබ්සා වුනොතින්.." කියලා
මහත්තයා එක මොහොතක් - නිශ්ශබ්ද වුනා
.
.
.
.
.
.
එසැනින් ඇගෙ අප්පුච්චා - "එහෙම වුනොත් අපි නැවතත්
ට්‍රයිකරලා බලමු නේද" - කියලා කීවේ....


56 comments:

  1. හි හි හි.. පෝස්ට් එක ලියලා පබ්ලිෂ් කරලා නිදාගන්න හදද්දී දැක්කේ හම්මේ හෙට එන්නම් ඈ,, කමෙන්ට් නොටිෆිකෙශ්න් බලන්න කමෙන්ට් එකක් කොටා යමී හිටන්

    ReplyDelete
    Replies
    1. ඕං හෙට වුනා. ඇහැරෙන්නයි කිව්වෙ හොර නිදි කුමාරි...

      Delete
  2. මේ අපේ පවුල්වල රහස් උඹ කොහෙන්ද හොයාගන්නේ ඈ?

    ReplyDelete
    Replies
    1. එතකොට මාමේ ඔයා නැවුත් ගියපු දුවක්ද මට බන්දලා දුන්නේ ......

      ලාග්ගෝ අදින්න්නති බැනා

      Delete
    2. විචාරකතුමා ගලන දොලෙන් දිය පොදක් නානවා හේ?

      Delete
  3. ඕක තමයි තිත්ත ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඒක තමා සහතික ඇත්ත

      Delete
  4. සල්ලි වලට කරන්න බැරි දෙයක් තියනවද මංදා.අද උඹ හිනායන එකක් ලිවුවට ඒක ඇතුලේ තියෙන්නේ මහා හෙන ලොකු කතාවක්.හිනාවෙලා ඉවරවෙලා කල්පනා කරන්නම්.
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. සිරා ගන්න එපා මේවා. ඒවා වෙනමම එන්නෙ.

      Delete
  5. විහිලු කතාවක් කියලා හිනා උනත් මේ වගේ දෙයක් අද පවතින මුදල් පස්සෙම දුවන සමාජ රටාව තුල සිද්ද වෙන්නත් පුලුවන් කියලා හිතෙනවා....
    ලස්සන කවි පද ටික.....

    ReplyDelete
    Replies
    1. ටේක් ඉට් ඊසි ඌර්වසී! (විහිලුවට කීවෙ. ඇත්ත කතාව)

      Delete
  6. හෙහ් හෙහ් හෙහ්..... අන්න බලන්න ඒකෙත් හැටි.

    ReplyDelete
  7. විකල්පේ ඒක තමයි බං. ඵලයක් නැත්තං අරූ කොහොමද ගෙවන්නෙ? ට්‍රයි කොරන්නම වෙනවා වැඩේ වැරදුනොත්.

    ReplyDelete
    Replies
    1. අඩේ! උඹ අවුරුදු 30 ක් තරුණ වෙලානෙ!

      Delete
    2. හැක් හැක්.. උඹලට මෙව්වා දරාගන්න බෑ නේද ;)

      Delete
  8. හිනාවෙලා ඉවරවෙලා කල්පනා කළා.සල්ලි දැක්කම ගල් රූපත් කතාකරනවලු නේද බං.

    ReplyDelete
    Replies
    1. දෙයක් ඉතිරි වුනානම් සතුටුයි අයියෙ.

      Delete
  9. හිනා ගියා බං, අන්තිම පද ටික බලද්දිම. කදුළු පනින කවියක් නොවන කතාවක්.

    ReplyDelete
  10. එසැනින් ඇගෙ අප්පුච්චා - "එහෙම වුනොත් අපි නැවතත්
    ට්‍රයිකරලා බලමු නේද" - කියලා කීවේ\\

    මේක තමයි ඇත්ත. සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. රුපියල් සත නිසාදෙ මේ දුක?

      Delete
  11. එක්වරක් දෙවරක් නෙවෙයි තුන්වරකුත් ට්‍රයි කරලා බලන්ඩ පුළුවන් කියලා මාමි ඔප්පු කලානේ? ඉතින් ආපහු ට්‍රයි කරමු...

    ReplyDelete
    Replies
    1. අහු! අලුත් අර්ථකථනයක්.

      Delete
  12. අප්ප මරන්නෝනෙ.. එකාතකින් ඌටත් වෙන කොරන්න දෙයක් නෑ ලෝකෙ හැටිනේ.. අද නම් හිනා ගියේ නෑ.. ඇඬෙනවා..

    ReplyDelete
    Replies
    1. // අද නම් හිනා ගියේ නෑ.. ඇඬෙනවා..//

      +++++++++++++++

      Delete
    2. කළණ, ක්‍රමයේ දුබලතාවක් වියයුතුය. මේක පරිවර්තනයක් වුනත් මේ තරම් සීරියස් ප්‍රතිචාර බලාපොරොත්තු වුනේ නෑ කළණ!

      Delete
  13. කොල්ලෙක් මධ්යම රාත්‍රියේ ගෙදර ආවොත් -"මොකද කොහෙද ගියේ බීලද??".....කෙල්ලෙක් වමනේ පාරක් දැම්මොත් -"කවුද ඕක කරපු නොසන්ඩාලයා"....කවුරු මොනව කරත් අවසානෙට බැනුම් අහන්නෙ මේ අභිංසක කොල්ලොම තමයි.....

    ReplyDelete
  14. සල්ලි දෙයියන්ගේ මල්ලි කියල ඉස්සර කියපු එකා එක්කෝ සල්ලි ගැන දැනගෙන ඉඳල නැහැ, එහෙම නැත්නම් දෙයියෝ ගැන දැනගෙන ඉඳල නැහැ...

    ReplyDelete
    Replies
    1. අනිවා... දෙකෙන් එකක් දැනගෙන ඉඳලා නෑ.

      Delete
  15. උපහාස රසය මැද්දෙන් උඹ පෙන්නන සමාජ යථාර්ථය බොහොම ගැඹුරුයි මචෝ. මේ අද රටේ තත්වය. සමාජය, සංස්කෘතිය වගේම පිරිහුණු මිනිස්සුන්ගෙ අර්‍ර්ථිකය සමාජය මේ තත්වයට පත්කරල තියෙනවා. තාත්තා ගස් බැඳල අම්ම විකුණන තරමට සමාජෙ පිරිහිලා.

    ReplyDelete
    Replies
    1. සල්ලි පස්සෙම දුවන සමාජයක දූ දරු, නෑකම්, හිතවත්කම් කොයිකත් සල්ලි ඉස්සරහා දියවෙන්නෙ අවන් එකේ බටර් වගේ බං.

      Delete
  16. මේකට කිට්ටුවෙන් යන තව කතාවක් මතක් වුණා...

    ගජ පෝසත් මහත්‍තයෙක් - තමන්ගෙ නෝනා සමගින්
    තරු පන්තියෙ හෝටලයක - කෑමට යනවා..

    ගතවූ‍යේ සුළු මොහොතයි - සුන්දර තරුණියක් පැමිණ
    'හායි මෙයා' කියා මහත්තයව කිස් කලා

    උෟරු ජුවල් ගිය නෝනා - නපුරු විලා‍සයෙන් බලා
    කවුදැයි ඒ පරට්ටි කියලා විමසනවා

    අයියෝ ඔබ දන්නෙ නැද්ද - ඒ මගෙ හොර ගෑණි නේද
    කිසි ගාණක් නැතුව මහත්තයා කියනවා

    හුහ් තෝ මහ පර බල්ලෙක් - මගේ ජීවිතේ ඉවරයි
    අදම දික්කසාදයකට මම උසාවි යනවා

    අයියෝ එය සුළු දෙයක්නෙ - දික්කසාද වෙමුකො ඉතින්
    හැබැයි තමුසෙ මේක හිතේ තියා ගන්නවා

    බැංකොක් වල ෂොපිං යන්න - බෙන්ස් කාර් ගමන් බිමන්
    මේ ඔක්කොම සුරසැප එතකොට කෙළ වෙනවා

    ඒ එක්කම එහා ගෙදර - මිස්ට පෙරේරා එනවා
    තවත් සුරූපී ලියකුයි ඔහු හා ඉන්නේ

    මේක දකින අර නෝනා - මහත්තයට ළං වීලා
    කවුදැයි ඒ පෙරේර හා එන්නෙ අහනවා

    ඔයා එයා දන්නෙ නැද්ද - පෙරේරාගෙ හොර ගෑනිනෙ
    මහත්තයා කිසි ගාණක් නැතුව කියනවා

    නෝනා මද සිනා පපා - මහත්තයට ළං වීලා
    "අපෙ හොර ගෑනිනෙ ලස්සන" කියල කියනවා

    ReplyDelete
    Replies
    1. ///"අපෙ හොර ගෑනිනෙ ලස්සන" ///

      //"එහෙම වුනොත් අපි නැවතත්
      ට්‍රයිකරලා බලමු නේද" ...

      සල්ලි ඉස්සරහා මිනිස්සු නැමෙන කැත නේද...
      ඔයාගේ කවියත් නියමයි

      Delete
    2. ඒකත් පට්ට. ඒ කතාව කලින් අහල තියෙනවා මමත්.ඒත් ඔබේ කවියෙන් එය වඩාත් රසවත්.

      Delete
    3. ස්තූතියි දෙන්නටම අගය කලාට. අරුන්දෑ බනීද දන්නෑ මං උගේ බ්ලොගේ ඩෙගා නටලා

      Delete
    4. ඇයි බං මට මෙහෙම කරන්නෙ. උඹ ඔහොම කවි ලිව්වම මට යන කල මක්කෙයි?
      යකෝ පට්ටෙත් හොඳම එක. අවංකවමයි කියන්නෙ අහලා තිබුන්නෑ. උඹ නම් යකෙක්!
      ඔමා, පව් නේ අපි හැමෝම?
      මනෝෂ්, අම්මපා මං අහලා තිබුන්නෑ. කවියනම් පට්ටෙත් පට්ට.
      ඩිල් අගේන්, උන්දැ මේ කොට කොටා එන්නෙ බොට කොටන්ට.

      Delete
  17. මධූ අයියෙ ඔය කතාව- අහලා මට හිනාගියා
    අපිටත් හොඳ නෝන කෙනෙක්- හොයල දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. මඩු අයියා කියනා දේ අහගන්න - මල්ලි ගෙවල් පැත්තේ රවුමක් යන්න
      නෝනල ඇත ඕනිතරම් හමුවෙන්න - එයින් එක්කෙනෙක් තෝරාගෙන යන්න

      Delete
  18. ඔය "සුළු වරදක් වූ" කෝටි පහක දාහාද සහිත දියණියො ඕනතරම් ලංකාදීපෙත් ඉන්නෙ බන්. මට ඒකාලෙ එහෙම එකක් හොයාගන්න හිතුනෙ නැති එක ගැනයි දැන් තැවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එවා තමා සිංහයො ධන නිධාන.

      Delete
  19. මේක කියෙවුවහම අර ඩ්‍රිල් ටීම් කොල්ලන්ගෙ සින්දුවක කෑල්ලක් මතක් වුනා..

    දෙයියන්ගේ මල්ලිට ඔ‍ටුනු පැලඳි කල්හි
    ලෝකය තනි යායකි , සවනක් ගණ ‍රැස් නැති..

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගෙ මල්ලි මහ අවජාතක පොරක් නේද?

      Delete
  20. අඩත් cmnt 100 පන්නමුද?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචෝ. උඹේ සිංහල පොඩි අවුලක් තියෙනවා. Sinhala Tamil IME Setup එක බාගෙන බලාපං පොඩ්ඩක්.
      එකෙන්ම. වලිවලින් හොඳ මිතුරෝ බිහිවෙති.

      Delete
  21. එල ද බ්‍රා
    තව ටිකකින් එන්නම්

    ReplyDelete
  22. Replies
    1. ඔන්න අර්ධ ශතකෙනම් හරි බං.

      Delete
  23. (තෙමාව අයින් කරා(*)
    .
    හ්ම්ම්ම්ම්ම්
    බාගෙනම බලමු
    .
    හබයි අද එන්ටෙර් වෙcච එකෙ අවුලක් තිබුන නෙද? බලමු ඊලන්ග එකෙදි

    ReplyDelete
    Replies
    1. තේමාව අයින් කල එක ගැනනම් අප්‍රමාණ සතුටුයි!
      මොකක් එන්ටර් වෙච්ච එකද?

      Delete
  24. එතකොට අර ශාප කරපුවා ඔක්කොම ඉවරයි.. හොද වෙලාවට..

    ReplyDelete
    Replies
    1. ස්පෙලිං මිස්ටේක් හින්ද දෙයියො ඒවා කරලා නෑ.

      Delete
  25. අද එන්නේ නෑ මම යනවා සුපිරි වෙළඳ සැල් දෙකකුයි - වෙරලෙන් සහ කඳුකරයෙන්
    අනගි ගෙවල් දෙකකුයි බලන්න.

    ReplyDelete
    Replies
    1. හරිගියෙ නැත්තං ආයි ට්‍රයි කොරාපං හොඳේ.

      Delete