කී පාරද?
අසූ ගණන් වයසක් ඇති - වියපත් වූ මිනිසෙකි ඔහු
දොස්තර තැන හමුවීලා - ලෙඩේ කියන්නේ
බිරිඳ සමග එකතුවෙනා - හැමවිට මගේ ඇස් බොඳවී
දෙපා පණ නැතිව යනවා - හුස්මත් හිරවේ
දොස්තර තැන ඔහු හිඳුවා - පිරික්සුමද නිමා කලා
ඉන්පසු තම අදහස මේ ලෙස පවසනවා
ඔබෙ වයසට අනුව ඉතිං - ඕක බොහොම ස්වභාවිකයි
ප්‍රශ්නෙ ඇත්තෙ එතන නෙවෙයි - මේක කියන්න...
මේ වෙනකොට කී පාරක් - ඔය ලක්ෂණ පහල වීද
අන්න ඒක අනුව ඔබට - බෙහෙත් කරන්නම්
රෝගියාද හිස අතගා - කල්පනාව මතුකරලා
තමන්ට මේ වෙනස දැනෙන අයුරු පැවසුවා
ඊයේ රෑ හය පාරයි - අද උදේම තුන් පාරයි
කොහොමද තව බලං ඉන්නෙ - මේ අසරණ මං ....
පට්ටයි....නියම අසරණයෙක්.....
ReplyDeleteඅසරණ වෙන්නැද්ද අප්පා හුස්මත් හිරවෙලා කකුල් පණ නැතිව ගියාම?
Deleteමේ කියන්නේ Hug , Kiss ගැන වෙන්නැති නේ ...
ReplyDeleteඅසූ වයස් නම් කොහොමෙයි මෙච්චර හරියක්, වෙන දෙයක් නම් ..
නෑ .. මං කියන්නේ ......
අසූ වයස් අයගෙ රෙකෝඩ් නම් ඉතිං ඔය තියෙන්නෙ පත්තරවල, සඳරු. ඔය මාතාත් එයාගෙ ලිපියේ ඒ ගැන කියලා තියෙනවා.
Deleteලංකාවේ අවුරුදු 40ක එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවනම් දෙන උත්තරය(බිරිඳ ළඟ සිටියදී );
ReplyDelete"සිය සතියට එක පාරයි.මාසෙටම තුන් පාරයි.ගිය මාස දෙකටම පස් හය පාරක් විතර ඩොක්ටර්....."
බිරිඳ නොමැතිව;
"මේ සතියට හතර පාරයි.මාසෙටම විසි තිස් පාරක් වුනා ඩොක්ටර්.ඊයේ දවසට තුන් පාරක්ම වුනා.ඒකයි මේ දුවගන ආවේ."
(බොරුනම් ඔය මාතේ,අටමා,කමියා,හැලපයියා වගේ අයගෙන් අහල බලපන්.ඒත් අර ඉවානයාගෙන්නම් අහන්න එපා.)
කවිය පට්ට.හිනා වෙවී වැඩට යනවා.පිං සිද්ද වේවා උඹට.
පිරිමි ජාතිය ඉතිං ටිකක් බෝස්ටිංනෙ කටුස්සො. (තෑන්ක්ස් මචං)
Deleteඅඩෝ ගෙරි කටුස්සා.. අසරණ අපිව ඕවට ගාව ගන්නවා නෙවෙයි හරිද ඩෝ.
Deleteකළණ, මූ මොකද දන්නෑ ඉවානයා එකම ව්‍යාතිරේඛය කරලා තියෙන්නෙ.
Deleteඅඩෝ පඩත්තල කටුස්සා ... අපි වගේ බෝපල වලට අපහාස කරලා උඹ මොන අපායේ යන්නද?
Deleteහරියට හරි කටුස්සා උඹ හරියටම නම් ටික කියල තියනව.
Delete(අපි නම් හිනාවෙන් නැහැ මෙවුවට ඈ කමෙන්ට් කරන්නෙත් නෑ කටුස්සෝ )
Deleteකමියා- අත් දැකීම තියන වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න එක වැරද්දක්ද හිටං
Deleteමදාවි/ඉවාන් -ඉවානයගෙන් ඕක අහල වැඩක් නෑ බං.ඌ ඩොකාට කියන්නේ "දවස තිස්සෙම එහෙම තමයි ඩොක්ටර්" කියලා.ඩොකාටත් ලෙඩේ හොයා ගන්න බැරුව ඌ බෙහෙත් කරන්නේ අංශභාගෙට.
කම්මලේ ඔතනට අදාල නෑලු හොදේ.ඒකා ඇල් වතුරත් නිවලළු බොන්නේ.
මම දන්නවනේ ඔමා ඔයා මිනිස්සුන්ට හිනා වෙන්න කැමති නෑ කියලා.
ඈ.... ඒකත් එහෙමද?? ඉරිසියාව යකෝ....
Deleteඉවාන්, බෝපල කියන්නෙ ගෙපල/ඉපල වගේ එකක්ද බාං...
Deleteකම්මලේ, සත්‍යාවබෝධය බං... සත්‍යාවබෝධය
Deleteඔමා, මේ වගේ කෙල්ලෝ අනේ වාසනාවන්! පිරිමින්ගෙ අසික්කිත විහිලු දිහා (එක) ඇහැක් ඇරලා බලන්නෑ. හිනා වෙන්නෙත් නෑ...
Deleteකටුසු, කට්ටියගෙම චරිතාපදාන මුනගැහුණ දවසක වචන 10-15 කින් ගවේෂණය කොරගන්න ඇහැක්වෙයි බං.
Deleteසජ්ජා, උඹට තදවෙලා තියෙනවා දැක්කා අම්බානකට පහුගිය දොහේ.
Deleteමම සව්දියේ හිටියේ බොහොම සුළු කාළයයි.. අපි දන්න එකෙක්ගේ ගෙදරක නාකි පොරකට බඳින්න ඕන උනා.. පොරගේ වයස 92 යි.. එහෙන් මෙහෙන් කචල් ඇවිත් පොර උසාවි ගියා.. උසාවියේදී තීරණය දුන්නා මූ තාම අවුරුදු 25 හේ එකෙක් වගේ බඳින්න දෙන්න කියලා.. පොර අවුරුදු 23 කෑල්ලක් බැන්දා..
ReplyDeleteමතකද ඉන්දියාවේ සීන් එක..
ළොව වයසකම අප්පච්චි..
http://maathalan.blogspot.com/2012/10/worlds-oldest-dad.html
Deleteආටානාටිය ඔක්කොම වගේ කියවලා තියෙන නිසා මේකත් කියවලා තියෙන බව මතක්වුනා නැවත බලද්දි. හැංගි මුත්තං සීයලාට වඩා ඒ සීයා කොච්චර හොඳද?
Deleteවයසට නෙමේ මුගේ වැඩ...
ReplyDeleteකාගෙද, ලොකු පුතාගෙද? :-)
Deleteඅඩේ මට එච්චර වයස නැහැ බොල
Deleteඅඩුම ගානෙ පොඩිපුතාට වඩා වයස ඇති මං හිතන්නෙ.
Deleteනැතුව...ඌ ඉතින් පොඩි එකානේ
Deleteවෙන පොඩිඑකාලා නැත්නං
Deleteහි..හි... :D
ReplyDeleteහැක්... හැක්...
Deleteයකෝ මූ පුදුම පොරක්නේ
ReplyDeleteඋඹ ඊටත් පුදුම පොරක් බං. මේ හිටියා... මේ නෑ....
Deleteහතලිහේ එව්ව මෙව්ව අසූවට යද්දි ඩබල් වුනත් ඔය රැකෝඩ් නම් කඩන්න අපිට බෑ.. ඕන් කිව්ව.
ReplyDeleteවයස ඇර ලෙඩ, නොහැකියාව, රැළි ගාන වගේ ඒවානං අවුරුද්දක් ගානෙ ඩබල් වෙනවා මයෙ හිතේ.
Deleteෂඃ පව් බං අසරණයා.මොන ඉවසීමක් නං ඉවසනව ඇද්ද.අසූවෙදි අපට නං හුණු ගාන්න තමා වෙන්නෙ මදාවියෝ.
ReplyDeleteඒකත් බැරිවෙයි හැලප අයියෙ බුරුසුවෙ කෙඳි නැතිව.
Deleteසීයට බේත් දීල සුවවුණොත් ඊළඟ දවසෙ ඩොක්ටර් ළඟට එන්නෙ උන්දැගෙ මායියා...
ReplyDeleteමැක්සා මචන්...
ජය වේ!
ඒ මායියත් ලේසි පාසු මායියෙක් නෙමේ වාර ගාන බැලුවම.
Deleteඑකම බිරිදද දන්නෙ නෑ?
ReplyDeleteකයිය එල ද බ්‍රා
අන්න එහෙමනං අපි ඔයිට හපන් නේද මෙන්ඩො.
Deleteමම ගිය ආත්මේ මුට කියපුවත් මතක තියන් ඉඳන් කවි ලියනවා මේ මදාවියා
ReplyDeleteඉවානයගෙ මේ ආත්මෙ කතාවකුත් ,කවිකලේ නම රැන්ඩි කියල වෙනස් කරල
Deleteඉවාන්, ඔව්වොව් මම තමා ඩොක්ටර්.
Deleteකම්මලේ, කට ඇරපං සීනි කාලක් ඔබන්න.
Deleteහිටපු අගමැටි තුමාට කලින් හිටිය අගමැටි තුමාටත් මේ ලෙඩේ තිබුනළු.
ReplyDeleteහිටපු අගමැතිතුමාටනං ඕවා නොකලත් අර රෝග ලක්සන තිබුණා මයෙ හිතේ.
Deleteඅසූව පැන්නත් වඳුර උඩමයි!! එල එල.
ReplyDeleteමොනාද කියන්නෙ, උඩමයි, උඩමයි!
Deleteලංකාවේ 50 පයිද්දී වයිෆ් හස්බන්ඩ් දිහා දවසට සැරයක් හරියට මුණ බලන්නෙත් නෑ බන් ඕක මෙහෙ වෙච්ච සීන් එකක් වෙන්න ඕනේ
ReplyDeleteඔහේ කට්ටියට එච්චරකල් අල්ලා හිටිනවද? (ඔමා ඔහේම නවතීවි වගේ)
Deleteනෑ නෑ මදුවෝ මට මේ ඊයේ පෙරේදා හොඳ දොස්තර මහත්තයෙක් හම්බවුණා. එක රෑට සියපාරක් වුනත් කමක් නෑ කිව්වා ඒ මහත්තයා.
ReplyDeleteඇයි විචාරකතුමා, දීපු බේත අපිටත් කීවානම් වස් වදිනවැයි?
Deleteහරි හරි
ReplyDelete.
අද තමයි උබෙ වයස ගැන දල අවබොදයක් අවෙ
.
මොකද හැමූම මදාවියා කිවුවට
දල නෙමෙයි යකෝ, ශුද්ධ අවබෝධයක්!
Deleteසිංහල කේස් එක හරි ගියේ නැතෙයි?
හියු හෙෆ්නර්ද බං???
ReplyDeleteසඟරා ගැහිල්ලයි ජීවිත අත්දැකීමුයි බැලන්ස් කරපු පොරක්! ඇත්තටම පොරක්!
Deleteපව් අහිංසක ගෑණි.........................
ReplyDeleteකවුද බං දන්නෙ? එයාම වෙන්නැති ඔය තත්ත්වෙට අර අසරණ මනුස්සයව පත්කලේ
Deleteඅඩේ...මෙන්න මිනිස්සු..උත්සාහවන්ත මිනිස්සු...
ReplyDeleteට්‍රයි ඇන්ඩ් ට්‍රයි, බට් යූ කාන්ට් ෆ්ලයි!
Deleteඅනූ ගාණක ආත්තම්ම කෙනෙකුටත් ඔය වගේම ප්‍රශ්නයක් ආව කියහංකෝ... ඕං බලමු වෙච්චි දේ...
ReplyDeleteමග යා ගන්නත් පණ නැති - ආත්තම්ම කෙනෙක් දිනක්
දොස්තර මහතා වෙත එළඹී - මෙහෙම කියනවා
අනේ මහත්තයෝ මේක - කියන්නටත් මට ලැජ්ජයි
නොකියත් බෑ මේකට බේතක් ඕනෑමයි
දැන් ටික දවසක ඉඳලා - අපේ මිනිහ නිසොල්මනේ
අහවල් එක කොරව ගන්න - හරිම අමාරුයි...
අයියෝ ඕකත් වැඩක්ද - මම දෙන්නම් හොඳ බේතක්
මේ පෙති තුන දවසට එක ගානේ දෙන්න
ඊට පහුවදා ආච්චි - හිනා වෙවී යළි ආපී
මොකද වැඩේ හරිද කියා ඩොක්ට අහනවා
ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි - ආච්චි මේ ලෙස කීවා
කෝපි එකට දමා මෙමා පෙති තුන දුන්නා
දොස්තර මහතා නම් දෙවියෙකි - දුන්නු බේත මල් මසුරං
ප්‍රතිඵල ඒ මොහොතෙම සට - පට ගා ලැබුණා
ඉතිං මොකද ආච්චියේ - දැන් තියෙනා ප්‍රශ්නෙ කියා
විපිළිසරව ගිය දොස්තර - මහතා ඇහුවා
දැන්නම් තියනා ගැටලුව - ආයෙත් ඒ අවන්හලේ
පස්පාගන්නේ කොහොමද - ආච්චි ඇසුවා...
//අයියෝ ඕකත් වැඩක්ද - මම දෙන්නම් හොඳ බේතක්
Deleteමේ පෙති තුන දවසට එක ගානේ දෙන්න// ඉතිරි කොටස...
ආච්චි නොව මුණුපුරාය - ප්‍රතිඵල අරගෙන ආවේ
හති දමමින් ඔහු කීවා - පුදුම කතාවක්
ආච්චි ඇත අයි.සී.යූ. - අම්මා හට ආයි බබෙක්
තාත්ත ඇත රෙක්ටම් සරිජරියක් කරලා
අක්කා වහ බොන්න හදයි - මගෙත් පස්ස දැවිල්ල දෙයි
ඒ අස්සේ සීයා ඇත - හරි අවිවේකෙන්
අපේ ගෙදර හුරතලේට - හදනා පූසිගෙ පස්සෙන්
සීය දුවයි ඉසෝ ඉසෝ - කියා අඬගසා
හැක්...හැක්..
හුටප්පරයයි... පස්සේ ක්‍රීම් ටිකක් වත් ගාගනිං මදාවියෝ
Deleteමම ගම අතහැරලා ගියා වැඩේ දැනගත්තු ගමන්. කියන්න බැරිවුණා, උඹේ ඌණ පූරණය අපූරුයි දිල්!
Deleteඅහ් මෙ අර රුවනගෙ පොස්ට් එක බලහන් ඒවගෙ එකකුත් දහන්
ReplyDelete.
මොකක්ද බන් සින්හල අවුල් කියන්නෙ?
රුවනගේ? ලින්ක් එක දාපං මචෝ...
Deleteඅනේ මන්දා, උඹ ඉංග්‍රීසි අකුරු වලින් වෙන්නැති කොටන්නෙ? අර මම කීවා අයිඑම්ඊ සෙටප් එකවත් බලාපන්. ඇත්තටම පොඩි අවුලක් තියේ. අනෙක් කාගෙවත් කොමෙන්ට්ස් වල එහෙම නෑ.
සීයට එහෙමනම් ආච්චිට කොහොමද දන්නේ නෑ..
ReplyDeleteඋලු ගණිනවලු!
Deleteනියමාාාායි මාධවී......
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා රණා. ඒ පැත්තෙ ගියා. තාම යාලුවෝ එකතුකරනවා බං.
Deletehttp://transyl2014.blogspot.com/2015/04/masturbation-myths-and-facts.html
ReplyDeleteප්‍රතිශත ගැන තමා කවියක් හදන්න වෙන්නෙ. අපේ රටේ කට්ටිය 100% ට වැඩියි කියලා.
Delete///ඊයේ රෑ හය පාරයි - අද උදේම තුන් පාරයි///
ReplyDeleteහපොයි.............
ආතා ඉන්නවා ඇති, නේද?
Deleteමේ බ්ලොග් උලෙල්ලක් නිසා මදාවියගේ කවි ගොඩක් මිස් වෙලා නොවැ . නිවී හැනහිල්ලේ ඔක්කොම එකපාර කියවන්න ඉඳ ගත්ත ඔන්න.
ReplyDeleteඑන්න වුණානම් තොරණෙ විස්තරේ දෙන්නෙ කවියෙන් පොරි හැලෙන්න. ඕ යේස!
Deleteමෙන්න දැන් අලුත් තැන.
ReplyDeletehttp://nelumyaya.com/2015/04/%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F/
වඩා හොඳ වෙනසක්! ජයවේවා! විද්‍යුත් කැටපත් පවුරක්ම වේවා!
Deleteමූ යකෙක්නෙ බං...මොනා කාලද ( අහල මට නම පොඩ්ඩක් එවහන් )
ReplyDeleteටැලිපෝං නොම්බරේ එවන්නද?
Delete