2015-03-13

කම්මුල


බැඳපු ජෝඩුවක් දවසක් - ගමනක් යන අතරතුරේ
ගමන්කරපු රථය හැපුනි - තවත් රථයක

සැමියට සුලු තුවාල මුත් - බිරිඳගෙ මුහුණට මේකෙන්
ඉතා භයානක විලසින් - හානි වුණාලූ


සැත්කමකට ලක් කරලා - මුහුණ නැවත සකසන්නට
සමක් බද්ධ කරන්නටයි - සිදුවී ඇත්තේ

එනමුත් ඇය කෙට්ටු නිසා - කිසිසේත්ම ඇගේ ඇඟේ
කිසි තැනකින් සමක් ගන්න - නොහැකි වුණාලූ

සැමියා හට දුක සිතිලා - ඔහුගෙ ඇඟේ යම් තැනකින්
සමක් ගන්න පුලුවන්දැයි - බලන්න කිව්වේ

දොස්තර ඔහු පිරික්සලා - අන් තැන්වල සමට වඩා
තට්ටම් වල සම සුදුසුය - කියා දැනගතී

සැත්කම ගැන සියලු කරුණු - සැමියා සහ බිරින්දැ හැර
දොස්තර මහතා පමණයි - දැනගෙන සිටියේ

එය නිසිලෙස අවසන් වී - දෙමාසයක් කල් ගතවී
වෙලුම් ලෙහා බැලූ කලට - පුදුමයකි අනේ

බිරිඳගෙ මුහුණේ තිබුනේ - කිසිකලකත් නොවූ විරූ
කඩාහැලෙන ලස්සනකිය - සැම සිත් බඳිනා

නෑදෑයින් යාලුවන්ද - දකින දකින සියලු දෙනා
ඇයගෙ අලුත් රූ සිරියයි - නිතර ඇගයුවේ

ටික කලකට පසු දවසක් - රෑ යහනේ සිටිනාතර
ඇය සැමියා අමතාලා - මහත් ආදරෙන්

"රත්තරනේ මා වෙනුවෙන් - ඔබ කලදෑ සියල්ල ගැන
ජීවිතේට මට බැරිවෙයි - ණය ගෙවන්නට

මා කුමක්ද කල යුත්තේ - ඔබ කල ඒ කැපවීමට
කළගුණ සැලකීමට හැකි - අයුරු කියන්න"

"අනේ සුදූ ඇයි ඒ ගැන - හිතමින් ඔබ ලතවෙන්නේ
නැවත නැවත එපා යලිත් - සිතා තැවෙන්න
.
.
.
.
.
.
.
.
.
ඔබගේ මව ඔය කම්මුල - ඉඹින වාරයක් පාසා
මා ලබනා තෘප්තිය ඇති - මට සැනසෙන්න"




55 comments:

  1. හක හක හක ... මදාවි ගේ ලපටි මොලේට කොහෙන් එන අයිඩියාස් ද මන්ද . . සැමියා තට්ටමේ Fair & Lovely වත් ගාලද හික් හික්

    ReplyDelete
    Replies
    1. මල්ලි, මොලේ ඇවිල්ලා කොට්ට පොල් සයිස් එකට මෝරලා තියෙන්නෙ හරිද :-)
      කොහොමත් ඊට පස්සෙ Fair & Lovely ගාන්නෙ ඉතිං ඒකෙනෙ...

      Delete
    2. අක්කගේ කොට්ට පොල් මොලේ තමයි මොලේ . . .

      Delete
    3. අනේ අහිංසක අක්කට ඉන්න ඇරපං... මම ඇවිල්ලා අයියා.
      (අක්කා ලියනකොට එයාගෙ අස්සන ගහනවා)

      Delete
    4. අෆ්ෆා මේ මඩු අයිය ද . . . හික් හික්

      Delete
  2. මෙන්න ටිපිකල් මදාවියා කේම් බැක්... කමෝන් ගයිස්..

    ReplyDelete
    Replies
    1. හම්බේ තන්තෝසෙ... කොල්ලනේ වරෙල්ලා පොටෝ එකක් ගන්න

      Delete
  3. ඕ....පට්ට ම පට්ට.....

    ReplyDelete
    Replies
    1. රූපෙ... කාලෙකින්...

      Delete
  4. හි හි මේක ෂෝයි ,

    ReplyDelete
    Replies
    1. අප්පා... ඇති යාන්තම්.

      Delete
  5. ඔය තියෙන්නේ.....ගිය පාර උඹ බිසී නිසා වෙන කාටද ලියන්න දීලද කොහේද?
    ජය වේවා මදාවියෝ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ටිකක් බුසී වුනා කටුස්සො. අඩුපාඩුවක් වෙන්න ඇති.
      ජයවේවා...!

      Delete
  6. නියමයි බං මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි හැලපයියේ!

      Delete
  7. yako..me wage awa liyanne lajjawak nadda'......hak..hak

    ReplyDelete
  8. හිහ් හී .... නියමයි මචෝ.... "මාලෙ ගෙලේ චේ පපුවේ " කියන්නා වාගේ " මූණ *කේ , *ක මූණේ"

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි
      ඒකත් මරු මොටෝ එක

      Delete
    2. එම්බා සජ්ජා
      කපනවා බිජ්ජා

      කාටද යකෝ අපාහාස කරන්නේ මාලේ ගෙලේ චේ පපුවේ කියලා ...
      හුහ්

      යූ ඩෝන්ට් නෝ හූ මීයා

      Delete
    3. එහෙනං... තද වෙනවා නැද්ද
      මේක මොටෝ අපයෝජනයක්!

      Delete
    4. අම්මටසිරි ඉවාන්.... එනවා නේද විප්ලවීය බළකාය රෙදි උස්සගෙන... ඉල්ලා අස් කරගන්නවා ඔන්න :D ඒ උණාට ඔලුව ඇතුලේ මොටෝ එක රැව් පිළිරැව් දෙනවා...

      Delete
    5. ගීතදේව දැක්කොත් විනාසයි.. වාන්ඉ වාන්ඉ වාන්ඉ වාන්ඉ

      Delete
    6. ඒ මොකක්ද සජ්ජා ඒ සීන් කෝන් එක?

      Delete
  9. පට්ටයි මදාවියෝ ......"මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්"?? ඔන්න අද තමයි උත්තරේ දැනගත්තේ ..

    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනළුන්ට
    ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්

    අහස තරම් දුරක හිඳන්
    පිනි වැස්‌සක්‌ බිමට එවා
    ඔබෙ කෙහෙරැලිs සිප ගන්නට
    අහසට හැකි නම්
    ඒ කෙහෙරැලි සිප ගන්නට
    ඇයි මට තහනම්

    ගහකොළ නටුවලට හොරෙන්
    මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
    ඔබෙ සියොළඟ සිපගන්නට
    සුළඟට හැකි නම්
    ඒ සියොළඟ සිපගන්නට
    ඇයි මට තහනම්...

    පද මාලාව - ශාන්ත කුමාර විතාන
    ගායනය හා ගී තනු - ලක්‍ෂ්මන් හේවාවිතාරණ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං... ලස්සන ගීතයක්
      මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු ත.....ම්?

      Delete
  10. අනේ යකෝ......... මදාවියෝ............. අදත් නෙලලා නේද කණ පුරා........... ජයවේවා... කොහෙන්ද බං මේ හරුප කතා උල්පත උනන්නේ

    ReplyDelete
    Replies
    1. දෑස පුරා බං... දෑස පුරා
      ඒවා රෝයල් රහස් ... හැක්... හැක්...

      Delete
  11. අදමද මන්දා මම මෙහෙ ආවේ..... එනකොටම පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. පොඩි එකා ඇවිත් පව්

      Delete
    2. @මැලේ,
      බොහොම සාදරයෙන් පිළිගන්නවා මැලේ. තාම යාලුවෝ එකතුකරනවා අපි.

      Delete
    3. හරිනං 18+ සයිට් එකක් මේක, නැද්ද ඔමා?

      Delete
  12. මොකක්ද අර කෙටිකතා කළඹ ? අයින් කරලනේ

    ReplyDelete
    Replies
    1. මේ කෙල්ලනං හරියට CCTV වගේ... :-)
      ඒක ඔමා එඩිට් කරද්ද පබිලිස් වුනා ඇක්සිඩෙන්ටලි. තව ටික දොහකින් දාන්නම්. ආයිත් කම්මුල පබිලිස් කලා.

      Delete
  13. උඹේ මූණ දැක්කම මටත් ඕක හිතුනා ..

    *ක මූනෙද මූනේ හැටිද කියලා .... හිකිස් .

    අදනම් මං කීප පාරක් හිතලා කියෙව්වා මොකද වල් කතාවක්ම නෙවෙයිනේ .. හැබැයි වලත්ත කතාවක් වුනානම් මම නිකමටවත් කියවන්නේ නෑ අම්මප

    ReplyDelete
    Replies
    1. මූණ හරියට දැක්කොත් උඹ ඔහොම කියන්නෑ.
      ඉටපිය... මීටවඩා සීලාචාර එකක් දාන්න ඊ ළඟට

      Delete
  14. මම නම් ආයෙ කියවන් නෑ අප්පා.... මේව මං වගේ පොඩි ළමයින්ට ගැලපෙන් නෑ..
    @ කන් වල ගහන්න ඇබ සොයමින්

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ දැනට අවුරුදු විස්සකට විතර කලිං වෙන්ටැ. මේ 2015.

      Delete
  15. චැඃ චැ...........කරුමෙට අපේ නැන්දම්මා දැන් නැහැනේ. නැත්තං මටත් අත්හදා බලන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. නෑනා කෙනෙක්වත් නැද්ද?

      Delete
  16. දැන් මේක වුනේ මධු ටයි මදාවියටයිද ?

    ReplyDelete
    Replies
    1. අපිට වුනේ අනික් පැත්ත.

      Delete
  17. ඒ නැන්දම්මා සීන් එක දන්නවනම් එහෙම ආයේ මූණ ඔපරේශන් කරවනවා..

    ReplyDelete
    Replies
    1. කරලා කාගෙන්ද හමක් ගන්නේ?

      Delete
  18. ඇයි බං තමන්ටම තමන්ගේම පුක ඉබින්න හපන්න ලැබෙන එකත් සතුටක්..
    අපේ ගැනිටත් කියලා කැමති කරගන්න ඔිනේ..නැන්දාම්මා මට පොල් අක්කරයක් දෙනවා කියලා දුන්නෙ නෑ...
    දැන් දෙන්නම් ඡම්ඔු...ඉබපියකෝ එතකොට මගේ පුක.
    එල ද බ්‍රා නිර්මානය

    ReplyDelete
    Replies
    1. නැන්දම්මට යුතුකම් ඉෂ්ට කරගන්න බැරිවුණු බෑනලා සෑහෙන්න ඉන්නවා වාගෙයි.

      Delete
  19. වාසනාවන්ත නැන්දම්මා කෙනෙක් ...

    ReplyDelete
    Replies
    1. එක්තරා (අ)වාසනාවන්ත නැන්දම්මා කෙනෙක් ...

      Delete
  20. ඒතක් මරු
    පත්තට උම්මා..
    ජය!

    ReplyDelete