2015-04-02

කී පාරද?


අසූ ගණන් වයසක් ඇති - වියපත් වූ මිනිසෙකි ඔහු
දොස්තර තැන හමුවීලා - ලෙඩේ කියන්නේ

බිරිඳ සමග එකතුවෙනා - හැමවිට මගේ ඇස් බොඳවී
දෙපා පණ නැතිව යනවා - හුස්මත් හිරවේ


දොස්තර තැන ඔහු හිඳුවා - පිරික්සුමද නිමා කලා
ඉන්පසු තම අදහස මේ ලෙස පවසනවා

ඔබෙ වයසට අනුව ඉතිං - ඕක බොහොම ස්වභාවිකයි
ප්‍රශ්නෙ ඇත්තෙ එතන නෙවෙයි - මේක කියන්න...

මේ වෙනකොට කී පාරක් - ඔය ලක්ෂණ පහල වීද
අන්න ඒක අනුව ඔබට - බෙහෙත් කරන්නම්

රෝගියාද හිස අතගා - කල්පනාව මතුකරලා
තමන්ට මේ වෙනස දැනෙන අයුරු පැවසුවා

ඊයේ රෑ හය පාරයි - අද උදේම තුන් පාරයි
කොහොමද තව බලං ඉන්නෙ - මේ අසරණ මං ....

79 comments:

  1. පට්ටයි....නියම අසරණයෙක්.....

    ReplyDelete
    Replies
    1. අසරණ වෙන්නැද්ද අප්පා හුස්මත් හිරවෙලා කකුල් පණ නැතිව ගියාම?

      Delete
  2. මේ කියන්නේ Hug , Kiss ගැන වෙන්නැති නේ ...
    අසූ වයස් නම් කොහොමෙයි මෙච්චර හරියක්, වෙන දෙයක් නම් ..
    නෑ .. මං කියන්නේ ......

    ReplyDelete
    Replies
    1. අසූ වයස් අයගෙ රෙකෝඩ් නම් ඉතිං ඔය තියෙන්නෙ පත්තරවල, සඳරු. ඔය මාතාත් එයාගෙ ලිපියේ ඒ ගැන කියලා තියෙනවා.

      Delete
  3. ලංකාවේ අවුරුදු 40ක එකෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවනම් දෙන උත්තරය(බිරිඳ ළඟ සිටියදී );
    "සිය සතියට එක පාරයි.මාසෙටම තුන් පාරයි.ගිය මාස දෙකටම පස් හය පාරක් විතර ඩොක්ටර්....."

    බිරිඳ නොමැතිව;
    "මේ සතියට හතර පාරයි.මාසෙටම විසි තිස් පාරක් වුනා ඩොක්ටර්.ඊයේ දවසට තුන් පාරක්ම වුනා.ඒකයි මේ දුවගන ආවේ."
    (බොරුනම් ඔය මාතේ,අටමා,කමියා,හැලපයියා වගේ අයගෙන් අහල බලපන්.ඒත් අර ඉවානයාගෙන්නම් අහන්න එපා.)

    කවිය පට්ට.හිනා වෙවී වැඩට යනවා.පිං සිද්ද වේවා උඹට.

    ReplyDelete
    Replies
    1. පිරිමි ජාතිය ඉතිං ටිකක් බෝස්ටිංනෙ කටුස්සො. (තෑන්ක්ස් මචං)

      Delete
    2. අඩෝ ගෙරි කටුස්සා.. අසරණ අපිව ඕවට ගාව ගන්නවා නෙවෙයි හරිද ඩෝ.

      Delete
    3. කළණ, මූ මොකද දන්නෑ ඉවානයා එකම ව්‍යාතිරේඛය කරලා තියෙන්නෙ.

      Delete
    4. අඩෝ පඩත්තල කටුස්සා ... අපි වගේ බෝපල වලට අපහාස කරලා උඹ මොන අපායේ යන්නද?

      Delete
    5. හරියට හරි කටුස්සා උඹ හරියටම නම් ටික කියල තියනව.

      Delete
    6. (අපි නම් හිනාවෙන් නැහැ මෙවුවට ඈ කමෙන්ට් කරන්නෙත් නෑ කටුස්සෝ )

      Delete
    7. කමියා- අත් දැකීම තියන වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න එක වැරද්දක්ද හිටං

      මදාවි/ඉවාන් -ඉවානයගෙන් ඕක අහල වැඩක් නෑ බං.ඌ ඩොකාට කියන්නේ "දවස තිස්සෙම එහෙම තමයි ඩොක්ටර්" කියලා.ඩොකාටත් ලෙඩේ හොයා ගන්න බැරුව ඌ බෙහෙත් කරන්නේ අංශභාගෙට.

      කම්මලේ ඔතනට අදාල නෑලු හොදේ.ඒකා ඇල් වතුරත් නිවලළු බොන්නේ.

      මම දන්නවනේ ඔමා ඔයා මිනිස්සුන්ට හිනා වෙන්න කැමති නෑ කියලා.

      Delete
    8. ඈ.... ඒකත් එහෙමද?? ඉරිසියාව යකෝ....

      Delete
    9. ඉවාන්, බෝපල කියන්නෙ ගෙපල/ඉපල වගේ එකක්ද බාං...

      Delete
    10. කම්මලේ, සත්‍යාවබෝධය බං... සත්‍යාවබෝධය

      Delete
    11. ඔමා, මේ වගේ කෙල්ලෝ අනේ වාසනාවන්! පිරිමින්ගෙ අසික්කිත විහිලු දිහා (එක) ඇහැක් ඇරලා බලන්නෑ. හිනා වෙන්නෙත් නෑ...

      Delete
    12. කටුසු, කට්ටියගෙම චරිතාපදාන මුනගැහුණ දවසක වචන 10-15 කින් ගවේෂණය කොරගන්න ඇහැක්වෙයි බං.

      Delete
    13. සජ්ජා, උඹට තදවෙලා තියෙනවා දැක්කා අම්බානකට පහුගිය දොහේ.

      Delete
  4. මම සව්දියේ හිටියේ බොහොම සුළු කාළයයි.. අපි දන්න එකෙක්ගේ ගෙදරක නාකි පොරකට බඳින්න ඕන උනා.. පොරගේ වයස 92 යි.. එහෙන් මෙහෙන් කචල් ඇවිත් පොර උසාවි ගියා.. උසාවියේදී තීරණය දුන්නා මූ තාම අවුරුදු 25 හේ එකෙක් වගේ බඳින්න දෙන්න කියලා.. පොර අවුරුදු 23 කෑල්ලක් බැන්දා..

    මතකද ඉන්දියාවේ සීන් එක..

    ළොව වයසකම අප්පච්චි..

    ReplyDelete
    Replies
    1. http://maathalan.blogspot.com/2012/10/worlds-oldest-dad.html

      Delete
    2. ආටානාටිය ඔක්කොම වගේ කියවලා තියෙන නිසා මේකත් කියවලා තියෙන බව මතක්වුනා නැවත බලද්දි. හැංගි මුත්තං සීයලාට වඩා ඒ සීයා කොච්චර හොඳද?

      Delete
  5. වයසට නෙමේ මුගේ වැඩ...

    ReplyDelete
    Replies
    1. කාගෙද, ලොකු පුතාගෙද? :-)

      Delete
    2. අඩේ මට එච්චර වයස නැහැ බොල

      Delete
    3. අඩුම ගානෙ පොඩිපුතාට වඩා වයස ඇති මං හිතන්නෙ.

      Delete
    4. නැතුව...ඌ ඉතින් පොඩි එකානේ

      Delete
    5. වෙන පොඩිඑකාලා නැත්නං

      Delete
  6. යකෝ මූ පුදුම පොරක්නේ

    ReplyDelete
    Replies
    1. උඹ ඊටත් පුදුම පොරක් බං. මේ හිටියා... මේ නෑ....

      Delete
  7. හතලිහේ එව්ව මෙව්ව අසූවට යද්දි ඩබල් වුනත් ඔය රැකෝඩ් නම් කඩන්න අපිට බෑ.. ඕන් කිව්ව.

    ReplyDelete
    Replies
    1. වයස ඇර ලෙඩ, නොහැකියාව, රැළි ගාන වගේ ඒවානං අවුරුද්දක් ගානෙ ඩබල් වෙනවා මයෙ හිතේ.

      Delete
  8. ෂඃ පව් බං අසරණයා.මොන ඉවසීමක් නං ඉවසනව ඇද්ද.අසූවෙදි අපට නං හුණු ගාන්න තමා වෙන්නෙ මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. ඒකත් බැරිවෙයි හැලප අයියෙ බුරුසුවෙ කෙඳි නැතිව.

      Delete
  9. සීයට බේත් දීල සුවවුණොත් ඊළඟ දවසෙ ඩොක්ටර් ළඟට එන්නෙ උන්දැගෙ මායියා...
    මැක්සා මචන්...
    ජය වේ!


    ReplyDelete
    Replies
    1. ඒ මායියත් ලේසි පාසු මායියෙක් නෙමේ වාර ගාන බැලුවම.

      Delete
  10. එකම බිරිදද දන්නෙ නෑ?
    කයිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමනං අපි ඔයිට හපන් නේද මෙන්ඩො.

      Delete
  11. මම ගිය ආත්මේ මුට කියපුවත් මතක තියන් ඉඳන් කවි ලියනවා මේ මදාවියා

    ReplyDelete
    Replies
    1. ඉවානයගෙ මේ ආත්මෙ කතාවකුත් ,කවිකලේ නම රැන්ඩි කියල වෙනස් කරල

      Delete
    2. ඉවාන්, ඔව්වොව් මම තමා ඩොක්ටර්.

      Delete
    3. කම්මලේ, කට ඇරපං සීනි කාලක් ඔබන්න.

      Delete
  12. හිටපු අගමැටි තුමාට කලින් හිටිය අගමැටි තුමාටත් මේ ලෙඩේ තිබුනළු.

    ReplyDelete
    Replies
    1. හිටපු අගමැතිතුමාටනං ඕවා නොකලත් අර රෝග ලක්සන තිබුණා මයෙ හිතේ.

      Delete
  13. අසූව පැන්නත් වඳුර උඩමයි!! එල එල.

    ReplyDelete
    Replies
    1. මොනාද කියන්නෙ, උඩමයි, උඩමයි!

      Delete
  14. ලංකාවේ 50 පයිද්දී වයිෆ් හස්බන්ඩ් දිහා දවසට සැරයක් හරියට මුණ බලන්නෙත් නෑ බන් ඕක මෙහෙ වෙච්ච සීන් එකක් වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔහේ කට්ටියට එච්චරකල් අල්ලා හිටිනවද? (ඔමා ඔහේම නවතීවි වගේ)

      Delete
  15. නෑ නෑ මදුවෝ මට මේ ඊයේ පෙරේදා හොඳ දොස්තර මහත්තයෙක් හම්බවුණා. එක රෑට සියපාරක් වුනත් කමක් නෑ කිව්වා ඒ මහත්තයා.

    ReplyDelete
    Replies
    1. ඇයි විචාරකතුමා, දීපු බේත අපිටත් කීවානම් වස් වදිනවැයි?

      Delete
  16. හරි හරි
    .
    අද තමයි උබෙ වයස ගැන දල අවබොදයක් අවෙ
    .
    මොකද හැමූම මදාවියා කිවුවට

    ReplyDelete
    Replies
    1. දල නෙමෙයි යකෝ, ශුද්ධ අවබෝධයක්!
      සිංහල කේස් එක හරි ගියේ නැතෙයි?

      Delete
  17. Replies
    1. සඟරා ගැහිල්ලයි ජීවිත අත්දැකීමුයි බැලන්ස් කරපු පොරක්! ඇත්තටම පොරක්!

      Delete
  18. පව් අහිංසක ගෑණි.........................

    ReplyDelete
    Replies
    1. කවුද බං දන්නෙ? එයාම වෙන්නැති ඔය තත්ත්වෙට අර අසරණ මනුස්සයව පත්කලේ

      Delete
  19. අඩේ...මෙන්න මිනිස්සු..උත්සාහවන්ත මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි, බට් යූ කාන්ට් ෆ්ලයි!

      Delete
  20. අනූ ගාණක ආත්තම්ම කෙනෙකුටත් ඔය වගේම ප්‍රශ්නයක් ආව කියහංකෝ... ඕං බලමු වෙච්චි දේ...

    මග යා ගන්නත් පණ නැති - ආත්තම්ම කෙනෙක් දිනක්
    දොස්තර මහතා වෙත එළඹී - මෙහෙම කියනවා

    අනේ මහත්තයෝ මේක - කියන්නටත් මට ලැජ්ජයි
    නොකියත් බෑ මේකට බේතක් ඕනෑමයි

    දැන් ටික දවසක ඉඳලා - අපේ මිනිහ නිසොල්මනේ
    අහවල් එක කොරව ගන්න - හරිම අමාරුයි...

    අයියෝ ඕකත් වැඩක්ද - මම දෙන්නම් හොඳ බේතක්
    මේ පෙති තුන දවසට එක ගානේ දෙන්න

    ඊට පහුවදා ආච්චි - හිනා වෙවී යළි ආපී
    මොකද වැඩේ හරිද කියා ඩොක්ට අහනවා

    ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි - ආච්චි මේ ලෙස කීවා
    කෝපි එකට දමා මෙමා පෙති තුන දුන්නා

    දොස්තර මහතා නම් දෙවියෙකි - දුන්නු බේත මල් මසුරං
    ප්‍රතිඵල ඒ මොහොතෙම සට - පට ගා ලැබුණා

    ඉතිං මොකද ආච්චියේ - දැන් තියෙනා ප්‍රශ්නෙ කියා
    විපිළිසරව ගිය දොස්තර - මහතා ඇහුවා

    දැන්නම් තියනා ගැටලුව - ආයෙත් ඒ අවන්හලේ
    පස්පාගන්නේ කොහොමද - ආච්චි ඇසුවා...

    ReplyDelete
    Replies
    1. //අයියෝ ඕකත් වැඩක්ද - මම දෙන්නම් හොඳ බේතක්
      මේ පෙති තුන දවසට එක ගානේ දෙන්න// ඉතිරි කොටස...

      ආච්චි නොව මුණුපුරාය - ප්‍රතිඵල අරගෙන ආවේ
      හති දමමින් ඔහු කීවා - පුදුම කතාවක්

      ආච්චි ඇත අයි.සී.යූ. - අම්මා හට ආයි බබෙක්
      තාත්ත ඇත රෙක්ටම් සරිජරියක් කරලා

      අක්කා වහ බොන්න හදයි - මගෙත් පස්ස දැවිල්ල දෙයි
      ඒ අස්සේ සීයා ඇත - හරි අවිවේකෙන්

      අපේ ගෙදර හුරතලේට - හදනා පූසිගෙ පස්සෙන්
      සීය දුවයි ඉසෝ ඉසෝ - කියා අඬගසා

      හැක්...හැක්..

      Delete
    2. හුටප්පරයයි... පස්සේ ක්‍රීම් ටිකක් වත් ගාගනිං මදාවියෝ

      Delete
    3. මම ගම අතහැරලා ගියා වැඩේ දැනගත්තු ගමන්. කියන්න බැරිවුණා, උඹේ ඌණ පූරණය අපූරුයි දිල්!

      Delete
  21. අහ් මෙ අර රුවනගෙ පොස්ට් එක බලහන් ඒවගෙ එකකුත් දහන්
    .
    මොකක්ද බන් සින්හල අවුල් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. රුවනගේ? ලින්ක් එක දාපං මචෝ...
      අනේ මන්දා, උඹ ඉංග්‍රීසි අකුරු වලින් වෙන්නැති කොටන්නෙ? අර මම කීවා අයිඑම්ඊ සෙටප් එකවත් බලාපන්. ඇත්තටම පොඩි අවුලක් තියේ. අනෙක් කාගෙවත් කොමෙන්ට්ස් වල එහෙම නෑ.

      Delete
  22. සීයට එහෙමනම් ආච්චිට කොහොමද දන්නේ නෑ..

    ReplyDelete
  23. නියමාාාායි මාධවී......

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා රණා. ඒ පැත්තෙ ගියා. තාම යාලුවෝ එකතුකරනවා බං.

      Delete
  24. http://transyl2014.blogspot.com/2015/04/masturbation-myths-and-facts.html

    ReplyDelete
    Replies
    1. ප්‍රතිශත ගැන තමා කවියක් හදන්න වෙන්නෙ. අපේ රටේ කට්ටිය 100% ට වැඩියි කියලා.

      Delete
  25. ///ඊයේ රෑ හය පාරයි - අද උදේම තුන් පාරයි///
    හපොයි.............

    ReplyDelete
    Replies
    1. ආතා ඉන්නවා ඇති, නේද?

      Delete
  26. මේ බ්ලොග් උලෙල්ලක් නිසා මදාවියගේ කවි ගොඩක් මිස් වෙලා නොවැ . නිවී හැනහිල්ලේ ඔක්කොම එකපාර කියවන්න ඉඳ ගත්ත ඔන්න.

    ReplyDelete
    Replies
    1. එන්න වුණානම් තොරණෙ විස්තරේ දෙන්නෙ කවියෙන් පොරි හැලෙන්න. ඕ යේස!

      Delete
  27. මෙන්න දැන් අලුත් තැන.
    http://nelumyaya.com/2015/04/%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F/

    ReplyDelete
    Replies
    1. වඩා හොඳ වෙනසක්! ජයවේවා! විද්‍යුත් කැටපත් පවුරක්ම වේවා!

      Delete
  28. මූ යකෙක්නෙ බං...මොනා කාලද ( අහල මට නම පොඩ්ඩක් එවහන් )

    ReplyDelete
    Replies
    1. ටැලිපෝං නොම්බරේ එවන්නද?

      Delete