2015-04-22
හාවා සහ වළහා
එකමත් එක කාලයකදි - එකමත් එක කැලයක් තුල
හාවෙක් සහ වළහෙක් මිතුරන් ලෙස උන්නා
උඩින් මිතුරුකම් තිබුණත් - දෙන්නට දෙන්නා නිතරම
යටින් ගේම දෙන්න තමයි - බලාන උන්නේ
දවසක්දා දෙන්න එක්ක - ගමනක් යන අතරතුරේ
හමුවිය මග වැටිලා තිබු - පිත්තල පහනක්
දෙන්නා එය අතට අරන් - යන්තම් පිහදාපු සැනින්
මතුවිය පහනේ කෙමියෙන් - තඩි බහිරවයෙක්
ඔබ තුමන්ල දෙපල නිසා - සිය වසරක මගෙ සාපය
නිමාවෙලා මේ පහනෙන් - නිදහස් වූයේ
ඒකට කළගුණ සලකා - දෙදෙනාටම තුනක් බැගින්
වර හයක්ම දෙන්නෙමි මම - කියන් කැමති දේ
වළහ සැනින් ඉස්සර වී - මේ කැලයේ ඉන්න අනෙක්
වලස්සු සැම වැළහින්නියො - වේවා කීවා
ඔබේ වරය ඉටු වුණේය - කියා කීය බහිරවයා
ඉන්පසු ඔහු හාවාගෙන් - වරය විමසුවා
මට ඕනෑ වේගවත්ම - මෝටර් සයිකලය තමයි
හාවා කී හෙයින් ඔහුට - ඒකත් ලැබුණා
හාවුන් මෙහෙමත් මෝඩද - කියා සිනාසුනු වළහා
දෙවනි වරය ලෙස තමන්ගෙ - මෙසේ ඉල්ලුවා
මේ රටේම හැම කැලේම - ඉන්නා සියලුම වළසුන්
වැලහින්නියො වේවා යැයි - ඔහු යලි පැතුවේ
ඒ වරයත් ඉටු වුණේය - බහිරවයා යලිත් වරක්
හාවාගෙන් ඔහුගෙ දෙවන - වරය විමසුවා
මට දෙන්නකො ලෝකෙ තියෙන - ශක්තිමත්ම හෙල්මටයක්
කීයෙන් හාවා ඌ හට - ඒකත් ලැබුණා
අපරාදේ වර දෙකක්ම - නාස්තිකරගති මේකා
මේ වෙලාවෙ වළහ පෙරලි පෙරලි හිනැහෙතේ
මට ඕනෑ ලෝකෙම - වලස්සු වැළහින්නො වෙන්න
වළහා තම අවසන් වරයත් ලැබ ගත්තා
දැන් වාරය හාවාගෙයි - අන්තිම වරයත් එයවේ
හාවා තම හෙල්මටයද - පළඳාගත්තා
යතුරු පැදියටත් නැගලා - පණගන්වා ජවගන්වා
බහිරවයා අමතා තම - වරය ඉල්ලුවා
මේ වළහා මෙතැන් පටන් - සමරිසි වළහෙක් වේවා
කියා කියපු හාව තියල - ඇරිය ඇරිල්ලක්
Subscribe to:
Post Comments (Atom)
අරිනවා කියල ඔහොමත් අරින සිරිතක් තියෙනවද බන්...
ReplyDeleteඅනිවාර්යයෙන්ම මුන් දෙන්නා යාළුවො කියන එක ඇත්ත වෙන්න ඕනේ, නැත්නම් මේ තරම් අරින්නේ නැහැ හතුරෙක්වත්...
මම පෝස්ට් එක බලන්න එද්දී හිතුවේ අර පොලිස් කාරයෝ අල්ලගෙන ආපු වලහගේ කතාව කියල.
"මම තමයි හාවා... මම තමයි හාවා..." කිය කියා එන්නේ... හෙහ් හෙහ්...
බයික් එකෙන් බං අරින්නේ. :-)
Deleteඅන්තිමට මේ වළහාටත් පොලෝසියෙ නවතින්න නොවුනොත් ඇති.
හාව තමා දවසේ ඩෑල් එක... හිහ් හිහ් හී.............. නයි කයිද රෝස් පාං කීවලු...
ReplyDeleteවලහ පව් මචෝ මොනා වුණත් ඈ
ඔව් ඉදගෙන
වළහෙකුට ගේමක් දෙන්න හාවෙකුට ලැබෙන්නෙ ඉතිං ඔහොමවත් අවස්ථාවක තමා හිටගෙන.
Deleteවලහාව සමරිසි නොකර තිබ්බත් ඌට පරිප්පුව තමයි ඇයි බං ????
ReplyDeleteඉතිං ඉතිං අවුරැදු සරැද?
ඇයි බං කෙහේ කොරන්නද?
Deleteමොන සරුවක්ද මෙන්ඩෝ.... බිංදුවට හිඳුනා. (උඹේ සංකේතය ඇති අර කලිං එකේ පොඩ්ඩක් හොයා බලාපං)
දැක්කා..එල ද බ්රා
Deleteඒකත් එළද බාං...
Deleteඅයියෝ සල්ලි.
ReplyDeleteවළහගෙද?
Deleteඅහිංසක වළහා....
ReplyDeleteරජ වෙන්න නොව ආතල් පිණිස කල වැයමකට කෙල කල හාවා ගැන වහාම පරීක්ෂණයක් පවත්වනු....
අල්ලස් හා දූෂණ කොමිසමට කැදවනු....
හෙල්මට් එක ෆුල් ෆේස් ද දන්නෑ??
මෙහෙමත් සෙල්ලම් කරනවද අහිංසක ආසාවල් එක්ක?
Delete(අන්න ඒ හෙල්මට් ප්‍රශ්නෙනම් වටිනවා)
අන්න හාවෝ...
ReplyDeleteඒක නෙවෙයි බං, මටත් එහෙම බහිරවයෙක් හම්බ උනානම්..
හිටිංකො... ඔය ක්ෂේත්‍රෙයන්ම හම්බුවෙයි.
Deleteහෙහේ පව් වළහා!
ReplyDeleteවළහාගෙනුත් වැඩක් නැති එකේ වැළහින්නො ටික බලාගන්න වෙන්නෙ හාවට තමා.
Deleteආවා ආ වලාගේ කතාව - Rabbit Vs Bear
ReplyDeletehttp://maathalan.blogspot.com/2011/05/rabbit-vs-bear.html
ඒක හොඳ වෙනසක්. අමුතුම බාසාවක් මාතා.
Deleteඅනේ පව් වලහා :D
ReplyDeleteහහ්... මෙයාලට වලස්සු ගැන තියෙන දුක...!
Deleteවලහ එක්ක පට්ට ඇරියස් එකක් තිබ්බ හාවෙක්....
ReplyDeleteආයි... හැමදා නියං එකදා වැහි වලාවේ...
Deleteමදාවි වලා (හුටා වැරදුණා... වලහා) ගැන කවියක් ලියලා....
ReplyDeleteඕං ඊට පස්සෙ මෙහෙමලු උනේ ඈ....
පහනෙ යකා කලබල වී - පස්සත් අතකින් වහගෙන
සියවසරක් සිටි තැනටම - රිංගා ගත්තා...
වළහාටත් වෙන කරන්න - කිසිම දෙයක් නැති තැනදී
Deleteයකා රිංගු පහනේ කෙමියෙන් වැඩ ගත්තා
එකෙන්ම දෙන්න යාළුවොම තමයි... නැත්නම් ඔහොම කොරයිද...
ReplyDeleteහොඳම යාලුවා වෙන්න පුලුවන්
Deleteඋෟනං නියම වලත්ත හාෙවක්.......&^රි වැඩ කරන්ඩ ඒපා කියන්න ඔෙන උෟට
ReplyDeleteඒ වැඩ නවත්තන්න තමා ඌ එහෙම කලේ.
Deleteමදැයි බං වලහට වෙච්ච දෙයක්.. උගේ ආතල් එහෙමම ඉවරයි..
ReplyDeleteතනියෙන් ආතල් ගන්න යනවට යස වැඩේ!
Deleteවලසා යන සත්ත්ව කොට්ඨාසයේ අවසානයද?
ReplyDeleteජයවේ සරණිය!
එසේ වන්නට ඇත. කෙසේද වරිගයා බෝකිරිල්ලක් ඉතිං?
Deleteජය!
හිතා ගන්නවත් බැරිවුනා බන්. මේව හදන එවුන් මාර මොළකාරයොනෙ . අපට අපි ගැනම දුකයි බන්
ReplyDeleteපහන නොලැබුන එකටද
Deleteම.ම.@
Deleteඑහෙම එකක් ලියාගන්න එකෙක්වත් නෑ කියලද?
මෙන්ඩා@
Deleteයක්කුන්ටම ගිය පහන් නේද?
දැන් විභාගෙ කාලෙ නිසා- බලන්නවත් එන්න බෑනෙ
ReplyDeleteතවත් කතාවක් ලියන්න- එපා හදිස්සී
පහේ ශිෂ්‍යත්වෙද?
Deleteචැක්...කක්කි හාවෙක්.
ReplyDeleteබොට ඉතිං මක්කා ලිව්වත් වැරදියි වල් කටුස්සා :-)
Deleteසිරාවටම ................
ReplyDeleteඇයි අජිත් අයියෙ අපිට ඔහොම කරන්නෙ?
Deleteකොහොමොද අනේ ?
Deleteමං හිතුවේ කටුස්සගෙ යෝජනාව ඉස්තීර කොලාවත්ද කියලා.
Deleteදැන් වලහා හාවා එක්ක තරහා වෙලා ඔනදෙකට ඔට්ටු කොල්ලෙක් එක්ක සෙට් වෙලා කියන්නේ
ReplyDeleteහිටපන් ඒ කොල්ලා බ්ලොග් එකක් එහෙම ලියනවද කියලා හොයලා බලලා කියන්න
ලියනවලු බං වළහගෙනුත් බේරිලා මැලේසියාවට වෙලා.
Deleteකොහොමත් හාවා ඉක්මනට මාරු වෙච්ච ඒක හොදයි... නැත්තම් වලහාගෙන් කරදරයක් වෙන්න ඉඩ තියෙනවානේ
ReplyDeleteඑහෙනං... වළස්සු කොහොමත් එක විදිහක්නේ. හයිබර්නේට් වුනත් උන්ගෙ වැඩක්නේ.
Deleteඕවා සහ ගහන අපරාද.. බලු පූට්ටු වලට ගල් ගැහුවට හපන්..
ReplyDeleteඑහෙමයි උපාසක :-)
Deleteපට්ට දුකක් නේ බං හාවා දුන්නේ ප්ලෑන් කරලා.. හැක්.. එළ
ReplyDeleteහාවා දැක්කට වඩා සතුටුයි දේශකතුමා දැක්කම. කෝමෙයි, අවුරුදු සරුය?
Deleteඅම්මප මෙහෙමත් හාවෝ. පවු යකෝ අර වැලහින්නියො ටික :D.
ReplyDeleteඔය කතාවෙ ඉතුරු ටික තියෙන්නේ මෙහෙම(අහම්බෙන් හම්බුනේ)...ඔය වලහ දැන් සත්තු වතුර බොන්ඩ එන තැනක රැකගෙන ඉන්නවලු..සින්හය ආවලු ටිකකින්..වලස පැන්න සින්හයගෙ පිටට..***--++++
Delete*////--***-+
සින්හය වුනත් වලසගෙන් බෙරෙන්න බැරිවුනාලු...............සින්හය කෝමහරි අන්තිමට වෙට්ටුවක් දාලා පැනල ගිහින් පත්තරයක් බලනවලු..වලහ චෙස් කරල මහන්සි හින්දා වතුර වීදුරුවක් ඉල්ලගන්න අර ගෙට ආවලු..සින්හය මේක දැනගෙන පත්තරෙන් මූන වහගෙන මෙන්න යකෝ වැඩක් වලහෙක් සින්හයෙක්ට***********////.... කීවලු....වලස පුදුමවෙලා කීවලු"යකෝ ඒක මේ ටිකට පත්තරේටත් ගියාද "කියල...
ඉස්සෙල්ල ගෑනු ඇදුන්..දැන් මේව ...හ්ම්ම්ම්ම්ම්
මනා@
Deleteහාවා ඒ ඇත්තියො ගැන බලා කියා ගත්තා වෙන්ටෑ...
මාධව@
Deleteහම්මේ යාන්තම් ඇති අපේ මාධවයට රාවණා අමතක වෙලා :-)
හෙහ් හෙහ් මරු කතාව ... හාව ෆුල් ෆේස් හෙල්මට් එකක් ඉල්ලුවනම් උටත් කෙලවෙනවා මගදී
ReplyDeleteහැබෑටම දැන් ෆුල් ෆේස් විරෝධය ඉවරද පැතුම් සද්දයක් නැත්තෙ?
Deleteඇයි මේ එක එක්කෙනා එක එක දේවල් කියන්නේ, වලහට මොකද වුනේ?
ReplyDeleteවලහට ඊට පස්සෙ වැලහින්නියො වැඩක් නෑනෙ උන්මත්තක.
Delete(ඔය එක එක්කෙනා කියන ඒවා වැඩිය හිතන්න එපා)